Monday, November 11, 2019

මොන වසක් බිව්වත් ජීවිත ගොඩ දාන කිරීබ්බන්ආර වීරප්පෙරුම වෙද පරපුර


අද අපේ වෙද ගෙදරට හඳන්වා දෙනු ලබන්නේ වස විස වෙදකමට රටේ නමක් දිනූ වෛද්‍යවරයෙක්. ඒ තමයි කිරීබ්බන්ආර වීරප්පෙරුම වෙද පරපුර පවත්වාගෙන එනු ලබන වර්තමාන පුරුක වන එන්.බී.  වීරප්පෙරුම වෙද මහතාවයි. එතුමා සමග සිදු කරන ලද සාකච්ඡාවක් අන්තර්ජාලයෙන් උපුටා පහතින් ඵල කරමි. 

වෙදමහතාගේ දුරකතන අංකය - 077-484 5212  




වෙසෙසින් ප්‍රදේශය පුරා පියුමී වීරප්පෙරුම ප්‍රචලිතව ඇත්තේ කෘත්‍රිම විස සඳහා නම් දරාපු —හිච්චි වෙදහාමිනේ˜ ලෙසය’ කුඩා කල සිට සර්පයන්ගේ සහ කෘත්‍රිම විස ශරීරගතවූ රෝගීන් සම සමව ගත් නිසා පියුමී වීරප්පෙරුම තුළින් සාංකා විස නම් හරණය වී ඇති සෙයකි’ කුමන මට්ටමක සර්පයකු වුව ඇයට තවත් එක් සර්පයෙකි’ කුමන ගණයේ හලාහල විසක්වුව ඇයට තවත් එක් විසක් පම‚’ අපි මේ අපූරු සබැ¢යාව කරා යොමුවෙමු’ ඒ වෛද්‍ය මනෝජ් වාරියගොඩ හඳුනා .ksñka’
—අපේ වෙද පරම්පරාව කඩුගන්නාව වාඩියගොඩ වෙද පරම්පරාව’ මම අපේ පරම්පරාවේ පස්වැනි පුරුක’ වෙදහාමුදුරු නමකගේ අතීතය කරා අපේ පරම්පරාවේ ඉතිහාසය ඇ§ යනවා’ ගම්පහ සිද්ධායුර්වේද වෛද්‍ය විද්‍යාලයෙන් මම න්‍යායාත්මක දැනුම ලබා ගත්තා’ එහි§ තමයි මට මගේ බිරිය මුණගැසෙන්නේ’ (පියුමී වෛද්‍යරත්න වීරප්පෙරුම) අපේ පරම්පරාවම සර්වාංග වෙදකම සිදුකළ උදවිය’ තරුණ පරම්පරාව මේ විෂයයට යොමුවීම අඩුයි’ අපි හැම වෙලාවකම අපේ වැඩිහිටියන්ගේ උපදෙස් අරගෙන මහන්සි වෙන්නේ දේශීය ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ඇතුළතින් පෝෂණය කරන්න’ ගස්කොළන් සමඟ ජීවිතය බෙදාගෙන ජීවිතයේ සුවය පතා ඒ ගස් කොළන් කොහොමද ප්‍රයෝජනයට ගන්නේ කියන අදහස පුංචි සන්ධියේ ඉඳලා ගැටලු‍වක්ම ආකාරයට මා සතුව තිබුණා’ ඒ ගැටලු‍ව එහෙම තිබෙන්නට හැර ජීවිතයට මුහුණ§මයි අපේ අරමුණ’ ඒ අරමුණ කරා යන්න පරම්පරා දෙකක වෙද දැනුම එක්කාසු වීම අතිශයින්ම වැදගත්’ මගේ බිරිය වීරප්පෙරුම වෙද පරම්පරාවේ විස වෙදකම ඉහළින් ප්‍රායෝගිකවම අත්දැකපු කෙනෙක්’ රහස් බෙහෙත් වට්ටෝරු ගණනාවක හිමිකාරියක්’ ඒ කරුණු කාරණා සියල්ල මත තමයි අපි අපගේ ඉÈරි වැඩකටයුතු සකසාගෙන තිබෙන්නේ’ ඒ සඳහා සවියට අපිට වාඩියගොඩ පරම්පරාව සහ වීරප්පෙරුම පරම්පරාව කියන දෙකම සිටිනවා’ පාරම්පරික සර්වාංග වෙද පුරුකක සාමාජිකයෙක් විධියට මම මගේ බිරියව පාරම්පරික විස වෙදකම තුළ හඳුනාගත්තා’ ඇයට සහ ඇගේ පියාට සාංකා විස යන්න නොදැනෙනම යමක්’ ඒ දෙන්නට සර්පයෙක් දෂ්ට කරනවා කියන්නේ පිහියකට අත තුවාල වීම වැනි සිදුවීමක් පමණයි’ සංකා විසහරණය පිළිබඳ ගැබ්ඹ(.රින් අධ්‍යයනය කිරීමට මමත් තීරණය කර ;sfnkjd’
වෛද්‍ය පියුමී වෛද්‍යරත්න වීරප්පෙරුමගේ ueÈy;aùu
—පුංචි කාලේ ඉඳලා මම සර්පයන්ට ළැÈයාවක් දැක්වූවා’ ළැÈයාව කියන වචනය තමයි එයට සුදුසු’ මගේ පියා පාරම්පරික වෛද්‍යවරයෙක් විÈයට ශරීරගතවන විස සඳහා ප්‍රතිකාර කරන විට මම ආයුර්වේදය විස සඳහා ලබාදෙන ප්‍රතිකාර රටාව අධ්‍යයනය කළා’ එවකට මම යක්කල ආයුර්වේද වෛද්‍යායතනයේ සිසුවියක්’ ආයුර්වේදයේ§ විස ප්‍රධාන කොටසක් 4කට බෙදෙනවා’ ඒ ස්ථාවර” ජංගම” සංයෝජක” දුශී ලෙස’ එතැන§ සර්ප විෂ අයත් වන්නේ ජංගම විස කාණ්ඩයට’ යම් ස්ථානයක§ සර්පයෙක් දෂ්ට කළ විට අතිශයින් වැදගත් වන්නේ මූලික ප්‍රතිකාර’ සාමාන්‍යයෙන් සර්ප විෂ පිළිබඳ දැනුමක් නොමැති අයෙක් සර්ප ප්‍රහාරයට ලක්වුණාම ප්‍රථමව භීතියට පත්වෙනවා’ එවැනි මට්ටමකට ශරීරය පැමි‚යාට පසු සිදුවන්නේ ශරීර අභ්යෙඅන්තර ලේ ගමනාගමනය ඉහළ ගොස් විෂ ශරීරය පුරා ගමන් කිරීමේ වේගය වැඩිවීම’ සර්ප දෂ්ට කිරීමට ලක්වුණු පුද්ගලයෙක් සඳහා මූලික ප්‍රතිකාර මාÈලිය වන්නේ ඔහුගේ බිය නැතිකර දමා විවේකය ලබාදෙන අතරතුර වෛද්‍ය ප්‍රතිකාර ආරම්භ කිරීම’ එවිට විෂ හෘඋද වස්තුව කරා ගමන් කිරීමේ වේගය පාලනය කරගත yelshs’
තමන් විසින්ම විස ශරීරගත කර ගැනීමේ§ ඒ සඳහා වැඩිපුර පිරිස් භාවිත කරන්නේ පැරකොට් කාණ්ඩයේ වල් නාශක’ ක්ෂ‚ක කෝපය වැනි තත්ත්වයන් මත තමයි බොහෝ පිරිස් එලෙස විස ශරීරගත කර ගන්නේ’ එය ක්ෂ‚ක තීරණයක් විය හැකිය’ රෝගියාට සවන් §මේ§ ඔහු ගත් තීරණය ඔහුටම ආවේ‚ක වූවක්’ ඒ නිසා ඒ පිළිබඳ ප්‍රශ්න කිරීම සුදුසු නැහැ කියලයි මම සිතන්නේ’ ඒ ගැටලු‍ව ඔහුගේ හෝ ඇයගේ පෞද්ගලික ජීවිතයට බද්ධයි’ වස ශරීරගත වුණු පුද්ගලයන් විශාල සංඛ්‍යාවකට අපි ප්‍රතිකාර කර තිබෙනවා’ විශේෂ කරුණ වන්නේ ඒ කිසිවෙක් වස පානය කිරීමෙන් අනතුරුව මම මියයායුතුයි කියන තීරණයේ එල්බ නොසිටීම’ ඔවුන් සියල්ලන්ම උත්සාහ ගන්නේ නැවතත් ජීවත් වෙන්න’ ඔවුන්ට ප්‍රතිකාර කරන විට එවැනි කරුණු පිළිබඳ නිරවුල් දැනුමක් වෛද්‍යවරුන් ලෙස අප තුළ තිබිය යුතුයි’ මම ප්‍රතිකාර කළ රෝගීන්ගෙන් අතළොස්සක් දෙනා තමන් ගත් මුල් තීරණය” ඒ කියන්නේ මරණයට පත්විය යුතුයි යන ස්ථාවරයේ isáfha’
ඒ ආකාරයට විස ශරීරගත කරගත්තු රෝගීන්ට මූලික ප්‍රතිකාරය ලෙස වමනය සිදුකළ යුතුයි’ ඒ සඳහා ආයුර්වේදයේ§ භාවිත කරන්නේ හුලර්පට් කියලා කිරිමැටි විශේෂයක්’ එය සොයාගැනීමට නොහැකි වුණොත් හුඹස් මැටි යොදාගෙන වමනය සිදුකළ හැකියි’ හුඹස් මැටි අරගෙන Èයකරලා පෙරලා කෝප්පයක් වැනි ප්‍රමාණයක් රෝගියාට ශරීරගත කළ යුතුයි’ ඊට උඩින් වතුර පෙවිය යුතුයි’ ඒ ප්‍රතිකාර මාÈලි දෙකෙන් බලාපොරොත්තු වන්නේ වමනය ඇතිකිරීම’ තරවටු කිරීම” බැන වැ§ම” ශරීරික අඩන්තේට්ටම් සිදුකිරීම නොකළ යුතුයි’ ඒ හා සමානව හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර සඳහාද යොමුකළ යුතුයි’ අපි විස ශරීරගත වුණු රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා භාවිත කරන්නේ පාරම්පරික බෙහෙත් වට්ටෝරුවක්’ වැදගත්ම කාරණය තමයි දකුණු ආසියාවේ වගාබිම්වල වැඩිපුරම භාවිත වන පැරකොට් වර්ගයේ කෘෂි රසායන ශරීරගත වූ පසු ඒ සඳහා ප්‍රතිකාර ක්‍රමයක් සොයාගෙන නොතිබීම’ මම බොහොම නිහතමානීව අපේ පරම්පරාවට සිදුකරන ගෞරවයක් ලෙසින් පවසන්නේ ඒ ප්‍රතිකාර ක්‍රමය ඇත්තේ අප සන්තකයේ පමණයි කියා’ බටහිර වෛද්‍ය විද්‍යාවේත් විස ශරීරගත කරගත් රෝගීන්ට ලබාදෙන්නේ ජීවානුහරණය කරන ලද කිරිමැටි විශේෂයක්’ මේ පිළිබඳව ගැබ්ඹ(.රින් කල්පනා කරන අයෙක්ට ගැටලු‍කාරී තත්ත්වයක් ඇතිවේවි අතීතයේ§ පැරකොට් වර්ගයේ විස රසායන පැවැතියාද කියා’ ඒ පිළිබඳව පැහැÈලි කළොත් අපේ පාරම්පරික වෙද ක්‍රම වස විස කියලා දෙකොටසකට බෙදෙනවා’ ජංගම සහ ස්ථාවර විස වර්ගවලට ඒ නැවතත් බෙ§ යනවා’ කෘත්‍රිමව සාදන ලද විස වර්ග අයත් වන්නේ ස්ථාවර කාණ්ඩයට’ පාරම්පරිකව ස්ථාවර විස වර්ග සඳහා ප්‍රතිකාර කිරීමක් පැවැතී තිබෙනවා’ මේ තමයි මූලික ප්‍රතිකාර මාÈලියේ ආරම්භය’ සමහරක් රෝගීන් අප රෝහලට රැගෙන එන්නේ සැබැවින්ම මියගිය අයවලු‍න් f,i’
වෛද්‍ය මනෝජ් වාරියගොඩගේ ueÈy;aùu
—මම වෙද වීරප්පෙරුම වෙද පරම්පරාවට සම්බන්ධ වෙලා දැනට අවුරුදු 2ක් පමණ වෙනවා’ ඒ කාලය තුළ මම ලබපු අත්දැකීම් පුදුම උපදවනසුලු‍යි’ වස ශරීරගතකරගත් රෝගීන් සුව වීමෙන් අනතුරුව අප්පච්චිව මුණගැහෙන්න පැමි‚ලා කියා සිටිනවා —මම රැගෙන එද්§ මගේ අතපය කුණුවෙලා’ ඇස් පිහාටු වැටිලා’ දත් පවා හැලීගොස් තිබුණේ කියා’˜ පෙළක් රෝගීන් රැගෙන එද්§ පැමිණ සිටින රෝගීන් පවසා සිටිනවා මෝචරියට දාන්න තිබුණ කෙනා ඇයි මෙහාට රැගෙන ආවේ” අපට ප්‍රතිකාර කරන එකත් ඒ නිසා පමාවේවි˜ lshd’
වෛද්‍ය වීරප්පෙරුමයන් මැÈහත් fjhs
එහෙම ආපු රෝගීන්ට වුවමනා ජීවත් වන්නට කියන හැඟීම මම තුළ ඇතිවුණාම ප්‍රතිකාර නොකර කොහොමද’ හැම තැනම රෝගීන්’ බොහොම කුඩා ඉඩකඩක පවා’ අපි ඒ අවස්ථාවේ§ භාරගන්නේ අභියෝගයක් නොවෙයි’ ජීවත්වෙන්න මේ පොළොව මත ඉඩකඩ තිබිය යුතු අයකුගේ ජීවිතයක් රැගෙන ආවා නම් සුව කරලා දෙන්නම් කියලා පමණයි මම කියන්නේ’ අමතක නොකළයුතුම කාරණය තමයි වස විස බීලා ජීවිතය නැතිකරගන්න උත්සාහ දරපු රෝගීන් සියල්ලන්ම පාහේ හො¢න් අධ්‍යාපනය ලැබූ” බොහොම හොඳ සමාජ වටපිටාවක හැ§ වැඩුණු අය වීම’ බටහිර වෛද්‍යවරු” නීතිඥයන්” ආගමික නායකයන් වැනි විවිධ වෘත්තීමය මට්ටම්වල නිරත අය වස පානය කර අපගෙන් ප්‍රතිකාර ලබාගෙන තිබෙනවා’ මම මගේ දරුවන්ට නිතර උපදෙස් ලබා දෙන්නේ මේ තත්ත්වය පිළිබඳ නිසි අවබෝධයක් ඇතිව වස පානය කළ රෝගීන්ට ප්‍රතිකාර ලබාÈය යුතුයි lshd’
වෛද්‍ය පියුමී වෛද්‍යරත්න වීරප්පෙරුම මැÈහත් fjhs’
එකක් වරක් හම්බන්තොට රෝහලේ සිට වස පානය කළ රෝගියෙක් රැගෙන ආවා’ රෝගියා සමඟ පැමි‚ අය පවා විශ්වාස කළේ නැහැ රෝගියාව ජීවත්කළ හැකියි කියා’ අප්පච්චි වුණත් රෝගියා පිළිබඳව සැක කරන්න ඇති’ නමුත් මට දැනුණා මොහුව සුවකළ හැකියි කියා’ රෝගියා රැගෙන ආ පසු රෝගියා සමඟ පැමි‚ පිරිස් පිටත්වුණේ විලාප ȧ’ මම ඔවුන් ලබාදුන් අංකයකට අමතා අප්පච්චි නැවතත් රෝගියා පරික්ෂා කර බලන්න රැගෙන එන්න පැවැසූ බව දැනුම් දුන්නා’ අප්පච්චි එය දැනගෙන හිටියේ නැහැ’ රෝගියා නැවත අප රෝහලට පැමි‚යා’ ඔහු අදටත් ජීවතුන් w;r’
වෛද්‍ය වීරප්පෙරුමයන් මැÈහත් fjhs
ඒ සිදුවීම මට මතකයි’ දුව කුඩායි’ මම දුවට තරවටුත් කළා’ ඒවා යම් තරමකට විශ්වාස කළ නොහැකි දේවල් ලෙසයි මිනිසුන් දකින්නේ’ නමුත් මම එවැනි ආශ්චර්යයන් සිදුවෙන බව විශ්වාස කෙරෙනවා’ රෝගියෙක් සුවය ලැබීමට වෙදකම සහ හෙදකම යන දෙකොටසම සම්පූර්ණ විය යුතුයි’ මගේ Èය‚යව දැනෙන ආකාරය මම වෛද්‍යවරයෙක් ලෙසයි පහදන්නේ” ඇයගේ පියා ලෙස නොවෙයි’ දුව දණ ගාන කාලේ ඉඳලා මේ ගෙදර පිල්කඩවල් ගානේ ඉඳලා රෝගීන්’ දුව දණ ගගා යන්නෙ ලෙඩ්ඩු ගාවට’ සර්පයෝ ගුළි ගුළි අතේ වෙලාගෙන’ දණ ගගා උත්සාහ ගන්නේ සර්පයෝ අල්ලන්න’ ඒ කාලේ මේ ප්‍රදේශය ජනාකීර්ණ නැහැ’ ඒ නිසා සර්ප ගහනය වැඩියි’ මමත් තරුණ සත්ත්වවේ§න්ගේ සංගමයේ සාමාජිකයෙක්’ දුවට ඒ හැමදෙයක්ම බලපාන්න we;s’
වෛද්‍ය පියුමි වෛද්‍යරත්න වීරප්පෙරුමගේ ueÈy;aùu
අප කතාබහ කළේ විස ශරීරගත වුණු අයෙක්ට ලබාදෙන මූලික ප්‍රතිකාර පිළිබඳව’ ඉන් එහාට ගොස් ප්‍රතිකාර මාÈලිය කුමක්ද යන්න විමසා බැලීම වටිනවා’ උදාහරණයක් විÈයට පෙට්‍රල් පෙවිච්ච කෙනෙක්ට ප්‍රතිකාර කිරීමේ§ වමනය කිරීම රෝග ප්‍රතිකාරය ලෙසම යොදාගත්තා කියමු’ එවිට රෝගියා දෙවරක් අනතුරට පත්විය හැකියි’ ඇසිට් වැනි රසායනික ද්‍රව්යෙඅ පානය කළ රෝගීනුත් එලෙසයි’ එවැනි රෝගීන් මූලික ප්‍රතිකාරය ලෙස වමනය කරා රැගෙන ගියත් දෙවැනිව එය සිදුකළ යුත්තේ ශරීර ගතවුණු විස නිෂ්ක්‍රිය කිරීමට සමත් ඖෂධයකුත් සමඟ’ මූලික ප්‍රතිකාරය ලෙස හුඹස් මැටි Èය කර පානය කිරීමට සැලැස්වූ රෝගියකුට අප දෙවැනුව ලබා දෙන්නේ පාරම්පරික බෙහෙත් වට්ටෝරුව සමඟ හුඹස් මැටි Èයරය’ එලෙස නොවුණහොත් උදරයේ සිට ගෙල දක්වා ශරීර අභ්යෙඅන්තරයට දැඩි හානි සිදුවිය හැකියි’ එම හානි අවම කරගත හැක්කේ බෙහෙත් වට්ටෝරුවකට පමණයි’ තෙවනුව වමනය කිරීමට නොහැකි මට්ටමේ සිටින රෝගියෙක් අප කරා පැමි‚යා කියමු’ එවැනි රෝගීන් තමයි වැඩිපුරම අපගෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණෙන්නේ’ ඔවුන්ගේ තොල් පිපිරිලා’ මුඛය විවෘත කරගන්න උත්සාහ දරද්§ ලේ පිටවනවා’ එවැනි රෝගීන්ට ප්‍රතිකාර කරන්නේ රෝගියාගේ උදරයට දැමූ Èග පහන් තිරයක් මඟින්’ පහන් තිරය අපේ බෙහෙත් වට්ටෝරුවේ පොඟවලා තමයි ප්‍රතිකාරය පවත්වාගෙන යන්නේ’ අවශහ් වුණොත් බටහිර වෛද්‍යවරයකුගේ සහාය ලබාගෙන සේලයින් ලබාදෙනවා’ විස වර්ගය දැන හෝ නොදෙන ශරීරගතවුණු රෝගියකුගේ අභ්යෙඅන්තර අවයව අතරින් මුලින්ම අක්‍රිය වන්නට ඉඩ ඇත්තේ වකුගඩු සහ හෘඋදය’ අප ලබාදෙන Èයර ප්‍රමාණය එක්ක රෝගියා මුත්‍රා ලෙස පිටකරන Èයර ප්‍රමාණය සසඳලා තමයි අපගේ බෙහෙත් වට්ටෝරුවලින් පසු වකුගඩු ක්‍රියාත්මක වෙන ආකාරය දැන ගන්නේ’ හෘඋද වස්තුවේ ක්‍රියාකාරිත්වය පවත්වාගෙන යෑම සඳහා හෘඋද වස්තුවට දැනෙන ලෙස මතුපිට සම මත ප්‍රතිකාර සිදුකරනවා’ පැරකොට් වැනි රසායනික ද්‍රව්යෙඅ ශරීරගතවුණු රෝගීන්ගෙන් පෙන්නුම් කරන්නේ නියුමෝනියා රෝග ලක්ෂණ’ එවිට රෝගීන්ගේ ශරීර උෂ්ණත්වය අසාමාන්‍ය ලෙස ඉහළ යා හැකිය’ ඒ උෂ්ණත්වය ඉහළ යෑම වළක්වනු ලබන්නේ පාරම්පරික රහස් බෙහෙත් වට්ටෝරුවකින්’ එම බෙහෙත් රෝගියාට ලබා§මට අවම වෛද්‍යවරු දෙදෙනෙක්වත් රෝගියා අසල සිටිය යුතුයි’ ඒ ප්‍රතිකාර මාÈලිය නිසි පරිÈ ඉටුකර ගැනීමට නොහැකි වුණොත් ශරීරයේ එක් කොටසක උෂ්ණත්වය පමණයි පාලනය වන්නේ’ මගේ අප්පච්චි හැම විටම පවසා සිටින්නේ අපගේ රහස් බෙහෙත් වට්ටෝරු ලිඛිත මාධ්‍යයට ගන්න එපා කියලා’ අපේ පරම්පරාවේ කිසිදු වට්ටෝරුවක් එලෙස ලියා තබා නැහැ’ සියල්ල මතකයේ තබාගත යුතුයි’ සැබැවින්ම පාරම්පරික දේශීය වෙදකමේ වැදගත් කරුණු කාරණා කොතැනකවත් ලියැවී නැහැ’ පුස්කොළ පොත්වල පවා ලියැවී තිබෙන්නේ සාමාන්‍ය බෙහෙත් වට්ටෝරු පමණයි’ මම හැමවිටෙක§ම උත්සාහ ගන්නේ අප්පචිචි වගේ අපගේ පාරම්පරික දේශීය වෙදකම බටහිර වෙදකම සමඟ සසදා උකහා ගත යුතු තැනින් යමක් උකහා ගන්න වෛද්‍ය වීරප්පෙරුමයන්ගේ මැහතම
—ඒක විය යුතු දෙයක්’ මටත් සමහර කාරණා පිළිබඳ නිවැරÈ අවබෝධයක් ලබාගත හැක්කේ සැස£මෙන්’ බොහෝ බටහිර වෛද්‍යවරු විස ශරීරගත වූ රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ§ මට උපකාර කළා’ ඒ අයගේ දැනුම” පරීක්ෂණාගාර මට නොමිලේ ලබාදුන්නා’ ඔවුන් මට හැම විටෙකම පවසා සිටින්නේ මෙවැනි ගැබ්ඹ(.රු දැනුමක් ඇති වෙදකම සහ හෙදකම උපයෝගී කරගෙන මිනිසුන්ට උපරිම සහන ලබාදෙන්න කියා’ දැන් මගේ Èය‚ය” පුත්‍රයා (බෑනා) මම හැරමිටියෙන් යනකල් නොඉඳ එය සිදුකරාවි කියන දැඩි විශ්වාසය මා සතුව ;sfnkjd’
උපුටා ගත්තේ - https://www.worldbnews.com








Friday, August 30, 2019

තෙතමනය රකින” පොහොර සුරකින” පාංශු සත්කාරය - ජීව අඟුරු

--------------------------------------------------------------------------------------
* වසර දහස් ගණනකට පෙර ආදිවාසීන් සොයාගත් තාක්ෂණයක්

* පසට යෙදිය යුත්තේ ජීවිතයටම එක්වරයි

* නොදිරන බඩඉරිඟු වහලූ ටොන් 40000 ක් වසරක් තුළ මෙරට පරිසරයට

* ජීව අඟුරු පොහොරක් නොවේ, පසේ පොහොර රකිනා මුරකරුවෙක්
----------------------------------------------------------------------------------------

මීට වසර පන්ස ස්‍යකට පමණ ඉහත § දකුණු ඇමරිකාවේ ඇමසන් න§ නිම්නයේ වැස s වනාන්තර පීරමින් ස sටි ස aපාඤ්ඤ ගවේෂක

පිරිසකට අමුතු දෙයක් දකින්නට ලැබුණි. දැක පුරුදු නිසරු වැස s වනාන්තර භ +මිය වෙනුවට ඔවුන් තැනින් තැන දුටුවේ, අල aලි

වශයෙන් හුදකලාව පවතින ඉතා ඉහළ පෝෂණ ගුණයකින් යුක්ත කළු පැහැති පස් සහිත ප්‍රදේශයන්‍ය. කරුණු සොයා බැලූ විට

අනාවරණය ව Qයේ, මේවා වනාහී ඒ අවට වෙසෙන ආදිවාස ස් රතු ඉන්දියානුවන් විස sන් ශාක ද්‍රව්යෙඅය අඩ වශයෙන් පුළුස්සමින්,

බිහිකරගත් සාරවත් බිම් කැබල s බවයි. ආදිවාස ස්න් මෙම කර්තව්යෙඅයය කර ඇත්තේ තමාට අවශහ් බෝග වර්ග නිසරු පසේ

වගාකිරීමට අවශහ්ය විටදීය. ඔව qහු කෘෂ sකාර්මික අපද්‍රව්යෙඅයන් ආවරණය කර අසම්පූර්ණ දහනයකට ලක්කිරීමෙන් අඟුරු වලට

පෙනුමෙන් සමාන ද්‍රව්යෙඅයක් ලබාගෙන ඇති අතර, ඒවා මිශ්‍ර වූ කළු පැහැති පස ශාක වර්ධනයට මනා සහයෝගයක් ලබාදෙන

බව තේරුම් ගෙන ස sටියහ. 1998 දී පැවති ඇමරිකානු පාංශු විද්‍යා සංගමයේ 215 වෙනි ජාතික සමුළුව තුළ§ ඉදිරිපත් ව Q පර්යේෂණ

පත්‍රිකාවක් මගින් ආදිවාස ස්න් තැනූ මේ අපූරු අඟුරු වර්ගය —බයෝචා˜ :ඊසදජයaර* වශයෙන් ලොවට හඳුන්වාදෙන ලÈ. මෙය

මෙරට § අප ජීව අඟුරු ලෙස හඳුන්වමු. මේ සම්බන්ධයෙන් වර්තමානයේ පවතින ප්‍රධාන ගැටලුව වන්නේ ජීව අඟුරු නිසිලෙස

නිෂ්පාදනය කරගැනීමේ ක්‍රමවේදය පිළ sබඳව ගොවි ජනතාව තුළ ප්‍රමාණවත් අවබෝධයක් නොතිබීමයි.

දහයියා, බඩෛරි`ගු වහලු වැනි ඉවතලන ශාක කොටස් මේ සඳහා භාවිතා කළහැකි බව කෘෂ sකර්ම දෙපාර්තමේන්තුවේ අත්හදා

බැල ස්ම් වල sන් තහවුරුවී තිඹේ ලංකාවේ දහයියා මෙට්‍රික් ටොන් ලක්ෂ 8 ක් පමණ වාර්ෂිකව නිපදවෙතත් ඉන් සැළකිය යුතු

ප්‍රමාණයක් තවමත් අපතේ යය s. බඩෛරි`ගු වහලු ද වාර්ෂිකව මෙට්‍රික් ටොන් 40,000 ක් පමණ නිපදවෙන අතර ඉන් කිස sදු

ප්‍රයෝජනයක් ගන්නේ නැත. මේවාහි අන්තර්ගත ඉහළ කාබන් ප්‍රතිශතය නිසා —ජීව අඟුරු˜ නිෂ්පාදනය උදෙසා මේවා කÈම

අමුද්‍රව්යෙඅ වේ. තාප විච්ඡේදන ක්‍රියාවල sයක් :ඡයහරදයහිසි* වන ජීව අඟුරු නිපදවීමේ § ඔක්ස sජන් රහිත හෝ අඩු පරිසරයක §

400-7500ක් අතර උෂ්ණත්වයකට අදාළ අමුද්‍රව්යෙඅ භාජනය කරනු ලබයි. මෙය වේගවත් රත්කිරීමක් ද නොවිය යුතුය. විනාඩියක්

තුළ මිශ්‍රණයේ උෂ්ණත්වය 300ක් කට වඩා වැඩි නොවිය යුතුවේ. කර දහයියා නිෂ්පාදනයට දැනට ගොවීන් විස sන් භාවිතාකරන

කුන්තානියේ දුර්වලතාවයක් ද වන්නේ මෙලෙස උෂ්ණත්වය පාලනය කළ නොහැකි වීමයි. පළම qව දර අව qළුවා, එම ගිනිමැලය

මැÈවන සේ කුන්තානිය තබා, එය වැසෙන සේ දහයියා අස qරා පුළුස aසන විට §, මෙම උෂ්ණත්ව පාලනයේ ඇති අපහස qතාවය

නිසා ඇතුලත දහයියා මුළුමනින්ම අළු බවට පත්වීමත්, පිටත ඒවා ගිනි ගැනීමත් නිසා ජස්ව අ`ගුරු නිපදවීම නිස s පරිÈ ස sදුවන්නේ

නැත. පර්යේෂණායතනයේ § කුන්තානිය නවීකරණය කර ඇත්තේ මේ නිසාය.

කෘෂි තාක්ෂණ තොරතුරු

කෘෂි තාක්ෂණ තොරතුරු කඩිනමින a ගොවි ජනතාව අතරට ලබා§මේ අත්වැලක s

තාක්ෂණික පත්‍ර sකා අංක 18 - 2019 අගෝස්තු

කෘෂිකර්ම දෙපාර්තමේන aතුවේ ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන aන sවේදන මධ්‍යස්ථානයෙ a ප්‍රකාශනයක s

ජස්ව අ`ගුරු වලින් පාංශු පෝෂක හා ජලය රැ`§මට Èරියක්.......

නවීකරණය නොකළ කුන aතාන sය නවීකරණය කළ කුන aතානිය

2

වෙනස වන්නේ සාමාන්‍ය කුන්තානියේ බැරලයේ පහළ

කෙළවර ඇති විවරය දහයියාත් සම`ග වැස ස් යන නිසා, එය

වැළැක්වීමට කෙළවර දොරක් සහිත මීටරයකට නොවැඩි

වායු සංසරණ මාර්ගයක් බැරලයට සවි කිරීමයි. ලෝහ

තහඩුවල sන් නිමවා ඇති මෙහි දොර ඇරීම, වැස ස්ම හා

චිමිනයේ ඉහළ කෙළවරට සවිකර ඇති ඉහළ පහළ

චලනය කළහැකි බට කැබැල aල නිසා ගිනිමැලයේ උණුසුම

පාලනය වේ.

ක්‍ර sයාවල sය අවසන් ව Q වහාම ජලය දමා ජස්ව අ`ගුරු මිශ්‍රණය නිවා දැමිය යුතුවේ. ඒ තවදුරටත් අළුවීම වැළැක්වීම සඳහාය. නම qත්

මෙම උපකරණයෙන් බඩෛරි`ගු වහලු ක්‍රමවත්ව දහනය කළ නොහැකිය. දහයියා මෙන් ඉරිඟු වහලු තදින් ඇහිරී නැති බැවින්

අතරමැද ඇති වාත අවකාශයන් නිසා ඒවා ගිනිගනී. ඒ මත දහනයක් විනා තාප විච්ඡෙaදනයක් ස sදුවන්නේ නැත. ද්විත්ව බැරල්

ක්‍රමය හඳුන්වා§මට පර්යේෂකයින් කටයුතු කර ඇත්තේ මේ

නිසාය.

මෙහි§ කුඩා බැරලයකට බඩෛරි`ගු වහලු යොදා අගුලු දමන අතර

එය විශාල බැරලය තුළට බහා තිඹේ දර යොදන්නේ බැරල a දෙක

අතර අවකාශයටයි. දර දහනයේ § පිටවෙන තාපයෙන් බඩෛරි`ගු

වහලු තාප විච්ඡේදනය වේ. මෙහි§ නිපදවෙන වාතය බැරල්

පතුලේ ඇති ස sදුරු තුළින් පිටතට පැමිණෙන අතර එම වායුව

දහනයෙන් ද ක්‍ර sයාවල sයට ඇවැස s තාපය තවදුරටත් නිපදවේ.

—ජීව අඟ =රු කැබල s ඉලෙක aට්‍රෝන අන aවීක aෂයෙන a

පරීක aෂා කෙරුවොත් පේනවා එ aවාහි ව්යෙඅqහය

සාමාන්‍ය අඟුරු වලට වඩා වෙනස්බව. ජීවාඟුරු

තුළ ඉතා ක =ඩා සිදුරු තියෙනවා. එනම් සවිවර බවක a

තියෙනවා. එ aවා පියවි ඇසට තියා අන්වීක aෂයකටවත a

පෙන්නේ නැති තරම්. එ a ත =ළ ජලය සංචිත කරන aන

පුළුවන a. එ a ක sයන aනේ ජීවාඟුරු දැම Q පසක

තෙතමනය රැඳෙනවා. අනෙක මේ තුළ පො aෂ්‍ය

පදාර්ථයන aහ s අයන වර්ග ගබඩා වෙලා, එ aවා

හෙමිහිට නිදහස a කරමින් ශාකයට කලක a තිස්සේ ලබාදෙනවා. එනම් දමන පොහොර විගසින් සෙ a§ යන්නේ නෑ. ජීවාඟුරු

ක sයන්නේ පසෙ a පොහොර රක sනා මුරකරුවෙක a. සවිවර තත aවය පාංශ = ක aෂුද්‍රජීවී ගහනය වැඩි ක sරීමටත් හේතු වෙනවා. පස

ආම්ල sක නම් ජීවා`ග =රු දැමීමෙන් එය ද පහස qවෙන් කළමනාකරණය කරගන aන ප qළුවන a. මන්දයත් අඟුරු භාෂ් aමිකයි˜

පර්යේෂකයින් ජීව අඟුරු වල ප්‍රයෝජන පිළ sබඳව අදහස් දක්වන්නේ එසේය. මෙම තාක්ෂණය උදෙසා පසුගියදා පැවති තාක්ෂණ

නිර්දේශ කිරීමේ කමිටු රැස aවීමේ § කෘෂ sකර්ම දෙපාර්තමේන්තු නිර්දේශය ද ලැබී තිඹේ

පිටපත : සනත් එම්. බණ්ඩාර - සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ, ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය, ගන්නොරුව

තාක්ෂණික කරුණු ඃ තිලක් මුණසිංහ - සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (පාංශු හා ශාක පෝෂණ)

මාශ හා තෙල් බෝග පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය, අ`ගුණකොළපැළැස්ස

------------------------------------------------------------------------------------------------------------------ 

n7 1වැසි වනාන්තරවල පස පෝෂණ ද්‍රව්‍යයන්ගෙන් හීනවූ ඵලදායීතාවය අතින් දුර්වල පසක් යයි මා පැවසුවහොත් ඔබ අතරින් කීප දෙනෙක් හෝ බර අවි අමෝරාගෙන මා දෙසට කඩා පනින බව මම හොඳාකාරවම දනිමි. ඊට හේතුව සේ මා දකින්නේ ශ‍්‍රී ලංකාව වනාහී, හිතට එන සිතුවිලිවලට ජීවය කවා, සත්‍යය එය යයි තමා පිළිගන්නවාට අමතරව අන් අයද එසේම සිතිය යුතුයයි සලකන පිරිසක් සමාජය මෙහෙයවීමේ වගකීම භාරගත් රටක් වීමය. අනෙකාගේ මතයට සාවධානව සවන්දීම සහ එහි ගතයුත්තක් ඇතිදැයි මැදිහත් සිතින් විමසා බැලීමේ සිරිතක් නැති බහුතරයක් සිටිනා රටක් වීමය. අප බොහෝ දෙනා සිතා සිටියත් වැසි වනාන්තරයන්ගේ පස පෝෂණය අතින් අන්තිම දුර්වලය. එසේ කටයුතු සලස්වා ඇත්තේ අපට වඩා බුද්ධිමත් සොබා දහමේ මැවුම්කරු විසිනි. නිරන්තරයෙන්ම වැසි පතිත වෙනවිට, පසේ ගතයුත්තක් ඉතිරි නොවන බව දන්නා සොබාදහම, පසෙහි ඇති සාරය හැකි පමණ වෘක්ෂලතාදිය තුළට අවශෝෂණය කරවා ඒ තුළ ගබඩා කර තිබේ. අහස සිඹිනා තරමට උස් වෙමින් වැසි වනාන්තර සරසන මේ දැවැන්ත වෘක්ෂයන්ගේ ජෛව දේහය තුළ ඒ සියල්ල තැන්පත්කර ඇති නිසා පස නිසරුයි කීම ප‍්‍රලාපයක් වන්නේ නැත. මේ ගහකොළ තම ජීවිතය නිමවා පොළොවට කඩා වැටෙන විට ඔවුන් තුළ ගබඩා කර තිබූ පදාර්ථ නැවත භූගත වෙමින් තවෙකෙකුට පෝෂණය සපයයි. මෙය සිදුවන්නේ හෙමිහිටය. ක‍්‍රමක‍්‍රමයෙන්ය. හදිසියේ පාත්වෙන කැලෑ පාලූවෙකු විසින් වනයේ කොටසක් කපාදමා කුදලාගෙන මේ පරිසර පද්ධතියෙන් ඉවතට රැුගෙන ගියේ නැත්නම්, වැසි වනාන්තරය සතු පදාර්ථ සංචිතය වැස්සටවත් සෝදා නොයන පරිදි සොබාදහම විසින්ම මේ ආකාරයට රැුක බලාගනු ලබයි. කැලෑවට පොහොර දැමිය යුතු නැතැයිද, එහි පස සාරවත්යයිද, කවුරුන් වෙතින් හෝ නොදැනුවත්කමට හදිස්සියට කියවුණත් තෙත් වනාන්තරයේ පස නම් නිසරුය. එහි වවන්නට ගියහොත් පොහොර දමන්නටද උවමනාය. අප ලැජ්ජා විය යුත්තේ ඈත අතීතයේ විසූ ආදිවාසීන්ද මේ ටික අවබෝධ කරගෙන සිටි බැවිනි. ඔවුන් කළ කී දෑ ගැනවත් සිතන්නේ නැතිව අප තවමත් හිතට එන දේ කියමින්, මහා වීර චරිත රඟපාමින්, ස්වයං වින්දනයක් ලබමින් සිටින්නෙමු.

මීට වසර පන්සීයකට පමණ ඉහතදී දකුණු ඇමරිකාවේ ඇමසන් නදී නිම්නයේ වැසි වනාන්තර පීරමින් සිටි ස්පාඤ්ඤ ගවේෂක පිරිසකට අමුතු දෙයක් දකින්නට ලැබුණි. දැක පුරුදු නිසරු වැසි වනාන්තර භූමිය වෙනුවට ඔවුන් තැනින් තැන දුටුවේ, අල්ලි වශයෙන් හුදකලාව පවතින ඉතා ඉහළ පෝෂණ ගුණයකින් යුක්ත කළු පැහැති පස් සහිත ප‍්‍රදේශයන්ය. කරුණු සොයා බැලූ විට අනාවරණය වූයේ, මේවා වනාහී ඒ අවට n7 2වෙසෙන ආදිවාසී රතු ඉන්දියානුවන් විසින් ශාක ද්‍රව්‍ය අඩ වශයෙන් පුළුස්සමින්, බිහිකරගත් සාරවත් බිම් කැබලි බවයි. මේ සොයා ගැනීමත් සමග පාංශු විද්‍යාවේ ඇතිවූ කලබැගෑනිය නම් සුළුපටු නොවේ. ආදිවාසීන් මෙම කර්තව්‍යය කර ඇත්තේ තමාට අවශ්‍ය බෝග වර්ග නිසරු පසේ වගාකිරීමට අවශ්‍යය විටදීය. ඔවුහු කෘෂිකාර්මික අපද්‍රව්‍යයන් ආවරණය කර අසම්පූර්ණ දහනයකට ලක්කිරීමෙන් අඟුරුවලට පෙනුමෙන් සමාන ද්‍රව්‍යයක් ලබාගෙන ඇති අතර, ඒවා මිශ‍්‍ර වූ කළු පැහැති පස ශාක වර්ධනයට මනා සහයෝගයක් ලබාදෙන බව තේරුම් ගෙන සිටියහ. 1998 දී පැවති ඇමරිකානු පාංශු විද්‍යා සංගමයේ 215 වෙනි ජාතික සමුළුව තුළදී ඉදිරිපත්වූ පර්යේෂණ පත‍්‍රිකාවක් මගින් ආදිවාසීන් තැනූ මේ අපූරු අඟුරු වර්ගය ”බයෝචා” (ඊසදජය්ර* වශයෙන් ලොවට හඳුන්වාදෙන ලදී. එයටිඊසද’ හෙවත් ජීව යන පදය එකතුකර තිබුණේ, කෘෂිකාර්මික අපද්‍රව්‍ය හෙවත් ජීවී ද්‍රව්‍යයන් වෙතින් සම්භවය ලබා තිබෙන නිසාය.ික්‍ය්ර’ පදය ලැබී ඇත්තේ ‘චාකෝල්’ (ක්‍ය්රජද්ක* නොහොත් අඟුරු යන තේරුම ඇති ඉංග‍්‍රීසි වචනයෙනි.

අඟුණකොළපැලැස්සේ මාශ හා තෙල් බෝග පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ පාංශු හා ශාක පෝෂණය පිළිබඳ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ තිලක් මුණසිංහ මහතා මෙම ද්‍රව්‍යයෙහි උපයෝගිතාවය ලාංකික කෘෂිකර්මයට බලපාන අන්දම සෙවීමට පියවර ගත් තරුණ විද්වතෙකි.

”මේ ගැන සිත යොමුකරන්න මාව පෙලඹවූයේ මා අසා තිබෙන අමුතු තොරතුරු කීපයක්. වෙනත් රටවල ලැව්ගිනි හටගත්විට කැලෑවෙ මැද හරියේ තිබෙන පිළිස්සුනු ගස්වල අඟුරු බාහිර ප‍්‍රදේශයේ අඟුරු වලට වඩා වෙනස්. ඒ වගේම ලොකු දැව කඳක් පිළිස්සෙන විට කඳේ අභ්‍යන්තරයෙන් හැදෙන අඟුරු පිට පැත්තෙන් හැදෙන ඒවාට වඩා වෙනස්. මට අවශ්‍ය වුණා මේ ගැන සොයා බලන්න.”

සොබාදහමේ නාඩි වැටෙනා රිද්මය ගැන කල්පනාවෙන් සිටින්නකුට මිස අන් අයෙක් මේ තොරතුර ඇසුවා නම් මින් ඔබ්බට ගමනක් සිදුවෙන්නේ නැත. එහෙත් මෙම නිරීක්ෂණය පදනම් කරගෙන අන්තර්ජාලය හරහා තොරතුරු සොයා යාමේදී ‘බයෝචා’ නමැති ද්‍රව්‍යය ගැන ලොව පුරා කෙරෙන කතාබහ වෙත නිරායාසයෙන්ම තමා ඇදී ගිය බව ඔහු පවසයි. කලක් රබර් පර්යේෂණායතනයේ සේවය කර දැනට පේරාදෙණිය සරසවියේ කථිකාචාර්ය ධුරයක් උසුලන ආචාර්ය සමන් ධර්මකීර්ති මහතා ගේ ඇසුරට වැටෙන තිලක්, ජීව අඟුරු ගැන වැඩිදුරටත් හැදෑරීමට පියවර ගෙන තිබේ. මූලික කරුණු ඇසුරෙන් ඔහු විසින් ලියූ පර්යේෂණ පත‍්‍රිකාවක් පසුගිය වසරේ සැප්තැම්බරයේ පැවති කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 20 වෙනි වාර්ෂික සමුළුවේදීද ඉදිරිපත් කළ අතර මේ වනවිට ඔහු තම ගුරුදේවයාණන් වූ ආචාර්ය ධර්මකීර්ති ගේ අධීක්ෂණය යටතේ, තම පශ්චාද් උපාධි නිබන්ධනයද, ‘බයෝචා’ තුළ හිඳිමින්ම රචනා කරමින් සිටී.

අපට නුහුරු මෙම අඟුරු වර්ගය හඳුන්වාදීමට ඔහු ”ජීව අඟුරු” යන පදය යොදාගනී. ඕනෑම දෙයක් ගිනි ගන්නා විට පළමුව අඟුරු වී අනතුරුව අළුවී ගියත් ජීවඅඟුරු සෑදෙන්නේ යම් වෙනස් ආකාරයේ ගිනිගැනීමකිනි. තවත් පැහැදිලිව කියනවානම් මෙතැනදී ඇතිවෙන ගින්නට හොඳ ඔක්සිජන් සැපයුමක් නොමැත. ලැව් ගින්නක කැලයේ මැද ගිනි ඇවිලෙන ද්‍රව්‍යයන්ටත්, දහනය වෙන ලොකු දැව කඳක මැද හරියේත් ඇත්තේ මෙවැනි තත්වයක් නිසා සෑදෙන්නේ සාමාන්‍ය අඟුරු නොව ජීවඅඟුරුය. මෙම අසම්පුර්ණ දහන කාර්යාවලිය තාපවිච්ෙඡ්දනය (ඡුහරදකහිසි* සේ හඳුන්වනු ලැබේ. අස්වැන්න ගැනීමෙන් පසු ඉතිරිවෙන කෘෂිකාර්මික අපද්‍රව්‍ය සේ හැඳින්විය හැකි ශාක කොටස්, සාමාන්‍ය පරිදි පුළුස්සා දැමීමේදී හෝ ස්වභාවික ක‍්‍රමයට දිරීමට ඉඩහැරීමේදී එහි ඇති කාබන් මූලද්‍රව්‍ය විශාල ප‍්‍රමාණයක් කාබන්ඩයොක්සයිඞ් වායුව ලෙස පරිසරයට මුදා හැරේ. ශාකයන්හි ආහාර නිෂ්පාදන කාර්යාවලියට මෙම කාබන්ඩයොක්සයිඞ් අත්‍යවශ්‍ය සංඝටකයක් වුවද, මිනිස් ක‍්‍රියාකාරකම් හරහා පරිසරයට එකතුවෙන කාබන්ඩයොක්සයිඞ් ප‍්‍රමාණය ගැන නම් පරිසරය ගැන උනන්දුවන්නන් තුළ ඇත්තේ කනස්සල්ලකි. මන්දයත් එය හරිතාගාර වායුවක් ලෙසද හැඳින්වෙන නිසා, ස්වභාවික මට්ටමට වඩා වැඩිවූ විට පරිසර උෂ්ණත්වය ඉහළ නැංවීමට දායක වන නිසාය. ජීවඅඟුරු සෑදීම සාමාන්‍ය පිළිස්සීමක් නොවන බැවින් අමුද්‍රව්‍යයන්ගේ ඇති කාබන් මෙලෙස පරිසරයට නිදහස් නොවී ඉන් සැලකිය යුතු ප‍්‍රමාණයක් ශත වර්ෂ ගණනාවක් වුවද පස තුළම ගබඩා කරවීමට මේ ක‍්‍රියාදාමය සමත්වේ.

”අපේ රටේ දකුණු පළාතේ ගොවීන් කරදහයියා කියල දෙයක් හදනවා දහයියා වලින්. ඒ අය කුන්තානිය කියල උපකරණයක් බැරල් එකකින් හදාගෙන, එය තුළට ගින්දර දාල, වටේට දහයියා ගොඩ ගහලා පුළුස්සනවා. බැරල් එක අවට දහයියා වැඩිපුර පිලිස්සෙනකොට දහයියා ගොඩ කලවම් කරනවා. අන්තිමට අස්වැන්න ලෙස ගන්නේ කරදහයියා. හැබැයි මේ දහනය සිදුවෙන්නේ ඔක්සිජන් සමග. හැදෙන්නේ බාගෙට පිළිස්සුනු දහයියා අඟුරු. මේවා ඔවුන් කුඹුරුවලට දානවා. යම් මෙහෙයක් මෙයිනුත් සිදුවෙනවා. හැබැයි මේ ද්‍රව්‍ය දිරා යනවා. ඒ නිසා කරදහයියා ප‍්‍රතිකාරකය කරනවා නම් කන්නයක් පාසා කරන්න ඕනෑ.

කරදහයියා යොදමින් කරන පාංශු සත්කාරය කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින්ද පිළිගෙන ගොවීන්ට නිර්දේශ කළ තාක්ෂණයකි. ඔවුන් ගේ පුහුණු පාඨමාලාවන් තුළද කුන්තානිය යොදාගෙන කරන කරදහයියා නිපදවීම අන්තර්ගතව තිබේ. පසට යම් ප‍්‍රමාණයක් කරදහයියා එකතුකිරීමෙන් පසෙහි පෝෂක හා ජලය රඳවා ගැනීමේ බලය, ක්ෂුද්‍රජීවී ක‍්‍රියාකාරිත්වය දියුණුවීම ආදී දෑ සිදුවෙතැයි පැවසුනද, ඒ සඳහා නියම ඖෂධය වන්නේ නම් ජීවඅඟුරුය. ලූලා නැති වළට පැමිණි කනයා සේ ජීවඅඟුරු නැති තැන කරදහයියා හොඳ වැඩකාරයෙකි. අප මෙසේ කියන්නේ කරදහයියා තුළත් යම් පමණකට ජීවඅඟුරු තිබිය හැකි නිසාය. කෙසේ නමුත් එහි වැඩිපුර ඇත්තේ සාමාන්‍ය අඟුරු නිසා කරදහයියා දැමීම කන්නයක් පාසා කළයුතු වන්නේ, දිරායාමට පාත‍්‍රව කන්නයක් තුළදී දැමූ සියල්ල විනාශ වෙන බැවිනි.

අපගේ විද්වතාණන්ට උවමනා වූයේ ජීවිතයට එක වරක් පමණක් කුඹුරට දමා පසට කෙරෙන සාත්තුවක් බිහි කරන්නටය. ජීවඅඟුරුවල සම්භවය හා භාවිතය පිරික්සා බලන විට ඔහු තේරුම් ගත්තේ මෙය නොදිරන ද්‍රව්‍යයක් බවයි. වසර සිය ගණනක් වුවද මේවා පසේ පවතින අතර ඒ හරහා ගොවියාට ලබාගත හැකි ප‍්‍රයෝජනයද නොඅඩුව ලබාදෙයි. ජීවඅඟුරු නිපදවීමේදීද සිදුවන්නේ දහනයකි. නමුත් එය හොඳහැටි ඔක්සිජන් ලබා නොදෙමින් සිදුකරන්නට ජීවඅඟුරු සාදන්නා වගබලා ගත යුතුය.

ලැව්ගිනි හටගන්නා විට වනාන්තරය ඇතුළේ සිදුවූයේත්, ලොකු දැව කඳක් පිළිස්සීමෙදී එහි අභ්‍යන්තරයේ කෙරුනේත් මේ ආකාරයේ ඔක්සිජන් හිඟ දහනයකි. ප‍්‍රතිපලයක් ලෙස හැදුනේ ‘බයෝචා’ ය. නැතහොත් ජීවඅඟුරුය. උපකරණයට සුළු වෙනස්කම් කීපයක් සිදුකර, කරදහයියා නොසාදා දහයියාවලින් ජීවඅඟුරුම නිපදවීමට හැකි නවීකරණය කළ කුන්තානයක් නිපදවීමටද මුණසිංහ මහතා සමත්වී තිබේ. කෙසේ වෙතත් ඔහුගේ යටි හිත නොනවතා කොඳුරන්නට වූයේ සියයට සීයක්ම ශාක කසල ගණයට ගැනෙන, සමාජයට වදයක්ව පවතින දෙයකින් ජීවඅඟුරු හදන්නටය. මන්දයත් අපද්‍රව්‍යයක් වුවත් සමාජයේ විවිධ ක‍්‍රියාකාරකම් සඳහා දහයියා අවශ්‍ය වන බැවින් එය මුළුමනින්ම කසල ලෙස සැලකීම අසාධාරණ නිසාය.

”මට මතක් වුණා බඩඉරිඟු වහල්ල ගැන. මේක සමාජයට වදයක්. කාලෙකට දිරන්නේ නෑ. මැෂින්වලින් ඇට වෙන්කරන කොට එකතුවෙන වහලූ මිනිස්සු කැලයට ගිහින් දානවා. වැස්ස කාලෙට මේවා පොඟල පුස් හැදෙනවා. ඒවායේ බීජානු වායුගෝලයේ විසිරිලා වායු ¥ෂණය වෙනවා. ජනතාව ලෙඩ වෙනවා. මට මේවයින් ජීවඅඟුරු හදන්න ඕනවුණත් දහයියා භාවිතා කරන කුන්තානයෙන් වැඬේ කරන්න බෑ. බැරල් එක වටේ දහයියා තැන්පත් කරන විධියට තදට අහුරලා, වහලූ ගොඩ ගහන්න බෑ. කඩා වැටෙනවා. අනික දහයියා වගේ හිර වෙන්න අහුරන්න බැරි නිසා වහලූ අතරින් ඇතුළට හුළං යනවා. එතකොට සිදුවෙන්නේ සම්පූර්ණ දහනයක්. හැදෙන්නේ සාමාන්‍ය අඟුරු.”

මේ දිනවල කවුරු කවුරුත් බඩඉරිඟු ගැන කෙරෙන කතා නම් අජීර්ණ වෙන තරමට අසා තිබේ. 2018 සැප්තැම්බර් 16 වෙනි ඉරිදා මෙම පුවත්පත මගින්ම මා විසින් අනතුරක සේයාවක් ලෙස හඳුන්වා දුන් ‘සේනා දළඹුවා’ ඔක්තෝබර් 30 වෙනිදා මුල් වරට මෙරටින් සොයාගෙන තවම ගතවූයේ මාස තුන හමාරකි. මෙවැනි කෙටි කලක් තුළ මහජන අවධානය මෙතරම් ලබාගත් ප‍්‍රාණියෙක් නොමැති තරම්ය. මෙතෙක් දවස් ජනතාවගේ ඇහැට ඇඟිල්ලෙන් අනිමින් සිටි ඩෙංගු මදුරුවාට ‘සේනා’ හමුවේ ඇපත් නැත. දළඹුවා නිසාම වී වගාව ගැන කෙරෙනවාටත් වඩා ජනතා කතාබහ බඩඉරිඟු වෙනුවෙන් අද සිදුවේ. අපගේ බඩඉරිඟු නිෂ්පාදන සංඛ්‍යාලේඛණවලට අනුව වසරකට ඉරිඟු වහලූ මෙටි‍්‍රක් ටොන් 40000 ක් පරිසරයට මුදා හැරේ. මේවා අපට තඹ දොයිතුවකවත් වැඩක් නැති කෘෂිකාර්මික කසල වේ. මෙම විද්වත් තරුණයාගේ අවධානය ඒ වෙතට යොමුවීමට බලපෑ හේතුවත් එයමය.

”ලොවින් එකෙක් එක දෙයකට වෙයි සමත, එයින් අනෙක් දෙයකට අනෙකෙක් සමත” අලගියවන්න මුකවෙටිතුමා සුභාෂිතයේ එසේ ලියා තැබුවද, අපගේ තරුණයාට නම් එය වලංගු නොවන්නා සේය. කෘෂිකර්මය ඉගෙනගෙන රැුකියාව ලැබූ ඔහු, රසායන විද්‍යාවේ අකුරු අමුණමින් අඟුරු හා ජීවඅඟුරු ගැන විමසුවා පමණක් නොව, භෞතික හා ඉංජිනේරු විද්‍යාවේ සුසංයෝගයක් හැටියට බඩඉරිඟු වහලූ අසම්පූර්ණව දහනය කරමින් ජීවඅඟුරු සෑදිය හැකි නව පන්නයේ කුන්තානියක් ද නිර්මාණය කර තිබේ. ඔහුගේ නව නිපැයුමෙහි රූපයක් මෙහි පළකළද මේ මොහොතේ එහි පූර්ණ ක‍්‍රියාකාරිත්වය විස්තර කරන්නේ නැත. එවැන්නක් ගැඹුරු තාක්ෂණික ලිපියක් වන බැවිනි. අනෙක් අතට ජීවඅඟුරු භාවිතය කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් තවමත් ගොවීන්ට නිර්දේශ කර නැති නිසාත්, තිලක් මුණසිංහ ගේ ‘නව කුන්තානිය’ වෙනුවෙන් දෙපාර්තමේන්තුවේ තාක්ෂණික නිර්දේශය ලැබී නැති නිසාත්, මෙහි විස්තර ජනගත කරන්නට තවම නැකත උදාවී නැත. එසේ නමුත් පසුගිය වසරේ පර්යේෂණ සමුළුවේදීද මෙය ඉදිරිපත්ව සාකච්ඡුාවට බඳුන්වූ බැවින් තව ඉතිරිව ඇත්තේ කඩදාසි කීපයක් මත බලධාරීන්ගේ අත්සන යෙදීමට පමණි. මඬේ බැසගෙන පර්යේෂණ කරමින් රටේ ගොවිතැනේ හිත සුව පිණිස කටයුතු කිරීම වෙනුවෙන් පොඞ්ඩ එහා මෙහා වනවිට සුදු කරපටි කාරයින්ගෙන් කෘෂි පර්යේෂකයින්ට වදින්නේ එසේ මෙසේ මඩ පාරවල් නොවේ. සේනා දළඹුවා එන්නට මාස එක හමාරකට කලින් සැප්තැම්බර් මැදදී අනාවැකි කියලාත්, පත‍්‍රිකා බෙදලාත්, පෝස්ටර් ගහලාත්, අන්තිමට අසන්නට ලැබුනේ දෙසැම්බර් වනතුරු බකන් නිලාගෙන සිට තත්වය දරුණු වූ විට වැඩට බැස්සා කියාය. මෙවැනි නිර්මාණයක් වත් හැකි පමණ විගසින් එළියට දැමීමට කෘෂිකර්මයේම බලධාරීන් උනන්දු විය යුත්තේ පෑරෙන සිත්වලට යන්තමින්වත් සහනයක් දියයුතු නිසාවෙනි.

”ජීව අඟුරු කැබලි ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් පරීක්ෂා කෙරුවොත් පේනවා ඒවාහි ව්‍යුහය සාමාන්‍ය අඟුරු වලට වඩා වෙනස්බව. ජීවඅඟුරු තුළ ඉතා කුඩා සිදුරු තියෙනවා. එනම් සවිවර බවක් තියෙනවා. ඒවා පියවි ඇසට තියා අන්වීක්ෂයකටවත් පේන්නේ නැති තරම්. ඒ තුළ ජලය සංචිත කරන්න පුළුවන්. ඒ කියන්නේ ජීවඅඟුරු දැමූ පසක තෙතමනය රැුකෙනවා. අනෙක මේ තුළ පෝෂ්‍ය පදාර්ථයන්හි අයන වර්ග ගබඩා වෙලා, ඒවා හෙමිහිට නිදහස් කරමින් ශාකයට කලක් තිස්සේ ලබාදෙනවා. එනම් දමන පොහොර විගසින් සේදී යන්නේ නෑ. ජීවඅඟුරු කියන්නේ පසේ පොහොර රකිනා මුරකරුවෙක්. සවිවර තත්වය පාංශු ක්ෂුද්‍රජීවී ගහනය වැඩි කිරීමටත් හේතු වෙනවා. පස ආම්ලික නම් ජීවඅඟුරු දැමීමෙන් එයද පහසුවෙන් කළමනාකරණය කරගන්න පුළුවන්. මන්දයත් අඟුරු භාෂ්මිකයි.”

තරුණයා මා ඉදිරිපිට අසුන්ගෙන කළු අඟුරු සතු සුදු ගතිගුණ කියාගෙන යයි. හිමිදිරියේම අඟුණකොළපැලැස්සේ සිට ඔහු මේ පැමිණ ඇත්තේ තම නිපැයුම ගැන රටට කියන්නටය. පරිසරයට බරක් වූ බඩඉරිඟු වහල්ලෙන් පසට කළ හැකි ශාන්ති කර්මය පෙන්වා දෙන්නටය. මෙම පාංශු සත්කාරයට නිසි පිළිගැනීම ලැබී ගොවියාට නිර්දේශයක් ලෙස ලබා දෙන මට්ටමට පැමිණෙන විට, මෙම තරුණයාව පැත්තකට තල්ලූකර ජීවඅඟුරුවල උප්පැන්නේ ලියන්නට, පඳුරක් ගානේ මෙතුවක් කල් නිදි කිරා වැටුණු විද්වතුන් කී දෙනෙක් ඉදිරියට ඒවිදැයි සැඟවුණු බියක් මා සිත තුළ නම් තිබේ. සේනා දළඹුවාගේ පුවත් ටීවී නාලිකා වල ‘හිට්’ වෙන විට, දළඹුවාව ආත්මෙකටවත් දැක නොතිබුණු ඇතැම් පිරිස්, රූපවාහිණී කැමරා අස්සට මූණ ඔබාගෙන දළඹු මර්දන ක‍්‍රමවේදයන් වැමෑරුවේත්, දුර ඈත අතීතයක සිට තමා දළඹුවා ඇසුරු කළ බවට ලිපි ලීවේත්, උගේ ආච්චි අම්මාටත් බඩඉරිඟු කන්නට ඉගැන්වූයේ තමායයි සමාජයට ඒත්තු ගන්වමින් තම ඇල්මැරුණු කාර්ය සාධනය දළඹු ඉස්මෙන් හෝ පොලිෂ් කරන්නටය. අතීත තාක්ෂණයක් හෝ රටට ගැලපෙන අයුරින් සුසර කිරීමට වෙර දරන තිලක් මුණසිංහ වැනි තරුණ විද්වතුන් හට ඔවුන්ගේ අනාවරණයන් ගේ අයිතිය නිසි පරිදි ලබා දීමටත්, සිංහයාගේ දඩයම ඩැහැ ගැනීමට මාන බලමින් ලඳු කැලෑවල හිඳ හැංගිමුත්තන් කරන කපටි  හිවලූන්ගෙන් සිංහයා බේරා ගැනීමටත්, කෘෂිකර්මයේ ඉහළ බලධාරීන් සුපරික්ෂාකාරී වේ නම්, තරුණ ජවය තව තවත් ඔප මට්ටම් වී දිස්නය දෙන බවනම් ස්ථිරය.

Friday, June 7, 2019

කැඩුණු අස්ථි පැය දෙකෙන් හදන උළුපට්ටලේ ගෙදර විශ්මිත වෙදකම

පැරැණි වෙද පරපුරේ වෙද කමත් පැරණි ශාස්ත‍්‍රයත් ආරක්ෂාකරගත් එමෙන්ම ඒ හැකියාවෙන් පිරිපුන් අපූරු තරුණයකු ගාල්ලේ කීඹියේ සිය පරපුරෙන් උරුම වූ අතීත වෙදගෙදර තවමත් ජීවමානව පවත්වාගෙන යන්නේ ලොවට වැඩ සලසමිනි.

තවමත් 36 හැවිරිදි වියේ පසුවන නන්දසිරි වික‍්‍රමනායක ආරච්චි මහතා ඒ අභිමානවත් හෙළ සිංහල වෙද පරපුරේ ඔහු දන්නා පරිදි හයවැනි පරම්පරාවයි.

කැඩුණු පා ඇටයක් හෝ අත් ඇටයක් පැයකින්, පැය දෙකකින් හෝ පැය හැටකින් හෝ දින ගණනකින් හෝ යළි තිබූ ආකාරයටම පිළිසකර කිරීමේ හැකියාව ඔහුට ද තිබේ.



නන්දසිරි වික‍්‍රමනායක ආරච්ච වෙද මහතා


දක්ෂිණ ලංකාවේ උළු පට්ටලේ ගෙදර යනුවෙන් චිර ප‍්‍රසිද්ධියක් උසුළන මේ වෙද ගෙදර අතීතය දිව යන්නේ තොටගමුව මහ පිරිවෙන ශී‍්‍ර විභූතියෙන් විරාජමානව තිබූ යුගයටය. එකළ එම පිරිවෙන ආශි‍්‍රතව කි‍්‍රයාත්මක වූ භාෂා හා ශිල්ප ශාස්ත‍්‍ර බෙදාදීමේ මධ්‍යස්ථානයෙන් කැඩුම් බිඳුම් වෙදකම ඉගෙන ගත් වික‍්‍රමනායක ආරච්චි නම් වෙද මහතෙක් කීඹියේ තරුණියක් හා විවාහ වී එම ගමේ පදිංචියට පැමිණෙන්නේ උ`එ පට්ටලේ ගෙදර වෙද පරපුර ආරම්භ කරමිනි.

ගාල්ලේ සිට මාපලගම මාර්ගයේ පැමිණ හිරිගල්කැටිය හන්දියෙන් හැරී කිලෝ මීටර තුනක් පමණ ගමන්ගත් විට මැද කීඹීයේ උළුපට්ටලේ ගෙදර හමුවෙයි.

උළු පට්ටලේ ගෙදර අන්ද්‍රයස් වික‍්‍රමනායක ආරච්චි වෙද මහතාටත් ඔහුගේ බිරිඳ වූ නබඳව විතානගේ කුසුමලතා මහත්මියටත් දියණියන් දෙදෙනකි. ඉන් අනතුරුව තුන්වැනි දරුවා ලෙස 1976 අගෝස්තු 25 වැනි දින පුත් කුමරකු උපත ලබන්නේ වෙදකම ඉදිරියට රැුගෙන යාමේ අන්ද්‍රයස් වෙද මහතාගේ බලාපොරොත්තු ඉහළ නංවමිනි. මේ කුමරු නන්දසිරි නම් වූවේය.



බද්දේගම කි‍්‍රස්තුදේව පිරිමි විද්‍යාලයේ අධ්‍යාපනයට ගිය නන්දසිරි නිවසේ සිටින සෑම මොහොතකම සිය පියාගේ වෙද කමට හෙද කමෙන් සහය වූයේ එය මනාව අධ්‍යයනය කරමිනි. පාඩම් පොත්වලට අමතරව පැරණි වෙද පොත් කියවීමටත් ඔහු කාලය ගත කළේ ඒ පිළිබඳව තිබූ නොනිමි ආශාව හේතුවෙනි.

ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ හැදෑරූ නන්දසිරි පාසල් අධ්‍යාපනය හදාරා අවසන් වනවිටම වෙදකමට බැස්සේ පියා ජීවත්ව සිටියදීම ඔහුට යෝද ශක්තියක් වෙමිනි. ඔහුගේ වැඩිමහල් සොහොයුරිය කුසුමා වික‍්‍රමනායක ආරච්චි තරුණිය ද සොහොයුරා සමග වෙදකම ආරම්භ කළාය.



ඔවුන්ගේ වෙදකම වූයේ සිංහල කැඩුම් බිඳුම් වෙදකමයි. ඊට අමතරව පීනස සුව කිරීම, නහරගත ආබාධ සුව කිරීම හා කාන්තා රෝග සුවපත් කිරීමත් පරපුරෙන් පැවත ආවේය. එහෙත් ඒ සියල්ල අභිබවමින් මතුවී තිබෙන්නේ විශේෂඥ විෂයක් වූ කැඩුම් බිඳුම් වෙදකමයි.


සිය පිය පරපුරෙන් ලැබුණු පැරණි පුස්කොළ පොත් ඇතුළු වෙද පොත් රැුසක් ද පැරණි වෙද වට්ටෝරු ද ඔහු අධ්‍යයනය කළේය. එමෙන්ම වර්තමානයේ බටහිර වෛද්‍ය ක‍්‍රමය අනුව ප‍්‍රතිකාර ලබාගන්නා රෝගීන් එම ප‍්‍රතිකාරවලින් සුවපත් නොවී ඔහු සොයා පැමිණෙන විට ඒවා යළි සැකසීමේ ක‍්‍රමවේදයන් ද අධ්‍යයනය කිරීමට ඔහුටත් සොහොයුරියටත් සිදුව තිබේ.


වික‍්‍රමනායක ආරච්චි මහතා පවසන්නේ වර්තමානයේ වෙදකමට ඇති ප‍්‍රධානතම බාධකය අත්‍යාවශ්‍ය අමුද්‍රව්‍ය නොමැති වීම බවයි.
උළු පට්ටලේ ගෙදර වෙද පරපුර කැඩුණු අස්ථියක් පැයකින් බද්ධ කිරීමට සමත්කම් දැකුවූහ. එක් පෑ සන්ධි, දෙපෑ සන්ධි, තුන්පෑ සන්ධි, හත්පෑ සන්ධි, හැට පෑ සන්ධි යනුවෙන් අස්ථි සවිකිරීමට ගතවන කාලය අනුව බෙහෙත් වර්ග තිබෙන බව වික‍්‍රමනායක ආරච්චි මහතා පවසයි.



ඔහු පවසන්නේ පැයකින් අස්ථි සවිකිරීමට නම් ඇතකුට පන තිබියදී හෝ මියගිය වහාම දළයෙන් ගන්නා කුඩු භාවිතා කිරීමට සිදුවන බවයි. එමෙන්ම උරුලෑවාගේ උකුල් ඇටයෙන් ගන්නා කුඩු ද මෙැවිනි අස්ථි බිඳුම් සඳහා භාවිතා කළ බව මේ තරුණ වෙද මහතා අප සමග කීවේය. ඔහු පවසන්නේ මිහිමත ජීවත්වන සතුන් අතරින් අස්ථිවල වැඩිම කැල්සියම් ප‍්‍රතිශතයක් ඇත්තේ උරුලෑවාගේ අස්ථිවල බව සිංහල වෙදකමේ පිළිගැනීමක් තිබෙන බවයි.


‘‘ එදා සිංහල වෙදකමට අනුව අවශ්‍ය වූ ඇත් දළ කුඩු, උරුලෑවාගේ අස්ථි කුඩු සහ ගව අඃ, හරක් අඃ ආදිය අද සොයා ගන්න දැන් හැකියාවක් නැහැ. ඒ නිසා පැයෙන් දෙකෙන් අස්ථි පිළිසකර කිරීමේ වෙදකම කිරීමනම් අපහසු දෙයක්. අපි දැන් කරන්නේ ගස්වල පොතු, කොළ ආදී පස් පංගුව යොදාගෙන අස්ථි වෙදකම කිරීමයි. ඒ සඳහා යම් කාලයක් ගතවනවා.’’


බටහිර වෛද්‍ය විද්‍යාව කෙතරම් දියුණු වුවද අස්ථි සම්බන්ධයෙන් නම් ශී‍්‍ර ලංකාවේ බහුතර ජනතාවක් තවමත් විශ්වාස තබන්නේ පැරණි සිංහල අස්ථි වෙදකමට බව නොරහසකි. ඇටයක් කැඩුණු විට, උළුක්කුවක් හෝ පෙරළීමක් සිදුවූ විට සිංහල වෙද මහත්තයකු සොයා යා යුතු යැයි සිතිවිල්ලක් බොහෝ අය තුළ තිබේ. එහෙත්  ඕනෑම අයකු අනතුරකදී කෙලින්ම යන්නේ රජයේ රෝහලටය. එහි ගිය විට යළි සිංහල වෙද ගෙදරට යාමට සිදුවන්නේ රෝගියාගේ කැමැත්තෙන් හෙවත් බලෙන් ටිකට් කපාගෙනය.


‘‘ බටහිර වෙදකම අනුව අස්ථි යළි සකස්කැර ගන්න ගිහින් ප්ලාස්ටර් දාගෙන, ඇණ සවිකරලා, එහෙමත් නැත්නම් අධාරක තහඩු ශරීරය ඇතුළට සවිකරගෙන පවා අවසානයේ අපේ ළ`ගට එනවා. ඇතැම් ඇයගේ අත පය ඇද වෙලා නැත්නම් කොට වෙලා සදාකාලික ආබාධිතයන් බවට පත්වෙලා තමයි එන්නේ. එවැනි රෝගීන් සුවකරන්න බැරි මට්ටමටම ආවට පස්සේ අපි ළගට එනවා. ඒත් අස්ථියක් කැඩුණු අළුතම අපි ළගට එනවානම්  ඕනෑම ආකාරයක කෙනෙක් සුවපත් කිරීමේ හැකියාව අපට තිබෙනවා. ’’

පත්තුවක්


වික‍්‍රමනායක ආරච්චි මහතා පවසන්නේ තම පියාගේ කාලයේ අකුරටියේ අමරවංශ හිමියන්ට අසීරු ප‍්‍රතිකාරයක් කැර ඇති බවයි. ඒ හිමියන් සහ ගනේගම සරණංකර හිමියන් වරක් රිය අනතුරකට ලක්ව තිබේ. එයින් බරපතළ තුවාල ලැබූ අකුරටියේ අමරවංශ හිමියන් මාර්ගයේ පසෙක හාන්සිකොට තබා ඇත්තේ ඒ හිමියන් අපවත්වී ඇතැයි සිතමිනි. ඒ අවස්ථාවේ හිමියන්ගේ පාදයක් යන්තමින් සෙළවෙන ආකාරය යමකු දැකීම හේතුවෙන් උන්වහන්සේ වහාම රෝහල්ගත කැරුණි.


වෛද්‍යවරුන් පැවසුවේ ස්ථාන කිහිපයකින් කැඞී ගිය හිමියන්ගේ පාදය කිසිදා සුව කළ නොහැකි වනු ඇති බවයි. අවිදීමට පමණක් නොව ඇඳෙන් බැසීමට පවා නොහැකිව සිටි අමරවංශ හිමියන්ට පිහිටට ආවේ වික‍්‍රමාරච්චි මහතාගේ පියා සහ ඔහුගේ සොහොයුරෙකි. මේ දෙදෙනා ගොස් විද්‍යාලෝක පිරිවෙනේ දී අමරවංශ හිමියන්ට ප‍්‍රතිකාර කළහ. කිසිදා පය බිමතබා ඇවිදීමට නොහැකි වනු ඇතැයි වෛද්‍යවරු කියා සිටි අමරවංශ හිමියෝ දින 13 න් පාද බිම තැබූහ. මාසයක් ගතවීමට පෙර ඇවිද ගියහ.


තවත් බරපතළ රෝගියකු වූයේ බද්දේගම මාකුරුගොඩ ප‍්‍රදේශයේ නාවික හමුදා සෙබළෙකි. දබරයකදී ඔහු යකඩ පොලූ වලින් පහරකා ආබාධිත වී සිටියේය. රෝහලට ගෙන යන විට ඔහුගේ එක්පාදයක දිවිත්ව අස්ථියක් කැඞී ගොස් තිබේ. එහි ඇතුළත කුහරයක් ද හටගෙන තිබිණි.


‘‘ අපෙ තාත්තා ඒ කුහරයට බෙහෙත් තෙල් කාලක් විතර පුරවනවා. මාස එකහමාරක් ප‍්‍රතිකාර කරනකොට ඒ ඇට පෑහිලා කුහරය නොපෙනී ගියා රෝගියා ටික දිනකින්ම සුව වුණා. ඒ කාලේනම් වැඩිපුරම එන්නේ ගස්වලින් වැටිලා එන කට්ටිය දැන් එන්නේ රිය අනතුරු වලට ලක්වීමෙන් අත් පා අහිමි වූ පිරිස. නමුත් අද ඒ තත්ත්වය වෙනස්වෙලා දැන් වැඩිපුරම එන්නේ රිය අනතුරුවලට ලක්වූ අය. ඇතැම් අය එනවිට කකුලේ විශාල තුවලා පවා තියෙනවා. මේ තුවාල සුවපත් කිරීමේ හැකියාව අපේ වෙද පරපුරෙන් උරුම වුණත්. දැන් ඒවාට අවශ්‍ය බෙහෙත් වර්ග සොයා ගැනීම ඉතාමත්ම අපහහසුයි. ඒ නිසා දැන් එවැනි තුවාල ඉක්මණින් සුවපත් කරන ආලේපන වර්ග සකස් කරන්නේ නැහැ. ’’


වෙද මහතා පවසන්නේ සිංහල වෙදකමට අනුව ඉතාමත් අත්‍යාවශ්‍ය ඖෂධයක් වන කලාඳුරු පවා නොමැති බවයි. කෘෂි රසායනික ද්‍රව්‍ය හේතුවෙන් එවැනි ශාක සොයාගත නොහැකි වීම සිංහල වෙදකමට බරපතළ හානියක් බව ද හෙතෙම කියයි. මුවකීරිය, ලූණු වරණ වැනි අස්ථි පෑහීමට ගන්නා ශාක වර්ග මෙන්ම රත්නෙටොල් ද සොයා ගැනීම ඉතාමත්ම අසීරු වී තිබේ. අස්ථි බිඳුම් සඳහා ඖෂධ සෑදීමට යොදා ගන්නා ගොනිකා කොල මේ වනවිට සොයා ගැනීමට නොහැකි තරමටම වඳවී ගොසිනි. වෙද මහතා පවසන්නේ ගොනිකා කොළ වෙනුවට වෙනත් ආදේශක යොදා ගන්නා බවයි.


තෙල්, ගුලි, කල්ක , චූර්ණ ආදී සියල්ල සකසන උළුපට්ටලේ ගෙදර අතීතයේ සිට භාවිතා කළ සමපාක හෙවත් හිසෙන් ඉහළ ගල්වන තෙල්, කරපාක හෙවත් හිසෙන් පහළ ගල්වන තෙල් හා ශරීර අභයන්තරයට ගල්වන තෙල් වර්ග තුනකි. වර්තමානයේ ඒවා සකසා ගන්නේ ද වෙද මහතාගේ පූර්ණ අධීක්ෂණයෙනි.

‘‘ අස්ථියක් බිඳෙනවිට අස්ථිය සමග එන ස්නායු බිඳීම්, අස්ථිය සමග ඇති පටක තුවාල වීම් තිබෙනවා. මේ තුවාල වේලෙන්න කසාය දෙනවා. කසාය කියන්නේ ශරීරය ඇතුළේ තුවාල වේලීම ඉක්මන් කරන්න දෙන බෙහෙතක්. මේ සිය`එ දේ යොදාගෙන තමයි අපි වෙදකම කරගෙන යන්නේ. ’’



අස්ථි කෑලි වලට කැඞී වෙන්වී ගිය ද ඒවා එකතුකොට රෝගියා යළි ඇවිද්දවීමට පවා සමත්වන මේ සිංහල වෙද මහතා පවසන්නේ ලෙඩාගේ තත්ත්වය, ඔහුගේ නිරෝගී ස්වභවාය හා ඖෂධ භාවිතා කරන පිළිවෙල හා රෝගියාට ලැබෙන සාත්තුව අනුව සුවවීමට ගතවන කාලය තීරණය වන බවයි.
වෙද මහතා හමුවීමට ගොස් සිටි කාලයේදී අපට පෙනී ගියේ වසර ගණනාවක් පැරණි කැඩුම් බිඳුම් සහිත රෝගීන් පවා එහි ගෙන එන බවයි. එමෙන්ම උකුළු ඇටය කැඞී ගිය රෝගීන් පවා පැමිණ සුවපත් වී සිටින අයුරු ද දක්නට ලැබිණි. පාදය කපා ඉවත් කිරීමට තීරණය කැර තිබූ රෝගීන් පවා මේ වෙදගෙදරින් ප‍්‍රතිකාර ලබා ඇවිද යති.



වෙද මහතා පවතින්නේ බොහෝ දෙනා රෝහලට ගොස් ප‍්‍රතිකාර ලබාගෙන ගැට`එ ඇතිකරගෙන එන බවයි. කකුල පසාරු කරගෙන යන උණ්ඩයක් වැනි දෙයක් පවා බෙහෙත් බැඳ ඉවත් කිරීමේ හැකියාව සිංහල වෙදකමේ තිබෙන බව ද ඔහු පවසයි.


කකුලක හෝ අතක බිඳුණු අස්ථියක් යළි සකස් කිරීම සඳහා ශරීරයට ලෝහමය ආධාරක ඇතුළු කිරීම බටහිර වෙදකමට අනුව සිදුකරන්නකි. එසේ සිදුකළ අවස්ථාවේදී අස්ථිවලට බෙහෙත් යෙදුව ද එය සාර්ථක නොවන බව ද වෙද මහතා පවසයි. එවැනි තහඩු යොදා නොමැතිනම් වැරදි ලෙස ඇති අස්ථිය යළි බුරුල් කිරීම සඳහා හමට පිටින් බෙහෙත් බැඳ යළිත් අස්ථිය නිසි පරිදි සකස්කොට බෙහෙත් බැඳ සුවකරයි.


උ`එපට්ටලේ ගෙදර වික‍්‍රමනායක ආරච්චි වෙද පරපුර සිංහල කැඩුම් බිඳුම් වෙදකම කරගෙන යන්නේ ව්‍යාපාරයක් ලෙසින් නොවේ. ජනතාව වෙනුවෙන් කරන සේවාවක් වෙනුවෙනි. ඔවුන් පවසන්නේ ඖෂධ සෑදීම වෙනුවෙන් වැයවන සුළු මුදලක් පමණක් තමන් අයකරන බවයි.


පැරණි පුස්කොල පොත් කිහිපයක්


උදේ සිට සවස් වනතුරුම රෝගීන් විශාල පිරිසක් නිරන්තරවම පැමිණෙන මේ වෙද ගෙදර නිතරම පිරී ගොසිනි. තරුණ පරපුර සිංහල වෙදකමෙන් ඈත්වන යුගයක එය තම උරුමය පමණක් නොව යුතුකම ද ලෙස සළකා එහිම යෙදී සිටින නන්දසිරි වික‍්‍රමාරච්චි වෙද මහතා සිය ජීවනෝපාය සොයා ගන්නේ ඉඩම් වගා කිරීමෙනි. ඒ වෙනුවෙන් ඔහු කාලය කලමණාකරණය කරගන්නේ අසීරුවෙනි. ඔහු පවසන්නේ තම පරපුරෙන් උරුම වූ සිංහල වෙදකම තවත් සියවස් ගණනක්කල් නොනැසී පවත්වාගැනීම තම යුතුකම හා වගකීම වන බවයි.


විශේෂ ස්තූතිය අක්මීමණ හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතාට


වෙද ගෙදර


වෙද මහතා රෝගියකුට ප‍්‍රතිකාර කරන ආකාරය
 උපුටා ගත්තේ - ලංකාදීප http://www.lankadeepa.lk

Thursday, June 6, 2019

බලශක්ති සංරක්ෂණයට ජාතික වැඩසටහනක්

බලශක්ති සංරක්ෂණය සහ කාර්යක්ෂම භාවිතය පිළිබඳව ජාතික වැඩසටහන හඳුන්වාදීමට රජය අවධානය යොමු කර තිබේ.

මේ වැඩසටහනෙන් වාර්ෂිකව ගිගාවොට් පැය 300ක බලශක්තියක් ඉතිරි කරගැනීමට අපේක්ෂිතය. එය ශ්‍රී ලංකාවේ දින දහයක සමස්ත විදුලිබල ඉල්ලුමට සමානවේ. ඒ අනුව මේ ජාතික වැඩසටහන යටතේ බලශක්ති සංරක්ෂණය සහ කාර්යක්ෂම භාවිතයෙන් සියලුම රජයේ කාර්යාලවල පෙර වර්ෂයට සාපේක්ෂව 10%කින් විදුලිය සහ ඉන්ධන පරිභෝජනය අඩු කර ගැනීම ඉලක්ක කර තිබේ.

ඉදිරියේ දී ඇති විය හැකි බලශක්ති අර්බුදයට තිරසාර පිළියම් සෙවීමට මේ වන විට රජයේ අවධානය යොමු වී ඇත. ඒ අනුව රාජ්‍ය ආයතනවල බලශක්ති සංරක්ෂණය සහ කාර්යක්ෂම භාවිතය වෙනුවෙන් නව චක්‍ර ලේඛයක් නිකුත් කර, බලශක්ති සංරක්ෂණය සහ කාර්යක්ෂම භාවිතය පිළිබඳව ජාතික වැඩසටහන හඳුන්වාදීමෙන් රාජ්‍ය සේවයකයන් තුළ ඒ පිළිබඳව පෙළඹවීමක් මෙන්ම යොමු කරවීමක් සිදු කිරීමට රජය විසින් පියවර ගෙන තිබේ.

ජනාධිපති කාර්යාලය සහ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය එක්ව ආරම්භ කරන මේ ක්‍රියාවලියට සියලුම අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල සහභාගි කරගැනීමට අදහස් කර තිබේ. ඒ අනුව ඉහත සඳහන් සෑම ආයතනයක් ම බලශක්ති කළමණාකරුවෙක් පත් කර, ඔහුගේ සහාය වෙනුවෙන් බලශක්ති සංරක්ෂණ කමිටු පිහිටුවීමට අදහස් කෙරේ. මේ කමිටුවෙන් තම ආයතනයේ බලශක්තිය පරිහරණය කරන ආකාරය පිළිබඳව සොයා බලා, කාර්යක්ෂම භාවිතයක් සහ සංරක්ෂණයක් වෙනුවෙන් තම ආයතනය හැඩගැස්වීම කරනු ලබයි.

දෛනිකව වර්ධනය වන ජනගහනය හමුවේ බලශක්තියට ඇති ඉල්ලුම ද නිරන්තරයෙන් වර්ධනය වේ. ඒ අනුව පවතින සීමිත සම්පත් හේතුවෙන් බලශක්ති උත්පාදනයට බාධා එල්ල වේ. විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි සීමිත සම්පත් සහිත රටකට ජනතාවගේ බලශක්ති අවශ්‍යතා සපුරාලීමේ දී ගැටලු කිහිපකයට මුහුණදීමට සිදුවේ.

අවම මිලක් සහිත විදුලිබල උත්පාදනය සිදු කළ හැක්කේ ජලයෙන් වුවත්, මේ වන විට ඒ සඳහා යොදා ගත හැකි සියලු ජල පෝෂකයන් අවසන් වී තිබීමෙන්, විදුලි උත්පාදනය වෙනුවෙන් ඉන්ධන ලබාගැනීමට ජාතික අපනයන ආදායමෙන් 25%ක් වැනි මුදලක් වාර්ෂිකව වැය කිරීමට ශ්‍රී ලංකා රජයට සිදු වී තිබේ. එමෙන්ම ජනතාවගේ අකාර්යක්ෂම භාවිතය නිසා 25% අපතේ යන බව ද වාර්තා වේ.

ඒ අනුව බලශක්ති සංරක්ෂණය සහ කාර්යක්ෂම භාවිතය පිළිබඳව ජාතික වැඩසටහන හඳුන්වාදීමෙන් විදුලි පාරිභෝගික ජනතාව අපතේ යෑමෙන් තොර කාර්යක්ෂම විදුලිබල පරිභෝජන රටාවකට හුරුවීමෙන් සහ බලශක්ති සංරක්ෂණයට යොමුවීමෙන් අනාගතයේ දී මුහුණදිය හැකි බලශක්ති අර්බුදයෙන් රට මුදා ගැනීමට හැකි වෙතැයි අපේක්ෂා කෙරේ.

මෙම ලිපියේ පිටපතක් අවශ්‍ය කෙනෙක් වෙතොත් ඊමේල් මගින් ඉල්ලන්න

උපුටා ගැනීම - දිනමිණ Wednesday, ජුනි 5, 2019 - 01:00

Tuesday, June 4, 2019

හාර දහසක් දරු සම්පත් දුන් අනුරාධපුර එප්පාවල මැඩියාවේ වෙද මහත්තයා



දරුවන් නොමැතිවීම නිසා බොහෝ දෙනකු මහත් මානසික පීඩාවට පත්ව සිටින බව නොරහසකි. ඇතැම්හු දහස් ගණන් මුදල් වැය කරමින් දේවාල ගානේ ගොස් පුද පූජා පවත්වති. වෛද්‍ය විද්‍යාවේ පිහිට ලබා ගැනීමට දහස් ගණන් මුදල් වැය කළද ඉන් සාර්ථකත්වයක් නොලැබූ පිරිස අති විශාලය. දරුවන් නොමැතිව සිය බලා‍පොරොත්තු අතහැරගෙන සිටි දහස් ගණනකට තමාට පාරම්පරිකව උරුම වූ දේශීය වෛද්‍ය ක්‍රම ඔස්සේ ප්‍රතිකාර කර දරුවන් ලබා දුන් මැඩියාවේ වෙද මහත්තයා බොහෝ දෙනකු අද සිහිපත් කරන්නේ දැඩි ගෞරවයකිනි.


අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් එප්පාවල, සුන්දර මැඩියාව ගම්මානයේ, ගම්පති නිවසේපදිංචිව සිටින දිසානායක මුදියන්සේලාගේ ටිකිරි බණ්ඩා මහතා රටේ විශාල පිරිසක් හඳුන්වනු ලබන්නේ මැඩියාවේ වෙද මහත්තයා ලෙසිනි. ඒ ඔහු පදිංචිව සිටින ගමේ නමිනි. රටේ බොහෝ දෙනකු ඔහු දන්නේද ඒ නමිනි. මැඩියාවේ වෙද මහත්තයා අද වන විට අනූ එක් වන (91) වියෙහි පසුවන්නේය. ඉතා නිරහංකාර අයෙකු වූ මැඩියාවේ වෙද මහත්තයා කොයි කාගේත් මහත් ආදර ගෞරවයට ලක්වූ අයෙකි. දිනපතා විශාල පිරිසක් මැඩියාවේ වෙද මහතාගෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන්නේය. ඒ අතර, විදෙස් රටවලින් පවා පැමිණෙන අයද සිටිති. මුදලට වඩා වෙදකමට මුල්තැන දුන් ඔහු ප්‍රදේශයේ සමාජ සේවකයෙකුද වේ. මුළු දිවයිනටම සාමවිනිසුරුවරයෙකි.
මම ගම්මුලාදෑනියෙකු ලෙස පත්වීම ලැබුවේ 1952 වසරේදීයි. අවුරුදු 11 ක් ගම්මුලාදෑනි තනතුර සිදු කළා. ඊට පස්සේ ග්‍රාම සේවක ලෙස කටයුතු කළා. ඊට පස්සේ 1984 අවුරුද්දේ විශ්‍රාම ගියා. මට දෙමාපියන්ගෙන් උරුම වුණු මේ වෙදකම පටන් ගත්තේ 1991 වසරේ සිටයි. යැයි මැඩියාවේ වෙද මහතා පවසන්නේය.
මගේ අම්මාගේ, අප්පච්චිගේ පරම්පරාවේ සියලු දෙනාම දේශීය වෙදකමයි සිදුකළේ. ඔවුන් දේශීය වෛද්‍යවරුයි. ඔවුන් සියලු රෝගවලට ප්‍රතිකාර කටයුතු සිදු කළා. මම අයිති වන්නේ ඔවුන්ගේ හයවැනි පරම්පරාවටයි. මම ප්‍රතිකාර කරන්නේ දරුවන් නොමැතිව මහත් මානසික පීඩාවට පත්ව සිටින පිරිසටයි. මේ අය බොහෝමයක් කලිසම් අඳින මහත්වරුයි. සරම් අඳින එක්කෙනෙක් වත් එන්නේ නෑ. මොකද ඔවුන්ට දරුවන් ඉන්නවා.යැයි ටිකිරි බණ්ඩා වෙද මහතා පවසන්නේය.
ටිකිරි බණ්ඩා කුඩා කාලයේ සිටම දුටුවේ සිය දෙමාපියන් ගම්වාසීන්ට වෙදකම් කරන අයුරුය. ඒ නිසා දේශීය බෙහෙත් සෑදීමේ කටයුතුවලදී, රෝගීන්ට ප්‍රතිකාර කරන කටයුතුවලදී ඔහු සිය දෙමාපියන්ට උදව් පදව් කළේය. කැලයට ගොස් බෙහෙත් පැළෑටි සොයාගෙන ආවේය. මේ නිසාම පාසල් අවදියේ සිටම ඔහුට දේශීය වෙදකම පිළිබඳව මනා අවබෝධයක් තිබුණේය. නමුත් ඔහු ගම්මුලාදෑනියෙකු ලෙස පත්වීම ලැබිමෙන් පසු වෙදකමේ නියැළීමට අවස්ථාවක් ලැබුණේ ඉතා අඩුවෙනි. එහෙත් ඔහු සිය පාරම්පරික වෙදකමට මහත් ආදරයක්, ගෞරවයක් දැක්වූවේය.
ටිකිරි බණ්ඩා වෙද මහතාගේ පවු‍ලේ හත් දෙනෙකි. ඔහුගේ ආදරණීය බිරිඳ අසූ පස්වැනි වියෙහි පසුවන්නීය. ඔවුන් දෙදෙනාගේ වැඩිමහල් දියණිය ගුරු වෘත්තියේ නියැළී සිටින්නීය. දෙවන දියණිය හෙදියකි. බාලම පුතා වෛද්‍යවරයෙකි. ඔහු අනුරාධපුර ශික්ෂණ රෝහ‍ලේ සේවය කරන්නේය. එක් පුතෙකු සිය පියාගේ වෙද හෙදකම් කටයුතුවලට සහාය දක්වන්නේය.
මගේ තාත්තාත් ආරච්චි මහත්තයෙක්. ගොඩාක් අය මට කිව්වා තාත්තා ඝෘෂිවරයෙක් වගේ මිනිස්සුන්ට වෙදකම් කළානේ. ඇයි ඔබ වෙදකම් දැනගෙනත් ඒවා නොකරන්නේ කියලා. මට ඒක හිතට තදින් කාවැදුණා. මම හිතුවා සමාජයේ මිනිස්සු වැඩි වශයෙන් මුහුණ දෙන රෝග තත්ත්වයකට ප්‍රතිකාර කළ යුතුයි කියලා. මට පරම්පරාවෙන් උරුම වුණු ‍පොත් පත් රැසක් තිබෙනවා. ඒවායේ තියෙන්නේ දේශීය වෙදකම ගැනයි. මම මේ ‍පොත් බලද්දී මුලින්ම අතට අසුවුණේ එක්දහස් හත්සිය ගණන්වලදී ලියපු ‍පොතක්. ඒකේ තිබුණේ දරුවන් නොමැති අයට ප්‍රතිකාර කිරීම සම්බන්ධවයි. මේ වෙදකම කිරීම ගැන අද මම විශාල සතුටක් ලබනවා. අනෙක් අය වෙදකම් කරන්නේ ජීවත් වෙලා ඉන්න අයටනේ. මම වෙදකම් කරන්නේ අලුත් මිනිස් ජීවිතයක් ලබාදීමටයි. යැයි මැඩියාවේ වෙද මහතා කියන්නේය. මැඩියාවේ වෙද මහතාගෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි පිරිස අතර වෛද්‍යවරුද සිටිති. ජාති ආගම් බේදයකින් තොරව විශාල පිරිසක් ඔහුගෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන්නේය. සෑම දිනකම පෙරවරු අටේ සිට පස්වරු පහ දක්වා ඔහු ප්‍රතිකාර කටයුතු කරන්නේය.
ආගමික කටයුතුවලට මුල්තැන දෙන ඔහු සිය දින චර්යාව අරඹන්නේ අලුයම තුනටය. අනූ එක්වන වියෙහි පසු වූවද ඔහු සෑම දිනකම අලුයම තුනට අවදි වී තුන් සූත්‍රය සජ්ඣායනා කර බුදු ගුණ සිහිපත් කරන්නේය. රාත්‍රී දහයට පමණ ඔහු නින්දට යාමට පෙරද පිරිත් සජ්ඣායනා කරන්නේය.
සෑම මාසයකදීම 250 ක් 300 ක් පමණ මැඩියාවේ වෙද මහතාගෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන්නේය. මැඩියාවේ වෙද මහතාගේ පාරම්පරික දේශීය වෙදකම ඔස්සේ ප්‍රතිකාර ලබාගත් හාරදහසකට අධික පිරිසක් දරුවන් ලබා සතුටින් සිටිති. ඔහුගෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන අයගෙන් සියයට අසූවක්ම දරුවන් නොසිටින අයය. එක් දරුවෙකු සිටින අය සියයට දහයක් පමණ පැමිණේ. ඒ තවත් දරුවෙකු බලා‍පොරොත්තුවෙනි.
මැඩියාවේ වෙද මහතාගෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි පිරිස අතර වෛද්‍යවරුද සිටිති. ජාති ආගම් භේදයකින් තොරව විශාල පිරිසක් ඔහුගෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන්නේය. සෑම දිනකම පෙරවරු අටේ සිට පස්වරු පහ දක්වා ඔහු ප්‍රතිකාර කටයුතු කරන්නේය.
1991 අවුරුද්දේ සිට මේ දක්වා කාලය තුළදී හයදහසකට ආසන්න පිරිසකට මම ප්‍රතිකාර කරලා තියෙනවා. මම වෙදකම් කරපු ඇතැමුන්ට දරුවන් දෙදෙනකු ලැබුණු අවස්ථාත් තිබෙනවා. නිවුන් දරුවන් ලැබුණු අවස්ථාත් තිබෙනවා. බලන්න අද බොහෝ පවුල්වල ඉන්නේ දරුවන් එක්කෙනයි නැත්නම් දෙන්නයි. එහෙමත් පවුලක තමයි තුන් දෙනෙක් ඉන්නේ. අපේ ජාතිය දැන් සුළු ජාතියක තත්ත්වයට පත්වේගෙන එනවා. ඒක මට නම් හරි වේදනාවක්. යැයි මැඩියාවේ වෙද මහතා කියන්නේය.
මැඩියාවේ වෙද මහතා පවසන පරිදි කාන්තාවන් සහ පිරිමින් යට ඇඳුම් සහ කලිසම් ඇඳගෙන දිගු කාලයක් ගත කිරීමද දරුපල නොමැති වීමට බලපාන්නේය. මාස් ශුද්ධියට අදාළ කාරණාද බලපාන්නේය. ඇතැම් කාන්තාවන් වැඩි වියට පත්වීමේදී සිදුවන ඇතැම් දෝෂ තත්ත්වයන්ද බලපාන්නේය. එයට ශාන්ති කර්මයක් සිදුකළ යුතු බව වෙද මහතා පවසන්නේය.
ගණකමින් යුතු ඇඳුම් යටට ඇඳීම නිසා උෂ්ණත්වය ඉහළ යනවා. මේ නිසා වෘෂණ කෝෂවල නිෂ්පාදනය වන ශුක්‍රාණු විනාශ වෙනවා. පිරිමින්ගේ වඳ භාවයට මෙය එක හේතුවක් වෙනවා. වඳ භාවයට ප්‍රතිකාර ගැනීමේදී වෛ්‍ය උපදෙස් අනුව කටයුතු කළ යුතුයි. ඊට කාලයක් ගත වෙනවා. වඳ තත්වයේ සිටින කාන්තාවන් තරමටම පිරිමින්ද සිටිනවා. යැයි මැඩියාවේ වෙද මහතා කියන්නේය.
දරුවන් නොමැතිවීම කියන කාරණයේදී ඇඟේ ඌෂ්ණය බලපානවා. මම බෙහෙත් කිරීමේදී ඇඟේ ඌෂ්ණය අඩුවීමට බෙහෙත් දෙනවා. අනෙත් කාරණය තමයි ඒ අයට කෑම සහ බිම රටාව පිළිබඳව උපදෙස් දෙනවා. ලෙඩාට හොයා ගන්න ඕනේ දලු වැනි අමු බෙහෙත් වර්ග විතරයි. අනෙක් බෙහෙත් වර්ග මම ලබාදෙනවා. සමහරුන්ට ගර්භාෂයේ ගෙඩිත් තියෙනවානේ. ඒ අයටත් බෙහෙත් දෙනවා. ඉස්පිරිතාලෙන් කරන්නේ ශල්‍ය කර්මයකින් ඒවා ඉවත් කිරීමයි. නමුත්, ඒවා යළි හැදෙන්න පුළුවන්. දේශීය වෙදකමෙන් ඒවා සම්පූර්ණයෙන්ම සුව කරන්න පුළුවන්. ගර්භාෂයේ ගෙඩි නැවත හැදෙන්නේ නෑ. යැයි මැඩියාවේ වෙද මහතා කියන්නේය.
බෙහෙත් සහ උපදෙස් හරියට කරනවා නම් සමහරුන්ට මාස දෙකෙන් හරියනවා. සමහරුන්ට මාස තුනක් යනවා. දරුවන් ලැබෙන්න ඉද්දී කළු කුමාර දෝෂ තත්ත්වය තිබුනොත් මාස දෙකයි දවස් විස්ස වෙද්දී ඇබෝෂන් වෙනවා. ඒකට ශාන්ති කර්මයක් කරද්දී හරියනවා. රාත්‍රී නින්දට යද්දී බුදු ගුණ සිහිපත් කරනවා නම් රතන සූත්‍රය සජ්ඣායනා කරනවා නම් ලොකු ආශිර්වාදයක් ලැබෙනවා. යැයි මැඩියාවේ වෙද මහතා පවසන්නේය.
වෙන ආගම්වල හඳහන් නෑනේ. නමුත් ඔවුන්ට දරුවන් ඉන්නවානේ. මම මේ කටයුතුවලදී හඳහන් බැලීම ආදිය කරන්නේ නෑ. සමහරු හඳහන් බලලා කියනවා ඔයාලට දරුවෝ නැත්තේ ඒරාෂ්ඨකයක් තියෙන නිසා කියලා. ඒකෙන් වෙන්නේ ඔවුන් තවත් මානසිකව වැටීමයි. යමෙක් ඉපදෙනකොට මේ ලෝකෙට හොඳ නරක කියලා දෙකක් ගේනවා. ඒ අනුව තමයි ප්‍රතිඵල ලැබෙන්නේ. යැයි ඔහු පවසන්නේය.
දේශීය ඖෂධ වර්ග අද හරි මිලයි. ඇතැම් ඒවා විසි තිස් දාහක් විතර වෙනවා. බෙහෙත් හදන්න විශාල මුදලක් වැය වෙනවා. දේශීය බෙහෙත් වර්ග සහන මිලකට ලබාදීමේ වැඩපිළිවෙලක් සකස් කෙරෙනවා නම් ඉතා වටිනවා. යැයි මැඩියාවේ වෙද මහත්තයා කියන්නේය.
ටිකිරි බණ්ඩා වෙද මහතා සමාජය වෙනුවෙන් කරන ලද සේවය වෙනුවෙන් ඔහු සම්මාන රැසකින් ඇගයීමට පාත්‍රවී ඇත. උතුරු මැද පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් 2002 වසරේදී සංවිධානය කරන ලද රජරට දේශීය වෛද්‍ය කෞශල්‍ය පූර්ණ කුසලතා සහතිකපත් ප්‍රදානයේදී ඔහු ඇගයීමට ලක්ව ඇත. සේවා සරණි සම්මානයෙන්ද, ජනාධිපති සම්මානයෙන්ද ඔහු ඇගයීමට ලක්ව ඇත.
දුරකථන අංකය - 025-2249342
උපුටා ගැනීම - අපේ රට

Monday, June 3, 2019

වැල්ලවත්තේ සිට ගල්කිස්ස දක්වා වෙරළ තීරයට කළුතෙල් ගොඩ ගසයි

වැල්ලවත්තේ සිට ගල්කිස්ස දක්වා වෙරළ තීරයේ තෙල් තට්ටුවක් පවතින බැවින් එම මුහුදු තීරය පාවිච්චි කිරීමේදී සැළකිලිමත් වන ලෙස සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

එම ප්‍රදේශයේ මුහුදු ජලය  කළු පැහැති තෙල් තට්ටුවක් නිසා අපවිත්‍ර වී ඇති අතර එම මුහුදු තීරයේ මෙන්ම මුහුදු ජලයේද කළු පැහැති තෙල් තට්ටුවක් දක්නට ලැබෙනවා. මේ හේතුවෙන් එම වෙරළ තීරයේ ව්‍යායාම්වල නිරතවීමට අද උදෑසන පැමිණි පිරිස්ද දැඩි දුෂ්කරතාවකට මුහුණ දී තිබුනා.

කෙසේ වෙතත් හදිසියේම මුහුදු ජලයට මෙලෙස තෙල් එක්වීම සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා වෙරළාරක්ෂක බලකායට අයත් නෞකා කිහිපයක් මේ වනවිටත් අදාළ මුහුදු ප්‍රදේශවල පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසන්නේ. එසේම  කිසියම් නෞකාවක් මගින් අනවසරයෙන් ඉන්ධන මුදාහැර ඇති බවට සැක පළ කරන බවද සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසනවා.

උපුටා ගැනීම - http://nethgossip.lk

හෙළ වෙදකම මුළු ලොවටම කියාදෙන නිකවැරටිය කොට්ටයාවත්ත වෙද ඉසිවරයාණෝ

කෝට්ටයාවත්ත රාජකීය වෙදකම නව තාක්ෂණය ඔස්සේ ඉදිරියට ගෙන යන වෛද්‍ය විශාරද සඳුන් සරත් කෝට්ටයාවත්ත වෙද ඉසිවරයාණෝ පාරම්පරික කෝට්ටයාවත්ත වෙදකමෙහි දස්කම් විස්කම් ලොවට කියා දෙති.

රාවණා යුගය විසින් ශ්‍රී ලංකාවේ මනාව රෝපණය කළ පාරම්පරික හෙළවෙද පරපුර අතරින් අද ඉතිරිව ඇත්තේ ඉතාමත් අතළොස්සක් දෙනෙකි.

පාරම්පරික හෙළ වෙදකම පරපුරෙන් පරපුර විකාශනය වීමට අද සියලු කටයුතුවලදී රාජ්‍ය අනුග්‍රහය අත්‍යවශ්‍යය. වර්තමානයේදී ගැමි ජනතාව වෙනත් වෙදකම් පිළිබඳ යොමුවීමත් හා ස්වභාවික සිදුවන පරිසරය විනාශ වීම නිසා බටහිර වෛද්‍ය ක්‍රමවලට අත්‍යාවශ්‍ය වන ඔසු වර්ග හිඟවීම විදේශ රටවලින් ආනයනය සඳහා විදේශ විනිමය විශාල වශයෙන් වැයවීම වැනි හේතු සාධක බලපා ඇති නිසා හෙළ වෙදකමින් මදක් දුරස් වී ඇත.

එහෙත් මෙහි පැමිණ ඇති බාධක අභිබවා වසර දෙදහසකටත් වැඩි අතීතයක් ඇති ඈතට දිස්වෙන වෙද පරපුරක් අදටත් අප රට වෙනුවෙන් ඉමහත් කැපවීමකින් මහඟු සේවාවක් සැපයීම ප්‍රශංසනීය පිනකි.

අනුරපුර යුගයේදී වැඩ විසූ මලියදේව මහරහතන් වහන්සේටත් වැළඳුණු ‍බඩේ අජීර්ණයකට ඔසු කැඳක් සාදා දී සුවපත් කළ සුළුගුලුවෙද පරපුරෙන් ආරම්භ වූ මෙම වෙද පරපුර නිකවැරටිය කෝට්ටයාවත්ත රාජකීය වෙද පරපුරයි. එදා මහරහතන් වහන්සේට එම ඔසු කැඳ සාදාදුන් මෙම පරපුරෙහි වත්මන් වෙද පරපුර ඉදිරියට පැවතෙයි.

ගම් නියම් ගම් සිසාරා විහිදගියා වු ඉමහත් ප්‍රසිද්ධියක් සහිත කෝට්ටයාවත්ත රජ පරපුර ලොව පුරා ගෙන ගිය වෛද්‍ය චක්‍රවර්තී ඩබ්.එම්. රංබණ්ඩා වෙද ඉසිවරයා‍ණන් මෙලොව හැර ගියද එම නාමය රැකගෙන කටයුතු කරන පුත්‍රයා වන ඩබ්.එම්. ජයතිලක වෙද ඉසිවරයාණන් විසින් කරගෙන යනු ලබන්නේද ඉමහත් සේවාවකි. මෙය පිය පුතු දෙපළගේම ආශිර්වාදයෙන් මෙම කෝට්ටයාවත්ත වෙදකම ගමෙන් නගරයටත් නගරයෙන් මුළු ලොවටම බෙදා හැරෙන තවත් වෙද ඉසිවරයෙක් එම පරපුරෙන් බිහිවී ඇත. එම ඉසිවරයාණන් වන්නේ වෛද්‍ය සඳුන් සරත් ඉසිවරයාණෝය.

කෝට්ටයාවත්ත රාජකීය වෙදකම නව තාක්ෂණය ඔස්සේ ඉදිරියට ගෙන යන වෛද්‍ය විශාරද සඳුන් සරත් කෝට්ටයාවත්ත වෙද ඉසිවරයාණෝ පාරම්පරික කෝට්ටයාවත්ත වෙදකමෙහි දස්කම් විස්කම් ලොවට කියා දෙති. හෙළ වෙද අසපුවේ හා මහාචාර්ය නලින්ද සිල්වා මහතා වැනි වියතුන් හා එක්ව විවිධ පර්යේෂණ කරමින් නාගරික ජනතාවට මහත් සේවයක් සපයන 'වෛද්‍ය සඳුන් සරත්' කෝට්ටයාවත්ත ඉසිවරයාණන් හෙළ වෙදකමෙහි එදා මෙදා තුර පිළිබඳ ප්‍රකාශ කළේ මහත් අභිමානයකින් යුතුවය.

හෙළ වෙදකම පිළිබඳ පැහැදිලි කරන වෛද්‍ය සඳුන් සරත් මහතා,

මා හෙළ වෙදකම ආරම්භ කළ වසර 5 කාලය තුළ 12000කට බෙහෙත් කර තිබෙනවා. ඒ කාලය තුළ ඍෂි භාවිතය අනුව යමින් අත්දුටු ප්‍රත්‍යක්ෂ හා ඖෂධ බලය යොදාගෙන කරන වෛද්‍ය ක්‍රමයක් මම කරන්නේ. ආරම්භය අධ්‍යාත්මික හා ප්‍රත්‍යක්ෂතාවය යොදාගනිමින් ඍෂිවරුන් තුන්කල් බලා සියලුම සත්ත්වයාගේ නිරෝගීතාවය වෙනුවෙන් ගුණ නුවණ ප්‍රඥාව දිවැස යන ඍෂි ගුණයන්ගෙන් ප්‍රතිඵලයකි.

භෞතික තත්ත්වය පමණක් අප පිළිගන්නේ නැහැ. ඍෂිවරුන් තුන්කල් බලා හෙළවෙදකම ලෝකයට දායාද කර තිබෙන්නේ පුස්කොළ පොත්වල රන්පත්වල ලිව්වේ. ශිෂ්‍ය වෛද්‍යවරුන්ට කියා දුන්නේ මොන ක්‍රමයට බැලුවත් පංච භූතයන්ගෙන් සැදුණු ශරීරය වා පිත් සෙම් එහි වෙනස්වීම මනාව හඳුනාගැනීමෙන් මිනිස් සිරුරේ රෝග ඇති හෝ නැති බව හඳුනාගත හැකි බවයි. දශවිද පරීක්ෂණ ක්‍රම මඟින් තමයි රෝග නිර්ණය කරන්නේ. ඒ අතර වෙද පරපුරේ වැඩි වශයෙන් භාවිතා වන්නේ නාඩි හා ආකාති ප්‍රශ්න හා තාරකා පරීක්ෂාවන් මඟින් වා පිත් සෙම් ගෙඩි නාඩි බැලීමේදී කෙතරම් දුරට කෝල සන්නි වලිප්පු සෑදී ඇත්දැයි බැලිය හැකි වෙනවා. වෙද මහතෙකුට හැරෙන්නට මේවා තේරුම් ගැනීම අපහසුයි. කොහොම වුවත් තාරකා පරීක්ෂණ ඉතා වටිනවා. ඔෟෂධ ලබාදී දින 14ක් හෝ දින 30කින් පසුව රෝගියා නැවත පරීක්ෂා කර බලා ඖෂධ ශරීරයට කෙසේ බලපානවාද කෙතරම් කාලයක් නිට්ඨාවට සුවවීමට ගත වෙනවාද සත්‍ය අසත්‍ය ගැන රෝගියා කෙතරම් ආරක්ෂා කරනවාදැයි දැනගත හැකි වෙනවා. බටහිර වෛද්‍ය ක්‍රමය සර්ව බලධාරි යැයි සිතා අධිකාරියක් ලෙස අප පිළිගන්න සූදානම් නැහැ. එයත් වර්තමානයේ ප්‍රයෝජනවත් වෛද්‍ය ක්‍රමයක් වේවි.

වර්තමානයේ විද්‍යාත්මක ක්‍රමය යම් යම් දේවලට උපයෝගි වෙනවා. නමුත් සුව කළ නොහැකියි. බෙහෙත් නැති රෝග අප සුවපත් කළත් කිසිදා ඔවුන් පිළිගන්නේ නැහැ. සාධාරණ විශ්ලේෂණයක් නොකර සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. හෙළ වෙදකමෙන් රෝග සුවපත් නොවෙනවා කියන අයට අභියෝග කරන්න කැමතියි.

ඉංග්‍රීසි වෙදකම වෙනුවෙන් ඖෂධ එකකට වියදම් කරන මුදල වසර 10කට හෙළ වෙදකම වෛද්‍යවරුන්ගේ උපදෙස් මත වියදම් කරල අවස්ථාවක් දුන්නොත් මුළු ලෝකයටම ආදර්ශයක් දෙන්න පුළුවන් වෙනවා.

මෙම සේවාවෙන් හරිම තෘප්තියක් ලැබිය හැකි වෙනවා. නා උයනේ අරියධම්ම හිමි කොළඹ සම්බෝධි විහාරයේ අමිතා දසසිල් මාතාව ඇතුළු භික්ෂූන් වහන්සේලා බොහෝ දෙනෙකුට ප්‍රතිකාර කර තිබෙනවා. තවද ඕවිටිගල ආරණ්‍යයේ 2015 වර්ෂයේ මහ හෙළ වෙදපති යනුවෙන් නස්නස් පත්‍රයක් අරියධම්ම ස්වාමීන් වහන්සේ විසින් තවත් භික්ෂූන් වහන්සේලා 400 නමකගෙන් යුතුව පරිත්‍යාග කර තිබෙනවා.

තවද දසසිල් මාතාවක් වන අමිතා සිල් මාතාවට අසාධ්‍ය රෝගී තත්ත්වයෙදී පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ගැනීමට ගිය අවස්ථාවක වෛද්‍යවරුන්ගේ ප්‍රකාශය වී තිබෙන්නේ අසනීපය සුව කරන්න අපහසුයි කියන අවස්ථාවක හෙළ වෙදකමින් සුවපත් වී අදටත් පිළිවෙත් පුරමින් සුවපත් දිවියක් ගත කරනවා.

විවාහ වී සිටින කාන්තාවන් 5000 අධික ප්‍රමාණයක ගර්භාෂ ආශ්‍රිත අසනීප. ඒ වගේම පාසල් ළමුන්ගේ හිසේ හට ගත් ගෙඩි සුවපත් කර ඇති සඳුන් සරත් මහතා වැඩිදුරටත් පවසා සිටියේ මෙම කටයුතුවලදී බිරිඳගෙන් නොමසුරු සහය ලැබෙන බවයි.

අද රටේ විශාල ප්‍රශ්නයක් වී තිබෙන වකුගඩු රෝගය ඇතුළුබොහෝ රෝගවලට මුල් වී තිබෙන වස විස භාවිතය පිළිබඳ අධ්‍යාපනික හා පරීක්ෂණ කළ ආචාර්ය නලින්ද සිල්වා මහතා ඇතුළු කණ්ඩායමක් මඟින් නොයෙක් දේශන වලින් හා පොත් වලින් විශාල පරිශ්‍රමයක් දැරුවා එය අපද අගය කළ යුතු වෙනවා. එතුමාගේ සායනවලට දහසකටත් අධික පිරිසක් ප්‍රතිකාර සඳහා පැමිණෙනවා. රෝගීන් සුවපත් කරනවා විනා වරප්‍රසාද කවර කළෙකවත් බලාපොරොත්තු වෙන්නේ නැති ආචාර්ය නලින්ද සිල්වා මහතා ජංගම වෛද්‍ය සායන තිබුණ. එහෙම අදහස් ඇති එවැනි අය අද බොහෝ අඩුයි. මෙවැනි අය පිළිබඳ සිහිපත් කළ යුතුව තිබෙනවා.

අද මෙම රෝගවලට බෙහෙත් වෙළෙඳ පළෙන් ලබා ගන්නට අපහසුයි. නමුත් නිකවැරටිය ප්‍රදේශයේ ඔසු උයන් බොහොමයක් තිබෙනවා. ඉඩම් අක්කර 100 පමණ භූමියක ඇති බෙහෙත් ඖෂධ ලබා ගන්නවා. එයින් නැවුම් පත්‍ර යුෂ මුල් යොදාගෙන කරන මේ ප්‍රතිකර්ම ක්‍රමය ස්වභාවධර්මයත් එක්ක මිනිසාට බද්ධ කරනවා.

එයින් කෙරෙන වෙදකමෙන් කිසිවිටෙකත් අතුරු ආබාධ ඇති වෙන්නේ නැහැ. වෛද්‍ය උපදෙස් මත පන්තිය රැකලා බෙහෙත් පාවිච්චි කළොත් සුව කරන්න අපහසුයි කියන අසනීප හෙළ වෙදකමින් නිශ්ඨාවට සුවපත් කරන්න පුළුවන් වෙනවා. එය ප්‍රත්‍යක්ෂයි. සත්‍යයි" යනුවෙන් වෛද්‍ය සඳුන් සරත් මහතා පැවසීය.

මෙම වෙද ක්‍රමයේදී අලුත් කොළ පොතු ඔසු උයන්වලින් ලබා ගන්නවා හැරෙන්නට අනෙකුත් ඖෂධ වර්ග රත්හිරිගල් මනෝසීල කස්තුරි ගොරෝචන ඇතුළු ඖෂධ කිහිපයක් ගෙන්වාගැනීමට කටයුතු කරනවා. මෙම හෙළ වෙදකමේ විශේෂය වන්නේ නැමුම් ඔසු වෙදපරපුරේ අය විසින්ම නිසි ක්‍රමයට සාදා ඇති ඖෂධ රෝගීන්ට ලබාදීමයි.

තවද නැකැත් අනුව ඖෂධ ලබාගෙන අධ්‍යාත්මික ශක්තියද මුසුව වෛද්‍යාචාර්ය මහතුන්ගේ අත්ගුණයෙන් ඖෂධ නිෂ්පාදනය කිරීම තවත් විශේෂත්වයකි.

හෙළ වෙදකමෙහි ජනතාවගේ මතයක් තිබෙනවා මෙම ඖෂධීය වර්ගවලින් අක්මාව හා වකුගඩු නරක්වන බව. නොයෙක් මත දැරුවත් කවර කලකවත් නරක් නොවන බව පවසන සඳුන් සරත් මහතා කියා සිටින්නේ සීනි යොදලා පල් කරලා ඖෂධ වර්ග නිෂ්පාදනය නොකරන බවයි.

එවැනි හෙළ වෙදකම ලොවට කියන විට එය සවන් යොමන ගුණ නුවණ යුතුව ඇති මෙය ගැන ඇල්මක් දක්වන ජනතාව ප්‍රතිකාර ගැනීම සඳහා වෛද්‍ය මධ්‍යස්ථාන කිහිපයක්ම ඇත. මෙම සායන කොළඹ 10, කඩවත, මිගමුව, අනුරාධපුරය ප්‍රදේශවල පැවැත්වේ.

මේ පිළිබඳ වැඩි විස්තර 0774135584/0775268782 දුරකතන අංක මඟින් ලබාගත හැකිය.

උපුටා ගැනීම - දිනමිණ  http://www.dinamina.lk/

දද, කුෂ්ඨ වණ, හිස්‌ හොරි සුව කරන නාඩි ප්‍රතිකාර

අපි කවුරුත් පිරිසිදු, පැහැපත් සමකින් යුක්‌තව ඉන්නට කැමැත්තෙමු. හොරි දද කුෂ්ඨ වැනි රෝග සහිත පුද්ගලයන් හමු වූ විට ඔවුන්ගෙන් ඈත් වන්නට මහත් උත්සාහයක්‌ ගන්නෙමු.

 වෛද්‍යතුමනි, හොරි දද වැනි සමේ රෝග ඇතිවීමට බලපාන හේතු පිළිබඳව සෘෂි නාඩි වෛද්‍යවරු පවසා ඇත්තේ කෙසේද?

 හොරි, දද, කුෂ්ඨ වණ රෝගා බාධා මනුස්‌සා සත්ත්ත පීඩා සකල ඉන්ද්‍රිය භාගා කුදර්හි කයිනාමි ලෙසින් මහා සෘෂි නාඩි වෛද්‍යවරු පවසා ඇත්තේ මිනිසුන් මෙන්ම සිවුපා, සතුන් පක්‌ෂීන් උරගයන් ආදී සියලු සත්ත්වයන්ගේ සිරුරේ හොරි, දද, කුෂ්ඨ සහ වණ යන සමේ රෝග හටගන්නා මෙම රෝගවලට නිසි ප්‍රතිකාර නොකළ හොත් ඒවා උත්සන්න වී අවසානයේ ආසාදනවලට ලක්‌ව සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් දක්‌වා ගමන් කර මරණයට පවා ලක්‌විය හැකි බව මහා සෘෂි වෛද්‍යවරු පවසා තිබේ.

 වෛද්‍යතුමනි මෙම රෝග හට ගැනීමට බලපාන හේතු මොනවාද?

 මෙම රෝග ඇතිවීමට ප්‍රධාන වශයෙන් බලපාන්නේ අපිරිසිදුකමයි. අපිරිසිදු බව නිසා සම මත විෂ බීජ හටගන්නවා. ඒවා වර්ධනය වූ විට මෙම රෝග මතුවෙනවා.

 දද සම මත අපැහැදිලි පැල්ලම් ලෙස ඇතිවේ. එම පැල්ලම් මතුපිට කැසීමක්‌ හටගනී.

 වණ දද සම මත පැතිර ගිය අවස්‌ථාවද

 හොරි - සම පුරා පැතිර යති. තෙත දියර ගලායයි.

 කුෂ්ඨ - සම මත පැතිර යයි. අධික ලෙස කැසීමක්‌ ඇතිවේ.

 වර්තමානයේ දද සහ කුෂ්ඨ රෝග කාන්තාවන් සහ පිරිමින්ගේ ප්‍රජනන අවයව පිහිටා ඇති ප්‍රදේශවල සහ කිහිsලි, ඉකිලි යන නිතර දහ දියෙන් තෙත් වන ප්‍රදේශවල බහුලව මතුව ඇති බව ප්‍රතිකාර ලබාගැනීමට එන රෝගීන් දෙස බලනවිට පැහැදිලි වෙනවා.

 මෙවැනි රෝග සහිත පුද්ගලයන්ට නිතර කෝපය ඇතිවී නොසන්සුන් බව වැඩි වේ. දැඩි ලෙස වේදනාවකින් පෙළෙයි.

 වෛද්‍යතුමනි මෙම රෝග සඳහා ඇති ප්‍රතිකාර මොනවාද?

 සෘෂි නාඩි වෛද්‍ය ක්‍රමයට අනුව බොහෝ ප්‍රතිකාර ඇත. ඒ අතර ඉතා පහසුවෙන් සාදාගත හැකි අත් බෙහෙතක්‌ සඳහන් කළ හැකිය.

 කොහොඹ කොළ, නික කොළ, දොඹ කොළ, මී කොළ, සියඹලා කොළ, කුප්පමේනියා සහමුලින්ම කිතුල් ගසේ සුඹුලු (කිතුල් කඳේ පොතු සූරාගැනීම) සමව ගෙන තම්බා කොටා ගන්න.

 රත්හඳුන් පිටි, පෙරුම්කායම්, පිටි, කොත්තමල්ලි පිටි, වියළි ගොඩපර ගෙඩි පිටි, සියඹලා මල් වියළා ගත් රතු වදමල් පොකුරු සමව ගෙන ඉහත තම්බා කොටාගත් ද්‍රව්‍යද මිශ්‍ර කර ගෙන තලතෙල් හා කොහොඹ තෙල් නිසි පමණට යොදා ආලේපයක්‌ සාදාගෙන දද කුෂ්ඨ, වණ, හොරි, ඇති ස්‌ථාන සබන් ගා නිවාගත් උණුවතුරින් හොඳින් සෝදා පිරිසිදු කර ගෙන උදේ සවස ආලේප කරන්න.

 වැඩිදුර විස්‌තර සඳහා දුරකථන අංක 0776500677 අමතන්න.

උපුටා ගැනීම - දිවයින 

Wednesday, May 29, 2019

2019 ලෝක පරිසර දිනය (2019 පරිසර දින තේමාව)

1974 වර්එෂයේ සිට එක්ක්සත් ජාතින්ගේ සංවිධානය විසින් ලෝක පරිසර දිනය සමරනු ලබයි.
එතැන් පටන් එක් එක් වර්ෂයන්හිදී විවිධ තේමාවන් යටතේ ලෝක පරිසර දිනය සමරනු ලබයි. 

මෙම තේමාවන්ගෙන් විශේෂිත වූ පාරිසරික ගැටලුවකට අවධානය යොමු කරනු ලබයි. ඒ අනුව 2019 වර්ෂයේ ලෝකපරිසර දින සැමරීම සඳහා තේමාව ලෙස නම් කර ඇත්තේ "beat air pollution" "වායු දූෂණය" යන්නයි. 

සෑම ලෝක පරිසර දිනයක් සැමරීම සඳහාම සත්කාරක රටක් නම් කරනු ලබයි. මෙහිදී සත්කාරක රට කෙරෙහි අවධානය යොමු කිරීම, එය මුහුන දෙන පාරිසරික අභියෝගයන් ඉස්මතු කරලීම සහ ඒවා විසඳීමට ලෝක ව්යාප්ත මට්ටමින් වෑයම් කරනු ලබයි. 2019 වසරේ සත්කාරක රට වශයෙන් චීනය කටයුතු කරයි.

Monday, May 27, 2019

බලන්ගොඩ රක්ෂිත දෙකක ගිනි ගැනීම්…

බලන්ගොඩ ඉඔුල්පේ හල්ගහවෙල සහ පහන් තුඩාව වල ආශ්‍රිතව ඇති රක්ෂිත වල 26 සවස සිට ගිනිගැනිමි දෙකක් හටගෙන ඇති බව ඉඔුල්පේ ප්‍රදේශිය සභාපති සභාපති ශ්‍රී ලාල් සෙනරත් මහතා පවසයි.

ප්‍රදේශයට පවතින වියලි කාලගුණික තත්ත්වය සහ තද සුලං හේතුවෙන් ගින්න ව්‍යප්ත විි ඇති බව ඒ මහතා පැවැසිිය.

ප්‍රදේශවාශින් ,පොලිසිය එක්ව ගිනිගැනිමි මැඩ පැවැත්විම සදහා උස්සාහ කලද එය අසාර්ථක වු බව හෙතෙම කිය.

මෙි සමිබන්දයෙන් සමනල වැව පොලිසියේ ස්ථානාධිපති ලෝරන්ස් ප්‍රනාන්දු මහතාගෙන් කල විමසිමකදි පැවැසුවෙි කිසියමි පිරිසක් විසින් රක්ෂිත දෙකට ගිනි තබන්නට ඇති බවට සැක පළ කෙරෙන බවයි.

මෙම ප්‍රදේශ ඉතා දුෂ්කර ප්‍රදේශ බැවින් ගින්න පාලනය කිරිමට අපහසු වු බවත් පැවැසිය. මෙිි සමිබන්දයෙන් පර්යේෂණයක් ආරම්භ කර ඇති බවද කිය.

– බලන්ගොඩ සම්පත් ප්‍රියනන්දන

Source - lankacnews.com

Tuesday, May 21, 2019

අධික උණුසුමෙන් ගෝලීය මුහුදු මට්ටම ඉහලයාම වේගවත් වෙයි.


ග්‍රීන්ලන්තය සහ ඇන්ටාටිකානු මුහුදු ප්‍රදේශවල අයිස් දියවීම හේතුවෙන් ගොලීය මුහුදු මට්ටම ඉහළ යාම වේගවත්ව ඇති බව විද්‍යාඥයින් පවසනවා.

සිදුකරන ලද සමීක්ෂණ වලට අනුව අනුව හෙළිවී ඇත්තේ 2100 පමණ වන ගෝලීය මුහුදු මට්ටම මීටරයක් පමණ ඉහළ යනු ඇත බවටයි.

එමෙන්ම මෙලෙස අයිස් අයිස් දියවීම හේතුවෙන් ගොලීය මුහුදු මට්ටම ඉහළ යාමේ අවදානම නිසා මිනිසුන් මිලියන ගණනක් අවතැන් වනු ඇත බවට විද්‍යාඥයින් මත පළ කර ඇත.

 Image Source - https://www.timeforkids.com/g34/global-warming/

Friday, May 17, 2019

ඉන්දියන් සාගරයේ සපත්තු සහ ප්ලාටික් කොටස් ලක්ෂ ගණනක්

ඉන්දීය සාගරෙය් ඔස්ට්‍රේලියාව සහ  ලංකාව අතර කොකෝස් නම් දූපතේ වෙරලාසන්න ප්‍රදේශයේ බැහැර කරන ලද සපත්තු මිලියනයක් සහ ප්ලාස් කැබලි තුන්ලෂකට වැඩි ප්‍රමාණයක් ඇති බව නවතම අධයනයන් අනාවරණ  තෙබනවා.

ඕස්ට්‍රේලියාන් අධ්‍යයනයකින් මේ බව අනාවරණ කර ඇත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ප්ලාස්ටික් ජල බෝතල්, සපත්තු, සෙරෙප්පු, තොප්පි, දත් බුසු වැනි දෑ මෙම දූපතේ බහුලව දක්නට ලැෙබන බව
අදාළ අධ්ය‍යනය සිදුකළ සමුද්‍රිය පරිසරවේදීන් ප්‍රකාශ කර ඇත.




Saturday, February 2, 2019

ලෝක තෙත්බිම් දිනය අදට යෙදී ඇත. (2019-02-02)


ලෝකයේ සියලුම රටවල් පාහේ ඉතා වේගයෙන් නාගරීකරණය වන අතර ඉදිකිරීම් හේතුවෙන් හරිත පරිසර පද්ධති ගොඩනැගිලි සහ මාර්ග වලට යටවීම වෙමින් සිදුවෙයි. මේ හේතුවෙන් තෙත්බිම් පරිසර පද්ධතිය විනාශය කරා යමින් පවතියි. අද වන විට මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් තෙත්බිම් පරිසර පද්ධති ගණනාවක් ලොවට අහිමිවී ඇත.

තෙත්බිම් අහිමි වීමේ අහිතකර ප්‍රතිඵල වන ජල දූෂණය, වායු දූෂණය, පරිසර උෂ්ණත්වය ඉහළයාම සහ ජෛව පරිසර පද්ධති විනාශවීම ඔස්සේ මිනිසාට දැවැන්ත ගැටළු නිර්මාණය කර ඇත.

තෙත්බිම් ඉතා වැදගත් පරිසර පද්ධතියක් ලෙස ලෝකයේම අවධානය දිනා ගෙන ඇත. මෙහිදී ලංකාව කෙරෙහි විශේෂ අවධායය යොමු වන කරුණක් වන්නේ කොළඹ නගරය ලෝකයේ ප්‍රථම තෙත් බිම් අගනගරය ලෙස රැම්සා සම්මුතිය මගින් පසුගිය 2018 ඔක්තෝබර් මාසයේදී නම් කරනු ලැබීමයි.

තෙත්බිම් සංරකෂණ කාර්යයෙහිලා ලෝකවාසීන්ගේ අවධානය තව තවත් යොමු කරවීමේ අරමුණින් විවිධ තේමාවන් යටතේ වාර්ශිකව ලෝක තෙත්බිම් දිනය සැමරීමට අවශ්‍ය වටපිටාව රැම්සා සම්මුතිය ඔස්සේ සිදු කරනු ලබයි

ඒ අනුව මෙවර තේමාව වන "ලෝක තෙත්බිම් හා දේශගුණික විපර්යාස" යන්න පෙරදැරි කරගෙන තෙත්බිම් දින සමරමින් තෙත්බිම් සංරක්ෂණයෙහි වැදගත්කම කෙරෙහි ලෝකවාසීන්ගේ අවධානය යොමු කරවා ඇත.

ලෝක වැසිකිළි දිනය (2019-11-19)


ඉන්දීය නිදහස් අරගලයේ පියා ලෙස සැළකෙන මහත්මා ගාන්ධි, තමන්ගේ වැසිකිළිය තමන්ම පිරිසුදු කර ගැනීම සිදු කෙරිණි. එම කරුණ මුල් කරගෙන වංශවතුන් තමන්ට මහත්මාගාන්ධි විසින් අවමන් කරන බවට චෝදනාවක් ද කර ඇත. අදට ද ඉන්දියානුවන්ට ප්‍රමාණවත් වැසිකිළි පහසුකම් නොමැත. ඉන්දියානුවන්ගේ නිවාසවල වැසිකිළි පහසුකම් ඇත්තේ 46.9% බවටත් ඉතිරි 49.8ම තම බහිශ්‍රාවිය කටයුතු සඳහා තෝරා ගන්නේ එලිමහන බවත්, පොදු වැසිකිළි භාවිත කරන ප්‍රතිශතය 3.2%ක් ලෙස දත්තවල දැක්වේ. ලොව මහා බලවතා වීමට වෙරදරන ඉන්දියාවේ සනීපාරක්ෂක කටයුතු පිළිබඳව අවධානය යොමු වීම අල්පය.

ලෝක ජනගහනයෙන් 12% ක් එනම් මිලියන 892 ක් විවෘත පරිසරයේ මළපහ කිරීම සිදු කරයි. තොරතුරු වලට අනුව මෙයින් සියයට හැත්තෑහයක් (මිලියන 678 ක්) ජීවත්වන්නේ රටවල් හතකය. එනම්,
නයිජීරියාව - 25% 
ඉන්දුනීසියාව - 12%
ඉතියෝපියාව - 27%
පාකිස්ථානය - 12%
නයිගර් - 71%
සුඩානය - 27%
දකුණු සුඩානය - 61%
එරිට්‍රියා - 76%
යන රටවල් හත ය. 

ටොයිලට් ඒක් ප්‍රේම් කතාඉන්දියාවේ මේ සම්ප්‍රදායික උරුමයට වැදුණු අතුල් පහරකි. එහෙත් එම පහරම ඉන්දියානු සිනමා ප්‍රේක්ෂකයන් විසින් සෙනෙහසින් වැලඳගන්නා ලදී. ලෝකයේම ධනවතා වී සිටින මේ වසරේ දෙවැනි ධනවතා බවට පත්වූ බිලියනපති බිල් ගේට් සිනමාපටය තිරගතවීමත් සමඟ ට්විටර් වෙබ් අඩවියේ සඳහන් කළේ 2017 ලෝකයට බලපෑ කතා නවයෙන් තෙවැන්න ටොයිලට්: ඒක් ප්‍රේම් කතාබවය.

මේ ගස් මූල සම්ප්‍රදාය වසර 2019 දී අවසන් කළ යුතු බව ඔහු තරයේ කියා සිටී. වසර 2019 දී වැසිකිළි මිලියන සියයක් යන්න ඉන්දියානුවන් දකින සිහිනයකි.

සුදු ජාතිකයන්ගේ ආධිපත්‍ය භාරතයේ පවතිද්දී මහත්මා ගාන්ධි විසින් සුදු ජාතිකයන්ට ඉන්දියාව එපා කරවීමට කළ උපක්‍රමයක් ලෙස මෙය දක්වා තිබුණද සැබෑ කතාව හින්දු ආගම හා බැඳී පවතී. හින්දූන් මෙසේ කරන්නේ අපවිත්‍ර දෑ අත්ලේ තැවරීමෙන් වළක්වා ගැනීම සඳහාය. ගස්, වැල්, පඳුරු යට මෙසේ කිරීමෙන් ඔවුන් අපවිත්‍ර දැයින් සම්පූර්ණයෙන් නිදහස් වී ශුද්ධ වෙයි. ලෝක ජනගහනයෙන් සියයට දාහතක් සිටින්නේ ඉන්දියාවේ ය.

ඉන්දියාවේ වැඩිම ජනකායක් ගස් මූල සම්ප්‍රදාය අනුගමනය කරනු ලබන්නේ ජර්කන්ද්වලය. ඔඩිෂා සහ මධ්‍ය ප්‍රදේශ පිළිවෙළින් දෙවැනි හා තෙවැනි තැන ගනී. නයිජිරියාවේ මිලියන 46ක් මළ පිට කරන්නේ ගස්, පඳුරු, ඇළ මාර්ග ආදී තැන්වලය. නයිජීරියානු රජය එළි පහලියට යන්නන්ට එරෙහිව දඩ ගැසීමට පටන්ගෙන ඇත. සෑම වසරකම නයිජීරියාවේ මවුවරුන් 85,000කට වැඩි ගණනකට දරුවන් අහිමි වේ. ඒ පාචනයට. මේ ශරීර සෞඛ්‍යට අහිතකර පුරුද්ද හේතුවන නිසයි. වැසිකිළි පහසුකම් නැති නයිජීරියානු කාන්තාවන්ට හා දැරියන්ට මළ පිටකිරීම සඳහා තැනක් සොයා ගැනීමට වසරකට පැය බිලියන 3.1 ක් වැයකිරීමට සිදුවේ.

ඉන්දුනීසියාවේ වාර්ෂිකව 136,000 - 190,000 අතර දරුවන් පිරිසකට පස්වැනි උපන් දිනය සැමරීමට සිදුවන්නේ නැත. ඒ මේ සෞඛ්‍ය විරෝධී ක්‍රියාව නිසා ඇතිවන රෝගාබාධ නිසාය.

ඉන්දියාවේ ටොයිලට් ඒක් ප්‍රේම්කතානිර්මාණය වූයේ සත්‍ය කතාවක් පසුබිම් කරගෙනය. විවාහ වී සැමියාගේ නිවෙසට පැමිණි පසු එම නිවෙසේ වැසිකිළියක් නැතිකමින් තරුණියක් තවදුරටත් ඔහු හා දිවිගෙවීම ප්‍රතික්ෂේප කර ඇත. මේ ඒ තේමාවෙන් තැනුණු ප්‍රථම ඉන්දියානු සිනමාපටය නොවේ. ඊට පෙරද සිනමාපටයක් නිර්මාණය විය. නයිජීරියාවේද කාන්තා පක්ෂය මේ කරුණ මත සැමියන් ප්‍රතික්ෂේප කිරීමට පටන්ගෙන ඇත. ඔබන්ලිකු ප්‍රජාව ඒ අතර කැපී පෙනෙයි.

වැසිකිළි තැනීම ඇරඹුණේ කවර කාලයේ දැයි කිව නොහැකිය. එහෙත් එහි අතීතය ක්‍රි. පූ. 1700 දක්වා ඇතැම් විට ඊටත් අතීතයට දිවයයි. එසේ වුවද තවමත් ලොවට වැසිකිළි නැතිකම බරපතළ ගැටලුවකි.

අන්තර්ජාලයෙනි.