Tuesday, July 21, 2015

දහස් ගණනකට මරුකැඳවූ ඉන්දියාවේ උණුසුම (2015 ජුනි)

පසුගිය දිනවල (2015 ජුනි) ඉන්දියාවේ ඇතැම් ප‍්‍රාන්තවලට බලපාන දැඩි උණුසුම් තත්ත්වය හේතුවෙන් මේ ලිපිය ලියන මොහොත වන විට සිදුවූ මරණ සංඛ්‍යාව  1118 දක්වා ඉහළ ගොස් ඇතැයි වාර්තා වෙනවා. නව දිල්ලි නුවර සෙල්සියස් අංශක 50ක පමණ උෂ්ණත්වයක් පවතින අතර තාර යෙදූ ඇතැම් මංමාවත් දැඩි උණුසුම නිසා දියවෙමින් තිබෙන බවද වාර්තා වෙනවා. 

උණුසුම් සහගත තත්ත්වය වැඩි වශයෙන්ම බලපා ඇත්තේ ඉන්දියාවේ අගනුවර වන නව දිල්ලිය, මධ්‍ය ප‍්‍රදේශය, ආන්ද්‍රා ප‍්‍රදේශ් හා තෙලන්ගනා යන ප‍්‍රාන්තවලටයි. වෙනත් වසරවල නවදිල්ලියේ පැවැති උෂ්ණත්වයට වඩා මෙවර උෂ්ණත්වය අංශක හතරකින් පමණ ඉහළ ගොස් තිබෙනවා. මින් ඉහත එහි වැඩිම  උෂ්ණත්වයක් වාර්තා වී තිබුණේ 1944 මැයි මාසයේ. එය සෙල්සියස් අංශක 47.2ක්. ඉන්දියාවේ මෙතෙක් වාර්තා වී ඇති වැඩිම උෂ්ණත්වය පැවතියේ 1956 අල්වාර් නගරයේ. එය සෙල්සියස් අංශක 50.6ක්. කලින් වසරවල වාර්තා වූ මරණ සංඛ්‍යාවට වඩා වැඩි මරණ සංඛ්‍යාවක් මෙවර වාර්තා වී තිබෙනවා. පසුගිය සතියේ අන්ද්‍රා ප‍්‍රදේශයේ පමණක් පුද්ගලයන් 551 දෙනකු මිය ගොස් තිබෙනවා.




සාමාන්‍යයෙන් ඉන්දියාවේ උතුරු, බටහිර සහ මධ්‍යම ප‍්‍රදේශවලට අපේ‍්‍රල් සිට ජූලි මාසය දක්වා උණුසුම් සහිත කාලගුණයක් පවතින අතර ඉන්දියානු කාලගුණ දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කොට තිබුණේ මේ වසරේ එය ඉහළ ගොස් ඇති බවයි. බොහෝ ප‍්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 45ත් 48ත් (ෆැරන්හයිට් අංශක 118ක් පමණ) වැනි පරාසයක පැවැති අතර, ජීවිත ගණනාවක් අහිමි වී ඇත්තේ විජලනය හා සූර්ය ආඝාතය (Sun Stroke) හේතුවෙන්. දැඩි උණුසුම මෙන්ම වියළි සුළඟද ජනතාව පීඩාවට පත් කර තිබෙනවා. ක`දුකර ප‍්‍රදේශ පවා උණුසුම් වී ඇති බව පවසන ඉන්දියානු කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ බී. කේ. යාදව් ‘‘තවත් දින හතරක් හෝ පහක් මේ අධික උණුසුම් බව පවතීවි. පාකිස්ථානයේද සෙල්සියස් අංශක 50ක පමණ උෂ්ණත්වයක් පවතිනවා. උණුසුම් තාප තරංග ඉන්දියාවට එන්නේ එහි සිටයි. මෙම තාප තරංග හේතුවෙන් සාමාන්‍යයෙන් පවතින උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක පහක පමණ වැඩිවීමක් ඇතිවී තිබෙනවා. දසක තුනකට පසුවයි මෙවැනි තත්ත්වයක් ඇති වුණේ.’’


නිවාස නොමැති පුද්ගලයන්, ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ කම්කරුවන්, සංක‍්‍රමණික කම්කරුවන්, අනාථයන්, සිඟන්නන් සහ වයස්ගත පුද්ගලයන් දැඩි උෂ්ණත්වයේ ගොදුරු බවට පත්වී තිබෙනවා. අධික දාහය දරාගත නොහැකි බොහෝ පුද්ගලයන් ක්ලාන්තය හා වෙනත් රෝගවලට බ`දුන්වන අතර ප‍්‍රාදේශීය රෝහල් රෝගීන්ගෙන් පිරී ගොස් ඇති බවයි සී.එන්.එන්. රූපවාහිනිය ස`දහන් කළේ. ජනතාව විජලනයෙන් ගලවා ගැනීම ස`දහා සෑම නගරයකම පාහේ ජලය සහ මෝරු පානය බෙදා හරින බවද එම රූපවාහිනිය ස`දහන් කළා. මිය ගිය පුද්ගලයන් වෙනුවෙන් මේ වන විට ඩොලර් 1000ක පමණ මුදලක් වන්දි වශයෙන් ඔවුන්ගේ ඥාතීන්ට ගෙවීමට කටයුතු කර ඇති බව ප‍්‍රාදේශීය බලධාරීන් ප‍්‍රකාශ කළා.


දැඩි උණුසුම නිසා  කොල්කොතාවේ කුලී රථ රියදුරකු මිය යාම හේතුවෙන් සියලූ කුලී රථ රියදුරන් උදෑසන 11 සිට සවස 4 වන තෙක් වාහන ධාවනයෙන් වැළකී සිටිනවා. වරින්වර විදුලි බලය විසන්ධි කිරීම නිසා බොහෝ වෙළෙ`ද සල් වසා දමලා. තමන්ගේම විදුලි ජනක යන්ත‍්‍ර ඇති මහා පරිමාණ වෙළෙ`ද සංකීර්ණවල දැඩි තදබදයක් ඇතිවී තිබෙනුයේ භාණ්ඩ මිලදී ගැනීමට පැමිණෙන පිරිස නිසා නොවෙයි. දැඩි උණුසුමින් බේරීම ස`දහා වායු සමීකරණය කොට ඇති මෙම ගොඩනැඟිලිවලට මිනිසුන් එක්රැස් වීම නිසයි. බොහෝ ජනාකීර්ණ ප‍්‍රදේශ හා මංමාවත් දහවල් කාලයේ  ජනශූන්‍ය බවට පත් වී තිබෙනවා. දැඩි උණුසුමින් ගැලවී සිටීමට ගතයුතු කි‍්‍රයාමාර්ග පිළිබ`දව ජනතාව දැනුම්වත් කිරීමේ විවිධ වැඩසටහන් කි‍්‍රයාත්මක කරන බව ආපදා කළමනාකරණ කොමසාරිස්වරයා ප‍්‍රකාශ කළා.


කෝටි 120ක් (බිලියන 1.2ක්) වන ඉන්දියාවේ ජනගහනයෙන් තුනෙන් එකකට පමණ විදුලිය පහසුකම් ඇත්තේ නැහැ. එහෙයින් මේ පිරිසට අවම වශයෙන් විදුලි පංකාවක් හෝ භාවිත කිරීමේ හැකියාවක් නැහැ. වායු සමීකරණ භාවිත කරන පිරිසටද වැඩි කාලයක් ඒවා භාවිත කළ නොහැකි වී ඇත්තේ විදුලි පරිභෝජනය ඉහළ යාම මත වරින් වර විදුලිය කප්පාදුව සිදුවන බැවිනුයි. මේ නිසා බොහෝ ප‍්‍රදේශවල තත්ත්වය තවත් දරුණු අතට හැරෙමින් පවතිනවා. උෂ්ණත්වයෙන් දැඩි ලෙස පීඩා වි`දින්නේ දිළින්දන්. පදික වේදිකාවේ  වෙළෙන්දියක වන පී. ගන්ගම්මා කියා සිටියේ දාහය කෙතරම් දැඩි වුවද තමාට නිවසට වී සිටිය නොහැකි බවයි. දැඩි ජීවන අරගලයක නිරත වන බොහෝ මිනිසුන් හා ගැහැනුන් මරණය පෙනි පෙනී වුවද ජීවත් වීමට අරගල කරනවා. දැඩි උණුසුම නිසා තම හිස මත විශාල බරක් පටවා ඇති බවක් දැනෙන බව පවසන ගන්ගම්මා  තම දරු පවුල ජීවත් කරවන්නේ පදික වේදිකාවේ වෙළෙ`දාමින් උපයන සුළු මුදලින් බවත්, නිවෙසට වී සිටියොත් සියල්ලන් කුසගින්නේ බවත් කියා සිටියා. ‘65 හැවිරිදි මා දියවැඩියා රෝගියෙක්. මගේ සැමියා මියගොසින්. දරු පවුල රැුකබලා ගැනීමට මේ වෙළෙ`දාම කරනවා.’ අය පවසා තිබුණා.


ඉන්දියානු ආපදා කළමනාකරණ නිලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටිනුයේ උදෑසන 10 සිට සවස 4 වන තෙක් නිවෙස්වලට වී සිටින ලෙසයි. කපු ඇ`දුම් අ`දින ලෙසටත්, එළිමහනට යන විට හිස් වැසුම් හෝ කුඩ හෝ භාවිත කරන ලෙසටත් ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. සාමාන්‍යයෙන් උදෑසන 8 පමණ වන විට දැඩි උණුසුමක් දැනෙන බවත් අධික දහදිය නිසා සිරුරේ ශක්තිය හීන වන බවත් ජනතාව ප‍්‍රකාශ කරනවා.


මෙම උණුසුම් සහගත කාලගුණික තත්ත්වය පාලනය කළ හැකි වන්නේ ඉදිරියේදී ඇතිවන මෝසම් වැසිවලින් පමණයි. මැයි මස අවසානය වන විට කේරල ප‍්‍රදේශයට මෝසම් වැසි ඇතිවිය හැකි බවත් ජූනි මස මුල් සතිය වන විට ආන්ද්‍රා සහ තෙලන්ගනා ප‍්‍රාන්තවලට වැසි අපේක්ෂා කළ හැකි බවත් ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කරනවා.


මින් ඉහත හයිද්‍රබාදයේ සහ දකුණු ඉන්දියාවේ අධික උෂ්ණත්වයක් පැවතියේ දින පහක් වැනි කාලයක් පමණි. එහෙත් අනාගතයේ එය දින 40ක පමණ කාලයක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යාඥයන් පෙන්වා දෙනවා. ඔවුන් මෙම නිගමනයට එළැඹ තිබෙන්නේ. පරිසරයට නිකුත් කරන අධික දුම් ප‍්‍රමාණය ගණනය කරමිනුයි. 2050 වන විට 40% සිට 70% අතර ප‍්‍රමාණයකින් පරිසරයට කාබන් නිකුත් කිරීම සීමා කළ යුතු බවත් එසේ නොවුවහොත් උණුසුම තව දුරටත් වර්ධනය විය හැකි බවටත් පෙන්වා දෙන ඔවුන් එල්නිනෝ බලපෑම මඟින්  ඇතිවන පැසිපික් කලාපයේ සාගර උණුසුම වර්ධනය වීමද ආසියානු කලාපයේ උණුසුම වර්ධනය වීමට බලපාන බවද පෙන්වා දෙනවා. 

උපුටා ගැනීම - ලංකාදීප, 2015-06-05 http://www.lankadeepa.lk/index.php/articles/322574
There was an error in this gadget

R C D