Sunday, October 16, 2016

ලෝක ආහාර දිනය අදයි (ඔක්තොබර් 16)

ලෝක ආහාර දිනය අදට යෙදී ඇත. ප්‍රථම වරට ලෝක ආහාර දිනය සමරමින් කුසගින්නෙන් පෙළෙන්නන් සඳහා විවිධාකාර ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරීම ආරම්භ කර ඇත්තේ 1979 වර්ෂයේදී ය.

මෙම දිනය වාර්ෂිකව සමස්ත එක්සත් ජාතීන්ගේ සාමාජික රාජ්‍යයන් විසින් සමරනු ලබයි.

සෑම වසරකම තේමාවක් සහිතව ලෝක ආහාර දිනය සමරනු ලබන අතර මෙවර තේමාව වන්නේ "සමාජ අරක්ෂණය සහ කෘෂිකර්මය ග්‍රාමීය දිළිඳු බවේ චක්‍රය බිඳ දැමීම" යන්නයි.

සෑම වසරකදීම ලෝක ජනගහනයෙන් මිලියන 180ක ජනයා කුසගින්නෙන් පෙළෙන ජනගහනයට එක්  වන අතර ලෝක කාන්තා ජනගහනයෙන් 60%ක් ඊට ඇතුළත් වේ. එසේම ලෝක ළමා ජනගහනයෙන් සෑම වසරක ම මිලියන 5ක පමණ ප්‍රමාණයක් මන්ද පෝෂණයෙන් පෙළෙන බව සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි. 

2015 මේ සඳහා ඵල කරන ලද ලිපිය මෙතනින් කියවන්න.

Friday, October 14, 2016

ආපදා අවම කිරීමේ දිනය 2016

එක්සත් ජාතීන්ගේ මහා මංඩලය මගින් සෑම වසරකම ඔක්තෝබර් මස 13 වන දින විපත් අවම කිරීමේ ජාත්‍යන්තර දිනය ලෙස ප‍්‍රකාශයට පත්කර ඇත. 1989 වසරේ සිට සියළු රටවල් විසින් ආපදා අවම කිරීමේ ජාත්‍යන්තර දිනය සමරනු ලබයි. තම රටෙහි සහ අසල්වැසි රටවල සිදුවන ආපදා ගැන දැනුවත් වීම, ඒවාට මුහුණ දීමට පෙර සුදානමක් තිබීම හා ආපදා කළමනාකරණ සංස්කෘතියක් ලෝකය තුළ බිහි කිරීම විපත් අවම කිරීමේ දිනය ප‍්‍රකාශයට පත් කිරීමේ මූලික අරමුණයි. ආපදා අවම කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ( United Nations Office for Disaster Reduction) 2011 වසරේ සිට ආපදා නිසා සිදුවන හානි අවම කිරීමේ කාර්ය භාරය සඳහා ලොකු කුඩා භේදයකින් තොරව රටක සෑම පුද්ගලයකුම සහභාගී කරවා ගැනීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් වැඩ සටහනක් දියත් කෙරීණ. රටක ජනගහනයේ එක් එක් ප‍්‍රභේද ආපදා හානි වැලැක්වීමේ ක‍්‍රියාවලියට දායක කරගැනීමේ ක‍්‍රියාමාර්ග පිළිබඳව එක් එක් වසර තුළ අවධානය යොමු කෙරිණි. 2014 වර්ෂයේ අවධානය යොමු කරනුයේ වැඩිහිටි පුරවැසියන්ගේ දායකත්වය ආපදා කළමනාකරණය සඳහා යොදා ගැනීම ගැනයි. වැඩිහිටියන් සතුව පවත්නා පාරම්පරික ඥානය රටක ආපදා හානි අවම කිරීමේ ක‍්‍රියාවලියට ඉතා වැදගත් වන බව මින් අවධාරණය කෙරේ.

මානව ඉතිහාසයේ ආරම්භයේ සිටම ස්වාභාවික ආපදා සිදුවු බවට සාක්ෂි ඇත. බුදුන් වහන්සේගේ කාලයේ විශාලා මහනුවර හටගත් සාගතය, වසංගත රෝග හා අමනුෂ්‍ය බිය යන ත‍්‍රිවිධ ආපදාවන්ගෙන් හටගත් බියකරු ව්‍යසනයක් ගැන සඳහන් වේ. කැළණිතිස්ස රජු සමයේ ශ‍්‍රී ලංකාවේ සුනාමි ව්‍යසනය නිසා හටගත් භයානක ප‍්‍රතිඵල ගැන අපගේ ඉතිහාසයෙහි කියවේ. එහෙත් මේවා ඉතා විරල සිදුවීම්ය. අපගේ මුතුන් මිත්තෝ පාරිසරික සාධකය ඉතා පූජනීය ලෙස සැලකූහ. මානව පැවැත්ම සඳහා පරිසරය සපයා දෙනු ලබන සම්පත් ඥානාත්විතව හා සකසුරුවමින් භාවිතා කළහ. මේ නිසා එකල ප‍්‍රජාවට ස්වාභාවික ආපදාවන්ගෙන් සිදුවූ ව්‍යසනයන් අද මෙන් බහුල නැත. මිනිස් ක‍්‍රියාකාරකම් නිසා හටගන්නා කිසිදු කෘතිම ආපදාවක් ගැන ඔවුහු දැන නොසිටියහ.
වර්තමාන ලෝකයේ සෑම රටක්ම පාහේ ආපදා නිසා හටගන්නා ව්‍යසන වලට ගොදුරු වේ. ස්වාභාවික විපත් සංඛ්‍යාව අතිශයින් ඉහල ගොස් තිබෙන අතර ඉන් සිදුවන ජීවිත හානි, දේපළ හා පාරිසරික විනාශයන් මෙතෙකැයි නිශ්චය කළ නොහැකි තරමට ඛෙදනීය වර්ධනයක් පෙන්නුම් කෙරේ. මෙම ව්‍යසනයන් අවම කිරීමේ අවශ්‍යතාව හුවා දක්වමින් ආපදා අවම කිරීමේ ජාත්‍යන්තර දිනය ප‍්‍රකාශයට පත් කෙරිණ.
ආපදාවක් යනු බලාපොරොත්තු රහිතව, මිනිස් ජිවිත ද, දේපළ ද, පරිසරය ද විනාශ කරමින් ක්‍ෂණිකව ඇතිවන විනාශකාරී සිදුවීමකි. මෙම විනාශකාරී සිදුවීම් දෙවැදෑරුම් වේ. පෘථිවි පෘෂ්ඨය අභ්‍යන්තරයේහි සිදුවන භූගෝලීය ක‍්‍රියාකාරකම් හා දේශගුණික සාධක මත හටගන්නා ස්වාභාවික විපත් පළමු ගණයට අයත් වේ. භූමි කම්පා, නායයාම්, ජලගැලීම්, නිය`ග, සුළි කුණාටු, ගිනි කඳු පිපිරීම් හා සුනාමි ව්‍යසන වශයෙන් ස්වාභාවික ආපදා නා නා විධ වේ. රටවල භූගෝලීය පිහිටීම මත ව්‍යසනයන්ට ගොදුරු වීමේ ප‍්‍රවණතා අඩු වැඩි වේ. ජපානය, පිලිපීනය, ඉන්දුනීසියාව වැනි රටවල් මහාද්වීපික හා සාගර තටක එකිනෙකට මුණ ගැසෙන තීරයක පිහිටා තිබීමෙන් සාගර පත්ලේ හා මහාද්වීප තටක පත්ලේ සිදුවන භූගෝලීය ක‍්‍රියාකාරකම් නිසා එම රටවල් නිරන්තර භූමි කම්පාවන්ට ලක්වේ. ලොව සිදුවන භූ චලන වලින් 90% ක් පමණ මෙම රටවලින් වාර්තා වේ. ජපානයේ කෝබේ හා ටොහෝකු ප‍්‍රදේශ වල මිනිස් ජිවිත විශාල සංඛ්‍යාවක් හා දේපළ බිලිගනිමින් ඇති වූ භූ චලන මෑත ඉතිහාසයේ සිදුවු අති භයානක භූ චලන වෙයි. ගිනි කඳු පිපිරීම්, නාය යාම් හා සුනාමි තර්ජන මත හටගන්නා විනාශකාරී සිදුවීම්ද මෙම රටවල බහුලය. බංග්ලාදේශය, ඉන්දියාවේ සමහර ප‍්‍රදේශ හා චීනය හා ශ‍්‍රී ලංකාව ජලගැලීමේ විපත් නිසා නිතර ව්‍යසනයන්ට ලක්වේ. සුළි කුණාටු ද මිනිස් ජීවිත හා දේපළ විනාශ කරන තවත් ආපදාවකි. සුළි කුණාටු බොහෝ රටවලට පොදු විපතක් වුවත්, 70% ක් පමණ සුළි කුණාටු වාර්තා වනුයේ උත්තරාධ_ ගෝලයේ පිහිටි රටවලින්ය. මලාවි, සිම්බාබ්වේ, සූඩාන්, ඉතියෝපියා, එරිත‍්‍රියා වැනි රටවල් නිරන්තර නියං ආපදා වලට ගොදුරු වන රටවල් ය.
ස්වාභාවික ආපදාවන්ට අමතරව මිනිසා විසින් නිර්මාණය කරනු ලබන කෘතිම විපත් නිසා වර්තමානයේ ලොවට මුහුණ දීමට සිදු වී ඇති ව්‍යසනයන් දෙවන ගණයට අයත්වේ. මිනිසා සැලසුම් සහගතව කරන ක‍්‍රියාකාරකම්, නොසැලකිල්ල හා යන්ත‍්‍ර සූත‍්‍ර භාවිතයේ වැරදි නිසා සිදුවන විපත් හා පද්ධතීන්ගේ වැරදීම් හේතුවෙන් හටගන්නා භයානක ව්‍යසන වලට මුහුණ පෑමට මිනිසාට සිදුවේ. න්‍යෂ්ඨික අවි පිපිරවීම, යුද්ධ හා ත‍්‍රස්තවාදය, ඉන්ධන ගබඩා, සහ ගෑස් නල පුපුරා යාමෙන් ඇතිවන කාන්දුව මහාමාර්ග හා ගුවන් අනතුරු කෘතිම ව්‍යසන අතර ප‍්‍රමුඛත්වය ගනියි. න්‍යෂ්ඨික අවි පිපිරවීම නිසා මාර්ෂල් දුපත් හා නෙවාඩා වැනි ප‍්‍රදේශ වල සිදුවු අතිවිශාල මිනිස් ජිවිත හා සෞඛ්‍ය ගැටළු වලට අමතරව තවමත් එම ප‍්‍රදේශ මිනිස් වාසයට නුසුදුසු ප‍්‍රදේශ බවට පත්ව නැත. යුධ බිය හා ත‍්‍රස්තවාදය නිසා වර්තමානයේ බොහෝ රටවල අහිංසක මිනිස් ජිවිත හානියට පත්වේ. දැනට මාස කිහිපයකට මත්තෙන් මැලේසියානු ගුවන් යානයට සිදු වු විපත ඉතා ඛෙදනීය අවස්ථාවකි. වසංගත පැතිරයාමෙන් මිනිසුන්ට සිදුවන ව්‍යසනයද සුළුකොට තැකිය නොහැක. අප‍්‍රිකානු රටවල් අරක්ගත් ‘ඉබෝලා’ වසංගතය ඉතා කෙටි කලකදී මිනිස් ජිවිත දහස් සංඛ්‍යාවක් බිලි ගැනීමට සමත් විය.
ලංකාවේ ආපදා හානි
පසුගිය දශක කිහිපය තුළ ලොව දක්නට තිබෙන ආපදා හානි වර්ධනය වීමේ ප‍්‍රවණතාව ලංකාවටද පොදුය. ආපදා කළමනාකරණ අමාත්‍යාංශය සංග‍්‍රහ කර තිබෙන තොරතුරු අනුව දිවයිනේ බහුලව සිදුවන ස්වාභාවික ව්‍යසන අතර ජලගැලීම්, නාය යාම්, සුළි කුණාටු, නියං සාය අකුණු හානි හා වන සතුන්ගේ පහරදීම් ප‍්‍රමුඛස්ථානයට ගැනේ. මෝසම් වැසි සමග ගංගා පිටාර ගැලීමෙන් වසරකට දෙවතාවක් පමණ දිවයිනේ ඇතැම් දිස්ත‍්‍රික්ක ජලගැලීම් වලට භාජනය වේ. ජලගැලීම් වලින් සිදුවන ජීවිත හානි අඩුවුවද දේපල හා වගාවන්ට සිදුවන විනාශය බරපතළය. එම හානි තුළින් මිනිස් ජිවිත වලට කෙරෙන බලපෑම් අතිවිශාලය. කළුතර, රත්නපුරය, ගාල්ල, මඩකලපුව, පොළොන්නරුව හා කෑගල්ල යන දිස්ත‍්‍රික්ක නිරතුරුවම ජලගැලීම් වලට ගොදුරු වේ. 2014 ජුනි මාසයේ වු ජලගැලීම් නිසා පුද්ගලයින් 104476 ක සංඛ්‍යාවක් විවිධ කරදර වලට පත්වු බව වාර්තා වේ. නායයාම් හා අකුණු සැර හානිද ඉහළ යාමේ
ප‍්‍රවණතාවක් ඇති බව ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි. ගම්පහ, කළුතර, රත්නපුර, යන දිස්ත‍්‍රික්ක තුළ අකුණු ආපදාව වැඩි වශයෙන් සිදුවේ. 1974 – 2008 දක්වා වසර 34 තුළ ලංකාවේ සිදුවු ස්වාභාවික විපත් පිළිබඳව ආපදා කළමනාකරණ අමාත්‍යාංශය විසින් කරන ලද අධ්‍යයනයකින් මෙම තොරතුරු අනාවරණය වේ. ඒ අනුව වර්ෂ 2002 දක්වා කාලය තුළ දළ වශයෙන් වසරකට නායයාම් 50 ක් පමණ වාර්තා වී ඇත. 2002 වසරෙන් ඔබ්බට නායයාම් වල හදිසි වර්ධනයක් පෙන්නුම් කෙරේ. 2006 සිට වසරකට නායයාම් 200 – 375 දක්වා පරාසයක් තුළ සිදුවෙමින් පවතී. බදුල්ල, රත්නපුර, නුවරඑළිය, කෑගල්ල යන දිස්ත‍්‍රික්ක මෙම අනතුරට වැඩි වශයෙන් ගොදුරු වේ. ලංකාවට සැලකිය යුතු වාර්ෂික වර්ෂාපතනයක් ලැබුණද, සමකයට ආසන්නව පිහිටීමේ බලපෑම නිසා ඇතැම් වර්ෂවල නියං සාය වලින්ද දිවයිනට හානි පැමිණේ. කුරුණෑගල, පුත්තලම, හම්බන්තොට, මොණරාගල වැනි වියළි කලාපීය දිස්ත‍්‍රික්ක නියං සායෙන් පීඩා විදිති. අකුණු සැර වැදීම මෝසම් වැසි සමග සම්බන්ධ තවත් ව්‍යසනයකි. මෙම අනතුර නිසා වන ජිවිත හානි සංසන්දනාත්මකව අඩු වුවත් ඉන් සිදුවන හානි වල ක‍්‍රමික වර්ධනයක් පෙන්නුම් කෙරේ. ලංකාවේ සමහර දිස්ත‍්‍රික්කවල ජනතාව අලි ඇතුන් හා ඌරන් වැනි වන සතුන්ගේ පහරදීම් වලට ලක්වේ. මිනිසුන්ට පහර දීම හා මරාදැමීම, ගේ දොර විනාශ කිරීම්, වගාවන්ට හානි කිරීම වන සතුන්ගෙන් සිදුවන විනාශයන්ය. කුඹුරු වල අස්වැන්න නෙළන කාලයේදී වනසත්ව අනතුර බහුල බව ගොවීහු පවසති. වසරකට සතුන්ගෙන් සිදුවන හානි 500 සිට 900 දක්වා
ප‍්‍රමාණයක් වාර්තා වේ. කුරුණෑගල, මාතලේ සහ අම්පාර දිස්ත‍්‍රික්ක තුළ මෙම උවදුර වැඩි වශයෙන් දක්නට තිබේ.
ආපදා කළමනාකරණ අමාත්‍යාංශයට අනුව, පසුගිය වසර 10 මුළුල්ලේ භයානක ආපදා 34 ක් සිදු වී ඇත. ඉන් අහිමි වූ ජීවිත සංඛ්‍යාව 37,545 ක් සිදුවූ සියළු හානි වල වටිනාකම අ.එ.ජ. ඩොලර් බිලියන 5.96 කි. 2004 වසරේ හටගත් සුනාමි ව්‍යසනය පමණක් දිවයිනේ මිනිස් ජිවිත 31,225 ක් බිලි ගෙන තිබේ. පවුල් 260,967කට වාසස්ථාන අහිමි විය. පුද්ගලයින් 4500ක් පමණ අතුරුදහන් වුවන් අතරට එක්වී ඇත. සුනාමි ආපදාවේ අලාභය අ.එ.ජ. ඩොලර් බිලියන 3.6 කි. වාසනාවකට මෙන් සුනාමි ව්‍යසනය ලංකාවේ නිරන්තර අත්දැකීමක් නොවේ.
මිනිස් ක‍්‍රියාකාර කම් හේතුවෙන් හටගන්නා ආපදා ස්වාභාවික විපත් තරමටම හෝ ඇතැම් විට ඊටත් වඩා භයානක ප‍්‍රතිඵල ගෙනදේ. නීති විරෝධි ලෙස තරුණයන් විදේශ රටවලට ප‍්‍රවාහණය කිරීම, මැද පෙරදිග කාන්තාවන් විඳින කටුක අත්දැකීම් හා ගැහැට, ධීවර ප‍්‍රජාව මුහුණ දෙන ගැටළු, මත් ද්‍රව්‍ය භාවිතය, දරුවන් අපයෝජනයට ලක්කිරීම හා රථ වාහන අනතුරු මිනිස් ක‍්‍රියාකාර කම් නිසා ඇතිවන ආපදා අතර ප‍්‍රධාන තැනක් ගනි.
රැුකියා අපේක්ෂාවෙන් විදේශ ගතවීමට කැමැත්තක් දක්වන තරුණයන් මුළාකොට, නීත්‍යානූකූල නොවන මාර්ග ඔස්සේ ඔවුන් ඕස්ටේ‍්‍රලියාව හා ඉතාලිය වැනි රටවලට යවන ජාවාරම්කරුවෝ බොහෝ වෙති. එක් තරුණයකුගෙන් රු. ලක්ෂ 5 සිට 10 දක්වා මුදලක් අයකොට හොර රහසේම මුහුදු මාර්ගයෙන් මෙම තරුණයන් ලංකාවෙන් පිටකෙරේ. පුද්ගලයින් විශාල සංඛ්‍යාවක් නංවාගෙන දින 25 සිට 30 දක්වා කාලයක් ගතවන අවදානම් ගමනක් අරඹන මෙම බෝට්ටු මුහුදේදීම පෙරළීම නිසා මෙම තරුණයෝ මරණයට පත්වෙති. නොඑසේ නම් ලංකා මුහුදු තීරයේදි හෝ ඕස්ටේ‍්‍රලියානු මුහුදු තීරයේදී නීතියේ රැුහැනට අසුවී ද`ඩුවම් ලබති. වියදම් කළ මුදල හෝ අපේක්ෂිත රැුකියාව යන දෙකම ඔවුන්ට අහිමි වේ. පසුගිය වසර තුළ නීති විරෝධි සංක‍්‍රමිණික තරුණයන් 8000කට වැඩි සංඛ්‍යාවක් පොලිසියේ හා නාවික හමුදාවේ බලධාරීන් අතට පත් වු බව සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුදැනුමකින් තොරව ඇතැම් රැුකියා ආයතන මගින් මැද පෙරදිග ගෘහ සේවය සඳහා යවනු ලබන කාන්තාවන්ගේ ඉරණම ද ඉතා ඛේදනියයි. මිනිස් ජාවාරම් කරුවන්ගේ මුසාබස් වලට රැුවටී ගෘහ සේවයට හෝ වෙනත් රැුකියා සඳහා යැයි පවසමින් ඔවුන් සමග නගරයට පැමිණෙන කුඩා දරුවන් මෙන්ම කාන්තාවන්ද ඔවුන්ගේ රැුකියා ස්ථානය තුළ ශ‍්‍රම සූරා කෑමට හා විවිධ අපයෝජනයන්ට ලක්වේ. මත්ද්‍රව්‍ය සඳහා දරුවන් ඇබ්බැහි වීම නාගරික ප‍්‍රදේශ වල තරුණ තරුණයින්ගේ පමණක් නොව පාසල් දරුවන්ගේ ජීවිත ඛෙදනීය ලෙස අඳුරේ හෙළන තවත් අපරාධයක් බවට පත්ව ඇත.
ධීවර ප‍්‍රජාව තම ජිවිකාව සඳහා සාගරය සමග කරන සටනේදී ඔවුන් අත්දකින කටුක අත්දැකීම්ද නිරන්තර ව්‍යසනයක් බවට වර්ධනය වී ඇත. දැනුවත්ව හෝ නොදැනුවත්ව ඉන්දීය මුහුදු කලාපයේ මසුන් මැරීමට යාම නිසා ලාංකීක ධීවරයින්ට ඉන්දීය සිරගෙවල් වල රැුඳී සිටිමට සිදුවේ. ධීවර බෝට්ටු වල ඇති වන යාන්ත‍්‍රික දෝෂ හා උපකරණ හි`ගයද, සුළි කුණාටු වලට මැදි වීමද, අයහපත් දේශගුණික තත්වයන් ගැන ධීවරයින් දැනුවත් නොවීමද, යන කරුණු නිසා ධීවර ප‍්‍රජාවගේ ජිවිත අවදානම් තත්වයන්ට පත්වන අවස්ථා නිතර නිතර වාර්තා වේ. මීට අමතරව රථවාහන අනතුරු ඔස්සේ දිවයිනේ සිදුවන මිනිස් ජිවිත හානි ද සැලකිය යුතු සංඛ්‍යාවක් වසරකට වාර්තා වේ. වසරකට 3000කට ආසන්න රථවාහන අනතුරු සංඛ්‍යාවක් වසරකට සිදුවන බව පොලිස් දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි. බීමතීන් රිය පැදවීම, මාර්ග නීති වලට ගරු නොකිරීම, අධික වේගය, රියදුරන්ගේ නොසැලකිල්ල මෙන්ම පදිකයන්ගේ වැරදිද මාර්ග අනතුරු වලට බලපාන ප‍්‍රධාන හේතු වේ. ඩෙංගු රෝගයද ලංකාව තුළ වැසි සමයෙහිදි ආපදාවන් බවට වර්ධනය වී
ආපාදා කළමනාකාරණ අමාත්‍යාංශය ඉහත සඳහන් ව්‍යසනයන් හා ඒවායින් සිදුවන හානි අවම කිරීම සඳහා සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරනු ලබයි. මහජනතාව, දිස්ත‍්‍රික් ලේකම්වරුන් හා ශ‍්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව වැනි ආයතන දක්වන සහයෝගය තවදුරටත් ශක්තිමත් කිරීම තුළින් අමාත්‍යාංශයේ කාර්ය භාරය වඩාත් කාර්යක්ෂම හා ඵලදායි කළ හැක. ආපදා පිළිබඳ තොරතුරු හා දත්ත එක්රැුස් කිරීම, සෙසු ආයතන හා පුද්ගලයින් සමග ඒවා බෙදා හදාගැනීම හා ආපදා ගැන මහජනතාව දැනුවත් කිරීම, හා ආපදා කළමනාකරණ වැඩසටහන් ක‍්‍රියාවට නැංවීම හා ආපදා කළමනාකරණ
ප‍්‍රතිපත්තියක් සකස් කිරීම වැනි ඵලදායි කාර්ය රාශියක් කෙටි කාලයක් තුළ අමාත්‍යාංශය ම`ගින් ක‍්‍රියාවට නංවා ඇත.
ආපදාවන්ගෙන් සිදුවන හානි සෑම රටකටම පොදුය. ආපදා නිසා නැතිවන මිනිස් ජිවිත, සිදුවන දේපළ හානි හා පාරිසරික විනාශයන් අති බිහිසුණුය. තාක්ෂණය දියුණු වුවද ස්වාභාවික ව්‍යසනයන් ජයගැනීමට හෝ වැළැක්වීමට මිනිසා අපොහොසත්ය. කෙසේ වෙතත් පරිසරය වෙත සංවේදී විමෙන් හා ආපදා ගැන පෙර සුදානමක් තිබීමෙන් ඉන් හටගන්නා හානි අවම කළ හැකිය. එහෙත් කෘත‍්‍රීම ආපදා හේතුවෙන් හටගන්නා ව්‍යසනයන් නීතිමය ප‍්‍රතිපාදන නිසිසේ ක‍්‍රියාත්මක කිරීම, නව තාක්ෂණික මෙවලම් සහ පද්ධතීන් සමග සැලකිල්ලෙන් හා අවධානයෙන් කටයුතු කිරීම හා මහජන අවබෝධය තුළින් බොහෝ සේ අවම කරගත හැකිය. සෑම රටකම ස්වකීය සංවර්ධන උපාය මාර්ගයන් තුළ ආපදා කළමනාකරණය වැදගත් හා අනිවාර්ය උපාය මාර්ගයක් බවට පත් කළයුතු යුගයක අපි ජිවත්ව සිටිමු. අපදා අවම කිරීමේ ජාත්‍යන්තර දිනයෙහි ශ්‍රේෂ්ඨ පරමාර්ථයද මෙය වේ.
http://www.politics.lk/mohan-lal-greru-4/

ලෝක සත්ව දිනය (ඔක්තෝබර් 04)

මිනිසාට මෙන්ම තිරිසනාටද මූලික අවශ්‍යතා කීපයක් ඇත. කුසගින්න පිපාසය, නින්ද. පරපුර පවත්වාගෙන යාම, එක්ව හැසිරිමේ කැමැත්ත, ආදරය , කරුණාව, නිදහස, සටන් කිරිම, දුක වේදනාව අදි මේ සියල්ල කාටත් පොදුය. එහෙත් මේ පිළිබද අදහස් ප්‍රකාශ කිරිමට කතා කිරිමට තිරිසනාට හැකියාවක් නැත. කතා කල නොහැකි මිනිසා ගොලු බසින් හො ඉගියෙන් එසෙත් නැතිනම් ලියා හෝ අදහස් ප්‍රකාශ කලත්  තිරිසනාට ඇත්තේ ඉන් කුමන විකල්පයක්ද?

කොතැනක හෝ ස්ථීර නිවහනක් නැතිව වනගතව හෝ හෝ මගමග හෝ එසෙත් නැතිනම් අගුපිලක වැනි තැනක හෝ කායික සන්තර්පනයෙන් ලත් ප්‍රතිඵලයක් මත උපත ලබන තිරිසන් සතුන්  බොහෝ විට ඇති දැඩි කරනු ලබන්නේ සොබාදහම විසින් ඉබාගාතේ හරිමිනි. නිවසක ඇතිදැඩි කරන සුනඛයෙකු වුවද ආහාර පානාදියෙන් සංග්‍රහ ලැබුවොත්, රාත්‍රී කාලයේ නිදිවාරාගෙන ගෙයින් පිටත හාම්පුතාලා සැප යහනේ සැතපෙද්දි, පින්‍නෙන් හෝ වැස්සෙන් පීඩාවට පත්වෙමින් සමහරවිට කිසිවෙකුගේ  උදව්වකින් තොරව තනිවම සොරසතුරන්ගේ මරණීය අවස්තාවන්ට මුහුණ දෙමින් නිවස් රැකවගෙහි යෙදෙනවා ඇත. වනගතව වෙසෙන සතුන් තමන්හට රිසි ආහාරයක් ලද හොත් පමණක් ඉන් සෑහීමකට පත් වෙතත් බොහෝ කොටම බලවත් සතෙකුගේ ගොදුරක් වනවා ඇත. එසෙත් නැතිනම් දඩයක්කරුගේ වෙඩි පහරකට ලක්වීමට ඉඩ ඇත. මෙරට වටනා වන සත්තව සම්පතක් වන අලි පරපුරට දැන් උදා වි ඇත්තේ මෙම ඉරණමයි.

මිනිසා සමග හැදෙන වැඩෙන ගෘහශ්‍රීත සතුන් ඔවුන්ගේ බැල මෙහෙවරකම් සදහාත් , අලංකාරය සදහාත් පමණක් නොව මස් සදහා ද වෙන් කරගෙන ඇත. මේ අතින් ඉතාමත් අභග්‍ය සම්පන්නයා ගවයාය.මසට ඇති කරන සතුන්ගේ මස් අනුභව කරන මිනිසා කල්පනා නොකරන එක් දෙයක් ඇත. එනම්, මිනිසා මෙන්ම ඕනෑම සත්වයකු මළ විට එය කුණු අනුභව කරන්නේදතිරිසන් සතුන්ය. මීට අමතරව යක්ෂ රාක්ෂාදින් විසින්ද මෙසේ අනුබව කැර ඇති බව වෘතාන්තවල දැක්වේ. පොදු පිළිගැනීම් නම් මසු අනුභව කරන අයට රෝගාබාධ බහුලව වැළදෙන බවත් ඔවුන් මුදු මොළක් ගති ගුණවලින් තොර රළු ස්වභාවයක් ගන්නා බවත්ය.

ආගමික ඉගැන්වීම් අනුව මාංශ වැළදීම් සත්ව ඝාතනයට අනුබලයක් බැවින් එහි ප්‍රතිවිපාක වශයෙන් ආයුශ හීනවේ. කොයිහැටියෙන් නමුත් මියගිය සතුන් අනුභව කිරිම මිනිසා යොදාගෙන ඇති උපක්‍රම නම් ඒවා දිව පිනවන ආකාරයට රස ගන්වා සකසා ගැනීමයි. එයද මිනිසා තිරිසනාගෙන් වෙන්ව තබා ගැනිමේ ශිෂ්ට සම්පන්න උපායකි.
තම ජිවිත පරිත්‍යාගයෙන් පවා මුහුණ පෑමට සිදුවන බිහිසුණු අකාරුණික අවස්ථා කියාපෑමට හෝ සාධාරණත්වය ඉල්ලා කරුණු ඉදිරිපත් කිරිමට සහනයක් ලබා ගැනීමට ක්‍රමයක් නැත. ඇත්තෙන්ම මේ නිසා තිරිසණුන් අසරණය. තමා සමග සටනක් ඇති වු විටක ප්‍රතිවාදියා කවරකු වුවත් සටන් කරන්නේ අවි ආයුධ වලින් නොවේ. සටන කෙළවර වනුයේ කාගේ හෝ ජිවිත පරිත්‍යාගයෙනි. ඒ කාටත් ඇති මරණ භ්‍ය පෙරදැරි කරගෙන ආත්මආරඣෂාව සදහා කරන සටනක් බැවිණි.

වර්තමාන සමාජය කැලෑ එළිපෙහෙලි කිරිමෙන් මිනිස් ලොකය ශිඝ්‍රලෙස දියුණු වෙමින් පවති. එවිට කැලෑවේ වසන තිරිසනාට තැනැක් වේ. ආහාර හිගවේ. කැලෑවත්,සතුනුත් දෙකම වදවීමෙන් පරිසරය විනාශ කර මිනිසා තමන්ගේ විනාශය ද වහා වහා ළංකර ගනී. මස් පිණිස දඩමයම් කිරිමෙන් පරිසර හානියක් නිසා වදවී යන විවිධ සත්ව කොටස් ස්වභාවධර්මයාගේ සමතුලතතාව බිදලීමට සමත්වේ.

තිරිසන් සතුන්ගේ දුක්ඛිත තත්වය අද මෙන්ම එදා අතිතයේත් පැවතිණි. මේ පිළිබද යථා ස්වරෑපය දැක ඒ ගැන මහත් ඕනෑකමකින් කටයුතු කළ කෙනෙක් ක්‍රී.ව. 1182 දී පහළ විය. ඉතාලියේ අසිසි නුවර උපන් කුඩා සහෝදරවරුන්ගේ සමාගම නමින් ආගමික නිකායක් බිහිකල ශුද්ධ වු ප්‍රැන්සිස්කුතුමා සියලු සතුන් ගැන මහත් අනුකම්පාවෙන් කටයුතු කළහ. තම ජිවිත කාලයෙන් වැඩි කොටසක් ගත කර ඇත්තේ සත්ව කරැණාව පෙරදැරි කොටගෙනය.එතුමා සත්ව ලෝකය ආරක්ෂා කිරිමට මහත් වෙහෙසක් දැරිය.

මෙම ආදර්ශය පිළිපදිමින් එතුමා මිය ගිය දිනය වන 1226 ඔක්තෝබර් 04 දා සිහිපත් කොට ඊළග අවුරුද්දේ ඔක්තෝබර් 04 දා සිහිපත් කොට ඊළග අවුරුද්දේ ඔක්තෝබර් 04 ඉතාලියේ අසිසි නුවර  ප්‍රථම වරට සත්ව දිනයක් පවත්වන ලදී. එතැන් පටන් මේ දක්වා සෑම වසරකම ඔක්තෝබර් 04 දිනට ලෝකය පුරා ලෝක සත්ව දිනය පවත්වනු ලැබේ.

මෙවන් දිනයකදීවත් මාංශ භක්ෂණයට ඇබ්බැහි වූවකු හුදු සත්ත්ව කරුණාවෙන් තමන් අනුභවය සදහා අතට ගත් මස් පිඩ මේ අනුභව කරන්නට සුදානම් වන්නේ ජිවත්ව සිටි අසවල් සතාගේ මස්නොවෑයැයි සිතා පිළිකුල් කොට ඉවතලිය හැකි නම් එයම මෙම දිනය සැමරීමට ප්‍රමාණවත් වේ. එසේම කුසගින්නේ අහාරක් සොයා කුනු බාල්දි අවුස්සමින් මහමග යන කිසියම් සතකුට ආහාර වේලක් මෙම දිනයේදිවත් දෙන්නේ නම් එයද අපමණ පුණ්‍ය කර්මයක් වනු නිසැකයි.


සුගතදාස ජයසේකර - දිවයින 1993 ඔක්තෝබර් 04 පිටුව 08 (මධ්‍යම පරිසර අධිකාරිය සංරක්ෂණය කරන ලද ලිපියකි)

Monday, October 10, 2016

ලෝක වනජීවී දිනය (මාර්තු 03 )

තර්ජනයට ලක්වූ  ජීවී විශේෂයන්ගේ ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ සම්මුතිය ආරම්භ වී වසර 40 ක් පිරීම නිමිත්තෙන් 2013 වසරේ මාර්තු 03 වැනිදා ලෝක වනජීවී දිනය ලෙස නම් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය කටයුතු කර ඇත.

සාමාජික රටවල් 173 ක් නියෝජනය කරමින් සකස් කළ මෙම සම්මුතිය 1973 මාර්තු 03 වැනිදා සිට ක්‍රියාත්මක වන අතර එයින් ලෝකයේ තර්ජනයට ලක්‌ව සිටින ශාක සත්ව ඇතුළු වන ජීවීන්ගේ ආරක්‌ෂාව සඳහාත් ඔවුන්ගේ පරිසර පද්ධති සංරක්‌ෂණය කිරීම මෙම දිනය ප්‍රකාශයට පත් කිරීමත් මෙහි මූලික අරමුණක් විය.
 2016 වර්ෂයේ  තෙවන වරටත් පැවැත්වූ වනජීවී දිනයේ ලෝක තේමාව වුයේ "වනජීවීන්ගේ අනාගතය අපේ අතේය" (“The future of wildlife is in our hand”) යන්නයි.

තර්ජනයට ලක්වූ  ජීවී විශේෂයන්ගේ ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳසම්මුතිය ලෝකයේ වනජීවී සංරක්ෂණය පිළිබඳව පවත්වා ප්‍රබලම සම්මුතියක් වන අතර, ඒ තුළින් වන සත්ත්ව හා ශාක 35,000 කට වැඩි ප්‍රමාණයක් ආවරණය වේ.

2016 සැමරුම් උත්සවයට සමගාමීව ශ්‍රී ලංකාවේ සිඝ්‍රයෙන් වඳවී යන වන සතුන් ආරක්ෂා කර ගැනීම සඳහා වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා තිබූ අතර සංරක්ෂණය කිරීම සඳහා වන සතුන් 05 දෙනෙකු හදුන්වා දී ඇත. ඒ අනුව උනහපුලුවා, කළු වඳුරා, කැබැල්ලෑවා, අශෝක පෙතියා, ගේ කුරුල්ලා යන සතුන් සංරක්ෂණය කළ යුතු සතුන් බවට හදුන්වාදීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

Wednesday, September 28, 2016

ලෝක සංචාරක දිනය (සැප්තැම්බර් 27)



 සැප්තැම්බර් 27 වන දිනට ලෝක සංචාරක දිනය යෙදී ඇත.
යම්කිසි පුද්ගලයකු තමන් එදිනෙදා ජීවත්වන නිවහනින් හෝ රාජකාරි සිදුකරන ස්ථානයෙන් බැහැරව අවුරුද්දකට නොවැඩි දින ගණනක් විනෝදය, විවේකය, හෝ ව්‍යපාරමය කටයුත්තක් සදහා ගමන්කිරීම සංචරණය ලෙසින් හැදින්වෙන අතර එය ඉංග්‍රීසි භාෂාවෙන් Tourism ලෙස යෙදේ. එමසංචරණයෙහි දෙදෙන්නා සංචාරකයාලෙස හැදින්වෙන අතර එය ඉංග්‍රීසි භාෂාවෙන්  Tourist ලෙස යෙදේ.  සංචාරකයා යනු අද වන විට ලෝක ආර්ථිකයට විශාල බලපෑමක් සිදුකරන චරිතයකි. 

ජගත් සංචරණය පිළිබද කටයුතු සිදුකරන එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානය (United Nation World Tourism Organization - UNWTO) විසින් 1970 වර්ෂයේදී ලෝක සංචාරක දිනය නම් කරනු ලැබීය. 1980 වර්ෂයේ සිට ලෝක සංචාරක දිනය උත්සවාකාරයෙන් සමරා ඇත.

මෙම දිනයෙහි භාවිතය වන්නේ, ජාත්‍යන්තර ප්‍රජාව තුළ සංචාරක ව්‍යාපාරයෙහි භූමිකාව පිළිබඳ අවබෝධතාවය නංවාලීම සහ ලෝක ව්‍යාප්තව එය විසින් සාමාජීය, සංස්කෘතික, දේශපාලනමය සහ ආර්ථික සාරධර්ම වෙත බලපෑම් එල්ල කරන්නේ කෙසේද යන්න පෙන්නුම් කිරීමය.

 එදා සිට අද දක්වා සංචාරක දිනය සැමරීමේදී  ඒ ඒ වර්ෂය සදහා තේමාවක් ලබා ‍‍දී සමරනු ලබන අතර 2016 වර්ෂයේ තේමාව ලෙස"TOURISM FOR ALL PROMOTING ACCESSIBILITY TOURISM" , " විශ්වී ප්‍රවේශයක් තුළින් සැමට සංචරණය" යන්නයි.

පසුගිය අවුරුදු කිහිපයක ලෝක සංචාරක දිනයෙහි තේමාවන් පහත පරිදි වේ.

1980: සංස්කෘතික උරුමය සංරක්ෂණයට සහ සාමය හා අන්‍යොන්‍ය අවබෝධය සඳහා සංචාරක ව්‍යාපාරයෙහි දායකත්වය
1981: සංචාරක ව්‍යාපාරය සහ දිවියෙහි තත්ත්වය
1982: චාරිකාවේ අභිමානය: හොඳ අමුත්තෝ සහ හොඳ සත්කාරකයෝ
2010 - සංචාරක කර්මාන්තය හා ජෛව විවිධත්වය”යි
2012: සංචාරක ව්‍යාපාරය සහ ශක්තිමය ධරණීයතාවය (මස්පලෝමාස්, ග්‍රෑන් කැනාරියා)
2013: සංචාරක ව්‍යාපාරය සහ ජලය: අපගේ පොදු අනාගතය රැකගැනුම
2014: සංචාරක ව්‍යාපාරය හා මානව සංවර්ධනය
2015: “Billions of Opportunities; Billions of Tourists” ගෙන ඇත.එහි සිංහල තේරුම "බිලියනයක්‌ සංචාරකයන් බිලියනයක්‌ අවස්‌ථා" නැතහෝත් “ප්‍රකෝටියක් වූ සංචාරකයින් මගින් ප්‍රකෝටියක් වූ සංවර්ධන අවස්ථා” 

2016 සංචාරක දිනය වෙනුවෙන් දිවයින අඩවියේ ඵල වූ ලිපිය පහතින් උපුටා දක්වා ඇත 
ජාතික උරුමය හා බැඳුණු සංචාරක ව්‍යාපාරය

වාසනා සිරිමල්වත්ත
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව

ජගත් සංචාරක දිනය සෑම වසරක ම සමරනු ලබන්නේ සැප්තැම්බර් මස 27 වන දා ය. 1979 වර්ෂයේ දී එක්‌සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානය (United Nation world Tourism Organization - UNWTO) නීත්‍යනුකූලව පිළිගන්නා ලද දිනය එය වූ නිසාවෙනි. මෙය ජගත් සංචාරක ක්‌ෂේත්‍රයේ නොමැකෙන දිනයක්‌ ලෙස සටහන් ව ඇත. මේ දිනයේ දී ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්නේ ජගත් ප්‍රජාව තුළ සංචාරක ව්‍යාපාරයෙහි කාර්යය භාර්ය පිළිබඳව දැනුවත් භාවය ඇති කිරීම හා සමාජයේ විවිධ අංශයන් කෙරෙහි එය දක්‌වන බලපෑම පිළිබඳව නිරීක්‍ෂණය කිරීම සඳහාය. ලෝක ප්‍රජාවගේ යහපැවැත්ම සඳහා සංචාරක ව්‍යාපාරයෙන් දක්‌වන සහයෝගය පිළිබිඹු කිරීමට මෙය කදිම අවස්‌ථාවක්‌ ලෙස හඳුන්වා දිය හැකිය.

මෙසේ 1979 ඇරඹි මේ දිනය 1980 සිට සෑම වසරක්‌ පාසාම සමරනු ලැබේ. තුර්කියේ ඉස්‌ථානබුල් හි 1997 දී පැවති එක්‌සත් ජාතීන්ගේ ලෝක සංචාරක දොළොස්‌වන සැසිවාරයේ දී වසරක්‌ පාසා මෙසේ සමරන මෙම දිනයට සත්කාරක රාජ්‍යයක්‌ තෝරා ගතයුතු බවට තීරණය විය.

ඒ අනුව චීනයේ බීජිං නුවර 2003 වසරේ දී පැවති එම සංවිධානයේ 15 වන සැසිවාරයේ දී ලොව විවිධ රටවල් එතැන් සිට ඇරඹෙන වර්ෂ සඳහා එම දිනය සැමරීමට සත්කාරක රාජ්‍යයක්‌ ලෙස යුරෝපය නම් කරන ලදී. ඒ අනුව 2006 වර්ෂයේදී යුරෝපය ද, 2007 දී දකුණු ආසියාව 2008 දී ඇමරිකා එක්‌සත් ජනපදය ද, 2009 අප්‍රිකාව සහ 2011 දී මැදපෙරදිග ද ඒ සඳහා නම් කර තිබුණි. එපමණක්‌ ද නොව ඒ ඒ වර්ෂවලට අදාළව විශේෂ තේමාවන් ද  හඳුන්වා දෙනු ලැබීය. Tourism and Culture, Tourism enriches, Tourism and Biodiversity  එසේ තෝරා ගත් තේමාවන් කීපයකි. මෙවර ලෝක සංචාරක දිනයේ තේමාව වන්නේ (Tourism for all - promoting Universal accessibility) ලෝකයේ සියළු ජනයාට හා අංශවලට සහභාගි විය හැකි අන්දමට සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම මෙහි අරමුණයි. මෙහි මෙවර ප්‍රධාන සත්කාරක රට වන්නේ තායිලන්තයයි. UNWTO
(United Nation world Tourism Organization) සංවිධානයේ අධ්‍යක්‍ෂ ජනරාල් තලෙබ් මහතා සඳහන් කර ඇත්තේ තමන් ඹභඋඔධ සංවිධානයේ ප්‍රධාන සාමාජික රටක්‌ හා විශාල වශයෙන් සංචාරක ආකර්ෂණය දිනාගත් ගමනාන්තයක්‌ වන තායිලන්තය සමඟින් 2016 වර්ෂයේ ලෝක සංචාරක දිනය සැමරීමට සූදානම් වන බවයි.

ඉතාම සරල අර්ථයෙන් විග්‍රහ කරන විට සංචාරක ව්‍යාපාරය යනු නිවස (ගෘහස්‌ථ) සහ ඉන් බැහැර (ගෘහස්‌ථ නොවන) යන කලාප දෙක අතර කරන සංචාරයක්‌ ලෙස හඳුන්වා දී ඇත. (Holden, 2005 11)

එසේම කිසියම් පුද්ගලයකුගේ සුපුරුදු වාසස්‌ථානයෙන් බැහැර ඔහුගේ අවශ්‍යතා සඳහා ප්‍රතිචාර දක්‌වන සහ පෞද්ගලිකව එම පුද්ගලයාටත්, පොදුවේ සමාජ, සංස්‌කෘතික, ආර්ථික හා භෞතික පරිසරය කෙරෙහි සංචාරක ව්‍යාපාරය දක්‌වන බලපෑමක්‌ පිළිබඳ අධ්‍යයනය කරන විෂයක්‌ ලෙස ද මෙය අර්ථ දක්‌වා ඇත. (Jafari 1977: 8)

ලොව වත්මන් ප්‍රවනතාවයන් කෙරෙහි අවධානය යොමු කරන විට අන් කවරදාටත් වඩා සංචාරක ව්‍යාපාර ලොව අතිශයින් ප්‍රචලිතව පවතින්නක්‌ බව නොකිව මනාය. එහි යටගියාව විමසා බලන විට පැහැදිලි වන්නේ ඈත අතීතයේ පවා ජනයා විවිධ අපේක්‍ෂාවන් පෙරදැරි කර ගෙන සංචාරයේ යෙදුණු බවයි.

ඒ අනුව ඈත අතීතයේ ග්‍රීසියේ විසූ ජනයා විවිධ අත්භර්ත ක්‍රියාකාරකම්, උත්සව සහ ක්‍රීඩා තරග සඳහා වෙනත් ස්‌ථාන කරා සංචාරය කළ බව සඳහන් වේ. ක්‍රි. පූ. 776 කාලයේ ඔලිම්පියාවේ පැවති ප්‍රථම ඔලිම්පික්‌ ක්‍රීඩාව සඳහා හෙලනික්‌ ලොව සියලු ජනයා එහි ගෙන ගිය බව සඳහන් වේ. එසේම 1876 දී මෙහි සිදු කළ පුරාවිද්‍යා කැණීම් මඟින් මනාව පැහැදිලි වන්නේ මේ ක්‍රීඩාවන් දැඩි ආගමානුකූල තත්ත්වයක්‌ මත පදනම්ව තිබූ බවයි. මෙහිදී මලල ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා සඳහා මූලික වූ දෙවිවරු පිළිබඳ සාධක ලැබී තිබේ. එපමණක්‌ ද නොව ජයග්‍රහණ පිණිස කළ පුද පූජා සඳහා භාවිතයට ගත් කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ලෝකඩ පුරාවස්‌තු 13,000 කට අධික ප්‍රමාණයක්‌ අනාවරණය කර ගැනීමට හැකි වී ඇත.

ක්‍රීඩකයන් තරග නීති රීතිවලට ගරු කරන බවට පොරොන්දු වූ සියුස්‌ (Zeus) දෙවියන් උදෙසා වෙන් වූ අල්තාරය ද මෙහිදී හඳුනාගැනීමට හැකි විය. ග්‍රීක ශිෂ්ටාචරයෙන් පසුව එළඹි යුගය වන රෝම අධිරාජ්‍ය යුගයේදී සැතපුම් 4500 ක්‌ දිගු මාර්ග තනමින් මහජනයාට සංචාරය සඳහා පහසුකම් සපයා තිබුණි. එහිදී එක්‌ මුදල් වර්ගයක්‌ හා ලතින් භාෂාව පොදු භාෂාවක්‌ ලෙස භාවිත කළ යුතුය.

එපමණක්‌ ද නොව රෝමයේ ඔගස්‌ටස්‌ සමයේ ග්‍රීෂ්ම Rතුවේ දැඩි තාපයෙන් මිදීම සඳහා ධනවත් ජනයා ඉතාලියේ බටහිර වෙරළ කරා සංචාරය කළ අතර නේපල්ස්‌ ආශ්‍රිත ප්‍රදේශය සංචාරක ආකර්ෂණය දිනා ගත් ප්‍රචලිත ප්‍රදේශයක්‌ බවට පත් විය. ඒ අනුව ගෘහස්‌ථ පරිසරයෙන් මිදී විවිධ ප්‍රදේශ කරා සංචාරය කිරීම හඳුන්වා දීමේ මූලිකත්වය ගත් ජනයා ලෙස රෝමානුවන් ව හැඳින්විය හැකි බව සඳහන් වේ (Shrplay, 1999).

රෝම අධිරාජ්‍යයාගේ අභාවයෙන් පසුව ක්‍රි. ව. 16 - 17 වන සියවස දක්‌වා සංචාරය වඩා දුෂ්කර හා සීමා සහිත වූයේ තාක්‍ෂණික අංශයෙන් ප්‍රවාහන හා අනෙකුත් පහසුකම් සැපයීමේ මාධ්‍යවල නොදියුණු භාවයත්, සංචාරයේ යෙදීමේ දී සංචාරකයාගේ භාණ්‌ඩ කොල්ලකෑමත්, එවක යුරෝපයේ අධිරාජ්‍යයන් මඟින් සංචාරය කිරීම සඳහා පනවා තිබූ නීති ආදියත් නිසාය.

කෙසේ වෙතත් මේ යුගවලදී ජනයා සංචාරයේ යෙදුණේ බොහෝ විට ආගමික අරමුණු පෙරදැරි කරගෙන වන්දනා කරුවන් ලෙස හා වාණිජ කටයුතු සඳහා ය. වන්දනාකරුවන් ලෙස සංචාරයේ යෙදුණු පිරිසගේ ප්‍රධාන ගමනාන්තයන් (Destination) ජෙරුසලම, රෝමය සහ ශාන්තියාගෝ (ස්‌පාඤ්ඤය) හි පිහිටි සිද්ධස්‌ථානයන් ය. මේ ස්‌ථාන කරා විශාල ප්‍රමාණයක්‌ ජනයා ඒකරාශී වූ අතර ක්‍රි. ව. 1300 දී රෝමය වෙත ගිය පිරිස 300,000 කට ආසන්නය (Holden 2005).

මෙසේ ලොව විවිධ යුගවල, විවිධ රටවල ජනයා විවිධ අරමුණු පෙරදැරි කරගෙන තම වාසස්‌ථානයෙන් බැහැරව සංචාරයේ යෙදුණු අතර අද්‍යතනයේ එය බොහෝ රටවලට විදේAශ විනිමය විශාල වශයෙන් ගෙන දෙන සාමාජීය හා සංස්‌කෘතික සම්බන්ධතා වර්ධනය කරන අතිශයින් ජනප්‍රිය විෂයක්‌ බවට පත් වී ඇත.

එසේම අද සංචාරක ව්‍යාපාරය අනෙකුත් බොහෝ ක්‌ෂේත්‍ර යා කරන ප්‍රධාන අංගයක්‌ ද වේ. එය විවිධ අන්දමේ සංචාරක නිකේතන, හෝටල් , ස්‌වභාවික පුරාවිද්‍යාත්මක හා සංස්‌කෘතිකමය වැදගත් ස්‌ථාන, ස්‌මාරක, ගුවන් සේවා, ප්‍රවාහන සේවා, සංචාරක ඒජන්සි, රාජ්‍ය ආයතන, වෙළෙඳසල් හා මධ්‍යස්‌ථාන දායක කර ගනිමින් විසල් ව්‍යාපාරයක්‌ බවට පත්ව ඇත. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සලකන විට මෙය කුඩා දිවයිනක්‌ වුව ද වර්තමානයේ පමණක්‌ නොව අතීත ලෝකයේ බොහෝ ජනයාගේ ආකර්ෂණයට හා අවධානයට පාත්‍ර වූ බවට ද සංචාරක කටයුතු විවිධ ආකාරයෙන් හා අරමුණින් සිදු වූ බවට ද සාක්‍ෂි ලැබේ.

ටොලමි විසින් ලංකාවේ සිතියමක්‌ නිර්මාණය කිරීම, අරාබි වාණිජ ප්‍රජාව මෙහි පැමිණීම හා ලංකාව සෙරන්ඩිබ් ලෙස හැඳින්වීම ක්‍රි. ව. 5 වන සියවසේ දී සිදු වූ පාහියන් හිමිගේ පැමිණීම චීන, පර්සියානු වෙළෙන්දන් අපගේ වරායන් කරා ළඟා වීම, ඒ සඳහා නිදසුන් කීහිපයකි. මේ සාධක සැපයෙන්නේ ජනප්‍රවාද, ලිත මූලාශ්‍රවලින් පමණක්‌ නොවන අතර පුරාවිද්‍යාත්මක වශයෙන් කර ඇති අනාවරණයන් මෙහිදී බෙහෙවින් වැදගත් ය.

පොළොන්නරුවේ දූවේගල පිහිටි පැරණි බ්‍රාහ්මීය අක්‍ෂර සහිත ශිලා ලිපියක තනි තුඹගස සහිත තනි රූප සටහනක්‌ දක්‌නට ලැබීම, මහා තිත්ථ (මාතොට) වරාය ආශ්‍රිතව කළ කැණීම්වල දී ග්‍රීක, පර්සියානු හා අරාබි පිඟන් භාණ්‌ඩ ද, විදේශීය කාසි ව+ග ද ත්‍රීකුණාමලය, ගොඩවාය, දෙවුන්දර, කන්තරෝදය, සීගිරිය, අනුරාධපුරය ඇතුළු ප්‍රදේශවලින් ලැබීම ද,ගාල්ලේ චීන පර්සියානු හා දමිල ත්‍රිභාෂා ශිලා ලේඛනයේ (ක්‍රි. ව. 15 වන සියවසය) සඳහන් තොරතුරු විදේශීය රටවල නිෂ්පාදිත විවිධ වර්ගයේ පබළු ලංකාවේ පුරාවිද්‍යා පරිශ්‍රයන්ගෙන් ලැබීම ද (උදාහරණ අනුරාධපුරාය, මෙගලිතික සුසාන) ගාලු වරාය ආශ්‍රිතව සිදු කළ මුහුදු පුරාවිද්‍යා කටයුතුවල දී අනාවරණය කර ගත් චීන පිඟන් භාණ්‌ඩ, දැවමය හා යකඩමය සාධක ලෝකඩ සීනුව (මෙහි ලතින් භාෂාවේ වචන කීපයක්‌ හා 1625 වන යනුවෙන් සටහන්ව තිබුණි) වීදුරු භාණ්‌ඩ, රිදී කාසි, ආදී සාධක මේ අතිවිශාල පුරාවිද්‍යා සාධක අතර නිදසුන් කීපයක්‌ ලෙස දැක්‌විය හැකිය.

ඒ නිසා ම අද වන විට යුනෙස්‌කෝ ආයතය විසින් නම් කර ඇති මෙරට ලෝක උරුම ස්‌ථාන අට අතරින් හයක්‌ අතීත පුරාවිද්‍යාත්මක උරුමයට අයත් ස්‌ථානය. අනුරාධපුර, පොළොන්නරුව, සීගිරිය, දඹුල්ල මහනුවර, ගාල්ල එම පුරාවිHd ස්‌ථාන වේ. සිංහරාජය, හා හෝර්ටන්තැන්න නම් කර ඇත්තේ ස්‌වභාවික උරුම ස්‌ථාන වශයෙනි. පරිසරාත්මක වශයෙන් ඉහළ ජෛව විවිධත්වයක්‌ ඇති ලොව දිවයින් 34 අතුරින් එකක්‌ ලෙස ද අද ශ්‍රී ලංකාව නම් කර ඇත.

එපමණක්‌ ද නොව Lonely Planet මඟින් නැගෙනහිර පළාතේ ආරුගම්බේ ලොව මුහුදු රළ සමඟ කරන ක්‍රීඩාවන් (Wind Surfing) සඳහා ඇති වෙරළ තීර අතුරින් ඉතා වැදගත් එකක්‌ ලෙස ද ඩොල්µsන් මසුන් සහ තල්මසුන් නැරඹීමට ආසියාවේ ඇති වැදගත් රටක්‌ ලෙස ද අලි ඇතුන් හා දිවියන් නැරඹිය හැකි ලොව වැදගත් ජාතික වන උද්‍යානයක්‌ ලෙස යාල ද, ජාත්‍යන්තර ජනමාධ්‍ය මඟින් හඳුන්වා දී තිබීම මේ භූමියේ සුවිශේෂත්වය කියා පාන්නකි.

අතීතයේ මාර්කෝ පෝලෝ පවා සංචාරක ආකර්ෂණය දිනා ඇති ගමනාන්තයන් ලෙස ශ්‍රී ලංකාව හඳුන්වා දී ඇත. ආගන්තුක සත්කාර දන්නා ශිෂ්ටාචාරවත් ජනයා මෙහි ජීවත් වීම ද මෙරට විදෙස්‌ ජනයා අතර ප්‍රචලිත වීම ප්‍රධාන හේතුවයි.

වසරේ මාස දොළහේ සෑම මාසයකම විවිධ සංස්‌කෘතික උත්සව පැවැත්වෙන අන් රටක්‌ වර්තමානයේ ලොව වෙනත් ස්‌ථානයක නොමැත. පැය 04 ක්‌ වැනි කාලයක්‌ තුළ උෂ්ණත්ව වෙනස මැනවින් හඳුනාගත හැකි ස්‌ථාන වෙත ළඟා වීමට සංචාරය කරන්නන්ට මෙරට තුළ දී හැකි වීම ද විශේෂත්වයකි.

දෙස්‌ විදෙස්‌ සංචාරක ආකර්ෂණය ඉහළින් ලබා ගත හැකි මෙවන් දේශයක දේශපාලනමය වශයෙන් වගකිව යුතු පාර්ශ්වයන් රාජ්‍ය හා පෞද්ගලික ආයතන යන දෙඅංශයම කතිකාවකට එළඹ සංචාරක ව්‍යාපාරය පුළුල් ලෙස දියත් කිරීමේ වැඩපිළිවෙළක්‌ සකස්‌ කිරීම බෙහෙවින් වැදගත් ය.

ඒ සඳහා අවැසි පසුබිම සකස්‌ කිරීම අත්‍යාවශ්‍ය වේ. රටක පුරාවිද්‍යාත්මක උරුමය යනු ලෝකයේ අතිශය ව්‍යාප්තව පවතින සංචාරක ව්‍යාපාරය සඳහා වන සම්පතකි. අද මෙවන් උරුම ඇති රටවල ආර්ථිකය නංවන ප්‍රධාන සාධකය බවට මෙය පත්ව ඇත. එහෙයින් සංස්‌කෘතික හා පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත් ස්‌ථාන හා ස්‌මාරක ගවේෂණයට, වාර්තාගත කිරීමට, කැණීමට ලක්‌ කිරීම, විශ්ලේෂණය, සංරක්‍ෂණය හා එම උරුමය නඩත්තුව, විශේෂයෙන් සංචාරක ආකර්ෂණය සඳහා සකස්‌ කිරීමට ජාතික වශයෙන් වැඩපිළිවෙළක්‌ කළ යුතුව ඇත. ඕනෑම ක්‍රියා පිළිවෙළක්‌ ආරම්භ කිරීමට, පවත්වාගෙන යැමට රටක ජාතික මුදලින් සැලකිය යුතු ප්‍රමාණයක්‌ වැය කළ යුතුය. එහෙත් මෙවන් කටයුත්තක්‌ ආරම්භය සඳහා පවත්වාගෙන යැම සඳහා හා සාර්ථක කර ගැනීම සඳහා මෙම විෂයන් සම්බන්ධව න්‍යායික හා ප්‍රායෝගික දැනුම ඇති පුරාවිද්‍යාඥයන්, වාස්‌තු විද්‍යාඥයන් උරුම සංරක්‍ෂකයන් ඇතුළු විශේෂඥයන් යොදා ගැනීම කෙරෙහි මෙහිදී වගකිව යුතු පාර්ශ්වයන්ගේ අවධානය දැඩි ලෙස යොමු කළ යුතුය. මෙය එක්‌ අතකින් වසරකට දහස්‌ ගණනින් විශ්වවිද්‍යාල ලබා පිටවන ආධුනික තරුණ පිරිස ද යොදා ගත හැකි ක්‌ෂේත්‍රයකි. දේශයක පුරාවිද්‍යාත්මක උරුමය යනු විනාශ වුවහොත් ප්‍රතිනිර්මාණය කළ නොහැකි මාහැඟි උරුමයකි. එහෙයින් එවන් විෂයයන් සම්බන්ධයෙන් කෙරෙන මැදිහත්වීම මනා දැනුම ඇති පිරිසකගේ මෙහෙයවීමෙන් කළ යුතුය. නොඑසේ නම් වන්නේ රකින්නට යන උරුමය තවදුරටත් විනාශ වී, අනාගත ශ්‍රී ලාංකිකයන්ට පමණක්‌ නොව සකළ ලෝක වාසීන්ටම ඒවා අහිමි වීමකි.

 




භාවිත මුලාශ්‍ර
http://www.unwto.org/wtd/index.php
http://www.unwto.org/wtd/about/en/about.php?op=1
http://en.wikipedia.org/wiki/Tourism
https://www.archaeology.lk/si/article.php?articleID=4439
http://sinhala.dgi.gov.lk
http://www.divaina.com/2015/09/26/news12.html 

Tuesday, July 12, 2016

ලෝක ජනගහන දිනය (2016 ජුලි 11)


එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෝක ජනගහනය පිළිබඳව ලොව සෑම රටකම අවධානය වැඩි වශයෙන් යොමු කරලීමේ අරමුණින් වසර 1989 දී පටන් සෑම වසරකම ජූලි 11 වැනි දිනය “ලෝක ජනගහන දිනය” ලෙස නම් කරනු ලැබීය. මෙම සැමරුම එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ පාලන කවුන්සලය විසින් පිහිටුවන ලදී.


ජනගහනය වැඩි වීමට උපත් වැඩි වීම, මරණ අඩු වීම රට තුළ හා රටෙන් පිටතට ජනගහනය සංක්‍රමණය වීම පෙන්වා දිය හැකිය.ලෝක ජනගහනයේ වර්ධන පිළිබඳ පරීක්ෂාවෙන් කටයුතු කිරීම වෙනුවෙන් මෙවැනි දිනයක් වෙන් කිරීමෙන් අපේක්ෂා කරයි.


ඒ අනුව 1989 පටන් අඛණ්ඩව සෑම වසරකම ජනගහනය පිළිබඳව තෝරාගත් තේමාවක් ඔස්සේ වැඩි වශයෙන් අවධානය යොමු කිරීමටත්, සැමරුම් පැවැත්වීමටත් ක්‍රියා කර ඇත.

වයස අවුරුදු 13 සිට 19 දක්වා වයසේ පසුවන ගැහැනු දරුවන්ගේ ආරක්ෂාව සැලසීම, අයිතීන් සුරැකීම, ප්‍රජනන සෞඛ්‍ය දැනුම වැඩිදියුණු කිරීම (‘investing in teenage girls’)2016 මෙවර ජනගහන දින සැමරුමේ තේමාව ලෙස දක්වා තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙවන් තේමාවක් ප්‍රකාශයට පත් කරමින් ලොව සෑම රටකම නායකයින්ගේ, සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයින්ගේ හා සමස්ත ප්‍රජාවගේ අවධානය මේ වයසේ පසුවන ගැහැනු දරුවන් වෙතම යොමු කිරීම ඉතා වැදගත් බවද සතරසිංහ මහතා කීය.

 1996 සිට 2015 දක්වා ලෝක ජනගහන දින සැමරුම් තේමාවන් පහතින් දක්වා ඇත.

2015 -”Vulnerable Populations in Emergencies”.
2014 - “A time to reflect on population trends and related issues” and “Investing in Young People”.
2013 - “Focus is on Adolescent Pregnancy”.
2012 - “Universal Access to Reproductive Health Services”.
2011 -“7 Billion Actions”.
2010 - “Be Counted: Say What You Need”.
2009 - “Fight Poverty: Educate Girls”.
2008 - “Plan Your Family, Plan Your Future”.
2007 - “Men at Work”.
2006 - “Being Young is Tough”.
2005 - “Equality Empowers”.
 2004- “ICPD at 10”.
2003- “1,000,000,000 adolescents”.
2002 - “Poverty, Population and Development”.
2001 - “Population, Environment and Development”.
2000 - “Saving Women’s Lives”.
1999 - “Start the Count-up to the Day of Six Billion”.
1998 - “Approaching the Six Billion”.
1997 - “Adolescent Reproductive Health Care”.
1996 - “Reproductive Health and AIDS”.

වැඩිදුර තොරතුරු සඳහා පහත අඩවි පරිශීලනය කරන්න.
UNFPA හි වෙබ් පිටුව - http://www.unfpa.org/events/world-population-day
http://indguru.com/2016/world-population-day-wallpapers-quotes-slogan-theme/13255/

මූලාශ්‍ර
http://sinhala.srilankanewslive.com/
http://www.dinamina.lk/
http://www.festivalsday.com/

Tuesday, July 5, 2016

ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එකතු කරන ආයතන





Items collected
Name of the Organization
Address
Contact person
Telephone number
E-mail address
Website
Electronic waste in bulk quantities
Green Link Statutory of N.S. Gunaratne & Company Pvt Ltd
20/1A,
Moragasmulla Road,
Rajagiriya
Office and warehouse:
No. 848/3A,
Negombo Road,
Mabole,
Wattala
Mr. Gunaratne
0714 - 066455
0115 - 660300
0115 - 661731
udnsgco
@gmail.com
www.greenlink.lk
Geocycle
Holcim Lanka (Pvt)Ltd.
413,
R A de Mel Mawatha,
Colombo 03
Mr. Randiva Malalasooriya
Mr. Chamila Herath
0772 - 538771
0117 - 800800
0773 - 613011
randeewa.malalasooriya
@holcim.com
chamila.herath
@holcim.com
www.geocycle.lk
Toner and Cartridges Recycle
E Wis Peripherals Pvt Ltd
142 Yatahama Building
Galle Rd.
Colombo 02
Mr Chanaka Hapuarachchi
0773 - 951122
0112 - 496000
chanakah
@ewisl.net
www.ewisl.net
ABC Trade and Investments (Pvt) Ltd
RE-NEW STATION
No 3,
Bandaranayakapura Road,
Rajagiriya
Mr M Shaheem
0115 - 877700
0716 - 891337
www.renewstation.biz
RE-NEW STATION
No. 35G,
Liberty Plaza,
Colombo 03.
Ms. Dilrukshi
0112 - 375480
- do -
- do -
RE-NEW STATION
No. 400/2, 
2nd Floor,
Unity Plaza,
Colombo 04.
Mr. Robinson
0115 - 630658
- do -
- do -
RE-NEW STATION
State Trading General Corporation
No. 100,
Nawam Mawatha,
Colombo 02.
Mr. Nuwan
0715 - 363701
- do -
- do -
RE-NEW STATION
No. 6 
Tammita Road,
Negombo
Ms. Anne
0115 - 653111
- do -
- do -
RE-NEW STATIO
No. 45,
D.S Senanayaka Veediya,
Kandy
Mr. Solaman
0815 - 622111
0714 - 307662
- do -
- do -
Used Office Equipments
Metropolitian Office (Pvt) Ltd
85, 
Braybrook Place
Colombo 2
Ms Chamintha Thilakarathna
0114 - 700200
0776 - 274135
chaminthat
@metropolitan.lk
www.metropolitan.lk
Used household electronic equipments
Singer Sri Lanka PLC
No. 320 
Dr. Colvin R. De Silva MW
Colombo 02
Ms Yasara Jasingarachchi
0112 - 316277
0112 - 316246
yasaraj
@singersl.com
www.singersl.com
Used Mobile Phones and equipments related to the service
Sri Lanka Telicom (SLT)
Head Quarters
Lotus Rd
Colombo 01
Mr. Ariyawansha
0716 - 837828
0112 - 421815
aryawa
@slt.com.lk
www.slt.lk
Used Mobile Phones and Accessories
Dialog Axiata
475,
Union Place,
Colombo 2.
Mr. Duleep Thilakaratne
0777 - 678700
011 - 7694343
Elisalat Pvt Ltd
Grandpas Rd.
Colombo 14
Mr Buddika Dharmarathna
0722 - 475474
0722 - 541541
buddhikad
@int.etisalat.lk
www.etisalat.ac
Mobitel Pvt Ltd
No 108
W A D Ramanayake Mwt.
Colombo 02
Mr. Poul Outschoorn
0716 - 828877
071 - 6910162
paulo@mobitel.lk
www.mobitel.lk
Hutchison Telecomunication Lanka Pvt Ltd
234
Galle Rd
Bambalapitiya
Colombo 4
Mr Lalith Prerera
0785 - 697977
0788 - 632235
lalith
@hutchison.lk
 www.hutch.lk
Used electronic equipments related to the service
Virtusa Pvt Ltd
No:752,
Dr. Danister De Silva Mawatha
Colombo 09
Mr Rasika Vithanage
0776 - 776776
0114 - 605500
Ext: 5023
rwithanage
@virtusa.com
www.virtusa.com
Lanka Bell Ltd
Level 06
Eant Lower Blick 01
World Trade Centre
Echewlon Square
Colombo 01
Mr S Bertholomeuz
Mr. Upul Wijeywardena
0777 - 278 011
0115 - 339933
0772 - 269030
upulw
@mail.lankabell.com
www.lankabell.net
Used and obsolete electronic equipments, mobile phones
Abanse Group of Companies
Abanse Group of Companies,
498,
Galle Road
Colombo 03
Mr. Janaka Wijesekara
0718 - 320492
0117 - 717777
janaka
@abansiss.com
www.abansgroup.com
A






B