Sunday, June 5, 2016

ලෝක පරිසර දිනය (2016 ජුනි 05) - මෙතෙක් සියලු පරිසර දින තේමාවන් අන්තර්ගතව ඇත.

ජගත් පරිසර දිනය (2016 ජුනි 05) අදට යෙදී තිබේ. 1972 පැවැති එක්‌සත් ජාතීන්ගේ මහ සම්මේලනයේදී ගන්නා ලද තීරණයකට අනුව මානව පරිසරය පිළිබඳ එක්‌සත් ජාතීන්ගේ සමුළුව 1972 ජුනි 05 වැනි දින සිට ජුනි 16 වැනි දින දක්‌වා ස්‌වීඩනයේ ස්‌ටොක්‌හෝම්නුවරදී පවත්වන ලදී. 

එහි ආරම්භක දිනය වන ජුනි 05 වැනි දිනය ජගත් පරිසර දිනය වශයෙන් පසුව ප්‍රකාශයට පත් කරන ලදී. මේ දිනය සැමරීම සඳහා නිල වශයෙන් කටයුතු කරන එක්‌සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ ආරම්භය සිදුවන්නේ ද මෙම සමුළුවේ ප්‍රතිඵලයකිනි. එතැන් සිට ගතවූ දශක හතරක පමණ කාලය තුළ එක්‌ එක්‌ වසරවල විවිධ තේමාවන් ඔස්‌සේ ජගත් පරිසර දිනය සමරනු ලබයි. මෙහිදී එක්‌ එක්‌ වසරේ ජගත් පරිසර දිනය සැමරීම සඳහා රටවල් තෝරා ගන්නේ පිළිවෙළින් උත්තර අර්ධගෝලයෙන් සහ දක්‌ෂිණ අර්ධගෝලයෙන් මාරුවෙන් මාරුවටය. 

ඒ අනුව 2016 වර්ෂයේ පරිසර දිනය සැමරීම සඳහා  ඇන්ගෝලාවයි තෝරාගෙන ඇති අතර  මෙවර පරිසර දින තේමාව ලෙස  “වනජීවී සම්පත් නීති විරෝධී ලෙස අලෙවි කිරීමට එරෙහි වෙමු” (FIGHT AGAINST THE ILLEGAL TRADE IN WILDLIF) ගෙන ඇත.

2015 සවිස්තරාත්මක ලිපිය කියවිමට මෙතනින් යන්න. (මධ්‍යම පරිසර අධිකාරියේ මාධ්‍ය ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සුනිල් උඩුකුල මහතාගේ ලිපියක් අන්තර්ඝත කර ඇත.


ඔබගේ දැන ගැනීම සහ අවශ්‍යතාව සදහා 1974 වසරේ සිට 2016 දක්වා ලොව පරිසරයට වෙන් වූ දිනයන් හි ජගත් පරිසර දින තේමාවන් පහතින් දක්වා ඇත.

1973    -   Expo ’74” තුළ එක් පොළොවක්.
1974    -    එක් පොළොවක්.
1975    -    මනව ජනාවාස.
1976    -    ජලය ජීවයට අත්‍යවශ්‍ය සම්පතකි.
1977    -    ඕසෝන් වියන පරිසරය කෙරෙහි බලපෑම, බිම් අහොසි වීම 
                  සහ කැලෑ විනාශය.
1978    -    විනාශයෙන් තොර දියුණුවක්.
1979    -    අපේ දරුවන්ට එකම අනාගතයක්, විනාශයෙන් 
                 තොර සංවර්ධනයක්.
1980    -    අලූත් දශකයට අලූත් අභියොගයක්.
1981    -    භූ ගත ජලය මිනිසාගේ අහාර දාමයේ විෂ සහිත 
                 රසායන සහ පරිසර ආර්ථීකය.
1982    -    ස්ටෝක්හෝම් සැසියෙන් දශකයකට පසු. 
1983    -    විනාශකාරී අපද්‍රව්‍ය කළමනාකරණය අහොසිය, අම්ල වැසි 
                 සහ බලශක්තිය.
1984    -    කාන්තාරකරණය.
1985    -    තාරුණය ජනගහනය සහ පරිසරය
1986    -    සාමය සදහා ගස් වවමු.
1987    -    පරිසරය සහ වාසස්ථාන, පියස්සකට වැඩි දෙයක්.
1988    -    මිනිසා පරිසරය මුලට ගත් විට සංවර්ධනය අගට යෙදේ 
1989    -    පෘථීවි ගෝලයේ උෂ්ණත්වය ඉහළ යෑම 
                  අනතුරු ඇගවීමකි.
1990    -    පරිසරය සහ දරුවන්.
1991    -    දේශගුනික විපර්යාසය ගෝලීය එක්සත් 

                  බවේ    අවශ්‍යතාවයකි.
1992    -    එකම පෘථීවිය සුරකිමු, ඛෙදා හදාගෙන ජීවත් වෙමු.
1993    -    දිලිදුකම සහ පරිසරයේ විෂම චක්‍රය බිදිමු.
1994    -    එක පවුලක් එක පොළොවක්.
1995    -    ජගත් පරිසරයකට ජනතා දායකත්වය.
1996    -    පොළොව අපේ ජන්ම භූමිය යි, අපේ නිවහන යි.
1997    -    පෘථීවියේ ජිවය සදහා 
1998    -    පෘථීවියේ ජිවය සදහා සාගරය සුරකිමු.
1999    -    අපේ පෘථීවිය අපේ අනාගතය යි එය සුරකිමු.
2000    -    පරිසර සහශ්‍රකය යි කි්‍රයාත්මක වීමට කාලය යි.
2001    -    ජීවය උදෙසා අන්තර්ජාලය සමග එක්වෙමු.
2002    -    මිහිතලයේ සොදුරු බව රැකදෙන්න.
2003    -    ජලය ජීවයේ උල්පත යි.
2004    -    මුහුද සහ සාගරය නොනසා රැක ගනිමු.
2005    -    මිහිමඩල සුරකන හරිත පුරවර.
2006    -    වියළි බිම් සරු කරමු.
2007    -    අයිස් කදු දිය වීම.
2008    -    හරිතාගාර වායු පිටු දකිමු, කාබන් අවම ආර්ථීකයක් කරා 
                  පියනගමු.
2009    -    මිහිමවට ඔබ අවැසිය, දේශගුණික විපර්යාස පිටු දැකීමට
                  පෙළ ගැසෙමු.
2010    -    එක මිහතලයක ජීවයක් පිරුණු අනාගතයක්.

2011    -    වන සම්පත සොබාදහමේ සත්කාරයයි.
2012    -  හරිත ආර්ථිකය; ඔබත් එහි කොටස්කරුවෙක්
2013    -  ආහාර පරිභෝජනයේ අරපිරිමැස්‌ම ගැන සිතන්න ඔබගේ ආහාර පියසටහන අඩු කරන්න
2014    - දේශගුණික විපර්යාසවලින් දූපත් රාජ්‍යයන් බේරාගැනීම
2015    -  බිලියන 07ක ජනතාවක් – එක ග්‍රහලෝකයක් – පරිස්සමින් පරිහරණය කරමු
2016     - වනජීවී සම්පත් නීති විරෝධී ලෙස අලෙවි කිරීමට එරෙහි වෙමු

No comments:

Post a Comment