Friday, May 29, 2015

"පිවිතුරු පරිසරය පුජනීයයි"
පොසොන් පාරිසරික සත්කාරය - 2015
මධ්‍යම පරිසර අධිකාරිය

දඹදිව දේශයේ සිට ශ්‍රී ලංකා ද්වීපයට අනුබුදු මිහිඳු හිමිඳු හිමියන් විසින් බුදු දහම රැගෙන එමින් මෙරට ධර්ම ද්වීපයක් බවට පත්කරලීමේ ඓතිහාසික සිදුවීම සමරමින් වර්ෂයක් පාසා අනුරාධපුර නගරය කේනද්‍ර කර ගනිමින් පොසොන් උත්සවය සැමරීම සිදුවේ. මිහින්තලේ මිස්සක පව්ව ආශ්‍රිතව සිදුවු මෙම ආගමික, සංස්කෘතික හා සමාජීය පරිවර්තනයට මුල පිරූ එම ඓතිහාසික ගමන අති උත්කර්ෂවත් ආකාරයෙන් මෙරට සිදුකරන ජාතික උත්සවයක් වශයෙන් රාජ්‍ය නායකත්වයේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සංස්කෘතික හා ආගමික මංගල්‍යයක් බවට පත්වී ඇත.

අනුරාධපුර මහමෙවුනාව, මිහින්තලේ රජමහාවිහාරය සහ තන්තිරිමලේ රජමහා විහාරය යන ස්ථානයන්ට අති විශාල බැතිමතුන් ප්‍රමාණයක් පැමිණෙන අතර මෙම පුජා භූමිවල පාරිසරික සුන්දරත්වය ආරක්ෂා කර ගැනීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය විසින් "පිවිතුරු පරිසරය පුජනීයයි" යන තේමාව යටතේ විශේෂ පොසොන් පාරිසරික සත්කාරක වැඩසටහන ජුනි 02, 03 යන දිනවල මෙවර ද සංවිධානය කර ඇත.

මේ සඳහා අනුරාධපුර අටමස්ථානාධිපති ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ ගරුතර මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් ආර්. එම්. එච්. බී. හේරත්, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ඩි.පි.ජි. කුමාරසිරි යන මැතිතුමන්ලාගේ ප්‍රධානත්වයෙන් හා අනුරාධපුර සියලු රාජ්‍ය ආයතනවල ආයතන ප්‍රධානින් සහ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් මෙම පාරිසරික සත්කාරක වැඩසටහන පැවැත්වීමට නියමිතය.  

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි සහ අධ්‍යක්ෂ ජනරාල් කේ. එච්. මුතුකුඩආරච්චි යන මහත්වරුන්ගේ පුර්ව මාර්ගෝපදේශකත්වය යටතේ සංවිධානය කර ඇති "පිවිතුරු පරිසරය පුජනීයයි" යන තේමාව ප්‍රමුඛ කර ගත් පොසොන් පාරිසරි සත්කාරක වැඩසටහන තුළ අංග ගණනාවක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. මධ්‍යම පරිසර අධිකාරියේ උතුරු මැද පළාත් කාර්යාලයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මෙම පොසොන් පාරිසරික සත්කාරයට පහත අංග ඇතුළත් කර ඇත.

Ø  මහමෙවුනාව උයන හා පෙත්මග  දෙපස කසළ බදුන් 60 ක් ස්ථානගත කිරීම.
Ø  පරිසර නියමුවන් 500 කගේ සහභාගීත්වයෙන් අනුරාධපුර මහමෙවුනාව උයන හා පෙත්මග ආශ්‍රිතව, තන්තිරිමලේ සහ මිහින්තලේ පුජා භූමි ආශ්‍රිතව බැතිමතුන් දැනුවත් කිරීමේ හා මාර්ගෝපදේශ ලබාදීමේ වැඩසටහන් කිරීම.
Ø  එම ස්ථාන ත්‍රිත්වයේම පරිසර ආදර්ශ පාඨ ඇතුළත් බැනර් ප්‍රදර්ශනය කිරීම.
Ø  වීදි නාට්‍ය 05 ක් සංවිධානය කිරීම.
Ø  පරිසර හිතකාමී පාඨ සහිත ටී ෂර්ට් සහ හිස්වැසුම් පැළඳි පරිසර නියමුවන් හා අනුරාධපුර රාජ්‍ය ආයතන නිලධාරීන් විසින් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
Ø  මහමෙවුනා උයනේ ස්ථානගත කර ඇති දන්සැල්, තාවකාලික වෙළඳසල්, වෙළඳ කුටි පිළිබඳ සමීක්ෂණ වාර්තා ලබාගැනීම සහ එම ජනතාව විධිමත් කසළ කළමනාකරණය සහ පුදබිමේ පවිත්‍රතාවය පිළිබඳ දැනුවත් කිරීම.
Ø  එකතුවන කැලි කසළ විධිමත් පරිදි බැහැර කිරීම පිළිබඳව විමසිලිමත් වීම සහ පළාත් පාලන ආයතන මඟින් ඒවා සම්බන්ධීකරණය කිරීම.
Ø  රජරට ගුවන් විදුලිය හා අනෙකුත් ප්‍රාදේශීය මාධ්‍ය මඟින් පොසොන් පාරිසරික සත්කාරයට අදාළ පණිවුඩ හා කෙටි වැඩසටහන් වරින් වර ප්‍රචාරය කිරීම .... ආදියයි.


මධ්‍යම පරිසර අධිකාරිය විසින් මෙරට ප්‍රමුඛ ආගමික හා සංස්කෘතික මංගල්‍යයන් පැවැත්වෙන සෑම ප්‍රදේශයක්ම කේන්ද්‍ර කර ගනිමින් වාර්ෂිකව දීප ව්‍යාප්ත මට්ටමින් ක්‍රියාත්මක කරනු ලබන පරිසරය ආරක්ෂා කර ගැනීමේ විවිධ වැඩසටහන් අතර පොසොන් පාරිසරික සත්කාරක 2015 වැඩසටහන ප්‍රමුඛ වැඩසටහනක් වන බව මේ පිළිබඳව අදහස් දක්වමින් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි මහතා පැවසීය. 

Media Unit (EE&A)-Central Environmental Authority-0112873449
Web - www.cea.lk

Sunday, May 24, 2015

ලෝක ජෛව විවිධත්ව දිනය

biodiversity 5ලෝක ජෛව විවිධත්ව දිනය මැයි 22 දිනට යෙදී තිබේ. 2015 වර්ෂයේ ජෛව විවිධත්ව දිනයේ තේමාව තිරසාර සංවර්ධනය සඳහා ජෛව විවිධත්වය යන්නයි. පෘථිවිය තුළ ජීවීන්ගේ පැවැත්ම රඳා පවතින්නේ ජෛව විවිධත්වය මතය. ජෛව විවිධත්වය යනු පෘථිවිය මත දක්නට ලැබෙන ජීව වස්තූන්ගේ එනම්, ශාක හා සතුන්ගේ විවිධත්වයයි.
 
 මේ සඳහා එක්සත් ජාතීන්ගේ පරිසරය හා සංවර්ධනය පිළිබඳ සම්මේලනය හෙවත් මිහිතල සමුළුව සම්මුතිය මඟින් දී ඇති නිර්වචනය වඩාත් පැහැදිලි එකකි. එනම්, ජෛව විවිධත්වය යනු 'භෞමික සමුද්‍රික සහ අනෙකුත් පරිසර පද්ධතීන් සහ පාරිසරික සංකීර්ණ ඇතුළු සියළුම මූලාශ්‍රයන්හි අඩංගු සහ ඒවායේ කොටසක් වන ජීව වස්තූන් අතර ඇති වෙනස් වීමේ හැකියාවයි'. තව ද, 'ඒ ඒ ජීවී (ශාක හා සත්ත්ව) විශේෂයන් තුළ ඇති විවිධත්වය වේ'.තවත් ලෙසකින් කිවහොත්, ජීවීන් සතුව ඇති අපරිමිත විවිධාත්මකභාවය ජෛව විවිධත්වය ලෙසින් හඳුන්වයි. නමුත් විද්‍යාත්මක ලෙස ජෛව විවිධත්වය අර්ථ දක්වන්නේ නම්, ප්‍රවේණිවල විවිධත්වය, අන්තර් සබඳතා, විශේෂවල විවිධත්වය, පරිසර පද්ධතිවල විවිධත්වය, වාසභූමි ආදී සියල්ලෙහිම පවතින්නාවූ විවිධත්වය ජෛව විවිධත්වය ලෙස හදුනාගත හැකිය.ලෝකයේ ජෛව විවිධත්වය ව්‍යාප්ත වී ඇති අන්දම දැක්වෙන සිතියමක් තිබේ. මුලින්ම පොළොවේ ජෛව විවිධත්වය විසිරී ඇති අයුරු දැක්වෙන සිතියමක් පිළියෙල කළේ 1876දීයි. ඒ බි‍්‍රතාන්‍ය ජාතික ඇල්ෆ‍්‍රඞ් රසල් වොලස් නම් ස්වභාව විද්‍යාඥයා අතිනි. ලෝකයේ විවිධ ජීවින් හා ශාක ගණනය කළ නොහැකි ප‍්‍රමාණයක් පරිණාමය වී හා ලොව පුරා ව්‍යාප්ත වී ඇති ආකාරය දැක්වෙන සිතියමක් පිළියෙල කිරීමට ප‍්‍රථම ප‍්‍රයත්නය ලෙස ඔහු විසින් නිර්මාණය කළ එම සිතියම දැක්විය හැකිය.
biodiversity
1876 දී බි‍්‍රතාන්‍ය ජාතික ඇල්ෆ‍්‍රඞ් රසල් වොලස් සැකසූ ජෛව විවිධත්වය දැක්වූ සිතියම
 මෙම සිතියමට අනුව ලෝකය විශාල ජෛවභූගෝලීය කලාප 11කට බෙදා නම් කර ඇති අතර ඒවා එකිනෙකට සම්බන්ධ වන ආකාරය දක්වා තිබේ.

1876 දී ඇල්ෆ‍්‍රඞ් රසල් වොලස් විසින් පරිණාමය අනුව ස්වාභාවික ලෝකයේ ජීවීන්ගේ හා ශාකවල ව්‍යාප්තිය පැහැදිලි කිරීමට සිතියමක් සකසා තිබේ. එය ජෛව විවිධත්වය ගැන පැහැදිලි කිරීමට ගත් ප‍්‍රථම උත්සාහය විය. පරිණාමවාදයේ පියා වූ චාල්ස් ඩාවින්ගේ හවුල්කරුවා වූයේ වොලස්ය. එදා වොලස් ඉදිරිපත් කළ ඒ සිතියම අද සම්පූර්ණයෙන් ම යවත්කාලීන කර තිබේ. ඒ නව සිතියම දැන් ‘සයන්ස්’ (Science) විද්‍යා ජර්නලයේ පළ කොට ඇත. ඒ සිතියම විශාල ජෛවභූගෝලීය කලාප 11කට බෙදා ඒවායේ එකිනෙකට ඇති සබඳකම් ද දක්වා තිබේ. ඒ සඳහා සත්ව, ශාක හා උභයජීවී වීශේෂ 20,000කට වැඩි ප‍්‍රමාණයක් පිළිබඳව පරිණාමීය හා භූගෝලීය තොරතුරු සියල්ල ඇතුළත් කොට ඇත.biodiversity 2

මේ නව සිතියමට අනුව ලෝකය විශාල ජෛවභූගෝලීය කලාප 11කට බෙදා නම් කර ඇති අතර ඒවා එකිනෙකට සම්බන්ධ වන ආකාරය දක්වා තිබේ


ශ්‍රී ලංකාව ඉතා හොඳ ජෛව විවිධත්වයකට හිමිකම් කියන රටකි. රට ප්‍රමාණයෙන් කුඩා වුව ද වෙනස් දේශගුණික තත්වයන් හා භූමි ලක්‍ෂණ නිසා පුළුල් පරිසර පද්ධති ව්‍යාප්තියක් දක්නට ලැ‍‍බෙන අතර ජෛව විවිධත්වය ඉහළ වේ. ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන විවිධ ජෛව විද්‍යාත්මක පරිසර පද්ධති ප්‍රධාන වශයෙන් වර්ග 4කට බෙදා සාකච්ඡා කළ හැකි ය.
 

1. වනාන්තර හා ඒ ආශ්‍රිත පරිසර පද්ධති.
2. රට තුළ ඇති තෙත් බිම් පරිසර පද්ධති.3. වෙරළබඩ හා සාගරික පරිසර පද්ධති.4. කෘෂිකාර්මික පරිසර පද්ධති.ශ්‍රී ලංකාවේ ඉතාම වැදගත් ස්වාභාව්ක සමිපතක් වනුයේ භූමිය යි. කෘෂිකර්මාන්තය, වනාන්තර, ජෛව විවිධත්වය සහ වෙනත් බොහෝ සමිපත් රැදී පවතිනුයේ ඒ මත ය.  දකුණු ආසියාවේ අනෙකුත් රටවල් හා සැසදී‍මේදී බංගලාදේශය හැරැණු විට ඉහළම ජනගහන ඝණත්වය ඇත්තේ ශ්‍රී ලංකාවේ ය. හෙක්ටයාර් දශලක්‍ෂ 6.5ක් අතුරින් කෘෂිකාර්මික භාවිතය සදහා යෝග්‍ය පස් ඇත්තේ හෙක්ටයාර් දස ලක්‍ෂ 5.5ක පමණි. ඉතිරි භූමි ප්‍රමාණය අධික බෑවුමි සහිතව හෝ ගල් සහිතව හෝ ලවණතා‍වේ බලපැමට හෝ ලක්ව ඇත.

biodiversity 4
පසුගිය දශකයේ මැද භාගයේ සිට ඉඩම් පරිහරණයේ වෙනස්වීමි හ‍ට ගෙන ඇත. වර්ෂ 1881 දී ශ්‍රී ලංකාවේ මුළු බිමි ප්‍රමාණයෙන් 80%කට අධික ප්‍රමාණයක් වනයෙන් වැසී තිබුණු බව ඉතිහාසගත තොරතුරැවලින් පෙනේ. වර්ෂ 1948 දී ජාතික නිදහස ලැබෙන විට මෙය 45% දක්වා පහළ බැස තිබුණි. දැනට මෙය 24% ක් පමණ වන බව වාර්තා වේ. ජනගහනයේ සීඝ්‍ර වර්ධනයත් සමඟ ප්‍රතිලෝම සමිබන්ධතාවයක් පෙන්නුමි කරමින් වන වැස්ම හීන විම සිදු වී ඇත. වනයෙන් වැසී තිබුණු බොහෝ ඉඩමි හේන් ගොවිතැන සදහා යොදාගත් අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් ජෛව ප්‍රභේද ක්‍රමක් ක්‍රමයෙන් වියැකී යාමට පටන් ගැණිනි.

හේන් ගොවිතැන මෙන්ම රජයේ ඉඩමි අනවසරයෙන් අල්ලා ගැනිම ද වර්තමානයේ දක්නට ලැබෙන සුලබ දෙයකි.දියපාරවල් හා ඇලවල් සදහා වෙන්කර ඇති ඉඩමි අනවසරයෙන් අල්ලා ගැනිම නිසා ජල සමිපතට ද පාරිසරික තර්ජන එල්ල වී ඇත.

ජෛව විවිධත්වය කෙරෙහි ඕසෝන් වියනේ බලපෑම ද මෙහිදී ඉතාම වැදගත් වේ. සූර්යයාගේ සිට පෘථීවිය කරා පැමිණෙන පාරජම්බූල කිරණ එහි තරංග ආයාමය අනුව  UV – A, UV-B සහ UV-C ලෙස කොටස් 3කින් හැඳින්වෙයි. තරංග ආයාමය නැනෝ මීටර් 315 – 400 ත් අතර ප‍්‍රමාණයක පවතින UV-ඒ කිරණ වායුගොලය තුළින් ඉතා පහසුවෙන් පෘථිවියට සම්පෙ‍්‍ර්ෂණය වන අතර ඒවා අඩු ශක්තියකින් යුත් හානිකර නොවන කිරණ වර්ගයක් ලෙස සැලකෙයි.

biodiversity 8පොළොවට පැමිණෙන පාරජම්බූල කිරණ අතුරින් සියයට 90 ක්ම UV-A කිරණ වේ. නැනෝ මීටර් 280 – 315 අතර තරංග ආයාමයක් සහිත UV-B කිරණ මිනිසාටත්, සතුන්ටත්, පරිසරයටත් හානිදායක කිරණ විශේෂයකි. පෘථිවියට ලැබෙන පාරජම්බූල කිරණ වලින් 4% ක් පමණ වන මේවා පෘථිවි වායුගෝලයේ ඇති ඕසෝන් වායු ස්ථරය මඟින් උරාගනු ලබයි. මේවා අතුරින් නැනෝ මීටර් 100 – 280 අතර තරංග ආයාමයක් හිමි UV - C කිරණ මාරාන්තික විකිරණ වලින් යුක්ත වන නමුත් ඒවා පෘථිවියට පැමිණිමේදී සම්පූර්ණයෙන්ම පාහේ වායුගෝලීය ඔක්සිජන් මඟින් උරාගනු ලබයි.

එහෙත් වර්තමානය වන විට ඕසෝන් ස්ථරය  දැඩි ලෙස විනාශ වී යාමේ තර්ජනයට ලක්වී ඇති නිසා තවදුරටත් UV – B කිරණ වලින් පෘථිවියට හානිකර තත්වයක් උදා වී ඇත. මිනිසුන් විසින් නිෂ්පාදිත රසායනික ද්‍රව්‍ය හේතුවෙන් ඕසෝන් වියන සිදුරුවන අතර මෙහිදී ක්ලෝරොෆ්ලෝරෝ කාබන්, හේලෝන සහ මෙතිල් බ්‍රෝමයිඩ වැනි රසායන ද්‍රව්‍ය වායුගෝලයට එක් වී වායුගෝලයේ ඇති ඕසෝන් අණු සමඟ ප‍්‍රතිකි‍්‍රයා කිරීමෙන් ඕසෝන් අණු බිඳ වැටීමට ලක්වේ.

ඕසෝන් වියනට සිදුවන හානිය මේ සෑම මට්ටමකටම හානිදායක ලෙස බලපෑම් ඇතිකරනු ලබයි. පෘථිවියේ ඇති පරිසර පද්ධතියක සමතුලිතතාවයට හානි පැමිණුන විට එය තවත් පරිසර පද්ධතියක කි‍්‍රයාකාරිත්වය කෙරෙහි ඍජුව හෝ වක‍්‍රව බලපෑම ඇති කරයි. හානිකර UV - B කිරණ මඟින් ඉහත සඳහන් කළ පරිසර පද්ධති සියල්ලටම හානිකර ප‍්‍රතිඵල ඇති කරන බව මේ වන විට සොයාගෙන ඇත.

biodiversity 7
කෙසේ වෙතත් වැඩිවන ජනගහනය, කෘෂිකාර්මික කටයුතු සදහා භූමිය යොදා ගැනීම හා ඉඩම් අක්‍රමවත් ලෙස පරිහරණය කිරිම ‍තුළින් ද  ජෛව විවිධතවයයට බලපෑම් ඇති කරයි. විශේෂයෙන්ම කදුකර ප්‍රදේශයේ ඇළ දොළ සදහා වෙන් වු ඉඩම් අනවසරයෙන් අල්ලා ගැනිම නිසා අපගේ ජල සමිපත්වල ප්‍රමාණය මෙන්ම ගුණාත්මක භාවය කෙරෙහි ද බලපෑමි ඇති වෙමින් පවති.

මිනිසාගේ සුබ සිද්ධිය සදහා ස්වභාව ධර්මය වෙනස් කරන අතරම මිනිසාගේ විචක්ෂණ භාවය තුළින් ජෛව විවිධත්වය ආරක්ෂා කිරිමට පියවර ගන්නේ නම්, ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය වැනසී යාම වළක්වා ගත හැක.


biodiversity 3

සජන්ති ‍බෝපිටිය 

වැඩි දුර අධ්‍යයනයට - wikipedia