Tuesday, September 23, 2014

කොඳු ඇට පෙළේ ආබාධයන්ට අත් දුටු ප්‍රතිකාර



ඇම්. ඒ. මදනායක වෙද මහතා - රෝගීන්ට නීරෝගී සුවය ලබා දීම මගේ මුඛ්‍ය අරමුණයි

කොඳු ඇට පෙළ ආශ්‍රිත බොහෝ රෝගාබාදයන් දේශීය වෙදකමෙන් සුව කළ හැකිද, නොඑසේ නම් මෙම රෝග කාරකයන් බටහිර ප්‍රතිකාර ඔස්‌සේ ශල්‍යකර්ම තුළින් සුව කළ හැකිද යන්න අද බොහෝ රෝගීන් දෙලොවක්‌ අතර හුදෙකලා කරන ප්‍රධාන ගැටලුසහගත තත්ත්වයකි.

කැඩුම් බිඳුම් වෙදකමේදී අස්‌ථි රෝගය කුමක්‌ වුවත් එනම් කැඩීම් පිපිරීම් පැනීම් සහ අස්‌ථි දිරා යැම් යන රෝගාබාධ දේශීය ප්‍රතිකාර තුළින් සුවකර ගැනීමට දක්‍ෂ වෛද්‍යවරයකුට එතරම් අපහසුවක්‌ නැත. මෙහිදී රෝගියාගේ වයස, රෝගයේ ස්‌වභාවය හා ඖෂධ සංයෝගයේ හැකියාව වේදැදුරු විසින් වටහා ගෙන කරන ප්‍රතිකාරය අති සාර්ථක ප්‍රතිඵල ගෙන නොදෙනවාය යන්න කිසිවකුට කිව නොහැකිය.

අස්‌ථි රෝග පිළිබඳව විමසුම් ඇස යොමු කරද්දී අපට වැඩිපුරම දක්‌නට ලැබෙන්නේ කොන්දේ ආබාදවලට ලක්‌වූ රෝගීන් හා හන්දි රෝගාබාදයන්ට ලක්‌ වූ රෝගීන්ය. මොවුන්ගෙන් වැඩි පිරිසක්‌ බටහිර ප්‍රතිකාර ලබා අන්තිමේදී සුව නොවූ තැන ශල්‍යකර්මවලට නියම වූවෝ වෙති. එහෙත් මෙහිදී ඇතැම් ප්‍රකාශ කළේ එම ශල්‍යකර්ම වැරැදී ගියහොත් ඇතැම් විට සදාකාලිකව අබ්බගාතයකු වීමට ඉඩ ඇති බවය.
එසේ නම් එම සැක මුසු ප්‍රතිකාරයකට යොමු වන්නේ කවරහුද යන්න ගැටලුසහගතය.
නමුත් දේශීය ප්‍රතිකාර තුළින් එවැනි අවදානම්සහගත ප්‍රකාශයන් නිකුත් නොවනවා මෙන්ම අතීරණයෙන් ප්‍රතිකාර කරන්නේද නැත.

මෙවැනි ආබාදවලට ස්‌ථිර වශයෙන්ම සුවයක්‌ ලබාදෙන දේශීය වෛද්‍යවරයකු පිළිබඳව අපගේ දැඩි අවධානය යොමු වූයේ බොහෝ රෝගීන්ගේ ඉල්ලීම මතය. මීට පෙරත් මෙම වෙදැදුරුවරයා ගැන අපගේ අවධානය යොමු වී මෙවැනි ලිපියකින් කරුණු හෙළිකළත් එයම ප්‍රමාණවත් නොවේ යෑයි මට සිතුන හෙයින් නැවත අසරණ වූ රෝගීන්ගේ සුවය සඳහා යම් සටහනක්‌ තබන්නට මේ සඳහා පෙළඹුණෙමි.
වැලිගම බොරාල පාරේ අස්‌ථි රෝග පිළිබඳ විශේෂ ඇම්. ඒ. මදනායක වෙදැදුරු සමග අප සාකච්ඡාවකට පිවිසෙමින් මෙවැනි රෝගාබාධයන්ට පිහිටවන්නේ කෙසේ දැයි විමසුවෙමු.
හෙළ වෙදකම පිළිබඳව කතාකරණ කොට ආසියාවේ තිබෙන පැරණිම වෙදකමක්‌ හැටියට මේ වෙදකම හඳුන්වන්නේ පරම්පරාවෙන් පරම්පරාවට පැවතගෙන එන මේ වෙදකමේදී ඒ ඒ පරම්පරාවෙන්. පරම්පරාවට ආවේණික වුණු එහෙමත් නැතිනම් උරුම වුණු ප්‍රතිකාර විධි තිබෙනවා. දැන් මම කරන්නේ අපේ පරම්පරාවට උරුම වෙච්ච ප්‍රතිකාරයක්‌ සහ ඖෂධ සංයෝගයක්‌. මෙතැන්දී අප කැඩුණු අස්‌ථි යකඩ වගේ වෑල්ඩින් කරනව කියල කියන්නෙ නැහැ. ඒ වගේම කොළ වර්ග, පොතු වර්ග බැඳීම්, මල් වර්ගවලින් හදන මැල්ලුම් වර්ග, තැවිලි වර්ග පත්තු වර්ග ආදී වශයෙන් කෙරෙන ප්‍රතිකාර ක්‍රමයක්‌ අපි භාවිත කරන්නේ නැහැ.
ගොඩාක්‌ රෝගවලට බලපාන්නේ කොඳු ඇට පෙළේ ආබාධ වගේම ඒ ආශ්‍රිත ඇති නිල අවහිර වීමයි. මේවා අපි මුලින්ම හඳුනා ගන්නේ ලෙඩා සමග කතා කරලයි. සමහර උදවිය තමන්ගේ රෝගය ගැන කියන්න දන්නේ නැහැ. කිසියම් වේදනාවක්‌ එනව නම් ඒක රෝගයක්‌ හැටියට සළකලා බය වෙනවා. අතන මෙතන රිදෙනවා කියනව මිස පැහැදිලිව යමක්‌ කියන්න තේරෙන්නේ නැහැ. එහෙම වුණාම අපිට පැහැදිලි නිගමනයකට ඒම ගැටලු සහගතයි ඒත් අපි එතනින් නතර නොවී දිගටම ප්‍රශ්න කරන්නේ රෝගයේ කෙළවරක්‌ අල්ලගන්නයි. මෙතැන්දී අපි රෝගය හෝ ආබාධය හඳුනා ගන්නවා වගේම රෝගියාගේ මනසත් තරමක්‌ දුරට හදනවා.
අපේ කොඳු නාරටියේ ඇට 33 ක්‌ තියනවානේ. ඉන් අන්තිම පුරුක හැරෙන්න අනෙක්‌ 32 ම පොඩි ආබාධයක්‌ හැදුනත් ශරීරය ලෙඩ කරනවා.

අපේ මේ වේදකම අනුව කොඳු ඇට පෙළ කොටස්‌ හතරකට බෙදා දැක්‌වෙනවා. මේක තීරණය කරන්නේ අතේ වියත් ප්‍රමාණයෙන් සාමාන්‍යයෙන් කොන්දේ ඉහළ ප්‍රදේශයේ ඉඳලා පහළට වියතක ප්‍රමාණයට මුල් කොටස හැටියට ගණන් ගන්නවා. මේ කොටස තමයි ශරීරයේ 90% ක්‌ ම රෝග හටගන්න හේතු පාදක වෙලා තියෙන්නේ. පාදවල ආබාධ හටගන්නේ දෙවැනි කොටසෙන්. තුන් වැනි වියත් ප්‍රදේශය හරිම සංකීර්ණයි. හතිය, කැස්‌ස, දියවැඩියාව, හෘදරෝග විශේෂයෙන් හටගන්නේ මේ කොටස දුර්වල වීමෙන්.
හතරවැනි වියත් ප්‍රදේශයෙන් බලපාන්නේ බෙල්ලෙන් උඩ කොටසට. ඇස්‌, කන්, නාස ආදියේ රෝග හටගන්නවා නම් ඒ හතර වැනි කොටසේ වෙනස්‌වීම් නිසා.

මේ ප්‍රතිකාර ක්‍රමය යමෙකුට පැහැදිලි කරන්න අමාරුයි. ඒ තරමට ගැඹුරුයි. ඒත් අපිට පළපුරුද්දෙන් හා අද්දැකීමෙන් හොඳ අවබෝධයක්‌ තිබෙන නිසා රෝගය හඳුනා ගන්න පුළුවන්කම තිබෙනවා.
මදනායක වෙදැදුරු ඉතාමත් සූක්‍ෂමව රෝගියා පරීක්‍ෂාවට භාජනය කර ලබාගන්නා රෝග විනිශ්චයට ප්‍රතිකාර කරන්නේ වරදිනට නොවේ.
මේ තත්ත්වය යටතේ රෝගීන් දසදහසකට අධික පිරිසකට ප්‍රතිකාර කිරීමෙන් ලත් පලපුරුද්ද රෝගීන්ගේ දුක්‌බර ජීවිත වලට වටිනාකමක්‌ දීමට කෙතරම් ප්‍රයෝජනවත් දැයි අපට අමුතුවෙන් වටහා ගැනීමට අවශ්‍ය නොවීය.

ඇතැම් සිංහල ප්‍රතිකාරයන්ට අනුව කසාය නැලි ගණන් පානය කිරීමට අවශ්‍ය වුවත් මදනායක වෙදැදුරුගේ ප්‍රතිකාරයන්හිදී එසේ කිරීමට අවශය වන්නේ නැත. එනිසාම බොහෝ පිරිස්‌ මේ සඳහා යොමු වන අතර ඉන් ලබන සුවයද වචනයෙන් ප්‍රකාශ කිරීමට නොහැකි තරමට වටිනාකමක්‌ ද ඇත.
ප්‍රතිකාර ගන්න කාල වකවානුවේදී රෝගියා කෑම පාලනය ඉහළින්ම කළ යුතු යෑයි කියන වෙදැදුරු එය වසරකට වඩා සීමා කරන්නේ නැත.
මේ කොඳු ඇට පෙළේ ඇතිවන රෝග සඳහා විශේෂ අවධානයක්‌ යොමුකරවන මදනායක වෙදැදුරු පැහැදිලි විස්‌තරයක්‌ ප්‍රකාශ කරමින් මෙසේ පැවසීය.

අපි රෝගය හඳුනාගෙන කොඳු ඇටවල වෙනස්‌ වීම් එසේ නැත්නම් ගැස්‌සීම්, ස්‌නායු ක්‍රියා නොකිරීම්, නහරවල ලේ කැටිති ඇතිවීම් වගේ කරුණු නිරීක්‍ෂණය කරල ඒවා නැවත ප්‍රකෘති තත්ත්වයට පත් කරවල ශරීරයේ අභ්‍යන්තරයට වගේම පිටතටත් ප්‍රතිකාර ක්‍රම යොදවනවා. එසේ නොමැතිව මොන ආකාරයෙන් ප්‍රතිකාර කළත් රෝගය සුව වෙනවා කියන්න අපහසුයි.
අස්‌ථිවල, සන්ධිවල වගේම උකුල් අස්‌ථිවල කාටිලේජ වර්ධනය නොවීමෙන් සන්ධිවල ශබ්ද ඇතිවීම, වේදනාව ඇතිවීම, ඇවිදීමේ අපහසුව, නැවීම් සහ දිගහැරීමට අපහසුවීම, දැඩි වේදනාව ඇතිවීම නිතරම දකින්නට ලැබෙනවා.

මේ වගේ අවස්‌ථාවක අපි මේ කාටිලේජ වර්ධනය කිරීමට අවශ්‍ය ප්‍රතිකාර කරලා මෙම රෝග සුව කරවලා දෙනවා. අපි පැහැදිලිව යමක්‌ කියවානම් කැඩුණු අස්‌ථියකට වුවත් එය සවිවීමට කාටිලේජ වර්ධනයක්‌ කළ යුතුයි. මේ වගේ අවස්‌ථාවක රෝගියාගේ වයස්‌ සීමාව සැලකිල්ලට ගත යුතුමයි.
මම මෙතැන්දී විශේෂ යමක්‌ කියනවා. ඔය කොඳු ඇට පෙළේ තියන රෝග අපි ඉතාමත් කෙටි කාලයකින් සුව කරල පෙන්වනවා. අද දේශීය වෙදකමේ වටිනාකම ජනතාවගේ දැනුවත්භාවය ඉතාමත් අල්පයි. ඒකට එක හේතුවක්‌ තමයි බටහිර ප්‍රතිකාර ක්‍රම මිනිසුන්ගේ ඔලුගෙඩිවලට දාල ඔලුව විකාර කරල තියන එක.
මම ඕනතරම් උදාහරණ පෙන්වන්නම් කොන්දේ ආබාධවලට ශල්‍යකර්ම කරන්න ගිහිල්ලා සදාකාලිකව ආබාද වෙලා ඉන්න අය. එතෙන්දි වෙන්නෙ මේ ශල්‍යකර්ම කරන්න යැමෙන් යම් විදියකින් හෝ සුසුම්නාවට පුංචි හෝ ආබාධයක්‌ වුණොත් ඒ රෝගියා සදාකාලික අබ්බගාතයෙක්‌ වෙනවාමයි.
මේ තත්ත්වය බටහිර ෙවෛද්‍යවරුනුත් කියන කතාවක්‌. එයාලා දෙපැත්තට තියල ඇඟ බේරගෙන තමයි මෙවැනි ප්‍රතිකාරයන් කරන්න හදන්නේ. නමුත් අපි පැහැදිලිවම කියනවා කිසිම දිනෙක අංශුවකින් හෝ රෝගියකුට බාදාවක්‌ නොවෙන්න. එහෙමත් නැත්නම් අතුරු ආබාධයක්‌ ඇති නොවන්න අපි මේ රෝගය සුව කරල පෙන්වනවා.

අපි ළඟට එන රෝගීන්ගෙන් වැඩිපුරම එන්නේ කොන්දේ ආබාධවලට ප්‍රතිකාර ගන්න අය. ඒ අයට විශේෂ පහසුකම් සපයල නේවාසිකව ප්‍රතිකාර කරනවා. ඇතැම් වෙලාවට බටහිර වෛද්‍ය විද්‍යාවෙන් ලක්‍ෂ ගණන් යන ශල්‍යකර්ම නොකර දින දෙක තුනක ප්‍රතිකාරයෙන් අපි සුවකරලා දෙනවා.
මේක හෙළ වෙදකමේ සුවිශේෂී බව. පරපුරෙන් පරපුරට එන වෙදකමක්‌ නිසා මෙහි වෙනස්‌වීම් ඇතිවන්නේ නැහැ.

කොහොම වුණත් දේශීය වශයෙන් අපේ අයට මේ ප්‍රතිකාරයන්ගේ ඇති වැදගත්කම නොතේරුණාට ඇතැම් බටහිර වෛද්‍යවරුන් නිරතම අපි ළඟට ඇවිත් ප්‍රතිකාර ගෙන සුවපත් වෙලා යනවා. ඒ ඒ රටවලට ආරාධනයකුත් කරලා.

විශේෂයෙන් මේ ප්‍රදේශ සංචාරක කලාප නිසා නොයෙක්‌ නොයෙක්‌ ආබාධවලට ලක්‌වන පිටරැටියෝ වැඩියි. ඒත් එයාලම කියන ඒ දියුණුය කියන ප්‍රතිකාරයන් වලට අවනත නොවී අපේ දේශීය ප්‍රතිකාරවලට නැඹුරුවෙලා තියෙන්නේ මෙහි තිබෙන ප්‍රත්‍යක්‍ෂ බව නිසා.

කොඳු ඇට පෙළේ ආබාධ මුල් කාලයේදී සුව කර නොගත්තොත් කල්ගත වන විට පාද දක්‌වා දිවයනවා. මෙහිදී ඇතිවන වේදනාව ජීවිතය කලකිරවන එක නතර කරන්න බැහැ.
මේ ළඟදි දවසක කොළඹ ප්‍රදේශයේ සිට පැමිණි රෝගියෙක්‌ මගෙන් ප්‍රතිකාර ගත්තේ එක පාදයක්‌ අප්‍රාණික වෙච්ච එකට. පාදය අද්දව අද්දව ආපු රෝගියා දින කිහිපයකින් මම සුවපත් කරවල යෑව්වා. ඕනම කෙනෙක්‌ ඉල්ලනවා නම් ඒ රෝගීන්ගේ දුරකථන අංක පවා අපිට සාක්‍ෂි වශයෙන් සැපයීමට එතරම් අපහසු නැහැ.
මෙවැනි කොන්දේ ආබාධ තියන අය කල්ගත වන විට අස්‌ථි ඇදවී පැත්තකට හැරෙනවා. මේ වගේ රෝගීන් වසර ගණනාවක්‌ බටහිර ප්‍රතිකාර අරගෙන අතේ සතේ නැතිව තමයි මෙතෙන්ට එන්නේ. මොකද වෛද්‍යවරු කියන කියන සෑම බෙහෙතකටම වියදම් කරන කොට මොනවද ඉතිරි වෙන්නේ. අවසාන වශයෙන් අපි එක දෙයක්‌ කියනවා ඕනෑම බටහිර වෛද්‍යවරයකුට සුව කරන්න අපහසුයි කියන කොන්දේ අමාරුකම් අපි දින කිහිපයක්‌ ඇතුළත සුව කරලා සිංහල වෙදකමේ බලය පෙන්වා දෙනවා.

මේ ප්‍රතිකාරය කරන්නේ අපිමයි ඒ කියන්නේ අපේ අතින්මයි. සෑම ඖෂධයක්‌ම සිදුකරන්නේත් අපිමයි.
මෙවැනි රෝගවලදී සම්භාහනය කිරීමක්‌ හා නිල තෙරපීමකුත් කරනවා. ඒ කරන්නේ ආවාට ගියාට නොවෙයි අති පැරැණී ඖෂධ ඇඟ පුරා ගැල්වීමෙන් පස්‌සෙ. මේ ප්‍රතිකාරය කොන්දේ ආබාධවලට අමතරව අනෙකුත් රෝගයන් සමනයට ඉවහල් වෙනවා.

වසර ගණනාවක්‌ නොකඩවා රෝගීන්ගේ ආබාදවලට නිසි ප්‍රතිකාරයක්‌ කර ලබපු අද්දැකීම් හා පළපුරුද්ද තුළින් අවසාන වශයෙන් කීමට ඇත්තේ කුමක්‌ දැයි මම වෙදැදුරුවරයාගෙන් විමසුවෙමි.
අවසාන වශයෙන් මගේ ප්‍රතිකාර විධි සහ රෝගය හඳුනා ගැනීමේ ක්‍රම මේකය මේකය කියල එකින් එකට විස්‌තර කරනවාට වඩා පැමිණෙන ඕනෑම රෝගියකුට භේදවලින් තොරව සුවපත් කරවනවා කියන එක පැහැදිලිව කිව යුතුයි. මෙතැන්දී අස්‌ථි සම්බන්ධයෙන් විශේෂයෙන් කියනවා නම් කොන්දේ හෝ වේවා උකුළු ඇටේ හෝ වේවා අනෙක්‌ සන්ධි හෝ වේවා ඕනෑම ස්‌ථානයක ඇති ආබාධ මුළුමණින්ම අයින් කරලා සැහැල්ලු ජීවිතයක්‌ ගතකරන්න වගේ නිරෝගී ජීවිතයක්‌ උදාකරලා දෙනවා කියන එක මම ස්‌ථිරවම කියනවා. ඒ වගේම අස්‌ථි අපහසුයි කියන ආබාධ තියෙනවා නම් අභියෝගාත්මක සුවපත් කරලවත් පෙන්වනවා.
මෙතුමගේ
දුරකථන අංකය -  0412251056/077-5565458
ලිපිනය - ඇම්. ඒ. මදනායක වෙද මහතා ,“හෙළ වෙද ගෙදර”, ඉබ්බාවර වැව අසල, වැලිගම, මාතර.

විමලසිරි අගලකඩ - දිවයින / ඡායාරූපය රන්දලී පබසරා - දිනමිණ

Friday, September 19, 2014

දේශීය වෙදකමෙන් බයි පාස්‌ සැත්කමට අභියෝගයක්‌


https://fbcdn-sphotos-h-a.akamaihd.net/hphotos-ak-xap1/v/t1.0-9/10402545_508901635909470_2308409312979478225_n.jpg?oh=adb652a11bb8a4f4246ffb93e7e5059f&oe=54D01261&__gda__=1422333885_863b551c3dcc0dad891449819ebfd1e0
ඔබට බයි පාස්‌ සැත්කමක්‌ කරන්න සිදුවේවි යෑයි යමෙකුට, වෛද්‍යවරයකු පැවසුවහොත් ඔහුගේ හෝ ඇයගේ මානසිකත්වය හා ජීවිතය පිළිබඳ අනියත බිය මෙතකැයි කියා අපට වචනයෙන් විස්‌තර කළ නොහැක. මෙතුළින් පැහැදිලිවන්නේ මෙම සැත්කමේදී තමන්ට දැරීමට සිදුවන ජීවිත අවදානම හා අනතුරුදායක බව නොවේද.

මෙයට දශක කිහිපයකට පෙර හදවත් සැත්කම් කිරීමට හැකිවූයේ ඉන්දියාවේ ඇපලෝ රෝහලෙන් පමණි. මෙරට රෝහල්වල එවැනි සැත්කම් නොකිරීම ඊට හේතුවී තිබුණෙන් තමන්ගේ ජීවිතය රැක ගැනීමට අතමිට සරු බොහෝ පිරිස්‌ ඉන්දියාවට යමින් ලක්‍ෂ තුනහතරක්‌ වියදම් කර ප්‍රතිකාර ගත්තත් නැති බැරි අයට ජීවිතයෙන් සමුගැනීමට සිදුවිය.
පසුකාලයේ ශ්‍රී ලංකාවේද හදවත් සැත්කම් කිරීමට රජයේ රෝහල් පෙරමුණ ගත්තේය. එහෙත් එය කරගැනීමට නම් අඩුමතරමේ වසර කිහිපයක්‌වත් පොරොත්තු ලේඛනවල සිටිය යුතුය. එසේ නොමැති නම් පෞද්ගලික රෝහල්වලින් තම හදවත් රෝගයට ප්‍රතිකාර ගැනීමට අඩුතරමේ රුපියල් ලක්‍ෂ හතක්‌ අටක්‌ වැය කිරීමට සිදුවන බව අමුතුවෙන් පැහැදිලි කළ යුත්තක්‌ නොවේ.
එහෙත් මෙවැනි හදවතේ ඇතිවන ආබාධ වලට සැත්කම් නොකර හෙළ වෙදකම මහා බල සම්පන්න යෝධයකු ලෙස පෙරමුණ ගෙන ක්‍රියා කරන්නේ නම් එය අපට විශ්වාස කළ නොහැකි තරමට පුදුම සහගත බවක්‌ උසුලන්නේය.
නවීන ලෝකයේ සුවිශාල විප්ලවයකට තුඩුදී තිබෙන බටහිර වෛද්‍ය විද්‍යාවේ ආරම්භය දේශීය වෙදකම හා ආයුර්වේදය බව නොරහසකි. එහෙත් බටහිර වෛද්‍ය විද්‍යාවේ තිබෙන තාක්‍ෂණික සුව පහසුව ලබාදෙන ක්‍රම නිසා දේශීය වෙදකම හා ආයුර්වේදය ආපස්‌සට තල්ලුවෙමින් එය පොත පතට හා ගමේ ගොඩේ වෙද මහතාට පමණක්‌ සීමා වෙමින් තිබේ.

එහෙත් මෙම තත්ත්වයට අභියෝග කරමින් හදවත් සැත්කම් නොකර දේශීය වෙදකමෙන් ඉතා කෙටි කලකදී සුවය ලබාදීමට හැකි වෙදැදුරුවරියක්‌ සිටිනවා යෑයි කීවොත් එය විශ්වාස කළ නොහැකි තරමට පුදුම සහගත විය හැක.

හෘද වස්‌තු=වේ ලේ ගමන් ගන්නා නහර වල ලේ ගමන අවහිරවනු ලබන්නේ රුධිරයේ තැන්පත් වී තිබෙන මේද කැටි ගැසීමෙනි. "බයිපාස්‌" නමැති එම සැත්කම කරනු ලබන්නේ එම මේද කැටි තිබෙන නහර කපා ඉවත් කොට ඒ වෙනුවට අලුතින් නහරයක්‌ බද්ධ කිරීමය. නමුත් දේශීය වෙදකමේදී අනුගමනය කරනු ලබන ක්‍රමවේදය මෙයට හාත්පසින්ම වෙනස්‌ මගක්‌ ගන්නා බව නොරහසකි.

එවකට පොලොන්නරුව කදුරුවෙල නව නගරයේ පදිංචිව සිටි රන්බණ්‌ඩා වෙදැදුරු පැරැණි දේශීය වෙද පරම්පරාවකට නෑකම් කියූ දක්‍ෂ හෙළ වෙදැදුරුවරයෙකි. පැරණි පුස්‌කොළ පොත් ඉතා ඉවසීමෙන් හා බුද්ධිමත්ව පරිශීලනය කරමින් පැරණි දේම සොය සොයා ඔහු මෙම හදවත් රෝගවලට මහෝෂධයක්‌ සොයා ගැනීමට හැකිවී තිබේ. ඔහු ඉන් නොනැවතී එයට තව තවත් ඖෂධ එකතු කරගනිමින් හදවතේ මොනම තත්ත්වයක ආබාධ ඇතිකළත් ඊටද නිසි ප්‍රතිකාරයක්‌ කිරීමට තරම් හැකිවන පරිදි එම ඖෂධ වැඩිදියුණුකර ගත්තේ දිගුකාලීන පර්යේෂණවල ප්‍රතිඵලයක්‌ වශයෙනි.

අද වන විට මෙම වෙදැදුරු ජීවිතයෙන් සමුගෙන තිබුණත් මීට දශක කිහිපයකට පෙර මෙරටෙහි හදවත් සැත්කම් නොතිබුණ යුගයක එවැනි රෝගීන් සිය ගණනක්‌ සුවකර තිබුණේ බුලත්කොළයකට පමණක්‌ සීමාවෙමින් තිබූ මුදලකින් පමණක්‌ සෑහීමකට පත්වෙමිනි.

මෙම ප්‍රතිකාරයේදී ඔහුට අවශ්‍ය වී තිබුණේ හෘදය වස්‌තුවේ ඊ. සී. ජී. වාර්තාවක්‌ පමණි. එය පරීක්‍ෂාවකින් පසු හෘද වස්‌තුවට පිටින් බෙහෙත් ප්ලාස්‌ටරයක්‌ යොදමින් කළ ප්‍රතිකාරය වැරදුණ පුද්ගලයකු නම් නොවීය.
දුර්ලභ ගණයේ ඖෂධ ඇතුළත් මෙම බෙහෙත් ප්ලාස්‌ටරය හෘදය වස්‌තුවේ ඇතුළත ලේ නහරවල තිබෙන මේදය පමණක්‌ නොව පිටතින් වැසී තිබෙන මේදයද දියකර හැරීමේ මහා ශක්‌තියක්‌ ගැබ්වී තිබිණි.
සාමාන්‍ය රෝගියකුට මෙම ප්ලාස්‌ටරය යොදනු ලබන්නේ මාසයක පමණ කාලයක්‌ තුළ දින තුනක්‌ වැනි කෙටි කාලයකි. රෝගී තත්ත්වයේ බරපතළකම අනුව තවත් කෙටි කාලයක්‌ ගත වූවත් ප්‍රතිඵලය අති සාර්ථක බවක්‌ උසුලා තිබිණි.

මෙම දක්‍ෂ ඉසිවරයා අප ජාතියෙන් සමුගන්නේ එවැනිම දක්‍ෂකමින් හෙබි දියණියක්‌ රටට ජාතියට බිහිකර සිය යුතුකම නොපිරිහෙලා ඉටු කිරීමේ පරම පවිත්‍ර ෙච්තනාවෙන්ම විය යුතුය.
පසුගිය දිනෙක මෙම වෙදැදුරුවරිය සොයා අප පොලොන්නරුව නව නගරයේ වසුන්දරා මාවතේ සුව මැදුරට ගියෙමු. ඒ වන විටත් රෝගීන් රැසකට ප්‍රතිකාර කරමින් සිටි ඇය තරමක කාර්ය බහුල තත්ත්වයක පසුවෙනවා පෙනුණෙන් අසල සිටි රෝගීන් කිහිප දෙනකු හා සම්බන්ධ වෙමින් මෙම වෙදැදුරුවරියගේ ප්‍රතිකාර පිළිබඳව සොයා බැලුවෙමු.

පළමුවෙන්ම අප හා විස්‌තර සැපයීමට ඉදිරිපත් වූයේ මැදි වයසේ පුද්ගලයෙකි. තම අනන්‍යතාව හෙළිකිරීමට තරමක්‌ අකමැත්තක්‌ ප්‍රකාශ කළ ඔහු තමාගේ හදවතේ රෝගයට රජයේ රෝහලින් සැත්කමක්‌ කිරීමට නියම කර තිබුණත් ඒ සඳහා අඩුතරමේ වසරක කාලයක්‌ ගතකිරීමට සිදුවන බව තමන්ට දැනුම් දුන් බවත් මෙය පෞද්ගලික රෝහලකින් කර ගැනීමට මුදල් නොමැති නිසා තමන් ඉතා අසරණ තත්ත්වයකට පත්වූ බවත් එනිසාම ජීවත්වීමේ අපේක්‍ෂාවන් අත්හැරි බවත් පැවැසීය.

"මුලින්ම මට බයිපාස්‌ සැත්කමක්‌ කරන්න සිදුවෙලයි කියල වෛද්‍යවරු කියපු දවසෙ මගේ ජීවත් වීමේ ආසාව කඩාගෙන වැටුණා. කොටින්ම මරණ බයක්‌ ඇතිවුණා. මේකෙ අවදානම් පැත්ත අහල දැකල තියන නිසයි මට එහෙම ඇතිවුණේ. අනික මගේ හිත මිතුරන් කිහිපදෙනකුම අද වන විට සමු අරගෙන තියෙනවා මේ සැත්කම් කරන්න ගිහිල්ලා. අන්තිමේදී මේ වෙදනෝන ගැන අපට අහන්න ලැබුණෙ සුවවෙච්ච හදවත් රෝගියකුගෙන්.

දැනට මම මාස කිහිපයක ඉඳල ප්‍රතිකාර ගන්නවා. වෛද්‍ය වාර්තාවලට අනුව තිබුණ අවදානම් තත්ත්වය පහවෙලා කියලා ඒ වාර්තාවල තිබුණා යෑයි පැවැසීය.
මේ වෙදැදුරුවරිය අන් කිසිවකු නොව එච්. ආර්. ටිකිරි බණ්‌ඩා වෙදැදුරුගේ දියණිය වූ එච්. ආර්. තමරා ප්‍රියන්ති මංගලිකාය.

පැයකට අධික කාලයක්‌ තුළ වෙද මැදුරෙහි රැඳී සිටි අපට ඇය හමුවීමට හැකි වූයේ තවත් රෝගීන් රැසකට ප්‍රතිකාර කිරීමට ඉතිරිව තිබියදීයි.
"ඔබේ පියා සර්වාංග රෝගවලට අමතරව සියලුම හදවත් රෝගවලට ඉතාමත් දක්‍ෂ වෛද්‍යවරයෙක්‌ කියල අපට අසන්නට ලැබුණා. මේ පිළිබඳව යම් තොරතුරක්‌ සොයා අපි ආවේ" මුලින්ම සාකච්ඡාවකට පිවිසෙමින් මම ඇසීමි.

අපේ අප්පච්චිගෙ දක්‍ෂකම ඇත්තටම මට වඩා පියාගෙන් ප්‍රතිකාර ගෙන සුවවූ රෝගීන්ම තමයි වැඩියෙන් දන්නෙ. මොකද දැනටත් ඒ අය ජීවත්වෙලා ඉන්න නිසා.
"ඒ හදවත් රෝගීන්ද"
"සාමාන්‍යයෙන් අනෙක්‌ රෝගවලට වඩා හදවත් රෝග විශේෂත්වයක්‌ ගන්නවනේ. මේ රෝගයේදී ජීවිත අවදානම වැඩියි. ඒ ජීවිත අවදානම ඉතාමත් වගකීමකින් යුක්‌තවයි මගේ අප්පච්චි භාරගත්තෙ.
ඒ කියන්නෙ ඔබේ අප්පච්චිට හදවත් රෝග සුවකරනව කියන එක ඒ තරම් ප්‍රශ්නයක්‌ නොවෙයි කියන එක.
ඇත්තටම නිවැරදියි. අප්පච්චි "බයිපාස්‌" කරන්න නියම වූ රෝගීන් විශාල ප්‍රමාණයක්‌ සුවකරල තියෙනවා. ඒ රෝගීන් කිහිපදෙනෙක්‌ අදටත් ජීවත්වෙලා ඉන්නවා.
හොඳයි මට ලැබුණ තොරතුරුවලට අනුව අප්පච්චිගේ ප්‍රතිකාරයන්ටත් එහා ගිය සාර්ථක ප්‍රතිකාරයක්‌ ඔබ සතුව තියෙනවා කියල දැනගන්න ලැබුණා. ඒ ගැන හොඳ සාක්‍ෂි කිහිපයකුත් අපට මෙතනදීම තහවුරු කර ගැනීමට හැකිවුණා ඒ ගැන යමක්‌ කිව්වොත්.
මගේ අප්පච්චිගෙ වෙදකමට එහා ගිය වෙදකමක්‌ මම කරනවාද කියල කියන්න මම දන්නෙ නැහැ. මොකද මමත් මේක ඉගෙන ගත්තෙ අප්පච්චිගෙන් නිසා. ඒ කොහොම වෙතත් මගේ අප්පච්චි දුන්න සියලු දේ මම ප්‍රගුණ කළා.
"බයිපාස්‌ සැත්කමට නියම වූ රෝගියෙක්‌ ඔබ ළඟට ආවොත්"
බයිපාස්‌ සැත්කමක්‌ නොවෙයි ඒ සැත්කම් කරන්න බැහැයි කියල රෝහල්වලින් ප්‍රතික්‍ෂේප කරන අයත් මා ළඟට ඇවිත් තියෙනවා. ඒ සෑම කෙනෙක්‌ගෙම ජීවිත අවදානම මම තුරන් කරල ඒ අභියෝගය භාරගෙන තියෙනවා.

විමලසිරි අගලකඩ - දිවයින
ලිපිය සැපයුවේ අජිත් ජයසූරිය

ලෙඩට බෙහෙත් දී කන්න බොන්නත් දෙන ගඟුලේ ‘ඇස් වෙද ගෙදර’


වර්තමානයේදී වෙදකම වෘත්තියක් බවට පත් වී ඒ සඳහා මිලක් නියම වුව ද, අතීතයේ බොහෝ විට අප රටේ වෙදකම පැවතියේ සේවාවක් ලෙස ය. වෙද මහතා ගමේ ප්‍රභූ®වරයෙකි. ඔහු ගමට ආභරණයකි.
වෙද ගෙදර නිතර මිනිසුන් ගැවසෙන ස්ථානයක් විය. වෙද මහතා භාර ගත්තේ සතුටින් දෙන තුටු පඬුරක් පමණි. එමෙන් ම වෙද ගෙදරට පැමිණෙන රෝගීන් හට ආහාර පානාදියෙන් සංග්‍රහ කිරීම ද වෙද මහතාගේ සිරිත විය. අතීතයේ වෙද ගෙදරක තිබූ එම ලක්ෂණ වර්තමානයේදී ද දැකගත හැකි නම් ඔබ පුදුමයට පත්වනු නිසැක ය. එහෙත් එය සත්‍යයකි.
මේ වෙද ගෙදර පිහිටා තිබෙන්නේ පාණදුර හිරණ ප්‍රදේශයේ ය. ස්ථානය නිවැරදි ලෙසට පවසන්නේ නම් හිරණ ප්‍රදේශයේ ගඟුල පන්සල ආසන්නයේ 1 කණුව අසලින් මීටර් සීයක් පමණ දුරින් වූ කඳු පාමුලක ය. පාණදුර බස් නැවතුම්පළින් ‘හිරණ 457’ බසයකින් මෙහි ළඟා විය හැකි ය.
අපගේ කතානායකයා වන මේ වෙද මහතා සැම හඳුන්වන්නේ ගඟුලේ ඇස් වෙද මහතා ලෙස ය.
එහෙත් ඔහුගේ නම බී. සෝමදාස ප්‍රනාන්දු ය. සෝමදාස වෙද මහතාට මෙම වෙදකම උරුම වූයේ පරම්පරාවෙනි. සෝමදාස මහතාගේ පියා ප්‍රදේශයේ සිටි පාරම්පරික වෙද මහතෙකි. ගඟුලේ ඇස් වෙද මහතා ලෙස සෝමදාස මහතාව හඳුන්වන්නේ විවිධාකාර වූ අක්ෂි රෝග සඳහා ප්‍රත්‍යක්ෂ ප්‍රතිකාර ඔහු සතු නිසා ය. ඇත්තෙන් ම ඔහු අක්ෂි රෝග විශේෂඥයෙකි.
ඇසට ඇති වූ රෝගය ඇසේ සුද වුව ද, ඇසේ පීඩනය වැඩිවීම (ග්ලූකෝමා) වුව ද ඇසිපිය ඔසවා ගැනීමේ අපහසුව වුව ද කුඩා දරුවකුට ඇති වූ වපරයක් වුව ද එසේ නැතිනම් ස්නායු ආබාධයක් නිසා ඇස රෝගී වුව ද එම සෑම අක්ෂි රෝගයකට ම ගඟුලේ වෙද මහතා ළඟ ප්‍රතිකාර ඇත. අක්ෂි රෝගවලට අමතරව දියවැඩියාව, අංශභාගය, හන්දි කැක්කුම, මෙන් ම විවිධ ස්නායු ආබාධ සඳහා ගගුලේ සෝමදාස වෙද මහතා සතුව ප්‍රතිකාර ඇත. කිසියම් රෝගියකු හට ප්‍රතිකාර කිරීමේදී ගැටලුවක් මතු වූ විට සෝමදාස මහතාට පිහිට වන්නේ පරපුරෙන් පරපුරට දැනුම ගෙන ආ පැරණි වෙද පුස්කොළ පොත් ය.
වසර ගණනාවක් රෝගීන් දහස් ගණනකට සුවසෙත ලබා දුන් සෝමදාස වෙද මහතා මේ වනවිට මීළඟ පරපුර වෙත වෙදකම පවරා ඇත. ඒ; සෝමදාස මහතාගේ වැඩිමහල් පුත් ඉෂාර ප්‍රනාන්දු වෙත ය. වර්තමානයේ රටපුරා වෙද නිවෙස් කොතෙකුත් ඇතත් ඒ කිසිවෙක නොමැති විශේෂත්වයක්, ගඟුලේ වෙද මහතා පිළිබඳව තොරතුරු සෙවීමට අප පෙලඹවීය. ඒ; වෙදකම සඳහා මිලක් නියම නොකිරීම ය. අතේ තිබෙන කීයක් හෝ මුදලක් වෙද ගෙදර තිබෙන පෙට්ටියට දමා යා හැකිය. පෙට්ටියට මුදල් නොදැමුව ද සැමට සමානව වෙද ගෙදරින් සේවය සැලසේ.
තවත් විශේෂයක් ඇත. ඒ උදේ 10 ට පමණ තේ කෝප්පයකුත් දහවල් කෑමත් වෙද ගෙදරින් නොමිලේ සැපයීම ය. එය ඉතා පෝෂ්‍යදායි අංගසම්පූර්ණ ආහාර වේලකි. මුදල් හිඟ පාඩු ඇති අයෙකුට නිවෙසට යාමට බස්ගාස්තු පවා ඇතැම්විට වෙද ගෙදරින් ලැබෙයි.
මෙම විශේෂත්වයන් කීපය නිසා ම පසුගිය දිනෙක අපි හිරණ ගඟුලේ වෙද නිවෙසට ගියෙමු. ඒ වනවිට වෙද නිවෙස ඉතා කාර්ය බහුල ස්වභාවයක් ඉසිලීය. රෝගීන් 250 ක ආසන්න පිරිසක් එහි සිටින්නට ඇත. බොහෝ දෙනකු සිටියේ පත්තුවක් වැනි යමක් දෑස් වටා දමාගෙන ය. තැනෙක ගඟුලේ වෙද මහතාගේ පුත් ඉෂාර ප්‍රනාන්දු වෙද මහතා ඇස් පරීක්ෂා කරයි. තවත් ස්ථානයක පොට්ටනිවලින් ඇස් තවන පිරිසකි.
තවත් තැනෙක ඇස් වටා පත්තු ගැල්වෙයි. තෙල් ගල්වා ඇස වටා සම්බාහනය කරයි. එතැන විවිධ වයස් මට්ටම්වල විවිධ සමාජ මට්ටම්වල විවිධ ආර්ථික මට්ටම්වල පුද්ගලයෝ සිටිති. කුඩා දරුවන් කීප දෙනෙක් භික්ෂූන් වහන්සේ නමක්, තරුණ තරුණියන් කීප දෙනෙක්, විශ්‍රාමික විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක් ඒ අතර සිටිති. මෙහි දී සෑම දෙනාම එක හා සමාන ය. ඇස් වටා පත්තු තබාගත් ඇතැම්හු බෙහෙත් සෑදීමට අවශ්‍ය කොළ වර්ග සකසති. ඇතැම් රෝගීහු මුළුතැන්ගෙයි වැඩටත් උදව්වෙති.
එක් කාමරයක මුනින් අතට බිම දිගා වූ කාන්තාවකි. ඇයගේ කොන්දේ ඖෂධීය පත්තුවකින් මැද්දට ඖෂධීය තෙල් දමා ඇත. ඇයට කොන්දේ ආබාධයකි. මේ සෑම දෙයක් ම සිදුවන්නේ සෝමදාස වෙද මහතාගේත් ඉෂාර ප්‍රනාන්දු වෙද මහතාගේත් අධීක්ෂණය යටතේ ය. මෙම සද් කාර්ය පිළිබඳව තොරතුරු සෝමදාස වෙද මහතා ගෙන් විමසුවෙමු.
“මට මේ වෙදකම උරුම වුණේ මගේ පියාගෙන්. මෙය පරම්පරාවෙන් පරම්පරාවට එන වෙදකමක්... දවසකට 250 ත් 300 ත් අතර පිරිසක් මෙහාට එනව බෙහෙත් ගන්න. මෙතැනින් උදේ 6.00 ඉඳල නොම්මර දෙනවා. ඒ අනුපිළිවෙළට තමයි අපි වෙදකම් කරන්නේ. මෙතෙන්ට එන වැඩි දෙනෙක් ඇස් අමාරුවලට ප්‍රතිකාර ගන්න එන උදවිය.
අපි දහවල් 12 ට ප්‍රතිකාර කිරීම නවත්වනවා. ඒ ඇස්වලට දවල් 12 න් පස්සේ ප්‍රතිකාර කිරීම සුදුසු නොවන නිසයි. දවල් 12.30 අපි දවල් කෑම දෙනවා. කිසිම දේකට සල්ලි ගන්නෙ නෑ. තමුන්ට හැකි මුදලක් මෙතන තියන පෙට්ටියට දමන්න පුළුවනි. ශතයක්වත් දැම්මේ නැතත් අපි ඒ ගැන සළකන්නේ නෑ. අපි වෙදකමට මුදලක් නියම නොකරන්න හේතුවක් තියෙනවා.
ඇස්වලට ප්‍රතිකාර කරන විට දිනපතා දින 15 ක් පමණ ප්‍රතිකාර කළ යුතුයි. අක්ෂි ආබාධයේ ස්වභාවය අනුව ඒ දින ගණන වෙනස් වෙනවා. ඇතැම් උදවිය මෙහාට එන්නෙ බොහොම ඈත ඉඳල. වියදම් දරාගෙන. දුප්පත් මිනිසුන්ට විශාල මුදලක් වියදම් කරන්න අමාරුයි. අපි වෙදකමටත් මිලක් නියම කළොත් ඒ මිනිස්සුන්ට සිද්ධ වෙන්නෙ හැමදාම අඳුරේ ඉන්න.
ඒ නිසයි අපි වෙදකමට මුදල් අය නොකරන්නේ. මේ වැඩේ කරගෙන යන්නෙ ඉතාම අමාරුවෙන්. මමයි බිරිඳයි දරුවන් දෙදෙනෙකුයි මේ වැඩේට කැපවෙලයි ඉන්නෙ. අනෙක් දරුවො වෙනත් රැකියාවල් කළත් වක්‍රාකාරව හෝ හෝ මේ වැඩේට උදව් වෙනවා. මෙතන බෙහෙත් හදන්න, උයන්න පිහන්න 20 ක පමණ සේවක පිරිසක් ඉන්නව.
ඔවුන්ට පඩි ගෙවන්න ඕන. මෙතනට එන රෝගීනුත් මෙතන හැම වැඩකටම උදව්වෙනවා. ඒ වගේ ම මේ වැඩේට පරිත්‍යාගශීලින්ගෙනුත් උදව් ලැබෙනවා. එක මහත්තයෙක් මාසෙකට ඇතිවෙන්න පොල් එක පාර ගෙනත් දෙනව. මම කවදාවත් දැකලවත් නැති විශ්‍රාමික මහත්මයෙක් එයාගෙ විශ්‍රාම වැටුපෙන් රුපියල් 500 ක් හැම මාසෙම තැපෑලෙන් එවනව.
හැබැයි මේ ශාලාව පවත්වාගෙන යන ඉඩම වෙන්දේසියකින් ගත්තෙ. 2017 අවුරුද්ද වනතෙක් මාසෙට රුපියල් විසිදාහ ගානෙ ගෙවන්න ඕන. සමහර මාසවල ගෙවාගන්න බැරි වෙනවා. ඒත් කොහොම හරි මේ වැඩේ කරගෙන යනවා. අපේ ඇස් වෙදකමේ විශේෂත්වය තමයි කිසිම ඇස් රෝගයක දී ඇසට බෙහෙත් නොදැමීම.
සමහර ඇස් අමාරු වලට කකුලට බෙහෙත් බඳින්න වෙනවා. බෙහෙත් සොයාගන්න ගොඩක් දෙනා උදව් වෙනවා. අපි මේක කරන්නේ ව්‍යාපාරයක් විදියට නෙමේ; සේවාවක් විදියට. මගෙ ලොකු පුතා ඉෂාර ප්‍රනාන්දු තමයි, දැන් වැඩියෙන් වෙදකමට යොමු වෙලා ඉන්නෙ. එයාට මගේ පාරම්පරික දැනුම සේරම දීල තියෙනව. ඒ වගේ ම එයා බොරැල්ල ආයුර්වේදයෙන් වෙදකම හදාරපු කෙනෙක්. එයා මටත් වඩා බොහොම සාර්ථක විදියට වෙදකම කරගෙන යනවා.”
අපි ඉෂාර ප්‍රනාන්දු තරුණ වෙද මහතා සමඟ ද කතා බහ කළෙමු.
“මේ වෙදකම මට පරම්පරාවෙන් උරුම වුණු දේ. මම හරිම ආශාවෙන් තමයි මේ වෙදකම කරන්නේ. රෝගියාව පරීක්ෂා කරල අපිට කියන්න පුළුවනි සුව කරන්න පුළුවන්ද, බැරිද කියල. ඒ අනුවයි අපි රෝගියාව බාර ගන්නෙ. මට තාත්තා කියල තියෙන්නෙ කෑම බීම දෙන්න පු‍්‍රළුවන් තාක්කල් මේ වෙදකම කරන්න කියලයි. ඒක මම කොහොම හරි කරනවා.
අද බොහෝ දෙනෙකුගේ ඇස්වලට විවිධ ආබාධ ඇතිවෙනවා. ඒකට බොහෝ විට හේතු වන්නේ වැරදි වත් පිළිවෙත්. ඇතැම් අය තද අව්වේ පැය ගණන් ඇවිදීමෙන් පසුව එකවරම සීතල වතුර නානවා. එය ඇස් රෝග ගණනාවකට හේතුවක්. අව්වේ ගමනක් යාමෙන් පසුව අප ස්නානය කළ යුත්තේ ඇඟ සිසිල් වනතෙක් පැයක් පමණ සිටීමෙන් පසුවයි.”
කතාව අවසන් වනවිට දහවල් වී තිබුණි. දැන් දිවා ආහාරය සියලු දෙනාට සූදානම් ය. මෙය වර්තමානයේ විශ්වාස කළ නොහැකි දෙයක් වුව ද, එය සත්‍යයකි. ගඟුලේ වෙද නිවෙසේ විශේෂත්වය එයයි.
විශේෂ ස්තුතිය
යූ. චන්ද්‍රසිරි මහතාට
ගාමිණී සුසන්ත
ඡායාරූප - දුෂ්මන්ත මායාදුන්නේ
ඇස් දෙකක් පාදන එක නිවන් දකින පින්කමක්
බුදුන් වහන්සේ ලෝකයට ඇසක් හා සමාන බවත්, මහානාග රජු මිථ්‍යාදෘෂ්ටිය අත්හැර තිසරණයේ පිහිටි බවත්, කිරින්දේ සෙල් ලිපියක සඳහන් වේ. ලෝකයට ඇසක් යනුවෙන් බුදුන් වහන්සේ මෙහි දී සමාන වූයේ ඇස යන ඉන්ද්‍රියෙහි ඇති ඉහළ ම වැදගත්කම නිසා ය. ලොකු කුඩා ඕනෑ ම සතකුට වුව අවශ්‍ය වැදගත් ම ඉන්ද්‍රිය ඇස ය. හිඟාකෑමට වුව ඇස් වුවමනා බව ගැමියෝ කතාවට කියති. අප රටේ සාම්ප‍්‍රදායික ඇස් වෙදකමක් තිබේ. එය බටහිර අක්‍ෂි විද්‍යාව පුදුම කරවන තරමේ බලයකි. එහෙත් කූට චේතනාවෙන් ඇස් වෙදකම් කරන හොර වෙදුන් නිසා අපේ පාරම්පරික ඇස් වෙදකම ගැන විශ්වාසය පළුදු වී ගියේ කලක පටන් ය. එහෙත් තම ජීවිතය වෙදකම ලෙස සලකන වෙද ඉසිවරු තවමත් නැත්තේ ම නො වේ. එවන් පූර්විකාවක් මා ඔබට ලීවේ මා දුටු විස්මිත ඇස් වෙද මහතකු ගැන ඔබට කීම මා සතු යුතුකමක් බැවිනි. එය වඩාත් යුක්ති යුක්ත සද් කාර්යයකැයි මම සිතමි. අන්ධ පරීක්‍ෂාවෙන් යුතුව ලෝකය වටේ කරක් ගසා තමන් සතු ධනය නැති නාස්ති කැර ගත් අහිංසකයෝ මේ වෙද මහතා හමුවේ සුවය ලබති.
කිසියම් මුදලක් අය නො කරන, සතුටු සිතින් දෙන මුදලක් බාර ගන්නා මේ පාරම්පරික ආයුර්වේද වෙද මහතා තමා සතු වෙදකම රෝගීනට ප‍්‍රදානය කරන්නේ කිසිදු පටු චේතනාවකින් නොවේ.
ඔහු ගේ පියා ඩේවිඩ් ප‍්‍රනාන්දු ය. පාණදුර කෙසෙල්වත්තේ පාරම්පරික වෙදකම කළ හෙතෙම හරි හම්බ කළේ ද මිනිස්කම ය. තම පුත‍්‍ර රත්නය වන බෙල්ලන ගේ සෝමදාස ප‍්‍රනාන්ද්‍ර මහතාට හේ මරණ මංචකයේ හිඳ එකොළොස්වන පැයේ දී මෙසේ කීය.
”පුතේ, ඇස් දෙකක් පාදන එක නිවන් යන පිංකමක්. ඒ අය අප ළඟට එන්නෙ දහසක් බලාපොරොත්තු තියාගෙන. අතේ මිටේ සල්ලි පනම් තිබෙන්නත් පුළුවන්. නොතිබෙන්නත් පුළුවන්. ඒත් ඇස් රෝගයක් ඇත්නම් සුව කරලා යවන එක අපේ යුතුකම. උඹ ඒක හරියට ම කරන්න ඕනෑ. සතුටු සිතින් යමක් දුන්නත් නැතත්, අනෙක් එක දුර බැහැරින් එන මේ මිනිස්සුන්ට කෑම වේලක් තේ වතුර ටිකක් දෙන්නත් උඹ හිතට ගන්න ඕනෑ.
පියා ගේ මේ වචන සෝමදාස ගේ හිතේ ඊයම් බරුවක් කිඳ්‍ර බැස්සාක් මෙන් තැන්පත් විය. හේ තිර අදිටනින් පියාට ප‍්‍රතිඥ දුන්නේ ය. අද පොල් ගෙඩියක් රු. 35 – 40 කි. හාල් කිලෝවක් රුපියල් 60 කි.
එළවළුවක් කීය ද? මෙසේ ඇස්වලට දමන බෙහෙත් ප්ලාස්ටරයක් හදන්නට ;ද්ශීය ඖෂධ 190 ගණනක් අවශ්‍යය. ඒවා සපයා ගන්නට වෙන්නේ වෙද මහත්මයාට ම ය. ඔහු ගේ බිරිය නෑසියෝ දූ දරුවෝ ද මේ සද්කාර්යයට උදව් කරති.
එක තැනක බෙහෙත් කොටන සේවිකාවෝ පිරිසකි. ඒ අයට ද දෛනික දීමනාවක් දිය යුතු ය. දිනකට රත්නපුරයෙන්, අනුරාධපුරයෙන්, කතරගමින්, පොලොන්නරුවෙන් හා තදාසන්න හා දුරස්ථ වෙනත් ප‍්‍රදේශවලින් මෙහි එන 300 - 400 ක් ජනතාවට කෑම බීම ලබා දීම ද හෙතෙම ඉටු කරයි.
එහෙත් වෙද මහතාගෙන් දිනකට ප‍්‍රතිකාර ගන්නා 300 දෙනකුගෙන් 100 දෙනකුවත් ඒ ආධාර පෙට්ටියට මුදලක් දමන්නේ නැත. ඔවුහු වෙද මහතාට පින් දී මාරු වී යති. මේ නයින් බලන කල වෙද මහතා ගේ වෙදකම තවත් කී කලක් රැඳේ දැයි සැක සහිත ය.
මෙහි තවත් දුක්බර පැත්තක් ද තිබේ. ඈත ප‍්‍රදේශවල සිට මෙහි පැමිණෙන රෝගීනට නවාතැන් දීමට දැන් ඒ අසල්වැසි නිවෙස්වල කාමර විවර වී ඇත. දිනකට රුපියල් 200 – 250 ඒ අහිංසකයනගෙන් ඒ නිවෙස් හිමියෝ අය කරති.
මෙය වෙද මහතා ගේ වෙදකමටත් ලජ්ජාවෙකි. පාරමී පුරන බෝධිසත්ත්වයකු මෙන් වෙද මහතා කරන කාර්ය ඉන් කිලිටි වෙයි. මා මෙතෙක් කීවේ මෙහි වටපිටාව ගැන මිස මේ විස්මිත වෙදකම් ගැන නොවේ.
එය කීමට වඩාත් අයිතිය ඇත්තේ වෙදකම් ගත් ඇත්තන්ට ය. මම ඔවුන් මට කී දේ මෙසේ ඔබට ලියමි.
දැනට පාණදුරයේ කුරුප්පුමුල්ලේ දිවි ගෙවන සෝමදාස මහතා හමු වී ප‍්‍රතිකාර ගත් මේ අය හමුවීමට මා යන මොහොතේ ද එහි දෙතුන් සියයක් පිරී සිටිනු මම දුටිමි.
උදේ රැයින් මෙහි පැමිණෙන දුර බැහැර රෝගීහු මෙහි ලැගුම් ගනිති. උදේ 6 - 12 අතර ඇස් වෙදකම් කිරීම වෙද මහතා ගේ සිරිතයි. මම ඒ ගැන වෙද මහතා විමසීමි.
”ඉර අවරට ගියාට පස්සෙ ඇස් වෙදකම හරියන්නෙ නෑ.” ඒ වෙද මහතා දුන් පිළිතුර ය.
නුගේගොඩ ජීවත්වන ශිරාණි මහගෙදර ගේ පුතු තේනුජගේ (අවුරුදු 6 1/2) ඇස් දෙක ම එකවර නොපෙනී ගියේ ය. හිරු එළිය හෝ ආලෝකය කෙසේ වත් බලන්නට බැරිව දරුවා විලාප තැබුවේ ය.
තරමක අත මිට තිබූ මවුපියෝ දරුවා රැගෙන රටේ නම ගිය අක්‍ෂි වෛ්‍යවරු සොයා කොළොම්තොටට, මහනුවරට දිව ගියහ. දහසින් බැඳි පියලි පිදුවත් දරුවා ගේ නෙතු සුවය නො ලැබිණි.
කාගෙ දෝ කීමක් අසා එවර මේ මවුපියෝ ඉන්දියාවේ ශංකර් නේත‍්‍රාලය සොයා ගියේ දහසක් බලාපොරොත්තු ඇතිව ය. රුපියල් ලක්‍ෂ 10 කට අධික මුදලක් වියදම් විය. එහෙත් දරුවා ගේ ඇස්වල තත්ත්වය තව තවත් බරපතළ වූවා මිස සුවයක් නො ලැබිණි.
පාණදුරේ සෝමදාස ඇස් වෙද මහතා ගැන ලත් ආරංචියෙන් ඔව්හු එහි ඉගිල ආහ. මුදලක් ඉල්ලුවේ ද ගාස්තුවක් නියම කැරුණේ ද නැත. සති 4, 5 ක බෙහෙත් ප්ලාස්ටර හා වෙනත් ආලේපන මගින් දරුවා දැන් ආලෝකය දකී. හිරු එළිය බලයි. මේ මොන තරම් විශ්ව කර්ම වැඩක් ද?
”මගෙ පුතා අරගෙන මං නොගිය තැනක් නෑ. ඔය නමගිය ඇත්තො සල්ලි ගත්තා විතරයි. ඉන්දියාවේ ශංකර් නේත‍්‍රාලයටත් බැරිවුණා මගෙ පුතා ගේ ඇස් සනීප කරන්න. මේ වෙද මහතා නම් විශ්වකර්මයෙක්.
මේ අයට ඇයි ආණ්ඩුව අනුග‍්‍රහ නොදෙන්නේ. මේ ලෙඩ්ඩුනට ඉන්නවත් ඉඩක් නෑ. සල්ලි අය කරන්නෙ නැති නිසා මිනිස්සුත් මඟ හැර යනවා. මේ වෙද මහතා අපේ රටට සම්පතක්.” දරුවා ගේ මව ශිරාණි මහගෙදර කීය.
ටී. ජයන්ත (බොරැල්ල) අවුරුදු) අවුරුදු 44.
අවුරුද්දකුත් මාස 9 ක් තිස්සෙ මං මේ ඇහැකට වෙදකම් කරනවා. කිසි ම සුවයක් ලැබුණෙ නැ. ඇසට වැදුණු පාරකින් ඇගේ සිවිය ගැලවිලා. කොහෙන් ප‍්‍රතිකාර ගත්තත් හරි ගියේ නෑ. මේ වෙද මහතා දෙයියෙක්.
මෙහෙම ඇවිත් මාස 5 ක් ඇති. මගේ පෙනීම දැන් දියුණුයි. සිවිය නැවත එහි අලවන්න මෙහිදී කටයුතු කළා. මේ ඉඩම මාසයක විසි දහසේ ගණනේ ගෙවන්න වෙද මහත්තයා අරගෙන තියෙන්නෙ.
ඒකත් එක්තරා ලොකු බිස්නස්කාරයකුගෙ ආයතනයක ප‍්‍රධාන තනතුරක් හිමි නෝනා කෙනෙකුගේ ඇස් සනීප කරලා ලැබුණු එකක්. ඇපකරුවන් නැතිව මේක දීලා තියෙන්නෙ. වෙද මහත්තයා මුදලුත් නොගෙන මේවා කොහොම කරනවද හිතා ගන්න බෑ.
මේ පිළිබඳ විස්තරයක් වෙද මහතා අපට කීය. සමහරු වෙද මහතාට ගොඩනැගිලි හදා දී මුදලට වෙදකම් කිරීමට කටයුතු කිරීමට සංවිධානගත වීමට කල්පනා කළහ. එහෙත් මුදලට වෙදකම් කිරීම තම ප‍්‍රතිපත්තිය නොවන බව කී වෙද මහතා මේ ෆිනෑන්ස් ඉඩමට ආවේය.
මිනිස්සු සල්ලි නුදුන්නත් කමක් නෑ. මට පුළුවන් කාලයක් මා මේ වෙදකම කරනවා. බැරි වුණොතින් කරන්න දෙයක් නෑ. ඒ වෙද මහතාගේ වචනයයි. (සතුටු සිතින් කෙනකු දෙන දෙයක් දමන්න බෙහෙත් හලේ පෙට්ටියක් තිබේ. ඒ පෙට්ටිය මුදලකින් පිරේ නම් මේ වෙදකම රැකේ යැයි සිතමි.
මේ අතර ආත්මාර්ථකාමි ලෙඩ්ඩුද සිටිති. ඔවුන් වෙද මහතා ගැන ප‍්‍රසිද්ධ කරනවාට දැඩි ලෙස විරුද්ධය. ඒ රෝගීන් පිරුණොත් තමනට අවාසියක් වෙතැයි සිතමිනි.
රත්නපුරයේ සිට පැමිණ සිටි චන්ද්‍රසේන මහතාගේ කතාව ද අපූරුය.
‘ඇස්වල සුද එනවට ප‍්‍රතිකාර සඳහා ශල්‍යකර්ම කරනවා. ඒත් ඇස්වල යුද ආයිත් එනවා. මම නම් ඔපරේෂන් කරන්නෙ නෑ. මේ වෙද මහතා ළඟ ඇසේ සුද දිය කරවන බෙහෙත් තියෙනවා. ලංකාවේ විවිධ දුර බැහැර පෙදෙස්වලින් එන බොහෝ අය ඇස්වල සුද මෙහිදී දිය කර ගත්තා. දැන් මගෙත් ඇසේ සුද දියවෙලා.
කොළඹ නාලන්දා විදුහලේ 9 ශ්‍රේණියේ ඉගෙනුම ලබන 14 හැවිරිදි සඳරු ප‍්‍රනාන්දු දරුවාට ළඟ - දුර දෙකම නොපෙනෙන ආබාධයක් තිබුණේය. පොත පත කියවන විට දිගින් දිගටම කඳුළු ගැලීමද සිදු විය. මව නාලනී දරුවාත් රැගෙන මෙහි ආවේය.
“මට දැන් ළඟ – දුර තරමක් පෙනෙනවා. මොරටුවේ ලක්ෂපතියෙ ඉඳන් අපි උදේම ආවත් මෙහි සෙනඟ පිරිලා ඉන්නෙ වෙද මහත්තයාගෙ දක්ෂකම නිසයි. සඳරු කීය.
මාතර වල්ගම සිරිසේන (35) වෘත්තියෙන් තැපැල් ස්ථානාධිපතිවරයෙකි.
“මේ වෙදකම ගැන මට පුදුමයි. මගේ ඇස්වල තිබුණු ආබාධයක් සති 4 කින් සුවය ලැබුවා.” ඇස් ඉදිමුම ඇස් පිපිරුම ආදි දේවලට පවා ;මහිදී ප‍්‍රතිකාර සිදුවේ. විදේශකයෝද රහසේ බටහිර ක‍්‍රම අත් හැර මෙහිදී ප‍්‍රතිකාර ගනිති. එසේ තොරතුරු නොදී රහසේ ප‍්‍රතිකාර ගන්නා කියුබානු ගුරුවරියක් ද අපට දැක ගත හැකි විය.
හමුදාවේ හා පොලිසියේ උසස් නිලතල ඇත්තන්, ගුරුවරුන් හා තවත් නොයෙක් විධායක ශ්‍රේණිවල ඇත්තෝ ද මෙහිදී ප‍්‍රතිකාර ගනිති. ඩබ්ලිව්. ඒ. කරුණාරත්න (74) මහර කිරිමැටියාගාර හිටපු ග‍්‍රාම සේවක නිලධාරි මහතාය.
මා ඉන්නෙ ඉහළ බියන්විල කඩවත. මගේ අස්වල ආපු ආබාධයට ප‍්‍රතිකාර ගන්න මේ වෙද මහතා ළඟට ආවා. ලංකාවේ සිවු දෙසින් ජනතාව එනවා. වෙද මහතා නොමිලයේ ප‍්‍රතිකාර කරනවා. සුවය ලබනවා යනවා.
මේක හරිම අසාධාරණයි. මේ පාරම්පරික වෙදකමින් මගේ ඇස් සුව වුණේ පුදුමාකාර ඉක්මනකින්. දන් වේලක්, තේ උගුරක් මේ ජනතාවට ලබා දීලා මේ වෙද මහතා නොමිලයේ කරන සත්කාරය අගය කළ යුතුයි.
යමක් නිකම්ම ලැබෙන විට අපේ අයට එහි වටිනාකමක් ද නැත. නිකම් පිනට දුන්නා කියා පිනටම ගැනීම වැරැදියි. වෙද මහතා රැක ගැනීමට කටයුතු කළ යුතුය. අපේ රටේ ආයුර්වේදය රැක ගැනීමේ බලධරයනි, නොපමාව මේ වෙද මහතා ගැන සොයා බලන්න. එය ජාතියට කළ සේවයක් වනු ඇත.
වෙද මහතා පුරසාරම් දොඩන්නකු නොවේ. මම ඔහු හා කතිකා කෙළෙමි.
“මට පුළුවන් කාලයක් මේ වෙදකම කරන්නෙ නොමිලේ. ලෙඩ්ඩුන්ට දන් වේලක් දෙන්න මුදලක් අර පෙට්ටියට සිත සතුටින් දානව නම් ඒ ඇති. මට දැන් අවුරුදු 61 යි. මගෙන් පස්සෙ මේ වෙදකම කරන්න මා දරුවන්ට උගන්වලා තියෙනවා.” එතුමා කීය.
පරහිතකාමී හැඟීමෙන් ඔපවත් වෙද ඉසිවර සෝමදාස මහතාට දීර්ඝායු පතමි.
උපාලි සමරසිංහ
ඡායාරූප - විමල් කරුණාතිලක
හෙළ වෙද රුසිරාන මුදලට ගැති නොවී කරනව ප්‍රතිකාර
වෙදකමට උදව් කරන දෙමාපියන් සහ සහෝදරිය සමග තුෂාර ලක්‌මාල් වෙදමහතා
සේන ගනේවත්ත මහතා
සියල්ල මුදලට යට වූ ලෝකයක සර්වබලධාරියා මුදල බවට පත් වුවත් මුදලට ගැති නොවී රෝගියාගේ සුව සහනය උදෙසා කටයුතු කරන ස්‌ථානයක්‌ අප කණ වැටුණේ මීට ටික කලකට පෙරය. සිංහල වෙදකම තවමත් සුරැකෙමින් තිබෙන බව එම ආරංචියෙන් කියෑවිණි. එවිට අපට සිහියට නැගුණේ එදා හෙළ රජදවස බුද්ධදාස රජතුමාය. එතුමාත් සර්පයන්ට පවා වෙදකම් කළ බව ඉතිහාසයේ සඳහන්වේ.
ඒ කෙසේ වෙතත් අපට ලැබුණ ආරංචිය අනුව එම ස්‌ථානය සොයා පිටත් වූවේ කෙතරම් කතා තිබුණත් ඒවා කතාවලට පමණක්‌ සීමා වී ඇති අවදියක මුදල මත යෑපීමෙන් තොරව ඇස්‌වලට ප්‍රතිකාර කරන ස්‌ථානය සොයාය. අපි එහි යන විට උදෑසන හිරු පායා ප්‍රදේශයම රන්වන් පැහැයෙන් දිදුලමින් තිබිණි. බැලූ බැලූ අත ඔසු තුරුය. ඇස්‌ මතට බෙහෙත් ගල්වා බොහෝ පිරිසක්‌ එම ස්‌ථානයේ රැඳී සිටින අයුරු අපට දැකගත හැකි විය. බාල මහලු, තරුණ, වැඩිහිටි අය බොහෝ දෙනෙක්‌ මෙම ස්‌ථානයේ රැඳී සිටින අයුරු අපට දැකගත හැකි විය.
මිනිසකුට තම ජීවිතයේ උතුම්ම අංගය ඇස්‌ දෙකය. වෙන මොනවා තිබුණත් මේ ලෝකය දකින්නට ඇස්‌ දෙක නැත්නම් වැඩක්‌ නැත. ඇස්‌ පෙනෙන්නේ නැත්නම් ඒ ජීවිතය අඳුරේ බව කිව යුතු නැත. නමුත් එසේ අඳුරට යන ජීවිතවලට ආලෝකය ලබාදෙන අයුරු දුටු විට අපේ හෙළ වෙදකමේ අසිරිය කොතරම් මනරම් ද යන්න අපට වැටහිණි.
ගඟුලේ වෙදගෙදර නමින් ප්‍රසිද්ධ වී ඇති මෙම ස්‌ථානය ප්‍රධාන වශයෙන් බෙහෙත් කරනු ලබන්නේ අක්‌ෂි රෝගවලටය. ඊට අමතරව සන්ධි රෝග, පීනස සහ කාන්තා රෝගවලට ප්‍රතිකාර කරනු ලබයි.
මගේ තාත්තගේ තාත්තා තමයි මේ වෙදකම කරගෙන ඇවිල්ල තියෙන්නේ. මගේ තාත්තත් මේ වෙදකම කරගෙන ඇවිත් දැන් මම වෙදකම් කරනවා. ඇත්තටම කීවොත් අපේ ගඟුලේ වෙද පරපුරක්‌. අපි පරම්පරාවෙන් පරම්පරාවට වෙදකම කරගෙන යනවා. ඇත්තෙන්ම මම කල්පනා කළා මෙම වෙදකම රැකගෙන අපේ රටේ දුප්පත් මිනිස්‌සුන්ට සේවයක්‌ කරන්න පුළුවන් කියලා. අනික තමයි අපේ තාත්තට සීය කියල තියෙනව රෝගීන්ගෙන් සල්ලි ගන්න එපා. රෝගීන්ට කන්න දෙන්න බැරිනම් මේ වෙදකම කරන්නත් එපා කියලා. ඉතින් මගේ තාත්තා ඒ උපදෙස අකුරටම පිළිපැද්දා. දැන් මමත් එහෙමයි. අපි රෝගීන්ගෙන් මුදල් ඉල්ලන්නේ නැහැ. එයාල කැමැතිනම් අපේ පිං පෙට්‌ටියට තමන්ට හැකි අයුරින් මුදල් දාන්න පුළුවන්. හැබැයි මුදල් ලැබුණත් නැතත් අපි හැම රෝගියකුටම එකලෙස සලකනවා. එදා අපේ දේශීය වෙදකම කරපු මුතුන් මිත්තෝ මුදල් පසුපස හඹා ගියේ නැහැ. ඉතින් මගේ සීයත් එහෙම කළා. තාත්තයි මමත් කරන්නේ ඒ දෙයමයි.
ඇත්තටම ලෙඩෙක්‌ගේ ඇස්‌ හොඳ වෙලා මේ ලෝකය දකින්න ලැබුණයි කියලා කිව්වම මුදල්වලට වඩා පුදුම සතුටක්‌ දැනෙනවා. ඒක තමයි මගේ ජීවිතේ කියල කියන්න ඕන. ඒ වෙලාවට දැනෙන නිරාමිස සතුට කියලා නිම කරන්න බැහැ. ඒ සතුට මුදලට ගන්නත් බැහැ.
එලෙස අප සමග කතා කළේ ගඟුලේ වෙද මැඳුරේ පොඩි වෙද මහත්තයා යන සුරතල් නාමයෙන් හඳුන්වන තුෂාර ලක්‌මාල් ප්‍රනාන්දු වෙද මහතාය.
එතකොට වෙද මහත්තයා සිංහල වෙදකමෙන් ලෙඩ හොඳ වෙන්න කාලයක්‌ ගත වෙනව කියල ජනතාව අතර මුල්බැසගත් මතයක්‌ තිබෙනවා. ඒ ගැන මොකද කියන්නේ...? ඇත්තෙන්ම සිංහල වෙදකමෙන් රෝග සුව වෙන්න කල් ගත වෙන්නේ නැහැ. අනික තමයි අපේ වෙදකමෙන් නිට්‌ඨාවටම රෝගය සුව කරනවා. ඒක පැලැස්‌තර දැමිල්ලක්‌ නෙවෙයි. හැබැයි ඔය කතාව කියන්න හේතු තියෙනව. මොකද ලෙඩාට බෙහෙත් දුන්නම එයා ගෙදර ගිහින් කසාය ටික උණුකරගන්න දන්නේ නැහැ. බෙහෙත් හොයා ගන්න බැහැ. ඒ විතරක්‌ නෙවෙයි ලෙඩේට අවශ්‍ය උපස්‌ථාන නියමිත ලෙස ලැබෙන්නේ නැහැ. එපමණක්‌ නොවෙයි බෙහෙත් කියල ව්‍යාජ ඖෂධ වර්ගවලටත් අහුවෙනව. ඉතින් මේ අඩුපාඩු නිසා තමයි රෝගය සුව වෙන්න කාලයක්‌ යනව කියන්නෙ. මෙහෙම ප්‍රතිකාර කරගත්තම ලෙඩේ වැඩිවෙන්නත් පුළුවන්කම තිබෙනවා.
ඒක නිසා අපි හැම විටම අපේ ළඟට එන රෝගීන්ට බෙහෙත් දෙනවා. ඒ වගේම ඇස්‌වලට බෙහෙත් ගල්වනවා. තැවීම්, පොට්‌ටනි ඇල්ලීම් සියල්ල මෙම ස්‌ථානයේ පළපුරුදු අය යොදවා කරනවා. එයින් ලෙඩාට ඉක්‌මන් සුවය ලබා දීමට අපට හැකිවෙලා තියෙනවා. ලෙඩා දුරබැහැරකනම් ඔහුට අවශ්‍ය නවාතැන් පහසුකම් විතරක්‌ නෙවෙයි ආහාරපානත් ලබාදෙනවා. මේ සියල්ල අපි කරන්නේ නොමිලේ.
අනික තමයි මේ ස්‌ථානයේ සේවය කරන හැමදෙනාම මෙතෙන්ට එන හැම ලෙඩාටම කාරුණිකව උපස්‌ථායක කටයුතු කරනවා. මෙතන සේවය කරන සියලුදෙනාටම සම්පූර්ණ නිදහස අපි ලබාදීල තියෙනව. ඒක නිසා ඒ අය හොඳින් තමන්ගේ වගකීම ඉටුකරනව.
අනික තමයි ප්‍රතිකාර කරන විට රෝගියාට දෙන උපදෙස්‌ අනිවාර්යයෙන්ම පිළිපැදිය යුතුයි. එහෙම වුණොත් රෝගය ඉක්‌මනින් සුව වෙනවා. අනිත් කාරණය තමයි අපි ඕනෑම ලෙඩෙකුට මුල් කාලය මෙතනදීම බෙහෙත් කරනවා. ඇස්‌වල සුද ඒම ඇතුළු සියලු අක්‌ෂි රෝග නිට්‌ඨාවටම සුව කිරීමට අපට මේ නිසා හැකියාව ලැබී තිබෙනවා.
ලොකු වෙද මහත්තයා තම පුතා ගැන කතා කළේ මෙසේය.
ඇත්තෙන්ම මගේ පුතා ගැන මට ආඩම්බරයක්‌ තියෙනවා. මගේ පියාගේ වෙදකම මම කළා. දැන් මගේ පුතා කරනවා. මගේ පුතාටත් මම කියල තියෙන්නේ මේ වෙදකම ඉදිරියට ගෙන යන්න කියලයි. මොකද මම මෙම වත්තේ බෙහෙත් පැළ දහස්‌ ගණනක්‌ වවල තියෙනවා. මේ වෙදකම කරගෙන ගියේ නැත්නම් ඊළඟ පරම්පරාව මේවා දරට විකුණාවි. නැත්නම් ලෑලිවලට විකුණාවි. එතකොට වෙදකමත් අපේ කමත් දෙකම රටෙන් නැතිවේවි. ඒක වළක්‌වන්න තමයි මගේ උත්සාහය වුණේ.
අනික තමයි ලෙඩාට මුදල් නැත්නම් ඒ ගැන විශේෂ අවධානය යොමු කරලා ප්‍රතිකාර කරනවා. ඔහුට අවශ්‍ය ආහාර පමණක්‌ නොවෙයි බස්‌ එකේ එන්න මුදල් පවා ලබාදෙනවා. මොකද මෙතනට එන රෝගීන්ගෙන් 20% ක්‌ විතර මුදල් නැති බොහෝ දුප්පත් අය. ඒ වගේම අපි සනීප කරපු රෝගීන් මේ ස්‌ථානයට බොහෝ උදව් උපකාර කරනවා. ගාල්ලේ එක මහත්තයෙක්‌ හැම මාසෙකම අපට පොල් ලබාදෙනවා. ඒක අපට හයියක්‌ මොකද මෙතනට බොහෝ වෙලාවට එන්නේ දුප්පත් මිනිස්‌සු නිසා. නමුත් එක දෙයක්‌ කියන්න ඕන රජයෙන් හෝ වෙනත් කිසිම රාජ්‍ය ආයතනයකින් නම් අපට හෝ මේ ස්‌ථානයට කිසිම උදව්වක්‌ මේ වනතුරුත් ලැබිල නැහැ. දේශීය වෙදකම නගාසිටුවනවා කියල කිව්වත් දේශීය වෙදකම රැකගන්න අපට කිසිම උදව්වක්‌ නොකිරීම ගැන කනගාටුයි.
අපි මෙම ස්‌ථානයේ ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි කිහිපදෙනෙකු සමග කතා කිරීමට ද අමතක නොකළෙමු.
සේන ගනේවත්ත මහතා
මට හැදිලා තිබුණේ ඒඑම්ඩී කියන අක්‌ෂි රෝගය කියල එකක්‌. මගේ පෙනීම රැල්ලක්‌ යනවා වගේ තිබුණා. ඒකට ඉංගී්‍රසි බෙහෙත් ගත්තා. ඉංගී්‍රසි වෙදකමෙන් මගේ ලෙඩ් සුව කරන්න බැහැ කිව්වා. මොකද මගේ වයසත් අවුරුදු හැටතුනක්‌. ඊට පස්‌සේ මම පත්තරේක දැකල මේ වෙද මහත්තයා හොයාගෙන ආව. මම මෙතන්ට ආවේ තව කෙනෙක්‌ව අල්ලගෙන. ඒ තරම් මගේ ඇස්‌ දෙක පෙනුනෙ නැහැ. වෙද මහත්තයා මගෙන් ඇසුවා මගේ මූන පේන්නේ නැහැ නේද කියල. මම කිව්ව ඔව් කියල. ඊට පස්‌සේ වෙද මහත්තයා දවස්‌ 10 ක්‌ ඇස්‌ දෙකට පත්තු දැම්මා. එකොළොස්‌ වැනි දවසේ මට ටික ටික පේන්න ගත්තා. දැන් මගේ ඇස්‌ දෙක බොහොමයක්‌ දුරට පේනව. දැන් පත්තරවල අකුරු කියවන්න පුළුවන්. තනියම බස්‌ එකේ යන්න පුළුවන්.
මාලනී ඕපනායක මහත්මිය
මගේ දුවගේ වයස අවුරුදු 17 යි. එයාට තිබුණේ ඇස්‌ දෙකෙන්ම පේන්නේ බොඳ වෙලා. වෛද්‍යවරු කීවා ලෙන්ස්‌ එකක්‌ දාන්න කියලා. ඒක ඇහේ තියෙනකම් විතරයි පේන්නේ. ඊට පස්‌සේ මේ වෙද මහත්තයා ගැන ආරංචියක්‌ ලැබිල මම දුව එක්‌කගෙන ආවා. දැන් නම් මගේ දුවට බොහොමයක්‌ දුරට සනීපයි.
ධම්මිකා ඈපා මහතා
මගේ පුතාට දවසක්‌ හදිසියෙම උණ ගත්ත. උණට ගහපු එන්නත් වැරදිල පුතා ලෙඩ වුණා. ඊට පස්‌සේ දොස්‌තර මහත්වරු කිව්වා පුතාට ගහපු එන්නත එයාට අසාත්මික වෙලා කියල. කොහොම හරි පුතාගේ මුළු ඇඟේම හම ගැලවෙන්න පටන් ගත්තා. ඇඟිලි විස්‌සෙම නියපොතු ගැලවී වැටුණා. ඇස්‌ අරින්න බැරිව ගියා. ඇස්‌වල කඳුළු ගැලීම නතරවෙලා. ඇහැ ඇලිලා. බටහිර වෛද්‍යවරු කීවා පුතාට ස්‌ටීවන් ජොන්සන් කියන ලෙඩේ හැදිල කියලා. ඉතින් ඒ අය හැමදාම හතර දෙනෙක්‌ මගේ පුතාව අල්ලලා ඇස්‌ දෙක ඇරල පිහදානව. ඒක බලාගෙන ඉන්න බැරි තරම් දෙයක්‌. පුතා කෑගහල අඬනවා. පස්‌සේ ඒ අය කිව්ව ඇස්‌ දෙක සුව කරන්න බැහැ කියල. කොහොම හරි පුතාගෙ වාසනාවට මේ ස්‌ථානය ගැන අපිට ආරංචි වෙලා මෙතනට ආවා. ඇවිල්ල වෙදකම් කළා. දැන් පුතා ඉස්‌කෝලෙත් යනව. ඇස්‌ දෙකම පේනවා. වෙනදා වගේ ඇස්‌ කකියනව කියල කියන්නේ නැහැ. දැන් බොහෝ දුරට සනීපයි.
රුවන් කළුආරච්චි
උපුටා ගැනීම - http://dahamvila14.blogspot.com/

ලිපිය ලබා දුන්නේ අජිත් ජයසූරිය.


Tuesday, September 16, 2014

ජාත්‍යන්තර ඕසෝන් දිනය අදට යෙදී ඇත

world-ozone-day-slogan-2014-theme-layer
2014 ඕසෝන් දින තේමාව

ජාත්‍යන්තර ඕසෝන් දිනය 2014 සැප්තැම්බර් මස 16 අගහරුවාදා වන අද දිනට යෙදී ඇත. 2014 වර්ෂයේ ඕසෝන් දින තේමාව වී ඇත්තේ “Ozone Layer Protection: The Mission Goes On” යන්නයි. ඕසෝන් වියන විනාශ කිරීම මිනිසාගේ ක්‍රියාකාරකම් තුළින් සිදු වූවා සේම එය සුරක්ෂිත කිරීමටද මිනිසාටම මුල් වීමට සිදු විය. ඒ අනුව ඕසෝන් වියන සුරක්ෂිත කිරිම සදහා ජාතයන්තර දිනයක් නම් කරගෙන, ඉටුකර ගත යුතු ඉලක්ක හඹා යාමට සිදුව ඇත. ඒසේ නම් ඕසොන් හා ඕසෝන් ස්ථරය පිළිබදව මෙසේ සාකච්ඡා කරමු.

ඕසෝන් ස්ථරය
වර්ථමානයේදී අප බහුලව කතා කරන ඕසෝන් ස්ථරය මිහිතලයේත් ජීවින්ගේත් පැවැත්ම තහවුරු කිරීම සඳහා සොබාදහම විසින් කරන ලද අපූරුනිර්මාණයක් වන මෙය මානවයාගේ අදූර දර්ශි ක‍්‍රියා කලාපය නිසා මේ වන විට විනාශ මුඛයට පත් වූ සම්පතකි. එය විනාශ වීම තුළින් තර්ජනයට ලක් වන්නේ ද මිනිසා ඇතුළු සමස්ථ පරිසරයයි.

අප සෞරග්‍රහ මණ්ඩලයේ ඇති ග්‍රහලෝක අතුරින් සුවිශේෂිත ග්‍රහලෝකය වන්නේ පෘථිවියයි. එයට ප්‍රධාන හේතුව වන්නේ මිහිමත ජීවය පැවතීමට සුදුසු වායුගෝලයක් අප පෘථිවිය සතුව තිබීමයි. මෙම වායුගෝලය සරල අණුවලින් සමන්විත වායු වර්ග ගණනාවක සම්මිශ්‍රණයකි. මෙම වායූන්ගෙන් සමහරක් ජීවයේ පැවැත්මට සෘජුව දායක වන අතර සමහර වායු වර්ග ජීවයේ පැවැත්මට අත්‍යාවශ්‍ය මෙන්ම ඒ සඳහා විශාල සහයෝගයක් දක්වයි. පෘථිවිය සතුවූ මෙම විශේෂිත වායුගෝලය සමන්විත වූ වායු හා ඒවායේ පරිමාව අනුව ඇති ප්‍රතිශතය පහත පහත පරිදි වේ.

වායුව                                          රසායනික සූත්‍රය                    පරිමාව අනුව ප්‍රතිශතය %
නයිට්‍රජන්                                                   N2                                      78.08
ඔක්සිජන්                                                   O2                                      20.95
ආර්ගන්                                                      Ar                                        0.93
කාබන්ඩයොක්සයිඩ්                                  CO2                                      0.03
නියොන්                                                    Ne                                        0.0018
හීලියම්                                                       He                                       0.00052
මීතේන්                                                      CH4                                     0.00014
ක්‍රිප්ටෝන්                                                 Kr                                         0.00010
නයිට්‍රස්ඔක්සයිඩ්                                        N2O                                     0.00005
ඕසෝන්                                                     O3                                       0.000007

ඉහත සටහන අනුව වායුගෝලයේ පවතින සමස්ථ වායු ගෝලයේ පරිමාවෙන් 0.0000007% ක් ඕසෝන් වායුව නියෝජනය කරන බව පැහැදිලිය. ඕසෝන් වායුව සෑදි ඇත්තේ ඔක්සිජන් (O) පරමාණු තුනකිනි (O3). නැතහෝත් ඔක්ෂිජන් අණුවක් සහ ඔක්ෂිජන් පරමාණුවක් එකතු වීමෙනි. ඉහල වායුගෝලයේදී සූර්යයාගෙන් පැමිනෙණ පාරජම්බුල කිරණ හේතුවෙන් ඔක්ෂිජන අණු බිද වැටී ඕසෝන් අණු සෑදීමත්, එම කිරණ හේතුවෙන්ම ඕසෝන් අණු බිද වැටී ඔක්ෂජන් අනු සෑදිමත් ස්වභාවික තුළනයක් යටතේ අඛණ්ඩව සිදු වේ.
ඕසෝන් වායුව ඉතා ප්‍රතික්‍රයාශීලි වායුවක් වන අතර කටුක ගන්ධයකින් යුක්තය. රසායනාඝාරයක් තුළදී මෙම වායුව අධික පීඩනයකට ලක්කොට වායු සරාවක් තුල අන්තර්ගත කලවිට දුබල නිල්පැහැයෙන් දිස්වේ. ඉහල වායුගෝලයේ වැඩි වශයෙන් ඇති ඕසෝන් වායුව පහල වායුගෝලයේ ඇත්තේ ඉතා සුළු වශයෙනි. එමෙන්ම මෙම ඕසෝන් වායුව පහළ වායුගෝලයේ පැවතිය හොත් මිනිස් ශ්වසන පද්ධතියට හානිකර වායු දුෂකයක් ලෙස ක්‍රියා කරයි. 

ස්වාභාවික වායු කලාපයේ ඕසෝන් (O3) ස්ථර ගෝලයක් ලෙස පිහිටා ඇත. ඕසෝන්  ස්ථරය පිහිටා ඇත්තේ මුහුදු මට්ටමේ  සිට 10Km හා 50Km අතර දුර ප්‍රමාණයකය.මෙම කලාපයේ ඕසෝන් අණු බහුල ලෙස පවතින නිසා පොදුවේ “ඕසෝන් වියන” හෝ “ඕසෝන් ස්ථරය” ලෙස හඳුන්වයි. දැඩි හිරු රශ්මිය පවතින ඝර්ම කලාපිය රටවල ඉහළ අහසේ බහුලව නිපදවන ඕසෝන් වායුව, වායුගෝලීය චලනයත් සමග ධ්‍රැව ප්‍රදේශ වලට ගසා ගෙන යයි.

අප පෘථිවියේ වායුගෝලයේ උෂ්ණත්වය මුහුදු මට්ටමේ සිට ඉහලට යනවිට ක්‍රමයෙන් යම් යම් වෙනස්වීම් වලට ලක්වේ. මෙලෙස උෂ්ණත්වයේ සිදුවන වෙනස්කම් සලකා බලා විද්‍යාඥයින් විසින් එය ප්‍රධාන කොටස් 5 කට බෙදා ඇත. ඒවා නම්,

පරිවර්තී ගෝලය (Troposphere)  -මුහුදු මට්ටමේ සිට 10 Km දක්වා පමණ
 ස්ථර ගෝලය (Stratosphere )     - 10 Km -50 Km දක්වා පමණ
 මධ්‍ය ගෝලය (Mesosphere)       - 50 Km -80 Km දක්වා පමණ
තාප ගෝලය (Thermosphere)     - 80 Km -200 Km දක්වා පමණ
අයන ගෝලය (Ionosphere)          - 200 Km සිට ඉහලට


මේ අනුව බලන කල ඕසෝන් ස්ථරය පිහිටා ඇත්තේ ඉහල වායුගෝලයේ ස්ථර ගෝලයට අයත් ප්‍රදේශයකය. 

ඕසෝන් බිහිවීම හා එහි කාර්ය.
ඕසෝන් ස්ථරය ඇති වීම හා පෘර්‍ථවිය මත ජීවය ආරම්භ වීම අතර ඝෘජු සම්බන්ධතාවක් ඇත.පෘර්‍ථවිය ආරම්භයේ සිට වර්ෂ බිලියන 4.6 ක් වන තෙක් වායු ගෝලයේ ඕසෝන් වියන නිර්මාණය වී නොතිබුණි. එම නිසා ජීවයට තර්ජනයක් වූ පාරජම්බුල කිරණ වලින් නැහැවෙමින් තිබුණු පෘථිවි පෘෂ්ඨයට ජීවයට පැමිණිමට නොහැකි විය.එබැවින් ජීවින් සීමා වුයේ සාගරයේ ඉතා ගැඹුරු කොටස් වල ය.අධික ශක්තියකින් යුත් UV කිරණ සාගරයේ නොගැඹුරු ප්‍රදේශ කරා ද ගමන් කරන බැවින් එම කලාප ද ජීවය රහිත කලාප විය.

ප්‍රභාසංශ්ලේෂණය කර ආහාර නිපදවන ජීවින් බිහි වුයේ වසර මිලියන 600කට පෙර ය. එහි දී ලැබුණු ඔක්සිජන් නිසා වායු කලාපයේ ඕසෝන් නිපදවිම සිදුවිය. මෙම ක්‍රියාවලිය වසර දශලක්ෂ ගණනක් සිදු වී අහිතකර පාරජම්බුල කිරණ පෙරීම සිදු කරන ඕසෝන් වියන නිර්මාණය විය. මේ ආකාරයට පාරජම්බුල කිරණ පතිත වන ප්‍රමාණය අඩු වීමත් සමඟ භූ තලය පුරා ජීවය ව්‍යාප්ත විය. මෙසේ වැඩිපුර ඔක්සිජන් නිපදවීම තුලින් ජීවින්ට හිතකර වායු ගෝලයක් පරිවර්ති ගෝලය තුල නිර්මාණය කරන අතර ඕසෝන් වියනත් ස්ථර ගෝලයත් නිර්මාණය විය.

ඕසෝන් වියන පෘථිවිය මත ජීවියා රකින පලිහකි. ස්ථර ගෝලය, ලෝක කාලගුණික හා දේශගුණික තත්වය අද තිබෙන තත්වයට පත් කිරිමට හේතු වි ඇත. සුර්යයාගේ සිට විවධ ශක්තීන්ගෙන යුක්ත විකිරණ පෘථුවියට ලගා වන අතර මේව අතුරින් අධික ශක්තියක් සහිත පරජම්බුල විකිරණයේ B හා C ප්‍රභේද ඕසෝන් වියන මගින් අවශෝෂණය කරගෙන ජීවීන්ට හිතකර කිරණ පමණක් පෘථුවියට පැමිණීමට සලස්වමින් පෙරණයක් සේ ක්‍රියා කරයි.


ඕසෝන් වියනට හානිවීමේ විපාක
මෙම පෘථුවි ජීවීන් සුකින පලිහක් බදු ඕසෝන් ස්ථරයට හානි සිදු වීම තුළින් සුර්යයාගෙන් නිකුත් වන පාරජම්බුල කිරණ සෘජුවම පොළෝ තලය මතට පතිත වීම තුළින් මෙලෙස මිනිසාට හානි කර තත්ත්වයක් ඇති වන බවයි විද්‍යාඥයින් පවසා සිටින්නේ. මෙමඟින් මිනිසාට නොයෙකුත් සමේ රෝගයන්ට හා පිළිකාවන්ට මුහුණ දීමට සිදු වේ.මෙම හානි කර තත්ත්වය පිළිබඳ මුලින්ම සොයා ගනු ලැබුවේ 1985 දී ඇන්ටාටික් ප‍්‍රදේශයට ඉහළින් ඇති ඕසෝන් ස්ථරයට සිදුවු විනාශයත් සමඟයි. මෙහිදී මුලික වශයෙන් නයිට්රික් ඔක්සයිඞ්, මිතේන් හා ක්ලෝරෝ ෆ්ලෝරෝ කාබන් වැනි වායු වර්ග  ඕසෝන් ස්ථරයට හානි සිදු කරන බව සොයා ගැණිනි.
පෘථිවිය මත ජීවින්ගේ පැවැත්මට හිරු එළිය අත්‍යවශ්‍ය වන බව අප සියල්ලම දන්නා කරුණකි. එමෙන්ම අප භාවිතයට ගන්නා බොහෝ ශක්තීන්ගේ ප්‍රාථමික ශක්ති ප්‍රභවය වන්නේද සූර්යයාය. සූර්යයා තුළ සිදුවන න්‍යෂ්ටික විලයනය ක්‍රියාවේ හේතුවෙන් නිපදවන ශක්ති විකිරණය මාර්ගයෙන් පෘථිවිය වෙත ලඟාවේ. මෙම විකිරණයන් පෘථිවියට පැමිණෙන්නේ විවිධ තරංග ආයාමයන් සහිත විද්‍යුත් චුම්බක තරංග ශ්‍රේණියක් ලෙසය. ඒ ඒ තරංග ආයාමයන්ට නිශ්චිත ශක්තියක් ඇති අතර ඒ අනුව සූර්යයාගෙන් පැමිණෙන විකිරණ ප්‍රධාන කොටස් කීපයකට බෙදිය හැක. උදාහරණයක් ලෙස අධික ශක්තියන් ඇති  (ගැමා කිරණ) X කිරණ,  පාරජම්බුල කිරණ (Ultra Violet-UV) කිරණ මෙන්ම අඩු ශක්තියක් ඇති අධෝරක්ත (Infra Red -IR) කිරණ ,ක්ෂුද්‍ර තරංග හා රේඩියෝ තරංග දැක්විය හැකිය. මෙම ශ්‍රේණියේ සාපේක්ෂ ලෙසට මැදට වන්නට අපගේ ඇස සංවේදී දෘෂ්ඨි වර්ණාවලිය පිහිටයි.  එමෙන්ම ප්‍රභාසංස්ලේෂණය සඳහා අවශ්‍ය ශක්තිය ලැබෙන්නේද දෘෂ්‍ය වර්ණාවලිය (ආලෝකය) කොටසට අයත් විකිරණයෙනි. සුර්යයාගේ සිට වැඩිම ශක්තියක් පෘථිවිය වෙත ගෙනඑනු ලබන්නේ මෙම දෘෂ්‍ය ආලෝකය ලෙසය. දෘෂ්‍ය ආලෝකයට වඩා වැඩි ශක්තියකින් හා කෙටි තරංග ආයාමයකින් යුත් පාරජම්බුල කිරණ ඕසෝන් ස්ථරය සමග ඉතා සමීප සම්බන්ධතාවයක් පෙන්වයි. මෙම පාරජම්බුල කිරණ අඩු සිට වැඩිවන පිලිවෙලට සකසා උප කොටස් 3 ක් UV-A UV-B UV-C ලෙසට බෙදා හඳුනා ගත හැකිය. මින් UV-B UV-C පෘථිවිය මත ඇති ජීවයට ඍජුවම තර්ජනයක් වන අතර සාපේක්ෂව අඩු ශක්තියකින් යුත් දෘෂ්‍ය ආලෝකයට ආසන්න UV-A වලින් ජීවයට තර්ජනයක් එල්ල නොවේ.

ඕසෝන් ස්ථරයේ විනාශය අවබෝධ කර ගනිමු


මිනිසා විසින් නිෂ්පාදනය කරනු ලබන යම් යම් රසායනික ද්‍රව්‍ය නිසා ඕසෝන් ස්ථරය විනාශවෙමින් පවතී. දැනට ලැබී ඇති විද්‍යාත්මක තොරතුරු අනුව මෙලෙස ඕසෝන් වියනේ විනාශයට වැඩිවශයෙන් වගකිව යුතුයැයි හඳුනාගෙන ඇති රසායන ද්‍රව්‍ය නම් හැලජනීකෘත හයිඩ්‍රොකාබන්ය.පොදුවේ මෙම රසායන ද්‍රව්‍ය ඕසෝන් ක්ෂයකාරක හෝ ඕසෝන් ප්‍රහීනකාරක ද්‍රව්‍ය (Ozone Depleting substances -ODS) ලෙස හඳුන්වයි. විශේෂිත කරුණ නම් මෙම හැලජන කාණ්ඩ හෝ කාණ්ඩයන් ක්ලෝරීන් හෝ බ්‍රෝමීන් වීමයි. දැනට ඕසෝන් ස්ථරයට අහිතකර රසායන ද්‍රව්‍ය 96 ක් පමණ සොයාගෙන ඇත

CFC වර්ගයේ රසායනික ද්‍රව්‍ය මුල්වරට සොයාගනු ලැබුවේ 20 වන සියවසේ 3 වන දශකයේදීය. මෙම ද්‍රව්‍ය සතු කර්මාන්ත භාවිතයට අතිශයින්ම යෝග්‍ය වූ රසායන සහ භෞතික ලක්ෂණ නිසා සීඝ්‍ර ලස කර්මාන්ත වල ප්‍රචලිත විය. මේ අනුව මෙට්‍රික් ටොන් දස දහස් ගණනින් නිෂ්පාදනය විය. CFC වර්ගයේ රසායනික ද්‍රව්‍ය සතු වූ නිශ්ක්‍රීය ස්වභාවය (Innert) ගඳක් සුවඳක් නැති බව (Order less) වස විස නැති බව (Non Toxic) වැනි කරුණු මේවායේ සීඝ්‍ර ප්‍රචලිතවීමට හේතු සාධක විය. එමනිසා මෙම වායුව සොයාගත් කාලයේදී එය පුදුම වායුව (Wonder Gass) ලෙස හා දෙවියන් දුන් වායුව ලෙස හැඳින්වේ. භාවිතය අවසානයේදී මෙම ප්‍රතික්‍රියාශීලි නොවන වායුව අප අවට වායුගෝලයට ටොන් දස දහස් ගණනින් එක්විය.

1970 දශකයේදී ඕසෝන් විනාශවීම නිරීක්ෂණය කරන ලද අතර නයිට්‍රස් ඔක්සයිඩ් මෙයට හේතුව ලෙස ආචාර්ය පෝල් කර්ට්සන් මතයක් ඉදිරිපත් කලේය. මෙයට මූලික හේතුව වූයේ ඒ වනවිට ශබ්දයේ වේගයට වඩා වැඩි වේගයකින් ගමන් ගන්නා යානා (Super Sonic Jets) තරමක් ඉහල ආකාශයේ ගමන් කිරීමයි. නමුත් පසු කලෙකදී මෙම ප්‍රතික්‍රියාවට වඩා ඉතා විශාල ලෙස ක්ලෝරීන් පරමාණු මගින් ඕසෝන් වායුව විනාශවන බව සොයාගන්නා ලදී. පහල වායුගෝලයේදී අවට වායුගෝලයට කිසිදු තර්ජනයක් එල්ල නොකරන මෙම වායුවට සිදු වන්නේ කුමක්දැයි යන්න කුතුහලයෙන් යුත් විද්‍යාඥයන්ගේ පරීක්ෂණයට ලක්විය. ඕසෝන් වියනට CFC වර්ගයේ රසායන ද්‍රව්‍ය වල ඇති ක්ලෝරීන් පරමාණු සම්බන්ධවීම පිලිබඳ යාන්ත්‍රණයක් ලොවට මුලින්ම ඉදිරිපත් කලේ කැලි‍‍‍‍ෆෝනියා විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් දෙපලක් වන ආචාර්ය මරියෝ මොලීනා හා අචාර්ය ෂර්වුඩ් රෝලන්ඩ්ය. මෙම විද්‍යාත්මක අනාවරණය කිරීම් වලට අනුව ලෝකයේ විද්‍යාඥයින් හා සාමානය ජනතාවගේ දැස් ඕසෝන් ස්ථරය වෙත යොමුවිය. වැඩි වශයෙන් මෙම අංශයේ පර්යේෂණ පැවැත්වූ අතර දැනුම සම්භාරයක්ද එකතු විය. ඕසෝන් වියනේ විනාශය සම්බන්ධයෙන් මුලින්ම ලොවට කරුණු හෙලිකල විද්‍යාඥයින් වන ආචාර්ය මරියෝ මොලීනා අචාර්ය ෂර්වුඩ් රෝලන්ඩ් හා ආචාර්ය පෝල් කර්ට්සන් යන තිදෙනාම 1995 වර්ෂයේ රසායන විද්‍යාව උදෙසා වන නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබුවේ ඔවුන්ගේ මෙම සුවිශේෂී සොයා ගැනීම සඳහාය.


ඕසෝන් වියන නයිට්‍රස් ඔක්සයිඩ් මඟින් හානි විය හැකි බව බව මුලින්ම අණාවරණය කර ගනු ලැබුවේ 1970දී ය.එසේම කලෝරෝෆ්ලෝරෝ (CFC) මඟින්ද හානි විය හැකි බව 1974දී අණාවරණය විය.වැදගත්ම කරුණ වූයේ ඇන්ටාටිකාවට ඉහළ අහසේ ඕසෝන් වායුව තුනී වී සිදුරක් නිර්මාණය වී ඇති බවය(1985).2003 වසරේ දී ඇන්ටාටිකා  අහසේ සිදුර ප්‍රමාණාත්මක  ලෙස විශාල වී තිබේ.

එය වර්ග කිලෝමීටර මිලියන 29කි.ඕසෝන් සිදුරක් යනු වායු ගෝලයේ යම් ස්ථානයක සමස්ත ඕසෝන් කුළුනේ ඕසෝන් වායු ඝනත්වය ඩොබ්සන් ඒකක DU 220ට අඩු වු ප්‍රදේශයකි..

ඕසෝන් ස්ථරයේ අස්ථාවරත්වය ඇති කිරීමට තුඩු දෙන ද්‍රව්‍ය
1.ක්ලෝරෝෆ්ලෝරෝ කාබන්(CFC)
                ශීතකරණ හා වායු සමීකරණ
                තීන්ත ද්‍රව්‍ය
                සුවඳ විලවුන්
                පළිබෝධ ඉසින කාරක
                ෆෝමින් වර්ග නිෂ්පානයේදී


2.මෙතිල් බ්‍රෝමයිඩ්(MeBr)
               පළිබෝධනාශක භාවිතයේදී
               පුස්තකාල දූමකරණයේදී
3.කාබන් ටෙට්‍රා ක්ලෝරයිඩ්
              ගිනි නිවන උපකරණ භාවිතයේදී
              ද්‍රාවකයන් හා පිරිසිඳු කාරකයන්

4.මෙතිල් ක්ලෝරෝෆෝම්
             පිරිසිඳු කාරක

ඕසෝන් ස්ථරය විනාශ වීමෙන් ඇති වන විපාක

1.පාරජම්බූල කිරණ නිසාසම රැළි වැටීම,සම වියළීම,සමේ පිළිකා ඇතිවීම,සම පිළිස්සීම.
2.මිනිසාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ට හානි පැමිණීම.
3.ඇසේ සුද ඇති වීම හා ඒ ආශ්‍රිත පිළිකා ඇතිවීම.
4.මිනිසාගේ ස්වසන පද්ධතියට හානි වීම.
5.ජාන විකෘති වීම් හා ඒ ආශ්‍රිත පිළිකා
6.මතස්‍ය හා උභය ජීවීන් විනාශ වීම‍ෙ
7.ශාක ප්ලවාංග විනාශ වීමෙන් ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය අඩාල වීම.ො
8.භෝගවල ඵලදාව අඩුවීම හා ශාක වර්ධනය හීන වීම.ෙ
9.ජෛව භූ රසායන ක්‍රියාවලිය වෙනස් වීම.

ඕසෝන් හානිකර ද්‍රව්‍ය වෙනුවට ආදේශක

        1.ක්ලෝරෝෆ්ලෝරෝ කාබන් වෙනුවට, ශීතකරණ වලදී හයිඩ්‍රොෆ්ලෝරෝ කාබන්(HFC 134a)ඇමෝනියා භාවිතය, ෆෝමින් නිෂ්පාදනයේදී හයිඩ්‍රොක්ලෝරෝෆ්ලෝරෝ කාබන්(HCFC) භාවිතය,
ඉසිනකාරක ලෙස හයිඩ්‍රො කාබන් භාවිතය,
ඇසුරුම් කාරක ලෙස ඍජුෆෝ වෙනුවට ස්වභාවික ඇසුරුම් භාවිතය,


        2.ගිනි නිවන උපකරණ භාවිතයේ දී,
CO2 ,ජලය හා නිෂ්ක්‍රිය වායු භාවිතය.


       3.ද්‍රාවක ලෙස ආදේශක ඕසෝන් භාවිතය,

      4.මෙතිල් බ්‍රොමයිඩ් වෙනුවට කෘෂිකර්මාන්තයේදි,
 සමෝධානිත පළිබෝධ කළමණාකරණය.
සුර්යතාපනය.
ඕසෝන් හිතකාමි පළිබෝධනාශක(මෙටාම් සෝඩියමි,ඩැසෝමේට්) භාවිතය

ඔබට වැදගත් ඕසෝන්  ඉතිහාසය  හා අනාගත විත්ති

වසර මිලියන 600කට ඉහතදී ඕසෝන් වියන නිර්මාණය විය
1830 - ක්‍රිස්ටියන් ස්ක්‍රෝබියන් විසින් ඕසෝන් වායුව මුල්වරට විද්‍යාගාරය තුළදී හදුනා ගන්නා ලදි. 1881  වොල්ටර් හාට්ලි විසින් ඕසෝන් වියන මගින් උරාගන්නා බව පෙන්වා දීම.
1924 - ජි.එම්.බී. වොඩ්සන් විසින් වර්ණාවලි මානය මගින් ඕසෝන් ඝණත්වය මැනිම
1928 -තෝමස් මිඩ්ජ්ලි විසින් ක්ලෝරෝ ෆ්ලෝරෝ කාබන් නිෂ්පාදනය කිරීම
1950 -  ක්ලෝරෝ ෆ්ලෝරෝ කාබන් සීඝ්‍ර ලෙස ව්‍යාප්ත විය.
1969 - ආචාර්ය පෝල් කෘෘට්සන් විසින් නයිට්‍රස් ඔක්සයිඩ් චක්‍රය සොයාගන්නා අතර නයිට්‍රස් ඔක්සයිඩ්ඕසෝන් විනාශයට හේතු වන බවද සොයා ගනී.
1974 - ආචාර්ය ෂර්වුඩ් රෝලන්ඩ් විසින් සහ ආචාර්ය මාරියෝ මොලීනා යන අය විසින් ක්ලෝරෝ ෆ්ලෝරෝ කාබන් ඕසෝන් වියනේ විනාශයට හේතුවන බව සොයා ගැනීම
1985 - ඕසෝන් වියන සුරැකීම පිළිබද වියානා සම්මුතිය පිහිටු වීම
1985 - ආචාර්ය පෝල් කෘෘට්සන්, ආචාර්ය ෂර්වුඩ් රෝලන්ඩ්,ආචාර්ය මාරියෝ මොලීනා යන අය රසායන විද්‍යාව පිළිබද නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබිම
1987 - සැප්තැම්බර් ඕසෝන් ක්ෂයකාරන ද්‍රව්‍ය සදහා වූ මොන්ට්‍රියල් සංධානය බිහිවීම.
1989 - දෙසැම්බර් වියානා සම්මුතියට සහ මොන්ට්‍රියල් සංධානය ශ්‍රී ලංකාව අත්සන් තැබීම
1994 - ජුලි අද, ඕසොන් ඒකකය ලෙස හදුන්වන් ලබන මොන්ට්‍රියල් සංධාන ඒකකය ලංකාව තුළ පිහිටුවීම
–           - මොන්ට්‍රියල් සංධානය ක්‍රියාත්මක කරනු ලබන ජාතික ආයතනික යාන්ත්‍රණය ශක්තිමත්                  කිරීම.
–             - CFC සහිත උපකරණ ඕසෝන් හිතකාමී උපකරණ බවට පරිවර්ථන කරගැනීමට අවශ්‍ය                  තාක්ෂණය ලබා දීම

–             -  ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් සංවිධානය කිරීම.
      2004 - ශ්‍රී ලංකාව ජාතික ඕසෝන් වසර ලෙස නම් කිරීම
      2008 - එක්සත් ජාතීන්ගේ පරිසරය පිලිබද ඒජන්සිය මගින් ඕසෝන් වියන රැක ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාව                 ඇගයීමට ලක්වීම.
2010  - ලොව පුරා ක්ලෝරෝ ෆ්ලෝරෝ කාබන් භාවිතය අත්හිටුවයි

2030 - ලොව පුරා හයිඩ්‍රෝක්ලෝරෝ ෆ්ලෝරෝ කාබන් භාවිතය නැවැත්වීම
2065 - ඇන්ටාටිකාවට ඉහලින් පිහිටි ඕසොන් ස්තරය නැවත යතා තත්වයට පත්වනු ඇති බවට පරිසර විද්‍යාඥයින් විසින් අනාවැකි ඵලකර ඇත.

ඕසෝන් වියන කෙරෙහි ජගත් ප‍්‍රජාවේ අවධානය යොමු වීම
මේ පිළිබඳ ජගත් ප‍්‍රජාවේ අවධානය යොමු වීමත් සමඟ එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන මඟින් ප‍්‍රථම වරට 1985 දී ඔස්ටියාවේ වියානා නුවර සමුළුවක් පැවැත් විය.

1997 වසරේ සැප්තැම්බර් මස 16 වන දා ජාත්‍යන්තර  ඕසෝන් දිනය ලෙස ප‍්‍රකාශයට පත් කරන ලද අතර එදා පටන් සෑම වසරකම සැප්තැම්බර් මස 16 වන දා ඕසෝන් ස්ථරය සුරැකීම පිළිබඳ ප‍්‍රජාව දැනුවත් කිරීමේ නොයෙක් වැඩසටහන් රාජ්‍යයන් විසින් ගනු ලබයි.

වර්ථමානය වන විට ඔසෝන් වියන යථා තත්වයට පත්වීමේ හොද ලකුණු පෙන්ව

1980 පමණ කාලයේ සිට දැඩි ලෙසින් ඔසෝන් වියනට හානි සිදු වූ අතර වැඩිම හානියක් සිදු වූයේ වායු සමීකරණ, ශීතකරණ, ස්ප්‍රේ කෑන් වල භාවිතා කරන රසායනික අහිතකර වායු සහ අභ්‍යවකාශ යානා මගින්ය. එසේ වූවද ඕසෝන් වියන සුරැකීම සදහා ජගත් ප්‍රජාවගේ කැපවීම මත මෑතකදී කල සමීක්ෂණයකින් හෙලිවන්නේ නැවත ඕසෝන් ස්ථරය යථා තත්වයට පත්වීමේ ගුණදායක නැඹුරුවක් ඇති බවයි. මෙය ප්‍රකාශකර ඇත්තේ එක්සත් ජාතීන්ගේ පරිසරය පිලිබද ඒජන්සිය මගිනි.එය මෙම ඡායාරූප අධ්‍යයනය තුළින් අවබෝධ කර ගත හැකිය.

මෙම ගුණදායක බවට හේතුවී ඇත්තේ ක්ලෝරොෆ්ලෝරොකාබන් (chlorofluorocarbon-CFC) භාවිතය තහනම් කිරීම සහ සීමා කිරීමයි. මෙමගින් විශාල ලෙසින් සිදුවීමට ගිය විනාශයක් මග හැරී ඇත. 2003 සිට 2013 දක්වා කාලය තුල පරීක්ෂකයන් 300ක ප්‍රමාණයක් මෙම පරීක්ෂණය සදහා සහභාගී වි ඇත. ඔවුන් ප්‍රකාශ කරන ආකාරයට පෘථිවියේ උත්තර අර්ධගෝලයේ තිබූ විශාල ඕසෝන් සිදුර දැනු නැවත යළුා ස්වභාවයට පත් වෙමින් පවතින බවයි. එහි ඝණකම 4% කින් වැඩිව ඇතිබව සොයාගෙන තිබෙනවා.

ඔවුන් තවදුරටත් ප්‍රකාශ කරන්නේ මේ තත්වය මේ ආකාරයෙන් වර්ධනය වුව හොත් 2050 වන විට හොද සෞඛ්‍යමත් ඕසෝන් වියනක් අපට ලබා ගැනීමට හැකිවනු ඇති බවයි.

 ඕසෝන් වියන රැක ගැනීමට දායක වෙමින් අප ට හිමි වූ සොබාදම් මාතාව රැක ගනිමු.මන්දයත් අපගේ ‍දිවි රැකෙනුයේ ද ලෝකය රැකුනොත් පමණෙකි. කෙසේ වෙතත් පරිසරවේදීන්ගේ හා විද්‍යාඥයින්ගේ මතය බවට පත් වී ඇත්තේ මේ වන විටත් ඕසෝන් ස්ථරය රැක ගැනීම සඳහා මිනිසාගේ මැදිහත් වීම අවම මට්ටමක පවතින බවයි. ඒ අනුව අපත් සෑම විටම ඕසෝන් වියන සුරැකීමට හැකි උපරිම අයුරින් දායක විය යුතුය.


තොරතුරු හා ඡායාරූප අන්තර්ජාලය සහ ජාතික ඒසෝන් ඒකකයේ ප්‍රකාශණ ඇසුරින් ලබාන්නා ලදි.


Wednesday, September 10, 2014

කාය ශක්තිය වැඩි කරගන්ඩ අතීත රජවරු කාපු කාමරංගා

ඔබේ ගෙවත්තේ ගසේ ඉදී බිම වැටී කුණුවී යන මෙ මාහැගි පළතුරෙහි වටිනාකම ඔබ දන්නේද? ඇත්තටම බොහෝ දෙනෙක් මේ ගැන කිසි තැකීමක් කරන්නේ නැහැ. මම කුඩා කළ ඉදන්ම මේ ගැන දැනගෙන හිටායේ ඇදුම වගේ ලෙඩ සදහා භාවිතා කරන්න පුළුවන් බව විතරයි. ඒත් මට දැන ගන්න ලැබුනා මෙහි අනෙකුත් වටිනාකම් පිළිබදව. ඒ අනුව අන්තර්ජාලයේ දැක්ක මේ ලිපිය මම උපුටා මෙහි ඵල කරන්නේ පරිසරයේ අගනාකම පිළිබදව ඔබගේ දැනීම වැඩි කිරීම පිණිසයි. එහෙම නම් ඔබගේ පහසුව පිණිස සකස් කරන ලද එම ලිපිය පහතින් කියවන්න.

දිව පිනවන රසවත් පලතුරකි
දිව පිනවන රසවත් පලතුරු අතර කාමරංගාවලට හිමි වන්නේ සුවිශේෂී තැනක්. ශරීරය ප්‍රසාදනය කිරීමේ මනස ප්‍රබෝධවත් කිරීමේ මහඟු ගුණයක් පවතින කාමරංගා අයත් වන්නේ වාංගේරි කුලයට. Averrnoa carambolo කියන්නේ  එහි උද්භිද විද්‍යාත්මක නාමය.
වසරේ ජූලි, අගෝස්තු, දෙසැම්බර් සහ ජනවාරි යන මාස කිහිපය තුළ පල හටගන්නා කාමරංගා ශාකය පැණි කාමරංගා සහ ඇඹුල් කාමරංගා වශයෙන් ප්‍රභේද දෙකකින් හඳුන්වනවා. දාර සහිත පලතුරක් වන කාමරංගා අමුවෙන් කොළ පැහැති පලතුරක්. නමුත් ඉදුණු පසු රන්වන් කහ පැහැයක් ගන්නා මේ පලතුර එයටම ආවේණික මිහිරි රසින් යුත් රසායනික සංයෝගයකින් සමන්විතයි.

පුරාණ රජවරුන් සහ කාබරංගා
පුරාණයේ රජවරුන් අතීතයේ විවිධ පලතුරු පානයන් භාවිත කරලා යුද ජයග්‍රහණය ලබන්න කාය ශක්තිය අපේක්ෂා කරලා තිබෙනවා. ඒ අතර රජවරුන් බහුල වශයෙන් භාවිත කළ පලතුරක් තමයි කාමරංගා කියන්නේ. ශරීරය පුෂ්ටිමත් කිරීමටත්, නව ජීවයක් ලබාගැනීමටත් භාවිත කළ හැකි කාමරංගා පලතුර පිළිබඳ අපේ දේශීය ආයුර්වේදයේ ඉපැරැණි ග්‍රන්ථවල පවා සඳහන් වෙනවා.

කාබරංගා නිකම්ම පළතුරක් නොවෙයි
ඇත්තටම කාමරංගා කියන්නේ නිකම්ම නිකම් සාමාන්‍ය පලතුරක් නෙවෙයි. අපේ දේශීය ආයුර්වේද ශාස්ත්‍රයට අනුව වටිනා ඔෟෂධයක්. රෝග රැසක් සඳහා ගුණදෙන ඔෟෂධයක් වන කාමරංගා දේශීය ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රයට අනුව පීිත ඵල, රුජාකර, ධාරා ඵල ආදී නම්වලිනුත් හඳුන්වනවා. විශේෂ ගුණ සපිරි කාමරංගා රෝග රැසක් සුව කිරීම සඳහා යෝග්‍ය ඔෟෂධයක් වුණත් සමාජයේ මුල් බැසගත් විවිධ මිථ්‍යා මත පවතිනවා. ඉන් එකක් තමයි කාමරංගා ආහාරයට ගත්තොත් රුධිරය සහිතව මල පිට වෙනවා යන මිථ්‍යා මතය. ඇත්ත වශයෙන් එම මතය වැරැදියි. කාමරංගා කියන්නේ අතුරු ආබාධ නැති හොඳ රසවත් ගුණවත් පලතුරක්. නමුත් එක් දෙයක් මෙහිදී සිතට ගත යුතුයි. දියවැඩියාව රෝගයෙන් පෙළෙන පුද්ගලයන් කාමරංගා වැඩි වශයෙන් ආහාරයට ගැනීමත්, සීනි සමඟ කාමරංගා ආහාරයට ගැනීමත් උචිත නෑ.
සාමාන්‍ය ජීවිතයේදී අපි ජෑම්, කෝඩියල්, සිරප් වගේම අච්චාරු, සලාද, වෑන්ජන සෑදීමට කාමරංගා ගෙඩි භාවිත කරනවා. නමුත් මෙම ශාකයේ පවතින ඔෟෂධීය ගුණ සහ විවිධ රෝගවලදී කාමරංගා ඔෟෂධය භාවිත කරන ආකාරය පිළිබඳ ඔබට අවබෝධයක් ලැබේවි.

 විස නසන කාමරංගා
අතීතයේ මිනිස්සු ශාක, සත්ත්ව, ඛනිජ ආදී ද්‍රව්‍ය මඟින් හෙළ වෙදකම කිරීමේදී ඇතැම් ඔෟෂධ විස තත්ත්වයකට පරිවර්තනය වීමේ අවදානමක් තිබුණා. එවන් අවස්ථාවලදී ශරීරයේ හටගත් එම විස තත්ත්වය මකන්න අතීත වෙදැදුරන් භාවිත කළ ප්‍රධානතම ඔෟෂධයක් තමයි කාමරංගා.

අද සමාජයේ අප ගන්නා වතුර, එළවළු, පලතුරු වැනි දෑවල අඩංගු විස තත්ත්වයන් නිසා උදරය, ආමාශය, වකුගඩු ආශ්‍රිතව විස හටගැනීමේ අවදානමක් පවතිනවා. එවන් විස තත්ත්වයකදී දිනකට ඇඹුල් කාමරංගා ගෙඩියක් බැගින් දිනපතා ආහාරයට ගත්තොත් ශරීරයේ තැන්පත් වී පවතින අහිතකර විස විනාශ වෙනවා.

 වැහැරුණු සිරුර පුෂ්ටිමත් කරන්න
ඇතැම් අයට වයස් භේදයකින් තොරව විවිධ ලෙඩ රෝග වැලැඳුණු පසු සති කිහිපයක් එක්තැන් වී සිටීම නිසා ශරීරය දුර්වල වෙන්න පුළුවන්. පුෂ්ටිමත් ශරීරය දිරාපත් වන ස්වභාවයකට පත්වෙන්න පුළුවන්. එවන් අවස්ථාවලදී කෘශ ශරීරයෙන් නහර ඉල්පී පෙනෙන ස්වභාවයක් මතු වෙනවා. එය හොඳ නෑ. මොකද නහර ගැටගැසීම් ඇති වී රුධිර සම්පාදන ක්‍රියාවලියේ අක්‍රමිකතා ඇති වී තව තවත් රෝගියා දුර්වල වීමට ඉඩ තිබෙනවා. එවන් දුර්වල රෝගීන් ප්‍රාණවත් කිරීමටත්, ශරීරය කෘශ අය මහත් කිරීමටත්, නහර පද්ධතියේ ප්‍රතිප්‍රාණයක් ඇති කිරීමටත්, අධ්‍යාපන ක්‍රියාවල නිරත වන දරුවන්ගේ මතක ශක්තිය වර්ධනය කිරීමටත් සුදුසු අතුරුපසක් වගේ ඔෟෂධයක් කාමරංගාවලින් සාදා ගන්න පුළුවන්. එය සාදාගන්නේ මෙහෙමයි. මුලින්ම ඉදුණු කාමරංගා ගෙඩි කිහිපයක් පෙති කපා හොඳින් වියළා ගන්න. තාරකා පෙති සේ අලංකාර ලෙස වියළාගත් කාමරංගා පෙති, සීනි උණු කර පැණි පදමට සාදාගත් සීනි පැණියකට මිශ්‍ර කර ඒ තුළ සතියක් පමණ පැසීමට ඉඩ හැර වීදුරු බෝතලයකට දමා වසා තබන්න. ඉන්පසු දිනකට දෙවරක් බැගින් දිනපතා මේ ඔෟෂධීය අතුරුපස ආහාරයට ගන්න. එය ඔබට ඉතාමත්ම ගුණදායක ආහාරයක් වේවි. මෙම ඔෟෂධීය අතුරුපස බොහෝ කාලයක් කිසිදු අහිතකර බවකින් තොරව තබා ගන්නත් ඔබට පුළුවන්.

 කොන්දෙ අමාරුවට හා හන්දිපත් රුදාවට
අද බහුතරයක් ලංකාවේ ඉන්න කාන්තාවන්ට වැලැඳී පවතින රෝගයක් තමයි කොන්ද අමාරුව. හන්දිපත් වේදනාව. ඒ වගේම ස්නායු ආබාධ නිසා ශරීරය පණනැති වීම්, ශරීරයේ අඩක් හිරිවැටීම් වැනි අවදානම් තත්ත්වයන් පවා හටගත් උදවිය ඉන්නවා. මේවා කාන්තාවන්ටම පමණක් සීමා වුණු රෝග ලක්ෂණ නෙවෙයි. පිරිමි අය අතරත් මේ රෝග නිසා පීඩාවිඳින අය සිටිනවා. එවන් හන්දිපත් වේදනා, කොන්දෙ අමාරු, ස්නායු රෝග සහ ශරීරය හිරිවැටීම් ඇති අය දිනපතා කාමරංගා යුෂ වීදුරුවක් ගෙන එයට මී පැණි ස්වල්පයක් මිශ්‍ර කර පානය කරන්න. පුරා සති දෙකක් පමණ දෛනිකව මෙය කළොත් ඔබේ ශරීරයේ පෙර සඳහන් කළ රෝග තත්ත්වයන් සමනය වේවි.

 හෙම්බිරිස්සාවටත්, සෙමටත් හොඳයි

ඇතැම් අවස්ථාවල වැසිබර කාලගුණ තත්ත්වය හේතුවෙන් හෝ දේශගුණය වෙනස්වීම හේතුවෙන් සෙම තත්ත්වයත් සමඟ තද සෙම්ප්‍රතිශ්‍යා හටගැනීමේ අවදානමක් පවතිනවා. එවිට උගුර වේදනාව, නාසය බරවීම, සොටු දියර ගැලීම නිසා ඔබේ කායික සුවයට මෙන්ම මානසික සුවයටත් බලපෑමක් ඇති වෙන්න පුළුවන්. 

ඔබට දවස අසහනකාරී ලෙස ගතකරන්නට එමඟින් සිදුවෙනවා. එවන් අයහපත් සෞඛ්‍ය තත්ත්වයකදී ඇඹුල් කාමරංගා ආහාරයට ගන්නවා නම් ශරීරයේ රැඳී පවතින සෙම විශාල වශයෙන් බැහැර වෙනවා.
 
අර්ශස් නසන කාමරංගා
රුධිරය වහනය වන අර්ශස් රෝගය නිසා අද බහුතරයක් පිරිස දැඩි පීඩාවකටත් මානසික ව්‍යාධියටත් පත්ව සිටිනවා. ඉදුණු හෝ අමු කාමරංගා ගෙඩියක් අරගෙන සියුම්ව ගලේ අඹරා ඒ මිශ්‍රණය රුධිරය වහනය වන අර්ශස් ගෙඩිවල ආලේප කරන්න. දින කිහිපයක් මේ ප්‍රතිකාරය කළොත් ඔබට අර්ශස් රෝගය නිශ්චිතවම සුව කර ගන්නත් පුළුවන්.

මලකඩ විස නසන කාමරංගා ප්‍රලේහය
අවි ආයුධවලින් රැකීරක්ෂා කරන අයගේ අත් පා කැපීම් තුවාලවලට ලක්වෙනවා. කැපීම් තුවාල සිදුවූ අවස්ථාවේ අයිස් වතුර ස්වල්පයක් දමා රුධිරය පිටවීම වැළැක්වූවාම රෙදි කඩකින් ආවරණය කළාම සියල්ල නිම වෙන්නේ නෑ. මොකද මල බැඳුණු ආයුධවලින් කුඩා තුවාලයක් සිදු වුවත් එය පිටගැස්ම රෝගය දක්වා ඔඩු දුවන්න පුළුවන්. මල බැඳුණු ආයුධකියන් සිදුවුණු එවන් කැපීමකදී මලකඩ විස නැති කර තුවාලය ඉක්මනින් සුව කරන්න ඔෟෂධයක් කාමරංගාවලින් සාදාගන්න පුළුවන්. එහි නම තමයි කාමරංගා ලවණ ප්‍රලේහය. එය සාදන්නේ මෙහෙමයි. ඉදුණු කාමරංගා ගෙඩියක් අරගෙන වෙන් නොවෙන්න හරි මැදින් අඩක් දෙකට පලන්න. ඉන් පසු ඒ පැල්මට ලුණු කැට ස්වල්පයක් දමා කෙසෙල් කොළයක කාමරංගා ගෙඩිය ඔතා උණු අළු පල්ලේ එය තම්බා ගන්න. කෙසෙල් කොළය දැවී යන පදනමට තැම්බුණු කාමරංගා ගෙඩිය තෙත් ගතියෙන් මිදී වියළි දර කැබැල්ලක් වැනි පදනම එනවා. ඉන් පසු එය අඹරා හොඳින් කුඩුකර නිවුණු පසු යකඩ ආයුධයෙන් තුවාලය සිදුවුණු ස්ථානයේ ආලේප කරන්න. අඹරා ගත් එම චූර්ණය සුළං නොවදින ඇසුරුමකට දමා තබා දින කිහිපයක් එසේ ආලේප කරන්න. මලකඩ විස විනාශ කොට එමඟින් තුවාලයත් ඉක්මනින් සුව කරගන්න ඔබට පුළුවන්.

මානසික රෝග නසන්නත් කාමරංගාවලට පුළුවන්
කාමරංගා ඔෟෂධය මඟින් පක්ෂාගාත රෝගය සුව කරන්නත් මානසික ආකූලතා දුරු කරන්නත් පුළුවන් බව පර්යේෂණ මට්ටමෙන් තහවුරු කරගත් දෙයක්. ඒ අනුව ඉදුණු කාමරංගා ගෙඩි කිහිපයක් අරගෙන අඩක් වන පරිදි මැදින් පලා ඒ හිඩැසට ලුණු ස්වල්පය බැගින් දමා අව්වේ වියළා ගන්න. ඉන්පසු අව්වේ අඩක් තම්බා ගත් කාමරංගා අව පැහැ ගැන්වෙන පදමට ආ පසුව එය වීදුරු බෝතලයකට දමා සතියක් පමණ නිසොල්මනේ තබන්න. ඉන්පසු එය ලුණු දෙහි මෙන් රසවත් පදමට ආ පසු බත් හෝ වෙනත් ආහාර සමඟ ඔබට දෛනික අතුරු ආහාරයක් ලෙස එය ආහාරයට ගන්න පුළුවන්. මනස නිරවුල් කිරීමේ විශේෂ ගුණයක් වගේම පක්ෂාගාත වැනි රෝග සුව කිරීමටත් හැකි ඔෟෂධීය රසායනික ගුණයක් කාරමංගා සතුව පවතිනවා. එබැවින් ඉහත සඳහන් කළ රෝග සඳහා මෙන්ම සාමාන්‍ය අය සඳහාත් ඒ ඔෟෂධීය අතුරු ආහාරය සුදුසුයි.

ආහාර රුචිය වැඩි කරන්න
බොහෝ දෙනකුට දිනපතා කාර්යබහුල ජීවිතයේ ආහාර පමා වී ගැනීම නිසා කලක් ගතවන විට බඩගින්න දැනෙන්නෙ නෑ. කෑම අරුචිය නිසා පීඩාවට පත්ව සිටින අයට කෑම රුචිය වැඩි කරන්නත් උෂ්ණ අධික කාලවලදී ශරීර දාහය නිවාලන්නත් සුදුසු ඔෟෂධීය රසවත් පලතුරු පානයක් කාමරංගා වලින් සාදාගන්න පුළුවන්.
ප්‍රථමයෙන් කළ යුත්තේ හොඳින් ඉදුණු කාමරංගා ගෙඩි කිහිපයක් අරගෙන හොඳින් පිරිසුදු කර කුඩා කැබලිවලට කපාගෙන බ්ලෙන්ඩර් කරගෙන එහි යුෂ මිරිකා වීදුරුවකට දමා ගන්න. එයට අවශ්‍ය ප්‍රමාණයට වතුර ස්වල්පයක් මිශ්‍ර කර සීනි ස්වල්පයක් එක් කර (දියවැඩියා රෝගීන්ට සීනි නුසුදුසුය.) ලුණු සහ දෙහි ස්වල්පය බැගින් එයට මිශ්‍ර කර හොඳින් කලවම් කරන්න. ශීතකරණයට දමා හෝ සාමාන්‍ය ලෙස එසේ සාදාගත් ඔෟෂධීය පලතුරු බීම පානය ඔබට රසවිඳිය හැකිය. එමඟින් කෑම රුචිය වැඩිකරනවා සේම ශරීර දාහයද දුරු කර හරියි.

බෙහෙත් බඩු කඩෙන් ගන්න පුළුවන් ඔසු
කාමරංගා ඔෟෂධයද ඇතුළත් විවධ ඔසු වර්ග ඔබට දේශීය ඔෟෂධ ශාලාවලින් ලබා ගන්න පුළුවන්. ඉහත සඳහන් කළ සියලු රෝග සඳහා වුවත් එකී ඔෟෂධ නියමිත මාත්‍රාවට ඔබට ලබාගන්න පුළුවන්. ඒ අතර වාත රාක්ෂ්‍ය තෛල, සත්තවාදී තෛල ර්ණීර්ථීච් මට්ටමෙන් තිබෙන කාරමංගා ඔසු සම්පාදිත ඔෟෂධ අතරින් කිහිපයක්. 
 නාසය බරවීම, සොටු දියර ගැලීම නිසා ඔබේ කායික සුවයට මෙන්ම මානසික සුවයටත් බලපෑමක් ඇති වෙන්න පුළුවන්.

ඔබට දවස අසහනකාරී ලෙස ගතකරන්නට එමඟින් සිදුවෙනවා. එවන් අයහපත් සෞඛ්‍ය තත්ත්වයකදී ඇඹුල් කාමරංගා ආහාරයට ගන්නවා නම් ශරීරයේ රැඳී පවතින සෙම විශාල වශයෙන් බැහැර වෙනවා.

මෙය මව්බිම පුවත් පත් වෙබ් පිටුවෙන් උපුටා ගන්නා ලදි

Saturday, September 6, 2014

සුප්‍රකට පරිසරවේදියා වූ සියටැල් හා ප්‍රකාශය


අප ජීවත්වන පෘථුවිය කවරාකාරයකින් බිහි වුවද එහි අයිතිය මෙලොව වසන සියල්ලන්ම සතුය. හරිතවර්ණ ගහකොළට, ගලා බසින ගංගාවට, ඇළට, දොළට, ඉරට, හඳට, සුළඟට,  තනි අයිතිය කීමට කිසිවෙකුටත් නොහැකිය. ධනට හා බලයට ආශා කරන්නා  වූ මිනිසා මේ සියල්ලටම උරුමකම් කීමට පොරබදිති. එය මෙම පරිසරය දිනෙන් දිනම විනාශයට ලක් කරති. පරිසරය උරණ වූ දා ඔවුන්ට එයින් ගැලවුමක් නැත්තේය. අපේ මුතුන් මිත්තන් එදා පරිසරය හා සහජීවනයෙන් ජීවත් වූහ. අපිට අවශ්‍ය පානීය ජලය  අද  අපි මුදල් ගෙවා බෝතල් ලෙස මිළ දී ගනිමු. එදා එවැනි තත්වයක් නොවූයේ පරිසරයට දේවත්වයෙන් සලකමින් එය ආරක්ෂා කළ නිසාය. එවැනි වූ සමාජ දියුණු යැයි කියා ගන්නා සමාජ විසින් ගෝත්‍රිකයන් සේ සලකනු ඇත.

පරිසරය රකින තාක් පරිසරය අපව රකින බව දත යුතුය. පරිසරය විනාශ වූ කළ එය අපගේද විනාශය බව දත යුතුය.

වර්ථමාන දියුණු තාක්ෂණික සමාජය පරිසරය ගැන සිතන්නට මත්තෙන් එය ආක්ෂා කරමින් ඒ පිළිබඳ ලෝ ප‍්‍රකට අදහසක් ප‍්‍රකාශ කළ තැනැත්තෙකි සියටැල්. මීට වසර බොහෝ ගණනකට පෙර ඔහු කළ ප‍්‍රකාශය සුදු ජාතිකයන් මවිතයට පත්කරන්නට සමහත් විය.

සියටැල් හදුනා ගනිමු

සියටැල් යනු රතු ඉන්දියානුවෙකි. ඔහු රතු ඉන්දියානු නායකයායි. ඔහු උපත ලැබුවේ 1788 වසරේ දී පුගටි සවුන්ඞ් නම් ප‍්‍රදේශය අසල පිහිටි දූපතක් වන බේන් බි‍්‍රජ් දිවයිනේ දීය. ඔහුගේ පියා ස්ක්වේම් ස්කුමාටිල් නම් ගෝත‍්‍ර නායකයායි. මව ස්කොලටියා දුවාමිෂ් නම් කාන්තාවයි. ඇය ද ගෝති‍්‍රක නායකයෙකුගේ දියණියකි. සියැටල්ගේ නියම නම වූයේ ”සීත්ල්”ය. එය ඉංගී‍්‍රසි ඌරුවට හැසිරවීමේදී සියටැල් නම් විය. එනිසා ඔහු ප‍්‍රසිද්ධ වූයේ එනමිනි. සියැටල් තරුණ කාලයේ පටන් සැලකූයේ යුද විරුවෙකු ලෙසිනි. එනිසා ලාබාල වියේදීම ගෝත‍්‍ර හයක නායකත්වය ද උරුම කර ගත්තේය. සියටැල් ජනප්‍රියත්වයට පත්වන්නේ ඔහුගේ මරණයෙන් පසුවය. ජනාධිපතිවරයා එවූ හසුනට පිළිතුරු ලෙස සියටැල් ප‍්‍රකාශයක් නිකුත් කළේය. එම දේශනයේ සටහන් ලබා ගන්නා ලද්දේ සුදු ජාතික ලේඛකයෙකු විසිනි. ඔහු හෙන්රි ස්මිත් නම් විය. ඔහු විසින් සියටැල් කළ දේශනය එළිදැක්වූයේ වසර 30කට පසුවය. ඒ වන විට සියටැල් මියගොස් වසර 16ක් පමණ ගත විය. ඔහු ජීවත් වූ කාලය තුළ නොලද ජනපි‍්‍රයත්වයක් එම ප‍්‍රකාශය එළිදැක්වීමෙන් පසුව හිමි වන්නට විය. ම්ලේච්ඡ යැයි සලකනු ලැබුණ පුද්ගලයෙකුගේ මුවින් පිටවුණු එම වදන් ලෝකයක් මවිත කළේය.

රතු ඉන්දියානුවන් යනු ඇමරිකාවේ මුල් පදිංචිකරුවන්ය නැතහොත් අපේ වැදි ජනතාව වැනි ආදි වාසීන්ය. ඔවුන් ගෝති‍්‍රක ජන කොටසක් වශයෙන් හදුන්වනු ලබයි. පරිසරය හා බද්ධ වෙමින් පරිසරයට ආදරය කරමින් ඔවුහු ජීවත් වූහ. ඔවුනට ආවේණික වූ ජීවන රටාවක් ද බසක් ද  විය.  ඇමරිකාවේ රතු ඉන්දියානුවන්ට අමතරව වෙනත් ගෝති‍්‍රකයෝ ද වාසය කළහ. ඔවුහු ලෝහ ගැන යම් තරමකට දැනගෙන සිටි නමුත් දියුණු තාක්ෂණික ඥානයක් තිබී නැත. අවි ආයුධ හා ආම්පන්න බොහෝමයක් තනා ගෙන ඇත්තේ ගලින් සහ දැවයෙනි. ඔවුන් ආහාර ලෙස ළතුරු හා අල වර්ග වලට අමතරව මසුන් හා සතුන්ගේ මාංශ පරිභෝජනය කර ඇත. තවත් සමහරු ගොවිතැන් කටයුතු  කළ අතර  දියෙහි යාත්‍රා කිරීම සදහා ලීවලින් සාදන ලද කුඩා ඔරු භාවිත කළහ.

රතු ඉන්දියානු දේශය ආක‍්‍රමණයට ලක්වීම

16 වැනි සියවසේ දී යුරෝපීය ජාතිකයන් පළමු වරට ඇමරිකාවට ගොඩබැස්සේය. ඇමරිකාවට සේන්දු වී එහි පදිංචි වූ යුරෝපීයයන් ක‍්‍රමයෙන් ගෝති‍්‍රක වාසභූමි පවා ඔවුන්ගේ ග‍්‍රහණයට නතු කර ගත්හ. එබැවින් සුදු ජාතිකයන් හා ගෝති‍්‍රකයන් අතර ගැටුම් හට ගත්තේය. භූමියේ බලය බෙදා ගැනීමේ අරමුණින් දරුණු සටන් ඇති වූවේය. එය කොතෙක් උත්සන්න වූවේද කිවහොත් 1830 දී පමණ ඇමරිකානු ආණ්ඩුව ඉන්දියානුවන් ඔවුන්ගේ මව් බිමෙන් පිටුවහල් කිරීම සඳහා පනතක් ද සම්මත කළේය. ඒ අනුව රතු ඉන්දියානුවන්ට පාරම්පරික වාසභූමිවලින් ඉවත් වී රක්ෂිත ප‍්‍රදේශවලට යාමට නියම විය. කඳුළේ චාරිකාව නම් වූ එම ගමනේ දී බොහෝ පිරිසකට මරු වැළඳ ගැනීමට සිදුවිය.

යුරෝපීය ජාතිකයෝ සංක‍්‍රමණය වන විට සරම්ප, වසූරිය වැනි බෝවන වසංගත රෝග විසබීජ ද ගෙන ආහ. මෙවැනි වසංගත රෝග පිළිබඳව නොදැන සිටි නිසා ඒවාට ඔරොත්තු දීමට තරම් ශක්තියක් ඔවුන්ට නොවුණි. එනිසා රෝගවලට ගොදුරු වීමෙන් බොහෝ පිරිසක් මරු වැළඳ ගත්හ.


යුද්ධය නිසා ද රතු ඉන්දියානුවෝ තවත් බොහෝ පිරිසක් මරු වැළඳ ගත්හ. සුදු ජාතිකයන් සතු වූ අවි ආයුධ සමග සටන් කිරීමේ හැකියාවක් රතු ඉන්දියානුවන්ට නොවිණි. ඒ ඔවුන් සතුව සාම්ප‍්‍රදායික අවි ආයුධ විනා නවීන අවිආයුධ නොතිබූ නිසාය. මෙම යුද අරගලවලින් නිරායුධ කාන්තාවෝ ද දරුවෝ ද බොහෝ පිරිසක් මරණයට පත් වූහ.

යුරෝපීය ජාතිකයෝ සියටැල් හා මිත්‍රකමක් දක්වා ඇත. ඔවුහු මේ ගෝති‍්‍රක නායකයාට බොහෝ සේ ගරු කළහ. ඔහුගේ මැදිහත්වීම නිසා දෙපිරිසේම බොහෝ ජීවිත ආරක්ෂා වූවේය. එහෙත් තම පාරම්පරික සංස්කෘතිය හා ජීවන රටාව වෙනස් වන ආකාරය වැළලී යන ආකාරය ශෝකයෙන් මුත් ඔහුට බලා සිටින්නට සිදුවිය. අපේ කතා නායකයා වන සියටැල්  අවුරුදු 78ක් ආයු වළඳා  1866දී පුගට් සවුන්ඞ් හිදී මිය ගියේය. ඔහුට ගෞරව කරනු වස් සුදු ජාතිකයෝ පුගට් සවුන්ට් ප‍්‍රදේශයේ පිහිටි ජනපදය සියටැල් නමින් නම් කළේය. එම ප‍්‍රදේශය අද ද හැඳින්වෙන්නේ සියටැල් නමිනි.


සියටැල්ගේ රමණීය කාව්‍ය

1890 පමණ වන විට සුදු ජාතිකයෝ රතු ඉන්දියානුවන් පරාජය කොට ජය ගත්හ. ඔවුන්ට වෙන් කළ වාසභූමි වෙත පිටුවහල් කෙරුණහ. ඒ අනුව දෙපාර්ශවය අතර පැවති යුද අරගල නිමාවට පත් වන විට ඇමරිකානුවෝ බොහෝ ප‍්‍රදේශවල බලය තහවුරු කර අවසන් විය. නමුත් එයින් ද සෑහීමකට පත් නොවූ එවකට ඇමරිකානු ජනාධිපතිවරයා වූ ෆ්රැන්ක්ලින් පියර්ස් රතු ඉන්දියානු නායකයාට ලිපියක් යැව්වේය. ඒ රතු ඉන්දියානුවන් සතුව ඇති භූමියෙන් ඉඩම් අක්කර මිලියන දෙකක් ලබා දෙන ලෙසිනි. එකී ලිපියට ප‍්‍රතිචාර ලෙස සියැටල් නිකුත් කළ ප‍්‍රකාශයක සැලකෙන්නේ ඓතිහාසික දේශනයක් ලෙසිනි. එය ඒ තරමටම විශිෂ්ටය ප්‍රකාශයක් විය. ගෝති‍්‍රක නායකයෙකු වුවද ඔහු තුළ ඇති උත්කෘෂ්ටභාවය ඉන් මනාව පිළිබිඹු වේ.

සියටැල්ගේ ඓතිහාසික ප්‍රකාශය ප්‍රසිද්ධියට පත්වීමත් සමගම 1952 වන විට රතු ඉන්දියානුවන්ට එතෙක් පනවා තිබූ සීමාවන් අහෝසි කරන ලදී. එසේම ඔවුන්ට රටේ තමන් කැමති පෙදෙසක ජීවත්වීමේ අවසරය ද ලැබිණ.

සියටැල්ගේ සුප්‍රකට ප‍්‍රකාශය

වොෂින්ටන් නගරයේ සිටින බලවත්ම නායකතුමා අපේ භූමිය මිලදී ගැනීමට කැමති බව අපට දන්වා එවා ඇත. එමෙන්ම එතුමා අපේ මිත‍්‍රත්වය හා හොඳ හිත ද ප‍්‍රාර්ථනා කරයි. අපේ මිත‍්‍රත්වයෙන් ඔහුට එතරම් ප‍්‍රයෝජනයක් නැතත් එතුමාගේ කාරුණිකභාවය පිළිබඳව අපි එතුමන්ට කෘතඥ වෙමු. එතුමන්ගේ ඉල්ලීම පිළිබඳව ද අපි සලකා බලන්නෙමු.

ඔබ මේ අහස් තලය, පොළොවෙන් නගින උණුසුම් මිලදී ගන්නේ කෙසේද? මේ අදහස අපට නම් විකාරයකි. සුළෙඟ් නැවුම් බව ජලයේ දිදුලන කාන්තිය අපට අයිති නොවේ නම් ඔබ ඒවා මිලදී ගන්නේ කෙලෙසද?

මේ පොළොවේ සෑම බිම් අඟලක්ම මගේ මිනිසුන්ට පූජනීයය. දේවදාර ගසක දිලිසෙන සෑම කිනිත්තක්ම වැලි කඳුවලින් පිරි සෑම වෙරළක්ම අඳුරු වන ගැබ තුළ වන සෑම මීදුම් වළාවක්ම, සෑම එළිමහනක්ම, ගී ගයන සෑම කුඩා ප‍්‍රාණියෙක්ම මගේ මිනිසුන්ට නම් පූජනීය මතකයෝ සහ අත්දැකීම් වෙති. තුරුලතා අතරින් දිවෙන සෑම මංපෙතක්ම රතු ඉන්දියානුවන් පිළිබඳව මතකයන් රැගෙන යයි.

එබැවින් වොෂින්ටනයේ මහා නායකයා අපේ ඉඩම් මිලදී ගැනීමට කැමති බැව් දන්වා එවීමෙන් හෙතෙම අපෙන් නොදිය හැකි දෙයක්ම බලාපොරොත්තු වෙයි. මන්දයත් මේ පොළව අපට පූජනීය වන හෙයිනි. මේ ගංගා දිගේ ගලා බසින්නේ හුදු ජලයම නොව අපේ මුතුන් මිත්තන්ගේ රුධිරයයි. පොකුණු දිය කඳ මත පතිත වන සෑම අඳුරු ඡුායාවක්ම මගේ වර්ගයේම ජීවන අත්දැකීම් හා අනුස්මරණ බැව් ඔබේ දරුවන්ට කියා දෙනු මැනවි. මේ ජලය නගන මිමිනුම මගේ මුතුන් මිත්තන්ගේ කටහඬයි.

ගංගාවෝ අපේ සොහොයුරෝය. ඔවුහු අපේ පිපාසය සංසිඳවති. අපේ ඔරු පාරු ගෙන යති. අපේ දරුවන් පෝෂණය කරති. අප මේ භූමිය ඔබට විකිණුවහොත් වෙනත් ඕනෑම සහෝදරයෙකුට දක්වන කරුණාව ගංගාවලට ද දක්වනු මැනවි.

අපගේ පියවරුන්ගේ භෂ්මාවශේෂ අපට පූජනීය වන්නේය. ඔවුන්ගේ සොහොන් බිම් අපට පූජනීය වන්නේය. එහෙත් සුදු මිනිසුන් වන ඔබට නම් එක් භූමියක් තවත් භූමියකට වඩා වෙනස් නොවේ. ඔබේ මිනිස්සු මේ භූමිය කොල්ලකා පලා යති. භූමිය ඔවුනට මිතුරෙකු නොව සතුරෙකි. එක් බිමක් අත්පත් කර ගැනීමෙන් පසුව ඔවුන් තවත් බිම් සොයා ඉදිරියට ඇදෙති. කිසිදු හැඟීමකින් තොරව තම පියවරුන්ගේ සුසාන පසු කර යති. තම දරුවන්ගේ අනාගත භූමිය මංකොල්ල කති. මෙහි අවසන් ප‍්‍රතිඵලය වන්නේ හිස් කාන්තාරයක් පමණකි.

සුදු මිනිසාගේ නගරවල දර්ශනය රතු මිනිසාගේ නෙත්වලට වේදනාව ගෙන එයි. සුදු මිනිසාගේ නගරවල නිසංසල තැනක් සොයා ගත නොහැකිය. වසන්ත සමයෙහි තුරු ලතාවල ළපලූ විකසිත වන හඬ හෝ කුඩා කෘමි සතුන්ගේ පියාත්වල සිලිසිලිය ඔබේ නගරවලදී ඇසෙන්නේ නැත. එහි ඇත්තේ ඝෝෂාව පමණි. එය දෙසවනට මහත්ම හිරිහැරයකි.

ඇතැම් විට මා වැනි ම්ලේඡයෙකුට මේ දේවල් වටහා ගන්නට අසීරු විය හැකිය. එහෙත් හුදෙකලාවේ උලමා ගයන ගීතය හෝ රාති‍්‍රයේ පොකුණක් අසල මැඩියන්ගේ තර්ක විතර්ක නොඅසන ජීවිතයේ හරයක් වේද?
සත්තු, තුරුලිය හා මිනිස්සු යන අපි සියල්ලෝම එකම ප‍්‍රාණ වායුව හවුලේ බෙදා ගන්නෙමු. සුදු මිනිසුන් වන ඔබ තමන් ආශ්වාස කරන වාතය ගැනවත් නොදනිති. අපේ භූමිය ඔබට විකිණුවහොත් මේ සුළඟ අපට බෙහෙවින් අගනා දෙයක් වූ බව සිහි තබා ගත මැනවි. ඔබ එය ශුද්ධ වස්තුවක් ලෙස ආරක්ෂා කළ යුතුය.

ප්‍රෙයරි තණ බිම හරහා ගමන් කරන දුම්රියක සිට විනෝදයට මෙය තබා මරා දමන ලද කුණු වී යන දහස් ගණන් කුළු හරකුන්ගේ මළ සිරුරු මම දුටුවෙමි. කුළු හරකාට වඩා දුම්රිය වැදගත් වන්නේ කෙසේදැයි මට නම් වැටහෙන්නේ නැත. ඒ සමහර විට මා වනචාරී ම්ලේච්ඡයෙකු නිසා වීමට පුළුවන.
තිරිසන් සතුන් නොමැති ලොවක මිනිසා හුදෙකලාව ජීවත් වන්නේ කෙසේද? එසේ වුවහොත් ඒ හුදකලා බවින් ඔහුද විනාශ වී යනු ඇති. ඒ මන්ද යත් ඒ තිිරිසනුන්ට සිදුවන දෙය ඉක්මනින්ම මිනිසාටද සිදුවන නිසාය.

ඔබේ දරුවන් දෙපයින් නැගී සිටින විට මේ බිම අපේ මුතුන් මිත්තන්ගේ භෂ්මාවශේෂයෙන් පෝෂණය වී ඇති බව ඔවුනට වටහා දෙනු මැනවි. භූමිය අපගේ මාතාවයි. භූමියට සිදුවන සෑම හොඳක් හෝ නරකක්ම එහි දරුවන්ට ද උරුම වන්නේය. ඔබ භූමියට කෙළ ගසන්නේද ඔබ තමාටම කෙළ ගසා ගනී.

මේ මහ පොළොව මිනිසාට අයිති නැත. එහෙත් මිනිසා මහ පොළොවට අයත්ය. ඥාතීන් සියලූ දෙනා එකම බැම්මකින් බැඳෙන්නාක් මෙන් මෙලොව ඇති සියලූ දෑ එකිනෙක හා බැඳී තිබෙන බව අපි දනිමු. ජීවන ජාලය වියන ලද්දේ මිනිසා විසින් නොවේ. ඔහු හුදෙක් එහි එක් වරපටක් පමණකි. මේ ජීවන ජාලයට හෙතෙම යම් බලපෑමක් සිදු කරයි ද හෙතෙම එය තමන්ටම සිදු කර ගත්තා වේ. එහෙත් ඔබ අප වෙනුවෙන් වෙන් කොට ඇති වාසභූමි වෙත යාම පිළිබඳව අපි සලකා බලන්නෙමු. එවිට අප එකිනෙකාගෙන් වෙන්ව එහෙත් සාමයෙන් ජීවත් වනු ඇත.

අපි එක් දෙයක් දන්නෙමු. එනම් යම් කිසි දවසක සුදු මිනිසා අපේ දෙවියන් ඔබේ දෙවියන්ද වන බව වටහා ගනු ඇත. අපේ ඉඩම් අයිතිකර ගැනීමට සිතන්නාක් මෙන් දෙවියන් ද අයත් කර ගැනීමට ඔබට සිතෙනු ඇත. නමුත් ඔබට එසේ කිරීමට නොහැකි වනු ඇත.එතුමන් මුළු මහත් මිනිස් වර්ගයාගේම දෙවියාය. උන්වහන්සේගේ දයාව සුදු මිනිසාට මෙන්ම රතු මිනිසාට ද එක හා සමානය. මේ පොළෝ තලය ඔහුට අනර්ඝ වස්තුවක් වෙයි. ඊට හානි කිරීම එහි නිර්මාපකයාට නිගරු කිරීමක් වේ. දිගින් දිගටම ඔබේ යහන අපවිත‍්‍ර කිරීමෙන් යම් රාති‍්‍රයක ඔබම නිපදවූ අපද්‍රව්‍ය ඔබේම හුස්ම හිර කරවනු ඇත.

එහෙත් විනාශය කරා යන ඔබ නිවෙන්නට පෙර දීප්තිමත්ව දැල්වෙන පහන් වැටියක් මෙන් උද්දීප්තිමත්ව බැබළෙනු ඇත. ඔබට මේ භූමියෙහි හා රතු ඉන්දියානුවන්ගේද ආධිපත්‍යය ලබා දුන්නා වූ දෙවියන්ගේ ශක්තිය ඊට හේතු වනු ඇත. සෑම කුළු හරකෙකුම මස් කරන ලද සෑම කැලෑ අශ්වයෙකුම හීලෑ කරන ලද පැහැබර කඳු ශිඛර කතා කරන කම්බිවලින් වැසී ගිය කල ඒ දෛවය අපට නම් අභූතයකි. වන ලැහැබ් කොහිද? නැති වී ගොස්ය. රාජාලියා කොහිද? නැති වී ගොස්ය. මේ සියල්ල කුමක්ද? ජීවිතයේ අවසානයයි. අපි ඔබේ ඉඩම් මිලදී ගැනීමේ යෝජනාව සලකා බලන්නෙමු.

අප ඊට එකඟ වුවහොත් ඔබ විසින් අපට දෙන්නට පොරොන්දු වී සිටින රක්ෂිත භූමියෙහි අපි ජීවත් වන්නෙමු. අන්තිම රතු මිනිසාත් පොළොවෙන් අතුරුදහන් වූ විට ඔහුගේ මතකය තණ බිම් මතින් පාවෙන වලාකුළක සෙවණැල්ලක් පමණක් වනු ඇත. මේ වෙරළ හා වනාන්තරය තවදුරටත් මගේ මිනිසුන් පිළිබඳ මතකය දරා සිටිනු ඇත. ඔවුන් මේ භූමියට ආදරය කළේ අලූත උපන් ළදරුවෙකු තම මවගේ හදවතේ රිද්මයට ආදරය කරන්නාක් මෙනි. ඉතින් අප භූමිය ඔබට විකුණා දැමුවොත් අප එයට ආදරය කළ හැටියටම ඔබත් ඊට ආදරය කරන්න. දෙවියන් අප සියලූ දෙනාටම ආදරය කරන ලෙසටම ඊට ආදරය කරන්න. අපි එක් දෙයක් දනිමු. අපේ දෙවියනුත් ඔබේ දෙවියන්මය. පොළොව ඔහුට බෙහෙවින් අගී. සුදු මිනිසාට පවා පොදු ඉරණමෙන් ගැලවිය නොහැකිය. ඒ අරුතින් අපි සියලූ දෙනාම සහෝදරයෝ නොවෙමුද?

ඡායාරූපය සහ තොරතුරු අන්තර්ජාලය ආශ්‍රෙයන් ලබාගන්න ලදි.