Tuesday, February 2, 2021

ලෝක තෙත්බිම් දිනය අදට යෙදී ඇත. (2021 පෙබරවාරි 02)



ලෝක තෙත්බිම් දිනය අදට (02) යෙදී ඇති අතර “තෙත්බිම් සහ ජලය”  (“Wetlands and water”)  මෙවර ලෝක තෙත්බිම් දිනයේ තේමාව වී තිබේ. වාරෂිකව මෙම තේමාව රැම්සාර් මහලේකම් කාර්යාලය විසින් නම් කරනු ලබයි.

1971 වසරේ ඉරානයේ රැම්සාර් නුවරදී, ජාතීන් 21 ක් විසින් තෙත්බිම් සම්බන්ධ රැම්සාර් සම්මුතියට අත්සන් කල දිනය, එනම් පෙබරවාරි 2 වන දිනය, ලෝක තෙත්බිම් සැමරුම් දිනය ලෙස තෝරා ගෙන තිබෙයි

ලොව ප්‍රථම වතාවට  1997 වර්ෂයේදීයී තෙත්බිම් දිනය සමරනු ලැබ ඇත. එතැන් පටන් සෑම වසරකදීම,  තෙත් බිම් වල වටිනාකම් හා ප්‍රතිලාභ පිළිබඳවත්, විශේෂයෙන් රැම්සාර් සම්මුතිය සම්බන්ධ ලෝක ප්‍රජාව දැනුවත් කරමින් තෙත්බිම් සුරැකීම කෙරෙහි අවධානය යොමු කරවමින් සැමරම් වැඩසටහන් ක්‍රියාතමක කර ඇත. මේ ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය සඳහා අදාල පාර්ශවයන් වෙත රැම්සාර් මහලේකම් කාර්යාලයද, අවශ්‍ය ආධාර සපයයි.

තෙත්බිම් පිළිබඳව කතා කිරීමේදී ශ්‍රී ලංකාව සුවිශේෂී වි ඇත්තේ 2018 වර්ෂයේ ඔක්තෝබරයේ දී රැම්සා සම්මුතිය විසින් කොළඹ නගරය ලෝකයේ ප්‍රථම තෙත් බිම් නගරය ලෙස නම් කිරීම හේතු කරගෙනය.

2021 හි ලෝක තෙත්බිමු දින තේමාව, තෙත්බිම් මිරිදිය ප්‍රභවයක් ලෙස අවධානය යොමු කර ඇති අතර ඒවා යථා තත්වයට පත් කිරීමට සහ ඒවායේ හායනයන් නැවැත්වීමට ක්‍රියා කිරීමට දිරිගැන්වීමේ අරමුණින් ප්‍රකාශයට පත් කර ඇත.

පෘථිවිය ජල ග්‍රහලොවක් ලෙස නම් කෙරේ. මෙයට හේතුව අභ්‍යාවකාශයේ සිට බලන විට එය නිල් පැහැයෙන් පෙනීමයි. මෙම පැහැයට හේතුව පෘථිවියෙන් 70% ක් පමණ පැතිරි සාගර ජලයයි. 

සමස්ත ගෝලීය ජල ප්‍රමාණයෙන් මිනිසාට ගත හැකි මතු පිට මිරිදිය ජලය ලෙස පවතින්නේ 1% පමනි.

පෘථිවියේ ජල ව්‍යාප්තිය

• සාගර ජලය (සාගර හා මුහුදුවල)
• භූතල ජලය (surface water) (භූමිය මතුපිට,ගංගා, ඇළදොළ, විල් සහ ජලාශවල)
• භූගත ජලය (Ground water) (භූමිය තුළ අන්තර්ගත)
• වායුගෝලීය ජලය (Atmospheric water) (වායුගෝලීය ආර්ද්‍රතාව)
• පාංශු ජලය (Soil water) (පස තුළ අන්තර්ගත)

ලොව සම්පූර්ණ භූමි ප්‍රමාණයෙන් 71% ජලයෙන් වැසී ඇත

සාගර ජලය 97.5% (කරදිය)
ගොඩබිම ජලය 2.5% (මිරිදිය)

ගොඩබිම ජලය

අයිස් තට්ටු හා ග්ලැසියර් 79%
භූගත ජලය 20%
ප්‍රයෝජනයට ගත හැකි මතුපිට ජලය 01%

ප්‍රයෝජනයට ගත හැකි මතුපිට ජලය(මිරිදිය)

විල් හා වැව්ජලය 52%
ගංගා ජලය 1%
පෘථිවියේ වසන සියලු ම ජීවීන්ගේ සිරුරුවල හා ශාකවල අඩංගු ජලය 01%
ජලවාෂ්ප 08%
පාංශු ජලය 38%

මිනිසුන්ට සහ අපේ පෘථිවියට තර්ජනයක් වන මිරිදිය අර්බුදයකට අපි මුහුණ දෙමු. සොබාදහම නැවත පිරවිය හැකි ප්‍රමාණයට වඩා අප මිරිදිය භාවිතා කරන අතර ජලය සහ සියලු ජීවීන් බොහෝ දුරට රඳා පවතින පරිසර පද්ධතිය විනාශ කරමින් සිටිමු - තෙත්බිම්.

2021 තෙත්බිම් දින තේමාව මගින් අපේ පෘථිවියේ මිරිදිය, ප්‍රමාණය හා ගුණාත්මකභාවය සඳහා තෙත්බිම්වල දායකත්වය ඉස්මතු කර ඇත. ජලය සහ තෙත්බිම් වෙන් කළ නොහැකි සහජීවනයකට සම්බන්ධ වී ඇති අතර එය ජීවිතයට, අපගේ යහපැවැත්මට සහ අපේ පෘථිවියේ යහපත් පැවැත්මට අත්‍යවශ්‍ය වේ.

තෙත්බිම් පිළිබඳව වැඩි දුර තොරතුරු සොයන්නෙකුට මා විසින් 2017 වර්ෂයේ ඵල කළ ලිපිය පරිශීලනය කළ හැක - https://isiwaraya.blogspot.com/2017/02/2017-02.html




Source  - https://medwet.org
                https://si.wikipedia.org
                https://www.e-thaksalawa.moe.gov.lk

Monday, February 1, 2021

කොරෝනා මඩින දේශීය ඔසුවක්, ආයුර්වේද වෛද්‍ය තරංගා කුමාරි වික්‍රමසූරිය මහත්මියගෙන්... කමිටුවේ අනැමැතිය ද ලැබී ඇත.

කොරෝනා වෛරසය සුවපත් කරන ඖෂධයක් ගාල්ලේ අලුත්වල පාරම්පරික සහ ආයුර්වේද වෛද්‍ය තරංගා කුමාරි වික්‍රමසූරිය මහත්මිය විසින් හඳුන්වා දී ඇත.

එපිරෙපිස් නමින් හඳුන්වා දී ඇති මෙම ඖෂධය සඳහා යුර්වේද සූත්‍ර කමිටුවේ අනුමැතිය හිමිව තිබේ.

ඇය මීට පෙර ඩෙංගු රෝගය සඳහා ද දේශීය ඖෂධයක් නිපද වූ අතර ඒ සදහා පේටන්ට් බලපත‍්‍රයද හිමිව ඇත.

කොරෝනා සඳහා හඳුන්වාදෙන ලද නව ඖෂධය නුදුරේදීම රට පුරා ඖෂධ වෙළඳසැල් වලට යොමු කරන බව ද ඇය සඳහන් කළාය.

නමුත් දැනට විශාල පිරිසකට එකවර ඖෂධ නිකුත් කිරීමේ අපහසුතාව නිසා ඒ ගැන වැඩි ප්‍රචාරයක් ලබා නොදෙන බවද ඇය කියා සිටී.


මෙම ඖෂධය ඖෂධ අලෙවි සැල්වලට නිකුත් කිරීමට හැකියාව ඇති ලෙස අනුමැතිය දෙමින් සහතික ලැබී ඇතැයිද ඇය සදහන් කලාය.

උපුටා ගත්තේ -  February 1, 2021 at 9:20 am | lanka C news