Tuesday, September 23, 2014

කොඳු ඇට පෙළේ ආබාධයන්ට අත් දුටු ප්‍රතිකාර



ඇම්. ඒ. මදනායක වෙද මහතා - රෝගීන්ට නීරෝගී සුවය ලබා දීම මගේ මුඛ්‍ය අරමුණයි

කොඳු ඇට පෙළ ආශ්‍රිත බොහෝ රෝගාබාදයන් දේශීය වෙදකමෙන් සුව කළ හැකිද, නොඑසේ නම් මෙම රෝග කාරකයන් බටහිර ප්‍රතිකාර ඔස්‌සේ ශල්‍යකර්ම තුළින් සුව කළ හැකිද යන්න අද බොහෝ රෝගීන් දෙලොවක්‌ අතර හුදෙකලා කරන ප්‍රධාන ගැටලුසහගත තත්ත්වයකි.

කැඩුම් බිඳුම් වෙදකමේදී අස්‌ථි රෝගය කුමක්‌ වුවත් එනම් කැඩීම් පිපිරීම් පැනීම් සහ අස්‌ථි දිරා යැම් යන රෝගාබාධ දේශීය ප්‍රතිකාර තුළින් සුවකර ගැනීමට දක්‍ෂ වෛද්‍යවරයකුට එතරම් අපහසුවක්‌ නැත. මෙහිදී රෝගියාගේ වයස, රෝගයේ ස්‌වභාවය හා ඖෂධ සංයෝගයේ හැකියාව වේදැදුරු විසින් වටහා ගෙන කරන ප්‍රතිකාරය අති සාර්ථක ප්‍රතිඵල ගෙන නොදෙනවාය යන්න කිසිවකුට කිව නොහැකිය.

අස්‌ථි රෝග පිළිබඳව විමසුම් ඇස යොමු කරද්දී අපට වැඩිපුරම දක්‌නට ලැබෙන්නේ කොන්දේ ආබාදවලට ලක්‌වූ රෝගීන් හා හන්දි රෝගාබාදයන්ට ලක්‌ වූ රෝගීන්ය. මොවුන්ගෙන් වැඩි පිරිසක්‌ බටහිර ප්‍රතිකාර ලබා අන්තිමේදී සුව නොවූ තැන ශල්‍යකර්මවලට නියම වූවෝ වෙති. එහෙත් මෙහිදී ඇතැම් ප්‍රකාශ කළේ එම ශල්‍යකර්ම වැරැදී ගියහොත් ඇතැම් විට සදාකාලිකව අබ්බගාතයකු වීමට ඉඩ ඇති බවය.
එසේ නම් එම සැක මුසු ප්‍රතිකාරයකට යොමු වන්නේ කවරහුද යන්න ගැටලුසහගතය.
නමුත් දේශීය ප්‍රතිකාර තුළින් එවැනි අවදානම්සහගත ප්‍රකාශයන් නිකුත් නොවනවා මෙන්ම අතීරණයෙන් ප්‍රතිකාර කරන්නේද නැත.

මෙවැනි ආබාදවලට ස්‌ථිර වශයෙන්ම සුවයක්‌ ලබාදෙන දේශීය වෛද්‍යවරයකු පිළිබඳව අපගේ දැඩි අවධානය යොමු වූයේ බොහෝ රෝගීන්ගේ ඉල්ලීම මතය. මීට පෙරත් මෙම වෙදැදුරුවරයා ගැන අපගේ අවධානය යොමු වී මෙවැනි ලිපියකින් කරුණු හෙළිකළත් එයම ප්‍රමාණවත් නොවේ යෑයි මට සිතුන හෙයින් නැවත අසරණ වූ රෝගීන්ගේ සුවය සඳහා යම් සටහනක්‌ තබන්නට මේ සඳහා පෙළඹුණෙමි.
වැලිගම බොරාල පාරේ අස්‌ථි රෝග පිළිබඳ විශේෂ ඇම්. ඒ. මදනායක වෙදැදුරු සමග අප සාකච්ඡාවකට පිවිසෙමින් මෙවැනි රෝගාබාධයන්ට පිහිටවන්නේ කෙසේ දැයි විමසුවෙමු.
හෙළ වෙදකම පිළිබඳව කතාකරණ කොට ආසියාවේ තිබෙන පැරණිම වෙදකමක්‌ හැටියට මේ වෙදකම හඳුන්වන්නේ පරම්පරාවෙන් පරම්පරාවට පැවතගෙන එන මේ වෙදකමේදී ඒ ඒ පරම්පරාවෙන්. පරම්පරාවට ආවේණික වුණු එහෙමත් නැතිනම් උරුම වුණු ප්‍රතිකාර විධි තිබෙනවා. දැන් මම කරන්නේ අපේ පරම්පරාවට උරුම වෙච්ච ප්‍රතිකාරයක්‌ සහ ඖෂධ සංයෝගයක්‌. මෙතැන්දී අප කැඩුණු අස්‌ථි යකඩ වගේ වෑල්ඩින් කරනව කියල කියන්නෙ නැහැ. ඒ වගේම කොළ වර්ග, පොතු වර්ග බැඳීම්, මල් වර්ගවලින් හදන මැල්ලුම් වර්ග, තැවිලි වර්ග පත්තු වර්ග ආදී වශයෙන් කෙරෙන ප්‍රතිකාර ක්‍රමයක්‌ අපි භාවිත කරන්නේ නැහැ.
ගොඩාක්‌ රෝගවලට බලපාන්නේ කොඳු ඇට පෙළේ ආබාධ වගේම ඒ ආශ්‍රිත ඇති නිල අවහිර වීමයි. මේවා අපි මුලින්ම හඳුනා ගන්නේ ලෙඩා සමග කතා කරලයි. සමහර උදවිය තමන්ගේ රෝගය ගැන කියන්න දන්නේ නැහැ. කිසියම් වේදනාවක්‌ එනව නම් ඒක රෝගයක්‌ හැටියට සළකලා බය වෙනවා. අතන මෙතන රිදෙනවා කියනව මිස පැහැදිලිව යමක්‌ කියන්න තේරෙන්නේ නැහැ. එහෙම වුණාම අපිට පැහැදිලි නිගමනයකට ඒම ගැටලු සහගතයි ඒත් අපි එතනින් නතර නොවී දිගටම ප්‍රශ්න කරන්නේ රෝගයේ කෙළවරක්‌ අල්ලගන්නයි. මෙතැන්දී අපි රෝගය හෝ ආබාධය හඳුනා ගන්නවා වගේම රෝගියාගේ මනසත් තරමක්‌ දුරට හදනවා.
අපේ කොඳු නාරටියේ ඇට 33 ක්‌ තියනවානේ. ඉන් අන්තිම පුරුක හැරෙන්න අනෙක්‌ 32 ම පොඩි ආබාධයක්‌ හැදුනත් ශරීරය ලෙඩ කරනවා.

අපේ මේ වේදකම අනුව කොඳු ඇට පෙළ කොටස්‌ හතරකට බෙදා දැක්‌වෙනවා. මේක තීරණය කරන්නේ අතේ වියත් ප්‍රමාණයෙන් සාමාන්‍යයෙන් කොන්දේ ඉහළ ප්‍රදේශයේ ඉඳලා පහළට වියතක ප්‍රමාණයට මුල් කොටස හැටියට ගණන් ගන්නවා. මේ කොටස තමයි ශරීරයේ 90% ක්‌ ම රෝග හටගන්න හේතු පාදක වෙලා තියෙන්නේ. පාදවල ආබාධ හටගන්නේ දෙවැනි කොටසෙන්. තුන් වැනි වියත් ප්‍රදේශය හරිම සංකීර්ණයි. හතිය, කැස්‌ස, දියවැඩියාව, හෘදරෝග විශේෂයෙන් හටගන්නේ මේ කොටස දුර්වල වීමෙන්.
හතරවැනි වියත් ප්‍රදේශයෙන් බලපාන්නේ බෙල්ලෙන් උඩ කොටසට. ඇස්‌, කන්, නාස ආදියේ රෝග හටගන්නවා නම් ඒ හතර වැනි කොටසේ වෙනස්‌වීම් නිසා.

මේ ප්‍රතිකාර ක්‍රමය යමෙකුට පැහැදිලි කරන්න අමාරුයි. ඒ තරමට ගැඹුරුයි. ඒත් අපිට පළපුරුද්දෙන් හා අද්දැකීමෙන් හොඳ අවබෝධයක්‌ තිබෙන නිසා රෝගය හඳුනා ගන්න පුළුවන්කම තිබෙනවා.
මදනායක වෙදැදුරු ඉතාමත් සූක්‍ෂමව රෝගියා පරීක්‍ෂාවට භාජනය කර ලබාගන්නා රෝග විනිශ්චයට ප්‍රතිකාර කරන්නේ වරදිනට නොවේ.
මේ තත්ත්වය යටතේ රෝගීන් දසදහසකට අධික පිරිසකට ප්‍රතිකාර කිරීමෙන් ලත් පලපුරුද්ද රෝගීන්ගේ දුක්‌බර ජීවිත වලට වටිනාකමක්‌ දීමට කෙතරම් ප්‍රයෝජනවත් දැයි අපට අමුතුවෙන් වටහා ගැනීමට අවශ්‍ය නොවීය.

ඇතැම් සිංහල ප්‍රතිකාරයන්ට අනුව කසාය නැලි ගණන් පානය කිරීමට අවශ්‍ය වුවත් මදනායක වෙදැදුරුගේ ප්‍රතිකාරයන්හිදී එසේ කිරීමට අවශය වන්නේ නැත. එනිසාම බොහෝ පිරිස්‌ මේ සඳහා යොමු වන අතර ඉන් ලබන සුවයද වචනයෙන් ප්‍රකාශ කිරීමට නොහැකි තරමට වටිනාකමක්‌ ද ඇත.
ප්‍රතිකාර ගන්න කාල වකවානුවේදී රෝගියා කෑම පාලනය ඉහළින්ම කළ යුතු යෑයි කියන වෙදැදුරු එය වසරකට වඩා සීමා කරන්නේ නැත.
මේ කොඳු ඇට පෙළේ ඇතිවන රෝග සඳහා විශේෂ අවධානයක්‌ යොමුකරවන මදනායක වෙදැදුරු පැහැදිලි විස්‌තරයක්‌ ප්‍රකාශ කරමින් මෙසේ පැවසීය.

අපි රෝගය හඳුනාගෙන කොඳු ඇටවල වෙනස්‌ වීම් එසේ නැත්නම් ගැස්‌සීම්, ස්‌නායු ක්‍රියා නොකිරීම්, නහරවල ලේ කැටිති ඇතිවීම් වගේ කරුණු නිරීක්‍ෂණය කරල ඒවා නැවත ප්‍රකෘති තත්ත්වයට පත් කරවල ශරීරයේ අභ්‍යන්තරයට වගේම පිටතටත් ප්‍රතිකාර ක්‍රම යොදවනවා. එසේ නොමැතිව මොන ආකාරයෙන් ප්‍රතිකාර කළත් රෝගය සුව වෙනවා කියන්න අපහසුයි.
අස්‌ථිවල, සන්ධිවල වගේම උකුල් අස්‌ථිවල කාටිලේජ වර්ධනය නොවීමෙන් සන්ධිවල ශබ්ද ඇතිවීම, වේදනාව ඇතිවීම, ඇවිදීමේ අපහසුව, නැවීම් සහ දිගහැරීමට අපහසුවීම, දැඩි වේදනාව ඇතිවීම නිතරම දකින්නට ලැබෙනවා.

මේ වගේ අවස්‌ථාවක අපි මේ කාටිලේජ වර්ධනය කිරීමට අවශ්‍ය ප්‍රතිකාර කරලා මෙම රෝග සුව කරවලා දෙනවා. අපි පැහැදිලිව යමක්‌ කියවානම් කැඩුණු අස්‌ථියකට වුවත් එය සවිවීමට කාටිලේජ වර්ධනයක්‌ කළ යුතුයි. මේ වගේ අවස්‌ථාවක රෝගියාගේ වයස්‌ සීමාව සැලකිල්ලට ගත යුතුමයි.
මම මෙතැන්දී විශේෂ යමක්‌ කියනවා. ඔය කොඳු ඇට පෙළේ තියන රෝග අපි ඉතාමත් කෙටි කාලයකින් සුව කරල පෙන්වනවා. අද දේශීය වෙදකමේ වටිනාකම ජනතාවගේ දැනුවත්භාවය ඉතාමත් අල්පයි. ඒකට එක හේතුවක්‌ තමයි බටහිර ප්‍රතිකාර ක්‍රම මිනිසුන්ගේ ඔලුගෙඩිවලට දාල ඔලුව විකාර කරල තියන එක.
මම ඕනතරම් උදාහරණ පෙන්වන්නම් කොන්දේ ආබාධවලට ශල්‍යකර්ම කරන්න ගිහිල්ලා සදාකාලිකව ආබාද වෙලා ඉන්න අය. එතෙන්දි වෙන්නෙ මේ ශල්‍යකර්ම කරන්න යැමෙන් යම් විදියකින් හෝ සුසුම්නාවට පුංචි හෝ ආබාධයක්‌ වුණොත් ඒ රෝගියා සදාකාලික අබ්බගාතයෙක්‌ වෙනවාමයි.
මේ තත්ත්වය බටහිර ෙවෛද්‍යවරුනුත් කියන කතාවක්‌. එයාලා දෙපැත්තට තියල ඇඟ බේරගෙන තමයි මෙවැනි ප්‍රතිකාරයන් කරන්න හදන්නේ. නමුත් අපි පැහැදිලිවම කියනවා කිසිම දිනෙක අංශුවකින් හෝ රෝගියකුට බාදාවක්‌ නොවෙන්න. එහෙමත් නැත්නම් අතුරු ආබාධයක්‌ ඇති නොවන්න අපි මේ රෝගය සුව කරල පෙන්වනවා.

අපි ළඟට එන රෝගීන්ගෙන් වැඩිපුරම එන්නේ කොන්දේ ආබාධවලට ප්‍රතිකාර ගන්න අය. ඒ අයට විශේෂ පහසුකම් සපයල නේවාසිකව ප්‍රතිකාර කරනවා. ඇතැම් වෙලාවට බටහිර වෛද්‍ය විද්‍යාවෙන් ලක්‍ෂ ගණන් යන ශල්‍යකර්ම නොකර දින දෙක තුනක ප්‍රතිකාරයෙන් අපි සුවකරලා දෙනවා.
මේක හෙළ වෙදකමේ සුවිශේෂී බව. පරපුරෙන් පරපුරට එන වෙදකමක්‌ නිසා මෙහි වෙනස්‌වීම් ඇතිවන්නේ නැහැ.

කොහොම වුණත් දේශීය වශයෙන් අපේ අයට මේ ප්‍රතිකාරයන්ගේ ඇති වැදගත්කම නොතේරුණාට ඇතැම් බටහිර වෛද්‍යවරුන් නිරතම අපි ළඟට ඇවිත් ප්‍රතිකාර ගෙන සුවපත් වෙලා යනවා. ඒ ඒ රටවලට ආරාධනයකුත් කරලා.

විශේෂයෙන් මේ ප්‍රදේශ සංචාරක කලාප නිසා නොයෙක්‌ නොයෙක්‌ ආබාධවලට ලක්‌වන පිටරැටියෝ වැඩියි. ඒත් එයාලම කියන ඒ දියුණුය කියන ප්‍රතිකාරයන් වලට අවනත නොවී අපේ දේශීය ප්‍රතිකාරවලට නැඹුරුවෙලා තියෙන්නේ මෙහි තිබෙන ප්‍රත්‍යක්‍ෂ බව නිසා.

කොඳු ඇට පෙළේ ආබාධ මුල් කාලයේදී සුව කර නොගත්තොත් කල්ගත වන විට පාද දක්‌වා දිවයනවා. මෙහිදී ඇතිවන වේදනාව ජීවිතය කලකිරවන එක නතර කරන්න බැහැ.
මේ ළඟදි දවසක කොළඹ ප්‍රදේශයේ සිට පැමිණි රෝගියෙක්‌ මගෙන් ප්‍රතිකාර ගත්තේ එක පාදයක්‌ අප්‍රාණික වෙච්ච එකට. පාදය අද්දව අද්දව ආපු රෝගියා දින කිහිපයකින් මම සුවපත් කරවල යෑව්වා. ඕනම කෙනෙක්‌ ඉල්ලනවා නම් ඒ රෝගීන්ගේ දුරකථන අංක පවා අපිට සාක්‍ෂි වශයෙන් සැපයීමට එතරම් අපහසු නැහැ.
මෙවැනි කොන්දේ ආබාධ තියන අය කල්ගත වන විට අස්‌ථි ඇදවී පැත්තකට හැරෙනවා. මේ වගේ රෝගීන් වසර ගණනාවක්‌ බටහිර ප්‍රතිකාර අරගෙන අතේ සතේ නැතිව තමයි මෙතෙන්ට එන්නේ. මොකද වෛද්‍යවරු කියන කියන සෑම බෙහෙතකටම වියදම් කරන කොට මොනවද ඉතිරි වෙන්නේ. අවසාන වශයෙන් අපි එක දෙයක්‌ කියනවා ඕනෑම බටහිර වෛද්‍යවරයකුට සුව කරන්න අපහසුයි කියන කොන්දේ අමාරුකම් අපි දින කිහිපයක්‌ ඇතුළත සුව කරලා සිංහල වෙදකමේ බලය පෙන්වා දෙනවා.

මේ ප්‍රතිකාරය කරන්නේ අපිමයි ඒ කියන්නේ අපේ අතින්මයි. සෑම ඖෂධයක්‌ම සිදුකරන්නේත් අපිමයි.
මෙවැනි රෝගවලදී සම්භාහනය කිරීමක්‌ හා නිල තෙරපීමකුත් කරනවා. ඒ කරන්නේ ආවාට ගියාට නොවෙයි අති පැරැණී ඖෂධ ඇඟ පුරා ගැල්වීමෙන් පස්‌සෙ. මේ ප්‍රතිකාරය කොන්දේ ආබාධවලට අමතරව අනෙකුත් රෝගයන් සමනයට ඉවහල් වෙනවා.

වසර ගණනාවක්‌ නොකඩවා රෝගීන්ගේ ආබාදවලට නිසි ප්‍රතිකාරයක්‌ කර ලබපු අද්දැකීම් හා පළපුරුද්ද තුළින් අවසාන වශයෙන් කීමට ඇත්තේ කුමක්‌ දැයි මම වෙදැදුරුවරයාගෙන් විමසුවෙමි.
අවසාන වශයෙන් මගේ ප්‍රතිකාර විධි සහ රෝගය හඳුනා ගැනීමේ ක්‍රම මේකය මේකය කියල එකින් එකට විස්‌තර කරනවාට වඩා පැමිණෙන ඕනෑම රෝගියකුට භේදවලින් තොරව සුවපත් කරවනවා කියන එක පැහැදිලිව කිව යුතුයි. මෙතැන්දී අස්‌ථි සම්බන්ධයෙන් විශේෂයෙන් කියනවා නම් කොන්දේ හෝ වේවා උකුළු ඇටේ හෝ වේවා අනෙක්‌ සන්ධි හෝ වේවා ඕනෑම ස්‌ථානයක ඇති ආබාධ මුළුමණින්ම අයින් කරලා සැහැල්ලු ජීවිතයක්‌ ගතකරන්න වගේ නිරෝගී ජීවිතයක්‌ උදාකරලා දෙනවා කියන එක මම ස්‌ථිරවම කියනවා. ඒ වගේම අස්‌ථි අපහසුයි කියන ආබාධ තියෙනවා නම් අභියෝගාත්මක සුවපත් කරලවත් පෙන්වනවා.
මෙතුමගේ
දුරකථන අංකය -  0412251056/077-5565458
ලිපිනය - ඇම්. ඒ. මදනායක වෙද මහතා ,“හෙළ වෙද ගෙදර”, ඉබ්බාවර වැව අසල, වැලිගම, මාතර.

විමලසිරි අගලකඩ - දිවයින / ඡායාරූපය රන්දලී පබසරා - දිනමිණ

No comments:

Post a Comment