Thursday, February 2, 2017

ලෝක තෙත්බිම් දිනය (2017 පෙබරවාරි 02) 1997 සිට 2024 දක්වා මෙතෙක් තෙත්බිම් දින තේමාවන් අන්තර්ගතය

ලෝක තෙත්බිම් දිනය අදට (02) යෙදී ඇති අතර ආපදා ආපදා අවම කිරීම සඳහා තෙත්බිම් (Dwetlands for Disaster Risk Reducation ) මෙවර ලෝක තෙත්බිම් දිනයේ තේමාව වී තිබේ.

1971 වසරේ ඉරානයේ රැම්සාර් නුවරදී, ජාතීන් 21 ක් විසින් තෙත්බිම් සම්බන්ධ රැම්සාර් සම්මුතියට අත්සන් කල දිනය, එනම් පෙබරවාරි 2 වන දිනය, ලෝක තෙත්බිම් සැමරුම් දිනය ලෙස තෝරා ගෙන තිබෙයි

අන්තර්ජාතික රම්සා සම්මුතියෙහි පාර්ශවකරුවකු වශයෙන් ශ්‍රී ලංකාවද, ජෛව විද්‍යාත්මකව හා පරිසර විද්‍යාත්මකව මෙන්ම ආර්ථික වශයෙන් වැදගත් මෙහෙයක් ඉටුකරන තෙත්බිම් පරිසරය ආරක්ෂා කරගැනීමෙහිලා ක්‍රියාකරයි.

වර්තමානයේ තෙත්බිම් පරිසර පද්ධතිය සඳහා තර්ජන එල්ලවී ඇති බැවින් තෙත්බිම් පරිසර පද්ධතිය ආරක්ෂා කරගැනීම ජාතික වගකීමක් බවට පත්ව තිබේ.

ලොව ප්‍රථම වතාවට තෙත්බිම් දිනය සමරනු ලැබුවේ, 1997 වර්ෂයේදීයී. එතැන් පටන් සෑම වසරකදීම, රජයේ කාර්යාංශ, රාජ්‍ය නොවන සංවිධාන සහ විවිධ තරාතිරම් වල පුරවැසි කණ්ඩායම් විසින්, තෙත් බිම් වල වටිනාකම් හා ප්‍රතිලාභ පිළිබඳවත්, විශේෂයෙන් රැම්සාර් සම්මුතිය ගැනත් සම්බන්ධ පොදු දැනුවත් කිරීම් සිදුකරනු ලැබේ. මේ ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය සඳහා රැම්සාර් මහලේකම් කාර්යාලයද, අවශ්‍ය ද්‍රව්‍ය හා ආධාර සපයයි.

මෙවර ලෝක තෙත්බිම් දිනය සැමරීම අද(02) බත්තරමුල්ල, වොටර්ස් එජ්හිදී සිදුකිරීමට නියමිත බව දක්වා ඇත.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය එක්ව ලෝක තෙත්බිම් දිනය සැමරීම සිදුකෙරෙන අතර පසුගිය වර්ෂයේදී (2016) එහි සංවිධාන කටයුතු මධ්‍යම පරිසර අධිකාරිය විසින් සිදුකළ බැවින් මෙවර සංවිධාන කටයුතු වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ඇත. 

තෙත්බිම් පිළිබද තොරතුරු බිඳක්

ගංගා ,ඇල දොල, මුහුද, වගුරුබිම්, ආදිය කෙරෙහි ඇති ආකර්ශනය හා ඒවා සම ඇති සබදතාවය මිනිස් ශිෂ්ඨාචාරයේ මූලාරම්භයේ සිට පැවත එයි. වසර පුරාම හෝ මාස කිහිපයක් ජලයෙන් යටවි පවතින, ජලයෙන් සංතෘප්ත වු පසක් සහිත, විල්ලු වගුරු මෙන්ම ගලායන හෝ නිසලව පවතින මිරිදිය කරදිය, කිවුල් දිය සහිත ප්‍රදේශ තෙත් බිමි ලෙස සරලව නිර්වචනය කල හැක.

පෘථිවි පෘෂඨයෙන් 6% පමණ තෙත්බිම් වලින් යුක්ත වන අතර තෙත්බිම් ලෝකයේ ඇති ප්‍රාථමික නිෂපාදනය අධික පරිසර පද්ධති වලින් එකක් ලෙස සැලකේ. විවිධ ජීවින් මෙන්ම පරිසර පද්ධතියේ නිෂ්පාදනය මත යැපෙමින් ජීවත් වන බැවින්, තෙත්බිම් ජෛව විවිධත්වයේ තොටිල්ල ලෙස හැදින්වේ.

තෙත් බිමි වල ඇති පාරිසරික, ආර්ථික හා සමාජිය වැදගත්කම සම්බන්ධව අවධානය යොමු කර, තෙත්බිම්  සංරක්ෂණය පිණිස රටවල් 196 ක් එකමුතුව 1971 වර්ෂයේ ඉරානයේ රම්සා නගරයේදි ඇති කරගන්නා ලද ගිවිසුම රම්සා සම්මුතිය නම් වේ.

රම්සා සම්මුතියට අනුව තෙත්බිමි අර්ථ දැක්වීම.
බාදිය මට්ටමේ සිට මිටර් 6 ට අඩු මුහුදු පෙදෙස්ද ඇතුලත්ව, ගලා යන හෝ නිශ්චලව පවතින මිරිදිය. කිවුල්දිය හෝ ලවණදියෙන් තාවකාලිකව හෝ ස්ථිරව යටවි ඇති කෘතිම හෝ ස්වභාවික වගුරුබිමි, විල්ලු, ජලාශ හෝ ජල මාර්ග, පීට් ඉඩම් තෙත්බිමි ලෙස සැලකේ.

තෙත්බිම්වල වැදගත්කම

ආහාර
ධාන්‍ය (උදා - වී)
එළවළු (උදා - කෙකටිය,කැරන් කොකු,ගිරාපලා, කංකුන්, නීරමුල්ලිය)
පළතුරු - (උදා - කිරළ)
මත්ස්‍ය සම්පත

ෂධ

කීකිරිදිය. බැබිල, වැටකෙයියා, නෙළුම්.ඕලු. මානෙල්වල ඇට,අල, මල් රේණු,නීරමුල්ලිය, මොණරකුඩිම්බිය

අමුද්‍රව්‍ය
කර්මාන්ත සදහා අමුද්‍රව්‍ය
(උදා - පන්,වැටකෙයියා,ගොන්කදුරු)
ඉදිකිරිම් සදහා
(උදා - දැව. හුණු නිෂ්පාදනය සදහා හිරිගල්)

ඉන්ධන
පීට්, දර

රසාස්වාදය
විනෝදය හා අධ්‍යපානය
කුරුල්ලන් නැරඹීම,
ඔරු පැදීම, පිහිනීම හා කිමිදුම් කටයුතු
ජලය
මිනිසාගේ සියළු ජල අවශ්‍යතා සදහා

කර්මාන්ත සදහා
කෘෂිකර්මාන්තය ( වී ගොවිතැන)
ධීවර කර්මාන්තය
ජල (වී වගාව)
(උදා - ඉස්සන් සහ මිරිදිය මසුන්, පොකුණු)
ගෘහ කර්මාන්ත
(උදා - හස්ත කර්මාන්තය, කලාත්මක නිෂ්පාදන)
සංචාරක කර්මාන්තය
ප්‍රවාහන කටයුතු
නැංගුරම් ස්ථාන

තෙත් බිමි වලින් සිදුවන පාරිසරික සේවාවන්
ජලජ ජීවින්ගේ බෝවිම තෙත්බිම් ආශීතව සිදුවීම
ජල ගැලිම් පාලනය
භූගත ජල ප්‍රතිස්ථාපනය
ජලජ ජීවීන්ට මෙන්ම ඒ ආහීත ජීවින්ට පරිසර පද්ධතිය මගින් වාසස්තාන/ ආහාර හා ජලය සැපයීම.
ස්වභාවික ව්‍යසන වලදි ආරක්ෂාව සැපයීම
වෙරළ ඛාදනය හා සෝදාපාලුව වැලැක්වීම

රම්සා සම්මුතිය යටතේ ප්‍රකාශයට පත්කරන ලද ශ්‍රී ලංකාවේ පිමහිටි වැදගත් තෙත්බිම් පද්ධති
1. බුන්දල ජාතික උද්‍යානය (1990 ජුබී 15 දින - හෙක්ටයාර් 6210)
2. ආනවිලුන්දාව වැව් පද්දතිය ( 2001 අගොස්තු 03 වන දින  - හෙක්ටයාර් 1397)
3. මාදුගග පරිසර පද්දතිය (2003 දෙසැම්බර් 11 දින - හෙක්ටයාර් 915)
4. කුඩුම්ගල කුමන ජාතික උද්‍යානය (2010 ඔක්තෝම්බර් 29 දින - හෙක්ටයාර් 19011)
5. වාන්කාලෙයි ( 2010 දෙසැම්බර් 07 දින - හෙක්ටයාර් 4839 - හෙක්ටයාර් 4839)
6. විල්පත්තු ජාතික උද්‍යානය (2013 පෙබරවාරි 02 දින - හෙක්ටයාර් 165800)
 මෙම තෙත්බිම්වල නෛතික අයිතිය දරන්නේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවයි.

රම්සා සම්මුතිය යටතේ පෙරවාරි මස 02 වන දින ලෝක තෙත්බිම් දිනය ලෙස 1997 වර්ෂයේදි ප්‍රකාශයට පත්කර ඇත.

තෙත්බිමි කෙරෙහි ඇති තර්ජන
සංවර්ධන කාර්යයන් සධහා තෙත්බිමි ගොඩ කිරිම
ඝන අපද්‍රව්‍ය සහ අපජලය තෙත්බිමි ආශ්‍රිතව මුදා හැරිම
ආක්‍රමණශීලී ශාක වර්ග ව්‍යාප්තිය (උදා - හම්බුපන්, වෙල්ආතා. ජපන්ජබර,)
අධික ලෙස වැලි ගොඩ දැමීම
අදිපරිභෝජනය
අවිධිමත් ලෙස තෙත්බිමි භාවිතය
කොරල් කැඩීම, සංචාරක බෝට්ටු ආදිය නිසා සිදු වන හානි.
අවිධිමත් ජලජීවී සංවර්ධන කටයුතු
තෙත්බිම් ආශීතව ජීවත් වන සතුන් හා සතුන්ගේ බිත්තර අනිසි ලෙස රැස් කිරිම හා පරිභෝජනයට ගැනීම.
v  අනවසර ඉඩම් භාවිතය.

තෙත්බිම් සංරක්ෂණය සදහා වැදගත්වන අන්තර් ජාතික සම්මුති.
1.      රම්සා සම්මුතිය (1971 පෙබරවාරි 02 ඉරානායේ රම්සා නුවර)
2.      තර්ජනයට ලක්ව ඇති වන සත්ත්ව හා තුරුලතා වෙළදාම පිළිබද සම්මුතිය (CITIES -1973 මාර්තු 03 දින ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් නුවර)
3.      ජෛව විවිධත්ව සම්මුතිය (1992 කෙන්යාවේ නයිරෝබි නුවර)
4.      බොන් සම්මුතිය (පර්යටනයේ යෙසෙන වන ජීවීන් සංරක්ෂණය සදහා 1979 පර්මනියේ බොන් නුවර)


තෙත්බිම් සංරක්ෂණයට අදාල වන ශ්‍රී ලංකාවේ අණ පනත්
1.      1937 අංක  2 දරණ වනසත්ව හා  වෘක්ෂලතා  ආරක්ෂක ආඥා පනත (469 වන අධිකාරිය)
2.      1988 අංක 47 දරණ ජාතික පාරිසරික පණත
3.      1981 අංක 57 දරණ වෙරල ආරක්ෂණ පනත
4.      2008 අංක 35 සමුද්‍රීය පරිසර ආරක්ෂණ පනත
5.      1935 අංක 414 දරණ ඉඩම් සංවර්ධන අඥා පනත
6.      1968 අංක 15 දරණ ඉඩම්ගොඩකිරිමේ හා සංවර්ධනය කිරිමේ පනත.

මිනිසාගේ මූලීක අවශ්‍යතා මෙන්ම ජෛව විවිධත්වය සංරක්ෂනයට ඉමහත් දායකත්වයක්  සපයන තෙත්බිමි රැකගැනීම අප සැමගේ යුතුකමයි.

(තොරතුරු - මධ්‍යම පරිසර අධිකාරියේ අත්පත්‍රිකාවකිනි)
දිලිප්.සේනානායක, ප්‍රාදේශීය පරිසර නිලධාරි, මධ්‍යම පරිසර අධිකාරිය.

1997 වසරේ සිට 2017 වසර දක්වා ලෝක තෙත්බිම් දිනයන්හි තේමාවන්

  • 1997 – තෙත්බිම් ජීවයේ උල්පතයි
  • 1998 – තෙත්බිම් සඳහා ජලය, ජලය සඳහා තෙත්බිම්
  • 1999 – පරත් ජාව තෙත්බිම් අතර සබැඳියාව
  • 2000 – අන්තර්ජාතික වැදගත්කමක් ඇති තෙත්බිම් සුරකිමු
  • 2001 – තෙත්බිම් ලෝකය හඳුනාගනිමු
  • 2002 – තෙත්බිම්, ජලය, ජීවිතය හා සංස්කෘතිය
  • 2003 – තෙත්බිම් නොමැතිනම් ජලයත් නොමැත
  • 2004 – තෙත්බිම් – කඳු මුදුනේ සිට මහ සයුර වෙත
  • 2005 – තෙත්බිමේ ජෛව උරුමය හා සංස්කෘතිය
  • 2006 – දිළිඳුකම පිටු දැකීමට තෙත්බිම් සුරකිමු
  • 2007 – හෙට දිනට මත්ස්යැ සම්පත
  • 2008 – සෞඛ්යි සම්පන්න තෙත්බිම් හා සෞඛ්යය සම්පන්න මිනිස්සු 
  • 2009 – ඉහළ ගංඟාධාර හා පහළ ගංඟාධාර අප සියල්ල එක් කරයි
  • 2010 – තෙත්බිම් සුරකිමු, දේශගුණ විපර්යාස පිටුදකිමු
  • 2011 – ජලය හා තෙත්බිම් සඳහා වනාන්තර
  • 2012 – තෙත්බිම් හා සංචාරක කර්මාන්තය
  • 2013 - තෙත්බිම් සහ ජල කළමණාකරණය
  • 2014 - තෙත්බිම් සහ කෘෂිකර්මාන්තය
  • 2015 - අපේ අනාගතය සඳහා තෙත් බිම්
  • 2016 - අනාගතය සඳහා තෙත්බිම් - තිරසාර ජීවනෝපායක්
  • 2017 - ආපදා අවම කිරීම සඳහා තෙත්බිම් 
  • Edit 2021-02-01 
  • 2018 -  තිරසර නාගරික හෙට දවසක් උදෙසා තෙත් බිම් - Wetland for a sustainable urban future  
  • 2019 -  ලෝක තෙත්බිම් හා දේශගුණික විපර්යාස - Wetlands and climate change
  • 2020 - තෙත්බිම් සහ ජෛව විවිධත්වයයි - Wetlands and Biodiversity
  • 2021 - තෙත්බිම් සහ ජලය  - Wetlands and water 
  • Edit 2024-02-01 
  • 2022 - ජනතාව හා සොබාදහම සඳහා තෙත් බිම් ක්‍රියාකාරීත්වය -Wetlands Action for People and         Nature
  • 2023 - තෙත්බිම් ප්‍රතිෂ්ඨාපනය කිරීමට කාලය යි - Time to restore wetlands
  • 2024 - තෙත්බිම් සහ මානව යහපැවැත්ම - Wetlands and human well-being