Wednesday, June 17, 2015

ලෝක කාන්තාරකරණය වැලැක්වීමේ දිනය (WDCD)

එක්සත්ජාතීක්ගේ ලෝක කාන්තාරකරණය වැලැක්වීමේ  දිනය (World Day to Combat Desertification) සෑම වසරකම ජූනි 17 දින ලොව පුරා සැමරීම කරයි. මෙවර අවධානය යොමු කර ඇත්තේ "තිරසාර ආහාර පද්ධතීන් හරහා සියල්ලන් සඳහා ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම" යන්නයි. 2015 තේමාව  වී ඇත්තේ "Attainment of food security for all through sustainable food systems" යන්නයි.

1994දී එක්සත් ජාතීක්ගේ සංවිධානය විසින්  කාන්තාරීකරණය වැලැක්වීමේ හා නියගයේ ආදීනව පිටු දැකීමේ ජාත්‍යන්තර සම්මුතිය (United Nations Convention to Combat Desertification) සම්මත කරගනු ලැබීමෙන් අනතුරුව මෙම දිනය ප්‍රකාශයට පත්කෙර ඇත.

2012 වසරේ ජුනි මස 20-22 බ්‍රසීලයේ රියො ද ජැනේරෝ නගරයේ පැවැත්වීමට නියමිත රියෝ + 20 සමුඵව හෙවත් තිරසර සංවර්ධනය පිළිබඳ එක්සත්ජාතීන්ගේ සම්මන්ත්‍රණය (UNCSD) තුළින් ද  කාන්තාරකරණ වැලැක්වීම හා එහි ආදීනව පිළිබඳ අවධානය යොමුකර ඇත.අ

ශ්‍රී ලංකාවේ කාන්තාරීකරණ බිම් දක්නට නොලැබුනද අප රට 1998 වසරේදී මෙම සම්මුතියේ පාර්ශව කරුවෙකු බවට පත්වූයේ විවිධ හේතු සාධක  නිසා සිදුවන භූමි හායනය නැතහොත් භූමියේ ඵලදායිතාවය අඩුවීම කෙරෙහි මෙම සම්මුතිය මගින් දක්වනු ලබන අවධානය නිසාය.

මේ සම්බන්ධයෙන් ලියවුණු ලිපි පහතින් දක්වා ඇත.

With the slogan, ‘No such thing as a free lunch. Invest in healthy soil’, the 2015 observance calls for:

(1) A change in our land use practices through smart agriculture and adaptation to changing climate, especially in the dry fragile parts of the world where food shortages are becoming more and more severe.

(2) Access to technology and land rights for small holder farmers who safeguard the environment and meet the food needs of millions of households, especially among the poorest households.

(3) A balance in the land use for ecology and consumption, drawing on the best practices.

(4) More investments in sustainable land practices so that sustainable food systems become the normal practice and

(5) More effective action on desertification whose effects on security, peace and stability are invisible yet real for the affected countries due especially to food and water scarcity and environmentally forced migration.
Some 805 million people in the world lacked sufficient nutritious food between 2012 and 2014 according to the 2014 State of Food Insecurity report. That is about one in every eight people. The vast majority lived in developing countries. Although significant progress has been made towards the MDG hunger target, progress across regions and countries is still uneven.
Tackling hunger requires a multi-faceted approach – from economic development, nutritional intake to managing natural disasters. Still, a focus on land is critical. More than 99.7% of our food calories comes from the land. With the competition for productive land growing even as the global population rises, land for food production will get scarcer. We need to recover degraded land to remain food secure.
Hunger is most prevalent in the developing country dryland areas where water retention is poor, and the land is highly vulnerable to natural and human destructions. The vast majority of the dryland people survive on local foods. Sub-Saharan Africa has made some progress in eradicating hunger, but still has the highest prevalence of undernourishment.

උපුටා ගැනීමඩ - http://www.un.org/en/events/desertificationday/
එහි සිංහල පරිවර්ථනය පහත පරිදි වේ.


 (1) විශේෂයෙන් ආහාර හිඟය තව තවත් දැඩි වෙමින් එහිදී ලෝකයේ වියළි බිඳෙන සුලු අමතර කොටස් දේශගුණික වෙනස් කිරීමට ස්මාර්ට් කෘෂිකාර්මික හා අනුගත වීම මගින් අපගේ ඉඩම් පරිහරණ පිළිවෙත් වෙනසක්.

 (2) හා පරිසරය ආරක්ෂා නිවාස මිලියන ගණනක් ආහාර අවශ්යතා කරන කුඩා වතු ගොවීන් සඳහා තාක්ෂණ හා ඉඩම් අයිතීන් සඳහා ප්රවේශය, විශේෂයෙන් දුප්පත්ම ඉපදවීම.
 (3) පරිසර විද්යාව හා පරිභෝජනය සඳහා ඉඩම් භාවිතය තුළ ශේෂ, හොඳම පරිචයන් හමුවි.
 (4) තිරසාර ඉඩම් භාවිතයන් තවත් ඉහළ ආයෝජන තිරසාර ආහාර පද්ධතීන් සාමාන්ය භාවිතය බවට පත් වී ඇති නිසා
 (5) තම බලපෑම් ආරක්ෂාව පිළිබඳ කාන්තාරකරණය මත වඩාත් ඵලදායී ක්රියාමාර්ග, සාමය සහ ස්ථාවරත්වය, විශේෂයෙන් ආහාර හා ජලය හිඟ හා පරිසර බල සංක්රමණය හේතුවෙන් බලපෑම එල්ල වූ රටවල් සඳහා අදෘශ්යමාන තවමත් සැබෑ ය.ලෝකයේ සමහර 805 ක ජනතාවක් ආහාර අනාරක්ෂිත වාර්තාව 2014 රාජ්ය අනුව 2012 සහ 2014 අතර ප්රමාණවත් පෝෂ්යදායී ආහාර තිබුණේ නැහැ. ඒ ගැන එක් සෑම අට ​​දෙනෙක් ඇත. අති මහත් බහුතරය සංවර්ධනය වෙමින් පවතින රටවල ජීවත් විය. සැලකිය යුතු ප්රගතියක් ගැනීමේ සහස්ර සංවර්ධන ඉලක්කය කරා ගමන් කුසගින්න කර ඇති නමුත්, ප්රදේශ හා රටවල් ප්රගතිය තවමත් අසමාන වේ.


කාන්තාර

කාන්තාරීකරණය වර්තමාන ලෝකයේ තවත් ප්‍රබල පාරිසරික ගැටලුවක් වේ.කාන්තාරීකරණය යන වචනයෙන් අදහස් වනනේ ලෝකයේ කාන්තාර නොවන වගාබිම් ඇතුළු වෙනත්බිම් කාන්තාර බවට පත්වීමේ ක්‍රියාවලියයි.ඵ් අනුව ශුෂ්ක හා අර්ධ ශුෂ්ක ප්‍රදේශවල කෘෂිකාර්මික කටයුතු සඳහා යොදාගත් භූමිය,වගාකල නොහැකි තත්වයට පත්වීම කාන්තාරීකරණය ලෙස සරළව දැක්විය හැකිය.එක්සත් ජාතීන්ගේ පරිසරය හා සංවර්ධනය පිළිබඳ ජගත් කොමිසමේ ගණන් බැලීම් වලට අනුව කාන්තාර ලෙසට ස්ථිර ලෙසම පිරිහී ඇති භූමිය වාර්ෂිකව හෙක්ටයාර් මිලියන 6 බැගින් වර්ධනය වේ. කාන්තාරීකරණය ලෝකයේ සෑම ප්‍රදේශයකම පාහේ ව්‍යාප්තව ඇති මුත් ඉතාම විනාශකාරී තත්වයට පත්වී ඇත්තේ අප්‍රිකාව,ආසියාව හා ලතින් ඇමරිකානු රටවල වියළිබිම් ආශ්‍රිතවයි.කාන්තාරීකරණය කෙතරම් දරුණු තත්වයට පත්වී තිබේදයත් ලෝකයේ ගොඩබිම් ප්‍රමාණයෙන් 1/3ම කාන්තාරීකරණයට ගොදුරු වී ඇත.මේ තත්වය ලෝක ජනසංඛ්‍යාවෙන් මිලියන 850ට බලපායි. කෙසේවෙතත් කාන්තාරීකරණය පැතිරුණු ප්‍රධාන ප්‍රදේශය ලෙස අප්‍රිකාවේ "සාහෙල්" කලාපය දැක්විය හැකියි.ඒ ප්‍රධාන ලෙසම මානව කටයුතු හේතුවෙන් සිදුවන කාන්තාරීකරණයකි.


කාන්තාරීකරණයට හේතු

කාන්තාරීකරණය ස්වභාවික හා මානුෂික සාධකවල සාමූහික ඒකාබද්ධතාවයක ප්‍රතිඵලයකි.ඒ සඳහා බලපාන සෘජු සාධක කීපයකි.එනම්,

1.ගෝලීය උණුසුම් වීම / නියඟය.

2.තෘණ භූමිවල ප්‍රමාණය ඉක්මවා සතුන් ඇති කිරීම.

3.වගා බිම්වල ප්‍රමාණය ඉක්මවා වගා කිරීම.

4. දුර්වල ඉඩම් කළමනාකරණය හා නුසුදුසු වගාක්‍රම අනුගමනය කිරීම.

5. වන විනාශය.

6. ආන්තික බිම් ප්‍රයෝජනයට ගැනීම.

7. අධික ජන සංඛ්‍යා ඝනත්වය.

8. දරිද්‍රතාවය.

9. වෙනත් සමාජ ආර්ථික තත්වයන්.


ගෝලීය වශයෙන් සිදුවන වායුගෝලීය තාපවත් වීම හා නියඟය කාන්තාරීකරණය සඳහා හේතුවන ප්‍රධාන සාධකයන් වේ.ඉහත දැක්වූ සාධක නිසා ඉතියෝපියාව,මාලි,නයිගර්,චැඩ් හා සුඩානය වැනි ප්‍රදේශ දෙසට සහරා කාන්තාරය ව්‍යාප්ත වීමට පටන්ගෙන තිබේ.මේ ආකාරයට සහරා කාන්තාරය වාර්ෂිකව උතුරු හා දකුණු දිශා වලට‍ හෙක්ටයාර් 100,000 ක් පමණ පැතිරී යන බවට ඇස්තමේන්තු කර තිබේ. ඇතැම් රාජ්‍යයන්හි ප්‍රතිපත්තිද කාන්තාරීකරණයට බලපායි.උදාහරණ ලෙස බ්‍රසීලයේ "ඇමසෝනියා මෙහෙයුම" යටතේ ඇමසන් වනාන්තර ප්‍රදේශයේ වනාන්තර බිම් විශාල ලෙස එළිපෙහෙළි කිරීම සිදුව ඇත. පාංශූඛාදන ගැටලුව ලෝකයේ සෑම රටකම පාහේ පොදු තත්වයකි.1970 දශකයේ අග භාගය වන විට ඇමරිකා එක්සත් ජනජදයේ කෘෂිකාර්මික බිම් වලින් 1/3ට පමණ මෙම ගැටලුව අදාල විය.
කාන්තාරීකරණයේ ප්‍රතිඵල

ලොව පුරා විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල බිලියන 1.2ක ජන සංඛ්‍යාවකට කාන්තාරීකරණය ප්‍රබලව බලපායි.මේ නිසා ඇතිවන ප්‍රධාන ගැටලු කීපයක් හදුනාගත හැකිය.


වගාබිම් අහිමි වීම

අප්‍රිකාව,ආසියාව හා ලතින්ඇමරිකානු කලාපයන්හි හෙක්ටයාර් මිලියන 870ක භූමියක් හෙවත් කෘෂිකාර්ම්ක බිම් වලින් 18.5ක් දැඩි ලෙස කාන්තාරීකරණයට ගොදුරු වී ඇත.


වගාබිම් වල ඵලදායීතාවය අඩුවීම

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) ඇස්තමේන්තු කර ඇති ආකාරයට ලෝකයේ වනාන්තර,තෘණ භූමි,වැසිදියෙන් වගාකරන බිම් හා වාරිමාර්ග පහසුකම් සැපයෙන බිම් වලින් හෙක්ටයාර් බිලියන 3.3 පමණ කාන්තාරීකරණයට ගොදුරුවීමේ අවධානමක් පවතී.ලෝකයේ වනාන්තර හා තෘණභූමි වලින් 63%ක් හෙවත් හෙක්ටයාර් බිලියන 2.6 ද වැසි ජලයෙන් වගාකරන භූමියෙන් 60%ක් හෙවත් හෙක්ටයාර් මිලියන 347ද වාරිමාර්ග ජල සම්පාදන බිම් වලින් 30%ක් හෙවත් හෙක්ටයාර් මිලියන 40ද මීට අයත් වේ.
සාගතය පැතිරීම

ඉහත‍ හේතු නිසා ජනතාවට අවශ්‍ය ආහාර සපයා ගැනීමට දුෂ්කර වී සාගත පැතිරේ.1982-1983 කාලයේ අප්‍රිකාවේ ඇතිවූ සාගතය පුද්ගලයින් මිලියන 35ට සෘජු වශයෙන් අදාල විය.ඉතියෝපියාව,සූඩානය,නයිගර්,මාලි.....වැනි රාජ්‍ය එසේ සාගත පැතිර ගිය රාජ්‍ය වේ.
කාන්තාර වර්ධනය වීම

මෙය කාන්තාරීකරණයේ තවත් සෘජු ප්‍රතිඵලයකි.සහරා කාන්තාරය ක්‍රමයෙන් පුළුල් වන බව සොයාගෙන තිබේ.
කාන්තාරීකරණය වළක්වාගත හැකි ක්‍රියාමාර්ග

1.තෘණ භූමිවල ප්‍රමාණය ඉක්මවා සතුන් ඇති නොකිරීම.


2.වගා බිම් වල සීමාසහිත ප්‍රමාණයක් වගා කිරීම.


3.ඉඩම් කළමණාකරනය නිසිආකාරව සිදුකිරීම.


4. ඒ ඒ බිම්වලට උචිත වගා ක්‍රම නිවැරදිව යොදා ගැනීම.


5.මිනිසාගේ සමාජ තත්වයන් දියුණු කිරීමට රාජ්‍ය ප්‍රතිපත්ති සකස් කිරීම.

උදා- දුප්පත්කම අවම කිරීම.

ජනසංඛ්‍යා වර්ධනය පාලනය කිරීම.


6.ගෝලීය උණුසුම් වීම සම්බන්ධව මිනිසා දැනුවත් කිරීම.
උපුටා ගැනීම - https://si.wikipedia.org/wiki/%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA

කාන්තාරකරණය වලකමු

එක් අතෙකින් පරිසර දූෂණය හේතුවෙන් පරිසරයට සිදුවන විනාශයත්, අනෙක් අතින් මිනිස් කි‍්‍රයාකාරකම්වල ප‍්‍රතිඵල ලෙස සිදුවන හරිතාගාර ආචරණය, කාබන් ඩයොක්සයිඩ් ප‍්‍රතිශතය වැඩිවීම වැනි කි‍්‍රයාදාමයන් හේතුවෙන් පරිසරයට වන විනාශය වැඩි වී ඇත. මේ සියල්ල අභිබවමින් වනාන්තර විනාශය හේතුවෙන් සිදුවන පාරිසරික හානිය ඉදිරියට පැමිණ ඇති බව පෙනී යයි. වනාන්තර විනාශය හේතුවෙන් ස්වභාවික පරිසරයට වන හානිය ඉහත සඳහන් කළ අනෙක් කි‍්‍රයාදාමයන් සඳහා වක‍්‍රව හා සෘජුව හේතුවේ.ගස්වැල් යනු මිනිසාගේ පැවැත්මට අත්‍යවශ්‍ය සාධකයක් බව අවිවාදයෙන් පිළිගත යුතුය. එක් අතෙකින් මිනිසාට ආහාර ලබාදෙන අතරම ඔවුන්ට සෙවණ සහ රැකවරණය සලසා දෙයි. මිනිසා ගසට කෙතරම් කෘතගුණ දැක්විය යුතුද යන්න හොඳින් වටහා දුන්නේ අප සම්මා සම්බුදු රජාණන් වහන්සේය. උන්වහන්සේ තමන්ට බුදුවීමට සෙවණ ලබාදුන් බෝධි වෘක්‍ෂයට සතියක් මුළුල්ලේ අනිමිස ලෝචන පූජා පැවැත්වීමෙන් ගෞරව කළහ. ඒ ආකාරයට මිනිසාටත් අනෙක් සතුන්ටත් වටිනා සේවයක් සලසන ගස්වැල් නිකරුණේ කපා විනාශ කිරීම නිසා අද වනවිට ලෝකය නිසරු කාන්තාර බවට පත්වෙමින් පවතී. “කාන්තාරකරණය වළකමු” යන්න මෙවර පරිසර දිනයේ තේමාව ලෙස යොදාගෙන තිබීමෙන් එහි බැරෑරුම්කම මනාව පැහැදිළි වෙයි.වනාන්තර වැස්ම විනාශ වීම සෘජුවම පෘථිවි දෙශගුණික තත්ත්වය කෙරෙහි බලපෑම් ඇතිකරනු ලබයි. ස්වභාවික වර්ෂාපතනය වෙනස් කරයි. අනෙක් අතට ශාක මගින් කාබන්ඩයොක්සයිඩ් විශාල ප‍්‍රමාණයක් උරාගන්නා අතර ශාක ප‍්‍රමාණය අඩු වීමෙන් පරිසරයේ කාබන් ඩයොක්සයිඩ් ප‍්‍රතිශතය ද අධික වෙයි. එය පෘථිවි ඌෂ්ණත්වය වැඩි වීමටත්, අයිස් කඳු දිය වී මුහුදු ජල මට්ටම ඉහළ යාමටත් හේතුවෙයි. අවසානයේ සමහර දූපත් මුහුදින් යට වී යාමේ අවදානමක් පවතී.

ඒ පරිසර විනාශයේ එක් පැත්තකි. අනෙක් අතින් වනාන්තර එළි කිරීම නිසා පස සෝදාපාළු වීමෙන් පස නිසරු වීම සිදු වේ. පසේ පෝෂක කොටස් සේදී යාමෙන් ඒ පරිසරය තුළ කිසිම ශාක වර්ගයක් වැවීමට නොහැකි වීම හේතුවෙන් කාලයක් ගතවන විට එය නිසරු කාන්තාරයක් බවට පත්විය හැකිය. ඒ ආශ‍්‍රීත ජල උල්පත් සිඳී යාමට ලක්වේ. මේ ආකාරයට ශීඝ‍්‍රයෙන් වන වැස්ම අඩුවන විට කාන්තාර ප‍්‍රමාණය තව තවත් වැඩිවේ. මුහුදු මට්ටම ඉහළ යාම නිසා වෙරළාශ‍්‍රිත ගොඩබිම් ප‍්‍රදේශ සහ දූපත් සාගරයෙන් යට වී යාම නිසා මිනිසාට ප‍්‍රයෝජන ගත හැකි භූමි ප‍්‍රමාණයක් අඩු වී යයි. අනාගතයේ දිනක මිනිසාට හිමි භූමි ප‍්‍රමාණය මේ නිසා අඩුවී යයි. එවිට මිනිසා කරන්නේ තව තවත් වනාන්තර එළි කිරීමයි. එවිට තව තවත් වේගයෙන් ඉහත කි‍්‍රයාවලිය සිදුවේ. මෙය චක‍්‍රයක් ලෙස සිදුවන විට නොදැනුවත්වම මුළු ලෝකයම කාන්තාරයක් වීම වලක්වාලිය නොහැකිය.ඒ නිසා මේ සම්බන්ධයෙන් ලෝකයේ සෑම රටකම, විශේෂයෙන් නිවර්තන කලාපීය වනාන්තර පවතින රටවල අවධානය යොමු වීම වැදගත්ය. රුක් රෝපණ වැඩ සටහන් පැවැත්වීම ජනතාව දැනුවත් කිරීම හා වෙනත් සුදුසු කි‍්‍රයාමාර්ග මගින් මේ විනාශය අවම කරලීමට හැකිය. මේ සඳහා ජගත් පරිසර සංවිධානවල අවධානය මේ වන විට යොමු වී තිබේ. සමහරුන් තුළ ඒ පිළිබඳව අල්ප උනන්දුවක් පැවතීම කනගාටුදායකය. ලංකාවේ පවා තවමත් වන විනාශය නතර කිරීමට හැකියාවක් ලැබී නැත.ශ‍්‍රී ලංකාව වැනි ජෛව විවිධත්වයෙන් පොහොසත් වනාන්තර සහිත රටක එම අමිල සම්පත රැකගැනීම අවශ්‍යයෙන්ම කළ යුත්තකි. මෙවර පරිසර දිනයට සමගාමීව පරිසර අමාත්‍යාංශය මගින් ද වැඩ සටහන් රාශියක් දියත් කර ඇත. මෙහි ප‍්‍රධාන උත්සවය මෙවර පොළොන්නරුවේ පැවැත්වෙන අතර එයට පාසල් සිසුන් සහභාගි වන පරිසර පා ගමනක්, රුක් රෝපණ වැඩ සටහනක් නාගරික රුක් ගොමු ඉදිකිරීම වැනි වැඩ සටහන් ඇතුළත්ය. ඒ හැරුණු විට පාසල් ආශ‍්‍රිතව පරිසර දිනය වෙනුවෙන් තරග පවත්වා ඒවාට හිමි ත්‍යාග ලබා දීම ද එදිනම සිදු කෙරේ.මේ ආකාරයට පරිසර දිනය වෙනුවෙන් කාන්තාරකරණය වලක්වාලීමේ තේමාව අරමුණු කරගනිමින් ශ‍්‍රී ලංකාව තුළ විවිධ වැඩ සටහන් පැවැත්වෙන අතර ඉන් ජනතාව තුළ පරිසරය රැක ගැනීම පිළිබඳ අවබෝධය වැඩිදියුණු කර ඔවුන් ඒ පිළිබඳ උනන්දු කරවීමට අපේක්ෂා කෙරේ.


උපුටා ගැනීම - මංජුල දිසානායක http://www.danuma.lk/sinhala/index.php?option=com_content&view=article&id=16520%3A2010-06-11-06-59-48&catid=77%3Apollution&Itemid=129&lang=si

No comments:

Post a Comment