Thursday, June 11, 2015

ජගත් සාගර දිනය - ජුනි 08

ජගත්  සාගර දින සැමරීමේ ජාතික වැඩසටහන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් අද ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වේ.

1992 වසරේ බ්‍රසීලයේ රියෝ දි ජෙනයිරෝ නගරයේ පැවති මිහිතල සමුළුවේදී ජගත් ජාතික සාගර දිනය සැමරීමේ සංකල්පය ඉදිරිපත් වූ අතර එම අදහස 2008 වසරේ එක්සත් ජාතීන්ගේ සංවිධානය නිල වශයෙන් පිළි ගැනීමත් සමඟ ලෝකයේ විවිධ ජාතීන් සෑම වසරකම ජුනි මස 08 වෙනි දින ජගත් ජාතික සාගර දිනය සමරනු ලැබේ.

ශ්‍රී ලංකාවේ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මගින් ජගත් ජාතික සාගර දින සැමරීමේ ජාතික වැඩසටහන සංවිධානය කරනු ලැබේ. මෙවර සාගර දිනයේ තේමාව “Healthy Oceans, Healthy Planet” යනුවෙන් නම් කර ඇත.

– news.lk

No comments:

Post a Comment