Wednesday, September 16, 2015

2015 ජාත්‍යන්තර ඕසෝන් දිනය අද(සැප්තැම්බර් 16)

ජාත්‍යන්තර ඕසෝන් දිනය අද (16)ට යෙදී ඇත. 2015 වසරේ ඕසෝන් දින සැමරුම් උළෙලේ ප්‍රධාන තේමාව වී ඇත්තේ 30 Years of Healing the Ozone Together - "Ozone: All there is between you and UV.” යන්නයි. එහි සිංහල තේරුම "තිස් වසරක ඕසෝන් වියන සුරැකීම සඳහා ගෝලීය සාමුහිකත්වය" යන්නයි.

වැඩි විස්තර සදහා http://www.un.org/en/events/ozoneday/ වෙත පිවිසෙන්න

ඕසෝන් දිනය වෙනුවෙන් ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන ප්‍රධාන උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (16) රත්මලාන ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනයේ දී පැවැත්වෙන බවට වාර්තා වේ

ශ්‍රී ලංකාවේදී ඕසෝන් වියනු සුරැකිම සදහා කටයුතු කරනු ලබන ආයතනය වන්නේ ජාතික ඕසෝන් ඒකකයි. ඒ මගින් ශිතකාරක පවිත්‍රකිරීමේ මධ්‍යස්ථාන 08ක් දිවයින ආවරණය වන පරිදි තාක්ෂණික හා වෘත්තීය පුහුණු ආයතනයන් හි ස්ථාපිත කිරීමට තීරණය කර ඇති අතර එහි පළමු වැන්න අද ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ දී ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ස්ථාපිත කෙරෙන බව News.lk වෙබ්අඩවිය දක්වා ඇත..

වාර්තා වලට අනුව ලෝකය පුරා රටවල් 197ක් මොන්ට්‍රියල් සංවිධානයේ සාමාජිකත්වය ලබා සිටින අතර එම සියලු රටවල් මෙදින ඕසෝන් දිනය සමරමින් විවිධ වැඩසටහන් පවත්වනු ලබයි.

Thursday, September 10, 2015

කැළණි ගං ජලයේ ආසනික්

බස්නාහිර පබළාතේ ජනතාවටග් පානීය ජල අවශ්‍යතාවයෙන් වැඩිම ප‍්‍රමාණයක් සපුරා ගන්නා කැළණි ගංගා ජලයේ ඉතා ඉහල ආසනික් ප‍්‍රමාණයක් මුසු වී ඇතැයි තහවුරු වී ඇති බව පරිසරවේදීහු පවසති.
ස්ථාන කිහිපයකින් ජලය ගෙන කල පරීක්‍සණවලදී ලීටරයකට මිලි ලීටර 04ක් ආසනික් ඇතැයි හෙළිවූ බව සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක රවින්ද්‍ර කාරියවසම් මහතා පවසයි.
මෙය පරිසර පද්ධතියටමත්, ජනතාවත් දැඩි අවදානමක්ද ඇති කරවන බවද ඔහු කියා සිටියේය.
වැසි කාලයන්හිදී කැළණි ගඟ දෙපස කර්මාන්තශාලා ඒවායේ අපද්‍රව්‍ය කැළණි ගඟට ඝෘජුව බැහැර කරන බවත් එනිසා එම කාලවලදී ගඟේ ආසනික් තත්ත්වය ඉහළ යන බවත් ඔහු කියා සිටියේය.

උපුටා ගැනීම - http://lankacnews.com/sinhala/news/135558/

දූෂිත දුමාරය ඉන්දියාවට අනතුරු අඟවයි

a dilhi
ඉන්දියාවේ අගනුවර වන නව දිල්ලියේ වාසය කරන මිලියන 2.2ක් පමණ වූ කුඩා ළමුන් ට දූෂිත විෂ දුමාරය ආඝ්‍රහණය වීම නිසා නැවත ප්‍රකෘති තත්ත්වයට පත් කළ නොහැකි පෙනහලු ආබාධ ඇති වී ඇතැයි ටයිම්ස් සඟරාව වාර්තා කරයි.
වසර 2010 සිට කල්කටාව නගරය පදනම් කරගෙන චිත්‍රාරන්ජන් ජාතික පිළිකා ආයතනය විසින් සිදු කළ පර්යේෂණ වාර්තාවක් මගින් මෙම තත්ත්වය වාර්ත කර ඇත.


මෙම වාර්තාවෙන් තවත් කරුණක් සැළකිල්ලට භාජනය වී තිබේ.එනම්, ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවල කාබන් අංශු වාතයට මුදා හැරීම ඉහළ යාම නිසා ඉදිරි දශක කීපයතුල දී ඉන්දීය පරිසර දූෂණය ඉහළ යන බවයි.



තවද, ලෝකයේ විෂදුමරය පවතින නගරය බීජිං නගරය වුවත්,මෙම දත්ත වාර්තාව අනුව බීජිං වායුවේ ඇති කාබන් අංශු ප්‍රචාරණයට වඩා දෙගුණයක් දිල්ලියේ වයුවේ අන්තර්ගතව පවතී.එබැවින් දිල්ලියේ ජීවත්වන ළමුන්ගෙ පෙනහලු අනෙකුත් අයට වඩා තෙගුණයකින් පමණ ආරක්ෂා කිරීමට අදාළ බලධරීන් පියවරගත යුතු බවයි.

එසේ නොවුණ හොත් අනාගතයේ දී ඔවුන්ට විවිධ සෞඛ්‍ය ගැටලුවලට මුහුණපෑමට සිදුවන බව ද මෙම වාර්තාව පෙන්වා දෙයි.එක්සත් ජාතීන්ගේ වාර්තාවට අනුව ලෝකයේ වඩාත්ම පරිසර දූෂිත නගර 20 අතරින් 13 වන ස්ථනය ඉන්දියාව පත්ව තිබේ.එයට හේතු වී ඇත්තේ වාහන මගින් නිකුත් කරන කාබන් දුමාරය පිළිබඳ අඩු අවධානයක් යොමු කිරීම, කර්මාන්ත ක්ෂේත්‍රය අධික ලෙස වර්ධනය වීම,නගරයේ ජනගහනය අධික ලෙස ඉහළ යාම, අපද්‍රව්‍ය අපරික්ෂාකරී ලෙස දහනය කිරීම ආදී කරුණු නිසා නගරික වායුව දූෂණය වීමට හේතු වී තිබේ.

a dill 2
කෙසේ වෙතත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් India's first air-quality Index (පළමු ඉන්දියානු වායු තත්ත්ව දර්ශකය)අප්‍රේල් මාසයේ දී එළිදැක් වීය.එහෙත් ගල් අඟුරු ආශ්‍රිත කර්මාන්ත නිසා ඉන්දියාවේ වාර්තාවන වායූදූෂණය තව තවත් ඉහළ යන බව ටයිම්ස් සඟරාව තවදුරටත් වාර්තා කරයි .


උපුටා ගැනීම - news.lk 2015-06-10
ටයිම්ස් සඟරාව-2015-06-15කලාපයේ උපුටාගෙන සකස් කරන ලද බව සදහන් වේ.

Wednesday, September 9, 2015

ලෝක ආදීවාසී දිනය අදට (අගෝස්තු 09) යෙදී ඇත.



2015 වසරේ ලෝක ආදීවාසී දින තේමාව වී ඇත්තේ "ආදීවාසීන්ට සෞඛ්‍ය ආරක්ෂණ සේවා සඳහා වූ ප්‍රවේශය පුළුල් කිරීම" යන්නයි.

ලෝකය තුළ ආදීවාසීන් මිලියන 370ක් පමණ වාසය කරනු ලබයි. ලෝක ජනගහනයෙන් 5% ක් නියෝජනය කරනු ලබන බව කියන ආදීවාසී ජනතාව භාවිත කරන භාෂා සංඛ්‍යාව 7000 ඉක්මවන බව සදහන් වේ.

ලෝකයපුරා රටවල් 90 ක ජන කණ්ඩායම් 5000කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරනු ලබයි. මෙම ආදිවාසීන්ගෙන් 70% ක්ම ආසියාකරයේ ජීවත්වන බව එක්සත් ජාතින්ගේ සංවිධානයට අනුබද්ධ කෘෂිකර්ම සංවර්ධනය සදහා වන ජාත්‍යන්තර අරමුදල පවසන අතර දරිද්‍රතාව, ඉඩම් ගැටළුව හා මන්ද පෝෂණය ඔවුන් මුහුණදෙන ප්‍රධාන ගැටළු බව සදහන් වේ.

ලංකාවේ වෙසෙන ආදීවාසී ජනතාව වැද්දන් ලෙස ව්‍යවහාර වේ. ලෝක ආදීවාසීන් අතර වැදගත් ස්ථානයක් හිමිකරගෙන ඇති මොවුන්  ක්‍රි.පු. යුගයේ සිට පැවත එන බව පර්යේෂකයින් රැසක් කළ පර්යේෂණවලදී හෙළි වී ඇති බව සදහන් වේ. වර්ථමානයේ  මෙරට ආදීවාසී ජනතාවගේ නායකයා වන්නේ ඌරුවරිගේ වන්නිලෑඇත්තන්ය.

Wednesday, September 2, 2015

හංවැල්ල ප්‍රදේශයේ අනවසර වැලි ගොඩ දැමීම වැළැක්වීමට පියවර ගැනේ

හංවැල්ල ප්‍රදේශයේ කැළණි ගගේ ගම්පහ ඉවුරෙහි මෙන්ම කොළඹ දිස්ත්‍රික් ඉවුරෙහි ද වැලි ගොඩ දැමීම දිගින් දිගටම සිදු වන බව හංවැල්ල වැඩ බලන ප්‍රාදේශීය ලේකම් ජී.එස්.කේ.කන්නංගර මහතා පැවසීය.
ඒ මහතා එසේ ප්‍රකාශ කළේ පසුගියදා  කොළඹ දිස්ත්‍රික් ලේකම් එච්.ටී.කමල් පත්මසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පරිසර හා ඩෙංගු කමිටු රැස්වීමේ දීය.
 
මෙම අනවසර වැලි ගොඩ දැමීම හංවැල්ලේ සිට කැළණි ගග දෙපස සිදු කෙරෙන අතර එය වැලැක්වීම සදහා කඩිනම් වැඩපිළිවෙලක අවශ්‍යතාවය මෙම කමිටු රැස්වීමේ දී සැලකිල්ලට භාජනය කෙරුණි. දැනටමත් හංවැල්ල ප්‍රදේශයේ කැළණි ගග මුහුදු මට්ටමේ සිට මීටර් 02 ක් පමණ පහලින් ගැඹුරු වී ඇති බැවින් කර දිය ගලා ඒම හංවැල්ල දක්වා සිදු වන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය විසින් පෙන්වා දී ඇත. එසේම කැළණි ගග දෙපස ඉවුරු කඩා වැටීම ද නොකඩවා සිදු වේ. මේ පිළිබද මධ්‍යම පරිසර අධිකාරිය විසින් කැළණි ගග දෙපස අඩි 50 ක රක්ෂිතයක් පවත්වා ගත යුතු බව තීරණය කර ඇත.
 
මේ සම්බන්ධව වාරි මාර්ග දෙපාර්තමේන්තුවට ලිපියක් යොමු කරන ලෙසත්, අනවසර වැලි ගොඩ දැමීම් පිළිබද පොලිස් පරිසර ආරක්ෂණ කොට්ඨාශය මගින් වැටලීම් සිදු කිරීමටත්, පවතින ගැටළුව පිළිබද පොලිස්පති හා ගම්පහ දිස්ත්‍රික් ලේකම් දැනුවත් කිරීම සදහා කටයුතු කරන ලෙසත් කොළඹ දිස්ත්‍රික් ලේකම් එච්.ටී.කමල් පත්මසිරි මහතා උපදෙස්  දුන්නේය. 
 
මෙම අවස්ථාවට ප්‍රාදේශීය ලේකම්වරු,මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරින් ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ නිලධාරින් ඇතුලු නිලධාරීන් රැසක් සහභාගී වී සිටියහ.
උපුටා ගැනීම - news.lk වෙබ් අඩවිය (2015-09-01)

කසළ කළමනාකරණ වැඩ පිළිවෙල යටතේ කසළ වෙන්කර ලබා ගැනීම අනිවාර්ය කෙරේ.(කොළොඹ)


කොළඹ දිස්ත්‍රික්කයේ කසළ කළමණාකරණ වැඩපිළිවෙල ක්‍රමවත් කිරීම සඳහා  කසල වෙන් කර ලබා ගැනීම  අනිවාර්ය කරන ලෙස සියලු පළාත් ආයතන වලට දැනුම් දී පළාත් පාලන කොමසාරිස් වරුන් ඒ පිළිබද දැනුවත් කිරීමට කටයුතු කරන ලෙස කොළඹ දිස්ත්‍රික් ලේකම්  එච්.ටී.කමල් පත්මසිරි මහතා උපදෙස් දී ඇත. 
ඒ මහතා මෙසේ උපදෙස් දී ඇත්තේ පසුගියදා පැවති පරිසර කමිටු රැස්වීමේ දීය.මෙහිදී කරදියාන කසළ කළමණාකරන ව්‍යාපෘතිය වර්තමානයේ පත්ව ඇති තත්ත්වය පිළිබද දැඩි අවධානය යොමු කෙරිණි.මෙම ව්‍යාපෘතිය වෙත කසළ ප්‍රවාහනය කිරීමේ දී පළාත් පාලන ආයතන මගින් දුර්ගන්ධය වැලැක්වීමේ උපක්‍රම භාවිත නොකර අපද්‍රව්‍ය විවෘත රථ වල ප්‍රවාහනය කිරීම නිසා ගැටලු සහගත වී ඇති බව එම ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්ෂ චමිල සිල්වා මහතා පවසයි.
කෝට්ටේ සහ මොරටුව මහ නගර සභාවල කසල ඉවත් කිරීම සාර්ථකව සිදු වුවද මෙම ව්‍යාපෘතිය සදහා කාබනික අප ද්‍රව්‍ය ගෙන ඒම අඩු වීම ව්‍යාපෘතිය පවත්වා ගෙන යාමට ගැටළුවක් වී ඇති බවද ඒ මහතා වැඩි දුරටත් පවසයි.2015 ජුනි මාසය තුල මිශ්‍ර කසල මෙට්‍රික් ටොන් 13650.24 ක් ලැබී ඇත. ඉන් වැඩිම මිශ්‍ර කසල ප්‍රමාණය වන මෙට්‍රික් ටොන් 4976.05 ක් දෙහිවල ගල්කිස්ස මහ නගර සභා බල ප්‍රදේශයෙන් ලැබී ඇත. වෙන් කරන ලද කාබනික  අපද්‍රව්‍ය පසු ගිය ජුනි මාසය තුළ මෙට්‍රික් ටොන් 1004.79 ක් ලැබී ඇති අතර‍ ඉන් වැඩිම ප්‍රමාණය වන මෙට්‍රික් ටොන් 999.81 ක් මොරටුව මහ නගර සභා  බල ප්‍රදේශයෙන් ලැබී ඇත.
මෙම කරුණු සලකා බලන විට කසල වෙන් කර ලබා නොදීමත් කසල විවෘතව ප්‍රවාහනයේ දී 
ඇති වන දුර්ගන්ධයත් කරදියාන පසු විපරම් කමිටුව මාස කිහිපයක සිට රැස් නොවීමත් මෙම 
තත්ත්වයට හේතු වී ඇත. එහෙයින් උසාවි නියෝගයක් අනුව ස්ථාපිත කරන ලද පසු විපරම් 
කමිටුව නැවත සක්‍රීය කරන ලෙස කොළඹ දිස්ත්‍රික් ලේකම් එච්.ටී.කමල් පත්මසිරි මහතා 
කැස්බෑව සහකාර ප්‍රාදේශීය ලේකම්  කේ.ජී.සුමුදු දිනේෂා මහත්මිය වෙත උපදෙස් දෙන ලදී.

උපුටා ගැනීම - news.lk වෙබ් අඩවිය 2015.09.01

Tuesday, September 1, 2015

ගොවි බිම්වල රසායනික පොහොර විෂ නැසීමට ජීව අගුරු

ගොවි බිම්වල රසායනික පොහොර විෂ නැසීමට ජීව අගුරුකෘෂි රසායන, පලිබෝධ නශක යෙදීමෙන් විනාශ වූ කුඹුරු ඇතුළු ගොවිබිම් වල ඇති විෂ නැසීමට ජීව අගුරු යොදා ගත හැකි බව සබරගමුව සරසවියේ කථිකාචාර්යවරයකු වන ආචාර්ය පී.අයි. යාපා මහතා පවසයි.
ජීව අගුරු යනු නිර්වායු තත්වයක් යටතේ (ඔක්සිජන් රහිතව) දර හෝ ශාක පත‍්‍ර පුළුස්සා ලබා ගන්නා අගුරුවේ.  අළු බවට පත් විමට පෙර ලබා ගන්නා අගුරු දැමීමෙන් පරිසරයේ ඇති බැරලෝහ එම අගුරුවලට උරාගන්නා බව මේ වන විට පර්යේෂණ මගින් ඔප්පු වී ඇතැයි ආචාර්ය යාපා පැවසීය.
දැනටමත් හානි වී ඇති ගොවි බිම්වලට ඉක්මණින් කාබන් යොදිය යුතු යැයි රජයට යෝජනා කළ බවත්, ශ‍්‍රී ලංකා රතු කුරුස සංගමය සමග එක්ව රජයට ඉදිරිපත් කිරීම සඳහා පුළුල් වාර්තාවක් සකස් කළ අතර අද හෙටම එය භාරදෙන බවත් ආචාර්යවරයා සඳහන් කළේය.
හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ කුඹුරු ගොවිහු 300කට අධික පිරිසක් මේ වන විටත් ජීව අගුරු තම කුඹුරුවලට යොදන අතර ඔවුන්ගේ කුඹුරු මේ වන විට විස රහිත පරිසර හිතකාමී තත්වයට පත්ව ඇති බවද හෙතෙම ප‍්‍රකාශ කළේය.

October 21, 2013 at 11:03 am | lanka C news

අපේ විද්වතුන් බ‍්‍රසීලයටත් උගන්වයි.. මොන්සැන්ටෝ රවුන්ඩ්-අප් තහනම් කරයි

අපේ විද්වතුන් බ‍්‍රසීලයටත් උගන්වයි.. මොන්සැන්ටෝ රවුන්ඩ්-අප් තහනම් කරයිග්ලිපොසෙට් රසායනය අඩංගු රවුන්ඩ් අප් ඇතුළු තවත් කෘෂි රසායන කිහිපයක් තහනම් කිරීමට බ්‍රසීලය සැරසෙන බව අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කර ඇත.
රවුන්ඩ් අප් තහනම් කිරීමට යෝජනා වී ඇත්තේ ශ්‍රී ලාංකික විද්වතුන් පිරිසක් සිදු කල පර්යේෂණයක ප්‍රතිපලයක් ලෙස ද දක්වා ඇත.
බ්‍රසීලය යනු රවුන්ඩ් අප් රසායනය ලොව දෙවනියට වැඩියෙන්ම භාවිතා කරන රටයි.
මේ සම්බන්ධයෙන් සිදු කල විමසීමක දී රවුන්ඩ් අප් පිළිබද පර්යේෂණය සිදු කල කණ්ඩායමේ වෛද්‍ය චන්න ජයසුමන පැවසුවේ තමන්ගේ පර්යේෂණයේ  ප්‍රතිපල පිළිබද එරට පලිබෝධ නාශක අධිකාරිය තමන්ගෙන් විමසීමක් කල බවත් මේ වන විට ලැබී ඇති ප්‍රතිපල පිලිබඳ විද්‍යාත්මක වාර්තාවක් බ්‍රසීල විද්‍යාඥයන්ට ලබා  දුන් බවත්ය.
කෙසේ වෙතත් ලංකාවේ පලිභෝධනාශක රෙජිස්ටාර්වරයාවරයා හෝ කිසිවකුත් තමන්ගෙන් එවැනි ඉල්ලීමක් වත් නොකළ බවත් ඒ වෙනුවට ඔහු තම කණ්ඩායම කල්පිතයක් පමණක් ඉදිරිපත් කර ඇති බව පවසමින් පුවත්පත්වලට ප්‍රකාශ නිකුත් කරමින් සිටින බවත් පැවසීය.

උපුටා ගැනිම -  April 2, 2014 at 9:08 am | lanka C news

වල් නාශක වහාම තහනම් කරයි

මහ පින්කමට ජනපති අණ දෙයි.. වල් නාශක වහාම තහනම්
රජරට ප‍්‍රදේශය මූලිකව රට පුරා පැතිර යමින් ඇති වකුගඩු රෝගයට හේතු වන බවට ඔප්පු වී ඇති අඩංගු වල්නාශක වර්ග කිහිපයක් වහාම තහනම් කර ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නියෝග කර ඇත.
පර්යේෂකයින් අනාවරණ කරන ලද තොරතුරු කෙරෙහි අවධානය යොමු කරමින් කෘෂිකර්ම අමාත්‍යවරයාට සහ කෘෂි රසායන පාලන අංශ වෙත ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙලෙස උපදෙස් ලබාදී තිබේ.
රට පුරා වේගයෙන් පැතිරී යන වකුගඩු රෝගය පාලනය කිරීම සඳහා කඩිනමින් ගත යුතු කි‍්‍රයාමාර්ග රැසක් දේශිය පර්යේෂකයින් විසින් ජනාධිපතිවරයා වෙත භාර දී තිබින.
ජනාධිපති තුමන්ගේ මේ තීරණය සම්බන්ධයෙන් ප‍්‍රසාදය පල කරන බව මේ සම්බන්ධයෙන් පර්යේෂණ කටයුතු සඳහා මහත් දායකත්වයක් ලබා දුන් රජරට විශ්විවද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කථිකාචාර්ය, වෛද්‍ය චන්න ජයසුමන මහතා සඳහන් කරයි.

උපුටා ගැනීම - February 27, 2014 at 1:26 pm | lanka C news

http://lankacnews.com/sinhala/main-news/111069/

නාථ දෙවියන්ගේ ආසනික් පරීක්‍ෂණය කැලිෆෝනියාවේ විශිෂ්ඨතම පරීක්‍ෂණය සම්මානයෙන් පිදේ

නාථ දෙවියන්ගේ ආසනික් පරීක්‍ෂණය කැලිෆෝනියාවේ විශිෂ්ඨතම පරීක්‍ෂණය සම්මානයෙන් පිදේ
ලංකාවේ පළාත් ගණනාවක පැතිර යන කෘෂිකාර්මික වකුගඩු රෝගයට ග්ලයිපොසේට්-පුර්ණ වල් නාශකය ඍජුව සම්බන්ධ බව හෙළි කළ පර්යේෂණය 2013 වසරේ කැලිෆෝනියා රාජ්‍ය විශ්ව විද්‍යාලයේ හොඳම පර්යේෂණය ලෙස සම්මානයෙන් පිදුම් ලබා ඇත.
එම විශ්ව විද්‍යාලයේ සේවය කරන ශ්‍රී ලාංකික මහාචාර්යවරයකු වන වෛද්‍ය සරත් ගුණතිලක මහතා සහ රජරට විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා ඇතුළු පිරිසක් මෙම පර්යේෂණයට සහභාගී වුහ.
ලොව කෘෂි රසායන දැවැන්තයකු වන මොන්සැන්ටෝ සමාගම නිපද වන ග්ලයිපොසේට් පිලිබඳ මෙම හෙළි කිරීම අන්තර්ජාතික ජනමාධ්‍ය සහ විද්‍යාඥයන්ගේ දැඩි අවධානයක් දිනා ගැනීමට සමත් විය.
කෙසේ වෙතත් මෙම කරුණ යටපත් කිරීමට ශ්‍රී ලංකාවේ කෘෂි රසායන මාෆියාව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කිහිප දෙනකු, පලිබෝධනාශක තාක්ෂණික කමිටුව සහ මුදලට විකුනුණු විශ්ව විද්‍යාල ආචාර්යවරු කිහිප දෙනකු ප්‍රබල උත්සාහයක නිරත විය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ වෛද්‍ය ගුණතිලක මහතා පැවසුවේ තමන් කෘෂිකාර්මික වකුගඩු රෝගය සම්බන්ධයෙන් ඉදිරිපත් කලේ කල්පිතයක් පමණක් ද ඒ සදහා අවශ්‍ය විද්‍යාත්මක සාධක සතුව තිබේ ද යන්න පිළිබඳව මේ ගැන ප්‍රකාශ නිකුත් කල කිසිවකු විමසීමක්වත් නොකළ බවත්, හුදුකල්පිතවලට පමණක් හොදම පර්යේෂණය ලෙස සම්මාන ලැබෙන්නේ නැති බව මේ අය දැන ගත යුතු බවත්ය.
මෙම පර්යේෂණයට දායක වීම නිසා ලංකාවේ කෘෂි රසායන මාෆියාවේ සහ ඔවුන්ට සිය ආත්මය පාවා දුන් ඊනියා උගතුන්ගේ යටිකුට්ටු කුමන්ත්‍රණවලට ලක්වීමට ඇමෙරිකාවේ සිටිය ද තමන්ට සිදුව ඇති බව හෙතෙම සම්මානය බර ගනිමින් පැවත් වූ කතාවේ දී හෙතෙම පැවසීය.
**
මේ සම්බන්දයෙන් අදහස් දැක්වීම සඳහා කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් පල කල රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය සිසිර සිරිබද්දන මහතා සඳහන් කලේ ශ‍්‍රී ලංකාවේ ශීඝ‍්‍රයෙන් පැතිර යන වකුගඩු රෝගයට ප‍්‍රධානතම හේතුව කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිතය බවට කැලිෆෝර්නියා රාජ්‍ය විශ්ව විද්‍යාලය මගින් සිදු කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇති බවයි.
කැලිෆෝර්නියා රාජ්‍ය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සරත් ගුණතිලක, රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය චන්න ජයසුමන යන මහත්වරුන් ඇතුළු පිරිසක් විසින් කළ මෙම පර්යේෂණයේදී පූර්ණ වල් නාශකවල අඩංගු ග්ලයිපොසේට්, ආසනික් සහ බැර ලෝහ සහ කිවුල් ජලයේ එකතුවෙන් කෘෂිකාර්මික වකුගඩු රෝගය හට ගන්නා බව හෙළි වී ඇතැයි ද මහාචාර්යවරයා කිය.
ශ‍්‍රී ලංකාවේ කෘෂිකාර්මික වකුගඩු රෝගය පිළිබඳව 2013 වසරේ සිදු කළ මෙම පර්යේෂණයට කැලිෆෝනියා රාජ්‍ය විශ්ව විද්‍යාලයෙන් විශිෂ්ඨතා සම්මානයක් හිමි වී තිබෙන බවද ඔහු පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්යවරයා මේ වන විට දිවයිනේ වකුගඩු රෝගීන් 78,775 ක් හදුනාගෙන ඇතැයි ද, එයින් 16,275 ක්ම මෑතකදී සොයා ගෙන ඇතැයි ද සඳහන් කළේය.
මෙම කෘෂි රසායන භාවිතය හේතුවෙන් රජරට ප‍්‍රදේශයේ වකුගඩු රෝගයට අමතරව පිළිකා හා රක්තහීනතාවය වැනි රෝගාබාධ පවා දරුණු ලෙස වැඩි වී ඇතැයි ද ඔහු හෙළි කළේය.
ලොව කෘෂි රසායන දැවැන්තයෙකු විසින් නිපද වූ ලෝකයේ හොඳම වල් නාශකය ලෙස ප‍්‍රචාරණය සිදු කරන ග්ලයිපොසේට් පූර්ණ වල් නාශකය කෘෂිකාර්මික වකුගඩු රෝගයට සම්බන්ධ බවට කරුණු හෙළිවීමෙන් පසු මෙම නවතම පර්යේෂණයට විවිධ බලපෑම් හා චෝදනා එල්ල වන්නට පටන්ගෙන ඇතැයිද හෙතෙම කියා සිටියේය.
මෙම කරුණ වසන් කිරීමට හා නිවැරදි නොවන බව පැවසීමට මෙරට හා පිටරට ජනමාධ්‍ය ඔස්සේ පෙත්සම් ව්‍යාපාර මගින් ව්‍යාජ කරුණු එළිදක්වන්නටත්, මෙම පර්යේෂණය හුදු හිතළුවක් කල්පිතයක් බව හුවා දක්වන්නටත් වූ බවද ඔහු කීවේය.
කැලිෆෝර්නියා රාජ්‍ය විශ්ව විද්‍යාලය සිදු කළ මෙම නවතම පර්යේෂණයට සහභාගි වූ රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය චන්න ජයසුමන (වකුගඩු රෝග පර්යේෂක* මහතා මෙහිදී අදහස් දක්වමින් මෙසේ පැවසිය.
‘මාස 3 ක් තිස්සේ සිදු කළ මෙම පර්යේෂණයෙන් වකුගඩු රෝගයට ප‍්‍රධානම හේතුව කෘෂි රසායන භාවිතය බවට නැවත වතාවක් සනාථ කර තිබෙනවා.
මෙහිදී පර්යේෂණය සිදු කළ මහාචාර්ය සරත් ගුණතිලක මහතාට මේ පිටුපස සිටින විවිධ පාර්ශවයන්ගෙන් බරපතල ගණයේ තර්ජන බලපෑම් එල්ල වී තිබෙනවා. කැලිෆෝර්නියා විශ්ව විද්‍යාලයට පවා ශ‍්‍රී ලාංකිකයන්ගෙන් තර්ජන බලපෑම් එල්ල වෙලා.
රෝගීන්ගේ මුත‍්‍රාවල හා පානීය ජලයේ ග්ලයිපොසේට් පූර්ණ වල් නාශකය අඩංගු වී ඇති බව මෙම පර්යේෂණයෙන් ඔප්පු වුණා. ඒ බව ඇමෙරිකාවේ වෙබ් අඩවියක් පවා ප‍්‍රචාරය කර තිබෙනවා.channa-news
මේ රටේ වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂණයක් සඳහා ලෝකයෙන් ලැබුණු ඉහළම සම්මානය ලෙස මෙය සැලකිය හැකියි.
වකුගඩු රෝගය බහුලව පැතිර යන රජරට ප‍්‍රදේශයේ ජනතාව මෙම ව්‍යසනයෙන් බේරා ගැනීම සඳහා ග්ලයිපොසේට් පූර්ණ වල් නාශකය මෙම ප‍්‍රදේශවල භාවිතය අවම කරන ලෙසට ජනාධිපතිවරයාගෙන් කරන ලද ඉල්ලීමට ප‍්‍රතිචාරය ලැබුණත්, විද්වත්හු යැයි කියා ගන්නා පිරිසක් නිසා ඒ වෑයම අසාර්ථක වුණා.
මෙම පර්යේෂණය සඳහා ලැබුණු විශිෂ්ඨතා සම්මානය පිළිබඳව මෙතෙක් මෙහිදී කිසිදු ඇගයීමක් කර නැහැ. සිනමා පටයකට සම්මානයක් ලැබුණා නම් මාධ්‍යවලින් ඉහළම ප‍්‍රතිචාරයක් ලැබෙනවා. මේ රටේ ජාතික ව්‍යසනයක් පිළිබඳව කරන ලද පර්යේෂණයකට මෙවැනි අන්දමින් සැලකීම ගැන කණගාටු වෙනවා.
මේ වන විට දිවයිනේ 1/3 ක ජනතාව වකුගඩු රෝගයට ගොදුරු වෙලා. අලූතින්ම වාර්තා වන ප‍්‍රදේශ අතර ගිරාදුරුකෝට්ටේ, මැදිරිගිරිය, හිඟුරක්ගොඩ, ශ‍්‍රීපුර, විල්ගමුව, හෙට්ටිපොල, නිකවැරටිය, මහව, යාපහුව, ලූණුගම්වෙහෙර, තිස්සමහාරාමය, මොණරාගල, වැල්ලවාය, බුත්තල හැඳින්විය හැකියි’

උපුටා ගැනිම - April 24, 2014 at 12:01 am | lanka C news

http://lankacnews.com/sinhala/main-news/114373/

cali-03cali-04

රට පුරා වකුගඩු රෝගීන් ලක්ෂය පනී.

රට පුරා වකුගඩු රෝගීන් ලක්ෂය පනී..මෙරට උතුරු මැද පළාත හා කුරුණෑගල හම්බන්තොට දිස්ත‍්‍රික්ක තුළින් වාර්තා වූ වකුගඩු රෝගය, වවුනියාව, මොනරාගල සහ මාතලේ දිස්ත‍්‍රික්කවලටද පැතිර ගොස් තිබෙන බවත්, වකුගඩු රෝගීන්ගේ සංඛ්‍යාව මේ වනවිට ලක්ෂය ඉක්මවා තිබෙන බවත් වකුගඩු රෝගය පිළිබද දේශීය පර්යේෂණ කණ්ඩායමේ සාමාජික රජරට විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා පවසයි.
සෞඛ්‍ය අමාත්‍යංශ වාර්තාවලට අනුව උතුරු මැද පළාත තුළ සහ කුරුණෑගල, හම්බන්තොට දිස්ත‍්‍රික්කවල වකුගඩු රෝගීන් 69,500ක් වාර්තා වන බව පෙන්වා දී ඇතැයිද ඔහු පවසා සිටියේය.
එහෙත් මේ වනවිට වවුනියාව දිස්ත‍්‍රික්කයේ වවුනියාව දකුණු ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළින් සහ මාතලේ, මොනරාගල දිස්ත‍්‍රික්කය තුළින්ද වකුගඩු රෝගීන් වාර්තා වන බවත්, මේ අනුව මේ වනවිට වකුගඩු රෝගීන්ගේ ප‍්‍රමාණය ලක්ෂය ඉක්මවා ගොස් තිබෙන බවත් වෛද්‍ය චන්න ජයසුමන මහතා සදහන් කළේය.
වකුගඩු රෝගියෙකු ලෙස හදුනාගැනීමට හැකිවන්නේ වකුගඩු දෙකම 60% කට ආසන්න ප‍්‍රමාණයක් අකර්මණ්‍ය වූ පසු බවත්, මේ නිසා වකුගඩු රෝග වැලදීමේ අවදානමට විශාල පිරිසක් පත්ව ඇතැයි වාර්තා වන බවත් ඒ මහතා පවසා සිටියේය.

උපුටා ගැනීම -

September 18, 2014 at 8:35 am | lanka C news

වකුගඩු ලෙඩේ හැදෙන හැටි අපේ අය ලොවටම කියයි.

වකුගඩු ලෙඩේ හැදෙන හැටි අපේ අය ලොවටම කියයි…විසි වසරකට ආසන්න කාලයක්  ශ්‍රී ලංකාවේ ,ඉන්දියාවේ සහ මධ්‍යම ඇමරිකානු කලාපයේ ගොවි ජනතාව අතර පැතිර ගිය අභිරහස් වකුගඩු රෝගයේ රෝග යාන්ත්‍රණය සොයා ගැනීමට ශ්‍රී ලංකික  විද්‍යාඥයන්ට හැකි වී ඇත.
රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය චන්න ජයසුමන, ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆොර්නියා විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය සරත් ගුණතිලක සහ ප්‍රියන්තා සේනානායක මහත්මිය එක්ව මෙම සොයා ගැනීම සිදු කර ඇත. රෝගය පැතිර යන ප්‍රදේශවල බහුලව භාවිතා කරන පුර්ණ වල නාශකය (ග්ලයිපොසේට්) , කෘෂි රසායන ද්‍රව්‍ය මගින් එක්  වන ආසනික් සහ බැර ලෝහ, කිවුල වැඩි භූගත ජලය සමග එක්  වීමෙන් ඇති වන සංයෝගයක් හේතුවෙන් මෙම රෝගය ඇති වන බව ඔවුන් පැහැදිලි කර ඇත.kidn-02
මේ සම්බන්ධ ජාත්‍යන්තර විද්‍යා ප්‍රකාශනය ස්විට්සර්ලන්තයේ පලවන International journal of Environmental Research and Public Health සගරාවේ පල වී ඇත. මනුෂ්‍ය ශරීරයේ ඇතිවන රෝගාබාධයක් පිළිබද ශ්‍රී ලාංකිකයකු සිදු කල පැහැදිලි කිරීමක් අන්තර්ජාතිකව පිලි ගත් විද්‍යා සගරාවක පල වන පළමු අවස්ථාව ද මෙය වේ.
ශ්‍රී ලාංකික  විද්‍යාඥයන් සිදු කල මෙම සොයා ගැනීම පිලිබදව ලෝකයේ කෘෂිකාර්මික වකුගඩු රෝගීන් වැඩිම පිරිසක් සිටින රට වන මධ්‍යම  ඇමරිකාවේ  එල් සැල්වදෝර   සෞඛ්‍ය ඇමතිතුමිය සිය රටේ සුබ පැතුම් මේ වන විටත් ශ්‍රී ලංකා රජයට නිල වශයෙන් දන්වා  ඒවා ඇත.
එම පර්යේෂණ පත්‍රිකාව සදහා යොමු – 01 02 03 04

උපුටා ගැනීම -

February 21, 2014 at 8:50 am | lanka C news