Wednesday, September 9, 2015

ලෝක ආදීවාසී දිනය අදට (අගෝස්තු 09) යෙදී ඇත.



2015 වසරේ ලෝක ආදීවාසී දින තේමාව වී ඇත්තේ "ආදීවාසීන්ට සෞඛ්‍ය ආරක්ෂණ සේවා සඳහා වූ ප්‍රවේශය පුළුල් කිරීම" යන්නයි.

ලෝකය තුළ ආදීවාසීන් මිලියන 370ක් පමණ වාසය කරනු ලබයි. ලෝක ජනගහනයෙන් 5% ක් නියෝජනය කරනු ලබන බව කියන ආදීවාසී ජනතාව භාවිත කරන භාෂා සංඛ්‍යාව 7000 ඉක්මවන බව සදහන් වේ.

ලෝකයපුරා රටවල් 90 ක ජන කණ්ඩායම් 5000කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරනු ලබයි. මෙම ආදිවාසීන්ගෙන් 70% ක්ම ආසියාකරයේ ජීවත්වන බව එක්සත් ජාතින්ගේ සංවිධානයට අනුබද්ධ කෘෂිකර්ම සංවර්ධනය සදහා වන ජාත්‍යන්තර අරමුදල පවසන අතර දරිද්‍රතාව, ඉඩම් ගැටළුව හා මන්ද පෝෂණය ඔවුන් මුහුණදෙන ප්‍රධාන ගැටළු බව සදහන් වේ.

ලංකාවේ වෙසෙන ආදීවාසී ජනතාව වැද්දන් ලෙස ව්‍යවහාර වේ. ලෝක ආදීවාසීන් අතර වැදගත් ස්ථානයක් හිමිකරගෙන ඇති මොවුන්  ක්‍රි.පු. යුගයේ සිට පැවත එන බව පර්යේෂකයින් රැසක් කළ පර්යේෂණවලදී හෙළි වී ඇති බව සදහන් වේ. වර්ථමානයේ  මෙරට ආදීවාසී ජනතාවගේ නායකයා වන්නේ ඌරුවරිගේ වන්නිලෑඇත්තන්ය.

No comments:

Post a Comment