කෘෂි රසායන, පලිබෝධ නශක යෙදීමෙන් විනාශ වූ කුඹුරු ඇතුළු ගොවිබිම් වල ඇති විෂ නැසීමට ජීව අගුරු යොදා ගත හැකි බව සබරගමුව සරසවියේ කථිකාචාර්යවරයකු වන ආචාර්ය පී.අයි. යාපා මහතා පවසයි.
ජීව අගුරු යනු නිර්වායු තත්වයක් යටතේ (ඔක්සිජන් රහිතව) දර හෝ ශාක පත‍්‍ර පුළුස්සා ලබා ගන්නා අගුරුවේ. අළු බවට පත් විමට පෙර ලබා ගන්නා අගුරු දැමීමෙන් පරිසරයේ ඇති බැරලෝහ එම අගුරුවලට උරාගන්නා බව මේ වන විට පර්යේෂණ මගින් ඔප්පු වී ඇතැයි ආචාර්ය යාපා පැවසීය.
දැනටමත් හානි වී ඇති ගොවි බිම්වලට ඉක්මණින් කාබන් යොදිය යුතු යැයි රජයට යෝජනා කළ බවත්, ශ‍්‍රී ලංකා රතු කුරුස සංගමය සමග එක්ව රජයට ඉදිරිපත් කිරීම සඳහා පුළුල් වාර්තාවක් සකස් කළ අතර අද හෙටම එය භාරදෙන බවත් ආචාර්යවරයා සඳහන් කළේය.
හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ කුඹුරු ගොවිහු 300කට අධික පිරිසක් මේ වන විටත් ජීව අගුරු තම කුඹුරුවලට යොදන අතර ඔවුන්ගේ කුඹුරු මේ වන විට විස රහිත පරිසර හිතකාමී තත්වයට පත්ව ඇති බවද හෙතෙම ප‍්‍රකාශ කළේය.

No comments:
Post a Comment