Wednesday, October 5, 2022

ලෝක සත්ව දිනය / World Animal Day --2022

 ලෝක සත්ව දිනය / World Animal Day --2022

ලෝක සත්ව දිනය සෑම වසරකම ඔක්තෝබර් 04 දිනයට යෙදී ඇත. 1925දී මුල් වරට සමරන ලද ලෝක සත්ව දිනය මෙවර සමරන්නේ 97වන වරටයි.
ලෝක සත්ව දිනය ආරඹ්හ කලේ ජර්මන් ජාතික සත්ව ලෝලියෙකු වූ හෙයිනීච් සිම්මර්මාන් (පලමු ඡායාරූපය) විසින් 1925 මාර්තු මස 24 දිනදීය.එය එම වසරේදී ජර්මනියේ 5000ක් දෙනෙකුගේ සහභාගිත්වයෙන් සමරා තිබේ.නමුත්,ඔහු විසින් මෙය ලොව පුරා සමරන දිනයක් බවට පත්කිරීමේ උත්සාහය සාර්ථක වූ 1931 වසරේ සිට එය ඔක්තෝම්බර් මස 04 දිනයට සමරන්නට ඔහු විසින් තීරනය කර තිබේ.ඊට හේතුව වන්නේ සතුන් සහ පරිසරයට අනුශාශක සාන්තුවරයා වන අසීසිහි සාන්ත ෆ්රැන්සිස් මුනිතුමාගේ (Saint Francis of Assisi) (දෙවන ඡායාරූපය) සැමරැම් දිනය මෙදින වීම නිසාවෙනි.

ලෝක සත්ව දිනය වන සතුන්ට පමනක් නොව ගෘහාශ්රිත සහ ගොවිපල සතුන්ටත් අදාල වන්නකි.එහි ප්රධාන පරමාර්ථය වන්නේ සතුන් කෙරේ අවධානය යොමු කිරීම, අතුන් කෙරේ දයානුකම්පාව ඇතිකරලීම මෙන්ම සතුන්ට මානුශීය ලෙස සැලකීම වර්ධනය කිරීම වේ.ඒ නිසාම එය සංරක්ශනය සහ සංරක්ශන කටයුතු සඳහා ක්රියාකාරකම් නොව සතුන් පිලිඹඳව දැනුවත් කිරීමේ දිනයක් ලෙස බොහෝදෙනා විසින් යොදාගනු ලබන්නකි.

එනමුත්,පසුගිය කාලයේදී ලෝක සත්ව දිනය තර්ජජිත වන සතුන් කෙරේ අවධානය ලබා දීමට යොදාගන්නා ලදී.

එහිදී ප්‍රධාන වශයෙන්
අලි,
මුහුදු ක්ෂීරපායින් වන තල්මසුන් සහ ඩොල්ෆින් මෙන්ම ව්‍යාඝ්‍රයන් කෙරෙහිත් අවධානය ලබා ගැනිමට භාවිතා කර තිබේ.
ඒ අතරම තවත් අය මෙම දිනය ගොවිපලවල් වල ඇතිකරනු ලබන සතුන්ට මානුශීය ලෙස සැලකීම කෙරේ අවධානය යොමු කිරීමට භාවිතා කර තිබේ. ලෝක සත්ව දිනය ශ්රී ලංකාවේත් රාජ්‍ය සහ රාජ්‍ය නොවන යන අංශයන් දෙක විසින්ම සමරන්නකි.

මෙරටේදීත් ලෝක සත්ව දිනය යොදාගනු ලබන්නේ මූලික වශයෙන්ම ජනතාව දැනුවත් කිරීමේ දිනයක් ලෙසිනි.

එසේම ඒ කෙරෙහි මෙරට බොහෝ දෙනාගේ අවධානයක් යොමුවී නැති බවත් පෙනේ. එසේ වුවත්, ලෝක සත්ව දිනය වඳවීයාමේ තර්ජනයට මුහුනදී සිටින, මෙරට සතුන් කෙරෙහි මෙන්ම සත්ව සුභසාධනය කෙරෙහි අවධානය යොමු කරවා ගැනීමට ඵලදායී ලෙසින් යොදා ගත හැකි දිනයක් වේ.


පරිසරවේදී නීතීඥ ආචාර්ය ජගත් ගුණවර්ධන මහතාගෙන් උපුටා ගන්නා ලද.

Wednesday, June 1, 2022

ගෘහාශ්‍රිත ජෛව විවිධත්වය හඳුනා ගැනීමේ තරගය 2022 (ජෛව විවිධත්ව දිනය


මැයි මස 22 දිනට යෙදුනු ලෝක ජෛව විවිධත්ව දිනයට සමගාමීව ශ්‍රී ලංකාවේ ගෘහාශ්‍රිත පක්ෂි විශේෂ හඳුනා ගැනීම හා අධ්‍යනය කිරීම උදෙසා දත්ත එක්රැස් කිරීමේ වැඩ සටහනක් 2022. 05. 22 දින ආරම්භ කරන ලදී. 

මෙම වැඩ සටහන ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සරත් කොටගම මහතාගේ මග පෙන්වීම යටතේ ක්ෂේත්‍ර සක්ෂි විද්‍යා කවය මගින් ක්‍රියාත්මක කරනු ලැබේ.

මේ සඳහා දිවයිනේ පරිසර නියමුවන් හා පාසල් සිසුන් සම්බන්ධ කර ගැනීමටත්, ඒ තුළින් ඔවුන්ගේ පක්ෂි විද්‍යාත්මක දැනුම වැඩි කිරීමටත් බලාපොරොත්තු වේ. 

එසේම වැඩිපුර විස්තර ලබා දෙන සිසුන් සඳහා ත්‍යාග ලබා දීමටත් ඔවුන් බලාපොරොත්තු වන බව සඳහන්. 

තොරතුරු ලබා දීම ස‍ඳහා පරිසර නියමුවන් / පාසල් සිසුන් වෙත ආරාධනා කර සිටී. 


තොරතුරු ලබා ගන්නා අවසන් දිනය 2022. 06. 31

තොරතුරු ලබා දෙන ආකාරය. මෙම සබැඳියෙන් අදාල ගූගල් ෆෝර්මය වෙත පිවිස එය සම්පූර්ණ කරන්න.

වැඩි විස්තර පහතින් කියවන්න.
Dear members,

The Garden Birds and Biodiversity Watch (GBBW) is a citizen science initiative encouraging the public (specially the kids) to explore birds and the biodiversity in their own home gardens. This starts on ‘International Day of Biological Diversity’ 22nd of May and ends on ‘Environment Day’ 5th of June.
ගෙවත්තේ පක්ෂීන් හා ජෛව විවිධත්වය ගවේෂණය (GBBW) යනු මහජනතාව (විශේෂයෙන් ළමයින්) කුරුල්ලන් සහ ඔවුන්ගේ ගෙවතුවල ජෛව විවිධත්වය ගවේෂණය කිරීමට දිරිමත් කරන මුලපිරීමකි. මෙය මැයි 22 වැනි දින එනම් ‘ජාත්‍යන්තර ජෛව විවිධත්ව දිනය’ දා ආරම්භ වන අතර ජුනි 5 වනදා එනම් ‘පරිසර දිනය’ දා අවසන් වේ.

How to participate in GBBW 2022
• First go to the registration link down below by clicking on the link or scanning the QR code.
• Fill all the details and submit the form.
• Then you will receive the GBBW2022 ID and the link to the data record sheet.
• Observe birds in your garden at any time of the day for a desired period of time.
• Enter the details in the given google form and submit. You can submit multiple records through out the competition period using the same link.
• If you are an eBird user you can use your eBird account to record your observations. Please make sure you share your recordings with fogsl1976 and mention your GBBW 2022 ID in the comment section.

GBBW 2022 සඳහා සහභාගී වන ආකාරය
• පළමුව, සම්බන්ධ වීමේ link එක මත ක්ලික් කිරීමෙන් හෝ QR කේතය ස්කෑන් කිරීමෙන් පහත ලියාපදිංචි සබැඳියට යන්න.
• සියලුම විස්තර පුරවා පෝරමය සම්පූර්ණ කරන්න
• එවිට ඔබට GBBW2022 හැඳුනුම්පත සහ දත්ත වාර්තා පත්‍රයට අදාළ link එක ලැබෙනු ඇත.
• ඔබේ ගෙවත්තේ සිටින කුරුල්ලන් දවසේ ඕනෑම වේලාවක නිරීක්ෂණය කරන්න.
• ඔබට ලබා දී ඇති ගූගල් පෝරමයේ විස්තර ඇතුළත් කර තහවුරු කරගන්න. එකම link එක භාවිතා කිරීමෙන් තරඟ කාල සීමාව පුරා වාර්තා කිහිපයක් ඉදිරිපත් කළ හැකිය.
• ඔබ eBird පරිශීලකයෙක් නම් ඔබට ඔබගේ නිරීක්ෂණ වාර්තා කිරීමට ඔබගේ eBird ගිණුම භාවිතා කළ හැක. කරුණාකර ඔබ ඔබේ වාර්තා කිරීම් fogsl1976 වෙත ලැබීමට සළස්වන්න. එවිට ඔබේ GBBW 2022 හැඳුනුම්පත සඳහන් කිරීමට වග බලා ගන්න.

After the competition period panel of judges will select the winner of the book based on the following criteria.
1. Most number of records
2. Consistency of the records
3. Validity of the records

තරඟ කාල සීමාවෙන් පසු විනිසුරු මඩුල්ල විසින් පහත නිර්ණායක මත පදනම්ව ජයග්‍රාහකයා තෝරා ගනු ලැබේ.
1. වැඩිම වාර්තා සංඛ්‍යාව
2. වාර්තාවල ඇති සත්‍යතාවය
3. වාර්තාවල වලංගුභාවය

Happy birding !
fogsl

Garden Bird and Biodiversity Watch 2022 / ගෙවත්තේ පක්ෂීන් හා ජෛව විවිධත්වය ගවේෂණය - 2022

Tuesday, May 31, 2022

ලෝක පරිසර දිනය 2022 ජුනි 05 දිනට යෙදී ඇත.


 ලෝක පරිසර දිනය 2022 ජුනි 05 දිනට යෙදේ. මෙවර තේමාව වී ඇත්තේ “Only One Earth” යන්නයි. එහි සිංහල පරිවර්ථනය “එකම පෘතුවියක්” යන්නයි.

එක්සත් ජාතීන්ගේ පාරිසරික වැඩසටහන මෙවර පාරිසරික දින සැමරුම සම්බන්ධයෙන් පහත අයුරින් විස්තර කර ඇත.

1972 ස්ටොක්හෝම් සමුළුවේ සටන් පාඨය වූයේ “එකම පෘතුවියක්” යන්නයි. වසර 50 ක් ගතවී ඇතත්, මෙම සත්යය තවමත් පවතී - මෙම ග්රහලෝකය අපගේ එකම නිවසයි.

හදිසි ප්‍රකාරයේදී ස්වභාවධර්මය සමඟින්, 2022 ලෝක පරිසර දිනය සඳහා වන #OnlyOneEarth ව්‍යාපාරයට අවශ්‍ය වන්නේ ඔබ සාමූහික පාරිසරික ක්‍රියාමාර්ග හරහා පෘථිවිය සැමරීමටයි.

#OnlyOneEarth ගෝලීය පරිමාණයෙන් පරිවර්තනීය පාරිසරික වෙනසක් වෙනුවෙන් පෙනී සිටී. මෙම ප්‍රචාරණය දේශගුණික ක්‍රියා, ස්වභාවික ක්‍රියා සහ පරිසර දූෂණ ක්‍රියාවන් පිළිබඳව අවධානය යොමු කරන අතරම, සෑම තැනකම තිරසාර ලෙස ජීවත් වීමට දිරිමත් කරයි.

අපගේ පුද්ගල පරිභෝජන තේරීම් වෙනසක් ඇති කරන අතර, එය අපට අවශ්‍ය පරිවර්තනීය පාරිසරික වෙනසක් ඇති කරන සාමූහික ක්‍රියාවකි, එබැවින් අපට සෑම කෙනෙකුටම සමෘද්ධිමත් විය හැකි වඩාත් තිරසාර හා සාධාරණ පෘථිවියකට ඉදිරියට යා හැකිය.


Monday, May 23, 2022

ලෝක ජෛව විවිධත්ව දිනය | 2022 මැයි 22

ජෛව විවිධත්ව දිනය මැයි 22 දිනට යෙදේ.

ජෛව විවිධත්ව ගැටළු පිළිබඳ අවබෝධය සහ දැනුවත්භාවය වැඩි කිරීම අරමුණු කර ගනිමින් සෑම වසරකම මැයි 22 දින ජෛව විවිධත්වය සඳහා වූ ජාත්‍යන්තර දිනය සමරනු ලබයි. එම දිනය මුලින් සමරනු ලැබුවේ දෙසැම්බර් මාසයේ අගදීය.  1992 වර්ෂයේ දී ජෛව විවිධත්වය පිළිබඳ සම්මුතිය (CBD) සම්මත කෙරුණි. එය සිහිපත් කිරීම උදෙසා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ගන්නා ලද තීරණයක් අනුව එතෙක් දෙසැම්බර් අග පැවති දිනය මැයි 22 දිනට මාරු කෙරිණි.

ජෛව විවිධත්වය තිරසාර සංවර්ධන අභියෝග කිහිපයකට පිළිතුරක් ලෙස පවතී. දේශගුණය, සෞඛ්‍ය ගැටලු, ආහාර සහ ජල සුරක්ෂිතතාව සහ තිරසාර ජීවනෝපාය සඳහා සොබාදහම පදනම් කරගත් විසඳුම්වල සිට, අපට වඩා හොඳින් ගොඩනගා ගත හැකි පදනම ජෛව විවිධත්වයයි.

2022 තේමාව

සියලු ජීවිතය සඳහා හවුල් අනාගතයක් ගොඩනැගීමයන්න තේමා කර ගනිමින් 2022  ජාත්‍යන්තර ජෛව විවිධත්ව දිනය සමරනු ලබයි.  වසංගතය තත්වයන් තවමත් ලොවෙන් සමුගෙන නොමැති වටපිටාවක් පවතින බැවින් මෙවර ජෛව විවිධත්ව දිනය  අන්තර්ජාලය හරහා සමරනු ලැබිණි.

මේ ජෛව විවිධත්ව දිනය වෙනුවෙන් ඉදිරිපත් කරන ලද වීඩියෝවකි.



Friday, April 22, 2022

අද ලෝක මිහිතල දිනයයි (අප්‍රේල් 22)

 

අද ලෝක මිහිතල දිනයයි. සෑම වසරකම අප්‍රේල් 22 වනදා ලෝක මිහිතල දිනය සැමරෙනවා. මෙවර ලෝක මහිතල දිනයේ තේමාව වී ඇත්තේ "මිහිතලය වෙනුවෙන් ආයෝජනය කරමු" යන්නයි.

මේ වන විට සමස්ත මිහිතලයේ ම පැවැත්මට බරපතළ තර්ජනයක් එල්ල කර ඇති හර්තාහාර ආචරණය පාලනය කිරීම ඉලක්ක කරගත් වැඩසටහන් රාශියක් අද දිනය තුළ දී ලොව පුරා ක්‍රියාත්මක වනවා.

පැරිස් සම්මුතියට අනුව 2030 වර්ෂය වන විට හරිතාගාර වායු අඩු කිරිම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග තවදුරටත් ශක්තිමත් කිරීම මෙම වැඩ වැඩසටහන් වල අරමුණ වී ඇත.  ශීඝ්‍රයෙන් ඉහළ යන ගෝලීය උෂ්ණත්වය පාලනය කර ගැනීම් ඒ අතුරින් ප්‍රමුඛ කාරණයක් වී ඇත.

ලෝක මිහිතලය හා එහි පැවැත්ම සම්බන්ධයෙන් නිරන්තරයෙන් පර්යේෂණ සිදු කරන විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 15 ට වඩා අඩු මට්ටමක තබා ගැනීම සඳහා මෙම ශතවර්ෂයේ මැද භාගය වන විට වායුගෝලයට එක් කරනු ලබන කාබන්ඩයොක්සයිඩ් වායු ප්‍රතිශතය ශුන්‍ය කරගැනීම අත්‍යාවශ්‍ය කරුණක් බවය.

2030 වර්ෂය වන විට වායුගෝලයට එක් කෙරෙන කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය 30% කින් අඩුකර ගත යුතු වන අතර වසර 2050 වන විට එය 0% කරා රැගෙන ඒම පැරිස් සම්මුතියේ ප්‍රමුඛ පරමාර්ථයයි.

මෙම ඉලක්කයන් සපුරා ගැනීමට සමස්ත ලෝක ප්‍රජාවට නොහැකි වුවහොත් මේ වන විට පොසිල ඉන්ධන දහනයෙන් වායුගෝලයට මුදා හැරෙන කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය හේතුවෙන් තවත් ශතවර්ෂ කිහිපයක් ඇතුළත පෘථිවියෙන් ජීවීන් සඳහටම සමු ගනු ඇති බවට විද්‍යාඥයින් අනතුරු අඟවනවති.

එබැවින් ඔවුන් පෙන්වා දෙන්නේ අනාගත පරපුර වෙනුවෙන් මේ මිහිතලය සුරක්ෂිත කිරීම සඳහා ලොව පුරා සිටින සෑම පුද්ගලයෙක්ම එකාවන්ට දායක විය යුතු බවටයි.

 ඒ මන්ද යත් මිහි තලයේ පැවැත්මට බරපතළම හානි සිදු කරනුයේ මනුෂ්‍ය ක්‍රියාකාරකම් වීමත් හේතුවෙනි. 

#ලෝක_මිහිතල_දිනය #Earth_day


Tuesday, February 1, 2022

ලෝක තෙත්බිම් දිනය පෙබරවාරි 02 දිනට යෙදී ඇත. (2022)

 

ලෝක තෙත්බිම් දිනය - පෙබරවාරි 02 දිනට (2022)

තාවකාලිකව හෝ ස්ථිරව හෝ ජලයෙන් යටවී පවතින බිම් තෙත් බිම්ය. ජල සම්පත සුරකිමින් මිනිසා සතුන් ඇතුළු සොබාදහමේ පැවැත්මට තත් බිම්වලින් ඉටුකරන මෙහෙය සුළු පටු නොවේ. ඒවායින් ආර්ථිකමය වශයෙන් අත්කරදෙන වාසිද රැසකි. රම්සා සම්මුතියෙන් තෙත් බිම් සංරක්ෂණයට පියවර ගැනුණේ ද තෙත්බිම් සතු වටිනාකම් හේතුවෙනි. තෙත් බිම් සම්පතකි. එය රැකගනිමු. මේ ලිපිය පෙබරවාරි 02 වැනි දිනට යෙදෙන ලෝක තෙත් බිම් දිනය නිමිත්තෙනි.

2022 වර්ෂයේ තෙත් බිම් දින තේමාව

යම් විශේෂිත තේමාවක් යටතේ සෑම වසරකම අන්තර්ජාතික තෙත් බිම් දිනය සමරනු ලබයි. 2022 වසරේ අන්තර්ජාතික තෙත් බිම් දිනයේ තේමාව වන්නේ “Wetlands Action for People and Nature" - "ජනතාව හා සොබාදහම සඳහා තෙත් බිම් ක්‍රියාකාරීත්වය” යන්නයි. එසේම ප්‍රධාන තේමා පාඨය ලෙස “Value - Manage - Restore - Love” අගයමු - කළමනාකරණ කරමු - ප්‍රතිස්ථාපනය කරමු - ආදරය කරමු යන්නයි.

තෙත් බිම් දිනයට මඟ පෑදූ රම්සා සම්මුතිය

1971 වසරේ පෙබරවාරි මස ඉරානයේ රසා නගරයේදී තෙත් බිම් සම්බන්ධව අන්තර්ජාතික සමුළුවක් පැවැත්වුණි. එවකට ලොව ප්‍රකට පරිසරවේදීන්, විද්වතුන්, රාජ්‍ය නියෝජිතයන් ඇතුළුව විශාල පිරිසක් ඊට සහභාගි වූහ. එහිදී ඇති කරගත් සම්මුතිය තෙත් බිම් ආශ්‍රිත ජලජ පක්ෂීන්ගේ වාසස්ථාන පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය (තෙත් බිම් සම්මුතිය) නම් වේ. ඉරානයේ රසා නුවරදී ඇතිකරගත් බැවින් රම්සා සම්මුතිය නමින්ද හඳුන්වයි. ශ්‍රී ලංකාව 1990 වසරේ සිට රසා සම්මුතියේ පාර්ශ්ව රාජ්‍යයක් ලෙස කටයුතු කරයි.

තෙත්බිම් යනු මොනවාද?

බාදිය මට්ටමේ සිට මීටර් 6 ට අඩු මුහුදු පෙදෙස් ද ඇතුළත්ව ගලායන හෝ නිශ්චලව පවතින්නා වූ මිරිදිය, කිවුල් දිය හෝ ලවණ දියෙන් තාවකාලිකව හෝ ස්ථිරව යටවී ඇති කෘත්‍රිම හෝ ස්වාභාවික වගුරු බිම්, විල්ලූ, ජලාශ හෝ ජල මාර්ග හැල ඉඩම්, පිටි ඉඩම්, තෙත් බිම් නමින් හඳුන්වයි.

ලෝක තෙත් බිම් දින සැමරුම පෙබරවාරි 02දා බත්තරමුල්ල අපේ ගමේ දී.

ලෝක තෙත් බිම් දින සැමරුම් ජාතික උත්සවය පෙබරවාරි 02දා මධ්‍යම පරිසර අධිකාරියේ මූලිකත්වයෙන් හා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේතුවේ සහයෝගයෙන් බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී පැවැත්වේ.

විජය පුවත්පතේ මාධ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වූ කෙටිකතා හා කවි රචනා තරගයේ ජයග්‍රාහකයින්ට ද එදින ත්‍යාග හා සහතිකපත් ප්‍රදානය කරනු ලබයි.

අන්තර්ජාතික තෙත්බිම් දිනයක් නම් කිරීම

  රම්සා සම්මුතියට පාර්ශ්ව රාජ්‍යයන් අත්සන් තබා එම සම්මුතිය සම්මත වීම 1971 වසරේ පෙබරවාරි දෙවන දින සිදුවිය. එක්සත් ජාතීන්ගේ සංවිධානය එම දිනය සිහිපත් කරමින් සෑම වසරකම පෙබරවාරි 02 දින අන්තර්ජාතික තෙත් බිම් දිනය නමින් ප්‍රකාශයට පත්කෙරුණි. අන්තර්ජාතික වශයෙන් තෙත් බිම් දිනය සැමරීම 1997 වසරේ දී ආරම්භ වුණි.

 තෙත් බිමෙන් සොබාදහමට

අපට පරිසරයේ හමුවන එක් වැදගත් පරිසර පද්ධතියක් ලෙස තෙත් බිම් හැඳින් විය හැකිය. තෙත් බිම් පරිසර පද්ධති ආශ්‍රිතව ඉතා ඉහළ ජෛව විවිධත්වය පවතියි. ආවේණික ජීවි විශේෂ, වඳවීයාමේ තර්ජනයට ලක්වූ ජීවී විශේෂ මෙන්ම ඉතා දුර්ලභ ජීවී විශේෂ ද තෙත් බිම් ආශ්‍රිතව වෙසේ. සමහර ජීවි විශේෂ වල කීට හා ළදරු අවධි ගත වෙන්නේ තෙත්බිම් ආශ්‍රිතවයි. එම ජීවී විශේෂ වලත්, එම පරිසර පද්ධතිවල ආහාර දාම හා ආහාර ජාලවල පැවැත්මටත්, පොදුවේ ජෛව විවිධත්වයේ පැවැත්ම සඳහාත් තෙත් බිම් ඉතා වැදගත් වේ.

තෙත් බිම් සහ කාබන්

පිටි, ඉඩම්, කඩොලාන පරිසර පද්ධති, සහ මුහුදු තෘණ බිම මගින් විශාල කාබන් ප්‍රමාණයක් තිරකරනු ලබයි. ලොව සමස්ත භූමි ප්‍රමාණයෙන් 3 % ක් පමණ පිට් ඉඩම් වේ. භූමියේ ඇති වන කාබන්වලින් 30 % ක් පමණ තිර කරනු ලබන්නේ මෙම පීට් ඉඩම්වලිනි

2022 තෙත් බිම් දිනය අප රටට වැදගත්

දේශීය සංස්කෘතිය හා තෙත් බිම් අතර ඇත්තේ දැඩි සම්බන්ධතාවයකි. අපගේ ප්‍රධාන ආහාරය වන බත් සපයන වී නිපදවන්නේ කුඹුරෙනි. කුඹුර තෙත් බිමකි. කුඹුරට දිය ලැබුණේ වැවෙනි. ගැමියන් ගමේ වැව රැක ගත්තේ මහත් ආදර ගෞරයකිනි. වැව හා බැඳුණු සංස්කෘතියක් එහි පැවතුණි.

ලොකු කුඩා අභ්‍යන්තර වැව් හා ජලාශ, ගංගා ඇළ දොළ රැසක් අප රට පුරා විහිදී පවතියි. මේවා මගින් බීමට හා වගා කටයුතු සඳහා අවශ්‍ය ජලය සැපයෙයි. තවද ජල විදුලිය නිෂ්පාදනයට, ධීවර කර්මාන්තයට, සංචාරක කර්මාන්තයට ද මහඟු දායකත්වයක් ලබා දෙයි. තෙත් බිම් පොදුවේ මානව පැවැත්මටත් පරිසර පද්ධතියේ තිරසර බවටත් ඉතා ප්‍රයෝජනවත්ය

               

  කොළඹරම්සා තෙත්බිම් නගරයක්

                2018 වසරේ පැවති 13 වැනි රසා සමුළුවේදී සම්මත වූ පරිදි ලොව ප්‍රධාන නගර 18ක් තෙත් බිම් නගර ලෙස ප්‍රකාශයට පත්කෙරිණි. මෙම නගර අතරට කොළඹ නගරය ද ඇතුළත්ය. ලෝකයේ රම්සා තෙත් බිම් නගර අතර ඇති එකම අග නගරය ද කොළඹ නගරයයි. මෙහිදී අදාළ නගරවල තෙත් බිම් ආරක්ෂා කිරීමට එම රටවල් ගෙන ඇති විශේෂ දායකත්වය සලකා ඇත. ලොව ඇති නගර තෙත් බිම් නගර යනුවෙන් නම් කිරීමෙන් සෙසු රටවලද නගර ආශ්‍රිත තෙත් බිම් ආරක්ෂා කිරීමේ අපේක්ෂාවක්ද වෙයි.

 

 අපව සුරකින තෙත් බිම් අපිත් සුරකිමු

තෙත් බිම් ආරක්ෂාකිරීමෙන් මානව පැවැත්මත් පරිසරයත් ආරක්ෂා වේ. එබැවින් තෙත් බිම් සුරැකීම අප සතු වගකීමකි. අපිත් තෙත් බිම් සුරැකීමට දායක වෙමු. හැකි සෑම අවස්ථාවකදීම තෙත් බිම්වලට සිදුවන හානි

අවම කිරීමට කටයුතු කරමු. හානියට පත් තෙත් බිම් ප්‍රතිස්ථාපනයට කටයුතු කරමු. (සුදුසු ස්ථානවල සුදුසු ශාක විශේෂ රෝපණය කිරීමෙන්)

 

තෙත් බිම් වියළීයාමට හේතුවන ක්‍රියාවලින් (තෙත්බිම්වලින් ජලය ඉවත්වන) වැළකෙමු. ආගන්තුක ආක්‍රමණකාරී ජීවි විශේෂ මගින් තෙත් බිම් පරිසර පද්ධති වලට සිදුවන හානිය වැළැක්වීමට පියවර ගනිමු.

 

             තෙත් බිම්වලට කැළි කසළ හා වෙනත් අපද්‍රව්‍ය එක්වීම වළක්වමු.

             තෙත් බිම්වල පවතින ජෛව විවිධත්වය පිළිබඳව දැනුමක් ලබමු.

             තෙත් බිම්වල විශේෂ වැදගත්කම පිළිබඳව දැනුවත් වෙමු. අන් අයද දැනුවත් කරමු.

 

       තෙත් බිමෙන් අපට ලැබන දායාද

 ජල සුරක්ෂිතතාවය තහවුරු කිරීම

ජලය ජීවයේ පැවැත්මට අත්‍යවශ්‍ය සාධකයකි. ජල සුරක්ෂිතතාවය සඳහා තෙත්බිම් විශාල දායකත්වයක් ලබා දෙයි. මිනිසා ඇතුළු සෙසු ජීවීන් සඳහා ජලය සපයා දෙන්නේ තෙත් බිම්වලිනි. ගංගා පිටාර ගලන විට තෙත් බිම්වලින් ඒවාට ලැබෙන අමතර ජල ප්‍රමාණය රඳවා ගනියි. මේ තෙත් බිම් ස්පෝන්ජ් එකක් මෙන් ක්‍රියාකරයි. එළඹෙන වියළි කාලයේදී රදවාගෙන ඇති ජලය ක්‍රමයෙන් පරිසරයට නිදහස් කරයි. මේ අයුරින් නියං කාලවල දී ජල හිගයක් ඇති නොවීමට තෙත් බිම් දායකත්වය සලසයි. බීමට පමණක් නොව අනෙකුත් සනීපාරක්ෂක කටයුතු සඳහාත්, බෝගවගාවටත් අවැසි ජලය ලබාදෙන්නේ තෙත් බිම්වලිනි.

 

ස්වාභාවික ආපදාවලින් ආරක්ෂා කිරීම

ගංවතුර තත්ත්වය පාලනය කිරීමටත්, ආන්තික කාලගුණික තත්ත්වවලදී (කෙටි කලක් තුළ අධික වැසි ලැබීම්) මිනිසාට ඇතිවිය හැකි ආපදා අවම කරගැනීමට තෙත් බිම් දායකත්වය සපයයි. සුළි සුළං, උදම් රළ ඇතිවීම ආදි අවස්ථාවල ගොඩබිම ආරක්ෂා කරගැනීම සඳහා ස්වාභාවික පවුරක් ලෙස වෙරළබඩ කලාපයේ ඇති කඩොලාන පරිසර පද්ධති වැදගත් වේ.

               

ජීවනෝපාය සඳහා දායකවීම

තෙත්බිම් පාදක කරගත් ජීවනෝපාය ක්‍රම රැසක් පවතී. ධීවර කර්මාන්තය, සංචාරක කර්මාන්තය, ආහාර නිෂ්පාදනය, ජලජීවී වගා කටයුතු, කෘෂිකර්මාන්තය, පන් පැදුරු වීම ආදි කර්මාන්ත තෙත්බිම් සමග සෘජු සම්බන්ධයක් ඇත. සරු තෙත් බිමක් රැකියා අවස්ථා රැසක් නිර්මාණය කරමින් ඒ අවට වාසින්ට උසස් ජීවන තත්ත්වයක් ඇතිකරගැනීමට දායක වෙයි.

 දේශගුණික විපර්යාසවලට බාධකයක්

දේශගුණික විපර්යාසවල බලපෑමෙන් දැඩි නියං තත්ත්ව හා අධික ජල ගැලීම් ඇතිවේ. තෙත්බිම් මගින් කෙටි කාලයක් තුළ අධිකව ලැබෙන වැසි ජලය රඳවා තබාගනිමින් ගංවතුර පාලනය කරයි. දිගු නියං තත්ත්වවලදී තෙත්බිම්වලින් වැසි කාලයේදී එහි රඳවාගත් ජලය මුදාහරියි. ඒ අයුරින් නොකඩවා පරිසරයට ජලය ලබාදීමට තෙත් බිම් දායක වෙයි. මේ ලෙසට දේශගුණ විපර්යාසවල අහිතකර බලපෑම අවම කර ගැනීම සඳහා තෙත් බිම්වල සහය ලැබේ.


  ටී.එම්. අනුරුද්ධ තෙන්නකෝන්,

උපුටා ගන්නා ලදි.