පරිසර ගීතය සහ පරිසර ප්‍රතිඥාව

පරිසර ගීතය

දෙවිලොවද මවු බිමට දෙවෙනි කොට සිතන්නෙමු
 දෙවිලොවේ නැති අසිරි මව් බිමේ දකින්නෙමු
 පරsසරsය රකින්නෙමු වඩන්නෙමු වවන්නෙමු
 මේ පිළිනයෙන් සදා මවු බිමට බැඳෙන්නෙමු
 
 වලා සිඹැ ගලා යන නදී දිය නිරතුරුය
 වන උයන් මල් උයන් පල උයන් විසිතුරුය
 සිසිලසින් පණ පොවන මද පවන පිවිතුරුය
 පරsසරය රැකෙන තුරු සොබා දම සුම්තුරුය

තණ්හාව ආසාව ඇයිද පොදි බඳින්නේ
රටේ වන සම්පතට ඇයි පොරොව නගන්නේ
සොබාදම කිපුණු දා සත්වග මැ නසින්නේ
පරිසරය රකින්නේ මුළු රට මැ රකින්නේ
 
මෙ ම්හි මතැ වසන සත සිතෙහි මෙත වැවේවා
ගහ කොළට පවා එම මෙත් සිසිල දැනේවා
භව භෝග සම්පතින් සතට සෙත සැදේවා
අපේ හුස්මෙන් පවා පරිසරය නිවේවා

වීඩියෝව බලන්න...


පරිසර ප්‍රතිඥාව

ලොව පවත්නා ගහකොළ,
ඇළ දොළ ගං හෝ සමුදුරුද,
ඒ අතර වෙසෙනා සියලූම සත්ව සංහතීන්ද,
ඒ සියල්ල දරා සිටිනා මහීතලය ද,
මනා සේ සමහන්ව පැවැත්මට අවැසි වූ
සබැඳියාව නිති වඩමින්
අවිඳු අඳුරට නොබා විදු පහන් දල්වමින්
දිවි දෙවැනි කොට රකිනා සාර ගුණ දම් රැසින්
සියලූ වැර යොදා, සියලූ දිරs දරා
අපගේ පරිසරය
ලෝ වැඩ පිණිස සුරකින්නට
ඉමහත් අධිෂ්ඨානයෙන් කැපවන බවට,

මෙයින් ප්‍රතිඥා දෙමි 

වීඩියෝව බලන්න...





No comments:

Post a Comment