Friday, April 22, 2022

අද ලෝක මිහිතල දිනයයි (අප්‍රේල් 22)

 

අද ලෝක මිහිතල දිනයයි. සෑම වසරකම අප්‍රේල් 22 වනදා ලෝක මිහිතල දිනය සැමරෙනවා. මෙවර ලෝක මහිතල දිනයේ තේමාව වී ඇත්තේ "මිහිතලය වෙනුවෙන් ආයෝජනය කරමු" යන්නයි.

මේ වන විට සමස්ත මිහිතලයේ ම පැවැත්මට බරපතළ තර්ජනයක් එල්ල කර ඇති හර්තාහාර ආචරණය පාලනය කිරීම ඉලක්ක කරගත් වැඩසටහන් රාශියක් අද දිනය තුළ දී ලොව පුරා ක්‍රියාත්මක වනවා.

පැරිස් සම්මුතියට අනුව 2030 වර්ෂය වන විට හරිතාගාර වායු අඩු කිරිම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග තවදුරටත් ශක්තිමත් කිරීම මෙම වැඩ වැඩසටහන් වල අරමුණ වී ඇත.  ශීඝ්‍රයෙන් ඉහළ යන ගෝලීය උෂ්ණත්වය පාලනය කර ගැනීම් ඒ අතුරින් ප්‍රමුඛ කාරණයක් වී ඇත.

ලෝක මිහිතලය හා එහි පැවැත්ම සම්බන්ධයෙන් නිරන්තරයෙන් පර්යේෂණ සිදු කරන විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 15 ට වඩා අඩු මට්ටමක තබා ගැනීම සඳහා මෙම ශතවර්ෂයේ මැද භාගය වන විට වායුගෝලයට එක් කරනු ලබන කාබන්ඩයොක්සයිඩ් වායු ප්‍රතිශතය ශුන්‍ය කරගැනීම අත්‍යාවශ්‍ය කරුණක් බවය.

2030 වර්ෂය වන විට වායුගෝලයට එක් කෙරෙන කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය 30% කින් අඩුකර ගත යුතු වන අතර වසර 2050 වන විට එය 0% කරා රැගෙන ඒම පැරිස් සම්මුතියේ ප්‍රමුඛ පරමාර්ථයයි.

මෙම ඉලක්කයන් සපුරා ගැනීමට සමස්ත ලෝක ප්‍රජාවට නොහැකි වුවහොත් මේ වන විට පොසිල ඉන්ධන දහනයෙන් වායුගෝලයට මුදා හැරෙන කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය හේතුවෙන් තවත් ශතවර්ෂ කිහිපයක් ඇතුළත පෘථිවියෙන් ජීවීන් සඳහටම සමු ගනු ඇති බවට විද්‍යාඥයින් අනතුරු අඟවනවති.

එබැවින් ඔවුන් පෙන්වා දෙන්නේ අනාගත පරපුර වෙනුවෙන් මේ මිහිතලය සුරක්ෂිත කිරීම සඳහා ලොව පුරා සිටින සෑම පුද්ගලයෙක්ම එකාවන්ට දායක විය යුතු බවටයි.

 ඒ මන්ද යත් මිහි තලයේ පැවැත්මට බරපතළම හානි සිදු කරනුයේ මනුෂ්‍ය ක්‍රියාකාරකම් වීමත් හේතුවෙනි. 

#ලෝක_මිහිතල_දිනය #Earth_day