Monday, May 29, 2017

ලෝක පරිසර දිනය 2017

පරිසරය ආරක්ෂා කිරීම පිළිබඳ දැනුවත් කිරීම සහ ක්‍රියාත්මක වීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නම් කර ඇති ප්‍රධානම දිනය ලෝක පරිසර දිනය වේ. මෙය සෑම වසරකම ජූනි 5 වනදා සමරනු ලබයි.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් 1972 දී ලෝක පරිසර දිනය සම්මත කරගනු ලැබීය. එය මුලින්ම සමරන ලද්දේ 1974 දී ය. සෑම වසරකම ලෝක පරිසර දින ප්‍රධාන උළෙල කිසියම් රටක පවත්වනු ලබයි. මුල් අවුරුදුවල බංග්ලාදේශය අවස්ථා කිහිපයකදී ම සත්කාරක රට ලෙස කටයුතු කළේය.

පරිසරය ආරක්ෂා කිරීම, සාගර මට්ටම ඉහළ යෑම, වනජීව සම්පත් කොල්ලය වැනි කරුණු පිළිබඳ මෙම දිනයේදී විශේෂ අවධානයක් යොමු කරනු ලැබේ. රටවල් 140 කට අධික ප්‍රමාණයක් මෙම දිනය සමරති.

2017 පරිසර දින තේමාව - සොභා දහම හා බැඳුණු ජනතාවක් යන්නයි

Pic: Rolfmueller, Wikimedia Commons

Tuesday, May 23, 2017

ලෝක ජෛව විවිධත්ව දිනය 2017

මැයි 22 ලෝක ජෛව විවිධත්ව දිනය යෙදිණි. 2017 වසරේ තේමාව වනුයේ "ජෛව විවිධත්ව හා ධරණීය සංචාරක ව්‍යාපාරය" (Biodiversity and Sustainable Tourism) යන්නයි.

ජෛවවිවිධත්ව යනු සරලවම පැහැදිලි කරගතහොත්, පෘථිවිය මත දක්නට ලැබෙන ජීව වස්තූන්ගේ එනම්, ශාක හා සතුන්ගේ විවිධත්වයයි. මේ සඳහා එක්සත් ජාතීන්ගේ පරිසරය හා සංවර්ධනය පිළිබඳ සම්මේලනය හෙවත් මිහිතල සමුළුව සම්මුතිය මඟින් දී ඇති නිර්වචනය වඩාත් පැහැදිලි එකකි. එනම්, ජෛව විවිධත්වය යනු "භෞමික සමුද්‍රික සහ අනෙකුත් පරිසර පද්ධතීන් සහ පාරිසරික සංකීර්ණ ඇතුළු සියළුම මූලාශ්‍රයන්හි අඩංගු සහ ඒවායේ කොටසක් වන ජීව වස්තූන් අතර ඇති වෙනස් වීමේ හැකියාවයි" පෘථිවිය තුළ ජීවීන්ගේ පැවැත්ම රඳා පවතින්නේ ජෛව විවිධත්වය මතයි.

2017 වසර ලෝක ධරණීය සංචාරක වර්ශය ලෙස නම් කර ඇති බැවින් මේ වසරේ ජෛව විවිධත්ව දින තේමාව සංචාරක ව්‍යාපාරය හා සම්බන්ධව ඉදිරිපත් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය තීරණය කරන ලදි..

ශ්‍රී ලංකාව යනු ලෝකයේ පවතින ජෛව විවිධත්වය අතින් ඉහලම ස්ථාන 45 න් එකකි. (Western ghat & Sri Lanka - Biodiversity hot spot) .වෙරළ කලාපයේ මුහුදු ජලජ පරිසරයේ පිහිටි කොරල්පර හා වෙනත් සාගරික ජලජ ශාක මෙන්ම වෙරළේ පිහිටි කලපු මෝය වැනි නොයෙක්‌ විධ ජෛවීය තත්ත්වයන් පවතින ස්‌වභාවික පද්ධතීන්ද ඇත. ජෛව විවිධත්වයෙහි විවිධත්වය මට්‌ටම් ත්‍රිත්වයකින් විස්‌තර කර ඇත. පරිසර පද්ධති විවිධත්වය විශේෂ විවිධත්වය ජාන විවිධත්වය ලෙස හඳුනාගෙන ඇති එම මට්‌ටම් ගත් විට ශ්‍රී ලංකාවේ පරිසර පද්ධති විවිධත්වය අතිශයින්ම ඉහළය.

ලෝකයේ සංචාරක කර්මාන්තය සාමාන්‍ය තත්වයේ සිට පාරිසරික සංචරක කර්මාන්තය දක්වා පරිවර්තනය වීමේදී එහි කොටසක් උකහා ගැනීමට ලංකාවේ ජෛව විවිධත්වය හා ලංකාවේ ඒකදේශීය විශේශ සංක්‍යාව බෙහෙවින් ඉවහල් වේ. ඉහල ඒකදේශීය විශේශ සංක්‍යාවක් වාර්තා වන රටවල් අතර ලංකාවට ඉහල තැනක් හිමිවේ.

පරිසර සංචරණයේ මූලික අරමුණ සංචාරකයා සංචාරය කරන ස්ථානය පිලිබඳ පාරිසරික වැදගත්කම පිලිබඳ දැනුවත් වීම හා සංචාරය නිසා පරිසරයට සිදුවන අහිතකර බලපෑම් අවම හෝ නොමැති ලෙස සංචාරයේ යෙදීමයි. ලෝකයේ ඉහල ජෛව විවිධත්වක් සහිත රට වලට වැඩි සංචාරක ආකර්ශණයක් ඇතිබවත් සංචාරකයා තම සංචාරය සැලසුම් කිරීමේදි ධරණිය සංචරණය පිලිබඳ දැඩි උනන්දුවක් ඇති බවත් පහත දත්ත වලින් මනාව පැහැදිලි වේ..

🔘Condé Nast Traveler readers හී දත්ත අනුව 96% කගේ අදහස වනුයේ සියලුම සංචාරක හෝටල් තම ක්‍රියාවලියේදී පාරිසරික සංරක්ශණ දැඩිව අනුගමනය කලයුතු බවයි.
🔘 74.5% පවසන්නේ හෝටල් වල පාරිසරික ප්‍රතිපත්තිය තමාගේ නවාතැන තිරණය කිරීමට බලපාන ප්‍රධාන සාධකය බවයි
🔘2/3 ඇමරිකානු හා ඔස්ට්‍රෙලියානු ජාතිකයන් වගේම 90% බ්‍රිතාන්‍ය ජාතිකයන් ද තමා නවාතැන් ගන්නා ස්තානය සක්‍රියව පාරිසරික සංරක්ශණයට අනුගත වී තිබියයුතු බව විශ්වාස කරයි.
🔘46 % ජර්මානු ජාතිකයන් පරිසර හිතකාමී නවාතැන් හී නැවතීම මගින් තම සංචාරයට වැඩි අගයක් එක්කරන බව විශ්වාස කරයි.

ඒ අනුව නවතම නැඹුරුව වනුයේ ධරණීය සංචරණය ( Sustainable tourism ) යි. එනම් අනාගත පරපුරට මේ සංචාරක ස්ථාන ආරක්ශා කරමින් සංචාරයේ යෙදීමයි.

පවතින රජය ලෝක නැඹුරුව තේරුම් ගනිමින් දැනට පවතින සංචාරක ව්‍යාපාරයේ දිශානතිය වෙනස් කිරීමට පියවර ගත යුතුය. හැකි සෑම විටම කලාපයේ ජෛව විවිධත්ව අතින් ඉහලම ‍රාජ්‍ය බව සිහිතබා කටයුතු කිරීම අත්‍යවශ්‍ය කරුණකි.

උපුටාගන්නා ලදි - සමීර ධර්මදාස - https://www.facebook.com/chiang.sam.de