Thursday, October 9, 2014

සියලු ජීවීන්ට තර්ජනයක් වූ ඇමෙරිකානු යෝධ ගෙම්බා

විවිධ  අවශ්‍යතා මත මිනිසා විසින් එ් එ් පරිසරයට/ප්‍රදේශයට අාගන්තුක වූ ශාක හා සතුන් ගෙන එනු ලබයි. එසේ ගෙන එනු ලබන ශාක හෝ සතුන් තම අවශ්‍යතාවය ඉටු කර ගැනීෙමන් පසුව හෝ  ඔවුන්ගේ ප්‍රමාණය අාදී සාධක හේතුවෙන් සිතා මතාම පරිසරයට මුදා හරිනු ලබයි. නොඑස්නම් යම් අත්වැරදිමකින් පරිසරයට එකිවිය හැකියි. 

එසේ අාගන්තුක පරිසරයකට එකතු වන ශාක හෝ සතුන්ගේ ඉදිරි පැවැත්ම අදාල පරිසරයට අනුවර්ථනය වීම්‍ෙ හැකියාව මත තීරණය වේ. අදාල පරිසරයට අනුවර්ථනය විය නොහැකි ජීවීන් විනාශ වි ගියද අනුවර්ථනය විය හැකි ජීවීන් එම පරිසරෙය් දිගටම පවතී. එම අනුවර්ථනය වන ජීවීන් එම පරිසරෙය් පවතින හිතකර වූ පාරිසරික තත්වයන් හේතුෙවන්ද ඔවුන් ජීවත් වූ පරිසරයේ තිබූ ස්වබාවික පාලනය සිදු නොවීම තුළින් ඔවුන්ගේ ගහණය තවතවත් වැඩි වෙමින් අනෙකුත් ජීවීන්ගේ පැවැත්මට පවා තර්ජනයක් ඇති විය හැකිය. මෙවැනි ජීවීන් ආක්‍රමණිකයන් ලෙස හදුන්වනු ලබයි.

එවැනි ආක්‍රමණික යෝධ ගෙඹි විශේෂයක් ඇමෙරිකාවේ මොන්ටානාහි යෙලෝස්ටෝන් ගංඟාවේ ජීවත්වන  බව  පරිසරවේදීහු පෙන්වාදෙති. මේ ගෙම්බන් ආක්‍රමණකාරී ලෙස වැඩිවෙමින් පවතින අතර දක්නට ලැබෙන ඕනෑම දෙයක් ආහාරයට ගනිමින් සියලු ජීවීන්ගේ පැවැත්මට තර්ජනයක් වෙමින් සිටියි. ඇමෙරිකන් බුල්ෆ්‍රොග් ලෙස හඳුන්වන මාංශ භක්ෂකයකු වන මෙම ගෙඹි විශේෂය කෘමීන්, කුරුල්ලන්, මැස්සන් පමණක් නොව තම වර්ගයාම පවා ආහාරයට ගැනීමට තරම් පෙළඹෙති.

පරිසරවේදීන් පෙන්වාදෙන ආකාරයට 2010 සිට මේ දක්වා කාලයේ දී ඔවුන්ගේ බෝවීම හතර ගුණයකින් වැඩිවී ඇති අතර මොවුන්ගේ ගහනය පාලනය කැරගත නොහැකි තත්වයකට පත්ව ඇත. අඟල් 12ක් පමණ වූ මේ ගෙම්බා ඇමෙරිකාවට ආවේණික ජීවියකු බව ස‍දහන් වන අතර  සුරතල් සතුන් ලෙස ඇතිකිරීමෙන්  අනතුරුව පරිසරයට මුදාහරින ලද සතුන් කොට්ඨාශයක් බව සදහන් වේ. 

පර්යේෂකයන් පෙන්වාදෙන ආකාරයට අනෙක් උභය ජීවීන්ට මාරාන්තිකවන දිලීරයක් මේ ගෙම්බන් විසින් පරිසරයට මුදාහරින ලබයි. ඒ හේතුවෙන් මොවුන්ගේ සංඛ්‍යාත්මක වැඩිවීම අනෙක් සියලු උභය ජීවීන්ට තර්ජනයක් වී ඇත. මෙම ජීවියාගේ ආහාර රටාව පහතින් නරඹන්න.  

ඔබ මෙයින් යම් දැනුමක් ලැබුවා නම් මෙම ලිපිය පහතින් ෂෙයාර් කර අනෙක් යාළුවන්ටත් දැනගන්නට සලස්වන්න. නිතර අලුත්වන මෙම අඩවියේ නව විස්තර දැන ගැනීමට  එතකු වෙන්න. ලයික් කරන්න.

Monday, October 6, 2014

ලෝක ජනාවාස දිනය( ඔක්තෝබර් මස ප්‍රථම සඳුදින ලෝක ජනාවාස දිනය)

ලෝක ජනාවාස දිනය; පාරිසරික වශයේන් සුවිශේෂී වූ දින අතරින් තවත් වැදගත් දිනයකි. ජනාවාසකරණය පරිසරයට ඉමහත් බලපෑම් එල්ල කරනු ලබයි. එයි බලපෑම් හේතුවෙන් ස්වභාවික පරිසරය උඩු යටිකුරු කරයි.

ලෝක ජනාවාස  දිනය ආරම්භ කිරිමට මුලිකත්වය ගෙන කටයුතු කරනු ලැබුවේ එක්සත් ජාතින්ගේ සංවිධානය මානව ජනාවාස කමිටුව නොහොත් හැබිටාට් ආයතනයයි.හැබිටාට් සංවිධානයේ අරමුණ ලෙස සාමාජික රටවල ආර්ථික සංවර්ධන, සාමාජයීය,සංස්කෘතික වටිනාකම ආරක්ෂා කර ගැනිම සහ ලෝක සාමය ආරක්ෂා කරගැනිම ද පෙන්වා දී තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස කොමිසම (හැබිටාඩ්) සංවිධානය විසින් ප්‍රකාශයට පක්තර ඇති පරිදි සෑම වසරකම ඔක්තෝම්බර් මස ප්‍රථම සඳු දින ලෝක ජනාවාස දිනය ලෙස වෙන් කර ඇත. ඒ අනුව 1986 වර්ෂයේ සිට ලෝක ජනාවාස දිනය සැමරීම සිදුකරයි. 1986 ඔක්තෝම්බර් මස 03 වන දිනට යෙදුනු ප්‍රථම සඳු දින, "වාසස්ථාන මගේ අයිතියයි" යන තේමාව කර ගනිමින් ලෝක ජනාවාස දිනය ප්‍රථම වරට සමරනු ලැබුවේ මෙක්සිකොවේදීය. වර්ථමානය වන විට  එක්සත් ජාතීන්ගේ  ජනාවාස සමුළුවෙහි ලෝකයේ රටවල් 150 කට අධික සංඛ්‍යාවක් සාමාජිකත්වය ලබා ගෙන සිටි.

1986 වසරේ පැවති එක්සත් ජාතීන්ගේ  ජනාවාස සමුළුවේදී ලෝක ජනාවාස දිනය පිළිබඳ යෝජනා වි ඇතත් ලෝක ජනාවාස දිනය මෙරට තුල ආරම්භ වනුයේ 1981 වසරේ සිටය.

වසර 28ක් පුරා අඛණ්ඩව ලෝකයේ විවිධ රටවල විවිධ කාලීන තේමාවන් ඔස්සේ ක්‍රියාත්මක වූ ලෝක ජනවාස දිනයේ මෙවර තේමාව  “ Voices From Slums ”යන්නයි. ‘‘නාගරික  පැල්පත් හා මුඩුක්කු ආශ්‍රිතව ජීවත්වන නගරයට හිමිකම් කියන බහුතර ජනතාව වෙනුවෙන් හඬක්” යන්න මින් අදහස් කෙරේ. 

1986 වසරේ පැවති එක්සත් ජාතීන්ගේ  ජනාවාස සමුළුවේදී ලෝක ජනාවාස දිනය පිළිබඳ යෝජනා වි ඇතත් ලෝක ජනාවාස දිනය මෙරට තුල ආරම්භ වනුයේ 1981 වසරේ සිටය.
 
මෙම තේමාව විමල් වීරවංශ අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි, දේශීය නිවාස හා ජනාවාස වැඩසටහනට ගැළපෙන අයුරින් “ ජනාවාස හඬක් – ජනසෙවණින් හෙටක් ” යනුවෙන් ප්‍රතිනිර්මාණය කරගෙන තිබේ.
ඒ අනුව මෙවර ලෝක ජනාවාස දිනය ඔක්තෝම්බර් 06 වෙනිදා  “ 2014 – ලෝක ජනාවාස දින ජාතික සමුළුව ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ආරාධනයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පෙ.ව. 9.00 ට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිත බවට තොරතුරු වාර්තා වී තිබුණි.

එසේම අද දින ලෝක ජනාවාස දින ජාතික සමුළුවේ ප්‍රධාන අංගය වන්නේ ශ්‍රී ලාංකික නිවාස සංවර්ධන ක්‍රියාවලියේ දීර්ඝකාලීන අවශ්‍යතාවයක් ලෙසින් පැවති ජාතික නිවාස ප්‍රතිපත්තිය අතිගරු ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීමත් මෙවර ජනාවාස දිනය නිමිත්තෙන් ක්‍රියාත්මක වූ විවිධ සංවර්ධන කාර්යන් හා එහි අනාගත ක්‍රියාපිළිවෙත පෙන්නුම් කෙරෙන ජනාවාස දින කොළඹ ප්‍රකාශනය එළිදැක්වීම ද, ජනාවාස දින සමරු කලාපය ප්‍රකාශයට පත්කිරීම ද මෙහිදී සිදුකිරීමට නියමිත බව සදහන් විය.

"නාගරීකරණය ලොව සංවර්ධිත හා සංවර්ධනය වන රටවල ආර්ථික හා සමාජයීය ගැටළු වඩාත් සංකීර්ණ කිරීමට හේතු වි ඇති බවත් ලොව බොහෝ රටවලට නාගරීකරණය අත්‍යවශ්‍යයෙන්ම විසදුම් සෙවිය යුතු ගැටළුවක් බවට පත්ව ඇති" බවත් ජනාධිපතිවරයා එම අත්සවයේදී පෙන්වා දෙයි. 

ලෝකය අප සමගය . එහි වෙසෙන සෑම මානවයෙක්ම එකිනෙකාගේ මිතුරන්ය . එබැවින් අප එකිනෙකා මුහුණ දෙන උපද්‍රවයකදී ඊට විසදුම් සොයා ගත යුත්තේ අප අපමය . අප සැවොම එක්ව මෙ සදහා පෙළ ගැසෙමු. 

පසුගිය වසර කිහිපයේ ජනාවාස දින තේමාවන්

2008 - සහජීවන නගර
2009 - අපගේ නගරයේ අනාගතය සැලසුම් කරමු

2010 - සියලු දෙනාට ලස්සන නගරයක්

2011 - නගර හා කාලගුණික විපර්යාස යන්නයි

2012 -  ජනාවාස අලුත් වෙයි – අවස්ථා ගොඩනැගෙයි ( Changing Cities – Building Opportunities)

2013 -වෙනස් වන නාගරිකයේ පහසු ගමන්  මඟ  (Urban Mobility )

ජගත් සංචාරක දිනය

පාරිසරික වශයෙන් වැදගත් තවත් සුවිශේෂි දිනයක් වශයෙන් ලෝක සංචාරක දිනය හදුන්වා දිය හැකිය.

 එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානය (UNWTO) විසින් 1980 සැප්තැම්බර් මස 27 වැනි දින පළමු වරට සංචාරක දිනය ප්‍රකාශයට පත්කරන ලදි. එතැන් සිට සෑම වසරකදීම එම දිනය සැමරේ.
 ලෝක සංචාරක සංවිධාන ආඥා පණත් 1970 සැප්තැම්බර් මස 27 දිනයේදී නම් කළ බැවින් මෙම දිනයම ලෝක සංචාරක දිනය වශයෙන් තෝරා ගෙන ඇත. මෙම ආඥාපණත අපත්‍යීකරණය (යෝජනා කිරීම) , ගෝලීය සංචාරක ව්‍යාපාරයේ වැදගත් සිද්ධියක් යැයි සැලකෙයි.  මෙම දිනයෙහි භාවිතය වන්නේ, ජාත්‍යන්තර ප්‍රජාව තුල සංචාරක ව්‍යාපාරයෙහි භූමිකාව පිළිබඳ අවබෝධතාවය නංවාලීම සහ ලෝක ව්‍යාප්තව එය විසින් සාමාජීය, සංස්කෘතික, දේශපාලනමය සහ ආර්ථික සාරධර්ම වෙත බලපෑම් එල්ල කරන්නේ කෙසේද යන්න පෙන්නුම් කිරීමය.

ලෝක සංචාරක දිනය සැමරීම නිමිත්තෙන් ඒ ඒ වර්ෂයන් වලදී මුළු ලෝකයම ඒ කෙරෙහි අවධානය යොමු කරන්නා සේම ලංකාවද ඒ කෙරෙහි විශේෂ අවධානය යොමු කර විවිධ වූ වැඩසටහන් සංවිධානය කරනු ලබයි.

මෙතෙක් එක් එක් අවුරුදු වලදී පවත්වන ලද ලෝක සංචාරක දින තේමාවන් කිහිපයක් පහත දක්වා ඇත.

   1980 - සංස්කෘතික උරුමය සංරක්ෂණයට සහ සාමය හා අන්‍යොන්‍ය අවබෝධය සඳහා සංචාරක 
              ව්‍යාපාරයෙහි දායකත්වය
    1981 - සංචාරක ව්‍යාපාරය සහ දිවියෙහි තත්ත්වය
    1982 - චාරිකාවේ අභිමානය: හොඳ අමුත්තෝ සහ හොඳ සත්කාරකයෝ
     2008 - සංචරනය කාලගුණ විපර්යාසයේ අභියෝගවලට ප‍්‍රතිචාර දක්වනු ඇත
     2009 - (මෙම වර්ෂය වෙනුවෙන් ලියවුණු දිනමිණ ලිපිය මෙතනින්)
     2010 -සංචාරක කර්මාන්තය හා ජෛව විවිධත්වය
     2011 -සංස්කෘතීන් අතර බැඳීම
    2012 - සංචාරක ව්‍යාපාරය සහ ශක්තිමය ධරණීයතාවය (මස්පලෝමාස්, ග්‍රෑන් කැනාරියා)
    2013 - සංචාරක ව්‍යාපාරය සහ ජලය: අපගේ පොදු අනාගතය රැකගැනුම
               (මෙම වර්ෂය වෙනුවෙන් ලියවුණු දිවයින ලිපිය මෙතනින්)
    2014 -  සංස්කෘතින් අතර සබැදිම (Tourism – Linking Culture)
               (මෙම වර්ෂය, ශ්‍රී ලංකාව සැමරූ අයුරු මෙතනින්)
    2015 - සංචාරකයින් මිලියනයක්, අවස්ථාවන් මිලියනයක් (බර්කිනා පාසෝ -අප්‍රිකාව)


Saturday, October 4, 2014

මාරාන්තික වකුගඩු රෝගීන්ට ජීවය දෙන කණ්‌ඩලම වෙද මහතා

මාරාන්තික වකුගඩු රෝගීන්ට  ජීවය දෙන කණ්‌ඩලම වෙද මහතා
අද ඔබ වෙත හදුන්වා දෙන්නේ වකුගඩු රෝග සුව කරන ඉසිවරයෙකි. එතුමා නමින් ඒ. එච්. එම්. කිරිබණ්‌ඩා වෙදැදුරුය. එතුමා සම්බන්ධයෙන් දිවයින පුවත්පතේ ඵලවූ ලිපියක් සියල්ලන්ගේම යහපත පිණිස මෙහි ඵලකරමි. ඔබත් මෙම ලිපිය ෂෙයා කර අනෙක් අයගේ පරිශීලනයට අවස්ථාව සලසන්න.

අපේ රටේ පවතින මාරාන්තික වකුගඩු රෝගයට බිලිවෙන සංඛ්‍යාව දිනෙන් දින වැඩිවෙයි. ඒ නිසා එය කාලීන මාතෘකාවක්‌ බවට නිතැතින්ම පත් වී තිබේ. එම රෝගයට දේශීය මෙන්ම බටහිර වෛද්‍යවරු ද ප්‍රතිකාර කරති.

මෙම රෝගය පිළිබඳව විශේෂඥ දැනුමැති දේශීය වෛද්‍යවරයකු වන්නේ දඹුල්ල කණ්‌ඩලමේ අතුපාරයාය පාරේ පදිංචි ඒ. එච්. එම්. කිරිබණ්‌ඩා මහතාය. අපි ඒ මහතා හමුවීමට පසුගියදා එම වෛද්‍ය මධ්‍යස්‌ථානය පවත්වාගෙන යන කණ්‌ඩලම වෙද මැඳුරට ගියෙමු. අප එහි යන විටත් ඒ මහතාගෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පාන්දර සිට පැමිණි රෝගීන් පනහකට අධික සංඛ්‍යාවක්‌ පෙළ ගැසී සිටියහ. සුළු වේලාවකින් අපටද එම වෙද මහතා හමුවීමට අවස්‌ථාව ලැබුණි.

මම, මාතලේ යටවත්තේ උරුලෑවත්ත ඩිංගිරි බණ්‌ඩා (මගේ පියා) වෙද පරම්පරාවෙන් පැවත එන අයෙක්‌. මම විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා මාවනැල්ල ශ්‍රී මහා බෝධි පිරිවෙණේ ඉගැන්නුවා. එහිදී කෙරමිණියේ වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය සිසුන්ට සංස්‌කෘත භාෂාවද ඉගැන්වුවා. ඊට අමතරව දේශීය වෛද්‍ය විද්‍යාව ගැන අධ්‍යයනය කිරීමට ඉඩ ලැබුණා. පියාගෙන් ආ වෙදකමේ දැනුමත් සමග මට යක්‌කල වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්යවරයකු ලෙස සේවය කිරීමටත් අවස්‌ථාව ලැබුණා. වසර තිහක ගුරු සේවයෙන් සමුගෙන මම දැන් පූර්ණ කාලීනව දේශීය වෛද්‍යවරයෙක්‌ ලෙස රෝගීන්ට ප්‍රතිකාර කරනවා යයි සාකච්ඡාව ආරම්භ කරමින් වෙද මහතා අප සමග පැවැසීය.

බොහෝ රෝගීන් මාව හඳුන්වන්නේ වකුගඩුවලට වෙදකම් කරන වෙද මහතා ලෙසින්. අක්‍ෂි රෝග, සර්ප විෂ, හන්දිපත් රුදාව යන රෝග හැර අන් සියලුම සර්වාංග රෝගවලට මම ප්‍රතිකාර කරනවා.

අද මේ රටේ වකුගඩු රෝගය පැතිර යමින් පවතිනවා. එය මාරාන්තිකයි. හෘදයාබාධ, දියවැඩියාව ආදී රෝගවලට බටහිර වෛද්‍ය ප්‍රතිකාර දීර්ඝ කාලයක්‌ කරන විට වකුගඩු නරක්‌ වීම මරණයට කරුණක්‌ නොවේ. මේ රෝගය වැළඳුන කෙනකුට බටහිර වෙදකම අනුව කළ හැකි එකම පිළියම වන්නේ නිරෝගී අයකුගේ වකුගඩුවක්‌ බද්ධ කිරීම පමණයි. නමුත් එසේ බද්ධ කළත් එවැනි රෝගීන් ද වැඩි කාලයක්‌ ජීවත් වෙන්නේ නෑ. අවුරුද්දයි, දෙකයි. පසුගිය කාලයේ සිදුවූ සිදුවීම්වලින් ඒ බව පෙනෙනවා. එසේ වකුගඩුවක්‌ බද්ධ කළ මේ රටේ ශ්‍රෝෂ්ඨ කලාකරුවකුත් වසර දෙකකින් මියගියා. වකුගඩුවක්‌ බද්ධ කළ යුතු බවට බටහිර වෛද්‍යවරු නිර්දේශ කළ රෝගීන් සිය ගණනක්‌ මම සුවපත් කර තිබෙනවා. ඒ දේශීය ඖෂධවල හාස්‌කමින්. ඔවුන් අතර විදේශීය රෝගීන් මෙන්ම බටහිර වෛද්‍යවරුන්ගේ ඥතීන් ද ඉන්නවා. ඒවා ඔප්පු කළ හැකි සියලු ලිපි ලේඛන මා සතුව තිබෙනවා. ඒවා ඕනෑම කෙනකුට ඕනෑම වේලාවක පරීක්‌ෂා කිරීමට ඉඩ ලබා දිය හැකියි. දේශීය වෙදකමින් වකුගඩු රෝගය නිට්‌ටාවට සුව කළ හැකි බව විද්‍යානුකූලව මට ඔප්පු කළ හැකියි. මරණය පෙනි පෙනී බටහිර වෙදකමින් සුවය නොලැබූ රෝගීන් මගෙන් ප්‍රතිකාර ගෙන සුවය ලබා අද සතුටින් කල් ගෙවනවා. එය මගේ දක්‌ෂතාවක්‌ නොවේ. මේ රටේ මහ පොළවේ වැවෙන දේශීය ඔසු පැළෑටිවල හාස්‌කමක්‌. ප්‍රතිකාර සඳහා මම මුදල් නියම කරන්නේ නෑ. මුදල් නැතත් ප්‍රතිකාර ලබාදෙනවා යෑයි පැවැසීය.

දේශීයව වැවෙන ඔසු පැළෑටි හඳුනාගෙන ඒවා ගැන පර්යේෂණ කර ගුණාගුණ හා රෝගයන් ගැන අත්දැකීම් ලබා තමන් විසින්ම නිෂ්පාදනය කරන ලද ඖෂධවලින් රෝගීන්ට ප්‍රතිකාර කිරීම මෙම වෙද මහතාගේ විශේෂත්වයයි. නමුත් බටහිර වෛද්‍ය විද්‍යාවේ ඖෂධ නිෂ්පාදනය කරන්නේ බහු ජාතික සමාගම් විසිනි. එම ඔසු වර්ගවලින් රෝග සුවපත් කරනවාට වඩා සිදු වෙන්නේ දීර්ඝ කාලීනව ඒවා පාවිච්චි කිරීමට රෝගීන් යොමු කිරීමයි. එවිට එම සමාගම්වලට වෙළෙඳ පොළේ බලපෑමක්‌ සිදුවන්නේ නෑ. බටහිර ප්‍රතිකාරවලින් රෝග නිට්‌ටාවට සුව නොවන්නේ ඒ නිසයි.

බටහිර ඔසුවලින් කෙරෙන්නේ දියවැඩියාව වැනි රෝග පාලනය කිරීම පමණයි. ඒත් දේශීය ඔසුවලින් කරන්නේ එම රෝගය නිට්‌ටාවට සුව කිරීමයි. රෝග පාලනයක්‌ නැතැයි ඔහු පැවැසීය.

දියවැඩියාව, අධික රුධිර පීඩනය, මැලේරියාව, සර්පයන් දෂ්ට කිරීම, මී උණ, මුත්‍ර මාර්ගය අවහිරවීම, ප්‍රදාහය, ප්‍රවේණිගත රෝග, ඖෂධ විෂවීම ආදිය වකුගඩු රෝගයට හේතු ලෙස වෙද මහතා පෙන්වා දුන්නේය.

කිරිබණ්‌ඩා වෙද මහතාගෙන් වකුගඩු රෝගය සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණ රෝගීහු කීපදෙනෙක්‌ අපට එහිදී හමු විය. ඔවුහු අප සමග දොඩමළු වූයේ මෙසේය.

ප්‍රියන්ත රත්නසිරි (37) අංක 115 3/4 යුනිට්‌ 16 කන්තලේ- මම 1999 වසරේ සිට වකුගඩු නරක්‌වීමේ රෝගයට බටහිර ප්‍රතිකාර ලබා ගත්තා. මුත්‍රා ප්‍රොaටීන් සමග පිටවුණා. අධික රුධිර පීඩනයත් තිබුණා. දිනෙන් දින ජීවත්වීමේ ආශාව ගිලිහී යමින් තිබුණා. එසේ සිටින විට එක්‌තරා රූපවාහිනි නාලිකාවකින් කණ්‌ඩලම වෙද මහතා ගැන දැනගන්න ලැබුණා. ඒ අනුව 2004 දී පටන් මම එම වෙද මහතාට මගේ වෛද්‍ය වාර්තා පෙන්වා ප්‍රතිකාර ලබාගන්නට පටන් ගත්තා. බටහිර ප්‍රතිකාර නතර කළා. ඒත් රෝහලට ගොස්‌ වෛද්‍ය සායනවලට සහභාගි වුවා. එහිදී මම දේශීය වෛද්‍ය ප්‍රතිකාර ගන්නා බව බටහිර වෛද්‍යවරුන්ට කීවේ නෑ. එම සායනවලදී ස්‌කෑන් කළ පසු මගේ වකුගඩු ක්‍රමයෙන් හොඳ අතට හැරෙමින් පවතින බව දැනගෙන යටිහිතින් සතුටු වුණා. දැන් පෙර පරිදි අධිරුධිර පීඩනය හා ප්‍රොaටීන් යන්නේ නෑ. ශරීරයට ලොකු පහසුවක්‌ දැනෙනවා. මරණය පෙනි පෙනී ජීවත් වූ මට යළි ජීවය ලබාදුන් කණ්‌ඩලම වෙද මහතාට අපි සදා ණය ගැතියි. එතුමා සියලු බේත් හේත් නිෂ්පාදනය කරන නිසා බේත් වර්ග සොය සොයා ඇවිදින්න ඕනේ නෑ. දුර බැහැර අයට නවාතැන්ද නොමිලේ දෙනවා යයි පැවසුවේ සතුටු කඳුළු අතරිනි.

කේ. ඒ. ඩී. ජෝනස්‌ සමන්රාඡ් (47) අංක 191/1, මහබුත්ගමුව, අංගොඩ (වෙළෙඳ සහායක) - මම අවුරුදු 15 ක්‌ පමණ දියවැඩියාව හා රුධිර පීඩනයට බටහිර ප්‍රතිකාර ලබාගත්තා.

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී සිදු කළ වකුගඩු පරීක්‌ෂණයකදී වකුගඩු දෙකම නරක්‌වෙන්ට යනවා කියා වෛද්‍යවරු කිවා. ඒ අතර දකුණු කකුලේ මාපට ඇඟිල්ලේ තුවාලයක්‌ ආවා. අයි. ඩී.එච්. රෝහලට ඇතුළු වී ප්‍රතිකාර ගත්තා. පසුව ජාතික රෝහලේ වකුගඩු සායනයට යොමු කළත්a ඇඟිල්ල කපන්නට සිදුවුණා. මගේ ලේ මාරු කරන්න පවා යන්ත්‍ර සවිකළා. 2011 සිට කණ්‌ඩලම වෙද මහතාගෙන් ප්‍රතිකාර කරන්නට පටන් ගත්තා. ඒ ප්‍රතිකාරවලින් ප්‍රොaටීන් පිටවීම හාස්‌කමකින් වගේ නැවතුණා. වෙද මහතාගේ බෙහෙත්, උපදෙස්‌ පරිදි පාවිච්චි කිරීම නිසා තිබූ අසනීප හිතුවටත් වඩා ඉක්‌මනට අඩුවුණා. ශරීරයට හොඳ සනීපයක්‌ දැනෙනවා. යළිත් මගේ දරුවන්ගේ මුහුණ බලන්න හැකිවෙතැයි සිතුවේ නෑ. ඒ බලාපොරොත්තුව ඇති කළේ කණ්‌ඩලම වෙද මහතායි. මම වගේ බටහිර වෙදකම් කර අසරණව සිටින රෝගීන් විශාල පිරිසක්‌ ඒ වෙද මහතාගෙන් ප්‍රතිකාර ගන්නවා. මම අවංකවම වකුගඩු රෝගිSන්ගෙන් ඉල්ලා සිටින්නේ එක්‌ වරක්‌ එම වෙද මහතා හමු වී මා කියන දේ සත්‍ය අසත්‍ය බව දැනගන්නා ලෙසයි.

ඩී.කේ. යූ. උපුල් රසන්ත කුමාර (40) අංක 15, ගංගොඩ, කෑගල්ල (රක්‌ෂණ නියෝජිත), මට අවුරුදු 35 දී පටන් අධික රුධිර පීඩනය තිබුණා. ඊට නොකඩවා බටහිර වෙදකම් කළා. වයස අවු. 39 දී මගේ පපුවේ හිරවීමක්‌ සිදුවුණා. නුවර පෞද්ගලික රෝහලක නේවාසිකව තවත් ප්‍රතිකාර ගත්තා. සුව නොවූ නිසා කණ්‌ඩලම වෙද මහතා ගැන ආරංචි වී ඔහුගෙන් ප්‍රතිකාර ලබා ගන්නට පටන් ගත්තා. අවුරුද්දක්‌ විතර ප්‍රතිකාර ගන්නවා. විශ්වාස කරන්න මහත්තයෝ දැන් මගේ රුධිර පීඩනය අඩුවෙලා. මුත්‍රා පෙරීම ඉතා හොඳ තත්ත්වයෙන් තිබෙනවා. මම දිගටම මේ වෙද මහතාගෙන්ම ප්‍රතිකාර ලබා ගැනීමට තීරණය කර තිබෙනවා යෑයි කීය.

එච්. පී. ගුණදාස (62) කොහොඹදෙණිය දොරවක - මම බටහිර වෛද්‍යවරු 15 දෙනකුගෙන් පමණ දියවැඩියාව, අධිරුධිර පීඩනය, කොලෙස්‌ටරෝල් වැඩිවීම ආදියට ප්‍රතිකාර ලබා ගත්තා. අවසානයේදී ඔවුන් පැවසුවේ මගේ වකුගඩුවලින් 89% ක්‌ පමණ නරක්‌වෙලා කියලයි. ප්‍රතිකාර කරන්නට බෑ කීවා. 2012 අවසානයේ කණ්‌ඩලමේ වෙද මහතාගෙන් ප්‍රතිකාර ලබා ගන්නට පටන් ගත්තා. ඉන් කොලොස්‌ටරෝල් ප්‍රමාණය 11.2 සිට 6.8 දක්‌වා අඩු වුණා. දියවැඩියා පෙති අවුරුදු 11 ක්‌ තිස්‌සේ පාවිච්චි කිරීම නිසා වකුගඩු නරක්‌ වී තිබූ බව වෙද මහතා පැවසුවා. මේ වෙද මහතාගේ ප්‍රතිකාරවලින් පසු තිබුණු සියලු අසනීප බොහෝ දුරට අඩුවෙලා මගේ හිතේ බය අඩුවුණා. ජීවත් වීමේ බලාපොරොත්තු ඇති වුණා. දිගටම මේ වෙද මහතාගෙන් ප්‍රතිකාර ලබාගන්නවා යයි පැවැසීය.

දේශීය වෛද්‍ය ප්‍රතිකාරවලින් මාරාන්තික වකුගඩු රෝගය නිට්‌ටාවටම සුවකළ හැකි බව ඔප්පු කිරීමට තමන් සූදානම් බව කිරිබණ්‌ඩා වෙද මහතා අප සමග පැවසුවේ එවැනි රෝගීන්ගේ ලිපි ලේඛන හා ප්‍රශංසාත්මක ලිපි සිය ගණනක්‌ පෙන්වමිනි. තමන් අදාළ රෝග සුවකිරීම සඳහා පාවිච්චි කරනු ලබන්නේ තම ඔසු උයනේ වගාකර ඇති දේශීය ඔසු වර්ග බව වෙද මහතා පැවැසීය. ඒ නිසා දේශීය වෛද්‍යවරු සතු දැනුම හා අත්දැකීම් සම්භාරයෙන් වැඩ ගැනීමට කාලය පැමිණ තිබේ.

දේශයට සම්පතක්‌ වූ මේ වෙද මහතා වකුගඩු රෝගය ඇතුළු රෝග රැසකට ප්‍රතිකාර කරනු ලබයි. ඇතැම් දේශීය ඔසු වර්ග ප්‍රවාහනය කිරීමට ඇති තහනම නිසා තම වෙදකමට කිසියම් බලපෑමක්‌ එල්ල වී ඇති බව වෙද මහතා පැවැසීය. ඒ නිසා විශේෂ බලපත්‍රයක්‌ යටතේ හෝ එම ඔසු වර්ග ලබා ගැනීමට ඉඩ කඩ ලබාදෙන ලෙස අවසන් වශයෙන් ඒ මහතා රජයෙන් ඉල්ලීමක්‌ කළේය.

උපුටා ගැනීමකි
දිවයින
ගලේවෙල විශේෂ -  පී. ගුණතිලක
ඡායාරූප - ගලේවෙල මධ්‍යම සමූහ වාර්තාකරු

Wednesday, October 1, 2014

අර්ශස්‌ රෝග සුව කරන ගමේ වෙද මහත්තයා

අද ඔබ වෙත හදුන්වා දෙන්නේ අර්ශස් රෝග සුව කරන ඉසිවරයෙකි. එතුමා නමින් වයි. පී. සමරනායක වෙදැදුරුය. එතුමා සම්බන්ධයෙන් දිවයිනෙ පුවත්පතේ ඵලවූ ලිපි දෙකක් සියල්ලන්ගේම යහපත පිණිස මෙහි ඵලකරමි. ඔබත් මෙම ලිපිය ෂෙයා කර අනෙක් අයගේ පරිශීලනයට අවස්ථාව සලසන්න.
 1 කොටස
වනේ වන හතුරෙකුටවත් නොවැළඳේවා යි ප්‍රාර්ථනා කළ යුතු රෝගයක්‌ වන අර්ශස්‌ සිතට වද දෙන ගතට දුක්‌ දෙනටමහා රෝගයන්ගෙන් එකකි. අප ගන්නා ආහාරවල අවසාන ක්‍රියාවලිය සිදුකිරීමට මහබඩවැලෙහි කෙළවර පිහිටි ප්‍රවාහනී, විසර්ජනී හා සංවර්නී යනුවෙන් හැඳින්වෙන මාංශ පේශි තිත්ත්වය ඇසුරු කර හටගන්නා වූ මේ රෝගය මිනිසා ඉතාමත් දුකට හා වේදනාවට පත් කිරීම කිසිසේත් වළක්‌වාලිය නොහැකිය.

ස්‌ත්‍රී පුරුෂ භේදයකින් හා වයස්‌ භේදයකින් තොරව වැළඳෙන මෙහි මූලාරම්භ රෝග ලක්‍ෂණ ලෙස මළ බද්ධය පෙන්වා දිය හැකිය. අවශ්‍ය තරමට ජලය පානය නොකිරීම, කෘත්‍රිම ආහාර වලට පුරුදු වී කෙඳි සහිත ආහාර නොගැනීම, ශරීරයට ව්‍යායාම නොලැබීම, මළ මුත්‍රා පිට කිරීමේදී අවශ්‍යතාව දැනුන විට පිට නොකර සිටීම, නිදි වැරීම, එක දිගට සිටගෙන සිටීම, බර ඉසිලීම, අධික ලෙස මත්පැන් පානය, උෂ්ණ අධික ආහාර පමණ නොදැන ගැනීම, අපිරිසිදු බව, පණු රෝග හා මානසික හේතු මෙම රෝගය වැළඳීමට හේතු පාදක වන බව අවිවාදිතය.
විටෙක තම ජීවිතය පවා නසා ගැනීමට තරම් වද වේදනා දෙන මේ අර්ශස්‌ රෝගය මොනම තත්ත්වයක පැවැතියත් සති කිහිපයකින් සුවපත් කර දෙන ගමේ හෙළ වෙදුරුවරයකු අපට පසුගිය දිනෙක හමුවූයේ එවැනි වෙදැදුරුවරුන් සොයා යන ගමනේදී ය.

මහනුවර දිස්‌ත්‍රික්‌කයේ හාරිස්‌පත්තුව බටගල්ල ග්‍රාමයේ දිගු ඉතිහාසයකට නෑකම් කියන අමුහේන වෙද පරම්පරාවේ වත්මන් වෙදැදුරුවරයකු වන සමරනායක වෙදැදුරු මේ රෝගයට නොවරදින ප්‍රතිකාර කරන ඉසිවරයකු බව කීවොත් එහි වරදක්‌ නැතැයි මට සිතිනි. බොහෝ අර්ශස්‌ රෝගීන්ගේ සුවය ප්‍රාර්ථනා කරමින් අප මෙම වෙදැදුරු සොයා කොට්‌ටාව නගරයේ හිරිපිටිය දොළේකඩේ පාරේ අංක 129/6 යන ස්‌ථානය සොයා ගියේ සුව වූ රෝගීන්ගෙන් ලබාගත් තොරතුරු ඔස්‌සේය.

පුරාණයේ සිට මේ අර්ශස්‌ රෝගය සඳහා භාවිත කළ බලගතු හෙළ ඔසුවකින් සියලුම අර්ශස්‌ රෝග සති හතරක්‌ හෝ හයක්‌ වැනි කෙටි කාලයකින් සමනයට පත් කරන මේ වෙදැදුරු හා සුහද පිළිසඳරකට අවතීර්ණ වෙමින් මොකක්‌ද මේ අර්ශස්‌ රාaගය කියන්නේ යෑයි මම ඇසීමි.

"ඇත්තටම රෝගය ගුද මාර්ගය ආශ්‍රිතව හැදෙන එකක්‌. මේ රටේ 50% කට තරම් වැළඳී තිබෙන මේ අර්ශස්‌ රෝගය ගුදය වැනි රහස්‍ය ප්‍රදේශයක සෑදීම නිසා සමාජයේ පවිතන ලැඡ්ජාශීලීත්වයන් මත රෝගී තත්ත්වය වෛද්‍යවරයා සමඟ කතා කිරීමට පෙළඹෙන්නේ නැහැ. මේ තත්ත්වය යටතේ අර්ශස්‌ උග්‍ර තත්ත්වයට පත්වුණාම තමයි රෝගියාට මේකෙ බරපතළකම තේරෙන්නේ.

ඒ කියන්නේ මේ රෝගයට වැඩිහරියක්‌ මුල්වෙන්නේ ගුදමගද?

ඔව්. හරියටම හරි. ගුදය කියලා අපි කතා කරන්නේ අපේ ආහාර මාර්ගයේ පහළ අවසන් කොටසටයි. ඔය අවසන් කොටසේ ඇතිවන ලෙඩ බොහොමයක්‌ තියෙනවා. හැබැයි ඒවා එකිනෙක වෙන්කර හඳුනාගන්න අපට මූලික වශයෙන් වෛද්‍යවරයෙකුගේ පිහිට ඕනේ. එහෙම නැතිව අර මම මුලින් කියුව ලැඡ්ජාශීලි තත්ත්වය නිසා කාටවත් කියන්නේ පෙන්නන්නේ නැතිව අමාරුවේ වැටුන ලෙඩ්ඩු ගොඩක්‌ ඉන්නවා.
ඇත්තටම මොනවද ඔය තරමටම හඳුනාගන්න තියෙන ගුදය ආශ්‍රිත ලෙඩ රෝග?

අර්ශස්‌, ගුද පිඩකා, භගන්දරා, ගුද ඉන්නන්, ගුදබ්‍රංශ, ගුදාර්බුද, ගුද පිළිsකා, ගුදමග පැලීම්, ගුදමග කැසීම්, ගුද කපාට ලිහිල් වීම්, අසංවෘත ගුද ආදීS වශයෙන් ගුදය ගැන තියෙන ලෙඩ රෝග ගොඩයි.

විශේෂයෙන් ආයුර්වේදයේ තියෙන මහා රෝග අටෙන් දෙකක්‌ම ගුදය ආශ්‍රිතව තිබීම විශේෂත්වයක්‌. ඒවායින් එකක්‌ අර්ශස්‌ අනෙක භගන්දරා ඉතින් එහෙම තියෙන කොටම මේ රෝග වැදගත් බව දැනෙනවනේ.

හුඟක්‌ වෙලාවට රෝගී තත්වය හඳුනගන්න වෛද්‍යවරයෙකුට පෙන්වීමට ඇති අකැමැත්ත හා ලැඡ්ජාව නිසා සමහර ලක්‍ෂණ කියලා වෛද්‍යවරයාගෙන් බෙහෙත් අරන් යනවා. නිශ්චිත නිශ්චය කිරීමක්‌ නොමැතිව කරන සමහර ඒවාගේ ප්‍රතිකාර විධි නිසා රෝගී තත්වය උත්සන්න වෙලා දුක්‌ විඳිනවා.

උදාහරණයක්‌ විදිහට ඔය ගුදමග ආශ්‍රිතව එන සමහර ගෙඩි සුළු ප්‍රතිකාරයකින් ඉහිරවා ගන්න පුළුවන්. නමුත් නොපෙන්වා කරන ඔය ප්‍රතිකාර නිසා භගන්දරා රෝගී තත්වයට පෙරළුනු අවස්‌ථා එමටයි.

ඒ වුණාට වැඩිහරියක්‌ මිනිස්‌සු කතා කරන්නේ අර්ශස්‌ ගැන නේ. ඒ ගැන දකින්නේ කොහොමද?

ඒකටත් අර මුලින්ම දුන්න උත්තරයම තමයි දෙන්න තියෙන්නේ. ඔය ගුද මාර්ගය ආශ්‍රිතව ගෙඩියක්‌, ගෙඩි කිහිපයක්‌, ලේ යාමක්‌ ආවොත්, මළ පිටනොවන තත්වයක්‌ ආවොත් ඒ හැම එකක්‌ම මිනිස්‌සු කියන්නේ අර්ශස්‌ කියලා.එහෙම නෑ. අර මම මුලින් කිව්ව වෙනත් රෝගී තත්වයක්‌ වෙන්නත් බැරි නෑ. ඒ නිසා වෛද්‍යවරයෙකුට කියලා බෙහෙත් ගන්නවාට වඩා පෙන්වා බෙහෙත් ගැනීම වඩාත් සුදුසුයි.

එතකොට ඔය අර්ශස්‌ කියන රෝගී තත්වය ඇතිවෙන්නේ කොහොමද?

ආහාර මාර්ගයේ අවසන් කොටස මත ගුද මාර්ගයේ තියෙන රුධිර නාල තුළ රුධිරය එක්‌රැස්‌ව ඒවා ඉදිමී එම නාල පිටතට නෙරා ඒම නිසා එම මග ඇහිරෙනවා. එහෙම ඇහිරෙන කොට අර රුධිර නාල තුළ පීඩනය වැඩි වෙනවා. ආහාර මාර්ගය තුළ වූ ආහාර රසය රුධිරගත කිරීමට බඩවැල් වල සිට අක්‌මාව කරා ආහාර රසය ගෙන යන ප්‍රතිහාරිණි මහා ශිරාව, උදරගතව ඇතිවන සමහර ගෙඩි නිසා ඇහිරීමෙන්ද අධෝගත පීඩනය වැඩි වීමත් ගුදගත රෝගයන්ට බලපානව.

ඒකට විශේෂයෙන් දීර්ඝ කාලීනව පවතින උග්‍ර මළ බද්ධය විශේෂයි. එම උග්‍ර මළ බද්ධය නිසා ඇති වන දැඩි තැටමීම තුළ අර ශිරා ඉදිමී ගෙඩි ඇතිවෙලා මළ මග තව තවත් අහුරනවා. සමහර වෙලාවට ඒ ගෙඩි පිපිරී ලේ පිටවීමක්‌ සිදුවෙනවා.

ඔය ගුද මගෙහි ගුදාවලී (වලලූ) තුනක්‌ තියෙනවා. ඒවා නමින් ප්‍රවාහිනි, විසර්ජනි, සහ සංවරණි යන ඒවාය. මළපහ කිරීමේදී තැටමීමත් සමග මළ පහලට තල්ලූකිරීම ප්‍රවාහිනියෙන්ද, මළ පිට කිරීම විසර්ජනි නම් වලල්ලෙන්ද, මළ පිට වූ පසු මළ මග වසාලීම සංවරණි නැමැති ගුද වලල්ල නිසාත් සිදුවෙනවා.

ඇතුළතින් පිහිටන ප්‍රවාහිනි හා විසර්ජනි නම් ගුද වලලූ තුළ ඉදිමීම සමග ඇති කරන ගෙඩි අභ්‍යන්තර අර්ශස්‌ ලෙසද, සංවරණි ගුදාවලිය තුළ ඇතිවන ඉදිමීම් බාහිර අර්ශස්‌ විදිහටත් කථා කරනවා.

මේවා දෝෂ කෝපය අනුව වෙන් කරගෙන බෙහෙත් කරනවා. එතකොට වෛද්‍යවරු හැටියට අපි වාතජ අර්ශස්‌, පිත්තද අර්ශස්‌, කඵජ අර්ශස්‌, සන්නිපාතජ අර්ශස්‌, සහජ අර්ශස්‌ හා රක්‌තාර්ශස්‌ නමින් වෙන් කරගන්නවා. එහෙම වෙනම වෙන් කරගෙන ඒ සඳහා ප්‍රතිකාර විධි නිගමනය කරනවා.

11 කොටස

තෙලේ බලෙන් අර්ශස්‌ සුවවන්නේ මෙහෙමයි

ඔය ගුදය ආශ්‍රිත රෝග බොහොමයක්‌ ගෙඩි හා වණවලටයි ඇතුළත් වන්නේ. එවාට ඇති ප්‍රතිකාර බොහොමයක්‌ මිනිස්‌සුන්ට පුළුවන් තරම් ලේසියෙන් කරන්න පුළුවන් විදිහට සකස්‌ කරලා තියෙන්නේ.

මෙතෙන්දි අපේ පරපුරේ ප්‍රතිකාර හැටියට මූලික වශයෙන් තෙල් ප්‍රතිකාරයත් සමඟ බෙහෙත් වතුරේ ඉන්දවීම අර්ශස්‌ ගෙඩි තැවීම, තෙල් ඇතුළු කිරීම හා ගෙඩි තෙල්වලින් වැසීම කරනවා. කලින් කලට එක්‌ එක්‌ පුද්ගලයාගේ ඇතිවන දෝෂ කෝපය අනුව ඉහත කී රෝගී ලක්‍ෂණ ඇතිවුවත් සමහරුන්ගේ උපතින්ම ගුද මාර්ගය ආශ්‍රිතව පවතින ශිරාවල ඇති දුර්වලතාවයන් නිසා සමහර සහජ අර්ශස්‌ තත්වයන්ද ඇතිවිය හැකියි.

ඊට අමතරව ඉහත කී විවිධ හේතු නිසා හෝ අර්ශස්‌ ගෙඩි පිපිරීමෙන් රක්‌තය පහ වීමට පටන් ගන්නවා. එවා රක්‌තජ අර්ශස්‌ ලක්‍ෂණ පහළ කරනවා. එසේ දීර්ඝ කාලීනව රුධිරය පහවීම නිසා ශරීරයේ ඇතිවන දුර්වලතාවයන්ද, තෙහෙට්‌ටුවද, අප්‍රාණිකත්වය ද ප්‍රධාන තැනක්‌ ගන්නවා. බඩේ වේදනාව හා දෑලවර වේදනාව මූලික වශයෙන් දක්‌නට ලැබෙනවා. හැබැයි ගුද මගින් ලේ පිටවන හැම අවස්‌ථාවක්‌ම රක්‌තා අර්ශස්‌ නොවන බව පැහැදිලිව වටහා ගත යුතුයි.

එ කියුවේ මළ මගින් ලේ යන්නේ අර්ශස්‌ වලටම විතරක්‌ නෙමෙයි කියන එකද?

ඔව්. ගුදමග පිළිකා, රත්පිත් අවස්‌ථා, භගන්දරා, ගුදමග පැලීම් වැනි විවිධ රෝග තත්ව යටතේ රුධිරය පිටවෙන්න පුළුවනි. එ නිසා තමයි වෛද්‍යවරයෙකු සමග කතා කරලා පෙන්වලා රෝගී තත්වය තීරණය කරන්න ඕන කියලා කියුවේ.

අර්ශස්‌ රෝගයෙන් මෙතරම් මිනිස්‌සු පීඩා විඳින්නේ ඇයි?

මම හිතන්නේ මිනිස්‌සුන්ගේ කාර්ය බහුලත්වය නිසාම මේ රෝගය මිනිස්‌සු හොයාගෙන එනවා කියල. මොකද බොහොමයක්‌ දෙනා එකම තැන වැඩි පැය ගණනාවක්‌ වාඩි වෙලා කරන රැකියාවල නියුක්‌ත අය. එ අයගේ ගුද ආශ්‍රිත ප්‍රදේශ නිතරම තැලී පොඩිවී තෙරපී එ ආශ්‍රිත ශිරා පිම්බීමෙන් මෙම රෝගී තත්ව උදා වෙනවා.

එවාගේම තවත් සමහරු වාහන වල වාඩිවී පැය ගණනාවක දුරගමනාන්ත වල යෙදීම නිසාත් ගුදය ආශ්‍රිතව ඇතිවන තෙරපීමෙන් එ ආශ්‍රිත ගෙඩි ඇතිවිය හැකියි. බොහෝ වේලාවට රියෑදුරන් තුළ මෙම රෝගී තත්වය මෙන්ම වෙනත් ගුදමග රෝග බොහොමයක්‌ හඳුනාගත හැකියි.

එ විතරක්‌ නොවේ. සමහර අවස්‌ථාවන්හි නිසිලෙස මළපහ කිරීමට අවශ්‍ය වූ විට නිසි ලෙස මළපහ පිට නොකිරීමත් මළවේග දරා සිටීමත් නිසා මෙම අර්ශස්‌ තත්ව ගුදමග ආශ්‍රිතව එන්න පුළුවනි. ඒවාගේම අධෝ වායු පිට නොකර හිඳීමෙන් ඇතිවන උග්‍ර මළබද්ධය නිසා ද මළමග අවසානයේ ඇහිරීමෙන් හා තැටමීමෙන් අර්ශස්‌ මතුවීමේ ඉඩකඩ පවතිනවා.

සමහර කාන්තාවන්ට ගර්භනී සමය තුළ ඇතිවන පීඩනයන් සමග අර්ශස්‌ ඇතිවීමේ අවදානමක්‌ පවතිනවා. විශේෂයෙන් එකලට හටගනු ලබන උග්‍ර මළබද්ධය මූලික වශයෙන් එකට හේතු වෙනවා.

එම විහරණයන්ගෙන් මෙන්ම ඉස්‌සෝ, කකුළුවෝ, දැල්ලෝ, හුරුල්ලෝ, කුම්බලාවෝ, අබ, විනාකිරි අච්චාරු, අන්නාසි, ලූණුදෙහි වැනි උෂ්ණාධික ආහාරයට අප දක්‌වන දැඩි කැමැත්තද මෙම රෝගය ඔබව හොයා එන්න හේතුවන බව ඉතා පැහැදිලිය.

මේ ගුදාශ්‍රිත රෝග සුවය ගැන ඔබ අවසාන වශයෙන් යමක්‌ කියනවා නම්

මෙහෙමයි. අර්ශස්‌ රෝගියකු තුළ දැකිය හැකි පොදු ලක්‍ෂණ හැටියට මළබද්ධය, බඩ පුරවා දැමීම, පෙන්නා දෙන්න පුළුවන්. ඒ වගේම ලේ යැම, තෙත ගැලීම, සීදන් යැම. කොන්ද, යටිබඩ හා දණහිස්‌ වේදනාව, ගැස්‌ට්‍රයිටිස්‌, මුත්‍රා අඩස්‌සිය, නොසන්සුන් බව අධික ලෙස තරහා යැම, හිස බර ගතිය, පීනස, ආදී අතුරු රෝග තත්ත්වයන් ද දකින්න පුළුවන්.

විශේෂයෙන් අර්ශස්‌ රෝග කියන්නේ බොහෝ කෙනෙක්‌ තව කෙනෙකුට කියන්න අකමැති තනිව වේදනා විඳිමින් හරියට ප්‍රතිකාර නොකළොත් ජීවිතයෙන් වුවත් වන්දි ගෙවීමට සුදානම් රෝගයක්‌. මේ රෝග තත්ත්වයන් සම්පූර්ණයෙන් සුව කිරීමට සියයට සියයක්‌ම දේශීය ඖෂධ යොදාගෙන පුරාණ වට්‌ටෝරුවක්‌ අනුව නිෂ්පාදනය කළ තෙලක්‌ මේ සඳහා අප භාවිතා කරනවා. ඒ වගේම අර්ශස්‌ වර්ගය අනුව විශේෂ වූ ක්‍රමවේද භාවිත කරමින් සති 4 ක්‌ හෝ 6 ක්‌ වැනි කෙටි කාලයකදී ඕනම තත්ත්වයක තිබෙන අර්ශස්‌ රෝගයක්‌ සම්පූර්ණයෙන් සුව කරල දෙනවා. ඒ වගේම අපේ ප්‍රතිකාර විදි අනෙක්‌ කාර්යයන් පැත්තකට දාල කළ යුත්තක්‌ නොවෙයි. මේ කාර්යය බහුල සමාජයේ ඕනෑම රැකියාවක නිරත වෙලා ඉන්න කෙනකුට වුණත් උදේ සවස මෙම ප්‍රතිකාර කර ගැනීමෙන් සම්පූර්ණ සුවයක්‌ ඇතිකර ගැනීමට හැකියාවක්‌ තිබෙනවා.

ඒ වගේම අර්ශස්‌ රෝගියෙක්‌ කියන්නෙ බොහෝ විට අපේක්‍ෂා භංගත්වයට පත්වුණ කෙනෙක්‌ එම නිසා පළමුව වෙද මහත්තය ගැනත් එයාගෙ ප්‍රතිකාරයන් ගැනත් විශ්වාසය තියල වෙද මහත්තය කියන විදියට වෙදකමත් හෙදකමත් කළොත් අනිවාර්යයෙන්ම මේ කෙටි කාලයේදී සුවය ලබා දෙන බව ස්‌ථිරවම අපි පොරොන්දු වෙනවා.

සමරනායක වෙදදුරු අර්ශස්‌ රෝගය පිළිබඳ මනා දැනුමක්‌ හා ඊට නිසි ප්‍රතිකාරයක්‌ කළ හැකි වෛද්‍යවරයකු බව අපට අසන්නට ලැබුණේ බොහෝ රෝගීන්ගෙනි. මේ පිළිබඳව මිනුවන්ගොඩ සිටි පැමිණි රෝගියකු මුලින්ම මා හා සාකච්ඡාවකට එක්‌වෙමින්... "මම රැකියාවකට කරන්නෙ වෙළෙ¹ම. සමහර වෙලාවට කාර්යබහුලකම නිසාත් කැෂියර් කූඩුවේ බොහෝ වේලාවක්‌ වාඩිවි සිටීම නිසාත් මට මේ රෝගය වැළඳෙන්න ඇති. අනෙක ආහාර නිසි වේලාවට නොගැනීමෙන් වෙන්නත් පුළුවන්. කොහොම වෙතත් දවසක්‌ මම මළපහ කරගන්න බැරිව වැසිකිළිය වටේ රවුම් කිහිපයක්‌ දිව්වේ වේදනාවෙන් කෑ ගස ගසා, කොහොම හරි මේ වෙද මහත්මයා හමු නොවුනා නම් ඇතැම් විට මගේ ජීවිතය නැතිකරගන්නත් ඉඩ තිබුණා. කොහොම වුණත් මම මේ වෙද මහත්තයාගෙන් ප්‍රතිකාර අරගෙන වැඩි දවසක්‌ ගියේ නැහැ රෝගයෙන් බාගයක්‌ම සුවවුණා. ඇත්තටම මේ ගැන පැහැදිලිව යමක්‌ කියනවා නම්, අපේ ඉස්‌පිරිතාලෙ දොස්‌තර මහත්වරු මට කිව්වෙ අර්ශස්‌ ගෙඩි කපල අයින් කරන්නෙ නැතිව බෙහෙත් බීල විතරක්‌ සුවකර ගන්න බැහැ කියලා. එත් මට දැන් හිතෙනවා සිංහල බෙහෙත්වලින් සුවකරගන්න බැරි රෝගයක්‌ නැහැ කියලා. තවත් සති කීපයක්‌ ප්‍රතිකාර කිරීමෙන් පසු අර රෝහලෙන් කපන්න කියපු අර්ශස්‌ ගෙඩි වලට මොකද වුණේය කියලා මට හිතාගන්න තරම්වත් බැරිවුණා.

අපි ලේසියටත්, පහසුවටත් ඉංග්‍රීසි ප්‍රතිකාර අරගෙන හැමදාම වේදනාවෙන් දුක්‌ විඳිනව මිස මේවගේ ස්‌ථිරවම සුවයක්‌ ලැබෙන ප්‍රතිකාරවලට යොමුවන්නේ නැහැ. මම හැමෝටම කියන්නේ සිංහල ප්‍රතිකාරවලට යොමු වෙනවා නම් රෝග සුවකර ගන්නවා කියන එක මහ ලොකු දෙයක්‌ නොවෙයි. මොකද මගේ අත්දැකීම් ඒකට සාක්‌ෂි දරන නිසා.

ඒ වනවිට සමරනායක වෙදදුරුගෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණි සිටි බොහෝ පිරිසක්‌ මේ ප්‍රතිකාරය ගැන කරුණු ඉදිරිපත් කිරීමට පෙළගැසී සිටියත් එක්‌ රෝගියකුගෙන් ලත් තොරතුරු මා සෑහීමකට පත් කළ හෙයින් තවත් තොරතුරු සොයන්නට නොසිතුවෙමි.

කෙසේ වෙතත් අර්ශස්‌ රෝගයෙන් අනන්ත අප්‍රමාණ දුක්‌ විඳින රෝගියෙකුට සති කීපයක ප්‍රතිකාරයෙන් එය සුවයට පත්වෙනවා නම් හෙළ වෙදකමේ මහිමය කෙතෙක්‌ද යන්න අපට වචනයෙන් විස්‌තර කළ නොහැක.

ඕනෑම අර්ශස්‌ රෝගියකුට, සතියේ දිනවල මහනුවර කුරුණෑගල පාරේ හෑදෙනිය නගරයේදීත්, ඉරිදා දිනවලදී කොළඹ කොට්‌ටාව පාරේ හිරිපිටිය දොළේකඩේ පාරේ අංක 129/6 යන ස්‌ථානයේදීත් අර්ශස්‌ රෝග විශේෂ වයි. පී. සමරනායක වෙදැදුරු හමුවී ප්‍රතිකාර ගැනීමට අවස්‌ථාව සලසා ඇත.



විමලසිරි අගලකඩ - දිවයින
සියල්ලන්ටම යහපත් පරිසරයක් තුළින් සොදුරු දිවයක් !!!පතමි.