Wednesday, December 29, 2021

අන්තර්ජාතික කඳුකර දිනය . / International Mountain Day. (2021 දෙසැම්බර් 11)

අන්තර්ජාතික කඳුකර දිනය . / International Mountain Day. (2021 දෙසැම්බර් 11)

කඳුකර දිනය ප්‍රකාශයට පත්කිරීම

එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් 2002 වසර කඳු පිලිබඳ අන්තර්ජාතික වසර ලෙස ප්‍රකාශයට පත්කර ඇත. ඒ අනුව  සෑම වසරකම දෙසැම්බර් 11 වන දින අන්තර්ජාතික කඳුකර දිනය වශයෙන් ප්‍රකාශයට පත්කර ඇත. ඒ ඔස්සේ කඳුකර පරිසර පද්ධති වලට අන්තර්ජාතික අවධානය යොමු කරන ලදී. 

2003 වසරේ සිට සෑම වසරකම දෙසැම්බර් 11 වන දිනය තුල අන්තර්ජාතික කඳුකර දිනය සැමරීම සිදුකරනු ලබයි.

2003 වසරේ සිට සෑම වසරකම කාලීන වශයෙන් වැදගත් තේමාවක් යටතේ අන්තර්ජාතික කඳුකර දිනය සමරනු ලබයි. 

අන්තර්ජාතික කඳුකර දිනයක් ප්‍රකාශයට පත් කිරීමේ අරමුණු

01 ජීවයේ පැවැත්ම සඳහා කඳුකරයේ ඇති වැදගත්කම පිළිබඳ ජනතා අවධානය ඇතිකිරීම

02 කඳුකර කලාප සංවර්ධනය කිරීමට ඇති අවස්ථාවන් හා ඒ සඳහා ඇති අවහිරතාවයන් හඳුනාගැනීම

03 ලොව පුරා කඳුකරවාසී ජනතාව හා පරිසරය අතර ධනාත්මක වෙනසක් ඇතිකරලීම සඳහා සන්ධානයක් ඇති කිරීම 

        ආදිය වේ.

 2021 වසරේ තේමාව

 2021 වසරේ තේමාව වනුයේ Sustainable Mountain Tourism (තිරසාර කඳුකර සංචාරක ව්‍යාපාරය)යන්නයි.

 සංචාරක කර්මාන්තය හා සම්බන්ධව කඳුකරයේ පවතින විභවය හා වැදගත්කම සැලකිල්ලට ගනිමින් වඩාත් තිරසාර සංචාරක කර්මාන්තයක් ලෙස එය යොදාගැනීමේ වැදගත්කම ජනතාව වෙත අවධාරණය කිරීම සඳහා මෙම තේමාව යොදාගෙන ඇත.

Friday, July 16, 2021

ශාක වල උද්භිත විද්‍යාත්මක නම්.

අපට එදිනෙදා හමුවන ශාක අතරින් සුළු ප්‍රමාණයක විද්‍යාත්මක නම් අවශ්‍ය අයගේ භාවිතය උදෙසා පහතින් දක්වා ඇත.

 අතිවිඩයම් (Aconitum heterophyllum)

අස්වැන්න  (Alysicarpus vaginalis)

අනිත්ත [Anitta] (Rhinacanthus nasutus)

අශෝක / අසෝක (Saraca asoca)

අක්මෑල්ල  (Spilanthes sp.)

අමුක්කරා / අස්ගොඳු (Withania somnifera)

අවර (Canavalia gladiata)

අංකෙන්ද (Acronychia pedunculata)

අබ (Brassica juncea)

අහු  (Morinda citrifolia)

අළු පුහුල් (Benincasa hispida)

අරත්ත (Alpinia zerumbet)

අරූද  (Ruta graveolens)

අක්කපාන  (Kalanchoe pinnata)

අරළු  (Terminalia Chebula‌)

අත්තන [Attana] (Datura metel

අතුකැටිය (Xylopia parviflora)

අට්ටික්කා [Attikka] (Ficus racemosa)

අසමෝදගම් [Asamodagam] (Trachyspermum roxburghianum)

අඹ (Mangifera indica)

ආයාපාන (Ayapana triplinervis)

ඇඹරැල්ලා (Spondias dulcis)

ඇට්ටේරියා  (Murraya paniculata)

ඇහැළ (Cassia fistula)

ඇට්ටමුරා / ඇටඹුරු (Fagraea ceilanica)

ඇත්තෝර (Senna alata)

ඇත්අඩි (Elephantopus scaber)

ඇත්හොඬ  (Heliotropium indicum)

ඇත්දෙමට  (Gmelina arborea)

ඇඹුල් ඇඹිලිය (Oxalis corniculata)

 ඇකේෂියා  (Acacia auriculiformis  හා Acacia mangium)

ඉඟුරුපියලි / හිඟුරුපියලි (Kaempferia galanga)

ඉත්ත / ඉත්තෑ  (Schefflera stellata)

ඉඟිනි (Strychnos potatorum)

ඉරිවේරිය (Plectranthus hadiensis)

ඉරමුසු (Hemidesmus indicus)

ඉඟුරු  (Zingiber officinale)

ඊතණ (Heteropogon contortus)

උල්වැරණිය (Hedyotis neesiana)

උගුරැස්ස (Flacourtia indica)

උක් (Saccharum officinarum)

එළ මිදෙල්ල  (Barringtonia acutangula)

එළ ගොරකා  (Garcinia zeylanica)

එළ පිටවක්කා  (Phyllanthus debilis)

එඬරු  (Ricinus communis)

එරබදු  (Erythrina variegata)

එනසාල් (Elettaria cardamomum)

එළබටු  (Solanum insanum)

එළ නිටුල්(Plumbago zeylanica)

ඒකාවේරිය / සර්පගන්ධ  (Rauvolfia serpentina)

ඔලිඳ  (Abrus precatorius)

කටු අන්දර  (Dichrostachys cinerea)

කහ මිල්ල (Vitex altissima)

කහ අඬනහිරිය (Crotalaria retusa)

කළුකැම්මේරිය  (Solanum americanum)

කරවල කැබැල්ල (Antidesma bunius)

කහට  (Careya arborea)

කතුරුපිල  (Tephrosia purpurea)

කංකුං (Ipomoea aquatica)

කබරස / කබරොස්ස (Smilax zeylanica)

කදුරු / දිවිකදුරු  (Pagiantha dichotoma)

කටුපිල  (Flueggea leucopyrus)

කටුපිල  (Flueggea leucopyrus)

කරල්හැබ (Achiranthus aspera)

කරඳ / මඟුල්කරඳ (Pongamia pinnata)

කඩුපහර  (Emilia sonchifolia)

කරවිල (Momordica charantia)

කටුකරඬු (Barleria prionitis)

කපුකිනිස්ස  (Abelmoschus moschatus)

කටුකරෝසන (picrorhiza kurroa)

කංසා (Cannabis sativa)

කලාඳුරු [Kladuru] (Cyperus rotundus)

කතුරු මුරුංගා (Sesbania grandiflora)

කරපිංචා (Murraya koenigii)

කහ (Curcuma longa)

කළුවාල / කළුවා අල (Alpinia galanga)

කටරොළු  (Clitoria ternatea)

කපුරු (Cinnamomum camphora)

කරාබු  (Syzygium aromaticum)

කයිල / වැල් කයිල (Phyllanthus reticulatus)

කප්පරවල්ලිය [Kapparawalliya] (Coleus amboinicus)

කළුදුරු (Nigella sativa)

කටුවැල්බටු (Solanum virginianum)

කතුරු මුරුංගා  (Sesbania grandiflora)

කරවිල  (Momordica charantia)

කරවිල  (Momordica charantia)

කාමරංගා (Averrhoa carambola)

කැබැල්ල  (Aporosa cardiosperma)

කැහිපිත්තන්  (Cyclea peltata)

කැප්පෙටියා (Croton sp.)

කැටකෑල (Bridelia retusa)

කිරිහැන්ද (Celosia argentea)

කිරි අඟුණ  (Tylophora pauciflora)

කිහිරි (Acacia chundra)

කිරිපළු (Buchanania axillaris)

කිඩාරම්  (Amorphophallus paeoniifoliu)

කිරිබදු (Ipomoea mauritiana)

කිතුල් (Caryota urens)

කිරිඳි  (Coix lacryma-jobi)

කීකිරිඳිය (Eclipta prostrata)

කුරුඳු  (Cinnamomum verum)

කුඩු මිරිස්ස  (Toddalia asiatica)

කුකුරුමාන් (Catunaregam spinosa)

කුඩුවෙළඟ  (Mallotus philippensis)

කුඹුක්  (Terminalia arjuna)

කුප්පමේනිය (Acalypha indica)

කුඹුරු  (Caesalpinia bonduc)

කූරතම්පලා (Amaranthus viridis)

කෙටල  (Lagenandra ovata)

කොබෝලීල (Bauhinia sp.)

කොබ්බෑ (Allophylus cobbe)

කොල්ලන්කොළ (Pogostemon heyneanus)

කොක්මොට (Eriocaulon ceylanicum)

කොහොඹ (Azadirachta indica)

කොටිකන් බැබිල (Sida rhombifolia)

කොටදිඹුලා (Ficus hispida)

කොත්තමල්ලි (Coriandrum sativum)

කොතලහිඹුටු  (Salacia reticulata)

කොල්ලු (Dolichos biflorus)

කොහිල (Lasia spinosa)

කොස් - Artocapus heterophylluslam 

කෝවක්කා (Coccinia grandis)

කෝන්  (Schleichera oleosa)

කෝමාරිකා (Alove vera)

ගම්මිරිස් (Piper nigrum)

ගල්කූර  (Melochia corchorifolia)

ගලිස් (Gardenia crameri)

ගංසූරිය  (Thespesia populnea)

ගම්මාළු (Pterocarpus marsupium)

ගස්ලබු (Carica papaya)

ගැටකොළ  (Exallage auricularia)

ගැට තුඹ (Leucas zeylanica)

ගිනි සපු (Michelia champaca)

ගිරිතිල්ල (Argyreia populifolia)

ගෙඳ  (Portulaca oleracea)

ගොඩකිරිල්ල  (Holoptelea integrifolia)

ගොඩපර  (Dillenia retusa)

ගොඩමානෙල් (Crinum latifolium)

ගොඩ කදුරු (Strychnos nux-vomica)

ගොටුකොළ (Centella asiatica)

ගොනුකෑ / ගොනිකා වැල්(Psychotria sarmentosa)

ගොටුකොළ  (Centella asiatica)

තරණ  (Tarenna asiatica)

තක්කාලි  (Lycopersicon esculentum)

තිඹිරි  (Diospyros malabarica)

තිප්පිලි (Piper longum)

තෙබු (Cheilocostus speciosus)

තේක්ක (Tectona grandis)

තොටිල (Oroxylum indicum)

තොලබෝ  (Crinum asiaticum)

දළුක් (Euphorbia antiquorum)

දවුල් කුරුඳු / කුඩුදවුලා (Cinnamomum cassia)

දියමිත්ත (Cissampelos pareira)

දිවුල් (Limonia acidissima)

දුම්මෑල්ල (Trichosanthes cucumerina)

දේවදාර (Cedrus deodara)

දේශීය ඉඳි  (Phoenix pusilla)

දොඹ  (Calophyllum inophyllum)

දොඬම්පනා (Glycosmis pentaphylla)

නවහන්දි (Rhipsalis baccifera)

නාගදරණ  (Martynia annua)

නා  (Mesua ferrea)

නාවා  (Sterculia balanghas)

නාපිරිත්ත (Hibiscus furcatus)

නියඳ (Sansevieria zeylanica)

නිතුල්ල / ගැට නෙටුල්  (Streblus asper)

නියඟලා (Gloriosa superba)

නිදිකුම්බා  (Mimosa pudica)

නිල් අවරිය  (Indigofera tinctoria)

නික (Vitex negundo)

නිවිති  (spinacia oleracea)

නීරමුල්ලිය / කටු ඉකිරිය (Hygrophila schulli)

නෙල්ලි  (Phyllanthus emblica)

නෙලුම් ශාකය( Nelumbo nucifera)

පතඟි  (Caesalpinia sappan)

පළොල්  (Stereospermum chelonoides)

පනම් පෙති (Pyrrosia heterophylla)

පත්පාඩගම්  (Oldenlandia corymbosa)

පතෝල (Trichosanthes cucumerina)

පඹ (Lygodium flexuosum)

ප්රාණජීව (Codariocalyx motorius)

පාවට්ටා (Justicia adhatoda)

පිපිඤ්ඤා (Cucumis sativus)

පුපුල (Vernonia zeylanica)

පුස්වැන්න (Uraria picta)

පුවක්ගෙඩියා වැලක් (Hiptage benghalensis) 

පුවක්  (Areca catechu)

පේර  (iievimu guajava)

පොල්පලා (Aerva lanata)

පොල් (Cocos nucifera)

පෝටා වැල්  (Pothos scandens)

බක්මී  (Nauclea orientalis)

බටකිරිල්ල (Erythroxylum moonii)

බතල (Ipomoea batatas)

 බණ්ඩක්කා (Abelmoschus esculantus)    

 බතල (Ipomoea batatas)

බාඳුරා (Nepenthes distillatoria)

බැලතණ (Eleusine indica)

බිංනුග  (Tylophora indica)

බිලිං  (Averrhoa bilimbi)

බිං කොහොඹ (Munronia pinnata)

බිංපොල්  (Trichopus zeylanicus)

බිංතල්  (Curculigo orchioides)

බුරුල්ල / ගුරුල්ල (Leea indica)

බුත්සරණ (Canna indica)

බුළු (Terminalia bellirica)

බෙලි (Aegle marmelos)

බෙහෙත් අනෝදා (Abutilon indicum)

බෝඹු (Symplocos cochinchinensis)

බෝමි / සෙවෙල බෝමි (Litsea glutinosa)

මලලබු (Piper umbellatum)

මලිත  (Woodfordia fruticosa)

මහ අන්දර / ඉරිමේද (Acacia leucophloea)

මසන්  (Ziziphus mauritiana)

මදටිය (Adenanthera pavonina)

මකුල්ල  (Hydnocarpus venenata)

මයිල (Bauhinia racemosa)

මස්බැද්ද  (Gymnema sylvestre)

මහ උඳුපියලි (Desmodium heterophyllum)

මදුරුතලා  (Ocimum sp.)

මඤ්ඤොක්කා  (Manihoat esculenta)

මාදං (Syzygium Cumini)

මාළු මිරිස් (Capsicum annuum)

මැඩහඟු (Pergularia daemia)

මෑකරල් (Vigna anguiculate) 

මී  (Madhuca longifolia)

මුඩුමහණ (Sphaeranthus indicus)

මුස්සැන්ද  (Mussaenda frondosa)

මුරුංගා (Moringa oleifera)

මූණමල්  (Mimusops elengi)

මොණරකුඩුම්බිය  (Vernonia cinerea)

යකිනාරං (Atalantia ceylanica)

යකවනස්ස  (Anisomeles indica)

යක්බේරිය / නිල් අඬනහිරිය  (Crotalaria verrucosa)

රත්කෑල (Butea monosperma)

රත් නිටුල්  (Plumbago indica)

රදලිය  (Connarus monocarpus)

රම්මානිස්ස  (Cleome viscosa)

රත්හඳුන්  (Pterocarpus santalinus)

රණවරා  (Cassia auriculata)

රන්වන් කටුකරඬු (Barleria lupulina)

රතු කිඹුල්වැන්න (Persicaria barbata)

රත් කෑලිය (Litsea longifolia)

රත්මල් Ixora coccinea)

රසකිඳ  (Tinospora cordifolia)

රම්පා (Pandanus amaryllifolius)

රාබු  (Raphanus sativus L.)

රුවා (Marsdenia tenacissima)

රුක්අත්න (Alstonia scholaris)

රුක්අඟුණ  (Alangium salviifolium)

ලීක්ස්  Allium porrum

ලුණුවරණ (Crateva adansonii)

ලුණුවිල (Bacopa monnieri)

ලෝලු (Cordia dichotoma)

වරා Calotropis gigantea)

වද / පොකුරු වද  (Hibiscus rosa-sinensis)

වදකහ  (Acorus calamus)

වඳුරු මෑ (Mucuna pruriens)

වල් කොත්තමල්ලි (Scoparia dulcis)

වට්ටක්කා  (Cucurbita maxima)

වම්බටු (Solanum melongena L.)

වාතභංග ශාකය (Pisionia grandis - Ceodes umbraculifera)

වැල්මදට  (Rubia cordifolia)

වැල් බැබිල (Sida cordata)

වැල් තිබ්බටු (Solanum trilobatum)

වැට එඬරු  (Jatropha curcas)

වැල් කහඹිලියා (Tragia involucrata)

වැටකේ  (Pandanus kaida)

වැල් කෑලිය  (Grewia orientalis)

විෂ්ණුක්‍රාන්ති  (Evolvulus alsinoides)

විළඳවැන්න  (Leucas biflora)

වෙනිවැල්  (Coscinium fenestratum)

වෙරළු (Elaeocarpus serratus)

වේලා  (Cleome gynandra) 

සමදරා (Quassia indica)

සස්සඳ (Aristolochia indica)

සව්කෙන්ද  (Kaempferia rotunda)

සමන්පිච්ච (Jasminum officinale)

සල් (Shorea robusta)

සාරණ / පිටසුදු සාරණ (Boerhavia diffusa)

සාදික්කා  (Myristica fragrans)

සාරණ  (Trianthema portulacastrum)

සිවිය (Piper chuvya)

සුදු කිඹුල්වැන්න  (Persicaria attenuata)

සුදුහඳුන් (Santalum album)

සෙනෙහෙකොළ (Senna alexandrina)

සන්නිනායම් (Vernonia anthelmintica)

සේරු (Premna tomentosa)

සේර  (Cymbopogon citratus)

සේපාලිකා (Nyctanthes arbor-tristis)

හරංකහ  (Curcuma zedoaria)

හාතවාරිය  (Asparagus racemosus)

හිඟුරුපට වැල්  (Senegalia caesia)

හික්  (Lannea coromandelica)

හීං බැබිල (Sida rhombifolia subsp. alnifolia)

හීං දෙමට  (Gmelina asiatica)

හීං බිංකොහොඹ  (Andrographis paniculata)

හීරැස්ස  (Cissus Quadrangularis)

හීං නෙරෙංචි / ගොකටු  (Tribulus terrestris)

හීං උඳුපියලි  (Desmodium triflorum)

හීං තඹල  (Ehretia microphylla)

හීංබෝවිටියා  (Aporosa octandra)

හීං නිදිකුම්බා  (Biophytum reinwardtii)

හුලංකීරිය / ඈරුක්කා  (Maranta arundinacea)

හෙන්දිරික්කා (Mirabilis jalapa)

හොඬපර (Dillenia indica)

ඌණභාවිත පළතුරු 

බෙලි (Bael fruit)  - Aegle marmelos

දිවුල් (Wood apple) Limoniaacidissima

කටු අනෝදා (Sour sop) Annona muricata

වැලි අනෝදා (Bullock's heart) Amona reticulata

සීනි අනෝදා (Sweet sop)  Annona squamosa

චෙරිමෝයා (Cherimoya) Annona cherimola

ගඩුගුඩා (Lansone) Baccauria motleyana

සැපදිල්ලා (Sapota) Manilkara zapota

ලාවූඵ (Yellow sapote) Pouteria campechiana

වෙරළු  (Ceylon Olive) Elaeocarpus serratus

රතු ජම්බු (Red waxapple) Syzygium aqueum

රට ජම්බු (Waxapple/Bellfruit) Syzygium samarangense

පිනි ජම්බු (Malay apple) Syzygium malaccense

වැලිජමිබූ (Rose apple) Syzygium jambos

තෙල්ලි (Amla) Phyllanthus emblica

ජම්බෝල (Pumello) Citrus maxima

නාරං (Mandarin) Citrus reticulata

උගුරැස්ස (Ramonchi) Flacourtia indica

ලොවි (Sapida) Flacourtia inermis

මසං (Ber) Ziziphus mauritiana

මොර (Longan) Euphoria longana

ගල්සියඹලා (Velvet tamarind) Dialium ovoideum

මාදං (Jamun) Syzygium cumini

දං (Dan) Syzygium caryophyllata

නමිනං (Nam-nam) Cynometra cauliflora

හීන් කරඹ (Carissa) Carissa spinarum

මහ කරඹ (MahaKaramba) Carissa carandas

කෝන් (Ceylon Oak) Scheleichera oleosa

එරමිණියා (Eraminia) Zyziphus napeca

රටනෙල්ලි (Star goosberry) Phyllanthus acidus

පලූ (Palu) Manilkara hexandra

වීර (Weera) Drypetes sepiaria

හිඹුටු (Himbutu) Salacia reticulata

කිරිපඵ‍‍- රට ලාවළු (Caimito) Chrysophylum cainito

ලෝලු (Lolu) Cordia domestica

කරවල කැබිල්ල (Bignay ) Antidesma bunius

දමුණ (Damuna) Grewia tiliifolia



Wednesday, June 16, 2021

ලෝක කැස්බෑ දිනය අදට යෙදී ඇත. (ජුනි 16) World Turtle Day

මුලින්ම ඇමරිකාවේ ජීවත්වන ඉබ්බන් විශේෂ ආරක්ෂා කරගැනීමේ අරමුණෙන් එම සමාජය කතිකාවක් ඇති වීම නිසා 2000 වසරේ සිට වාර්ෂිකව සෑම ජුනි 16 වෙනිදා දිනකම සැමරෙන ලෝක කැස්බෑ දිනයේ  (World Turtle Day) අරමුණ වී ඇත්තේ කැස්බෑවන් සහ ඉබ්බන්( turtles and tortoises)පිළිබඳ දැනුම හා ගෞරවය  ලෝක ප්‍රජාව හමුවේ වැඩි කිරීම සහ ඔවුන්ගේ පැවැත්මට සහ දියුණුවට හේතුවන ක්‍රියාකාරකම් සඳහා මිනිස් ප්‍රජාව දිරිමත් කිරීමයි. කැස්බෑ සංරක්ෂණය වෙනුවෙන් සිය දිවියම කැප කළ “මුහුදු කැස්බෑ ජීව විද්‍යාවේ පියා” Dr. Archie Carr(1909-1987)  ගේ උපන් දිනය ලෝක කැස්බෑ සංරක්ෂණ දිනය ලෙස නම් කර ඇත.

කැස්බෑවන් වෙනුවෙන් දිනයක් වෙන්කිරීමට තරම් ලෝක ප්‍රජාව මූලික වූයේ එම සතුන් වඳීයාමේ තර්ජනයට මුහුණදී සිටීම හේතුවෙනි. 

ජුරාසික් යුගයේ සිට එනම් වසර මිලියන 100ක පමණ ඉතිහාසයක සිට කැස්බෑවුන් මෙලොව ජීවත් වන බවට අනුමාන කෙරෙන   මෙම සත්ත්වයින් පරිසර විශේෂඥයින් හඳුවන්වන්නේ "සජීවී පොසිල" ලෙසය. ඇතැම් කැස්බෑවන් වයස අවුරුදු 400ක් පමණ ජීවත් වන අතර ඔවුන්ගේ සාමාන්‍ය ආයු කාලය වසර 80-120ක් ලෙස සැලකේ. 

 මිනිස් ක්‍රියාකාරකම් නිසා කැස්බෑ විශේෂ ගණනාවක් වඳ වී ගොස් ඇති අතර දැනට ලොව ජීවත් වන්නේ කැස්බෑ විශේෂ හතක් පමණි. එයිනුත් විශේෂ හයක්ම ලෝක රතු දත්ත පොතට ඇතුළත් කර ඇත. මෙම විශේෂ හත අතරින් පහක්ම ලංකාව අවට මුහුදේ ජීවත් වීම විශේෂත්වයකි. ඒ ගල් කැස්බෑවා, බටු කැස්බෑවා, දාර කැස්බෑවා, පොතු කැස්බෑවා සහ ඔලුගෙඩි කැස්බෑවා යන විශේෂයන්‍ ය.

මිනිසා විසින් සිදු කරනු ලබන නොමිනිස් ක්‍රියා කාරකම් හේතුවෙන් ලොව පුරා කැස්බෑවුන් මිය යමින් සිටී. වසරකදී ලොවපුරා රටවලින් මුහුදට එක් කරනු ලබන ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රමාණය ටොන් මිලියන අටක් බව පැවසෙන අතර මුහුදේ ජීවත් වනු ලබන කැස්බෑවුන්, ජෙලිෆිෂ් වැනි ආහාරයක් යැයි වරදවා වටහාගෙන ප්ලාස්ටික් හෝ පොලිතින් ආහාරයට ගැනීමෙන් මිය යයි.

ලෝක කැස්බෑ දිනය ගැන ශ්‍රී ලංකාවේ අපි සාකච්ජා කරන්නේ පරිසර පද්ධතියේ ජීවත්වන කැස්බෑවන් ගේ ජීවිත දැඩි අභියෝගකට ලක්ව ඇති පසුබිමකය. ඒ එක්සප්‍රස් පර්ල් නවුකාව කොළඹ වරාය ආසන්නයේ දී ගිනිගෙන මුහුදුබත් වීම සහ ඒ ආශ්‍රිතව පැන නැගුණ පරිසර හානිය හේතුවෙන් කැස්බෑවන් මියයාම දිවයිනේ විවිධ වෙරළ තීරවලින් වාර්තා වීමයි. 

දින කිහිපයක් ඇතුළත ශ්‍රී ලංකාවට අහිමි වී ගිය මුහුදු කැස්බෑවන් ගණන 50 කට ආසන්න බව පරිසරවේදීන් මාධ්‍ය වාර්තා කර ඇත.බටහිර වෙරළේ මුන්දලම දක්වාත් දකුණේ වෙරළේ තංගල්ල රැකව ප්‍රදේශ දක්වාත් කැස්බෑවන්ගේ සිරුරු වෙරළට ගොඩ ගසා තිබී ඇත. 

ලොව වඳවීයාමේ තර්ජනයට ලක්ව ඇති පොතු කැස්බෑවන් පස්දෙනකුම එලෙස පරිසර පද්ධතියට අහිමිවීම ඇත. 


Saturday, May 22, 2021

ජෛව විවිධත්ව දිනය අදයි.(2021-05-22)

ලෝක ජෛව විවිධත්ව දිනය අදට (22)ට යෙදී ඇත. "We’re part of the solution (අපි විසඳුමේ කොටසකි)" යන්න මෙවර තේමාව වී තිබේ.වර්ෂ1992දි බ්‍රසීලයේ රියෝද ජෙනිරෝහි පැවති පරිසරය හා සංවර්ධනය පිළිබඳ සමුළුව මුල්.කරගනිමින් ආරම්භ වූ ජෛවවිවිධත්වය පිළිබද අන්තර්ජාතික සම්මුතියේ නයිරෝබි කෙටුම්පත සම්මතවූ දිනය සිහිපත්කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් සෑම වසරකම මැයි 22 දිනය අන්තර්ජාතික ජෛවවිවිධත්ව දිනය වශයෙන් ප්‍රකාශයට පත්කර තිබේ.

වැඩිදුර තොරතුරු දැන ගැනීහට පෙර ලිපිය සඳහා මෙතනින් යන්න.

Thursday, April 22, 2021

ජගත් මිහිතල දිනය අදයි (2021-04-22)

 

මුලුමහත් පෘතුවියමටම බලපාන පරිසර ගැටළු කෙරෙහි ලෝකවාසීන්ගේ අවධානය යොමු කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ”ජගත් මිහිකත දිනය” නම් කොට තිබේ.  

ජගත් මිහිතල දිනය නම් කිරීමේ පුරෝගාමී වූවෝ

මෙම දිනය ප්‍රකාශයට පත් කිරීමට පුරෝගාමී වූයේ ඇමරිකාවේ විස්කොන්සින් ප්‍රාන්තයේ සෙනෙට් සභික ගේලෝඩ් නෙල්සන් මහතාය. එකල වියට්නාම යද්ධය සිදු වූ අවධිකයි. එහිදී විවිධ පාරිෂවයන් විසින් වියට්නාම යුද්ධයට එරෙහිව හඬ නැඟුවද, එම යුද්ධයෙන් සිදු වන පරිසර විනාශය ගැන කිසිවෙකු අවධානය යොමු නොකෙරිණි. ඒ බව දුටු ගේලෝඩ් නෙල්සන් මහතා, තෙල් වැගිරීම්, කෘමිනාශක, දුමාරය වැනි දෙයින් පෘථිවියට බලපෑම් ඇති වන ආකාරය මහජන අවධානයට ලක් කරන්නට වෑයම් ‍කෙරිණි. එම වෑයමේ ප්‍රතිඵලයක් වශයෙන් ප්‍රථම වතාවට 1970 අප්‍රේල් මස 22 දා සැමරූ මිහිතල දිනයට ඇමරිකානුවන් මිලියන 20ක් සහභාගි වූ බව  තොරතුරු සඳහන් වේ. 

සාර්ථක සැළසුමක්

මිහිතල දිනය වශයෙන් අප්‍රේල් 22 යොදාගැනීමට සැළසුම් කර ඇත්තේ නෙල්සන් සහ සරසවි සිසුවෙකු වූ ඩෙනිස් හේස් විසිනි. ඩෙනිස් හේස් යනු හාවඩ් විශ්වවිද්‍යාලයේ දේශපාලනිකව ක්‍රියාකාරී සරසවි සිසුවෙකි.   ඊට හේතුව මේ දිනය සරසවි සිසුන්ගේ වසන්ත නිවාඩුව සහ අවසාන විභාග අතර යෙදෙන දිනයක් වීම තුළින් වියට්නාම යුද්ධයට එරෙහිව දේශපාලනිකව ක්‍රියාකාරී වූ සරසවි සිසුන්ගේ වැඩි අවධානය මිහිතල දිනය දෙසට යොමු කරවාගැනීම, මෙහි අරමුණ වී ඇත. 

ලෝකයටම ව්‍යාප්ත කළා

මිහිතල දිනය ඇමරිකාවේ ආරම්භ වූවත් පසුව ලොව දසත ව්‍යාප්ත වුණු සංකල්පයක්. එහිදී   ඩෙනිස් හේස් විසින් මූලිකත්වය ගෙන කටයුතු කර ඇත. ලෝක මිහිතල දිනය 1990 වන විට ලොව රටවල් 141ක පුද්ගලයන් මිලියන 200ක පිරිසකගේ සහභාගිත්වයෙන් සැමරෙන දිනයක් බවටපත් වී ඇත. 2000 වසර වන විට ලෝකයේ පරිසර සංවිධාන 5000ක දායකත්වයෙන් රටවල් 184ක ලෝක මිහිතල දිනය සැමරා ඇත.  Earth Day (මිහිතල දිනය) නම් වුණු මේ දිනය 2009 වසරේදී එක්සත් ජාතීන්ගේ මහ සභාව විසින් International Mother Earth Day නමින් නම් කෙරුණා.

මෙවර තේමාව

 ඒ අනුව එම දිනය සැමරුම මේ දක්වා සිදු කෙරෙනවා. මේ එහි 51 වන සංවත්සරයයි. 

මෙවර ජගත් මිහිතල දිනයේ තේමාව වී ඇත්තේ "පෘථිවිය යථා තත්ත්වයට පත් කරමු (Restore our Earth)" යන්නයි. 

මෙම වසරේ තේමාව අවධානය යොමු කරන්නේ ස්වාභාවික ක්‍රියාවලීන්, නැගී එන හරිත තාක්ෂණයන් සහ ලෝකයේ පරිසර පද්ධති යථා තත්වයට පත් කළ හැකි නව්‍ය චින්තනයන් ය.

මෙහිදී අපේ සමස්ත පෘථිවි තලයටම බරපතළ හානියක් කරන ප්ලාස්ටික් හා පොලිතින්වලින් මිහිතලය ආරක්ෂා කර ගැනීම සම්බන්ධව විශේෂ අවධානය යොමු කර ඇත.

ඔබ කළ යුතු දේ

ඔබට පුළුවන් ගෙදර ඉඳගෙන ම ලෝක මිහිතල දිනය වෙනුවෙන් ඔබේ වගකීම ඉටු කරන්න. පුංචි පැලයක් හිටවන්න, ගෙදරට ගෙන එන පොලිතීන් ප්ලාස්ටික් අවම කරන්න, එම අපද්‍රව්‍ය අනිසි ලෙස බැහැර නොකර නැවත නැවත භාවිතය හා භාවිතයෙන් පසු ඉවතලන දේ ප්‍රතිචක්‍රීකරණයටම යොමු කරන්නට මේ මිහිතල දිනයේදී ආරම්භ කරන්නට හැකිනම් මිහිතලයට ඔබ යමක් එක්කලා යැයි සතුටු විය හැකිය.

ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ග

ශ්‍රී ලංකාව ද පොලිතීන් ප්ලාස්ටික් අවම කිරීම සඳහා විටින් විට විවිධ පියවරයන් ගනිමින් සිටිනවා. ඒ අතර පොලිතීන් ප්ලාස්ටික් නිෂ්පාදනය හා භාවිතය සීමා කිරීම් හා තහනම් කිරීම් සඳහා ගෙන ඇති නීති වැදගත් තැනක් ගනී. ආසන්නතම නීති ක්‍රියාවට නැංවීම 2021වසරේ මාර්තු 31 දින සිදු වෙනවා. ඒ 2021 ජනවාරි 21 දිනැති ගැසට් නිවේදනයෙන් ෂැසේ පැකට්, කොටන්බඩ් සමහා හුලං පිරවූ සෙල්ලම්බඩු භාවිතය තහනම් කිරීමෙනි. අදාල ගැසට් නිවේදනයේ ඡායාරූපය පහතින් දක්වා ඇත.


Google බ්‍රවුසරයේ පිවිසුම් පිටුව තුළ මිහිතල දින පණිවිඩය පහත විඩියෝවෙන් දක්වා තිබුණා.

https://www.youtube.com/watch?v=hAxqygRdM4g&t=2s



මූලාශ්‍ර - https://www.yamu.lk/si


Tuesday, February 2, 2021

ලෝක තෙත්බිම් දිනය අදට යෙදී ඇත. (2021 පෙබරවාරි 02)



ලෝක තෙත්බිම් දිනය අදට (02) යෙදී ඇති අතර “තෙත්බිම් සහ ජලය”  (“Wetlands and water”)  මෙවර ලෝක තෙත්බිම් දිනයේ තේමාව වී තිබේ. වාරෂිකව මෙම තේමාව රැම්සාර් මහලේකම් කාර්යාලය විසින් නම් කරනු ලබයි.

1971 වසරේ ඉරානයේ රැම්සාර් නුවරදී, ජාතීන් 21 ක් විසින් තෙත්බිම් සම්බන්ධ රැම්සාර් සම්මුතියට අත්සන් කල දිනය, එනම් පෙබරවාරි 2 වන දිනය, ලෝක තෙත්බිම් සැමරුම් දිනය ලෙස තෝරා ගෙන තිබෙයි

ලොව ප්‍රථම වතාවට  1997 වර්ෂයේදීයී තෙත්බිම් දිනය සමරනු ලැබ ඇත. එතැන් පටන් සෑම වසරකදීම,  තෙත් බිම් වල වටිනාකම් හා ප්‍රතිලාභ පිළිබඳවත්, විශේෂයෙන් රැම්සාර් සම්මුතිය සම්බන්ධ ලෝක ප්‍රජාව දැනුවත් කරමින් තෙත්බිම් සුරැකීම කෙරෙහි අවධානය යොමු කරවමින් සැමරම් වැඩසටහන් ක්‍රියාතමක කර ඇත. මේ ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය සඳහා අදාල පාර්ශවයන් වෙත රැම්සාර් මහලේකම් කාර්යාලයද, අවශ්‍ය ආධාර සපයයි.

තෙත්බිම් පිළිබඳව කතා කිරීමේදී ශ්‍රී ලංකාව සුවිශේෂී වි ඇත්තේ 2018 වර්ෂයේ ඔක්තෝබරයේ දී රැම්සා සම්මුතිය විසින් කොළඹ නගරය ලෝකයේ ප්‍රථම තෙත් බිම් නගරය ලෙස නම් කිරීම හේතු කරගෙනය.

2021 හි ලෝක තෙත්බිමු දින තේමාව, තෙත්බිම් මිරිදිය ප්‍රභවයක් ලෙස අවධානය යොමු කර ඇති අතර ඒවා යථා තත්වයට පත් කිරීමට සහ ඒවායේ හායනයන් නැවැත්වීමට ක්‍රියා කිරීමට දිරිගැන්වීමේ අරමුණින් ප්‍රකාශයට පත් කර ඇත.

පෘථිවිය ජල ග්‍රහලොවක් ලෙස නම් කෙරේ. මෙයට හේතුව අභ්‍යාවකාශයේ සිට බලන විට එය නිල් පැහැයෙන් පෙනීමයි. මෙම පැහැයට හේතුව පෘථිවියෙන් 70% ක් පමණ පැතිරි සාගර ජලයයි. 

සමස්ත ගෝලීය ජල ප්‍රමාණයෙන් මිනිසාට ගත හැකි මතු පිට මිරිදිය ජලය ලෙස පවතින්නේ 1% පමනි.

පෘථිවියේ ජල ව්‍යාප්තිය

• සාගර ජලය (සාගර හා මුහුදුවල)
• භූතල ජලය (surface water) (භූමිය මතුපිට,ගංගා, ඇළදොළ, විල් සහ ජලාශවල)
• භූගත ජලය (Ground water) (භූමිය තුළ අන්තර්ගත)
• වායුගෝලීය ජලය (Atmospheric water) (වායුගෝලීය ආර්ද්‍රතාව)
• පාංශු ජලය (Soil water) (පස තුළ අන්තර්ගත)

ලොව සම්පූර්ණ භූමි ප්‍රමාණයෙන් 71% ජලයෙන් වැසී ඇත

සාගර ජලය 97.5% (කරදිය)
ගොඩබිම ජලය 2.5% (මිරිදිය)

ගොඩබිම ජලය

අයිස් තට්ටු හා ග්ලැසියර් 79%
භූගත ජලය 20%
ප්‍රයෝජනයට ගත හැකි මතුපිට ජලය 01%

ප්‍රයෝජනයට ගත හැකි මතුපිට ජලය(මිරිදිය)

විල් හා වැව්ජලය 52%
ගංගා ජලය 1%
පෘථිවියේ වසන සියලු ම ජීවීන්ගේ සිරුරුවල හා ශාකවල අඩංගු ජලය 01%
ජලවාෂ්ප 08%
පාංශු ජලය 38%

මිනිසුන්ට සහ අපේ පෘථිවියට තර්ජනයක් වන මිරිදිය අර්බුදයකට අපි මුහුණ දෙමු. සොබාදහම නැවත පිරවිය හැකි ප්‍රමාණයට වඩා අප මිරිදිය භාවිතා කරන අතර ජලය සහ සියලු ජීවීන් බොහෝ දුරට රඳා පවතින පරිසර පද්ධතිය විනාශ කරමින් සිටිමු - තෙත්බිම්.

2021 තෙත්බිම් දින තේමාව මගින් අපේ පෘථිවියේ මිරිදිය, ප්‍රමාණය හා ගුණාත්මකභාවය සඳහා තෙත්බිම්වල දායකත්වය ඉස්මතු කර ඇත. ජලය සහ තෙත්බිම් වෙන් කළ නොහැකි සහජීවනයකට සම්බන්ධ වී ඇති අතර එය ජීවිතයට, අපගේ යහපැවැත්මට සහ අපේ පෘථිවියේ යහපත් පැවැත්මට අත්‍යවශ්‍ය වේ.

තෙත්බිම් පිළිබඳව වැඩි දුර තොරතුරු සොයන්නෙකුට මා විසින් 2017 වර්ෂයේ ඵල කළ ලිපිය පරිශීලනය කළ හැක - https://isiwaraya.blogspot.com/2017/02/2017-02.html




Source  - https://medwet.org
                https://si.wikipedia.org
                https://www.e-thaksalawa.moe.gov.lk

Monday, February 1, 2021

කොරෝනා මඩින දේශීය ඔසුවක්, ආයුර්වේද වෛද්‍ය තරංගා කුමාරි වික්‍රමසූරිය මහත්මියගෙන්... කමිටුවේ අනැමැතිය ද ලැබී ඇත.

කොරෝනා වෛරසය සුවපත් කරන ඖෂධයක් ගාල්ලේ අලුත්වල පාරම්පරික සහ ආයුර්වේද වෛද්‍ය තරංගා කුමාරි වික්‍රමසූරිය මහත්මිය විසින් හඳුන්වා දී ඇත.

එපිරෙපිස් නමින් හඳුන්වා දී ඇති මෙම ඖෂධය සඳහා යුර්වේද සූත්‍ර කමිටුවේ අනුමැතිය හිමිව තිබේ.

ඇය මීට පෙර ඩෙංගු රෝගය සඳහා ද දේශීය ඖෂධයක් නිපද වූ අතර ඒ සදහා පේටන්ට් බලපත‍්‍රයද හිමිව ඇත.

කොරෝනා සඳහා හඳුන්වාදෙන ලද නව ඖෂධය නුදුරේදීම රට පුරා ඖෂධ වෙළඳසැල් වලට යොමු කරන බව ද ඇය සඳහන් කළාය.

නමුත් දැනට විශාල පිරිසකට එකවර ඖෂධ නිකුත් කිරීමේ අපහසුතාව නිසා ඒ ගැන වැඩි ප්‍රචාරයක් ලබා නොදෙන බවද ඇය කියා සිටී.


මෙම ඖෂධය ඖෂධ අලෙවි සැල්වලට නිකුත් කිරීමට හැකියාව ඇති ලෙස අනුමැතිය දෙමින් සහතික ලැබී ඇතැයිද ඇය සදහන් කලාය.

උපුටා ගත්තේ -  February 1, 2021 at 9:20 am | lanka C news