Monday, August 13, 2018

ග්ලයිෆොසෙට් තහනම ඉවතට

ලංකාවේ වකුගඩු රෝගය සහ ග්ලයිෆොසෙට් පිළිබඳව කරුණු සොයන්නන්ගේ පහසුව පිණිස මෙම ලිපිය ලංකා සී නිවුස් වෙබ් අඩවියෙන් උපුටාගෙන ඵල කරන ලචද බව කරුණාවෙන් සලකන්න. මෙහි පුර්ණ අයිතිය මෙම ලිපියේ මුල් අයිතිකරුවන් සතු වේ.

මොන්සැන්ටෝ ලාභය උදෙසා ජනතාව උකසට තබා ග්ලයිෆොසෙට් තහනම ඉවතට..

වත්මන් රජය බලයට පත් වූ පසුව මෙරට ජනතාවගේ වත්මන් හා අනාගත යහපැවැත්ම වෙනුවෙන් ගන්නා ලද ඉතා ම වැදගත් තීරණයක් ලෙස ඔවුන් විසින් ජනතාවට ඉදිරිපත් කළ ප‍්‍රතිපත්තිමය ප‍්‍රකාශයන්ට එකඟ ව කෘෂිකර්මාන්තයේ දී වල්නාශකයක් ලෙස භාවිත වන උග‍්‍ර විෂ සහිත ග්ලයිෆොසෙට් අඩංගු වල්නාශක භාවිතය තහනම් කරන ලදී. නමුත් එය තහනම් කර වසර 3 ක් ඉක්ම යාමට ප‍්‍රථමයෙන් මෙම වල්නාශකයේ හිිමිකාරීත්වය දරන මොන්සැන්ටෝ සමාගමේ දැඩි බලපෑම මත රජයේ නිලධාරින් හා ආණ්ඩුවේ විෂය භාර අමාත්‍යවරුන්ගේ මැදිහත් වීමෙන් ජනතාවගේ වත්මන් හා අනාගත පැවැත්ම විනාශයට ලක් කරමින් කැබිනට් අනුමැතියකින් තොරව ග්ලයිෆොසෙට් තහනම ඉවත් කෙරිණ. මෙම තහනම ඉවත් කිරීමට ප‍්‍රථමයෙන් කෘෂිකර්ම අමාත්‍යවරයා හා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා සඳහන් කළේ තේ හා රබර් වගාව සඳහා මාස 36 ක කාලයකට ග්්ලයිෆොසෙට් තහනම ඉවත් කරන බව ය. එහි දී ඔවුන්ගේ උත්සාහය වූයේ වැවිලි සමාගම්වල වුවමනාවන් ඉටු කිරීම සඳහා වතුකරයේ ජනතාව උකසට තැබීමට ය. යහපාලනය රට තුළ ස්ථාපිත කිරීමට ජනතාව සම`ග සම්මුතිගත වූ වත්මන් ආණ්ඩුව ජනතාවගේ යහපැවැත්ම වෙනුවෙන් නොව බහුජාතික සමාගම්වල වුවමනාවන් මත ඔවුන්ගේ ලාභාපේක්‍ෂාවන් වෙනුවෙන් පෙනී සිටින බව මේ මගින් මනා ව තහවුරු වේ.

ග්ලයිෆොසෙට් තහනම ඉවත් කර ගැනීමේ සමස්ත ක‍්‍රියාවලියේ දී මොන්සැන්ටෝ සමාගමේ වුවමනාවන් වෙනුවෙන් කටයුතු කරන්නේ ක්‍රොප්ලයිෆ් ශ‍්‍රී ලංකා (croplife Srilanka ) ආයතනය යි. ලංකාවට කෘෂි රසායනික ගෙන්වන සමාගම් එක් ව ගොඩනගා ගන්නා ලද මෙම සංවිධානයේ වත්මන් සභාපතිවරයා සීග්‍රෝ සිංගප්පූර් සමාගමේ (Zegro Singapore (pvt)ltd) රෝහිත නානායක්කාර ය. ක්‍රොප්ලයිෆ් ශ‍්‍රී ලංකා ආයතනය ග්ලයිෆොසෙට් තහනම ඉවත් කර ගැනීමේ ක‍්‍රියාවලිය පිටුපස සිටින ප‍්‍රධාන හස්තය බවට තහවුරු වී ඇති අතර මෙම ආයතනය තම සමාජික සමාගම්වල ලාභය වෙනුවෙන් පෙනී සිටිමින් මෙරට ජනතාව උකසට තබමින් තම ව්‍යාපාරික උවමනාවන් වෙනුවෙන් ග්ලයිෆොසෙට් තහනම ඉවත් කර ගැනීම සඳහා රජයට විශාල බලපෑමක් සිදු කරයි.

ජනතාව රවටමින් ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරීම

වත්මන් රජය බලයට පත්වීමට ප‍්‍රථම ජනතාවට ඉදිරිපත් කළ ‘‘මාස හැටකින් අලූත් රටක් හදන පංච විධ ක‍්‍රියාවලියෙහි’’ හානි කර කෘෂි රසායනික පිළිබඳ ව විශේෂයෙන් අවධාරණය කර තිබිණ. එහි සඳහන් කර තිබෙන පරිදි පරිසරය සුරකින කාබනික ගොවිතැන මගින් හරිත නිෂ්පාදන සඳහා ඇති විදේශීය වෙළෙඳපොළ අල්ලා ගැනීමට උත්සාහ ගන්නා අතර රටෙහි ආහාර ස්වෛරීභාවය හා ආරක්‍ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා බව ස`දහන් විය. මීට අමතර ව මිනිසාට හා පරිසරයට හානි කර මෙන්ම විශේෂයෙන් වකුගඩු රෝගයට හේතුවන බව සොයාගෙන ඇති කෘෂි රසායනික ද්‍රව්‍ය මෙරටට ආනයනය කිරීම දින 100 තුළ තහනම් කළ බවත් එය තවදුරටත් ක‍්‍රියාත්මක වැඩපිළිවෙළක් ලෙස ක‍්‍රියාවට නංවන බවත් එහි සඳහන් කර තිබුණි. එපමණක් නොව වත්මන් ජනාධිපතිවරයා බලයට පත්වීමට ප‍්‍රථම ජනතාවට ඉදිරිපත් කළ ‘‘මෛත‍්‍රි පාලනයක් ස්ථාවර රටක්’’ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ, වකුගඩු රෝගයට හේතු වන බවට හෙළිදරව් වූ කෘෂි රසායනික ගෙන්වීම හා බෙදාහැරීම වහා ම තහනම් කරන බව සඳහන් විය.

කෘෂි රසායනික භාවිතය හේතුවෙන් දිවයින පුරා ජනතාව නිදන්ගත වකුගඩු රෝගයට ගොදුරු වන බැවින් ග්ලයිෆොසෙට් ඇතුළු හානි කර කෘෂි රසායනික ආනයනය හා භාවිතය සම්පූර්ණයෙන් ම තහනම් කිරීම සඳහා මෙම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන පදනම් කර ගෙන ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයට 2015 මැයි මස 27 වන දින කැබිනට් මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබේ. එම අනුමැතිය පාදක කර ගෙන 1994 අංක 6 සහ 2011 අංක 31 දරන පනත් වලින් සංශෝධිත 1980 අංක 33 දරන පළිබෝධනාශක පාලනය කිරීමේ පනතේ 11 වන වගන්තියට අනුව බලපත‍්‍ර තහනම් කිරීම යටතේ පළිබෝධනාශක රෙජිස්ටාර් විසින් 2015 ඔක්තෝබර් මස 23 වන දින අංක 1937/35 දරන ගැසට් නිවේදනයෙන් සක‍්‍රීය ග්ලයිෆොසෙට් රසායනිකය අඩංගු සියලූ ම පළිබෝධනාශක සඳහා ලබා දී තිබු බලපත‍්‍ර අවලංගු කරන ලදී. ඊට ප‍්‍රථමයෙන් 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4(3) උප වගන්තිය සහ 14 වන වගන්තිය මෙන් ම 20 වන වගන්තියට අනුව ප‍්‍රකාශිත 2015 ජුනි මස 11 වන දින අංක 1918/22 දරන ගැසට් නිවේදනයට අනුව ග්ලයිෆොසෙට් අඩංගු වල්නාශක ලංකාවට ගෙන්වීම සම්පූර්ණයෙන් ම තහනම් කරන ලදී.

මේ ආකාරයෙන් ග්ලයිෆොසෙට් අඩංගු වල්නාශක ගෙන්වීම සහ භාවිතය සඳහා වන බලපත‍්‍ර අහෝසි කිරීමට ප‍්‍රථමයෙන් පළිබෝධනාශක පනතේ 11 වන වගන්තියට අනුව පළිබෝධනාශක රෙජිස්ටාර් වරයා විසින් ප‍්‍රකාශයට පත් කළ 2014 දෙසැම්බර් 22 වන දින අංක 1894/4 දරන ගැසට් නිවේදනය අනුව අනුරාධපුරය, පොළොන්නරුව, කුරුණෑගල, මොනරාගල යන දිස්ත‍්‍රික්ක හතර තුළ හා බදුල්ල දිස්ත‍්‍රික්කයේ රිදීමාලියද්ද හා කන්දකැටිය යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ දෙක තුළ ග්ලයිෆොසෙට් අඩංගු වල්නාශක භාවිතය හා විකිණීම තහනම් කර තිබුණි.

පළිබෝධනාශක පාලනය කිරීමේ පනත යටතේ ග්ලයිෆොසෙට් භාවිතය හා විකිණීම තහනම් කරන සියලූ ගැසට් නිවේදනවල ප‍්‍රධාන වශයෙන් ම අවධාරණය කර ඇත්තේ මහජනතාවගේ හිත පිණිස සහ පළිබෝධනාශක තාක්‍ෂණික හා උපදේශක කමිටුවේ උපදෙස් මත මෙම තහනම් කිරීම සිදු කරන බව ය. නමුත් පළිබෝධනාශක පාලනය කිරීමේ පනතේ 11 වන වගන්තිය යටතේ පළිබෝධනාශක රෙජිස්ටාර්වරයා විසින් ප‍්‍රකාශයට පත් කළ 2018 ජුනි 11 වන දින අංක 2079/37 දරන ගැසට් නිවේදනය මගින් ග්ලයිෆොසෙට් භාවිතය හා විකිණීමේ බලපත‍්‍ර තහනම් කිරීම අවලංගු කර ඇති අතර මෙදින ම ප‍්‍රකාශිත අංක 2078/38 දරන ගැසට් නිවේදනය මගින් දිස්ත‍්‍රික්ක හතරක හා ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ දෙකක ග්ලයිෆොසෙට් භාවිතය හා විකිණීමේ තහනම ද ඉවත් කරන ලදී. මෙහි දී ද අදාළ ගැසට් නිවේදනයේ දක්වා ඇත්තේ මහජනයාගේ හිත පිණිස සහ පළිබෝධනාශක තාක්‍ෂණික හා උපදේශක කමිටුවේ උපදෙස් පරිදි ග්ලයිෆොසෙට් තහනම ඉවත් කළ බව ය. මෙම ගැසට් නිවේදනය ප‍්‍රකාශයට පත් කිරීමට ප‍්‍රථමයෙන් කිසි`දු ආකාරයක කැබිනට් අනුමැතියක් ලබා ගෙන නොමැත. කැබිනට් අනුමැතියකින් තොරව ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරීමට මෙම ගැසට් නිවේදන ප‍්‍රකාශයට පත් කිරීම සඳහා කෘෂි රසායනික සමාගම් වලින් රජයට දැඩි බලපෑමක් එල්ල වී ඇති බව පෙනෙන්නට තිබේ. මේ නිසා රජයට ජනතාව ගැන සිතීමට හෝ නීතිය පිළිබ`ද ව තැකීමට අමතක වී ඇත.

මෙම ගැසට් නිවේදන වල ස`දහන් වන ආකාරයට මහජනතාවගේ හිතසුව පිණිස උග‍්‍ර විෂ වල්නාශක භාවිත කිරීම හා විකිණීමේ අවසරය ලබා දුන් පළමු අවස්ථාව මෙයයි. ග්ලයිෆොසෙට් වල්නාශක අඩංගු බෝතල්වල ‘‘පළිබෝධනාශක අනතුරු සහිතයි ප‍්‍රවේශමෙන් පරිහරණය කරන්න’’ ලෙස සඳහන් වේ. එසේ තිබිය දී හිටපු පළිබෝධනාශක රෙජිස්ටාර්වරයා ප‍්‍රසිද්ධියේ සඳහන් කළේ ග්ලයිෆොසෙට් විෂ රහිත බවත් එය පානය කිරීමේ හැකියාව සහිත වල්නාශකයක් බවත් ය. මොන්සැන්ටෝ සමාගමේ වුවමනාවන් හා කොමිස් වෙනුවෙන් මේ ආකාරයේ වැරදි මතයන් සමාජ ගත කර සමාජ ආචාරධර්ම උල්ලංඝනය කරමින් තහනම් වල්නාශක භාවිතා කිරීමේ අවස්ථාව නැවත ලබා ගන්නා ලදී.

1970 වසරේ සිට අද දක්වා රසායනික පළිබෝධනාශක 36 ක් මෙරට තුළ භාවිතය නීතියෙන් තහනම් කිරීම හා නියාමනය කිරීම සිදු කර ඇත. පළමු වතාවට නියාමන හා නීතිමය අයුරින් තහනම් කළ උග‍්‍ර විෂ වල්නාශකයක් නැවත තහනම ඉවත් කළ අවස්ථාව ලෙස ගල්යිෆොසෙට් තහනම ඉවත් කිරීම සඳහන් කළ හැකි ය. මෙය මොන්සැන්ටෝ සමාගමේ දැඩි බලපෑම මත ජනතාව උකසට තබමින් සමාජ ආචාරධර්ම උල්ලංඝනය කරමින් සමාගමෙන් ලැබෙන වරප‍්‍රසාද හා වරදාන වලට ඇති ගිජු බව නිසා ගත් තීරණයක් බව පැහැදිලි වේ. මේ නිසා රටේ ජනතාව වකුගඩු රෝගයට ගොදුරු වුව ද, පිළිකා හා දරු උපත් ආබාධ ඇති වුව ද, පරිසරය හා ජෛව පද්ධතීන් බිඳ වැටුණ ද නිලධාරින්ට හා අමාත්‍යවරුන්ට ගැටලූවක් නැත. ඔවුන්ට ගැටලූ මතුවන්නේ මොන්සැන්ටෝ සමාගමේ ලාභය අඩු වීම හා වැවිලි සමාගම්වල ලාභය අඩු වීම පිළිබඳව ය. එය භාවිතයෙන් ජනතාවට සිදුවන කිසි`දු අහිතකර ප‍්‍රතිවිපාකයක ගැටලූවක් මේ කිසිවකුට නැත.

නමුත් ඔවුන් ජනතා වරමින් බලයට පත් වූ බවත් ජනතාව සමඟ සම්මුතිගත වූ බවත් ජනතාවගේ බදු මුදලින් වැටුප් ලබන බවත්, ජනතාව වෙනුවෙන් යහපත් තීන්දු තීරණ ගැනීමට පමණක් බලය පවරා ඇති බවත් අමතක කරති. බලයට පත් වූ විට හා නිල බලයන් හිමි වූ විට නිලධාරින් හා අමාත්‍යවරුන් සිතන්්නේ තමන් සේවය කරන්නේ සමාගම්වල ලාභය වෙනුවෙන් බව ය. මේ නිසා ඔවුන් ට දැනෙන්නේ ග්ලයිෆොසෙට් තහනම් කිරීම කිසි`දු විද්‍යාත්මක පදනමක් මත සිදු නොවු ක‍්‍රියාවලියක් ලෙස ය. මේ නිසා ම ජනතාවගේ හිතසුව පිණිස ග්ලයිෆොසෙට් තහනම ඉවත් කරන බවට ගැසට් නිවේදනයේ සඳහන් කිරීමට ඔවුන්ට අපුලක් නොමැත. අචාරධර්ම හෝ ජනතා සම්මුතීන් හෝ නීතිය හෝ උල්ලංඝනය කිරීමට ඔවුන්ට ගැටලූවක් මේ නිසා නැත.

සමාගම වෙනුවෙන් පෙනී සිටින්නේ කවුරුන් ද?

ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරීම පිටුපස මොන්සැන්ටෝ සමාගමේ වරදාන ලබන ආචාර්ය බුද්ධි මාරඹේ, ආචාර්ය පරාක‍්‍රම වෛද්‍යනාථ, මහාචාර්ය ඔලිවර් ඞී. ඉලේපෙරුම, ආචාර්ය කමල් ගම්මන්පිල, හිටපු කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක, වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක, හිටපු පළිබෝධනාශක රෙජිස්ටාර් ඇතුළු කණ්ඩායම සිටිති. ඔවුන්ට ග්ලයිෆොසෙට් භාවිතය නිසා ලෝකයේ රටවල ජනතාව භුක්ති විඳිමින් සිටින හානි හෝ ග්ලයිෆොසෙට් භාවිතයේ හානි කර ප‍්‍රතිිවිපාක පිළිබඳව සිදු කර ඇති පර්යේෂණවල ප‍්‍රතිඵල හෝ නොපෙනෙති. ඔවුන් හිතාමතා ම බොහෝ දේ සමාජයෙන් සැඟවීමට උත්සාහ ගනිති. මොන්සැන්ටෝ සමාගමේ ඍජු හා වක‍්‍ර මෙහෙයවීම යටතේ සිදු කළ බොහෝ පර්යේෂණවල ප‍්‍රතිඵල සමාජ ගත කරන මොවුන් ඉන් සිදු වන හානිය පිළිබඳ ව අපක්‍ෂපාතී විද්‍යාඥයින් විසින් සිදු කළ පර්යේෂණවල ප‍්‍රතිඵල සමාජ ගත නොකරති. ඒ අනුව ග්ලයිෆොසෙට් එතරම් විෂ කෘෂි රසායනයක් නොවන බවත් ග්ලයිෆොසෙට් හානි කර බව පර්යේෂණ මගින් තහවුරු කර නොමැති බවත් ස`දහන් කරමින් ග්ලයිෆොසෙට් පිළිබ`ද ව සමාජය තුළ යහපත් ආකල්පයක් ඇති කිරීමට උත්සහ ගනිති. නමුත් ඔවුන් මේ සියල්ල කරන්නේ මොන්සැන්ටෝ සමාගමේ ඍජු මෙහෙය වීම යටතේ බව බොහෝ දෙනෙක් නොදනිති.

ග්ලයිෆොසෙට්වල අයිතිය

දෙවන පරම්පරාවේ වල්නාශකයක් වන ගල්යිෆොසෙට් පළල් පත‍්‍ර ශාක හා තෘණ කුලයේ ශාක යන සියලූ වල්පැළෑටි නසන වල්නාශකයක් ලෙස ක‍්‍රියාත්මක වේ. මේ මඟින් ශාකයේ ප්‍රෝටීන නිෂ්පාදනය අඩාල කර වල් පැලෑටි මරා දැමීම සිදු කරයි. මෙම සංයෝගය පළමු වරට සංස්ලේෂණය කරනු ලැබුවේ 1950 වසරේ දී ස්විස් ජාතික රසායනික විද්‍යාඥයකු වන හෙන්රි මාර්ටින් (Henry Martin) විසිනි. නමුත් මේ පිළිබඳ ප‍්‍රකාශයට පත් නොවුන ද 1970 දී ඇමෙරිකානු එක්සත් ජනපදයේ මොන්සැන්ටෝ සමාගමේ රසායනික විද්‍යාඥයකු වන ජොන් ඊ. ෆ්රාන්ස් (John E.Franz)විසින් නැවත මෙම සංයෝගය සංස්ලේෂණය කරන ලදී. මෙම සංයෝගය වල්නාශකයක් ලෙස භාවිතයට ගත හැකි බව ද සොයාගන්නා ලදී. ඒ සඳහා පේටන්්ට් අයිතිය ද මෙම සමාගම හිමි කර ගත් අතර 1974 වසරේ දී රවුන්ඞ්අප් (Roundup) වෙළෙඳ නාමයෙන් වල්නාශකයක් ලෙස වෙළෙඳපොළට යොමු කෙරින. 2000 වසරේ දී මෙම ග්ලයිෆොසෙට් සංයෝගය සංස්ලේෂණය හා වල්නාශකයක් ලෙස භාවිත කිරීමේ හැකියාවට ලබා ගත් වාණිජ පේටන්්ට් බලපත‍්‍රයේ කල් ඉකුත් වීම සිදු විය. ලෝකයේ 5 වන විශාලතම කෘෂි රසායනික නිෂ්පාදනය පමණක් නොව ලෝකයේ විශාලතම කෘෂි බීජ නිෂ්පාදන අයිතිය ද හිමි මොන්සැන්ටෝ සමාගම විසින් අද වන විට ග්ලයිෆොසෙට් අඩංගු වල්නාශක නිෂ්පාදනයේ දී විවිධ බාහිර සංඝටක එක් කර එහි ප‍්‍රබලතාවය වැඩි කරමින් සිටී. ඊට හේතුව ඔවුන්ට මේ වල්නාශකය නිෂ්පාදනය සඳහා පේටන්ට් බලපත‍්‍රය මඟින් හිමි ව තිබූ ඒකාධිකාරය 2000 වසරේ දී පේටන්ට් බලපත‍්‍රයේ කල් ඉකුත් වීමත් සමගම අහිමි වීම ය. වෙළෙඳපොළ ඉල්ලූම ඒ ආකාරයෙන් පවත්වා ගැනීමට හා අනෙක් සමාගම් සමඟ තරග කරමින් ඔවුන්ගේ ග්ලයිෆොසෙට් අඩංගු වල්නාශකවල ඉල්ලූම පවත්වාගෙන යාම සඳහා විවිධ අමතර ආධාරක සංයෝග හා බැර ලෝහ වර්ග එක් කරමින් වල්නාශකවල ප‍්‍රබලතාව වැඩි කරමින් සිටී. මේ නිසා අද වන විට ග්ලයිෆොසෙට් අඩංගු වල්නාශක භාවිතා කිරීමේ දී පසට, ජලයට එක් වන රසායනික අපද්‍රව්‍ය ප‍්‍රමාණය අධික වෙමින් පවතී.

ග්ලයිෆොසෙට්වල ක‍්‍රියාකාරීත්වය

ග්ලයිෆොසෙට් රසායනය නිපදවා ඇත්තේ උසස් ශාකවල සහ ක්‍ෂුද්‍ර ජීවීන් තුළ පමණක් හමුවන (5-enolphyruvylshikimate-3-phosphote-EPSP) එන්සයිමය නිෂ්පාදනය නිශේධනය කිරීමට ය. මෙම ෑඡුීඡු එන්සයිමය තයිරොසීන්, ටි‍්‍රප්ටොපෑන් හා පීනයිල්ඇලනීන් වැනි ඇමයිනෝ අම්ල නිෂ්පාදනය සඳහා අත්‍යවශ්‍ය වෙයි. ෑඡුීඡු එන්සයිමය පිළිබඳ ව තවදුරටත් සලකා බැලූවහොත් එය ශාක හොමෝනයක් වන ඔක්සීන නිපදවීමට, ෆෝලික් අම්ලය හා ලිග්නීන් නිපදවීමට ද අවශ්‍ය වේ. ග්ලයිපොසෙට් අඩංගු රසායනික ද්‍රව්‍යයන් ශාකයකට යෙදිය යුත්තේ ශාක පත‍්‍ර මතට පමණක් වන අතර, පොළොවට යෙදීමෙන් ශාකයට සිදු වන හානිය අවම ය. මෙහි දී සංස්ථානික වල්නාශකයක් ලෙස ග්ලයිෆොසෙට් ශාක පත‍්‍ර මතින් ශාකයට ඇතුළු වන අතර ප්ලෝයම පටක ඔස්සේ ශාකය පුරා ම පරිවහනය වී මුල් දක්වා ද ගමන් කරයි. බහුල වශයෙන් ශීඝ‍්‍රයෙන් විභාජනය වන පටකවල, නොමේරු ශාක පත‍්‍රවල සහ පොළොව යට තිබෙන ශාක පටකවල ග්ලයිපොසෙට් තැන්පත් වෙයි.

ග්ලයිෆොසෙට් අංශු පොළොවට වැටුනහොත් ඒවා ඉතා ඉක්මනින් පස් අංශු අතර ට බැඳෙයි. ඉන් පසු පස් අංශු අක‍්‍රිය අංශු බවට පත් වන අතර ඉතා ඉහළ කාබනික ද්‍රව්‍ය පවතින පසක ඉතා හොඳින් ග්ලයිෆොසෙට් අවශෝෂණය වෙයි. එසේ ම ගල්යිෆොසෙට් පස තුළ සාපේක්‍ෂව සංක‍්‍රමණය වන්නේ අල්ප වශයෙනි. එනම් පස මතට පතිත වු ග්ලයිෆොසෙට් එම ස්ථානයේ ම වියෝජනය නොවී පැවතීමට හැකියාවක් ඇත. එසේ ම ග්ලයිෆොසෙට් සහ පසෙහි අකාබනික පොස්පේට් අයන පාංශු උපස්තර සඳහා තරග වදින අතර පසේ පවතින අකාබනික පොස්පේට් අයන ප‍්‍රමාණය කොපමණ මට්ටමකින් ග්ලයිෆොසෙට් පාංශු උපස්තරවලට බැඳගනු ඇති ද යන්න තීරණය කරනු ලබයි. මෙමගින් සිදුවන්නේ අකාබනික පොස්පේට් අයන අඩු මට්ටමක් පවතින විටක දී ග්ලයිෆොසෙට් යෙ¥ විට තවදුරටත් පොස්පරස් පෝෂකය ඌණ පසක් බවට පත් වීම යි. නමුත් ග්ලයිෆොසෙට් පස මත ක‍්‍රියාකාරී ව පවතින කාලයට වඩා වැඩි කාලයක් මතුපිට ජල ප‍්‍රභව මත පවතින අතර මේ නිසා ජලජ ක්‍ෂුද්‍ර ජීවීන්ට, මත්ස්‍යයින්ට, මිරිදිය ඉස්සන්, මිරිදිය කකුළුවන්, මිරිදිය බෙල්ලන් හා ජලජ අපෘෂ්ඨවංශීන්ට බලපෑම් එල්ල වේ.

ඇමෙරිකා එක්සත්් ජනපදයේ ගල්යිෆොසෙට් භාවිතය හේ්තුවෙන් මිරිදිය කකුළුවන්ට සිදු වන හානි පිළිබඳ ව අධ්‍යයන කර තිබේ. මෙම රසායනිකයට නිරාවරණ වූ කකුළු පැටවුන් මිය යාම හා රූපාන්තරණයට ගත වන කාලය අඩු වන බව සොයගෙන ඇත. ගෙම්බන්ගේ වර්ධනයේ මුලික අදියර යාමනය කරනු ලබන හෝමෝන යාන්ත‍්‍රණය වෙනස් කිරීම සහ උපතින් විකෘති සහිත සතුන් බිහි වීමටත්, ඉස්ගෙඩියන්ගේ කරමලෙහි රූපකායේ වෙනස්කම් ඇති කිරීමටත් රූපාන්තරණයේ වෙනස්කම් සිදු කිරීමටත් ග්ලයිෆොසෙට් රසායනිකය බලපාන බව සොයාගෙන ඇත. මිරිදිය මත්ස්‍ය විශේෂවල අක්මාවට හානි සිදු කිරීම ග්ලයිෆොසෙට් රසායනික මගින් සිදු වෙන බව සොයාගෙන ඇති අතර එම සතුන්ගේ විෂහරණ පටක නැවත ගොඩනැගීමේ හැකියාව ද මෙම රසායනික හේතුවෙන් අවම කරන බව සොයා ගෙන තිබේ. මෙම රසායනිකයට ගොදුරු වන මත්ස්‍යයින්ගේ ඇසිටයිල්කෝලීන් නම් එන්සයිමයේ ක‍්‍රියාකාරීත්වය බිඳ වැටීම හේතුවෙන් ප‍්‍රජනන චර්යාවලට බලපෑම් ඇති කරන බව පර්යේෂණ මගින් තහවුරු වී ඇත. ග්ලයිෆොසෙට් වලට නිරාවරණය වන ගොළුබෙල්ලන්ගේ විකෘතිතාවන් ඇති වන බව ද පර්යේෂණ මගින් සොයා ගෙන තිබේ.

මීට අමතර ව ජලජ පරිසරවල ග්ලයිෆොසෙට් බහුල ව සාන්ද්‍රගත වීම හේතුවෙන් ජලජ ශාකවල පැවැත්මට ඉතා හානි කර බලපෑම් ඇති වන බව සොයා ගෙන ඇති අතර බොහෝ ජලජ ශාක විශේෂ ව`දවීමට මෙන් ම එම ජලජ ශාක ආශ‍්‍රිත ව බෝ වීම සිදු වන ජීවි විශේෂවල පැවැත්මට මේ නිසා බලපෑම් එල්ල වන බව පර්යේෂණ මගින් තහවුරු වී ඇත.

ග්ලයිෆොසෙට් රසායනය මගින් පස තුළ ජීවත් වන නයිට‍්‍රජන් තිරකරන බැක්ටීරියාවල පැවැත්මට ඉතා අහිතකර බලපෑම් සිදු කරන අතර සමස්තයක් ලෙස පාංශු ක්‍ෂුද්‍ර ජීවීන්ට ග්ලයිෆොසෙට් අහිතකර ය. පස තුළ ජීවත්වන විවිධාකාර වු ක්‍ෂුද්‍රජීවී ප‍්‍රජාවන් විනාශ වී යාම නිසා පසේ පෝෂක සමතුළිතතාව බිඳ වැටී නිසරු, ව`ද පසක් බවට ග්ලයිෆොසෙට් භාවිතා කළ බෝග සහිත පස පරිවර්තනය වෙයි.

ග්්ලයිෆොසෙට් රසායනය අඩංගු වල්නාශක සෑම වර්ගයක ම ඒක වාර්ෂික හා බහුවාර්ෂික, පළල් පත‍්‍ර තෘණ හා පන් වර්ග විනාශ කරනු ලබයි. නමුත් මේ වන විට ග්ලයිෆොසෙට් රසායනය අඩංගු වල්නාශකවලට එරෙහිව ප‍්‍රතිරෝධීතාවක් ගොඩන`ගාගත් වල්පැළෑටි බිහි වී ඇත. ශ‍්‍රී ලංකාව තුළ දී බිහි වු ප‍්‍රතිරෝධී වල් පැළෑටි වලට උදාහරණ ලෙස ගැටකොළ, වල් රබර් සහ ඩෙරිස් නම් වැල් වර්ගයක් හ`දුනා ගෙන ඇත. මෙය කාලයත් සම`ග නිර්මාණය වූ පරිසරයට අහිතකර වු තත්වයකි. මෙවැනි වල් පැළෑටි විශේෂයන් සුපිරි වල් පැළෑටි (Super Weeds) ලෙස හ`දුන්වනු ලබයි. මෙවැනි ප‍්‍රතිරෝධකතාවයන් සහිත සුපිරි වල් පැළෑටි ප‍්‍රභේදයක් මුලින් ම වාර්තා වුයේ 1996 දී ඕස්ටේ‍්‍රලියාවේ දී ය. එය නමින් රිජිඞ් රයි නම් තෘණ විශේෂයයි. මීට අමතර ව ගෝලීය වශයෙන් මේ වන විට ග්ලයිෆොසෙට් රසායනයට ප‍්‍රතිරෝධී වල් පැළෑටි විශාල ප‍්‍රමාණයක් විවිධ රටවල් වලින් වාර්තා වී ඇත.

තම ලාභ අපේක්‍ෂාව මුලික අරමුණ කරගත් මොන්සැන්ටෝ සමාගමේ තවත් විනාශකාරී නිර්මාණයක් ලෙස ග්ලයිෆොසෙට් ප‍්‍රතිරෝධී බෝග හ`දුන්වාදිය හැකිි ය. එම බෝග හ`දුන්වන්නේ ‘‘රවුන්ඞ්අප් රෙඩි ක්‍රොප්ස්’’ (Roundup Ready Crops) නමිනි. එහි දී ජාන ඉංජිනේරු තාක්‍ෂණය යොදාගනිමින් ග්ලයිෆොසෙට් වලට සුදානම් වු ජානයක් ශාක ෙසෙලයට ඇතුළු කරනු ලබයි. ඉන් පසු එම ජානය මගින් වෙනස් වු බෝගය ග්ලයිෆොසෙට් වල්නාශකයට ප‍්‍රතිචාර නොදක්වයි. එවිට කිසිදු බාධාවකින් තොරව වගා ක්‍ෂේත‍්‍රයට ග්ලයිෆොසෙට් යෙදිය හැකි අතර එමගින් අදාළ බෝගය හැරුණු විට අනෙක් සියලූ ම පැළ මර්දනය වේ. මේ මගින් බීජ ඒකාධිකාරය ද සමාගම් සතු කර ගැනීම පහසු වේ.

ග්ලයිෆොසෙට් මගින් මානව සෞඛ්‍යයට එල්ල වන බලපෑම

ග්ලයිෆොසෙට් මගින් මානව සෞඛ්‍යයට එල්ල කරන බලපෑම ආකාර කිහිපයකින් සිදු වේ. එක් බලපෑමක් වන්නේ ග්ලයිිෆොසෙට් සංයෝගයෙන් සිදු කරන බලපෑම ය. අනෙක ග්ලයිෆොසෙට් භාවිතා කර වල්නාශක නිෂ්පාදනයේ දී එක් කරන ආධාරක රසායනික නැතහොත් අමතර සංඝටක මගින් ඇති කරන බලපෑමයි. මේ දෙක ම පිළිබඳ අවධානය යොමු කිරීම වැදගත් වේ.

ග්ලයිෆොසෙට් ශරීරගත වීම ආකාර කිහිපයකින් සිදු වේ. ජලය මගින්, ආහාර මගින්, ශරීරයේ තැවරීමෙන් හා ආග‍්‍රානයෙන් ග්ලයිෆොසෙට් ශරීර ගත වේ. මේ කුමන ආකාරයෙන් ශරීරයට ග්ලයිෆොසෙට් එක් වුව ද ඇති කරන බලපෑම ඉතා ම දරුණු ය.

අපගේ ශරීරයේ ඇති ග්ලයිසීන් ඇමයිනෝ අම්ලය නැතහොත් එන්සයිමයට පොස්පේට් අණුවක් එක් වූ විට ග්ලයිසීන් පොස්පේට් නැතහොත් ගලයිෆොසෙට් සැකසේ්. ඒ අනුව ශරීරයට ග්ලයිෆොසෙට් එක් වූ විට ශරීරයේ දී ග්ලයිසීන් ඇමයිනෝ අම්ලය වෙනුවට ග්ලයිෆොසෙට් ආදේශ වී ඉතා හානි කර බලපෑම් ශරීරයේ ක‍්‍රියාකාරීත්වයට ඇති කරයි. මතක ශක්තිය අඩු වීම හා වකුගඩු ආබාධ ඇති කිරීමට මේ තත්වයන් බලපානු ලැබේ. ග්ලයිෆොසෙට් හා දියවැඩියා රෝගය අතර සම්බන්ධයක් පවතින්නේ අග්න්‍යාශයේ ලැන්ගහෑන් ද්විපිකා ෙසෙල මගින් නිකුත් වන එන්සයිමවල ක‍්‍රියාකාරීත්වය වෙනස් කිරීම හේතුවෙනි. මේ නිසා ශරීරයේ සීනි මට්ටම වෙනස් වී දියවැඩියා රෝගී තත්වයන් ඇති කිරීමට ග්ලයිෆොසෙට් දායක වේ.

ග්ලයිෆොසෙට් ආහාර මාර්ගයට එක් වූ විට අන්ත‍්‍රයේ (බඩවැල්වල) සිටින හිතකර බැක්ටීරියා විනාශ කරන අතර මේ නිසා අහිතකර බැක්ටීරියා වර්ධනය වේගවත් වේ. මේ නිසා ආමපිත්ත රෝගයෙන් පෙළෙන අයට ඉතා ම දරුණු අහිතකර බලපෑම් ඇති වේ.

ඇල්කොහොල් නොවන අක්මා රෝගය නැතහොත් අක්මාව දියවීමේ රෝගය (Lung alcoholic liver deceases) ඇති වීමට ග්ලයිෆොසෙට් ඍජුව ම බලපායි. මේ බව මීයන් යොදාගෙන සිදු කරන ලද පර්යේෂණ මගින් තහවුරු වී . ජර්මනියේ (Federal Institute for Risk Assesment) ආයතනය මගින් ගල්යිෆොසෙට් රසායනික පිළිබඳ ව කරන ලද අධ්‍යයන මගින් අනාවරණය වී ඇත්තේ පිළිකා ඇති වීමට මෙම රසායනිකය ඍජු ව දායක වන බව ය. ඒ අතුරින් වසාගැටිති ආශ‍්‍රිත ව ඇති වන non-hodkin lymphoma නම් පිළිකා තත්වය ඇති වන අතර ගෙල ප‍්‍රදේශයේ වසාගැටිති ආශ‍්‍රිත ව ඇති වන පිළිකා බහුල ව ගල්යිෆොසෙට් ශරීරගත වීම නිසා සිදු වේ.

යුරෝපා රසායනික ආයතනය(European chemical agency ) විසින් සිදු කරන ලද පර්යේෂණ මගින් සොයාගෙන ඇත්තේ ඇස් ආබාධ ඇති කිරීමට ප‍්‍රබල බලපෑමක් ග්ලයිෆොසෙට් මගින් සිදු කරන බව ය.

2015 වසරේ දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ පිළිකා රෝග පිළිබඳ ජාත්‍යන්තර පර්යේෂණායතනය (International Agency for Reseach cencer) විසින් ග්ලයිෆොසෙට් මිනිසාට පිළිකා ඇති කිරීමට හේතුවන රසායනික සංයෝගයක් ලෙසට නම් කරන ලදී. නමුත් මොන්සැන්ටෝ සමාගමෙන් ප‍්‍රතිලාභ ලබන විද්‍යාඥයින්ගේ දැඩි බලපෑම මත එම තත්වය වෙනස් කිරීමට පවා පසුගිය කාලයේ බලපෑම් එල්ල කෙරිණ.

ඇමෙරිකාවේ හා යුරෝපයේ සිදු කරන ලද අධ්‍යයන වලින් අනාවරණය වී ඇත්තේ මව් කිරිවලට ද ග්ලයිෆොසෙට් රසායනිකය එක් වී ඇති බව ය.

එපමණක් නොව ග්ලයිෆොසෙට් ඉතා අවම මාත‍්‍රාවකින් භාවිත කළ ද මිනිසාගේ සමෙහි ෙසෙල මරාදැමීමට සමත් වන බව සොයා ගෙන ඇත. සමේ ෙසෙල තුළ පිහිටි මයිටකොන්ඩි‍්‍රයාවල බිත්තිය ඔක්සිකරණයෙන් බිඳ දැමීමට ග්ලයිෆොසෙට් රසායනිකය උත්පේ‍්‍රරණය කරන බවත් පළුදු වූ සමේ ෙසෙල පිළිකාජනක තත්වයට පත් කිරීමට ග්ලයිෆොසෙට්වලට හැකියාව ඇති බවත් හ`දුනාගෙන ඇත.

සාමාන්‍යයෙන් ග්ලයිෆොසෙට් වල්නාශකය නිර්දේශිත මාත‍්‍රාවෙන් 450 ගුණයක් තරම් තනුක සාන්ද්‍රණයකට මිනිත්තු 20 ක් නිරාවරණය වුවහොත් මිනිස් මුඛයේ ෙසෙලවල වර්ණදේහ හානියට ලක් කරන බව සොයාගෙන ඇත. එපමණක් නොව මෙම රසායනික ආඝ‍්‍රාණය කිරීමෙන් මුඛය තුළ හා ස්වසන පටකවල ෙසෙල තුළ පිහිටන වර්ණදේහ හානියට ලක් කරන බව පර්යේෂණ මඟින් තහවුරු කර ඇත.

අධ්‍යයන කිහිපයකින් අනාවරණය වී ඇත්තේ පාකින්සන් රෝගයට ග්ලයිෆොසෙට් රසායනිකය ඍජු සම්බන්ධයක් ඇති බව ය. ග්ලයිෆොසෙට් රසායනිකයෙන් ඩිපැමිනජික් නම් ස්නායුවල බිඳවැටීම සිදු කර පාකින්සන්් රෝගයට හේතුසාධක ගොඩනැංවෙන බව අනාවරණය වී තිබේ.

බර්ලින්වල ග්ලයිෆොසෙට් සමග ඍජු සම්බන්ධතාවක් නොමැති ජනතාව යොදාගෙන කරන ලද අධ්‍යයනයකින් අනාවරණ වී ඇත්තේ එම ජනතාවගේ මුත‍්‍රාවල ග්ලයිෆොසෙට් රසායනිකය වාර්තා වූ බව ය. ඊට හේතුව ලෙස එම පර්යේෂණයෙන් නිිගමනය කර ඇත්තේ ග්ලයිෆොසෙට් රසායනික තැවැරුණු ආහාර කෑමට ගැනීමෙන් ග්ලයිෆොසෙට් රසායනිකය ශරීරගත වී ඇති බව ය.

හිතාමතා ග්ලයිෆොසෙට් අඩංගු වල්නාශක ශරීරගත කර ගැනීම හේතුවෙන් වාර්තා වූ සිද්ධීන්ට අනුව ශ‍්‍රී ලංකාවේ 887 දෙනෙකුගෙන් 21 දෙනෙක් මරණයට පත් වී ඇත. ආජන්ටිනියානු වෛද්‍යවරු වාර්තා කරන ආකාරයට ග්ලයිෆොසෙට් වල්නාශකය ට කෙටිකාලීන ව නිරාවරණය වීම නිසා ස්වශනාබාධ, පාචනය, වමනය සහ සම මත කුෂ්ඨ ඇති වීම මෙන් ම දිගුකාලීන ව පිළිකා, ව`දභාවය, ගැබ් ගැනීම් සම්බන්ධ ප‍්‍රශ්න, උපත් ගැටලූ සහ ස්වශන රෝග ඇති වන බව ද හ`දුනාගෙන ඇත.

ආජන්ටිනාවේ චැකෝ ප‍්‍රදේශයේ රජය ප‍්‍රකාශයට පත් කළ වාර්තාවක සඳහන් කර ඇත්තේ කෘෂිකාර්මික ප‍්‍රදේශවල පිළිකා වැළදීම ඉතා ඉහළ මට්ටමක පවතින අතර මෙම ප‍්‍රදේශයේ අනපේක්ෂිත ළමා පිළිකාවල තෙගුණයක පමණ ඉහළ යාමක් වාර්තා වී ඇති බව ය. මෙලෙස වර්ධනය වී ඇති පිළිකා ලෙස ලිවුකේමියා, ලිම්ෆෝමා සහ මස්තිෂ්ක ඉදිමුම හ`දුනාගෙන ඇත. මෙම කෘෂිකාර්මික ප‍්‍රදේශවල ජාන වෙනස් කරන ලද බෝග වගාව පමණක් නොව අධික ලෙස ග්ලයිෆොසෙට් වල්නාශකය භාවිත කිරීම ද සිදු වන බව ස`දහන් කර ඇත. මේ පිළිබ`ද ව රසායනාගාර අධ්‍යයන වලින් පැහැදිලි වී ඇත්තේ ග්ලයිෆොසෙට් රසායනිකය මෙම පිළිකා ඇති වීම සමඟ සෘජු සම්බන්ධතා පවතින බව ය. අජන්ටිනාවේ චාකෝ ප‍්‍රදේශයේ 2000 සිට 2009 කාල පරාසවල දී උපත් ඌනතාවන් ආසන්න වශයෙන් 4 ගුණයකින් ඉහළ යාමට හේතු ලෙස ජාන වෙනස් කරන ලද සෝයා බෝංචි හා වී වගාවට ඉතා විශාල වශයෙන් ග්ලයිෆොසෙට් වල්නාශකය යෙදීම හේතු වී ඇති බව ද සොයාගෙන ඇත.

පැරගුවේ රටෙහි දිගුකාලීන ව ග්ලයිෆොසෙට් භාවිතා කරන ප‍්‍රදේශවල ජනතාවගේ මොළයෙහි විකෘති ඇති වීම, හිස්කබල කුඩා වීම හා හිස් කබලේ විකෘති ඇති වීම සිදු වී තිබෙන බව අනාවරණය වී තිබේ. මේ තත්ත්වයට හේතු ලෙස ගර්භණී සමයේ දී ස්නායු නාල වැසීමට අපොහොසත් වීම බව හ`දුනාගෙන ඇත. මෙම විකෘතිතාවන් ග්ලයිෆොසෙට් ශරීරගත වීමෙන් සිදු වී ඇති අතර ජාන වෙනස් කළ සෝයා බෝංචි වගාවන්ට ග්ලයිෆොසෙට් බහුල ව භාවිත කිරීම ඊට හේතුව බව හ`දුනාගෙන තිබේ.

ග්ලයිෆොසෙට් වලට නිරාවරණය වූ පිිරිමින්ගේ ටෙස්ටොස්ටෙරෝන් හෝමෝන මට්ටම 35% කින් අඩු කරන බවත් වෘෂණ කෝෂවල නිර්නාල ග‍්‍රන්ති බිඳ වැටීම මගින් ජීවි ශුක‍්‍රාණු ෙසෙලවල විකෘති වර්ණ දේහ මට්ටම ඉහළ යාමත් සිදු වී ඇති බව සොයාගෙන ඇත.

පසට තදින්් අවශෝෂණය වන ග්ලයිෆොසෙට් රසායනිකය බැර ලෝහ සම`ග සම්බන්ධ වීමේ වැඩි හැකියාවක් පවතින බව පර්යේෂණ මගින් අනාවරණය වී තිබේ.

මොන්සැන්ටෝ සමාගම ග්ලයිෆොසෙට් පිළිබ`ද ව ව්‍යාජ වෙළෙද දැන්වීම් පළ කිරීමේ ප‍්‍රතිඵල

ඇමෙරිකාවේ කෘෂිකාර්මික බිම්වල පමණක් නොව ගෙවතුවල බහුල ව භාවිත කරන වල්නාශකයක් ලෙස ග්ලයිෆොසෙට් භාවිතයට ගෙන ඇත්තේ මොන්සැන්ටෝ සමාගම එරට මාධ්‍යවල පළ කළ වෙළෙඳ දැන්වීම්වල ප‍්‍රතිඵලයක් ලෙස ය. 2007 වසර වනවිට ඇමෙරිකාවේ බහුල ව ම භාවිත කරන වල්නාශකය ලෙස ග්ලයිෆොසෙට් පත් විය. මේ නිසා ඇමෙරිකාවේ මෙම රසායනිකට ගොදුරු වූ ගොවීන් බොහෝමයක් පිළිකා ඇතුළු ව රෝග බොහෝමයක් හේතුවෙන් මිය ගොස් තිබේ. එසේ මිය ගිය අයගේ ඥාතීන් විසින් මොන්සැන්ටෝ සමාගමට එරෙහිව නඩු පවරා ඇත්තේ ව්‍යාජ වෙළෙඳ දැන්වීම් පළ කර ගොවි ජනතාව මුලා කර ඔවුන් ව රෝගාබාධ වලට ගොදුරු කර මරණයට පත් කිරීමට මෙම සමාගම වගකිව යුතු බවට අධිකරණය තීන්දු කළ යුතු බව ය. 1996 වසරේ දී ඇමෙරිකාවේ නිව්යෝක් මහාධිකරණයේ විනිසුරුවන් විසින් මොන්සැන්ටෝ සමාගම වැරදි ලෙස ව්‍යාජ වෙළෙඳ දැන්වීම් සැකසීම පිළිබඳ ව දඩ ගැසීම සිදු කර ඇත. මීට අමතර ව බ‍්‍රසීලයේ ද මෙලෙස වැරදි වෙළෙඳ දැන්වීම් ප‍්‍රචාරය කර ජනතාව මුලා කර ග්ලයිෆොසෙට් භාවිතයට හුරු කිරීමට එරෙහිව අධිකරණය මොන්සැන්්ටෝ සමාගමට දඩ නියම කර තිබේ. අද වන විට ඇමෙරිකාවේ අධිකරණවල මොන්සැන්ටෝ සමාගමට එරෙහිව ජනතාව විසින් ගොනු කළ නඩු 1000 කට වැඩි ප‍්‍රමාණයක් විභාග වෙමින් පවතී.

2001 වසරේ දී නිත්‍යනුකූල නොවන ලෙස කොලොම්බියානු හා ඉක්වදෝර දේශසීමාවේ කොකෝවා වගා බිම් වලට ගුවනින් ග්ලයිෆොසෙට් අඩංගු වල්නාශක යෙදීම නැවැත්වීමට කොලොම්බියානු අධිකරණය තහනම් නියෝගයන් නිකුත් කර ඇත. එසේ ම ඊශ‍්‍රායලයේ නිගුව් නම් ප‍්‍රදේශයේ ගොවියන්ගේ බෝග සඳහා ග්ලයිෆොසෙට් භාවිතය 2002 වසරේ දී අධිකරණ නියෝගයක් මගින් තහනම් කර ඇත. ඉන් පසුව 2010 වසරේ දී අරාබි මානව හිමිකම් කණ්ඩායමක් සහ ඊශ‍්‍රායලයේ විද්‍යාඥයින් පිරිසක් පෙන්වා දී ඇත්තේ සත්ව පාලනයේ දී තෘණ භූමි නඩත්තු කිරීම සඳහා යොදන ග්ලයිෆොසෙට් රසායනිකය හේතුවෙන් මිනිස් මරණ, ගබ්සාවීම් හා රෝගි තත්වයට පත් වීම් වර්ධනය වී ඇති බව ය. 2010 වසරේ දී ආජන්ටිනාවේ ප‍්‍රාදේශීය අධිකරණය ෆැන්ටාෆී පළාත තුළ ජනගහනය අධික ප‍්‍රදේශවල ග්ලයිෆොසෙට් අඩංගු වල්නාශක යෙදීම තහනම් කර ඇත. 2012 වසරේ දී කායික වෛද්‍යවරුන් 160 දෙනෙකුගෙන් සමන්විත ජාලයක් සෞඛ්‍ය සේවකයන් හා පර්යේෂකයන් පිරිසක් ආජන්ටිනාවේ ග්ලයිෆොසෙට් අඩංගු පළිබෝධනාශක වගා බිම් වලට ගුවනින් හෙළීම තහනම් කිරීම සඳහා ඉල්ලීම් කර ඇත. මෙහි දී ඔවුන් ග්ලයිෆොසෙට් ප‍්‍රතිරෝධී ජාන විකරණය කරන ලද සෝයා බෝංචි නිසා පිළිකා ඇති වීම ඉහළ යාම සහ අනෙකුත් රෝගී තත්වයන් පිළිබඳ ව ද සාක්ෂි ඉදිරිපත් කර ඇත.

2012 මැයි මාසයේ දී යුරෝපයේ Pestiside Action Network ආයතනය සහ ග‍්‍රීන්පීස් සංවිධානය විසින් යුරෝපා එකමුතුවෙන් සාමාන්‍ය අධිකරණයේ කොමිසමක් මගින් ග්ලයිෆොසෙට් නැවත ඇගයීම අවුරුදු 3 කින් පමා කිරීමට ලබා දුන් තීරණය අභියෝගයට ලක් කරමින් පැමිණිල්ලක් ගොනු කර ඇත. මෙහි දී ග්ලයිෆොසෙට් භාවිතය හේතුවෙන් මෑතක දී සිදු කරන ලද අධ්‍යයනයන් වලින් අනාවරණය වූ පිළිකාකාරක ගුණය, ජන්මානු ෙසෙලවල වර්ණදේහ වලට සිදු කරන හානිය හා උපත් අවම වීම වැනි සෞඛ්‍ය බලපෑම් ගැන සාක්ෂි නොසළකා හැරීම පිළිබඳ ව ඔවුන්ගේ කනස්සල්ල පළ කර ඇත

.ග්ලයිෆොසෙට් භාවිතය තහනම් කර ඇති රටවල්

මේ වනවිට ලොවපුරා රටවල් ගණනාවක් ග්ලයිෆොසෙට් අඩංගු වල්නාශක භාවිතය තහනම් කිරීමට හා සීමා කිිරීමට පියවර ගෙන ඇත. යුරෝපා රටක් වන මෝල්ටා ග්ලයිෆොසෙට් භාවිතය තහනම් කර තිබේ. මැදපෙරදිග රටවල් වන සවුදි අරාබිය, කුවෙට්, එක්සත් අරාබි එමිරේට්ස්, කටාර්, බහරේන් හා ඕමාන් යන රටවල් හයෙහි ග්ලයිෆොසෙට් වල්නාශකය භාවිතය තහනම් කර තිබේ. ප‍්‍රංශය ඉදිරි වසර තුන තුළ දී ග්ලයිෆොසෙට් තහනම් කිරීමට පියවර ගැනීමට තීරණය කර ඇත. යුරෝපා පාර්ලිමේන්තුව විසින් යුරෝපා සංගමයට අයත් රටවල් 28 ම ග්ලයිෆොසෙට් භාවිතය ඉදිරි වසර 5 තුළ තහනම් කිරීමටත් ගෙවතුවල භාවිතය තහනම් කිරීමට කඩිනමින් පියවර ගැනීමටත් තීරණය කර තිබේ.

ජර්මන් කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් මේ වසරේ අපේ‍්‍රල් මාසයේ දී ග්ලයිෆොසෙට් භාවිතය අඩු කිරීම සඳහා වන නියෝග මාලාවක් සකස් කර අවසන් කර තිබේ. බෙල්ජියම, ආජන්ටිනාව, බර්මුඩා, කොලොම්බියාව, නෙදර්ලන්තය, ඉතාලිය, පෘතුගාලය, එල්සැල්වදෝරය වැනි රටවල් ග්ලයිෆොසෙට් භාවිතය සීමා කිරීමට, ගෙවතුවල භාවිතය තහනම් කිරීමට, තෝරාගත් නගරවල හා පොදු ස්ථානවල භාවිතය තහනම් කිරීමට සහ වාණිජ වගාවන් සඳහා පමණක් භාවිත කිරීමට නීති පනවා ඇත.

මේ සියලූ තත්වයන් පාදක කරගෙන ග්ලයිෆොසෙට් තහනම නැවත ගෙන ආ යුතු ය. මේ වනවිට දේශීය සුළු පරිමාණ ගොවි ජනතාව මොන්සැන්ටෝ ඇතුළු බහුජාතික සමාගම්වල වෙළෙඳ මාෆියාවට හසු වී කෘෂි රසායනිකවල දැඩි ගොදුරක් බවට පත් ව සිටී. ඒ හේතුවෙන් අවශ්‍යතාව මත පමණක් නොව පුරුද්දට කෘෂි රසායනික භාවිතා කරන සමාජයක් තත්වයට අද වන විට කෘෂිකර්මාන්තයේ නිරත ජනතාව පත් කර ඇත. මේ නිසා දකුණු ආසියාවේ විශාලත ම වකුගඩු රෝහල ලංකාවේ ස්ථාපිත කිරීමටත්, පිළිකා රෝහල වසරින් වසර පුළුල් කිරීමටත් සිදු ව තිබේ. එපමණක් නොව අද වනවිට අපනයන කෘෂි වෙළෙඳපොළ සීමා වීමට ද අප රටේ සිදු කෙරෙන අධික කෘෂි රසායනික භාවිතය හේතු වී තිබේ. විශේෂයෙන් තේ වගාව සඳහා යොදන අධික කෘෂි රසායනික හේතුවෙන් සමහර රටවල තේ වෙළෙඳපොළ අප රටට අහිමි වීමේ ආසන්න අවස්ථාවක පවතී.

අප රටේ ගොවියා අධික ලෙස කෘෂි රසායනික භාවිතයට ගොදුරු කළ බහුජාතික කෘෂි රසායනික සමාගම් අද වන විට වැඩි දියුණු කළ හා ජාන තාක්‍ෂණයෙන් නිපද වූ බීජ වර්ග අප රට තුළ ස්ථාපිත කරමින් සිටී. මේ නිසා සාම්ප‍්‍රදායික ගොවිතැනේ පැවති ඊළඟ කන්නය සඳහා බීජ ඉතිරි කර ගැනීම වැනි පුරුදු ද නතර වී තිබේ. මේ නිසා අද වන විට සුළු පරිමාණ ගොවි ජනතාවට වගා කිරීම සඳහා අමතර යෙදවුම් විශාල ප‍්‍රමාණයක් වගා බිම් වලට යෙදවීමටත් මේ නිසා ම ප‍්‍රමාණවත් ලාභයක් ලබා ගැනීමටත් නොහැකි වී ඇත.

එපමණක් නොව කෘෂි රසායනික සමාගම් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මෙහෙයවන තත්වයට පරිවර්තනය වී ඇත. ජනතාවගේ බදු මුදලින් වැටුප් ලබන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හා අමාත්‍යාංශයේ සේවකයින් කෘෂි රසායනික සමාගම්වල වුවමනාවන් වෙනුවෙන් පෙනී සිටිමින් ඔවුන්ගේ කෘෂි රසායනික ප‍්‍රචලිත කිරීමේ කාර්යයේ යෙදී සිටී. මෙය සම්පූර්ණ නීති විරෝධී ක‍්‍රියාවකි. නමුත් අද වනවිට අප රට තුළ මෙය සාමාන්‍යකරණය වී ඇත.

මේ නිසා අප අවධාරණය කරන්නේ ග්ලයිෆොසෙට් ඇතුළු ව සියලූ කෘෂි රසායනික අප රට තුළ භාවිතය තහනම් කර මෙරට කෘෂිකර්මාන්තය පාරිසරික ගොවිතැනක් බවට පරිවර්තනය කර සුළු පරිමාණ ගොවි ජනයා ශක්තිමත් කර රටේ ආහාර සුරක්‍ෂිතාව, ආහාර ස්වෛරීභාවය ඇති කර සෞඛ්‍යසම්පන්න පරපුරක් බිහි කිරීමට පියවර ගන්නා ලෙස ය.

සජීව චාමිකර
ඉඩම් හා කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරය
http://lankacnews.com/ 

Wednesday, July 11, 2018

ලෝක ජනගහන දිනය අදයි (ජුනි 11)

ලෝක ජනගහන දිනය අද (11)ට යෙදී ඇති අතර දිනෙන් දින වැඩිවන ලෝක ජනගහනය හා ඍජුවම හෝ වක්‍රව සම්බන්ධ කරුණු පිළිබඳ මෙවර අවධානය යොමු කෙරෙනු ඇත.

මෙවර ලෝක ජනගහන දිනයේ තේමාව "පවුල් සැලසුම මානව හිමිකමකි" යන්න වන අතර නිසි ලෙස පවුල සැලසුම් කර ගැනීම මෙමගින් අවධාරණය කෙරේ.

වැඩිදුර දැනගැනීම සඳහා පහත ලිපි පරිශීලනය කරන්න.

source - http://www.eventstodayz.com/world-population-day-2018-images-pictures/

2016 වර්ෂය වෙනුවෙන් සැකසූ ලිපිය - http://isiwaraya.blogspot.com/2016/07/2016-11.html
2017 වර්ෂය වෙනුවෙන් සැකසූ ලිපිය - http://isiwaraya.blogspot.com/2017/07/11_31.html

Monday, June 4, 2018

ලෝක පරිසර දිනය හෙටයි (2018 ජුනි 05)

ලෝක පරිසර දින සැමරුම නොකඩවා 1973 වසරේ සිට සිදුවෙයි.

මෙවර ලෝක පරිසර දිනයේ තේමාව වශයෙන් යොදා ගෙන ඇත්තේ ප්ලාස්ටික් අවභාවිතයෙන් සිදුවන පරිසර දූෂණය පිටු දකිමු යන්නයි.

ලෝක පරිසර දින සැමරුම ආරම්භ කෙරුණේ, 1972 වර්ෂයේදී ස්වීඩ‍නයේ එක්සත් ජාතීන්ගේ සම්මේලනයට ඉදිරිපත් වූ යෝජනාවක් සම්මත වීමත් සමගයි.

මෙම දිනය ප්‍රකාශයට පත් කිරීමේ ප්‍රධාන අරමුණ වූයේ, ලොව වටා පරිසරය පිළිබඳ දැනුවත් කිරීමත්, පරිසරය කෙරෙහි වන දේශපාලන අවධානය සහ ක්‍රියාකාරීත්වය වැඩි කිරීමත් බවයි ලෝක පරිසර ක්‍රියාකාරීන් පෙන්වා දෙන්නේ.

 2018 ලෝක පරිසරර දිනයට සමගාමීව පරිසර සැමරුම් සතියක් ලංකාවේදී ක්‍රියාත්මක කෙරිණි.

 එහි;

පළමු දිනය - මැයි 30 වැනිදා - පරිසර පවිත‍්‍රතා සහ පරිසර දැනුවත් කිරිමේ දිනය ලෙසද, 
‍දෙවන දිනය -  මැයි 31 වැනිදා - කසළ කළමනාකරණ දිනය ලෙසද, 
තෙවන දිනය - ජුනි 01 වැනිදා - රුක් රෝපණ දිනය ලෙස ද, 
සිව්දෙවන දිනය - ජුනි 02 වැනිදා - ජලය හා ජල මූලාශ‍්‍ර සංරක්ෂණ දිනය ලෙස ද නම් කර ඇති අතර 
පස්වන දිනය - ජුනි 03 වැනිදා - ජෛව විවිධත්ව සංරක්ෂණ දිනය ලෙස නම් කර තිබේ. 
හයවැනි දිනය - ජුනි 04 වැනිදා  - තිරසර ඉඩම් කළමනාකරණ දිනය වේ.
හත්වන දිනය - ජුනි 02 වැනිදා -  ලෝක පරිසර දිනය

මෙවර ලෝක පරිසර දින සැමරුම් ප‍්‍රධාන වැඩසටහන ජුනි 4 වැනිදා දවස පුරා  කෑගල්ල, නිදහස් මාවත පරිශ‍්‍රයේ දී පැවැත්විමට නියමිතය.

වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා 2015, 2016 ලිපි පරිශීලනය කරන්න. (සබැඳි සොයා ගැනීමට පරිසර දින පිටුවට හෝ වම් පස පිහිටි සියලු ලිපි ලේබල් තීරුවේ ජාත්‍යන්තර දින වෙත පිවිසෙන්න

අවශ්‍ය අයගේ පහසුව පිණිස පරිසර දිනය වෙනුවෙන් පුවත්පත් වල ඵලවූ ලිපි පහතින් දක්වා ඇත.

01 උපුටා ගැනීම - මව්බිම
සබැඳිය -  http://mawbima.lk/print20170621MB20171230.php?id=14619
සවනි ශේශාධී

අද ලෝක පරිසර දිනයයි. මෙවර ලෝක පරිසර දින තේමාවට මුල් වී ඇත්තේ ප්ලාස්ටික්ය. වර්තමානය වන විට පරිසරයට බලපෑම් ඇති කරන ප්‍රධාන සාධකයක් බවට ප්ලාස්ටික් පත්ව ඇත්තේ මිනිසාගේ සුව පහසු පරිභෝජන රටාව හේතුවෙන්මය. ප්ලාස්ටික්වලින් පරිසරයට මුදා හැරෙන විස රසායනික ද්‍රව්‍ය මිනිස් ශරීරයේ පටකවල සහ ලේවල පවා පවතින කියලා අලුත්ම පර්යේෂණවලින් සොයාගෙන තියෙනවා. දැනටමත් බොහෝ දෙනකුගේ ශරීරවල ප්ලාස්ටික්වලින් පිටවුණු විස රසායන පවතිනවා. මේ විස රසායන පිළිකා ඇතිවීම සඳහාත් හේතු කාරක සපයනවා. ප්‍රතිශක්තිකරණයේ ගැටලු ඇති වෙන්න වගේම අලුත උපදින දරුවන්ගේ උපත් සංකූලතා කෙරෙහිත් මේවා බලපෑම් කරනවා.

ක්‍රියාවන්ට වේදිකාවක්

එක්සත් ජාතීන්ගේ සංවිධානය සමරනු ලබන විශේෂිත දින අතරින් ලෝක පරිසර දිනයට හිමි වනුයේ සුවිශේෂී ස්ථානයක්. ලෝකය පුරාම ජීවත් වන සියලු දෙනාම පරිසර දූෂණය කිරීමෙන් අෑත් කරවමින් පරිසරය සුරකින්නට පොලඹවාලන දිනයක් ලෙසයි පරිසර දිනය සැලකෙන්නේ. 1974 වර්ෂයේදී ඇරැඹුණු පරිසර දින සැමරුමට මේ වෙද්දී ලෝකය පුරා රටවල් සියයක් විතර අත්වැල් බැ¼ද ගන්නවා.

මහජනතාවගේ දිනයක්

ලෝක පරිසර දිනය යනු මේ මිහිතලය සුරකින්නට ලොව ජීවත්වන සියලු මිනිසුන්ව දායක කරගන්න ජනතාවගේම දිනයක්. පරිසර දිනයේදී ලෝකය පුරාම ජීවත් වන බොහෝ දෙනා මිහිතලය සුරකින්නට කුමන හෝ ක්‍රියාවක් සිදු කරනවා. තනි පුද්ගලයකු ලෙස හෝ කණ්ඩායම් ලෙස මේ ක්‍රියාවන් ජාතික හෝ ජාත්‍යන්තර ලෙසත්
සිදු වෙනවා.

සත්කාරක රට

මෙවර ලෝක පරිසර දින ප්‍රධාන සැමරුම පැවැත්වෙන්නේ ඉන්දියාවේ. ප්‍රධාන සැමරුම පැවැත්වෙන රටේ පාරිසරික ගැටලු ගැන වගේම ඒවාට විසඳුම් හොයන්නත් මෙහිදී වැදගත් පියවර අනුගමනය කෙරෙනවා. වසරින් වසර මේ අවස්ථාව එක් එක් රටට හිමිවෙනවා.

ඔබ දන්නවාද?

 සෑම වසරකම මුළු ලෝකය පුරාම ප්ලාස්ටික් බෑග් ටි්‍රලියන 5කටත් වැඩියෙන් භාවිතයට ගැනෙනවා.

 සෑම වසරකම ටොන් මිලියන 13ක පමණ ප්ලාස්ටික් තොගයක් මුහුදට එක් වෙනවා. ඒක හරියට එක් මිනිත්තුවකදී කුණු ට්‍රැක්ටරයක් මුහුදට එක් කිරීමක් වගේ.

 පසුගිය දශකයේදී මේ ලෝකය පුරා නිෂ්පාදිත ප්ලාස්ටික් ප්‍රමාණයේ අගය පසුගිය සියවසේදී නිෂ්පාදිත ප්‍රමාණයටත් වඩා ඉහළ අගයක් ගන්නවා.

 ලෝකය පුරා සිටින පිරිස සෑම මිනිත්තුවකදීම ප්ලාස්ටික් බෝතල් මිලියනයකට ආසන්නව මිලදී ගන්නවා.

 අපි උත්පාදනය කරන ඉවතලන දේ, ප්ලාස්ටික් නිසා 10%ක් පමණ ඉහළ යනවා.

මුහුදේ කොච්චර ප්ලාස්ටික්
තියෙනවා ඇතිද..?

අවුරුදු පතාම මුහුදට එකතු වෙන ප්ලාස්ටික් ප්‍රමාණයත් එක්ක 2050 අවුරුද්ද වෙද්දී මුහුදේ ඉන්න මාළු ප්‍රමාණයටත් වඩා වැඩියෙන් ප්ලාස්ටික් තියෙයි කියලා අනුමාන කරනවා. විද්‍යාඥයෝ කියන විදියට නම් මුහුදු ජලයේ ප්ලාස්ටික් අංශු ටි්‍රලියන 51කටත් වැඩි ප්‍රමාණයක් තියෙනවා. මුහුදේ පාවෙන ප්ලාස්ටික් වර්ග කැස්බෑවන්ට පේන්නේ හරියට ජෙලි ෆිෂ්ලා වගේලු. ඒ හින්දම මුළාවේ වැටෙන කැස්බෑවුන්ගේ බඩට ප්ලාස්ටික් එකතු වෙන්නේ ආහාරයක් විදියට. මුහුදට එක්වෙන කුණු කසළ නිසා ජීවීන් වර්ග හයසියයකට වඩා වැඩි ප්‍රමාණයකට හානි සිදුවෙනවා.

ප්ලාස්ටික්වලට එරෙහි මුහුදු යුද්ධය

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්ලාස්ටික්වලට එරෙහි මුහුදු යුද්ධය පිළිබඳ සංකල්පය ඉදිරිපත් කරනු ලැබුවේ මේ වසරේ පෙබරවාරියේදී. මුහුද පිරිසුදු කිරීමේ මේ ව්‍යාපෘතියට මේ වෙද්දී රටවල් තිහක් විතර එකතු වෙලා ඉන්නවා. එංගලන්තය, කැනඩාව, ප්‍රංශය, ඉන්දුනීසියාව, බ්‍රසීලය, නෝර්වේ, ඉතාලිය, කොස්ටාරිකා, කෙන්යාව සහ පේරු මේ අතර ප්‍රධාන වෙනවා. අන්තිමේදී ලෝකයම ලෙඩ කරන ප්‍රශ්නයක් ගැන ලෝකයම කතාබහ කරන්න පටන් අරන්.

ප්ලාස්ටික් කවදාවත් නැති වෙන්නේ නම් නැහැ

ප්ලාස්ටික් හදලා තියෙන්නේ හැමදාටම පවතින්න. නමුත් සමහර ප්ලාස්ටික් වතුර බෝතල්, බෑග් සහ බීම බට එක් වරක් භාවිත කර ඉවතලන ද්‍රව්‍ය ගණයට වැටෙනවා. හැමදාටම පවතින්න හදලා තියෙන නිසාම ප්ලාස්ටික් ජෛව හායනයකට ලක්වෙන්නේ නැහැ. ඉතා කුඩා කොටස්වලට කැඩෙනවා මිසක් නැත්තටම නැති වෙන්නේ නැහැ. ඉවත දමන ප්ලාස්ටික් වුණත් අවුරුදු 2000ක් හෝ ඊට වැඩි කාලයක් පරිසරයේ පවතිනවා.

PLOGGING

මේක අලුත් වචනයක්. ඉංග්‍රී්‍රිසියේ බ්ධඨඨඪදඨ කියන වචනයයි ස්වීඩනයේ ර්ථීතධජඬච උන කියන වචනයයි එකතු වෙලා තමයි ර්ථීතධඨඨඪදඨ කියන වචනය නිර්මාණය වෙලා තියෙන්නේ. ර්ථීතධජඬච උන එහෙමත් නැත්නම් ර්ථීඪජඬ උන කියන්නේ අහුලනවා කියන තේරුම දෙන වචනයක්. මේ වචනයේ උපත ස්වීඩනයේ. මේ අලුත් සොයා ගැනීම අද ලෝකය පුරාම බොහෝ ජනප්‍රිය වෙලා.

ර්ථීතධඨඨඪදඨ ක්‍රියාකාරකම එහෙමත් නැත්නම් ඇවිදින කොට කුණු ඇහිලීම ඇරැඹුණේ 2016දී. ඒ ඡ්පඪඬ ඒඩතඵබපධථ විසින්. උතුරු ස්වීඩනයේ ඉබධජඬඩධතථ කියන පුංචි ගම්මානයේදී තමා ර්ථීතධඨඨඪදඨ කියන සංකල්පයේ උපත සිදුවන්නේ. එරික් හැමදාම උදෑසනට ඔහුගේ පාපැදියෙන් රාජකාරියට යන ගමන් පාරේ තැනින් තැන විසිරිලා තියෙන කුණු දකිනවා. සති කිහිපයක් පුරාම ඉවත් කිරීමකින් තොරව තියෙන මේ කුණු එරික්ට අලුත් අදහසක් මතු කරනවා. එරික් එයාගේ පා පැදිය නතර කරලා මේ කුණු ඇහිඳින්න පටන් ගන්නවා. මේක අන්තිමේදී පුරුද්දක් බවට පත්වුණේ එයාගේ ව්‍යායාම කාල සටහනත් වෙනස් කරමින්. කෙටි කාලයක් ගත වෙද්දී එරික්ගේ මේ පුරුද්දට අනිත් අයත් එකතු වෙනවා. කුඩා කණ්ඩායම් කිහිපයක් ඇවිදින ගමන් කුණුත් එකතු කිරීමේ සංකල්පය ස්වීඩනයේ නිල ව්‍යාපෘතියක් බවට පත් වෙනවා.

මේ වෙද්දී ලෝකය පුරා රටවල් 40කට වැඩි පිරිසක් "ර්ථීතධඨඨච" කණ්ඩායම සමඟ එක්ව වැඩ කරනවා.

අතරමඟ දකින කුණු ටික ඔහේ තියෙද්දී දුවනවට වඩා කුණු අහුල අහුලා දුවන එක ඇඟටත් ගුණයි. සාමාන්‍ය දිවීමකදී දහනය වෙන කැලරි ප්‍රමාණය 235 විතර වෙනවා. නමුත් කුණු අහුල අහුලා දුවන එකෙන් පැය භාගයක් ඇතුළත කැලරි 288 ප්‍රමාණයක් දහනය කරගන්න හැකිවෙනවාලු. "ඒක හරිම සරලයි. රැල්ලට යන අනෙක් ව්‍යායාම් රටාවන්ට වඩා වෙනස්. අඩු තරමේ කිසිම උපකරණයක්වත් අවශ්‍ය වෙන්නේ නැහැ. මල්ලක් විතරමයි අවශ්‍ය. වඩාත්ම වැදගත් දේ වෙන්නේ පරිසරය අවලස්සන කරන, දූෂණය කරන දේවල් එතැනින් ඉවත් කිරීමයි." එරික් කියන්නේ ඒ විදියට.

ඉන්දියාවේ ඇවිදින කෙල්ල

රාජේශ්වරී සිංග් කියන්නේ අවුරුදු තිස් දෙකක තරුණියක්. රාජේශ්වරීගේ අරමුණ දිල්ලියට යන එක. හැබැයි රාජේශ්වරී ඒ සඳහා තෝරාගෙන තියෙන මාර්ගය ඒ තරම් සරල නැහැ.

බටහිර ඉන්දියාවේ වැඩොඩරා (ඍචඤධඤචපච) ඉඳන් රාජේශ්වරී දිල්ලියට යන්නේ පාගමනින්. ප්‍රධාන නගර 22ක් පහු කරමින් කිලෝමීටර් 1100කටත් වැඩිය දුරක් රාජේශ්වරී විසින් ඇවිදිනවා. රාජේශ්වරී එයාගේ පාගමන පටන් ගත්තේ අප්‍රේල් 22 වැනිදා. සති හයක් ඇතුළත. දිල්ලිවලට එන්න තමයි රාජේශ්වරීගේ බලාපොරොත්තුව.

රාජේශ්වරී තරමක වෙනස් තරුණියක්. ඇය අවුරුදු දහයක් පුරාවට පොලිතින් භාවිතයෙන් තොරයි. ඇගේ මේ ගමන පුරාවටම ඇය පොලිතින් භාවිතයෙන් අෑත් වෙනවා වගේම ඒ ගැන මඟතොටේදී හමුවෙන අය දැනුවත් කරනවා. ඇය එක් දිනකට කිලෝ මීටර් 30ක පමණ දුරක් ඇවිදිනවා.


 "මගේ කුණු මගේ වගකීමක්" ඇගේ පාගමනට තේමාව වෙන්නේ මේ කාරණය.
මව්බිම උපුටා ගැනීම අවසන්

02 උපුටා ගැනීම - ලන්කා නිව්ස් වෙබ් නෙට් 
සබැඳිය - https://lankanewsweb.net/sinhala/%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A/%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%BB/29583-%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%BB-%E0%B6%AF%E0%B7%92%E0%B6%B1-%E0%B6%AD%E0%B7%9A%E0%B6%B8%E0%B7%8F%E0%B7%80-%E0%B6%B4%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%E0%B6%9A%E0%B7%8A-%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%BA-%E0%B6%B1%E0%B7%80%E0%B6%AD%E0%B6%B8%E0%B7%94
ලෝක පරිසර දිනය ජුනි 05 වන දිනට යේදී ඇති අතර මෙවර පරිසර දින තේමාව වන්නේ 'ප්ලාස්ටික් භාවිතය අවම කරමු' යන්නයි. ජාත්‍යන්තර පරිසර දින උත්සවයේ සත්කාර රටවන්නේ ඉංදියාවයි. ලංකාවද මේ වනවිට ලෝක පරිසර දිනය සැමරීමට සූදානම් වන අතර මෙම ලිපිය පරිසර දින තේමාව සහ අප සිටින්නේ කෙතනද යන්න තේරුම් ගැනීම සදහාය.  
මුහුදුට ප්ලාස්ටික් ඇතුළු ඝණ අපද්‍රව්‍ය දමන රටවල් විස්ස අතරින් මෙවර පස්වන ස්ථානයට ලංකාව පත්ව තිබෙනවා.  ඉන්ටර්නැෂනල් බිස්නස් ටයිම්ස්  (Intranational Busness Times) සඟරාව කළ පර්යේෂණයකට අනුව එහි  එමියි නොර්ඩම් (Amy Nordum) පෙන්වා දෙන ආකාරයට ලොව පුරා රටවල් 192 ක් පිළිබඳ අවධානය යොමු කරනවිට විට එම රටවල් 192 අතරින් සාගරයට අධික ලෙස ප්ලාස්ටික් ඝණ අපද්‍රව්‍ය මුදහරින ප්‍රධාන රටවල් 20 නම් කර තිබෙනවා. එහි පස්වන ස්ථානය ලංකාවට හිමි වී තිබෙනවා.
එහි අනුපිලිවෙල අනුව පළමු තැන හිමිව තිබෙන්නේ චීනයටයි.
INT
parisara 1
ERNATIONAL BUSINESS TIMES/HANNA SENDER
මෙම සඟරාව පෙන්වා දෙන පරිදි වසරකට ලොව පුරා ප්ලාස්ටික් හා දිරා නොයන අපද්‍රව්‍ය ටොන් මිලියන 13 කටත් වඩා සාගර පරිසර පද්ධතියට එකතු වේ. එයින්  80%  ක ප්‍රතිශතයක් ප්ලාස්ටික් හා ඝණ අපවය එකතු වන්නේ රටවල් 20 කින් පමණ බව මෙම පර්යේෂණය මගින් පෙන්වා දෙනවා. එයින් 30% ක් චීනය විසින් සාගරයට මුදා හරිනු ලබනු ලබනවා.
එලෙස මුහුදට කැළි කසල එකතු වන්නේ එම රටවල ඇති කසළ කළමණාකරණයේ දුර්වලතා නිසි වන අතර ප්ලාස්ටික් හා දිරා නොයන අපද්‍රව්‍ය නිසා ලොව පුරා සාගරවල වෙසෙන සත්ව හා ශාක විශේෂ අධික ලෙස විනාශ වීමට පටන් ගෙන ඇත. එය මෙම දශකය තුළ හා ඉදිරියේදී ලොව මුහුණ දෙන බරපතල ගැටවක් බවට දැනටමත් පත්වී හමාරය.
ඉන්ටර්නැෂනල් බිස්නස් ටයිමිස්  (Intranational Busness Times) පෙන්වා දෙන්නේ ලංකාව තුළ වෙසෙන සෑම පුද්ගලයෙක්ම දිනකට (නිෂ්පාදිත කුණු ප්‍රමාණය ජනගහනය අනුව බෙදා බැලීමේදී) කුණු කිලෝ 5.1 පරිසරයට මුදාහරින අතර මුදාහරින ප්ලාස්ටික් පුමාණය පමණක් ග්‍රෑම් 300 පමණ වෙන බවයි. ඒ අනුව දිනකට රටතුල ගොඩ ගැසෙන ප්ලාස්ටික් හා නොදිරන කසල ප්‍රමාණය  කිලෝ ගෑමි 5,163,689 වන අතර දිනකට පරිසරයට එක්වන සමස්ත කසළ ප්‍රමාණය කිල ග්‍රෑම් 74,297,687 පමන වේ.
අප භාවිතයට ගන්නා ප්ලාස්ටික් දිරායාම සඳහා වසර ගණනාවක් ගතවන අතර අද අප භාවිතා කරන ප්ලාස්ටික් ජල බෝතලයක් සමිපුර්ණ දිරායාම සඳහා වසර 450 ක් පමණ ගත වේ. උදාහරණයක් ලෙස මෙවර පරිසර සැමරුම් උත්සවයේදී භාවිතා කරන ප්ලාස්ටික් ජල බෝතල් සම්පූර්ණ ලෙස දිරායාම සිදු වන්නේ වසර  2468 දී පමණය.
parisara 22017 වර්ෂයේ Seven charts that explain the plastic pollution problem යන හිසින් බීබීසීයෙහි පළවු ලිපියට අනුව ප්ලාස්ටික් බෝතල් දිරායාමට අවම වසර 450 ක් ගත වන අතර ස්ටයිරොෆෝම් සඳහා වසර 50 ක්, ඇලුමිනියම් කෑන් සඳහා වසර 200 ක්, කුඩා දරුවන්ට පළඳන නැපි සඳහා වසර 450 ක්ද ගත වේ. 
මෙි අනුව ප්ලාස්ටික් යනු ලොව  බරපතල පාරිසරික අර්බුදයකට ගෙන යනු ලබන  නිෂ්පාදිතයන්ය. එම නිසාම ලොව පුරා ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීයකරණය කිරීම ආරම්භ කර ඇති අතර රටක් ලෙස අප කුණු කඳු මත ගොඩ ගසා පසුව ගංවතුර හා ගංගා ඔස්සේ මුහුදටද බැහර කරනු ලබයි.
ලංකාව තුළ කසළ කළමනාකරණයට නිසි වැඩ පිළිවලක් නොමැති අතර දිනෙන් දින ගොඩ ගැසෙන කුණු රට තුළ දැවැන්ත අර්බුදයක් මෙි වනවිට නිර්මාණය කර ඇත. රටේ නායකයින්, පරිසර ඇමතිවරු කොළඔ ගොඩගැසෙන කුණු විල්පත්තු රක්ෂිත මායිමට ගෙනයාමට හේ වනවිට සුදානම් වෙමින් ඇත.
සාගරයට ප්ලාස්ටික් හා නොදිරන කසල දැමීම  2025 වන විට ලංකාව තුළ බරපතල ලෙස ඉහළ යනු ලබන බව පෙන්වාදෙන ඉන්ටර්නැෂනල් බිස්නස් ටයිමිස්  (Intranational Busness Times) සඟරාව එය වසරකට මෙට්‍රික් 1.92 බවට පත්වීමේ අවදානමක් ඇති බව තහවුරු කර ඇත.
පොලිතීන් හා ප්ලාස්ටික් භාවිතා කරමින් තම රටත් මහා සාගරයත් විනාශ කරන මිනිසුන් සිටින රටක කුණු කන දේශපාලකයන් විසින් හෙට දින ලොව පළමු තැනට කුණු වූ රට ලෙස  ලෝක වාර්තාවට ලංකාව ඔසවා තබන තුරු පරිසර ඇමතිවරුන්ගේ, නායකන්ගේ හා පාලකයන්ගේ නරිවාදන් අසමින් නිහඬව සිටින මිනිසුනි අපට සිදුවන්නේ කුමක්දැයි තේරුම් ගැනීමට මෙය කදිම උදාහරණයකි.
ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම්
පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය
ලන්කා නිව්ස් වෙබ් නෙට් උපුටා ගැනීම අවසන්

03 උපුටා ගැනීම - සයන්ටිස්ට් 

සබැඳිය  - https://srilankanscientist.com/2018/06/04/%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A-%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%BB-%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA-%E0%B6%85%E0%B6%AF%E0%B6%BA%E0%B7%92/
වර්ශ 1974 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ජූනි 5 වන දා ලෝක පරිසර දිනය ලෙස ප්‍රකාශයට පත්කරන්නේ ලෝක පරිසරයට බලපාන විවිධ වූ කරුණු කාරණා කෙරෙහි ලෝකයේ අවධානය යොමුකිරීමේ එක් පියවරක් ලෙසයි. ඒ අනුව 1974 සිට අද දක්වා සෑම ජූනි 5 දිනකදීම ලෝක පරිසර දිනය සැමරෙන්නේ විවිධ තේමාවන්ගෙන් යුතුවයි.

2018 වසරේ පරිසර දින තේමාව “ප්ලාස්ටික් නිසා වන පරිසර දූෂණය පරදවමු“
මෙවර පරිසර දින තේමාව මගින් එක්සත් ජාතීන්ගේ සංවිධානය මුළු ලොවටම ඉතා දරුණු ප්‍රශ්ණයක්ව පවතින ප්ලාස්ටික් නිසා සිදුවන දැවැන්ත පරිසර ප්‍රශ්ණ පිළිබඳව ලෝකයෙහි අවධානය යොමුකිරීමට බලාපොරොත්තු වනවා. මෙම තේමාව ඔස්සේ අප සැමට අපගේ ප්ලාස්ටික් භාවිතය ගැන අවධානය යොමු කරන්න එක්සත් ජාතීන්ගේ සංවිධානය පොළඹවනවා.

Beatplasticpollution
ප්ලාස්ටික් භාවිතය අදවන විට ඉතා දරුණු පාරිසරික අර්බුධයක් බවට පත්ව අවසන් (Image Shutterstock, http://worldenvironmentday.global)
ප්ලාස්ටික් – ප්‍රයෝජන බොහෙමයි, ඒත්?
එදිනෙදා ජීවිතයේදී අප නොයෙකුත් ආකාරයෙන් ප්ලාස්ටික් ප්‍රයෝජනයට ගන්නවා. මේ නිසාම ප්ලාස්ටික් අපේ ජීවිතවල නැතුවම බැරි කොටසක් බවට පත්ව හමාරයි. මේ නිසාම ලොව පුරා දිනපතා භාවිතා වන ප්ලාස්ටික් ප්‍රමාණය අති මහත්. මේවායින් ඉතා සුළුප්‍රමාණයක් පමණක් නැවත ප්‍රතිචක්‍රීකරණයට ලක්කලද බොහොමයක් කෙලින්ම අප අවට පරිසර වලට එකතු වනවා.



එක්වරක් භාවිතා කොට ඉවත දමන දෑ!
අප භාවිතා කරන ප්ලාස්ටික් ආශ්‍රිත නිශ්පාදන දෙහ හැරී බැලුව හොත් ඒවායින් හරි අඩකටත් වඩා ඒකවරක් පමණක් භාවිතාකොට ඉවත දමන දෑ බව ඔබට වැටහෙනවා ඇති. ඒ අතර ප්ලාස්ටික් බෑග්, වතුර බෝතල්, බීම බට, ආහාර අසුරණ ආදිය විශේෂයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන අන්දමට ලොව පුරා මිනිත්තුවකදී අප මිලදී ගන්නා ප්ලාස්ටික් ජල බෝතල් පුමාණය මිලියන 1ක් වනවා. ඒ වගේම වසරකදී ලොව පුරා භාවිතා වන ප්ලාස්ටික් බෑග් පුමාණය ට්‍රිලියන 5ක්. මේවා සියල්ල බොහෝවිට එක්වරක් පමණක් භාවිතා කිරීමෙන් අනතුරුව එක්වන්නේ අප අවට පරිසරටයි. ඒ අනුව වසරකදී අපගේ සාගරවලට එක්වන ප්ලාස්ටික් ප්‍රමාණය ටොන් මිලියන 13ක් පමණ වෙතැයි ගනන් බලා තිබෙනවා. මේ නිසාම සාගරවල ජෛව පද්ධතීන් සෘජුවම මෙහි බලපෑමට ලක්වන අතරම මිනිසා ඇතුලු භෞමික ජීවීන්ද වක්‍රාකාරයෙන් මේ නිසා අනතුරට පත්වනවා.

ප්ලාස්ටික් තහනම් කිරීම!
මේ වන විටත් ලොව ප්‍රධාන පෙලේ රටවල් බොහොමයක් එක් වරක් පමණක් භාවිතා කරන, ප්ලාස්ටික් ආශ්‍රිත නිෂ්පාදන තහනම් කිරීමට පියවර ගනිමින් සිටිනවා. ඒ අතර එංගලන්තය හා යුරෝපියානු සංගමය විශේෂයි. යුරොපියානු සංගමය වර්ෂ 2025 වන විට එහි සාමාජික රටවල් තුල එක්වරක් පමණක් භාවිතාකරන ප්ලාස්ටික් බෝතල් හා බීම බට යනාදිය තහනම් කිරීමට අවශ්‍ය පිඹුරුපත් සකසමින් සිටිනවා.

ශ්‍රී ලංකාවද වර්ශ 2017 සැප්තැම්බර් මස සිට ප්ලාස්ටික් ආශ්‍රිත නිෂ්පාදන රැසක් නිෂ්පාදනය, වෙළඳාම හා භාවිතය තහනම් කරමින් නීති සම්පාදනය කලද එම නීති නිසිපරිදි ක්‍රියාත්මක වන බවක් නම් පෙනෙන්නට නැහැ.

නැවත භාවිතාකිරීමට බැරී දෑ ප්‍රතික්ෂේප කරමු!
මුළු ලොවම ඉතා දැඩි අනතුරක හෙලා ඇති මෙම ප්ලාස්ටික් ආශ්‍රිත නිෂ්පාදන පරිසරයට එක්වීම වැලැක්වීම සඳහා අප හැකි සෑම පයවරක්ම ගත යුතුය, එසේ නැතහොත් මෙම ප්ලාස්ටික් ඉතා දැඩි පරිසර ව්‍යවසනයක් බවට පත්වීම වැලැක්විය හැක්කක් නොවනු ඇති. එහිදී ඔබට පහත ක්‍රියාමාර්ග වලින් එකක් හෝ පිළිපැදිය හැකිනම් එය ඔබේ මතු පරපුර වෙනුවෙන් ඔබ කරන මහඟු යුතුකමක් වනු ඇති.

හැකි සෑම අවස්ථාවදීම ප්ලාස්ටික් ආශ්‍රිත නිෂ්පාදන ප්‍රතික්ශේප කරමින් පරිසර හිතකාමී ආදේශක වෙත යොමුවෙමු.
එක් වරක් පමණක් භාවිතා කල හැකි ප්ලාස්ටික් නිෂ්පාදන වෙනුවට නැවත නැවතත් භාවිතා කල හැකි නිෂ්පාදන භාවිතයට හුරු වෙමු.

හැකි සෑම විටම ප්ලාස්ටික් නිෂ්පාදන ප්‍රතිචක්‍රීකරණයට හුරුවෙමු.

සයන්ටිස්ට් උපුටා ගැනීම අවසන්

උපුටාගන්නා ලද ඡායාරූ කිහිපයක් එක් කර සැකසුම් කර මා විසින් මෙහි ඵල කර ඇති ඉහත ඡායාරූපය ඒ ඒ ඡායාරූප වල අයිතිය හා ගෞරවය ඒ ඒ ඡායාරූප අයිතිකරුවන් සතු විය යුතුය. උපුටා ඉදිරිපත් කරන ලද ලිපි වල අයිතිය සහ වගකීම එම අඩවි සහ පුද්ගලයින් සතු බව කරුණාවෙන් සලකන්න.

Tuesday, May 22, 2018

ලෝක ජෛව විවිධත්ව දිනය - 2018 මැයි 22


ලෝක ජෛව විවිධත්ව දිනය අද (22)ට යෙදී තිබේ. පෘථිවිය තුළ ජීවීන්ගේ පැවැත්ම රඳා පවතින්නේ ජෛව විවිධත්වය මතය. ජෛව විවිධත්වය යනු පෘථිවිය මත දක්නට ලැබෙන ජීව වස්තූන්ගේ එනම්, ශාක හා සතුන්ගේ විවිධත්වයයි.

ජෛව විවිධත්වය යන්නට එක්සත් ජාතීන්ගේ පරිසරය හා සංවර්ධනය පිළිබඳ සම්මේලනය හෙවත් මිහිතල සමුළුව සම්මුතිය මඟින් දී ඇති නිර්වචනය වන්නේ, "ජෛව විවිධත්වය යනු 'භෞමික සමුද්‍රික සහ අනෙකුත් පරිසර පද්ධතීන් සහ පාරිසරික සංකීර්ණ ඇතුළු සියළුම මූලාශ්‍රයන්හි අඩංගු සහ ඒවායේ කොටසක් වන ජීව වස්තූන් අතර ඇති වෙනස් වීමේ හැකියාවයි'. තව ද, 'ඒ ඒ ජීවී (ශාක හා සත්ත්ව) විශේෂයන් තුළ ඇති විවිධත්වය වේ" යන්නයි.

එය තව දුරටත් පැහැදිලි කළහොත්, ජීවීන් සතුව ඇති අපරිමිත විවිධාත්මකභාවය ජෛව විවිධත්වය ලෙසින් හඳුන්වයි. නමුත් විද්‍යාත්මක ලෙස ජෛව විවිධත්වය අර්ථ දක්වන්නේ නම්, ප්‍රවේණිවල විවිධත්වය, අන්තර් සබඳතා, විශේෂවල විවිධත්වය, පරිසර පද්ධතිවල විවිධත්වය, වාසභූමි ආදී සියල්ලෙහිම පවතින්නාවූ විවිධත්වය ජෛව විවිධත්වය ලෙස හදුනාගත හැකිය.

ජෛව විවිධත්ව දිනය ප්‍රකාශයට පත් කර අදට වර්ෂ 25ක් සම්පූර්ණ වී ඇත. ජෛව විවිධත්ව දිනය සම්බන්ධයෙන් තොරතුරු සොයන්නන්ගේ පහසුව පිණිස  මෙම සමුළුවට සහභාගි වූ රිසර හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් සුනිල් සරත් පෙරේරා  මහතා විසින්  2018 ජගත් ජෛව විවිධත්ව දිනය වෙනුවෙන් සිළුමිණ පුවත්පතට ඉදිරිපත් කරන ලද ලිපිය පහතින් උපටා දක්වා ඇත. 

ජෛව විවිධත්ව දිනය මැයි මස 22 දිනට යෙදී ඇත. මෙවර ජෛව විවිධත්ව දින මුඛ්‍ය තේමා පාඨය වී ඇත්තේ ‘මිහිමත ජීවය සුරකිමු’ ‘SAFEGUARDING LIFE ON EARTH’ ‘25 වසරක අත්දැකීම් බෙදා ගනිමු’ ‘LET’S SHARE OUR 25 YEARS EXPERIENCES’ යන්නයි. ජාතියක් වශයෙන්ද අමාත්‍යාංශයක් වශයෙන්ද ප්‍රායෝගිකව අප ලත් අත්දැකීම් සමුදාය සමාලෝචනයට හා සංකථනයට පාත්‍ර කිරීම ඓතිහාසික වශයෙන් වැදගත් වන්නක් ලෙස සලකයි. එමෙන්ම ඉදිරි ජෛව විද්‍යාත්මක ප්‍රතිපත්ති හා උපායමාර්ග සකසාගන්නා සැලසුම් සම්පාදකයාටද එය ප්‍රයෝජනවත් වන්නකි.

ඓතිහාසික මිහිතල සමුළුව UNITED NATIONS CONFERENCE ON ENVIRONMENT AND DEVELOPMENT 1992 ජූනි මස 03 දින සිට 14 දින දක්වා රියෝ ද ජැනෙයිරෝ නුවරදී පැවැත්විණි. රියෝ සමුළු අවස්ථාවේ අස්සන් කළ සම්මුති හා සන්ධාන අතර ජෛව විවිධත්වය පිළිබඳ සම්මුතියද වෙසෙසි අවධානයට පාත්‍ර වූවකි.

එක්සත් ජාතීන්ගේ පරිසරය හා සංවර්ධනය පිළිබඳ රියෝ සමුළුවට ශ්‍රී ලංකාව පිළිබඳ ජාතික වාර්තාව හා ජෛව විවිධත්වය පිළිබඳ තොරතුරු ඉදිරිපත් කිරීම ඇතුළු වගකීම් රාශියක් පැවැරුණේ 1990 වර්ෂයේ අභිනවයෙන් ආරම්භ කළ පාරිසරික හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයට ය.

මේ සඳහා පළමු පරිසර ඇමැතිවරයා වූ ඇම්. වින්සන්ට් පෙරේරා මැතිතුමා ලබා දුන් නායකත්වය හා අමාත්‍යාංශ නිලධාරීන් දැක්වූ කැප කිරීම හා බුද්ධිමය නායකත්වය පිළිබඳ මතක සටහනක් තැබීමට මෙය අවස්ථාව කරගනිමි. පළමු පරිසර හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා වූයේ පරිණත පරිපාලන නිලධාරියකු වූ නීල් ප්‍රනාන්දු මහතාය. එතුමා රාජ්‍ය පරිපානයට අදාළ ග්‍රන්ථ කීපයක්ම ලියා තිබේ. ජගත් මහා සමුළුවක් ඉදිරියේ තබාගෙන එතුමා දැමූ ඥානාන්විත අඩිතාලම වෙසෙසින් සඳහන් කළ යුත්තකි. ආචාර්ය ගාමිණී කොරයා වැනි වියතුන්ගේ සහාය මේ සඳහා එතුමා ලබාගත හැකි විය. ‘ධරණීය සංවර්ධනය’ පිළිබඳ ගාමිණි කොරයා ඉදිරිපත් කළ ලෝක බුද්ධිමතුන්ගේ අවධානයට පාත්‍ර වූ ආන්දෝලනාත්මක මතිමතාන්තර මවිසින් සංස්කරණය කළ ‘සොබා’ පරිසර සඟරාවට ඇතුළත් කළේ නීල් ප්‍රනාන්දු මහතා සහ ආචාර්ය ගාමිණි කොරයා අතර ඇති වූ සංවාදයක ප්‍රතිඵලයක් ලෙසය. නීල් ප්‍රනාන්දු මහතාගෙන් පසු අමාත්‍යාංශ ලේකම් ධුරයට පත් වූයේ ප්‍රාමාණික බුද්ධිමතකු හා මහත් අනතිමානී චරිතයක් ලෙස මා දකින ආචාර්ය දේවනේසන් නේසයියා මහතාය.

රියෝ සමුළුවට අප ඉදිරිපත් කළ ජාතික පරිසර වාර්තාව සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයකි. එය ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ සංකථනයට භාජන කළ අර්ථාන්විත ලේඛනයක් බවට පත් විය. මෙයට සමුළු නිලධාරී ලෙස්ලි සී. ද එස්. විජේසිංහ මහත් කැපවීමෙන් කටයුතු කළේය. ඔහු නොබෝදා අප අතරින් වියෝ විය. ලෙස්ලි විජේසිංහ මහතා වන සංරක්ෂණ ක්‍රියාවලියට සම්බන්ධ වූ අයෙකි. ජෛව විවිධත්වයට විශේෂිත කරුණු රාශියක් පරිසර වාර්තාවට අන්තර්ගත කිරීමට ඔහුගේ කිසියම් බලපෑමක් තිබිණි. ඔහු ඓතිහාසික රියෝ සමුළුව වෙත ඉදිරිපත් කළ ශ්‍රී ලංකාවේ ජාතික පරිසර වාර්තාව පිළියෙල කිරීමේදී නිහඬ සේවයක් කළ විද්වතෙක්ද වෙයි. පරිසර අමාත්‍යාංශයේ කටයුතුවලට සම්මුඛ වීමට පෙර වන සංරක්ෂණ දොපර්තමේන්තුවට සම්බන්ධ වී කටයුතු කර ඇති ඔහු අමාත්‍යාංශයේ ජෛව විවිධත්ව අංශයේ හා පසුව ඇති කළ ජෛව විවිධත්ව ලේකම් කාර්යාලයේ කටයුතුවලදී මහඟු මඟපෙන්වීමක් කළේය. අමාත්‍යාංශය ස්ථාපිත කරන ලද ජාතික ජෛව විවිත්ව ප්‍රවීණයන්ගේ කමිටුවේ සභාපතිත්වය වසර 5ක් ඔහු විසින් දරන ලදි.

ලෙස්ලි විජේසිංහ මහතාගෙන් පසු ජාතික ජෛව විවිධත්ව ප්‍රවීණයන්ගේ කමිටුවේ සභාපතිත්වයට පත් වූයේ මහාචාර්ය සරත් කොටගම මහතාය. ඔහුගෙන්ද ජාතික ජෛව විවිධත්ව ක්ෂේත්‍රයට විශිෂ්ට මෙහෙවරක් සිදු විය. ආචාර්ය කොටගම වසර 5ක් පමණ ජාතික ජෛව විවිධත්ව ප්‍රවීණයන්ගේ කමිටුවේ සභාපති ධුරය හෙබවීය.

ලෙස්ලි විජේසිංහ මහතා I UCN ආයතනයේ ශ්‍රී ලංකා නියෝජිතයා ලෙසද පසු කලෙක කටයුතු කළේය.

‘මිහිතල සමුළුව’ ලේකම් ‍මොරිස් ස්ට්‍රොන්ග් (MAURICE STRONG) කැනඩාව, අපේ ජාතික වාර්තාව පුර්වා දර්ශනයක් කොට ගත හැකි වාර්තාවක් ලෙස සමුළු රැස්වීම් ශාලාවේදී හුවා දැක්වීම මෙහිලා සඳහන් කළ යුත්තකි.

මිහිතල සමුළු පරිශ්‍රයේ කෝපි අවන්හලකට වින්සන්ට් පෙරේරා ඇමැතිතුමාත්, ආචාර්ය ගාමිණී කොරයා මහතාත් මමත් ගොඩ වීමු. එක් අයකු අත රැඳී තිබුණ ආසියානු තෙත්බිම් පිළිබඳ A DIRECTORY OF ASIAN WETLANDS - ග්‍රන්ථයේ ඇතුළත් කරුණු ජෛව විවිත්ව සංරක්ෂණයට ප්‍රදේහ කරගනිමින් සාකච්ඡාවක නිරත වී සිටියේය. මෙහිදී නිතර ආචාර්ය සරත් කොටගම මහතාගේ නම කියවිණ. එයට සවන් දී සිටි වින්සන්ට් පෙරේරා ඇමතිතුමා හඬ නඟා පැවසුවේ මේ කියන්නෙ අපේ කොටා ගැන නේද යන්නයි.

මෙම ග්‍රන්ථය එස්.ඩබ්ලිව්. කොටගම, ලෙනාර්ඩ් පින්ටු සහ ජයම්පති අයි. සමරකෝන් යන පර්යේෂකයන් විසින් සකස් කරන ලද්දකි. මෙයින් පැහැදිලි වන්නේ ජෛව විවිධත්ව ගිවිසුම අත්සන් කෙරුණ කාලයටත් පෙර අපේ පරිසරවේදීන් ජෛව විවිධත්ව ක්ෂේත්‍ර ගැන දැක්වූ ගැඹුර සංකථනවල ස්වරූපයයි.

ජෛව විවිධත්ව සම්මුතියේ 8 (J) වගන්තිය අනුව පාරම්පරික දැනුම සංරක්ෂණයටත් එම දැනුම ඥානාන්විතව භාවිතයටත් බැඳී සිටිමු. ජෛව විවිධත්ව සම්මුතිය සක්‍රීය වීමත් සමඟ ජෛව විවිධත්වය හා පාරම්පරික ඥානය තේමා කොට සමුළු හා වැඩමුළු ගණනාවක ජාත්‍යන්තර හා ජාතික වශයෙන් පවත්වා ඇත. 8 (J) වගන්තිය සහ ආශ්‍රිත විධිවිධාන (ජෛව විද්‍යාත්මක විවිධත්වය පිළිබඳ සම්මුතිය එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන) යට‍ෙත් 2002 වසරේ කැනඩාවේ මොන්ට්‍රියල් නුවරදිත් 1997 ස්පාඤ්ඤයේ මෙද්ජිද් නුවරදිත් 2000 ස්පාඤ්ඤයේ සෙවිල් නුවර පැවති සමුළු කීපයකටත් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වීමේ අවස්ථාව මටද ලැබිණි.

ජෛව විවිධත්වයට අදාළ පාරම්පරික ඥානය ගවේෂණය හා බෙදා හදා ගැනීම පුළුල් වශයෙන් මෙම සමුළුවල සාකච්ඡා කෙරුණු අතර මෙහිදී ප්‍රබල හඬක් නැගීමත් ලෝකයේ එම රටවලට අයත් ආදිවාසී ජනගෝත්‍ර එකම කණ්ඩායමක් ලෙස සංවිධානාත්මකව කටයුතු කිරීමත් කැපී පෙනෙන ලක්ෂණයක් විය. 1997 දෙසැම්බර් මස ස්පාඤ්ඤයේ මෙද්රිද් නුවර පැවති සමුළුවේදී ජෛව විවිධත්වයට අදාළ තොරතුරු ගවේෂණය හා බෙදාහදා ගැනීමට උපකාරී වන සන්නිවේදන ආකෘතියක වැදගත්කම පෙන්නුම් කරන යෝජනාවක් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මවිසින් ඉදිරිපත් කරන ලදී. ඒ පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු දැක්වීමට රට රටවල නියෝජිතයන් මෙන්ම ආදි වාසී නියෝජිත සේවා ද උනන්දුවෙන් පෙලඹුණහ.

බුද්ධිමය දේපළ සංරක්ෂණය යටතේ දියුණු වන ලෝකයේ සාම්ප්‍රදායික ඥානය වෙසෙසින් ම සාම්ප්‍රදායිකව ගොවීන්ගේ ඥානය දියුණු රටවල සමාගම්වල බුද්ධිමය දේපොළ යටතට නතු කර පේටන්ට් කිරීම හා සොරා ගැනීම ගැන ආදිවාසී ජන කණ්ඩායම්වල වෙසෙස් අවධානයට යොමුවිය. සමස්ත ජනතාව මෙතෙක් භුක්ති විඳි අයිතියක් සුළුතරයකගේ පැවැත්ම උදෙසා පවරා දීම කිසිසේත් නෛතික හෝ සදාචාරාත්මක හෝ නොවන බව ඇතැම් කණ්ඩායම් තරයේ පෙන්වා දුන්හ.

ලෝක ආදි වාසී කණ්ඩායම් එකමුතුව මෙම සමුළු ශාලාව පැවති ඔවුන්ගේම ලේකම් කාර්යාලයක් ද පවත්වාගෙන ගියහ. ස්කැන්ඩිනේවියානු රටවල සහ රුසියාව හා චීනයේ ද බහුල වශයෙන් ව්‍යාප්තව පැවති “සාමි” ආදිවාසී නායකයික් සමඟ සමීප මිත්‍රත්වයක් පවත්වාගෙන යෑමට මට හැකි විය.

මවිසින් ඉදිරිපත් කළ යෝජනාවට පෙරවරුවේ නිහඬව සවන් දී සිටි “සාමි” සංවිධානයේ නායකයා ඇතුළු ආදිවාසී ජන කොටස් කරුණු අවබෝධ වීමෙන් අනතුරුව සවස් භාගයේ පැවති අවසන් සැසියේදී මගේ යෝජනාවට සහය පළ කළහ.

1997 නොවැම්බර් 24 - 28 දක්වා ස්පාඤ්ඤයේ මෙද්රිද් නුවර පැවති එක්සත් ජාතීන්ගේ ජෛව විවිධත්වය පිළිබඳ සමුළුවේදී සම්මත වූ (අවසන් සමුළු වාර්තාවට ද අන්තර් ගතවූ) සන්නිවේදන ආකෘති පිළිබඳ යෝජනාව අනුව පාරම්පරික ඥානය හා තොරතුරු ඒ ඒ ආදි වාසී අවසරය මත එක් රැස් කර, හුවමාරු කිරීමේ එකඟත්වයකට එළඹුණු වාර්තා ගත යෝජනාව පහත සඳහන් අයුරින් සමුළු අවසන් වාර්තාවේ පළ විය.

EXCHANGE AND DISSEMINATION OF INFORMATION

58. ENHANCE EXCHANGE AND DISSEMINATION OF INFORMATION ON TRADITIONAL KNOWLEDGE THROUGH EXISTING MECHANISMS IN PARTICULAR THE CLEARING HOUSE MECHANISM AND OTHER POSSIBLE COMMUNICATION MODELS WITH PRIOR INFORMED CONSENT OF INDIGENOUS AND LOCAL COMMUNITIES .

(SRI LANKA, ELEMENT US)

ජෛව විවිධත්ව සම්මුතියේ 8 (J) වගන්තිය අනුව අපේ පාරම්පරික දැනුම සංරක්ෂණයටත් එම දැනුම ඥානාන්විතව බෙදා හදා ගැනීමටත් අදාළ මහඟු මෙහෙවරක් පරිසර අමාත්‍යාංශය යටතේ වූ ජෛව විවිධත්ව අංශයෙන් සහ ජෛව විවිධත්ව ලේකම් කාර්යාලයෙන් ද සිදුවිය. මේ අනුව ජෛව විවිධත්වය හා බැඳුණු සංස්කෘතික විවිධත්වය රැක ගැනීමේ හා ඥානාන්විතව භාවිතා කිරීමේ කාර්ය‍යේදී අලුත්ව යමක් හිතා බැලීමටත් එහි ප්‍රතිපාදන වලින් පල ලබා ගැනීමටත් අපට හැකි විය.

මෙයින් එක් වැදගත් නිදර්ශනයක් මෙහිලා සටහන් කර තබමි.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ මා සභාපතිත්වය දැරූ සමයේ ඇති කළ භාෂා විද්‍යාගාර සංකල්පය හා පාරම්පරික ඥානය හා කොත්මලේ ප්‍රදේශ බද ජනකවි හා පාරම්පරික දැනුම පටිගත කිරීමට යොදා ගත් (අංග සම්පූර්ණ පරිගණක මෙවලම් ද සමන්විත ට්‍රක් ත්‍රිරෝද රථය ද ප්‍රධාන ගුවන් විදුලි මධ්‍යස්ථානයේ අබලන්ව පැවති ගුවන් විදුලි මැදිරි දෙකක් ද නවීකරණය කර ඉදිකළ භාෂා විද්‍යාගාරයක් ද ජෛව විවිධත්වය සුරැකීමට නම් භාෂා විවිධත්වය සුරැකීමේ අවශ්‍යතාව පෙන්නුම් කරමින් ස්ථාපිත යාන්ත්‍රණයක් වශයෙන් පෙන්නුම් කළ හැකිය.

මේ සඳහා ප්‍රතිපාදන අපට ලබා දීමේදී ගාමිණී ගමගේ මහතා දුන් අනුග්‍රහය සදා අනුස්මරණීය එකකි.

කට වහරේ හා ජනශ්‍රැතියේ පවත්නා ජෛව විවිධත්වයට සම්බන්ධ පාරම්පරික දැනුම එක්රැස් කර ගැනීමට ජෛව විවිධත්ව ලේකම් කාර්යාලය හා එහි නිලධාරීන් ගත් ප්‍රයත්නය අගේ කළ යුත්තකි. සමුළු ගණනාවක් හා පරිසර සාහිත්‍යයක් ද මේ අනුව ගොඩනැගී ඇත.

නිදර්ශන කීපයක් පමණක් මෙහිලා සටහන් කරමි. වෙළුම තුනකින් යුත් පාරම්පරික දැනුම් සංග්‍රහය කොළඹ විශ්ව විද්‍යාලයේ දේශීය වෛද්‍යායතනය හා එක්ව කළ 2010 පාරම්පරික දැනුම පිළිබඳ සම්මන්ත්‍රණයේ තොරතුරු පත්‍රිකා සහ පර්යේෂණ ලිපි සංග්‍රහයද මෙයින් කීපයකි.

පරිසර අමාත්‍යාංශය සංවිධානය කළේ සීගිරියේ පැවති සමුළුව මගේ මතකයේ පවත්නා කදිම අද්දැකීමක් වේ. වන ජීවී වනාන්තර, මිරිදිය හා සමුද්‍ර වෙරළ බඩ ජෛව විවිධත්වයට අදාළ පාරම්පරික දැනුමේ මුල් ප්‍රභවයන් ප්‍රත්‍යන්ත ප්‍රදේශවල ගැමි ජනතාවගෙන් ඍජුව ලබා ගත් ප්‍රයත්නයක් ලෙස ද අමාත්‍යාංශය සංවිධානය කළ වැඩ මුළු හා වෙළුම් තුනකින් යුත් පාරම්පරික දැනුම් සංග්‍රහයද අගැයිය හැකිය. ‍‍

වනජීවී දෙපාර්තමේන්තුව - වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව - මධ්‍යම පරිසර අධිකාරිය ධීවර අමාත්‍යාංශය ඇතුළු රේඛීය රාජ්‍ය ආයතනවල නිලධාරීන් මෙන් ම විශ්ව විද්‍යාල ක්ෂේත්‍රයෙන් ද ජෛව විවිධත්ව සංරක්ෂණයට හා පාරම්පරික ඥානය භාවිතයට ලැබුණු දායකත්වය වැදගත් ‍කොට සැලකිය යුතුය. මේ පිළිබඳ ගැඹුර අධ්‍යයනක් කර පරිශීලනය සඳහා තොරතුරු එක්රැස් කර තැබීමට දැන් කාලය පැමිණ තිබේ.

ඓතිහාසික රියෝ සමුළුව කේන්ද්‍රකොට ගෙන අප විසින් නිර්මාණය කළ පරිසර සාහිත්‍යයක් පවතී, “සොබා” සඟරාව පුද්ගලයා පරිසරය හා සන්නිවේදනය (මහාචාර්ය විමල් දිසානායක සහ සුනිල් සරත් පෙ‍ෙර්රා) මහාචාර්ය ජේ.බී. දිසානායක සූරීන් විසින් ලියන ලද වොටර් ඉන් කල්චර් ග්‍රන්ථය ද ජාතික පරිසර වාර්තාව හා ජෛව විවිධත්ව ලේඛන උද්ග්‍රහණය දෙස් විදෙස් පරිසර වේදීන්ට නොමඳ ආශ්වාදයක් විය. මවිසින් දෙස් විදෙස්හි ලද අත්දැකීම් අනුසාරයෙන් ලියන ලද පරිසරය සහ සන්නිවේදනය පිළිබඳව ලියන ලද ග්‍රන්ථයේ ජෛව විවිධත්වය හා පාරම්පරික දැනුම 1999 පිළිබඳ වෙනම පරිච්ඡේදයක් ඇත. ‍

මගේ සංකල්පයක් අනුව බිහිවූ අමාත්‍යාංශ ප්‍රකාශය වූ සෝබා සඟරාව පරිසරය හා ජෛව විවිධත්ව ක්ෂේත්‍රවලට නවතම දැනුම ලබා දුන් ආලෝක ධාරාවක් විය. අලුත් කවුළුවක් ලෙස පරිසරවේදීන් හුවා දැක්වීම පුද්ගල සන්තෘෂ්ටියට හේතුවක් වෙයි. ආරම්භ කළ දිනයේ සිට එය පිළියෙල කිරීමට මුද්‍රණ කටයුතු වගකීමෙන් යුතුව අධීක්ෂණය කිරීමට අප අමාත්‍යාංශයේ සහකාර ලේකම්වරයෙකුව සිටි එච්.එම්.ආර්.බී. හේරත් මහතාගෙන් ලද සහාය මෙහිලා සටහන් කර තබමි.

ජෛව විවිධත්ව ගිවිසුම මෙන් ම එහි 8 (j) වගන්තිය යටතේ උද්ධෘත කොට දක්වන පාරම්පරික ඥානය සම්බන්ධ කරුණු ප්‍රතිගවේෂණයට හා නිරන්තර අවධානයට පාත්‍ර විය යුතුය. එමඟින් සලසා ගත හැකි නව සංවර්ධන උපාය මාර්ගද රැසකි.

සුනිල් සරත් පෙරේරා

Source - http://www.silumina.lk/
               https://www.cbd.int
               http://archive2.sinhala.news.lk/       

Tuesday, May 1, 2018

ප්ලාස්ටික් ප්‍රශ්නයට විසඳුමක්; ප්ලාස්ටික් දිරවන 'එන්සයිමයක්'

ස්වභාව ධර්මයේ පැවැත්මට බරපතල හානියක්ව ඇති ප්ලාස්ටික් ආහාරයට ගනු ලබන බැක්ටීරියාවක අන්තර්ගත 'එන්සයිමයක්' තව දුරටත් වර්ධනය කරමින් ප්ලාස්ටික් දිරාපත් කරවීමේ ක්‍රියාවලිය සඳහා යොදා ගැනීමට විද්‍යාඥයෝ කටයුතු කරමින් සිටිති.

බෝතල් සෑදීම සදහා බොහෝ විට යොදා ගනු ලබන්නේ 'PET' ලෙස හැඳින්වෙන ඝන ප්ලාස්ටික් වර්ගයක් වන අතර, එය දිරාපත් වීමට වසර සිය ගණනක් ගත වේ.

විද්‍යාඥයන් විසින් තව දුරටත් වර්ධනය කරමින් සිටින ඉහත කී එන්සයිමය 'PETase' යනුවෙන් නම්කර ඇති අතර, එය ක්‍රියාත්මක වී දින කීපයක් ඇතුළත ප්ලාස්ටික් දිරාපත් වීම ආරම්භ වනු ඇත.

ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලියේ විප්ලවීය වෙනසක් ඇති කිරීමට මෙම එන්සයිමය උපකාරී වන අතර, එමගින් ඒවා නැවත භාවිතා කිරීම වඩාත් එලදායී ලෙස සිදු කිරීමට හැකියාව ලැබෙනු ඇත.

කුණු ගොඩක සැඟවී තිබුණ 'එන්සයිමය'
PET වර්ගයේ ප්ලාස්ටික් දිරාපත්වීම සදහා උපකාරී වන මෙම එන්සයිමය සෑදෙන්නේ ප්ලාස්ටික් "ආහාරයට ගන්නා" බැක්ටීරියාවකින් වන අතර, එය පළමු වරට හඳුනා ගනු ලැබ තිබෙන්නේ ජපානයෙහිය.

'Ideonella sakaiensis' ජපන් ආයතනය තම ප්‍රධාන බලශක්තිය ලෙස ප්ලාස්ටික් භාවිතා කරයි.

ඔවුන්ට අයත් ස්ථානයක, ප්‍රතිචක්‍රීකරණය සදහා ගොඩ ගසා තිබූ ප්ලාස්ටික් බෝතල්වල තැවරුණ රොන් මඩවල තිබී 'PETase' එන්සයිමය අන්තර්ගත බැක්ටීරියාව සොයාගත් බව 2016 වසරේ නිකුත් කළ පරීක්ෂණ වාර්තාවක දැක්වෙයි.

බෝතල් සෑදීම සදහා බොහෝ විට යොදා ගනු ලබන්නේ PET ලෙස හැඳින්වෙන ඝන ප්ලාස්ටික් වර්ගයකි
පසුගිය අවුරුදු පනහ තුළ "PET ප්ලාස්ටික් භාවිතය විශාල වශයෙන් වැඩි විය. මිනිසුන් විසින් නිෂ්පාදනය කළ ද්‍රව්‍යයක් ආහාරයට ගන්නා බැක්ටීරියාවක් වර්ධනය වීමට මෙම කාලය කොහෙත්ම ප්‍රමාණවත් නැහැ" වර්තමාන පරීක්ෂණවලට සම්බන්ධ මහාචාර්ය ජෝන් මැක්ගීහන් පවසයි.

මේ තොරතුරුද දැනගන්න:

ප්ලාස්ටික් බෝතල් ජලය සෞඛ්‍යාරක්ෂිතද?
ප්ලාස්ටික් කන දළඹුවෝ;පරිසර දූෂණයට විසඳුමක්
PET අයත් වන ප්ලාස්ටික් කුලය පොලියෙස්ටර්, නැතහොත් 'පොලිතිලීන් ටෙරෙෆ්තාලේට්' ලෙස හඳුන්වන අතර, එයත් ස්වභාවික පරිසරයේ නිපදවෙන ද්‍රව්‍යයකි.

'පොලියෙස්ටර්' මගින් ගස්වල කොළ ආරක්ෂා කෙරෙනවා. අවුරුදු දශ ලක්ෂ ගණනක් එම බැක්ටීරියාව වර්ධනය වෙමින් පවතින්නේ ඒවා ආහාරයට ගන්න" යැයි පෝට්ස්මත් විශ්වවිද්‍යාලයට සම්බන්ධ පර්යේෂකයෙක් පැවසීය.

නමුත් PETase එන්සයිමය PET ප්ලාස්ටික් ආහාරයට ගැනීම ආරම්භ කර ඇත්තේ "නොසිතූ වෙලාවක" වන අතර, එම ආහාර ජීර්ණය වීමට හේතුවන එන්සයිමයේ පරිණාමය පිළිබද තව දුරටත් පරීක්ෂණ පැවැත්වීමට ජාත්‍යන්තර විද්‍යාඥයන් පිරිසක් සූදානමින් සිටිති.

ප්ලාස්ටික් ආහාරයට ගැනීම
ඉතා බලගතු 'එක්ස් රේ' කිරණ යොදා ගෙන එන්සයිමයේ ත්‍රිමාණ රූපයක් නිර්මාණය කිරීමට පරීක්ෂකයන් කණ්ඩායම සමත් විය.


PETase එන්සයිමයේ පිහිටීම හඳුනාගැනීමට මෙම ත්‍රිමාණ රූපය උපකාර විය
PETase එන්සයිමයේ පිහිටීම හඳුනාගැනීමට මෙම ත්‍රිමාණ රූපය උපකාර වෙයි. එහි පිටත පිහිටි සමහර කොටස් නැවත සකස් කිරීම තුළින් එන්සයිමයේ ක්‍රියාකාරීත්වය වැඩි කළ හැකි බව විද්‍යාඥයන් විසින් නිරීක්ෂණය කරනු ලැබ ඇත.

බීබීසී විද්‍යා අංශයේ සංස්කාරක ඩේවිඩ් ෂුක්මන්ගේ විශ්ලේෂණය
"පෝට්ස්මත් විශ්ව විද්‍යාලයට සම්බන්ධ එම පරීක්ෂණ කණ්ඩායමට ආචාර්ය උපාධිය සඳහා හදාරන සිසුන් මෙන්ම සාමාන්‍ය උපාධි අපේක්ෂකයන්ද ඇතුළත් වෙයි. අදාළ පරීක්ෂණ පිළිබඳව කණ්ඩායම තුළ තිබූ අති මහත් උනන්දුව ඔවුන් හමු වීමට විද්‍යාගාරයට ගිය අවස්ථාවේ මම දුටුවෙමි"

ඩේවිඩ් ෂුක්මන් පහත දැක්වෙන සටහනද ලියා තබයි.

"දශ ලක්ෂ ගණනක් ප්ලාස්ටික් බෝතල් දිරාපත් කිරීමේ ක්‍රියාවලියට සහය දෙන එන්සයිමයක් නිර්මාණය කිරීම අති විශිෂ්ට කර්තව්‍යයක් බව ඔවුහු දැන සිටියහ. තමන් හැදී වැඩෙන්නේ ප්ලාස්ටික් භාවිතය ලෝකයටම තර්ජනයක් වී ඇති කාලයක වන හෙයින් මෙම සොයා ගැනීම පිළිබඳව ඔවුන් දැඩි ලෙස උනන්දු වන බව පෙනී යයි.

කෙසේ වෙතත්, මෙම පරීක්ෂණ ප්‍රතිඵල සාමාන්‍ය ලෝකයට හඳුන්වා දීම විශාල අභියෝගයකි.

අවම මුදලක් වැය කර PETase එන්සයිමය වර්ධනය කර ගැනීම පළමුවෙනි අභියෝගය වන අතර, දෙවනුව එය කර්මාන්තයක් ලෙස වර්ධනය කර ගැනීමට වෙහෙසිය යුතුය.

මෙය ඉතා වේගවත් විද්‍යාත්මක ක්‍රියාවලියකි. ප්ලාස්ටික් ආහාරයට ගන්නා බැක්ටීරියාව දශක ගණනාවක සිට පරිණාමය වෙමින් පවතින අතර ඔවුන්ගේ ආහාර ජීර්ණය වීම සදහා අවශ්‍ය එන්සයිම හඳුනාගැනීමට හැකි වූයේ මෑතකදී වීම විශේෂත්වයකි.

නැවත සකසන ලද එන්සයිමවලින් වැඩි ප්‍රතිඵල බලාපොරොත්තු විය හැකිය. දිරාපත් නොවන ප්ලාස්ටික්වලින් ස්වභාව ධර්මයට වන හානිය නැවැත්වීමට මෙතෙක් සොයමින් සිටි විද්‍යාත්මක පිළිතුර මෙය වනු ඇත"
'එන්සයිම නිපදවීමේ කර්මාන්තයක්'
කර්මාන්තශාලාවල 'පොලියෙස්ටර්' නිපදවන්නේ පෙට්‍රෝලියම් භාවිතා කරමින් වන අතර, ප්ලාස්ටික් බෝතල් සහ රෙදි නිෂ්පාදනය කිරීමට ද එම අමුද්‍රව්‍ය භාවිතා කෙරෙයි.

PETase එන්සයිමය භාවිතා කිරීම තුළින් 'පොලියෙස්ටර්' නිෂ්පාදනයේ ආපසු හැරවීමක් සිදු වනු ඇත. එන්සයිමයේ ක්‍රියාකාරීත්වයෙන් දිරාපත් කෙරෙන ප්ලාස්ටික්, ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලියෙන් පසු ඒවා නැවත නැවතත් භාවිතා කළ හැකි වීම ඊට හේතුවයි.

කෙසේවුවද, වර්ධනය කරන ලද එන්සයිමය කර්මාන්තයක් ලෙස එළි දැක්වීමට තවත් වසර කීපයක් ගත වනු ඇත.

උපුටා ගැනීම - www.bbc.com/sinhala - 2018 අප්‍රේල් 19

Monday, April 23, 2018

ලෝක මිහිතල දිනය (2018-04-22)


සංරක්ෂණයේ වැදගත්කම පිළිබඳව ප්‍රජාව දැනුම්වත් කරමින් පරිසරය ආරක්ෂා කිරීමේ පියවර දියත් කෙරෙන ලෝක මිහිතල දිනය අදට යෙදී තිබෙනවා.

1970 වසරේ අප්‍රේල් 22 වැනිදා ඇමරිකානු සෙනෙට් සභික ගේලෝඩ් නෙල්සන් විසින් මුලින්ම සංවිධාන කරන ලද මිහිතල දිනය දැන් වාර්ෂිකව ලොව පුරා සැමරෙනවා.

ඒ සඳහා මිලියන 200 ඉක්ම වූ ලෝකවාසීන් එක්වන අතර, ජගත් කාලගුණ සම්මුතීන් ක්‍රියාවට නැංවීමේ වැදගත්කම ඔවුන් එහිදී අවධාරණය කරනු ලබනවා.

මෙවර ලෝක මිහිතල දිනයේ තේමාව වන්නේ ලෝක උවදුරක් වී ඇති ප්ලාස්ටික් දූෂණය පිටුදැකීමයි.

(under the courtesy of hirunews.lk news web)

Monday, April 9, 2018

පොලිතින් සදහා ආදේශක ලෙස ජෛව හායනයට ලක්වන භාණ්ඩ නිෂ්පාදනකරුවන් වෙත කරනු ලබන මූල්‍ය සහනාධාර

මධ්‍යම පරිසර අධිකාරියමහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයපොලිතින් සදහා ආදේශක ලෙස  ජෛව හායනයට ලක්වනභාණ්ඩ නිෂ්පාදනකරුවන් වෙත කරනු ලබනනිවේදනයයි.

1980 අංක 47 දරණ ජාතික පාරිසරක පනත යටතේ අංක 2034/ 33, 2034/34, 2034/35 හා 2017 සැප්තැම්බර් 01 දින දරණ ගැසට් නිවේදනයන් මගින් ප්‍රකාශිත නියෝග හා රෙගුලාසි ප්‍රකාරව සියළුම තහනම් පොලිතින් භාණ්ඩ සදහා ජෛව හායනයට ලක්වන භාණ්ඩ ආදේශයන් භාවිතා කළයුතු වේ.


ඒ අනුව 2018 අයවැය යෝජනාවලිය මගින් ජෛව හායනයට  ලක්වන භාණ්ඩ නිෂ්පාදකයන් සදහා පහත සහනයන් ලබා දීමට රජය විසින් තීරණය කර ඇත.
ජෛව හායනයට ලක්වන භාණ්ඩ නිෂ්පාදනය සදහා වූ යන්ත්‍රෝපකරණ ආනයනයේදී බදු සහන ලබාදීම
සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත අංශයේ පොලිතින් භාණ්ඩ නිෂ්පාදනය කරනු ලබන යන්ත්‍ර සූත්‍ර ජෛව හායනයට ලක්වන භාණ්ඩ නිෂ්පාදනය කරනු ලබන යන්ත්‍ර සූත්‍ර බවට පරිවර්තනය කිරීම සදහා මූල්‍ය සහයෝගය ලබා දීම. ( මුළු පරිවර්තන වියදමෙන් 50% ක් රු: 200000/- ක උපරිමයකට යටත්ව)
 මෙම සහනයන් ලබා ගැනීම සදහා සියළු ජෛව හායනයට ලක්වන භාණ්ඩ නිෂ්පාදකයන් මධ්‍යම පරිසර අධිකාරිය වෙත අයදුම් කළ යුතු බව මෙයින් දන්වා සිටිමි.
වැඩිදුර විස්තර :  අධ්‍යක්ෂ, අපද්‍රව්‍ය කළමණාකරන ඒකකය, මධ්‍යම පරිසර අධිකාරිය.
දුරකථන අංක : 011-2882335 , 011- 2872278
අධ්‍යක්ෂ ජනරාල්,
මධ්‍යම පරිසර අධිකාරිය,



Monday, March 5, 2018

වායු ගෝලයේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වාර්තාගත මට්ටමකට

පෘථිවි වායු ගෝලයේ පවතින කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය 2016 වසරේ දී වාර්තාගත ඉහළ මට්ටමකට ළඟා වී ඇති බව විද්‍යාඥයෝ පවසති.
ලෝක කාලගුණ විද්‍යා ආයතනය කියා සිටියේ මිනිස් ක්‍රියාකාරකම් සහ 'එල්නීනෝ' කාලගුණ සංසිද්ධිය ඒ සඳහා බලපා ඇති බවය.
එහි ප්‍රතිඵලයක් වශයෙන් වායු ගෝලයේ පවතින කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය ඉහළ ගොස් ඇති අතර වසර ලක්ෂ අටකින් දැක නොමැති මට්ටමකට එය ළඟා වී ඇති බව ලෝක කාලගුණ විද්‍යා ආයතනය වැඩිදුරටත් පෙන්වා දෙයි.
පසුගිය දශකය තුළ වායු ගෝලයේ පැවති කාබන් ඩයොක්සයිඩ් සාමාන්‍ය හා සැසඳීමේ දී 2016 වසර තුළ එම අගය 50% ඉහළ ගොස් තිබේ.
'එල්නීනෝ' තත්ත්වය හමුවේ නියඟයට මුහුණ දී ඇති කලාප තුළ ශාක වර්ධනය සීමා වේ
'එල්නීනෝ' සංසිද්ධිය හේතුවෙන් ඇති වන නියං හමුවේ ශාකවලට කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කර ගැනීමට ඇති හැකියාව සීමා වන බැවින් මෙවැනි තත්වයක් බලාපොරොත්තු වූ බව පර්යේෂකයෝ පවසති.
නමුත් වායු ගෝලයේ පවතින කාබන් ඩයොක්සයිඩ් ඉහළ යාමේ ප්‍රමාණය පුදුමයට පත්කරවන සුළු බව පර්යේෂකයෝ වැඩිදුරටත් කියා සිටිති.

උපුටා ගැනීම - www.bbc.com/sinhala - 2017 ඔක්තෝබර් 30

ලෝක වනජීවී දිනය ( මාර්තු 03)


ලෝක වනජීවී දිනය මාර්තු 03 දිනට යෙදී තිබේ. ලෝකයේ තර්ජනයට ලක්වූ ජීවි විශේෂයනගේ අන්තර්ජාතික වෙළඳාම පිළිබඳ සම්මුතිය වන ‘‘සයිට්ස්’’ සම්මුතියට වසර 40ක් සපිරීම නිමිත්තෙන් 2013 වසරේ මාර්තු 03වනදා බැංකොක් නුවර පැවැති සමුළුවකදි මාර්තු 03 ලෝක වන ජීවි දිනය ලෙස නම් කිරිමට යෝජනා කෙරුණා. ඒ අනුව, එම වසරේ දෙසැම්බර් මාසයේදී මාර්තු 03වනදා ලෝක වන ජිවි දිනය ලෙස ප‍්‍රකාශයට පත් කෙරුණා. ලෝකයේ වෙසෙන සියලු සත්ත්ව හා ශාකවල සුරක්ෂිතතාවය සළකමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය මාර්තු 03 දින ලෝක වනජීවී දිනය ලෙස නම් කර ඇත.

2018 වසරේ  ලෝක වන ජීවි දිනය ලෝකයේ තර්ජනයට ලක්ව ඇති විලෝපිකයන් වන විශාලතම බිලාළයන් ආරක්ෂා කර ගැනීමේ තේමාවක් මුල්කර ගනිමින් සැමරුණි. එය  “Do one thing today to help protect these magnificent creature” මේ අනගි සත්වයා අරක්ෂා කර ගැනීම වෙනුවෙන් අද එක් දෙයක් කරමු” යන්න තේමාව වේ.

බොහෝ මිනිස් ක්‍රියාකාරකම් නිසා ඇති වී තිබෙන බව පරිසරවේදීන් පෙන්වා දෙයි. මිනිසුන්ගේ ක්‍රියාකාරකම් නිසා මෙම සත්ත්ව විශේෂවල වාසභූමී ආක්‍රමණය වෙමින් පවතී. පසුගිය කාලය තුළ  කොටි ගහනය හා අප්‍රිකානු සිංහ ගහනය අඩු වී ඇති බව ලෝක වනජීවී වෙබ් අඩවි වාර්තා කරයි.
මේ හේතුව නිසා ලෝක වනජීවී දිනයේ දී ලෝකයේ වනාන්තරවල වෙසෙන බළල් විශේෂවල ආරක්ෂාව  සම්බන්ධයෙන් අවධානය යොමුව පවතී.


දිනමිණ පුවත්පතෙහි මේ සම්බන්ධයන් ඵලවූ ලිපිය අවශය අය වෙනුවෙනු පහතිනි උපුටා දක්වා ඇත.
Saturday, මාර්තු 3, 2018 - 01:00

මාර්තු 03 “ලෝක වනජීවී” දිනයයි. ලේකයේ තර්ජනයට ලක්වූ ජීවි විශේෂයන්ගේ අන්තර් ජාතික වෙළඳාම් පිළිබඳ සම්මුතිය වන CITES සම්මුතියට වසර 40ක් සැපිරීම නිමිත්තෙන් 2013 මාර්තු 03 දින බැංකොක් නුවරදී පැවති පාර්ශ්වකරුවන්ගේ 16 වන සම්මේලනයේදී මාර්තු 03 “ලෝක වනජීවී” දිනය ලෙස නම් කිරීමට යෝජනා විය. ඒ අනුව එම වසරේ දෙසැම්බර් මාසයේදී ජිනිවාහිදී පැවැති එක්සත් ජාතීන්ගේ 68 වන මහා සභාවේදී වනජීවීන් පිළිබඳව ලෝක අවධානය යොමුකිරීම සඳහා මාර්තු 03 ලෝක වනජීවී දිනය ලෙස නිත්‍ය වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී. ඒ අනුව එක්සත් ජාතීන්ගේ වාර්ෂික දින දර්ශනයේ 2014 වර්ෂයේ සිට මාර්තු 03 වනජීවි දිනය ලෙස සටහන්ව ඇති අතර එදින වනජීවීන් පිළිබඳව ලෝක අවධානය යොමුකරවන සහ ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වන විශේෂිතම දිනය බවට පත්ව ඇත.

වනජීවීන්ගේ නිසඟ වටිනාකම සහ ඔවුන්ගෙන් මිනිසාගේ පැවැත්ම උදෙසා ලැබෙන්නාවූ පාරිසරික, ජීවවිද්‍යාත්මක, සමාජීය, ආර්ථික, සංස්කෘතික, ආධ්‍යාත්මික, විනෝදාත්මක සහ සෞන්දර්යාත්මක දායකත්වයක් මෙහි වනජීවි දිනය ප්‍රකාශයට පත් කිරීමේදී විශේෂ අවධානයට යොමු විය. එසේම දිනකට ලෝකයේ වනජීවීන් දස දහදස් සංඛ්‍යාවක් මිනිසාගේ අවශ්‍යතාවයන් සඳහා ජීවිතක්ෂයට පත්වන අතර වනජීවීන් මිනිසාගේ ආහාර, ඉඳුම් හිටුම් (නිවාස), ඇඳුම් පැලඳුම්, බෙහෙත් හේත්, රූපලාවණ්‍ය කටයුතු, විනෝදාත්මක කටයුතු සඳහා යොදාගනු ලැබේ. එසේම ජාත්‍යන්තර වශයෙන් වනජීවීන් සහ සත්ව කොටස් විශාල වශයෙන් වෙළඳාම් වේ. මේ තත්ත්වය අවමකිරීම සඳහා ලෝක ජනතාව පෙළ ගැස්වීමද ලෝක වනජීවි දිනය ප්‍රකාශයට පත් කිරීමේ අරමුණු අතර වේ.

මෙවර වනජීවී දිනය ලෝකයේ තර්ජනයට ලක්ව ඇති විලෝපිකයන් වන විශාලතම බිලාලයන් (Big Cats – Predators Under Threat) තේමා කරගෙන සැමරීමට අදහස් කරන අතර “Do one thing today to help protect these magnificent creature” මේ අනගි සත්වයා අරක්ෂා කර ගැනීම වෙනුවෙන් අද එක් දෙයක් කරමු” යන්න තේමාව වේ.

මෙවර ලෝක වනජීවී දිනයේ අවධානය යොමුව ඇති විශාලතම බීලාල පවුල හෙවත් Big Cats විලෝපිකයික් ලෙස පිළිගැනෙන අතර මොවුන්ට පවත්නා තර්ජන හේතුවෙන් මුළු වනජීවි සංහතියටම සිංහයා, මුවා, හිම කොටියා සහ ව්‍යාඝ්‍රයා සැලකේ. මෙම සතුන් සියලු දෙනාම අද මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ලෝකයේ වඳවීමේ තර්ජනයට ලක්ව සිටිති. මූලික වශයෙන් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ඔවුන්ගේ වාසස්ථාන හීන වී යාම, දඩයම, වනජීවි මිනිස් ගැටුම සහ දේශුගුණ විපර්යාස ආදිය මොවුන්ගේ ගහනය අඩුවීම කෙරෙහි බලපෑම් කර ඇත. එසේම නීති විරෝධි වෙළඳාම හරහාද මෙම සතුන්ගේ පැවැත්මට තර්ජන එල්ල වී තිබේ. පසුගිය ශතකයක පමණ කාලය තුළ ලෝකයේ ව්‍යාඝ්‍ර ගහනයෙන් 90%ක් පමණ අඩුවී ඇති අතර අප්‍රිකානු සිංහයාගෙන් 40%ක් පමණ පසුගිය 20 වසරක කාලය තුළ අඩුවී ගොස් තිබේ. අනෙකුත් විශේෂ වන කොටියා, ෂූමා, ජගුවර්, හිම කොටියා, චීටා ද මෙලෙසින්ම වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇත. ලෝකයේ විශාලතම බිලාල් පවුලේ සතුන් දැකගත හැකි ප්‍රදේශ ලෙස අප්‍රිකාව, ආසියාව, උතුරු, මධ්‍යම සහ දකුණු ඇමරිකාව සැලකිය හැකිය.

ඉහත සතුන් සංකේත වාහන මෝස්තර සහ ක්‍රීඩා සමාජ ආදිය සඳහා ගෝලීය වශයෙන් භාවිතා කරනු දක්නට ලැබේ. සයිටීස් CITES ලේකම් කාර්යාලය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටවල් සමඟ එක්ව විශාලම බිලාලයින් රැකගැනීම පිළිබඳව ලෝක අවධානය යොමුකර ගැනීම සඳහා එක්සත්ජාතීන්ගේ මූලස්ථානයේදී මාර්තු 02 ඉහළ පෙළේ වැඩසටහනක් සංවිධානය කර තිබිණි.

ශ්‍රී ලංකාවේ විශාලතම විලෝපිකයා

බලල් පවුලේ ශ්‍රී ලංකාවේ විශාලාතම සත්වයා වන්නේ කොටියා (Panthera Pardus Kotiya) දළ වශයෙන් ශ්‍රී ලංකාවේ කොටි ගහනය දහසකට ආසන්නව ජීවත් වන බවට විශ්වාස කරනු ලැබේ. වියළි කලාපයේ මෙන්ම තෙත් කලාපයේද ජීවත් වන කොටියා බොහෝවිට දක්නට ලැබෙන්නේ යාල, විල්පත්තුව, කුමන සහ හෝර්ටන්තැන්න ජාතික උද්‍යානයන්හිදීය. ජාන විකෘතියකින් බිහිවන කළු කොටි සිංහරාජ අඩවියේදී හමු වී ඇත. ආහාරදාමයේ ඉහළම පුරුක වන කොටියාගේ ගහනය මත අනෙක් සතුන්ගේ ගහනය තීරණය වන බැවින් කොටියා විලෝපිකයෙක් ලෙස පාරිසරික වශයෙන් විශාල කාර්ය භාරයක් ඉටු කරනු ලැබේ.

ශ්‍රී ලංකාවේද කොටි ගහනය සීඝ්‍රයෙන් වඳවීමේ තර්ජනයට මුහුණ පා තිබේ. විශේෂයෙන්ම කඳුකර ප්‍රදේශයේ ජීවත් වන කොටි - මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් මිය යාමට පටන් ගෙන ඇත. මෙහිදී මිනිසුන් විසින් වල් ඌරන් වැනි වෙනත් සතුන් දඩයම් කිරීම සඳහා අටවන ලද උගුල්වලට හසුවීමෙන් කොටින්ගේ ගාත්‍රා තුවාල වීම බොහෝ විට සිදුවේ. එහිදී ඔවුන්ට ජවසම්පන්නව ගොදුරු සොයා ගැනීමට අපහසු වන බැවින් පහසුවෙන් ගොදුරු සොයා ගන ගමව්මානවලට කඩා වදිති. විශේෂයෙන්ම ගෘහ ඇශ්‍රිතව ඇති කරනු ලබන බල්ලන්, ගවයන්, කුකුළන්, එළුවන් ආදී සතුන් පහසුවෙන් දඩයම් කර ගැනීම ඔවුන්ගේ අභිලාෂය වේ. එහෙත් මෙසේ ගම්වදින කොටි නිසා බියට පත් වන ගැමියන් ඔවුන්ට විවිධ හිරිහැර කර පලවා හැරීමට උත්සාහ ගන්නා අතර ඇතැම් කොටින් මෙහිදී මියගිය අවස්ථා ගණනාවක්ද වාර්තා විය. මෙහිදී මිනිසුන්ගෙන් වන හිරිහැර හේතුවෙන් කොටි මිය යනවා මෙන්ම ඇතැම් අවස්ථාවලදී කොටින්ගෙන් මිනිසුන්ටද කරදර වේ. නොයෙකුත් සංවර්ධන ක්‍රියා හේතුවෙන් කොටින්ගේ වාසස්ථාන අහිමිවීමද කොටි ගම්වැදීමට එක හේතුවක් වී තිබේ. මිනිසුන් විසින් අවධිමත් ලෙස කැලෑ කපා විනාශ කිරීමෙන් කොටින්ගේ වාසස්ථාන අහිමි වේ. මෙය අද ඔවුන්ගේ පැවැත්මට බලවත් තර්ජනයක්ව ඇත. මේ පිළිබඳව ජනතාව දැනුවත් විය යුතු වනවා මෙන්ම පාරිසරික සමතුලිතතාවය පවත්වාගෙන මිනිසාට ජීවත් විය හැකි යහපත් පරිසරයක් ගොඩනඟා ගැනීම සඳහා වනජීවීන්ගෙන් සිදුවන යහපත පිළිබඳව අවධානය යොමුකිරීමටත් ඔවුන් සංරක්ෂණය කිරීම සඳහා තම තමන් හැකි පමණින් කටයුතු කිරීම ද ජාතික යුතුකමක් ලෙස හැඳින්විය හැකිය.

කොටියා සහ සංචාරක කර්මාන්තය

ලෝකයේ වනජීවි ලෝලීන් අතර ශ්‍රී ලංකා කොටියා ඉතා ජනප්‍රිය ය. බොහෝ විදේශීය වනජීවී ලෝලීන් ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ කොටි දැකබලා ගැනීමටය. ඒ සඳහා ප්‍රසිද්ධ ජාතික උද්‍යානයක් ලෙස යාල ජාතික උද්‍යාන පිළිගැනේ. යාල ජාතික උද්‍යානයේ කොටි ගහනය හේතුවෙන් එහි සංචාරක ආදායමද ඉහළ ගොස් ඇත. එහෙත් යාල සංචාරය කරනු ලබන සංචාරකයින්ගේ ඇතැම් නොහොබිනා අකටයුතුකම් හේතුවෙන් එම ජාතික උද්‍යානයටත් වන සතුන්ටත් හිරිහැර වන අවස්ථා එමටය. එබැවින් ඔබ යාල සංචාරය කිරීමට උනන්දු වන්නේ නම් කොටි නැරැඹීමට අදහස් කරන්නේ නම් ජාතික උද්‍යානයේ නීති රීති උල්ලංඝනය නොකර ශ්‍රේෂ්ඨ පරිසරවේදියකු ලෙස උද්‍යානය නරඹන්නේ නම් ඔබ අනාගත පරපුරටත් සත්ව ප්‍රජාවටත් විශාල සේවාවක් කරනු ඇත.

ශ්‍රී ලංකාවේ පාරිසරික සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය කිරීමේ අදහසින් ප්‍රකාශයට පත් කළ Top 7 නම් ප්‍රමුඛ ජීවි විශේෂ 7 අතර කොටියාද එක් විශේෂයක් ලෙස නම්කර ඇත. ඒ කොටියා ශ්‍රී ලංකාවේ විශාලතම විලෝපිකයා වන බැවිනි.

මෙවර ලෝක වනජීවි දිනය නිමිත්තෙන් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව දිවයින පුරා වනජීවි රක්ෂිත ප්‍රදේශ ආශ්‍රිතව මහජනතාව සහ පාසල් සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහන් රාශියක් දියත් කර ඇත.

www.dinamina.lk