Wednesday, October 5, 2022

ලෝක සත්ව දිනය / World Animal Day --2022

 ලෝක සත්ව දිනය / World Animal Day --2022

ලෝක සත්ව දිනය සෑම වසරකම ඔක්තෝබර් 04 දිනයට යෙදී ඇත. 1925දී මුල් වරට සමරන ලද ලෝක සත්ව දිනය මෙවර සමරන්නේ 97වන වරටයි.
ලෝක සත්ව දිනය ආරඹ්හ කලේ ජර්මන් ජාතික සත්ව ලෝලියෙකු වූ හෙයිනීච් සිම්මර්මාන් (පලමු ඡායාරූපය) විසින් 1925 මාර්තු මස 24 දිනදීය.එය එම වසරේදී ජර්මනියේ 5000ක් දෙනෙකුගේ සහභාගිත්වයෙන් සමරා තිබේ.නමුත්,ඔහු විසින් මෙය ලොව පුරා සමරන දිනයක් බවට පත්කිරීමේ උත්සාහය සාර්ථක වූ 1931 වසරේ සිට එය ඔක්තෝම්බර් මස 04 දිනයට සමරන්නට ඔහු විසින් තීරනය කර තිබේ.ඊට හේතුව වන්නේ සතුන් සහ පරිසරයට අනුශාශක සාන්තුවරයා වන අසීසිහි සාන්ත ෆ්රැන්සිස් මුනිතුමාගේ (Saint Francis of Assisi) (දෙවන ඡායාරූපය) සැමරැම් දිනය මෙදින වීම නිසාවෙනි.

ලෝක සත්ව දිනය වන සතුන්ට පමනක් නොව ගෘහාශ්රිත සහ ගොවිපල සතුන්ටත් අදාල වන්නකි.එහි ප්රධාන පරමාර්ථය වන්නේ සතුන් කෙරේ අවධානය යොමු කිරීම, අතුන් කෙරේ දයානුකම්පාව ඇතිකරලීම මෙන්ම සතුන්ට මානුශීය ලෙස සැලකීම වර්ධනය කිරීම වේ.ඒ නිසාම එය සංරක්ශනය සහ සංරක්ශන කටයුතු සඳහා ක්රියාකාරකම් නොව සතුන් පිලිඹඳව දැනුවත් කිරීමේ දිනයක් ලෙස බොහෝදෙනා විසින් යොදාගනු ලබන්නකි.

එනමුත්,පසුගිය කාලයේදී ලෝක සත්ව දිනය තර්ජජිත වන සතුන් කෙරේ අවධානය ලබා දීමට යොදාගන්නා ලදී.

එහිදී ප්‍රධාන වශයෙන්
අලි,
මුහුදු ක්ෂීරපායින් වන තල්මසුන් සහ ඩොල්ෆින් මෙන්ම ව්‍යාඝ්‍රයන් කෙරෙහිත් අවධානය ලබා ගැනිමට භාවිතා කර තිබේ.
ඒ අතරම තවත් අය මෙම දිනය ගොවිපලවල් වල ඇතිකරනු ලබන සතුන්ට මානුශීය ලෙස සැලකීම කෙරේ අවධානය යොමු කිරීමට භාවිතා කර තිබේ. ලෝක සත්ව දිනය ශ්රී ලංකාවේත් රාජ්‍ය සහ රාජ්‍ය නොවන යන අංශයන් දෙක විසින්ම සමරන්නකි.

මෙරටේදීත් ලෝක සත්ව දිනය යොදාගනු ලබන්නේ මූලික වශයෙන්ම ජනතාව දැනුවත් කිරීමේ දිනයක් ලෙසිනි.

එසේම ඒ කෙරෙහි මෙරට බොහෝ දෙනාගේ අවධානයක් යොමුවී නැති බවත් පෙනේ. එසේ වුවත්, ලෝක සත්ව දිනය වඳවීයාමේ තර්ජනයට මුහුනදී සිටින, මෙරට සතුන් කෙරෙහි මෙන්ම සත්ව සුභසාධනය කෙරෙහි අවධානය යොමු කරවා ගැනීමට ඵලදායී ලෙසින් යොදා ගත හැකි දිනයක් වේ.


පරිසරවේදී නීතීඥ ආචාර්ය ජගත් ගුණවර්ධන මහතාගෙන් උපුටා ගන්නා ලද.