Thursday, February 22, 2024

ගල්ගමුවේ අලි 200කට ආරක්ෂිතව රේල්පාර හරහා යන්න වනජීවී උමං මාර්ගයක්

 


වන අලි 200 කගේ පමණ ජීවිත සුරක්ෂිත කෙරෙන මෙම කටයුත්ත ශ්‍රී ලංකාවේ වනජීවී සංරක්ෂණය වෙනුවෙන් ගැනෙන දැවැන්ත පියවරක් වන අතර පරිසර සංවිධාන අත්කරගත් විශාල ජයග්‍රහණයකි. ඊට අමතරව දුම්රිය අනතුරු වළක්වා දුම්රිය දේපළ ආරක්ෂා කරගැනීමටත්, දුම්රිය මගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමටත් මෙම ව්‍යාපෘතිය විශාල කාර්යභාරයක් ඉටු කරනු ඇත.



ඊට අමතරව අලි – දුම්රිය ගැටුම් අවම කිරීම උදෙසා ඕස්ට්‍රේලියානු සහ ඇමරිකා එක්සත් ජනපද රජයන්ගේ සහය ඇතිව ක්‍රියාත්මක කිරීමට යෝජිත ජාතික වැඩසටහන පිළිබඳව වැදගත් තීරණ කිහිපයක් මෙම රැස්වීමේදී ගත් අතර සියළුම රාජ්‍ය ආයතන සහ රාජ්‍ය නොවන ආයතන එම වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා සහයෝගයෙන් ක්‍රියා කිරීමට එකඟතාවයකට එළැඹිණි.



ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු රංජිත් රූබසිංහ මැතිතුමාගේ මූලිකත්වයෙන් පැවති මෙම රැස්වීමට ජූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමි ඇතුළු සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ නියෝජිතයින්, දුම්රිය සාමාන්‍යාධිකාරි එච්. එම්. කේ. ඩබ්ලියු. බණ්ඩාර මහතා, දුම්රිය අතිරේක සාමාන්‍යාධිකාරී වී. එස්. පොල්වත්තගේ මහතා ඇතුළු දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරීන්, දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්ෂක අසෝක මුණසිංහ මහතා, වනජීවී දෙපාර්තමේන්තුව වෙනුවෙන් එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ යූ. එල්. තවුෆීක් මහතා ප්‍රමුඛ නිලධාරීන්ද, ඕස්ට්‍රේලියානු රජයේ පරිසර දෙපාර්තමේන්තුවේ ආචාර්ය අමරා පරණගම මහත්මියද, ඉංජිනේරු ඉරෝෂ් පෙරේරා මහතා ද සහභාගී විය.



Credit gose to timesoflanka.com

Thursday, February 1, 2024

ලෝක තෙත්බිම් දිනය 2024

2024 ලෝක තෙත්බිම් දිනය 


1971 වසරේ පෙබරවාරි මස ඉරානයේ රම්සා නගරයේදී තෙත් බිම් සම්බන්ධව අන්තර්ජාතික සමුළුවක් පැවැත්වුණි. එවකට ලොව ප්‍රකට පරිසරවේදීන්විද්වතුන්රාජ්‍ය නියෝජිතයන් ඇතුළුව විශාල පිරිසක් ඊට සහභාගි වූහ. එහිදී ඇති කරගත් සම්මුතිය තෙත් බිම් ආශ්‍රිත ජලජ පක්ෂීන්ගේ වාසස්ථාන පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය (තෙත් බිම් සම්මුතිය) නම් වේ. 

එය ඉරානයේ රම්සා නුවරදී ඇතිකරගත් බැවින් රම්සා සම්මුතිය නමින්ද හඳුන්වයි. ශ්‍රී ලංකාව 1990 වසරේ සිට රසා සම්මුතියේ පාර්ශ්ව රාජ්‍යයක් ලෙස කටයුතු කරයි.

තෙත්බිම් යනු බාදිය මට්ටමේ සිට මීටර් 6 ට අඩු මුහුදු පෙදෙස් ද ඇතුළත්ව ගලායන හෝ නිශ්චලව පවතින්නා වූ මිරිදියකිවුල් දිය හෝ ලවණ දියෙන් තාවකාලිකව හෝ ස්ථිරව යටවී ඇති කෘත්‍රිම හෝ ස්වාභාවික වගුරු බිම්විල්ලූජලාශ හෝ ජල මාර්ග හැල ඉඩම්පිටි ඉඩම්තෙත් බිම් නමින් හඳුන්වයි.

රම්සා සම්මුතියට පාර්ශ්ව රාජ්‍යයන් අත්සන් තබා එම සම්මුතිය සම්මත වීම 1971 වසරේ පෙබරවාරි දෙවන දින සිදුවිය. එක්සත් ජාතීන්ගේ සංවිධානය එම දිනය සිහිපත් කරමින් සෑම වසරකම පෙබරවාරි 02 දින අන්තර්ජාතික තෙත් බිම් දිනය නමින් ප්‍රකාශයට පත්කෙරුණි. අන්තර්ජාතික වශයෙන් තෙත් බිම් දිනය සැමරීම 1997 වසරේ දී ආරම්භ වුණි.

දේශීය සංස්කෘතිය හා තෙත් බිම් අතර ඇත්තේ දැඩි සම්බන්ධතාවයකි. අපගේ ප්‍රධාන ආහාරය වන බත් සපයන වී නිපදවන්නේ කුඹුරෙනි. කුඹුර තෙත් බිමකි. කුඹුරට දිය ලැබුණේ වැවෙනි. ගැමියන් ගමේ වැව රැක ගත්තේ මහත් ආදර ගෞරයකිනි. වැව හා බැඳුණු සංස්කෘතියක් එහි පැවතුණි.

ලොකු කුඩා අභ්‍යන්තර වැව් හා ජලාශගංගා ඇළ දොළ රැසක් අප රට පුරා විහිදී පවතියි. මේවා මගින් බීමට හා වගා කටයුතු සඳහා අවශ්‍ය ජලය සැපයෙයි. තවද ජල විදුලිය නිෂ්පාදනයටධීවර කර්මාන්තයටසංචාරක කර්මාන්තයට ද මහඟු දායකත්වයක් ලබා දෙයි. තෙත් බිම් පොදුවේ මානව පැවැත්මටත් පරිසර පද්ධතියේ තිරසර බවටත් ඉතා ප්‍රයෝජනවත්ය

2024 වර්ෂයේ තෙත්බිම් දින තේමාව වී ඇත්තේ ‍"තෙත්බිම් සහ මානව යහපැවැත්ම" යන්නයි. තෙතබිම් වලින් මානවයාගේ යහපැවැත්මට සිදුවන දායකත්වය කෙසේ දැයි පෙන්වා දීමටත් තෙත්බිම් සංරක්ෂණය කෙරෙහි ලෝක ප්‍රජාවගේ අවධානය යොමු කරවිමටත් මෙවර තෙත්බිම් දින තේමාව ඔස්සේ උත්සාහ දරා ඇත.

තෙත්බිම් වලින් මානව යහපැවැත්මට ලැබෙන දායකත්වය

  • ජල සුරක්ෂිතතාවය තහවුරු කිරීම
  • ස්වාභාවික ආපදාවලින් ආරක්ෂා කිරීම
  • ජීවනෝපාය සඳහා දායකවීම
  • දේශගුණික විපර් යාස වලට බාධකයක්

අපව සුරකින තෙත් බිම් අපිත් සුරකිමු

  • තෙත් බිම්වලට කැළි කසළ හා වෙනත් අපද්‍රව්‍ය එක්වීම වළක්වමු.
  • තෙත් බිම්වල පවතින ජෛව විවිධත්වය පිළිබඳව දැනුමක් ලබමු.
  • තෙත් බිම්වල විශේෂ වැදගත්කම පිළිබඳව දැනුවත් වෙමු. අන් අයද දැනුවත් කරමු.
  • තෙත්බිම් සුරකින්නට අපේ දායකත්වය දෙමු.

තෙත්බිම් පිළිබඳව කරුණු සොයන ඔබට 2017 වර්ෂයේ ඵල කරන ලද මෙම සබැඳියේ ලිපිය වැදගත් වේවි. https://isiwaraya.blogspot.com/2017/02/2017-02.html

දිලිප්.සේනානායක,

ප්‍රාදේශීය පරිසර නිලධාරි,

මධ්‍යම පරිසර අධිකාරි.