Thursday, February 22, 2024

ගල්ගමුවේ අලි 200කට ආරක්ෂිතව රේල්පාර හරහා යන්න වනජීවී උමං මාර්ගයක්

 


වන අලි 200 කගේ පමණ ජීවිත සුරක්ෂිත කෙරෙන මෙම කටයුත්ත ශ්‍රී ලංකාවේ වනජීවී සංරක්ෂණය වෙනුවෙන් ගැනෙන දැවැන්ත පියවරක් වන අතර පරිසර සංවිධාන අත්කරගත් විශාල ජයග්‍රහණයකි. ඊට අමතරව දුම්රිය අනතුරු වළක්වා දුම්රිය දේපළ ආරක්ෂා කරගැනීමටත්, දුම්රිය මගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමටත් මෙම ව්‍යාපෘතිය විශාල කාර්යභාරයක් ඉටු කරනු ඇත.



ඊට අමතරව අලි – දුම්රිය ගැටුම් අවම කිරීම උදෙසා ඕස්ට්‍රේලියානු සහ ඇමරිකා එක්සත් ජනපද රජයන්ගේ සහය ඇතිව ක්‍රියාත්මක කිරීමට යෝජිත ජාතික වැඩසටහන පිළිබඳව වැදගත් තීරණ කිහිපයක් මෙම රැස්වීමේදී ගත් අතර සියළුම රාජ්‍ය ආයතන සහ රාජ්‍ය නොවන ආයතන එම වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා සහයෝගයෙන් ක්‍රියා කිරීමට එකඟතාවයකට එළැඹිණි.



ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු රංජිත් රූබසිංහ මැතිතුමාගේ මූලිකත්වයෙන් පැවති මෙම රැස්වීමට ජූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමි ඇතුළු සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ නියෝජිතයින්, දුම්රිය සාමාන්‍යාධිකාරි එච්. එම්. කේ. ඩබ්ලියු. බණ්ඩාර මහතා, දුම්රිය අතිරේක සාමාන්‍යාධිකාරී වී. එස්. පොල්වත්තගේ මහතා ඇතුළු දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරීන්, දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්ෂක අසෝක මුණසිංහ මහතා, වනජීවී දෙපාර්තමේන්තුව වෙනුවෙන් එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ යූ. එල්. තවුෆීක් මහතා ප්‍රමුඛ නිලධාරීන්ද, ඕස්ට්‍රේලියානු රජයේ පරිසර දෙපාර්තමේන්තුවේ ආචාර්ය අමරා පරණගම මහත්මියද, ඉංජිනේරු ඉරෝෂ් පෙරේරා මහතා ද සහභාගී විය.



Credit gose to timesoflanka.com

No comments:

Post a Comment