Wednesday, March 20, 2024

ලෝක චටක දිනය අද

 


ලෝක චටක දිනය-2024 / World Sparrow Day-2024

ගේ කුරුල්ලා (House Sparrow) රැක ගැනීමට අවධානය යොමු කරමු


සෑම වසරකම මාර්තු මස 20 වන දින ලොක චටක දිනය වශයෙන් නම්කර තිබේ.මුලින්ම ලෝක ගේ කුරුලු දිනය ලෙස 2010 ආරඹ්හ වූ මෙම දිනය පසු කලෙකදී ලොව පුර සිටින චටකයන් සියල්ලන්ටම අදාල දිනයක් බවට පත්කරන ලදී. ලෝක චටක දිනයේ පරමාර්ථය වන්නේ ලොව පුරා සිටින චටකයන් ඉටු කරන පරිසර සේවාවන් ඇගයීමට ලක් කිරීමටත් ඔවුන් සංරක්ශනය කෙරෙහි අවධානය යොමු කරවා ගැනීමටත් වේ. පුරාන ලෝකයේ හෙවත් ආසියාවේ,අප්රි කාවේ සහ යුරෝපයේ හමුවන චටකයන් (sparrows /Old World Sparrows) පැසරිඩේ කුලයට (family-Passaridae) ඇතුලත් කර තිබේ. මෙම කුලයට  ගන හතරකට අයත් විශේශ 35ක් අයත් වේ.මීට අමතරව උතුරු සහ දකුනු ඇමෙරිකාවේ හමුවන නව ලෝක  චටකයන් (New World Sparrows) විශේශ 132 සිටින අතර ඔවුන් අයත් වන්නේ පැසරෙලිඩේ නම් වෙනත් කුලයකට (family-Passarallidae) වේ.මොවුන් ගන 30කට අයත් වේ. මේ නිසා චටකයන් යන පුලුල් යෙදුම තුලට කුල දෙකකට අයත් විශේශ 167ක් ඇතුලත් වේ.

ශ්රී ලංකාවේ නිත්යතවාසී චටකයන් ලෙස අතීතයේ​ සිට සිටින්නේ ගේ කුරුල්ලා පමනකි.මේ නිසා ලෝක ගේ කුරුලු දිනය ලෝක චටක දිනය ලෙස පුලුල් වූවත්,ශ්රීී ලංකාවේ අපට අවධානය යොමු කරන්නට වන්නේ ගේ කුරුල්ලා වෙත පමනකි.මීට හේතුව වන්නේ කොලඹ පෝට් සිටී තුල ප්‍රජනනය කරමින් බෝවන Eurasian Tree Sparrow පක්ශියාගේ ගහනයක් 2022 වසරේදී සොයාගන්‍නා ලද මුත්,මොවුන් මෙම ප්‍රදේශයට විදේශයක සිට මෑතකදී පැමිනියවුන් විය හැකි බැවිනි. 

ඉන්දියාවේ “Birds Forever Society”නම් සංගමයේ යෝජනාවක් අනුව ක්රිායාත්මක වුනු මෙම දිනය වෙනුවෙන් එරට විසින් 2010දී ගේ කුරුල්ලා පෙන්නුම් කරන මුද්දරරයක් පවා නිකුත් කර තිබේ.එසේ වුවත් ගේ කුරුල්ලා වඳවීයාමක් මුලින්ම වාර්තා කල ශ්රී  ලංකාව තුල ලෝක ගේ කුරුලු දිනය හෝ ලෝක චටක දිනය හෝ මෙතෙක් කිසිඳු විටක අවධානයට ලක් නොවීමත් විශේශිතය.එනමුත්,එම අඩුපාඩුව සපුරාලීම පිනිස ලෝක චටක දිනය අලලා අද දිනයේ (2024.03.20) ප්‍රථම වරට පුලුල් ජන සහභාගිත්වයෙන් යුත් ක්‍රියාකාරී වැඩ සටහනක් ශ්‍රී ලංකා පක්ශී විද්‍යා සංගමය (Field Ornithology Group of Sri Lanka) විසින් පවත්වන ලදී.

ගේ කුරුල්ලා අතීතයේදී මෙරට සිටි සුලභම කුරුල්ලෙකු වූ අතර සෑම නිවසකම පාහේ මොවුන් දකින්නට සිටීම සුලභ දසුනක් විය.එසේ වුවත්,ගේ කුරුල්ලා ක්රපමයන් වඳවී යන බව මවිසින් පසුගිය දශක පහක් කාලයක් පුරාවටම දැකගත් දෙයකි. ගේ කුරුල්ලන් වඳවීයාම මවිසින් මුලින්ම දුටුවේ 1976 වසරේදී එවකට අප පදිංචිව සිටි අම්පාර නිවසේ ගේ කුරුල්ලන් අඩුවී යාම සමගිනි.1980 වන විට ඔවුන් එම නිවසින් මුලුමනින්ම වඳවීගොස් හමාරවී තිබුනි.අප දැනට පදිංචි නිවසේ කිසි විටකත් ගේ කුරුල්ලෙකු වාසය ලකර නොමැත.මවිසින් පුරා දශක හතරක් තිස්සේ කර තිබෙන නිරීක්ශන මගින් ගේ කුරුල්ලන් මෙරට දිස්ත්රික්ක 18 තුල වඳවී යාමට ලක්ව තිබෙන බව අනාවරනය විය.

අතීතයේ පටන් ගේ කුරුල්ලාට මෙරට තුල නීතියෙන් ආරක්ශාවක් ලබාදීමට කටයුතු කර නොතිබුනේ එම පක්ශියාගේ සුලභත්වය නිසාය.එසේ වුවත්,අප විසින් කල කරුනු දැක්වීම් නිසාවෙන් ගේ කුරුල්ලා ආරක්ශිත පක්ශියෙකු ලෙස නම් කිරීමට පරිසර අමාත්යාංශය 2007දී එකඟතාවය පලකල අතර ඒ අනුව වන සත්ව සහ වෘක්ශලතා ආරක්ශක ආඥා පනතේ 2009 අංක 22 දරන සංශෝධනයේදී ගේ කුරුල්ලා  31 වන වගන්තියේ පලමු උප-වගන්තිය යටතේ ඇති අනාරක්ශිත පක්ශීන් ඇතුලත් කර තිබෙන තුන්වන උපඏඒඛනයෙන් ඉවත් කරන ලදී.ඒ අනුව ගේ කුරුල්ලා වර්තමානයේදී ආරක්ශිත පක්ශියෙක් වී සිටින්නෙකි.

ගේ කුරුල්ලන් අම්පාර ප්රදේශයේ නිවෙස් වලින් වඳවීයාම පිටුපස නිවෙස්වලට මැලේරියා මර්ධන රසායනික ද්රව්යයක් ලෙස මැලතියොන් යොදා ගැනීමත් සමඟ සිදුවූ දෙයක් බව එකල මතයක් තිබිනි.එම වකවානුවේදී තෙත් කලාපීය ප්රදේශවල බරවා මර්ධන වැඩ පිලිවෙල යටතේ මැලතියොන් යොදා ගැනිනි.

ගේ කුරුල්ලා ඌව,දකුනු සහ මධ්යම පලාත් වලින් විශාල ලෙස වඳවීයාම මදුරු දඟර ප්රචලිත වූ 1990 දශකය අග භාගයේ සිට සිදු වන්නකි.මේ මදුරු දඟර වල ක්රියාකාරී රසායනිකය වන්නේ කෘතිම පයිරිත්රොයිඩ් සංයෝගයන් වේ.මේවා පක්ශීන්ගේ බිත්තර නිපදවීම කෙරේ අහිතකර බලපෑම් එල්ල කරන බව සොයා ගැනුනේ 1980 දශ්කයේදීය.

මේ වන විට ශ්‍රී ලංකාවේ නගරවල මෙන්ම ග්‍රාමීය ප්‍රදේශ රාශ්‍යකිනුත් ගේ කුරුල්ලා වඳවීගොස් සහ ඉතා දුලබ තත්වයට පත්වූ පක්ශියෙක් වී හමාරය​.


දවසේ වැඩිම වේලාවක් අප සමඟ ගතකරන මෙන්ම විශේශයෙන්ම නිවෙස් තුල සහ අවට පරිසරයේ සැරිසරන පක්ශියා වන්නේ ගේ කුරුල්ලාය.එබැවින්, ගේ කුරුල්ලා වඳවීම පිටිපස අප නිවෙස් තුල තිබෙන තත්වයන් පිලිඹඳ හෝඩුවාවක් ලබාදී තිබේ.

වෙනත් ලෙසකින් දක්වතොත්,ගේ කුරුල්ලා අප අවට පරිසරයේ වෙනස්කම් පිලිඹඳව අපගේ අවධානය යොමුකරන,අපටත් මුහුනදීමට සිදුව තිබෙන මුත් මෙතෙක් නොදුටු අවදානම් පිලිඹඳවත් දර්ශකයකි.

මේ නිසා ලෝක චටක දිනයේදී ගේ කුරුල්ලාට සිදු වන්නේ කුමක්ද කියා මෙන්ම ගේ කුරුල්ලා රැක ගැනීම වෙනුවෙන් කල යුත්තේ කුමක්ද කියා සිතනවාට අමතරව ගේ කුරුල්ලා අපට දශක ගනනාවක් මුලුල්ලේ පෙන්වා දෙන්නට උත්සාහ කරන පනිවුඩය කෙරේත් විශේශයෙන් අවධානය යොමු කිරීම ගේ කුරුල්ලා වෙනුවෙන් පමනක් නොව අපගේ පැවැත්ම වෙනුවෙනුත් ඉතා වැගදත් වනු ඇති බව පෙනී යන්නකි.

✍️ ආචාර්ය ජගත් ගුණවර්ධන

No comments:

Post a Comment