Sunday, February 28, 2016

ගෝලීය උෂ්ණත්වය ඉහළ යැම කෙරෙහි ශ්‍රී ලංකාවේ දායකත්වය


ගෝලීය තාපනය නැත හොත් ගෝලීය උණුසුම් වීම අදවන විට දැවෙන පාරිසරික ගැටලුවක්‌ බවට පත් ව තිබෙයි. ගෝලීය උණුසුම් වීම ස්‌වාභාවිකව සිදු වන්නා වූ ශීඝ්‍රතාව ඉක්‌මවා යන්නට මිනිස්‌ ක්‍රියාකාරකම් සෘජු බලපෑමක්‌ එල්ල කරයි. ස්‌වාභාවිකව ගෝලීය උෂ්ණත්වය ඉහළ නැග්ම ක්‍රමානුකූලව සිදු වන්නක්‌ වුවත් මිනිස්‌ ක්‍රියාකාරකම් හේතුවෙන් සෙල්සියස්‌ අංශක දෙකකට වැඩි උෂ්ණත්ව නැග්මක්‌ ස්‌වාභාවික පරිසර පද්ධතීන්හි හා මිනිස්‌ සෞඛ්‍යයෙහි යහපැවැත්ම කෙරෙහි සෘණාත්මක ව බලපායි.

ස්‌වාභාවික ව හරිත ශාක විසින් ප්‍රභාසංශ්ලේෂණය මගින් තිර කරනු ලබන (හසු කරගනු ලබන) කාබන්ඩයොක්‌සයිඩ්, ශාක හා සත්ත්ව ශ්වසනය, ෆොසිල ඉන්ධන දහනය, ශාක හා සත්ත්ව මළ දේහ වියෝජනය ආදිය මගින් නැවතත් වායුගෝලයට මුදාහැරෙයි. කාබන් චක්‍රය මගින් පරිසරයෙහි කාබන් ඩයොක්‌සයිඩ් තුල්‍යතාව එලෙස රැකෙද්දී මිනිසා ගේ මැදිහත් වීමෙන් සිදු කෙරෙන අධික ව ෆොසිල ඉන්ධන දහනය සිදු කිරීමත්, වනාන්තර එළි කිරීමත්, කාර්මීකරණයත් සමඟ අධික ලෙස කර්මාන්ත මගින් පරිසරයට කාබන්ඩයොක්‌සයිඩ් මුදාහැරීමත් ආදී ක්‍රියාකාරකම් මඟින් වායුගෝලීය කාබන්ඩයොක්‌සයිඩ් ප්‍රතිශතය ඉහළ නංවමින් ගෝලීය උණුසුම් වීමේ ක්‍රියාවලිය ද දිරිගන්වයි.

ගෝලීය උෂ්ණත්වය ඉහළ නැග්මට බලපෑම් කරන්නා වූ එක ම වායුගෝලීය සංඝටකය කාබන්ඩයොක්‌සයිඩ් යෑයි කීම නිවැරදි නො වේ. මීතේන්, හයිෙඩ්‍රාෆ්ලුවරොකාබන් ආදී ඇතැම් හරිතාගාර වායු කාබන්ඩයොක්‌සයිඩ් මෙන් කිහිප ගුණයක වැඩි බලපෑමක්‌ ගෝලීය තාපනය කෙරෙහි ඇති කරයි. ගෝලීය තාපනය කෙරෙහි මීතේන් මගින් ඇති කරන බලපෑම කාබන්ඩයොක්‌සයිඩ් මෙන් විසි එක්‌ ගුණයකි. සත්ත්ව පාලනය ආශ්‍රිත ව මීතේන් වායුව නිෂ්පාදනය විශාල වශයෙන් සිදු වෙයි. ගවයන් වැනි වමාරා කන සත්ත්ව කොට්‌ඨාස ගන්නා ආහාරයෙහි වාෂ්පශීලී මේද අම්ල ආදිය බහුල වූ විට හා කාබෝහයිඩේ්‍රට බහුල වූ විට වමාරන ද්‍රව්‍ය මත ක්‍රියා කරන මීතේන් බැක්‌ටීරියා, මීතේන් ජනනය ශීඝ්‍ර කරවන පéමධරයන් (පක්‌ෂ්ම සහිත ප්‍රොටොසොආවන්) සමඟ සහජීවී සම්බන්ධතා පවත්වාගැනීම දිරිගන්වයි. එවිට ඒකසෛලික ජීවීන් හා පéමධරයන් එක්‌ ව අධිකව මීතේන් වායුව නිපදවයි.



ශීතකාරක මගින් මුදාහැරෙන HFC හෙවත් හයිෙඩ්‍රාaෆ්ලුවරො කාබන් මගින් කාබන්ඩයොක්‌සයිඩ් මෙන් දහස්‌ ගුණයක බලපෑමක්‌ ගෝලීය උෂ්ණත්වය අරභයා සිදු කරයි.

හරිතාගාර වායු පාලනයකින් තොර ව වායුගෝලයට මුදාහරිමින් පෘථිවි උෂ්ණත්වය ඉහළ යැමේ ශීඝ්‍රතාව ඉහළ නංවන්නට වැඩිපුර ම දායක වී ඇත්තේ යුරෝපය, චීනය, ඇමෙරිකා එක්‌සත් ජනපදය ආදී ලෝක බලවතුන් ලෙස සැලකෙන රටවල් ය. එය සංඛ්‍යාත්මකව ගෝලීය තාපනය ඉහළ නංවන්නට ලොව සියලු ම රටවල් දරන දායකත්වයෙන් සියයට හැත්තෑවකට ආසන්න ය. කාර්මික විප්ලවයත් සමග දහස්‌ ගණනින් කර්මාන්ත බිහි වූ මේ රටවල කර්මාන්ත මගින් පාලනයකින් තොර ව කාබන්ඩයොක්‌සයිඩ් ආදී හරිතාගාර වායු පරිසරයට මුදාහරියි. ෆොසිල ඉන්ධන දහනය ද මේ රටවල ශීඝ්‍රව සිදු කෙරෙයි. මේ අතර නවසීලන්තය වැනි ඇතැම් රටවල් ගවයන් ඇතුළු සත්ත්ව පාලනය මහා පරිමාණයෙන් සිදු කරමින් මීතේන් අධිකව පරිසරයට මුදාහරියි.



මාලදිවයින, ශ්‍රී ලංකාව වැනි දූපත් ලෙස පවතින රටවලට පෘථිවිය උණුසුම් වීමේ බලපෑම දැඩි ව බලපෑම් ඇති කළත්, යුරෝපය, චීනය, ඇමෙරිකා රක්‌සත් ජනපදය ආදී රටවලට ඉන් සිදු වනුයේ ඉතා අඩු බලපෑමකි. පෘථිවි උෂ්ණත්වය ශීඝ්‍රයෙන් ඉහළ නැගි විට ග්ලැසියර රත් වී දිය වන්නට පටන්ගනියි. එවිට මුහුදු මට්‌ටම ක්‍රමයෙන් ඉහළ ගොස්‌ සුනාමි තත්ත්ව හටගන්නට වැඩි ඉඩකඩක්‌ පවතියි. මාලදිවයින වැනි දූපත් ලෙස පවතින රටවල් සම්පූර්ණයෙන් ම පාහේ ගිලී විනාශ වන්නට තරම් බලපෑමක්‌ එමගින් ඇති විය හැකි ය.

ශ්‍රී ලංකාව වැනි රටවලට එනම් ඝර්ම කලාපීය රටවලට උෂ්ණත්වය ඉහළ නැගීමෙන් නියං තත්ත්ව, මුහුදු මට්‌ටම ඉහළ නැගීමෙන් සුනාමි හා ගංවතුර තත්ත්ව ඇති වීමත්, වර්ෂාපතන රටාවන් වෙනස්‌ වීමත් ආදිය සිදු වෙමින් දැඩි බලපෑම් එල්ල විය හැකි ය. රටෙහි නිවාස, ඉඩකඩම්, භූමිය මෙන්ම යටිතල පහසුකම් ද විනාශ වෙමින් ආර්ථිකමය අවපාතයක්‌ හටගන්නට ද පිළිවන.

හරිතාගාර වායු විමෝචනය කෙරෙහි ශ්‍රී ලංකාවේ දායකත්වය විමසන විට පෙනී යන්නේ එය සියයට එකකටත් අඩු දායකත්වයක්‌ ලෙසිනි. ඒ ප්‍රතිශතය ගල් අගුරු තාප බලාගාර ආදිය මගින් සාපේaක්‌ෂව අඩු බලපෑමක්‌ හා කර්මාන්ත, ආහාර පිසින විට ඉන්ධන දහනයේ දී පිට වන අධික දුම හා ප්‍රවාහනයේ දී නික්‌මෙන දුම ආදියෙන් සාපේක්‌ෂව අඩු බලපෑමක්‌ ඇති ව සකස්‌ වූවකි.

ශ්‍රී ලංකාවේ විවිධ ක්‌ෂේත්‍රයන් මගින් කාබන්ඩයොක්‌සයිඩ් ඇතුළු හරිතාගාර වායු විමෝචනයට දක්‌වන දායකත්වය ප්‍රතිශතයක්‌ ලෙස 01 වගුවේ දැක්‌වෙයි. එහි ප්‍රස්‌තාරික නිරූපණය ද අසල දැක්‌වේ.

ප්‍රස්‌තාරික නිරූපණයට අනුව පෙනී යන්නේ ශ්‍රී ලංකාවේ හරිතාගාර වායු විමෝචනයට වැඩි ම බලපෑමක්‌ එල්ල වී ඇත්තේ ගෘහාශ්‍රිත ජෛවස්‌කන්ධ හරහා සිදු වන කාබන්ඩයොක්‌සයිඩ් විමෝචනය මගින් බවයි. ප්‍රවාහනයේ දී හා කර්මාන්තයන්හි දී ඉන්ධන භාවිතය හරහා සියයට 21ක සමාන මට්‌ටමේ බලපෑමක්‌ දක්‌නට ලැබෙයි. කාබන්ඩයොක්‌සයිඩ් උත්පාදනය කෙරෙහි බලශක්‌ති ප්‍රභවයන් ගේ දායකත්වය සියයට 11ක තරමක අඩු අගයක්‌ පෙන්නුම් කරයි. වී වගාවේ දී මීතේන් නිපදවීම නැත හොත් මුදාහැරීම හරහා සියයට දහයක පමණ බලපෑමක්‌ සිදු කරද්දී ශීතකාරක මගින් නිපදවෙන හයිෙඩ්‍රාෆ්ලුවරෝකාබන් හරහා පෙන්නුම් කරන්නේ සියයට එකක පමණ ඉතා ම සුළු බලපෑමකි. එක්‌ එක්‌ ක්‌ෂේත්‍රයන් මගින් වෙන් වෙන් වශයෙන් ගත් කල සිදු වන්නා වූ බලපෑම මනාව ඉහත ප්‍රස්‌තාරය මගින් පැහැදිලි කරයි.

එක්‌ එක්‌ ඉන්ධන වර්ග අනුව ඒකකයකට නිපදවන කාබන් ඩයොක්‌සයිඩ් ප්‍රමාණය 02 වගුව මගින් පෙන්නුම් කරයි.

ඒකකයකට නිපදවෙන කාබන්ඩයොක්‌සයිඩ් ප්‍රමාණය ඩීසල්, ගැසොලින් (පෙට්‍රල්), ද්‍රව පෙට්‌ට්‍රොaලියම් වායුව, කෙරොසින් (භූමිතෙල්) ආදී ෆොසිල ඉන්ධන දහනයේ දී සාපේක්‌ෂව වැඩි අගයයක්‌ පෙන්නුම් කරන බව ඉහත වගුවෙන් පෙනෙයි.

ඉහත දත්ත මගින් පැහැදිලි වනුයේ කර්මාන්ත, ප්‍රවාහනය හා ආහාර පිසීමේ දී භාවිත කරන ඉන්ධනයන් මගින් සිදු වන්නා වූ හරිතාගාර වායු විමෝචනය අඩු කරන්නට වැඩි අවධානයක්‌ යොමු කළ යුතු බවයි. ෆොසිල ඉන්ධන දහනය හැකිතාක්‌ සීමා කරමින් විකල්ප ඉන්ධන ප්‍රභවයන් කරා යොමු වීම ද වඩාත් කාලෝචිත ය.

දත්ත සඳහා අනුග්‍රහය( ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්‌ති අධිකාරිය

සිනේකා වීරක්‌කොඩි

උපුටා ගැනීම - http://www.vidusara.com

Tuesday, February 9, 2016

ජනාධිපති හරිත සම්මාන උළෙල - 2016

පරිසරයට හිතකාමිව කටයුතු කරන සියළුදෙනා ඇගයිම වස් මධ්‍යම පරිසර අධිකාරිය විසින් ක්‍රියාත්මක කරනු ලබන හරිත සම්මාන උළෙල සදහා අයදුම්පත් කැදවිම දැන් ආරම්භ වී ඇත. ඒ සදහා A සහ B වශයෙන් අංශ දෙකක් යටතේ අයදුම්පත් කැදවා ඇති අතර අයදුම්පත් භාර ගැනිම 2016/02/29 දිනෙන් අවසන් වේ.
අයදුම්පත් යොමු කළ යුතු ලිපිනය - සභාපති, තේරිම් කමිටුව, ජනාධිපත හරිත සම්මාන - 2016, මධ්‍යම පරිසර අධිකාරිය, පරිසර පියස 104, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත, බත්තරමුල්ල.
විමසිම් -  0112873449
අයදුම්පත් පහත් සබැදි වලින් ලබා ගත හැකිය.
ඔබගේ පහසුව පිණිස මධ්‍යම පරිසර අධිකාරියේ වෙබ් අඩවියේ ඵලවන අදාල පිටුව පහතින් උපුටා දක්වා ඇත.
A - සමාජ සංස්කෘතික අංශය (කාල මානයන් නොතකා පූර්ණ කාලීනව ස්වකීය පරිසර විෂයෙහි කරන ලද විශිෂ්ඨ මෙහෙවර මෙන්ම 2015 වසර තුළ ස්වකීය විෂය ඔස්සේ සිදුකරන ලද විශිෂ්ට මෙහෙවර වශයෙන් ආකාර දෙකකට සම්මාන ප්‍රදානය කෙරේ.)

ඇගයීම් ක්ෂේත්‍ර

i. පරිසර සංරක්ෂණය සඳහා කටයුතු කරන පුද්ගලයන්. (අයදුම්කරු විසින්ම සකස් කරගත් අයදුම්පතක් භාවිතා කළයුතු අතර, අයදුම්කරු විසින්ම හෝ වෙනත් අයෙකුට, සුදුසුකම් සහිත පුද්ගලයෙකු වෙනුවෙන් නම් යෝජනා කරමින් අයදුම්කළ හැකිය. අයදුම්පත සමඟ සිය මෙහෙවරට අදාළ තොරතුරු ඉදිරිපත් කළයුතුය.)

B - කර්මාන්ත, ව්‍යාපාර හා ආයතන අංශය (මෙම අංශයේ සම්මාන ප්‍රදානය 2011 වසරේ සිට වාර්ෂිකව ක්‍රියාත්මක කරන අතර, මෙවර 2015 වසර තුළ අදාල විෂය ඔස්සේ සිදුකරන ලද විශිෂ්ට මෙහෙවර වෙනුවෙන් ජාතික හරිත සම්මාන ප්‍රදානය සිදුකෙරේ.)
ඇගයීම් ක්ෂේත්‍ර

  

• අදාළ ඉල්ලුම්පත්‍ර මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රධාන කාර්යාලය, පළාත් කාර්යාල, දිස්ත්‍රික් කාර්යාල මඟින් හා පහත වෙබ් අඩවි මඟින්ද 2016.01.26 දින සිට ලබාගත හැක. 
http://cea.lk/web/?option=com_content&view=article&layout=edit&id=879
There was an error in this gadget

R C D