Saturday, February 2, 2019

ලෝක තෙත්බිම් දිනය අදට යෙදී ඇත. (2019-02-02)


ලෝකයේ සියලුම රටවල් පාහේ ඉතා වේගයෙන් නාගරීකරණය වන අතර ඉදිකිරීම් හේතුවෙන් හරිත පරිසර පද්ධති ගොඩනැගිලි සහ මාර්ග වලට යටවීම වෙමින් සිදුවෙයි. මේ හේතුවෙන් තෙත්බිම් පරිසර පද්ධතිය විනාශය කරා යමින් පවතියි. අද වන විට මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් තෙත්බිම් පරිසර පද්ධති ගණනාවක් ලොවට අහිමිවී ඇත.

තෙත්බිම් අහිමි වීමේ අහිතකර ප්‍රතිඵල වන ජල දූෂණය, වායු දූෂණය, පරිසර උෂ්ණත්වය ඉහළයාම සහ ජෛව පරිසර පද්ධති විනාශවීම ඔස්සේ මිනිසාට දැවැන්ත ගැටළු නිර්මාණය කර ඇත.

තෙත්බිම් ඉතා වැදගත් පරිසර පද්ධතියක් ලෙස ලෝකයේම අවධානය දිනා ගෙන ඇත. මෙහිදී ලංකාව කෙරෙහි විශේෂ අවධායය යොමු වන කරුණක් වන්නේ කොළඹ නගරය ලෝකයේ ප්‍රථම තෙත් බිම් අගනගරය ලෙස රැම්සා සම්මුතිය මගින් පසුගිය 2018 ඔක්තෝබර් මාසයේදී නම් කරනු ලැබීමයි.

තෙත්බිම් සංරකෂණ කාර්යයෙහිලා ලෝකවාසීන්ගේ අවධානය තව තවත් යොමු කරවීමේ අරමුණින් විවිධ තේමාවන් යටතේ වාර්ශිකව ලෝක තෙත්බිම් දිනය සැමරීමට අවශ්‍ය වටපිටාව රැම්සා සම්මුතිය ඔස්සේ සිදු කරනු ලබයි

ඒ අනුව මෙවර තේමාව වන "ලෝක තෙත්බිම් හා දේශගුණික විපර්යාස" යන්න පෙරදැරි කරගෙන තෙත්බිම් දින සමරමින් තෙත්බිම් සංරක්ෂණයෙහි වැදගත්කම කෙරෙහි ලෝකවාසීන්ගේ අවධානය යොමු කරවා ඇත.

ලෝක වැසිකිළි දිනය (2019-11-19)


ඉන්දීය නිදහස් අරගලයේ පියා ලෙස සැළකෙන මහත්මා ගාන්ධි, තමන්ගේ වැසිකිළිය තමන්ම පිරිසුදු කර ගැනීම සිදු කෙරිණි. එම කරුණ මුල් කරගෙන වංශවතුන් තමන්ට මහත්මාගාන්ධි විසින් අවමන් කරන බවට චෝදනාවක් ද කර ඇත. අදට ද ඉන්දියානුවන්ට ප්‍රමාණවත් වැසිකිළි පහසුකම් නොමැත. ඉන්දියානුවන්ගේ නිවාසවල වැසිකිළි පහසුකම් ඇත්තේ 46.9% බවටත් ඉතිරි 49.8ම තම බහිශ්‍රාවිය කටයුතු සඳහා තෝරා ගන්නේ එලිමහන බවත්, පොදු වැසිකිළි භාවිත කරන ප්‍රතිශතය 3.2%ක් ලෙස දත්තවල දැක්වේ. ලොව මහා බලවතා වීමට වෙරදරන ඉන්දියාවේ සනීපාරක්ෂක කටයුතු පිළිබඳව අවධානය යොමු වීම අල්පය.

ලෝක ජනගහනයෙන් 12% ක් එනම් මිලියන 892 ක් විවෘත පරිසරයේ මළපහ කිරීම සිදු කරයි. තොරතුරු වලට අනුව මෙයින් සියයට හැත්තෑහයක් (මිලියන 678 ක්) ජීවත්වන්නේ රටවල් හතකය. එනම්,
නයිජීරියාව - 25% 
ඉන්දුනීසියාව - 12%
ඉතියෝපියාව - 27%
පාකිස්ථානය - 12%
නයිගර් - 71%
සුඩානය - 27%
දකුණු සුඩානය - 61%
එරිට්‍රියා - 76%
යන රටවල් හත ය. 

ටොයිලට් ඒක් ප්‍රේම් කතාඉන්දියාවේ මේ සම්ප්‍රදායික උරුමයට වැදුණු අතුල් පහරකි. එහෙත් එම පහරම ඉන්දියානු සිනමා ප්‍රේක්ෂකයන් විසින් සෙනෙහසින් වැලඳගන්නා ලදී. ලෝකයේම ධනවතා වී සිටින මේ වසරේ දෙවැනි ධනවතා බවට පත්වූ බිලියනපති බිල් ගේට් සිනමාපටය තිරගතවීමත් සමඟ ට්විටර් වෙබ් අඩවියේ සඳහන් කළේ 2017 ලෝකයට බලපෑ කතා නවයෙන් තෙවැන්න ටොයිලට්: ඒක් ප්‍රේම් කතාබවය.

මේ ගස් මූල සම්ප්‍රදාය වසර 2019 දී අවසන් කළ යුතු බව ඔහු තරයේ කියා සිටී. වසර 2019 දී වැසිකිළි මිලියන සියයක් යන්න ඉන්දියානුවන් දකින සිහිනයකි.

සුදු ජාතිකයන්ගේ ආධිපත්‍ය භාරතයේ පවතිද්දී මහත්මා ගාන්ධි විසින් සුදු ජාතිකයන්ට ඉන්දියාව එපා කරවීමට කළ උපක්‍රමයක් ලෙස මෙය දක්වා තිබුණද සැබෑ කතාව හින්දු ආගම හා බැඳී පවතී. හින්දූන් මෙසේ කරන්නේ අපවිත්‍ර දෑ අත්ලේ තැවරීමෙන් වළක්වා ගැනීම සඳහාය. ගස්, වැල්, පඳුරු යට මෙසේ කිරීමෙන් ඔවුන් අපවිත්‍ර දැයින් සම්පූර්ණයෙන් නිදහස් වී ශුද්ධ වෙයි. ලෝක ජනගහනයෙන් සියයට දාහතක් සිටින්නේ ඉන්දියාවේ ය.

ඉන්දියාවේ වැඩිම ජනකායක් ගස් මූල සම්ප්‍රදාය අනුගමනය කරනු ලබන්නේ ජර්කන්ද්වලය. ඔඩිෂා සහ මධ්‍ය ප්‍රදේශ පිළිවෙළින් දෙවැනි හා තෙවැනි තැන ගනී. නයිජිරියාවේ මිලියන 46ක් මළ පිට කරන්නේ ගස්, පඳුරු, ඇළ මාර්ග ආදී තැන්වලය. නයිජීරියානු රජය එළි පහලියට යන්නන්ට එරෙහිව දඩ ගැසීමට පටන්ගෙන ඇත. සෑම වසරකම නයිජීරියාවේ මවුවරුන් 85,000කට වැඩි ගණනකට දරුවන් අහිමි වේ. ඒ පාචනයට. මේ ශරීර සෞඛ්‍යට අහිතකර පුරුද්ද හේතුවන නිසයි. වැසිකිළි පහසුකම් නැති නයිජීරියානු කාන්තාවන්ට හා දැරියන්ට මළ පිටකිරීම සඳහා තැනක් සොයා ගැනීමට වසරකට පැය බිලියන 3.1 ක් වැයකිරීමට සිදුවේ.

ඉන්දුනීසියාවේ වාර්ෂිකව 136,000 - 190,000 අතර දරුවන් පිරිසකට පස්වැනි උපන් දිනය සැමරීමට සිදුවන්නේ නැත. ඒ මේ සෞඛ්‍ය විරෝධී ක්‍රියාව නිසා ඇතිවන රෝගාබාධ නිසාය.

ඉන්දියාවේ ටොයිලට් ඒක් ප්‍රේම්කතානිර්මාණය වූයේ සත්‍ය කතාවක් පසුබිම් කරගෙනය. විවාහ වී සැමියාගේ නිවෙසට පැමිණි පසු එම නිවෙසේ වැසිකිළියක් නැතිකමින් තරුණියක් තවදුරටත් ඔහු හා දිවිගෙවීම ප්‍රතික්ෂේප කර ඇත. මේ ඒ තේමාවෙන් තැනුණු ප්‍රථම ඉන්දියානු සිනමාපටය නොවේ. ඊට පෙරද සිනමාපටයක් නිර්මාණය විය. නයිජීරියාවේද කාන්තා පක්ෂය මේ කරුණ මත සැමියන් ප්‍රතික්ෂේප කිරීමට පටන්ගෙන ඇත. ඔබන්ලිකු ප්‍රජාව ඒ අතර කැපී පෙනෙයි.

වැසිකිළි තැනීම ඇරඹුණේ කවර කාලයේ දැයි කිව නොහැකිය. එහෙත් එහි අතීතය ක්‍රි. පූ. 1700 දක්වා ඇතැම් විට ඊටත් අතීතයට දිවයයි. එසේ වුවද තවමත් ලොවට වැසිකිළි නැතිකම බරපතළ ගැටලුවකි.

අන්තර්ජාලයෙනි.