Saturday, February 2, 2019

ලෝක තෙත්බිම් දිනය අදට යෙදී ඇත. (2019-02-02)


ලෝකයේ සියලුම රටවල් පාහේ ඉතා වේගයෙන් නාගරීකරණය වන අතර ඉදිකිරීම් හේතුවෙන් හරිත පරිසර පද්ධති ගොඩනැගිලි සහ මාර්ග වලට යටවීම වෙමින් සිදුවෙයි. මේ හේතුවෙන් තෙත්බිම් පරිසර පද්ධතිය විනාශය කරා යමින් පවතියි. අද වන විට මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් තෙත්බිම් පරිසර පද්ධති ගණනාවක් ලොවට අහිමිවී ඇත.

තෙත්බිම් අහිමි වීමේ අහිතකර ප්‍රතිඵල වන ජල දූෂණය, වායු දූෂණය, පරිසර උෂ්ණත්වය ඉහළයාම සහ ජෛව පරිසර පද්ධති විනාශවීම ඔස්සේ මිනිසාට දැවැන්ත ගැටළු නිර්මාණය කර ඇත.

තෙත්බිම් ඉතා වැදගත් පරිසර පද්ධතියක් ලෙස ලෝකයේම අවධානය දිනා ගෙන ඇත. මෙහිදී ලංකාව කෙරෙහි විශේෂ අවධායය යොමු වන කරුණක් වන්නේ කොළඹ නගරය ලෝකයේ ප්‍රථම තෙත් බිම් අගනගරය ලෙස රැම්සා සම්මුතිය මගින් පසුගිය 2018 ඔක්තෝබර් මාසයේදී නම් කරනු ලැබීමයි.

තෙත්බිම් සංරකෂණ කාර්යයෙහිලා ලෝකවාසීන්ගේ අවධානය තව තවත් යොමු කරවීමේ අරමුණින් විවිධ තේමාවන් යටතේ වාර්ශිකව ලෝක තෙත්බිම් දිනය සැමරීමට අවශ්‍ය වටපිටාව රැම්සා සම්මුතිය ඔස්සේ සිදු කරනු ලබයි

ඒ අනුව මෙවර තේමාව වන "ලෝක තෙත්බිම් හා දේශගුණික විපර්යාස" යන්න පෙරදැරි කරගෙන තෙත්බිම් දින සමරමින් තෙත්බිම් සංරක්ෂණයෙහි වැදගත්කම කෙරෙහි ලෝකවාසීන්ගේ අවධානය යොමු කරවා ඇත.

No comments:

Post a Comment