අපේ වෙද ගෙදර

එදා බුලත් අතක් දී වෙදකම් ගත් අප අද වන විට අපි බටහිර වෛද්‍ය විද්‍යාවට හා ඖෂධ මාපියාවට සහමුලින්ම මුලා වී ඇත. සෙම්ප්‍රතිශ්‍යාවකටත් ස්පෙෂලිස් කෙනෙක් නැතිව බැරි තැනට අප පත්ව ඇත. ඒ අනුව භාවිතයට ගන්නා සමහර ඖෂධ වල අතුරුඵල වශයෙන් තවත් දහසකුත් එකක් රෝග වලට අපි මුහුණ පාන්නෙමු. එසේම එමගින් නිට්ඨාවටම සුව කළ නොහැකි රෝග බොහෝ වෙති. කාලයක් වෙදකම් ලබන රෝගියා සුවයක් නොලබාම ප්‍රතිකාර අතහරී.
එය එසේ වූවද ඕනෑම රෝගයකට දේශීය වෛද්‍ය ක්‍රමය තුළ නිට්ඨාවටම සුව කළ හැකි පිළියම් ඇත. වෛද්‍යවරු නොවූවද පාරම්පරිකව එක් එක් රෝග සදහා අනුහස් සහිත වෙදකම් දන්නෝද වෙති. මෙය ලියන මාගේ මව ව්‍යෛද්‍ය වරියක් නොවූවද කහඋණ ලෙස හදුන්වන රෝගය සදහා ප්‍රතිකාර කරනු ලබයි. පරම්පරාවෙන් පවත්වාගෙන එන ලද රහස් වෙදකමක් ඇසුරින් කෙරෙන මෙම ප්‍රතිකාරයෙන්, රෝහලින් ප්‍රතිකාර කර නවතා දමන ලද රෝගීන් පවා දින 03කින් සුවය ලබනු මා දැක ඇත.  එවැනි වූ මාහැගි ප්‍රතිකාර ක්‍රම පවත්වාගෙන එන්නෝ බොහොමයක් අද අප්‍රසිද්ධියේ වෙති.

මුදල් පිළිබදව නොසිතා මානව සුබසිද්ධිය උදෙසා කැපවී කටයුතු කරන එවැනි වූ ඉසිවරුන් හදුන්වා දීම මෙම පිටුවේ අරමුණ කරගෙන ඇත. ඒ සදහා ඔබගේ සහයෝගයත් අප අපේක්ෂා කරනවා. ඔබත් එවැනි වෛද්‍ය වරුන් පිළිබදව දන්නේ නම් ඔබසතු වටිනා තොරතුරු (සියල්ලම නැතත් ඔබ සතුව පවතින තොරතුරු එවන්න)පහත සදහන් පරිදි අපගේ isiwaraya@gmail.com වන ඊමේල් ලිපිනයට යොමු කිරීමට කාරුණික වන්න. නොඑසේනම් කොමෙන්ට් ආධාරයෙන්ලබා දෙන්න.

1 වෙදකම
2 වෛද්‍යවරයාගේ සුවිශේෂීත්වය (කෙටි විස්තරයක්)
2 වෛද්‍යවරයාගේ නම
3 ලිපිනය
4 දුරකථන අංකය
5 පහසුවෙන් ලගාවිය හැකි මාර්ගය
6 තොරතුරු ලබාදෙන අයගේ නම, ගම. (ඵල කිරීම සදහා)

අපේ වෙද ගෙදර
------------------------------------------------------------------------------------------------------------
01. ඩෙංගු රෝගයට දේශීය ප්‍රතිකාර 
1. මෙතෙක් බටහිර වෛද්‍ය ක්‍රමයෙන් ඖෂධයක් හදුනාගෙන නොමැති මෙම රෝගය සදහා දේශීය වශයෙන් ප්‍රතිකාර කර රෝගීන් මරණයෙන් ගලවා ගැනීම.
ආයුර්වේද වෛද්‍ය තරංගා කුමාරි වික්‍රරමසූරිය
දුරකථන අංකය - 091-7914202
තොරතුරු ලබාදුන්නේ - අජිත් ජයසූරිය මහතා

02. කොඳු ඇට පෙලේ ආබාධයන්ට
දුරකථන අංකය -  0412251056/077-5565458
ලිපිනය - ඇම්. ඒ. මදනායක වෙද මහතා ,“හෙළ වෙද ගෙදර”, ඉබ්බාවර වැව අසල, වැලිගම, මාතර. - වැඩි විස්තර මෙතනින්

03. අර්ශස්‌ රෝගට
 කොළඹ කොට්‌ටාව පාරේ හිරිපිටිය දොළේකඩේ පාරේ අංක 129/6 යන ස්‌ථානයේදීත් අර්ශස්‌ රෝග විශේෂ වයි. පී. සමරනායක වෙදැදුරු හමුවී ප්‍රතිකාර ගැනීමට අවස්‌ථාව සලසා ඇත - වැඩි විස්තර මෙතනින්

04. ඇස් වෙදකම
 ගඟුලේ වෙද ගෙදර - වැඩි විස්තර මෙතනින්

05. බයි පාස්‌ සැත්කමට අභියෝගයක්‌
එච්.ආර්.තමරා ප්‍රියන්ති මංගලිකා මිය,  සුව මැදුර, වසුන්දරා මාවත, නව නගරය, පොලොන්නරුව - වැඩි විස්තර මෙතනින්

06හොරිවිල විශ්මිත වෙදකම්
හබරණ පලුගස්වැව හොරිවිල ගමේ දුම්රිය නැවතුම්පල පසුවනවාත් සමග සත්‍ය හොරිවිල වෙද මැදුර පිහිටා ඇත.
වෙදමහතා -0777560660/ 0777560661/0777039324

07. දියවැඩියාවට වෙදකම්

දියවැඩියාව හෙළ ඔසුවෙන් සුව කරන යටියන්තොට සෙනරත් ජයසුරිය බණ්ඩාර වෙද මහතා. දුරකථනය 0711 631724
තොරතුරු Chathuranga Vithanaarachchi මිතුරාගේ ෆේස්බුක් ගිණුමෙනි.
08. විශේෂ කැඩුම් බිඳුම් වෙදකම
පී.දනපාල වෙද මහතා, සියඹලාගස්වැව, ගල්කුලම, අනුරාධපුර.
දුරකථනය - 0785934181

09. දද, කුෂ්ඨ වණ, හිස්‌ හොරි සුව කරන නාඩි ප්‍රතිකාර

ජිනසිරි ලියන්වෙල වෙද මහතා - අඟුලාන, මොරටුව  - දුරකථනය - 0776500677
වැඩි විස්තර - මෙතනින්

10. වස විෂ වෙදකම්


11. කොරෝනා සඳහා ප්‍රතිකාර
ආයුර්වේද වෛද්‍ය තරංගා කුමාරි වික්‍රරමසූරිය
දුරකථන අංකය - 091-7914202
තොරතුරු ලබාදුන්නේ - අජිත් ජයසූරිය මහතා
වැඩි විස්තර - මෙතනින්

No comments:

Post a Comment