Friday, October 14, 2016

ආපදා අවම කිරීමේ දිනය 2016

එක්සත් ජාතීන්ගේ මහා මංඩලය මගින් සෑම වසරකම ඔක්තෝබර් මස 13 වන දින විපත් අවම කිරීමේ ජාත්‍යන්තර දිනය ලෙස ප‍්‍රකාශයට පත්කර ඇත. 1989 වසරේ සිට සියළු රටවල් විසින් ආපදා අවම කිරීමේ ජාත්‍යන්තර දිනය සමරනු ලබයි. තම රටෙහි සහ අසල්වැසි රටවල සිදුවන ආපදා ගැන දැනුවත් වීම, ඒවාට මුහුණ දීමට පෙර සුදානමක් තිබීම හා ආපදා කළමනාකරණ සංස්කෘතියක් ලෝකය තුළ බිහි කිරීම විපත් අවම කිරීමේ දිනය ප‍්‍රකාශයට පත් කිරීමේ මූලික අරමුණයි. ආපදා අවම කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ( United Nations Office for Disaster Reduction) 2011 වසරේ සිට ආපදා නිසා සිදුවන හානි අවම කිරීමේ කාර්ය භාරය සඳහා ලොකු කුඩා භේදයකින් තොරව රටක සෑම පුද්ගලයකුම සහභාගී කරවා ගැනීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් වැඩ සටහනක් දියත් කෙරීණ. රටක ජනගහනයේ එක් එක් ප‍්‍රභේද ආපදා හානි වැලැක්වීමේ ක‍්‍රියාවලියට දායක කරගැනීමේ ක‍්‍රියාමාර්ග පිළිබඳව එක් එක් වසර තුළ අවධානය යොමු කෙරිණි. 2014 වර්ෂයේ අවධානය යොමු කරනුයේ වැඩිහිටි පුරවැසියන්ගේ දායකත්වය ආපදා කළමනාකරණය සඳහා යොදා ගැනීම ගැනයි. වැඩිහිටියන් සතුව පවත්නා පාරම්පරික ඥානය රටක ආපදා හානි අවම කිරීමේ ක‍්‍රියාවලියට ඉතා වැදගත් වන බව මින් අවධාරණය කෙරේ.

මානව ඉතිහාසයේ ආරම්භයේ සිටම ස්වාභාවික ආපදා සිදුවු බවට සාක්ෂි ඇත. බුදුන් වහන්සේගේ කාලයේ විශාලා මහනුවර හටගත් සාගතය, වසංගත රෝග හා අමනුෂ්‍ය බිය යන ත‍්‍රිවිධ ආපදාවන්ගෙන් හටගත් බියකරු ව්‍යසනයක් ගැන සඳහන් වේ. කැළණිතිස්ස රජු සමයේ ශ‍්‍රී ලංකාවේ සුනාමි ව්‍යසනය නිසා හටගත් භයානක ප‍්‍රතිඵල ගැන අපගේ ඉතිහාසයෙහි කියවේ. එහෙත් මේවා ඉතා විරල සිදුවීම්ය. අපගේ මුතුන් මිත්තෝ පාරිසරික සාධකය ඉතා පූජනීය ලෙස සැලකූහ. මානව පැවැත්ම සඳහා පරිසරය සපයා දෙනු ලබන සම්පත් ඥානාත්විතව හා සකසුරුවමින් භාවිතා කළහ. මේ නිසා එකල ප‍්‍රජාවට ස්වාභාවික ආපදාවන්ගෙන් සිදුවූ ව්‍යසනයන් අද මෙන් බහුල නැත. මිනිස් ක‍්‍රියාකාරකම් නිසා හටගන්නා කිසිදු කෘතිම ආපදාවක් ගැන ඔවුහු දැන නොසිටියහ.
වර්තමාන ලෝකයේ සෑම රටක්ම පාහේ ආපදා නිසා හටගන්නා ව්‍යසන වලට ගොදුරු වේ. ස්වාභාවික විපත් සංඛ්‍යාව අතිශයින් ඉහල ගොස් තිබෙන අතර ඉන් සිදුවන ජීවිත හානි, දේපළ හා පාරිසරික විනාශයන් මෙතෙකැයි නිශ්චය කළ නොහැකි තරමට ඛෙදනීය වර්ධනයක් පෙන්නුම් කෙරේ. මෙම ව්‍යසනයන් අවම කිරීමේ අවශ්‍යතාව හුවා දක්වමින් ආපදා අවම කිරීමේ ජාත්‍යන්තර දිනය ප‍්‍රකාශයට පත් කෙරිණ.
ආපදාවක් යනු බලාපොරොත්තු රහිතව, මිනිස් ජිවිත ද, දේපළ ද, පරිසරය ද විනාශ කරමින් ක්‍ෂණිකව ඇතිවන විනාශකාරී සිදුවීමකි. මෙම විනාශකාරී සිදුවීම් දෙවැදෑරුම් වේ. පෘථිවි පෘෂ්ඨය අභ්‍යන්තරයේහි සිදුවන භූගෝලීය ක‍්‍රියාකාරකම් හා දේශගුණික සාධක මත හටගන්නා ස්වාභාවික විපත් පළමු ගණයට අයත් වේ. භූමි කම්පා, නායයාම්, ජලගැලීම්, නිය`ග, සුළි කුණාටු, ගිනි කඳු පිපිරීම් හා සුනාමි ව්‍යසන වශයෙන් ස්වාභාවික ආපදා නා නා විධ වේ. රටවල භූගෝලීය පිහිටීම මත ව්‍යසනයන්ට ගොදුරු වීමේ ප‍්‍රවණතා අඩු වැඩි වේ. ජපානය, පිලිපීනය, ඉන්දුනීසියාව වැනි රටවල් මහාද්වීපික හා සාගර තටක එකිනෙකට මුණ ගැසෙන තීරයක පිහිටා තිබීමෙන් සාගර පත්ලේ හා මහාද්වීප තටක පත්ලේ සිදුවන භූගෝලීය ක‍්‍රියාකාරකම් නිසා එම රටවල් නිරන්තර භූමි කම්පාවන්ට ලක්වේ. ලොව සිදුවන භූ චලන වලින් 90% ක් පමණ මෙම රටවලින් වාර්තා වේ. ජපානයේ කෝබේ හා ටොහෝකු ප‍්‍රදේශ වල මිනිස් ජිවිත විශාල සංඛ්‍යාවක් හා දේපළ බිලිගනිමින් ඇති වූ භූ චලන මෑත ඉතිහාසයේ සිදුවු අති භයානක භූ චලන වෙයි. ගිනි කඳු පිපිරීම්, නාය යාම් හා සුනාමි තර්ජන මත හටගන්නා විනාශකාරී සිදුවීම්ද මෙම රටවල බහුලය. බංග්ලාදේශය, ඉන්දියාවේ සමහර ප‍්‍රදේශ හා චීනය හා ශ‍්‍රී ලංකාව ජලගැලීමේ විපත් නිසා නිතර ව්‍යසනයන්ට ලක්වේ. සුළි කුණාටු ද මිනිස් ජීවිත හා දේපළ විනාශ කරන තවත් ආපදාවකි. සුළි කුණාටු බොහෝ රටවලට පොදු විපතක් වුවත්, 70% ක් පමණ සුළි කුණාටු වාර්තා වනුයේ උත්තරාධ_ ගෝලයේ පිහිටි රටවලින්ය. මලාවි, සිම්බාබ්වේ, සූඩාන්, ඉතියෝපියා, එරිත‍්‍රියා වැනි රටවල් නිරන්තර නියං ආපදා වලට ගොදුරු වන රටවල් ය.
ස්වාභාවික ආපදාවන්ට අමතරව මිනිසා විසින් නිර්මාණය කරනු ලබන කෘතිම විපත් නිසා වර්තමානයේ ලොවට මුහුණ දීමට සිදු වී ඇති ව්‍යසනයන් දෙවන ගණයට අයත්වේ. මිනිසා සැලසුම් සහගතව කරන ක‍්‍රියාකාරකම්, නොසැලකිල්ල හා යන්ත‍්‍ර සූත‍්‍ර භාවිතයේ වැරදි නිසා සිදුවන විපත් හා පද්ධතීන්ගේ වැරදීම් හේතුවෙන් හටගන්නා භයානක ව්‍යසන වලට මුහුණ පෑමට මිනිසාට සිදුවේ. න්‍යෂ්ඨික අවි පිපිරවීම, යුද්ධ හා ත‍්‍රස්තවාදය, ඉන්ධන ගබඩා, සහ ගෑස් නල පුපුරා යාමෙන් ඇතිවන කාන්දුව මහාමාර්ග හා ගුවන් අනතුරු කෘතිම ව්‍යසන අතර ප‍්‍රමුඛත්වය ගනියි. න්‍යෂ්ඨික අවි පිපිරවීම නිසා මාර්ෂල් දුපත් හා නෙවාඩා වැනි ප‍්‍රදේශ වල සිදුවු අතිවිශාල මිනිස් ජිවිත හා සෞඛ්‍ය ගැටළු වලට අමතරව තවමත් එම ප‍්‍රදේශ මිනිස් වාසයට නුසුදුසු ප‍්‍රදේශ බවට පත්ව නැත. යුධ බිය හා ත‍්‍රස්තවාදය නිසා වර්තමානයේ බොහෝ රටවල අහිංසක මිනිස් ජිවිත හානියට පත්වේ. දැනට මාස කිහිපයකට මත්තෙන් මැලේසියානු ගුවන් යානයට සිදු වු විපත ඉතා ඛෙදනීය අවස්ථාවකි. වසංගත පැතිරයාමෙන් මිනිසුන්ට සිදුවන ව්‍යසනයද සුළුකොට තැකිය නොහැක. අප‍්‍රිකානු රටවල් අරක්ගත් ‘ඉබෝලා’ වසංගතය ඉතා කෙටි කලකදී මිනිස් ජිවිත දහස් සංඛ්‍යාවක් බිලි ගැනීමට සමත් විය.
ලංකාවේ ආපදා හානි
පසුගිය දශක කිහිපය තුළ ලොව දක්නට තිබෙන ආපදා හානි වර්ධනය වීමේ ප‍්‍රවණතාව ලංකාවටද පොදුය. ආපදා කළමනාකරණ අමාත්‍යාංශය සංග‍්‍රහ කර තිබෙන තොරතුරු අනුව දිවයිනේ බහුලව සිදුවන ස්වාභාවික ව්‍යසන අතර ජලගැලීම්, නාය යාම්, සුළි කුණාටු, නියං සාය අකුණු හානි හා වන සතුන්ගේ පහරදීම් ප‍්‍රමුඛස්ථානයට ගැනේ. මෝසම් වැසි සමග ගංගා පිටාර ගැලීමෙන් වසරකට දෙවතාවක් පමණ දිවයිනේ ඇතැම් දිස්ත‍්‍රික්ක ජලගැලීම් වලට භාජනය වේ. ජලගැලීම් වලින් සිදුවන ජීවිත හානි අඩුවුවද දේපල හා වගාවන්ට සිදුවන විනාශය බරපතළය. එම හානි තුළින් මිනිස් ජිවිත වලට කෙරෙන බලපෑම් අතිවිශාලය. කළුතර, රත්නපුරය, ගාල්ල, මඩකලපුව, පොළොන්නරුව හා කෑගල්ල යන දිස්ත‍්‍රික්ක නිරතුරුවම ජලගැලීම් වලට ගොදුරු වේ. 2014 ජුනි මාසයේ වු ජලගැලීම් නිසා පුද්ගලයින් 104476 ක සංඛ්‍යාවක් විවිධ කරදර වලට පත්වු බව වාර්තා වේ. නායයාම් හා අකුණු සැර හානිද ඉහළ යාමේ
ප‍්‍රවණතාවක් ඇති බව ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි. ගම්පහ, කළුතර, රත්නපුර, යන දිස්ත‍්‍රික්ක තුළ අකුණු ආපදාව වැඩි වශයෙන් සිදුවේ. 1974 – 2008 දක්වා වසර 34 තුළ ලංකාවේ සිදුවු ස්වාභාවික විපත් පිළිබඳව ආපදා කළමනාකරණ අමාත්‍යාංශය විසින් කරන ලද අධ්‍යයනයකින් මෙම තොරතුරු අනාවරණය වේ. ඒ අනුව වර්ෂ 2002 දක්වා කාලය තුළ දළ වශයෙන් වසරකට නායයාම් 50 ක් පමණ වාර්තා වී ඇත. 2002 වසරෙන් ඔබ්බට නායයාම් වල හදිසි වර්ධනයක් පෙන්නුම් කෙරේ. 2006 සිට වසරකට නායයාම් 200 – 375 දක්වා පරාසයක් තුළ සිදුවෙමින් පවතී. බදුල්ල, රත්නපුර, නුවරඑළිය, කෑගල්ල යන දිස්ත‍්‍රික්ක මෙම අනතුරට වැඩි වශයෙන් ගොදුරු වේ. ලංකාවට සැලකිය යුතු වාර්ෂික වර්ෂාපතනයක් ලැබුණද, සමකයට ආසන්නව පිහිටීමේ බලපෑම නිසා ඇතැම් වර්ෂවල නියං සාය වලින්ද දිවයිනට හානි පැමිණේ. කුරුණෑගල, පුත්තලම, හම්බන්තොට, මොණරාගල වැනි වියළි කලාපීය දිස්ත‍්‍රික්ක නියං සායෙන් පීඩා විදිති. අකුණු සැර වැදීම මෝසම් වැසි සමග සම්බන්ධ තවත් ව්‍යසනයකි. මෙම අනතුර නිසා වන ජිවිත හානි සංසන්දනාත්මකව අඩු වුවත් ඉන් සිදුවන හානි වල ක‍්‍රමික වර්ධනයක් පෙන්නුම් කෙරේ. ලංකාවේ සමහර දිස්ත‍්‍රික්කවල ජනතාව අලි ඇතුන් හා ඌරන් වැනි වන සතුන්ගේ පහරදීම් වලට ලක්වේ. මිනිසුන්ට පහර දීම හා මරාදැමීම, ගේ දොර විනාශ කිරීම්, වගාවන්ට හානි කිරීම වන සතුන්ගෙන් සිදුවන විනාශයන්ය. කුඹුරු වල අස්වැන්න නෙළන කාලයේදී වනසත්ව අනතුර බහුල බව ගොවීහු පවසති. වසරකට සතුන්ගෙන් සිදුවන හානි 500 සිට 900 දක්වා
ප‍්‍රමාණයක් වාර්තා වේ. කුරුණෑගල, මාතලේ සහ අම්පාර දිස්ත‍්‍රික්ක තුළ මෙම උවදුර වැඩි වශයෙන් දක්නට තිබේ.
ආපදා කළමනාකරණ අමාත්‍යාංශයට අනුව, පසුගිය වසර 10 මුළුල්ලේ භයානක ආපදා 34 ක් සිදු වී ඇත. ඉන් අහිමි වූ ජීවිත සංඛ්‍යාව 37,545 ක් සිදුවූ සියළු හානි වල වටිනාකම අ.එ.ජ. ඩොලර් බිලියන 5.96 කි. 2004 වසරේ හටගත් සුනාමි ව්‍යසනය පමණක් දිවයිනේ මිනිස් ජිවිත 31,225 ක් බිලි ගෙන තිබේ. පවුල් 260,967කට වාසස්ථාන අහිමි විය. පුද්ගලයින් 4500ක් පමණ අතුරුදහන් වුවන් අතරට එක්වී ඇත. සුනාමි ආපදාවේ අලාභය අ.එ.ජ. ඩොලර් බිලියන 3.6 කි. වාසනාවකට මෙන් සුනාමි ව්‍යසනය ලංකාවේ නිරන්තර අත්දැකීමක් නොවේ.
මිනිස් ක‍්‍රියාකාර කම් හේතුවෙන් හටගන්නා ආපදා ස්වාභාවික විපත් තරමටම හෝ ඇතැම් විට ඊටත් වඩා භයානක ප‍්‍රතිඵල ගෙනදේ. නීති විරෝධි ලෙස තරුණයන් විදේශ රටවලට ප‍්‍රවාහණය කිරීම, මැද පෙරදිග කාන්තාවන් විඳින කටුක අත්දැකීම් හා ගැහැට, ධීවර ප‍්‍රජාව මුහුණ දෙන ගැටළු, මත් ද්‍රව්‍ය භාවිතය, දරුවන් අපයෝජනයට ලක්කිරීම හා රථ වාහන අනතුරු මිනිස් ක‍්‍රියාකාර කම් නිසා ඇතිවන ආපදා අතර ප‍්‍රධාන තැනක් ගනි.
රැුකියා අපේක්ෂාවෙන් විදේශ ගතවීමට කැමැත්තක් දක්වන තරුණයන් මුළාකොට, නීත්‍යානූකූල නොවන මාර්ග ඔස්සේ ඔවුන් ඕස්ටේ‍්‍රලියාව හා ඉතාලිය වැනි රටවලට යවන ජාවාරම්කරුවෝ බොහෝ වෙති. එක් තරුණයකුගෙන් රු. ලක්ෂ 5 සිට 10 දක්වා මුදලක් අයකොට හොර රහසේම මුහුදු මාර්ගයෙන් මෙම තරුණයන් ලංකාවෙන් පිටකෙරේ. පුද්ගලයින් විශාල සංඛ්‍යාවක් නංවාගෙන දින 25 සිට 30 දක්වා කාලයක් ගතවන අවදානම් ගමනක් අරඹන මෙම බෝට්ටු මුහුදේදීම පෙරළීම නිසා මෙම තරුණයෝ මරණයට පත්වෙති. නොඑසේ නම් ලංකා මුහුදු තීරයේදි හෝ ඕස්ටේ‍්‍රලියානු මුහුදු තීරයේදී නීතියේ රැුහැනට අසුවී ද`ඩුවම් ලබති. වියදම් කළ මුදල හෝ අපේක්ෂිත රැුකියාව යන දෙකම ඔවුන්ට අහිමි වේ. පසුගිය වසර තුළ නීති විරෝධි සංක‍්‍රමිණික තරුණයන් 8000කට වැඩි සංඛ්‍යාවක් පොලිසියේ හා නාවික හමුදාවේ බලධාරීන් අතට පත් වු බව සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුදැනුමකින් තොරව ඇතැම් රැුකියා ආයතන මගින් මැද පෙරදිග ගෘහ සේවය සඳහා යවනු ලබන කාන්තාවන්ගේ ඉරණම ද ඉතා ඛේදනියයි. මිනිස් ජාවාරම් කරුවන්ගේ මුසාබස් වලට රැුවටී ගෘහ සේවයට හෝ වෙනත් රැුකියා සඳහා යැයි පවසමින් ඔවුන් සමග නගරයට පැමිණෙන කුඩා දරුවන් මෙන්ම කාන්තාවන්ද ඔවුන්ගේ රැුකියා ස්ථානය තුළ ශ‍්‍රම සූරා කෑමට හා විවිධ අපයෝජනයන්ට ලක්වේ. මත්ද්‍රව්‍ය සඳහා දරුවන් ඇබ්බැහි වීම නාගරික ප‍්‍රදේශ වල තරුණ තරුණයින්ගේ පමණක් නොව පාසල් දරුවන්ගේ ජීවිත ඛෙදනීය ලෙස අඳුරේ හෙළන තවත් අපරාධයක් බවට පත්ව ඇත.
ධීවර ප‍්‍රජාව තම ජිවිකාව සඳහා සාගරය සමග කරන සටනේදී ඔවුන් අත්දකින කටුක අත්දැකීම්ද නිරන්තර ව්‍යසනයක් බවට වර්ධනය වී ඇත. දැනුවත්ව හෝ නොදැනුවත්ව ඉන්දීය මුහුදු කලාපයේ මසුන් මැරීමට යාම නිසා ලාංකීක ධීවරයින්ට ඉන්දීය සිරගෙවල් වල රැුඳී සිටිමට සිදුවේ. ධීවර බෝට්ටු වල ඇති වන යාන්ත‍්‍රික දෝෂ හා උපකරණ හි`ගයද, සුළි කුණාටු වලට මැදි වීමද, අයහපත් දේශගුණික තත්වයන් ගැන ධීවරයින් දැනුවත් නොවීමද, යන කරුණු නිසා ධීවර ප‍්‍රජාවගේ ජිවිත අවදානම් තත්වයන්ට පත්වන අවස්ථා නිතර නිතර වාර්තා වේ. මීට අමතරව රථවාහන අනතුරු ඔස්සේ දිවයිනේ සිදුවන මිනිස් ජිවිත හානි ද සැලකිය යුතු සංඛ්‍යාවක් වසරකට වාර්තා වේ. වසරකට 3000කට ආසන්න රථවාහන අනතුරු සංඛ්‍යාවක් වසරකට සිදුවන බව පොලිස් දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි. බීමතීන් රිය පැදවීම, මාර්ග නීති වලට ගරු නොකිරීම, අධික වේගය, රියදුරන්ගේ නොසැලකිල්ල මෙන්ම පදිකයන්ගේ වැරදිද මාර්ග අනතුරු වලට බලපාන ප‍්‍රධාන හේතු වේ. ඩෙංගු රෝගයද ලංකාව තුළ වැසි සමයෙහිදි ආපදාවන් බවට වර්ධනය වී
ආපාදා කළමනාකාරණ අමාත්‍යාංශය ඉහත සඳහන් ව්‍යසනයන් හා ඒවායින් සිදුවන හානි අවම කිරීම සඳහා සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරනු ලබයි. මහජනතාව, දිස්ත‍්‍රික් ලේකම්වරුන් හා ශ‍්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව වැනි ආයතන දක්වන සහයෝගය තවදුරටත් ශක්තිමත් කිරීම තුළින් අමාත්‍යාංශයේ කාර්ය භාරය වඩාත් කාර්යක්ෂම හා ඵලදායි කළ හැක. ආපදා පිළිබඳ තොරතුරු හා දත්ත එක්රැුස් කිරීම, සෙසු ආයතන හා පුද්ගලයින් සමග ඒවා බෙදා හදාගැනීම හා ආපදා ගැන මහජනතාව දැනුවත් කිරීම, හා ආපදා කළමනාකරණ වැඩසටහන් ක‍්‍රියාවට නැංවීම හා ආපදා කළමනාකරණ
ප‍්‍රතිපත්තියක් සකස් කිරීම වැනි ඵලදායි කාර්ය රාශියක් කෙටි කාලයක් තුළ අමාත්‍යාංශය ම`ගින් ක‍්‍රියාවට නංවා ඇත.
ආපදාවන්ගෙන් සිදුවන හානි සෑම රටකටම පොදුය. ආපදා නිසා නැතිවන මිනිස් ජිවිත, සිදුවන දේපළ හානි හා පාරිසරික විනාශයන් අති බිහිසුණුය. තාක්ෂණය දියුණු වුවද ස්වාභාවික ව්‍යසනයන් ජයගැනීමට හෝ වැළැක්වීමට මිනිසා අපොහොසත්ය. කෙසේ වෙතත් පරිසරය වෙත සංවේදී විමෙන් හා ආපදා ගැන පෙර සුදානමක් තිබීමෙන් ඉන් හටගන්නා හානි අවම කළ හැකිය. එහෙත් කෘත‍්‍රීම ආපදා හේතුවෙන් හටගන්නා ව්‍යසනයන් නීතිමය ප‍්‍රතිපාදන නිසිසේ ක‍්‍රියාත්මක කිරීම, නව තාක්ෂණික මෙවලම් සහ පද්ධතීන් සමග සැලකිල්ලෙන් හා අවධානයෙන් කටයුතු කිරීම හා මහජන අවබෝධය තුළින් බොහෝ සේ අවම කරගත හැකිය. සෑම රටකම ස්වකීය සංවර්ධන උපාය මාර්ගයන් තුළ ආපදා කළමනාකරණය වැදගත් හා අනිවාර්ය උපාය මාර්ගයක් බවට පත් කළයුතු යුගයක අපි ජිවත්ව සිටිමු. අපදා අවම කිරීමේ ජාත්‍යන්තර දිනයෙහි ශ්‍රේෂ්ඨ පරමාර්ථයද මෙය වේ.
http://www.politics.lk/mohan-lal-greru-4/

No comments:

Post a Comment