Tuesday, January 30, 2018

සිලෝන් ටී ජපානයටත් එපාවෙයි (රසායන ද්‍රව්‍ය භාවිතයේ විපාක)


මෙරට තේ නිසි ප්‍රමිතියෙන් යුක්ත නොවන බවත් එහි අහිතකර රසායනික අඩංගු බවත් ජපාන රජය මෙරට රජය වෙත දැනුම් දී තිබෙනවා. වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසන්නේ මෙම ගැටලුව විසඳා ගැනීමට ඉහළ පෙලේ සාකච්ඡා ආරම්භ කර ඇති බවයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ජපන් රජය තවමත් අනතුරු ඇඟවීම් සිදුකරන නොමැති වුවද සමහර තේ වර්ගවලට අදාල ප්‍රමිතීන් සපුරා නොමැති බවයි.

මෙම ගැටලුව විසඳා ගැනීමට මාස හයක කාලයක් ලබාදෙන ලෙස රජය ජපානයෙන් ඉල්ලා තිබෙන බව ද ඇමතිවරයා පවසයි.

සිලෝන් ටී සඳහා ලොවපුරා තිබූ ඉහළ පිළිගැනීම මේ වනවිට පළුදු වෙමින් පවතින අතර මීට පෙර රුසියාවද සිලෝන් ටී ආනයනය කිරීම අත්හිටුවීමට කටයුතු කළේය. තේ වගාවේදී භාවිතා කරන විවිධ වල්නාශක හේතුවෙන් තේවල රසායනික මට්ටම වැඩි වී තිබේ.

මෙරට තේ අපනයනයේදී යුරෝපා වෙළඳපොලට අනුකූල ප්‍රමිතීන්වලට අනුව සකස් කරන අතර ඇමතිවරයා පවසන්නේ ජපානය විසින් එම ප්‍රමිතීන්ට වඩා ඉහළ ප්‍රමිතියක් අපේක්ෂා කරන බවයි. ගැටලුවට හේතු වී ඇත්තේ මෙම තත්වයයි.

උපුට‍ා ගැනීම - ඊ නිවුස් වෙබ් අඩවිය