ලෝක මුහුදු කැස්බෑ දිනය--2025 / World Sea Turtle Day--2025
කැස්බෑ සංරක්ශනය සහ දේශීය මුහුදු තීරයෙන් ඔබ්බේ සිදුවන තර්ජන පාලනය
මෙවර ලෝක කැස්බෑ දිනය උදාවූයේ සතියක පමන කාලයක් පුර මියගිය කැස්බෑ මලසිරුරු වෙරලට ගසාගෙන ඒම සිදුවන අතරතුරදීය.අද දිනයේද මේ වන විට එක් කැස්බෑ සිරුරක් ගොඩ ගසා තිබෙන බව දැනගන්නට ලැබිනි.2021 වසරේ ලෝක මුහුදු කැස්බෑ දිනය සමරන ලද්දේ මුහුදු කැස්බෑ මරන විශාල වශයෙන් වාර්තා වෙමින් පැවති අවධියක විය.මේ වසරේදී මෙතෙක් වාර්තගත කැස්බෑ මරන සංඛ්‍යාව සාපේක්ශව අඩු මුත් එය සතුටු විය හැක්කක් නොවේ.
සෑම වසරකම ජුනි මස 16 දිනය ලෝක මුහුදු කැස්බෑ දිනය වශයෙන් නම්කර තිබේ.මුහුදු කැස්බෑවුන් පිලිඹඳ අවබෝධය වැඩි කිරීමට සහ මුහුදු කැස්බෑවන් සංරක්ශනය කෙරේත් අවධානය යොමු කරලීම මෙම දිනයේ අරමුන වන්නේය.මෙම දිනය මුල් වරට සැමරීම 2000 වසරේදී සිදුවූ අතර මෙම දිනය නම් කරනලද්දේ ඇමරිකා එක්සත් ජනපදයේ ඉබ්බන් බේරාගැනීමේ සංවිධානය American Tortoise Rescue)(ATR) විසින් ගත් ප්රයත්නයක ප්‍රතිඵලයක් වශයෙනි.එම සංවිධානය පිහිටුවන ලද්දේ සුසාන් ටෙලෙම් (Susan Tellem) සහ මාශල් තොම්සන් (Marshall Thomson) යන සත්ව සංරක්ශකයන් දෙදෙනාගේ මූලිකත්වයෙනි.මෙවර ලෝක මුහුදු කැස්බෑ දිනයේ තේමාව වන්නේ "අපේ සමුද්‍රයේ ආරක්ශකයන් රැකගනිමු (Preserving Our Ocean Guardians) " යන්න වේ.මුහුදු කැස්බෑවන් විසින් සමුද්‍රීය පරිසර පද්ධතීන්වල පැවැත්ම වෙනුවෙන් ඉටු කරන පාරිසරික සේවාවන් අගය කිරීම සහ ඒ කෙරේ අවධානය ලබාදීමත් මෙවර අරමුන වේ.
ලොවේ හමුවන මුහුදු කැස්බෑවන් විශේශ හතෙන් පහක්ම ශ්‍රී ලංකාවට තම ප්‍රජනනය සඳහා පැමිනීම ඉතා විශේශ වටිනාකමකින් යුත් කරුනකි.එසේම, ලොව හමුවන සියලුම මුහුදු කැස්බෑ විශේශ මේවන විට වඳවීමේ තර්ජනයට මුහුන පා සිටින්නන් වීම ගැනද අප විශේශයෙන් සැලකිලිමත් විය යුතුය.
මුහුදු කැස්බෑවන් සංරක්ශනය වෙනුවෙන් ශ්‍රී ලංකාව විසින් ගෙන තිබෙන ඉතාමත් වැදගත් පියවරක් වන්නේ මේ වන විට මෙරටින් හමුවන මුහුදු කැස්බෑවන් විශේශ පහම වන සත්ව හා වෘක්ශලතා ආරක්ශක ආඥා පනතට අනුව අධි-ආරක්ශිත සත්වයන් බවටත් පත් කර තිබීම වේ.
.ඒ අනුව මෙම විශේශ පහම පනතේ 30(2) උප-වගන්තිය යටතේ තිබෙන දෙවන උප ලේඛනයට ඇතුලත් කර තිබේ.මෙම උප ලේඛනයේ සිටින්නේ අධි ආරක්ශිත තත්වයේ සිටින ක්ශීරපායී සහ උරග විශේශයන් වේ.මේ නිසා මොවුන් මරනයට පත්කිරීම,තුවාල සිදු කිරීම,හානි කිරීම,මොවුන් හෝ කොටස් ලඟ තබා ගැනීම,සජීවීව හෝ මරන ලද සතුන් හෝ බිත්තර හෝ කොටස් විකිනීම හෝ විකිනීමට ප්‍රදර්ශනය කිරීම සහ මේ ක්‍රියාවන් කිසිවක් සඳහා යම් උපකරන හෝ මෙවලම් හෝ ද්‍රව්‍ය භාවිතය වරදවල් වේ.එසේම පනතේ 67ආ වගන්තිය අනුව මෙම වරදවල් සියල්ල වරන්තුවක් නොමතිව අත් අඩංගුවට ගත හැකි සහ ඇපදිය නොහැකි වරදවල් වේ.මීට අමතරව ලොවේ හමුවන ඉතිරි කැස්බෑ විශේශ දෙකින් එකක හෝ දෙකේම සාමාජිකයෙක් මෙරට මුහුදෙන් හමු වුවහොත්,එම සත්වයන් පවා මෙම පනතේ 30(1) උප වගන්තිය යටතේ නිතැතින්ම ආරක්ශිත සත්වයන් වීමත් සුවිශේශී වන්නකි.
මීට අමතරව මුහුදු කැස්බෑවන් ධීවර සහ ජලජ සම්පත් පනතේ 29 වගන්තිය යටතේ 1996දී සාදන ලද නියෝගයක් මගිනුත් ආරක්ශා කොට තිබේ.
එම 2021 වසරේ මැයි මාසයේදී ශ්‍රී ලංකාවේ මුහුදු තීරයේදී නැව් අනතුරකින් විශාල විශ රසයනික ද්‍රව්‍ය,ප්ලාස්ටික් කැටිති සහිත අපද්‍රව්‍ය රාශියක් මුහුදට එක්වූ අතර මේ වසරේ ජූනි මස 09 දින ඉන් දියාවට ඔබ්බෙන් මුහුදේදී සිදුවූ නාවුක අනතුරින් රසයනික ද්‍රව්‍ය ඇතුලත් බහාලුම් මිහුදට එක්විය.2021 වසරේදී මෙන්ම මේ අනතුරින් පසුවද ශ්‍රී ලංකාවේ වෙරලට ප්ලාස්ටික් කැටිති ගොඩ ගසමින් පවතී.මේ වන විට උතුරු,,වයඹ,බස්නාහිර මෙන්ම දකුනු පලාත්වල වෙරලටත් මෙම ප්ලාස්ටික් කැටිති ගොඩ ගසමින් පවතී.ඉහත නාවුක අනතුරු දෙකේදීම ප්ලාස්ටික් කැටිති අපට පෙනුන සංඝටකය වුවත්,අපට නොපෙනෙන ජලයේ දියවූ විශ රසායනික ද්‍රව්‍යයන් පවා මේ ආකාරයන් මෙවරත් අපේ වෙරල කරා පැමින තිබෙන්නට පුලුවන.එසේම 2021දී මෙන්ම නාවික අනතුරු සහ කැස්බෑ මරන අතර සහ සඹඳතාවයක් බැලූ බැල්මට පෙනෙන්නකි.
නමුත්,කැස්බෑවුන් වැනි සමුද්‍රීය සතුන් ආරක්ශා කිරීම එක් රටක නීතිමය ක්‍රියාවලියකින් හෝ සංරක්ශන කටයුතු වලින් පමනක් කල නොහැක්කක් බවට මේ වසරේදී නැවතත් අවධාරනය වී තිබේ.
මේ නිසා ශ්‍රී ලංකාව එක්කෝ අසල්වැසි රාජ්‍යයන් සමඟ හෝ නොඑසේ නම් පුලුල්ව ඉන් දියන් සාගර කලාපයේ රටවල් ලෙස හෝ එසේත් නැතිනම් මෙකී ආකාර දෙකින්ම කලාපීය සංරක්ශන එකඟතවයන් කෙරෙහි අවධානය යොමු කල යුතුව තිබේ.මෙය වායු දූශනය,සමුද්‍ර දූශනය,සමුද්‍රීය සතුන් ආරක්ශාව වැනි පරිසර තේමේවන් ගනනාවක් ඔස්සේ හෝ එසේ නැතිනම් වායු දූශනය හෝ කැස්බෑ සංරක්ශනය වැනි තනි තනි කරුනු මත පදනම් කරගත් ගිවිසුම් සහ එකඟතා විය හැකි වේ.
කැස්බෑ සංරක්ශනය වඩාත් සාර්ථක සහ අර්ථවත් වන්නේ මෙයාකාරයේ පුලුල් ප්රවේශයන් තුලින් බව පෙනී යන්නකි.
✍️ ආචාර්ය ජගත් ගුණවර්ධන
No comments:
Post a Comment