
සෞඛ්‍ය අමාත්‍යංශ වාර්තාවලට අනුව උතුරු මැද පළාත තුළ සහ කුරුණෑගල, හම්බන්තොට දිස්ත‍්‍රික්කවල වකුගඩු රෝගීන් 69,500ක් වාර්තා වන බව පෙන්වා දී ඇතැයිද ඔහු පවසා සිටියේය.
එහෙත් මේ වනවිට වවුනියාව දිස්ත‍්‍රික්කයේ වවුනියාව දකුණු ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළින් සහ මාතලේ, මොනරාගල දිස්ත‍්‍රික්කය තුළින්ද වකුගඩු රෝගීන් වාර්තා වන බවත්, මේ අනුව මේ වනවිට වකුගඩු රෝගීන්ගේ ප‍්‍රමාණය ලක්ෂය ඉක්මවා ගොස් තිබෙන බවත් වෛද්‍ය චන්න ජයසුමන මහතා සදහන් කළේය.
වකුගඩු රෝගියෙකු ලෙස හදුනාගැනීමට හැකිවන්නේ වකුගඩු දෙකම 60% කට ආසන්න ප‍්‍රමාණයක් අකර්මණ්‍ය වූ පසු බවත්, මේ නිසා වකුගඩු රෝග වැලදීමේ අවදානමට විශාල පිරිසක් පත්ව ඇතැයි වාර්තා වන බවත් ඒ මහතා පවසා සිටියේය.
උපුටා ගැනීම -
No comments:
Post a Comment