Monday, September 1, 2014

ලොවින් වදවුණු පක්ෂියාට අයත් ලොව විශාලතම බිත්තරයෙන් කියන කතාව

මිනිසාගේ නොයෙකුත් ක්‍රියාකාරකම් මෙන්ම පරිසරයේ සිදුවන විශාල වෙනස්කම් හේතුවෙන් මිහිමත සිටින ජීවීන් කුම ක්‍රමයෙන් තුරන් වී යනු ඇත. අප දන්නා පරිදි දැනට වර්ෂ මිලියන ගණනකට ඉහතදී මිහිපිට වාසය කළ දැවැන්තයා වන ඩයිනෝසර් වර්ගයේ සතුන් මිහිපිටින් වද වී යන්නට ස්වභාදහමම මුල් වී ඇත. ඒ ආකාරයෙන්ම පෘථුවියේ සිදුවන මොන යම් හේතුවක් මත හෝ අදටත් අප අතර සිටින් ජීවීන් විටින් විට සම්පූර්ණයෙන්ම සමුගෙන යමින් පවතී. සමහර විට එම සමු ගැනීම අපට පාලනය කරීමේ හැකියාවක් තිබෙන්නටද හැකිය. අද අපි කතා කරන්නට යන්නේ මිහිපිට ජීවත්ව දැනට වදවී ගොස් ඇති නමුත් මේ දින වල කතා බහට ලක්වන පක්ෂියකුට අයත් බිත්තරයක් සම්බන්ධයෙනි.


අද කතාබහට ලක්වන මෙම එලිෆන් බර්ඩ් බිත්තරය (Elephant bird egg)  හමු වී ඇත්තේ මැදගස්කරයෙනි. මෙම බිත්තරය සාමාන්‍ය කිකිළි බිත්තරය මෙන් 100 ගුණයක් පමණ විශාලත්වයෙන් යුක්ත බව සදහන් වේ. මෙය ලොව නිරුපද්‍රිතව ඇති විශාලතම බිත්තරය ලෙස සැලකෙන අතර ඩයිනෝසරයකු දමන ලද බිත්තරයකටත් වඩා විශාල බව  සදහන් වේ. මෙය සෙන්ට‍ෙමීටර් 30ක උසකින් යුක්තවන අතර සෙන්ටිමීටර් 21ක විශ්කම්බයකින් යුක්ත බව සදහන් වේ. මෙම බිත්තරය දමන ලද පක්ෂියා එලිපන් බර්ඩ් නමින් හදුන්වන අතර අඩි 11ක් පමණ උසැති පැස්බෙරකු හා සමාන යැයි සැලකේ. මෙම පක්ෂියා 14  සහ 17 වන ශතවර්ෂය අතර කාලෙය්දී මිහිමතින් වදවී ගොස් ඇති බව විශ්වාස කෙරේ.



 මෙම බිත්තරය ලබන නොවැම්බර් මාසයේ බ්‍රිතාන්‍යෙය්දී පැවැත්වෙන වෙන්දේසියකට ඉදිරිපත් කෙරෙන බව සදහන් අතර පවුම් 30,000 වැඩි මුදලකට වෙන්දේසි කිරීමට සංවිධායකයෝ බලාපොරොත්තු වන බව සදහන් වේ.

යමක් පවතින තාක් වටිනාකම නොදැනුනද එය නැතිවී ගිය විට එහි වටිනාකම දැනේ. එසේනම් අපි අතර සිටින ජීවීනද කොතේක වටිනවාදැයි අපට සිතා ගන්නට බැරිය. එබැවින් අපිට හැකි අයුරින් අපි අතර ජීවත්වන ජීවීන් සුරැක අනාගත පරපුරට දැක ගන්නට භුක්ති විදින්නට අවස්ථාව සැලසීම අපගේ යුතුකම නොවන්නේද.
මෙම ඡයාරූප සහ කරුණු අන්තර්ජාලයෙන් ඇසුරින් ලබාගන්නා ලදි.

No comments:

Post a Comment