Thursday, June 16, 2016

ජගත් සාගර දිනය (ජුනි 08) - ලෝකයේ මුහුද අපවිත්‍රකරන රටවල් 20න් 5වන තැන ලංකාවට.

"පිවිතුරු සයුරක් නිරෝගිමත් ලොවක්" යන්න මෙවර තේමාවයි. සමුද්‍ර පරිසරය ආරක්ෂා කිරීමේ වැදගත්කම පිළිබඳ ලෝක ප්‍රජාව දැනුවත් කිරීමේ අරමුණින් එක්සත් ජාතීන්ගේ සංවිධානය ජගත් පරිසර දිනය ප්‍රකාශයට පත් කරන ලදි. 

ඒ අනූව, 2009 සිට සෑම වසරකම ජුනි 08 වැනි දා මේ දිනය සැමරෙනවා. 

දූපත් රටක් වශයෙන් අපට මුහුද ඉත් සමීපය. ඒ අනුව අපේ ක්‍රියාකාරකම් වල බලපෑම මුහුදට ඉතා ඉක්මනින්ම දැනේ. ඒ අනුව ඉන්ටර්නැෂනල් බිස්නස් ටයිම්ස් සගරාව විසින් ලෝකයේ සියළු රටවල් අතර සිදු කරන ලද පර්යේෂණයකට අනුව සාගරයට වැඩියෙන්ම ප්ලාස්ටික් මුදාහරින  රටවල් 20ක් නම් කර ඇති අතර එහි 05 වන ස්ථානය හිමිව ඇති බව ඉතා කණගාටුවෙන් සදහන් කළ යුතුය. එම ලිපියට මෙතනින් යන්න.

No comments:

Post a Comment