Tuesday, April 26, 2016

මුහුද අපවිත්‍ර කරන රටවල් 20න් 5 වැනි තැන ලංකාවට

"ඉන්ටර්නැෂනල් බිස්නස් ටයිම්ස් සඟරාව"  (INTERNATIONAL BUSINESS TIMES)ලොව පුරා රටවල් 192ක් පිළිබඳ අවධානය යොමු කර සාගරයට අධික ලෙස ප්ලාස්ටික් ගන අපද්‍රව්‍ය මුදාහරින රටවල් 20ක් නම් කොට ඇත.

එම රටවල් 20 අතරින් 5 වැනි ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව ඇත

මෙම මූලික රටවල් පහ අතර පළමුව චීනය, දෙවනුව ඉන්දුනීසියාව, තුන්වැනුව පිලිපීනය සහ හතරවැනි ස්ථානයට වියට්නාමය පත්ව ඇත.

ශ්‍රී ලංකාව වසරකට මුහුදට මුදාහරින ප්ලාස්ටික් ඇතුළු ඝණ අපද්‍රව්‍ය  ප්‍රමාණය මෙට්රික් ටොන් 1.59ක් බව එමගින් අනාවරණය කර ඇත.
"ඉන්ටර්නැෂනල් බිස්නස් ටයිම්ස් සඟරාවට අනුව ලංකාවේ සෑම පුද්ගලයකුම දිනකට කුණු කිලෝ 5.1ක් පරිසරයට මුදා හරින  අතර එයින් ග්‍රෑම් 300ක ප්ලාස්ටික් අපද්‍රව්‍ය වේ. ලංකාවේ නිෂ්පාදිත කුණු ප්‍රමාණය ජනගහනයෙන් බෙදීමෙන් මෙම අගයන් ලබාගෙන ඇත.

2010 වන විට ලෝකය පුරා මුහුදට ප්ලාස්ටික් අපද්‍රව්‍ය ටොන් 26.5ක් එකතු කර ඇති අතර 2025 වන විට එය වර්ෂයට ටොන් 56.9 දක්වා ඉහල යනු ඇතැයි ගණන් බලා ඇත.2025 වන විට ලංකාව 10 වන ස්ථානයට පත්වූවද වාර්ෂිකව මුදාහරින ප්‍රමාණය 1.92 දක්වා ඉහල යනු ඇත.

වැඩි විස්තර සදහා අදාල ලිපියට මෙතනින් යන්න http://www.ibtimes.com/china-india-us-among-worlds-worst-marine-polluters-country-country-breakdown-plastics-1813476

No comments:

Post a Comment