Sunday, May 29, 2016

වෙසක් පාරිසරික සත්කාරය පොළොන්නරුව ගල්විහාරයේදී (2016-05-21)

වෙසක් සමයේ සතරදෙසින් ඓතිහාසික පොළොන්නරුව ගල් විහාරයට පැමිණෙන ජනතාවඅතින් එම පූජා භූමිය අපවිත්‍ර විීම වැළැක්වීම සදහා  මධ්‍යම පරිසර අධිකාරිය සහ උතුරු මැද පළාත් පරිසර අමාත්‍යාංශය ඒකාබද්ධව පරිසර නියමුවන්ගේ සහභාගීත්වයෙන් වෙසක් පෝය දියේදී ප්‍රථම වරට දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක විය. මේ සදහා උපරු මැද පළාත් පරිසර අමාත්‍යතුමා, එම ලේකම් තුමා, මධ්‍යම පරිසර අධිකාරියේ උතුරු මැද පළාතේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඇතුළු නිළධාරීන්, අධ්‍යාපනඅධ්‍යක්ෂවරුන්, ගුරුභවතුන් සමගින් පරිසර නියමුවන් 200ක් පමණ සහභාගි විය.

මෙම වැඩසටහන පොළොන්නරුව ගල්විහාරාධිපති හිමියන් ඇතුළු පැමිණි කොයි කාගේත් පැසසුමට ලක්විය. මෙම වැඩසටහන පරිසර නියමුවන්ගේ පදක්කම් ක්‍රියාවලියේ ඉදිරියට යෑමට මහත් රුකුලක් වනු ඇති බව සංවිධායකයන්ගේ අදහසයි.

එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් පහතික් දක්වා ඇත.

                                                             සමාරම්භක අවස්ථාව


                                          පරිසර නියමුවන් විසින් මහජනතාව දැනුවත් කරමින්

                                        ඓතිහාසික ගල්විහාරයේ දර්ශණයක්

No comments:

Post a Comment