මාර්තු මස 03 වන දින ලෝක වනජීවී දිනය සැමරීම නිමිත්තෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්‌තමේන්තුව විදුසර පුවත්පතේ මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන ලෝක වනජීවී දින කාටුන් චිත්‍ර හා කෙටි වීඩියෝ චිත්‍රපට තරගාවලිය.
ලෝකයේ වඳවීමේ තර්ජනයට ලක්වී ඇති ජීවී විශේෂයන්ගේ අන්තර්ජාතික වෙළඳාම පිළිබඳ සම්මුතියට (CITES ) වසර 40ක් සපිරීම නිමිත්තෙන් 2013 වර්ෂයේ දී CITES සම්මුතියේ පාර්‌ශවීය රටවල සහභාගීත්වයෙන් බැංකොක් නුවර පැවැති සමුළුවේදී සිදුකළ යෝජනාවකට අනුව ලෝකයේ වඳවීමේ තර්ජනයට මුහුණ පා සිටින වනජීවීන් වෙනුවෙන් අන්තජාතික දිනයක් ප්‍රකාශයට පත් කිරීමට තිරණය කෙරිණි.
ඒ අනුව ලෝකයේ වඳවීමේ තර්ජනයට ලක්වී ඇති ජීවී විශේෂයන්ගේ අන්තර්ජාතික වෙළඳාම පිළිබඳ සම්මුතියට(CITES ) අත්සන් තැබු 1973 මාර්තු 03 වන දිනය සිහිගන්වමින් මාර්තු 03 "ලෝක වනජීවී දිනය” ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිත්‍ය වශයෙන් ප්‍රකාශයට පත් කෙරිණි.
මෙවර 2025 ලෝක වනජීවී දින තේමාව ලෙස "වනජීවී සංරක්ෂණය මිනිසා සහ පෘථිවියේ අනාගත" ( Wildlife Conservation Finance Investing in People and Planet) යන්න නම් කර ඇත.
No comments:
Post a Comment