Thursday, March 20, 2025

ලෝක චටක දිනය-2025 / ලෝක ගේ කුරුලු දිනය-2025 / World Sparrow Day-2025

 


ලෝක චටක දිනය-2025 / ලෝක ගේ කුරුලු දිනය-2025 / World Sparrow Day-2025


ගේ කුරුල්ලන් සහ චටකයන්--සොබාදහමේ කුඩා පනිවුඩකරුවන් රැක ගැනීම


මෙවර ලෝක ගේ කුරුලු දිනයේ හෙවත් ලෝක චටක දිනයේ තේමාව වී තිබෙන්නේ " සොබාදහමේ කුඩා පනිවුඩකරුවන්ට උපහාරයක් (A tribute to Nature's tiny messangers)" යනුවෙනි.මෙවර ලෝක චටක දිනයේ තේමාව අන් කවරදාටත් වඩා ශ්‍රී ලංකාවේ අපට අදාල වන්නේ ශ්‍රී ලංකාවේ ගේ කුරුල්ලන් අඩ සියවසක් පුරාවටම අපට කියාපාන නමුත් අප තවමත් වටහා නොගත් එම පනිවුඩය කුමක් වේද යන්න කෙරෙහි අවධානය යොමුවිය යුතු නිසාවෙනි.

මේ වන විට ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක වල ගේ කුරුල්ලා විශාල වශයෙන් අඩුවී ගොස් තිබෙන බව පෙනේ.මහනුවර සහ නුවර එලිය වැනි ඇතැම් නගරවල සහ කොලඹ යම් ප්‍රදේශවල තවමත් ගේ කුරුල්ලා සුලභව හමුවුවත්,මේවා ව්‍යාතිරේක අවස්ථාවන් මිස සාමාන්‍ය තත්වය පෙන්නුම් නොකරයි.

සෑම වසරකම මාර්තු මස 20 වන දින ලොක චටක දිනය වශයෙන් නම්කර තිබේ.මුලින්ම ලෝක ගේ කුරුලු දිනය ලෙස 2010 ආරඹ්හ වූ මෙම දිනය පසු කලෙකදී ලොව පුර සිටින චටකයන් සහ එම කුලයේ සිටින ප්‍රකටම සාමාජිකයන් වන ගේ කුරුල්ලන් සියල්ලන්ටම අදාල දිනයක් බවට පත්කරන ලදී. ලෝක චටක දිනයේ පරමාර්ථය වන්නේ ලොව පුරා සිටින චටකයන් ඉටු කරන පරිසර සේවාවන් ඇගයීමට ලක් කිරීමටත් ඔවුන් සංරක්ශනය කෙරෙහි අවධානය යොමු කරවා ගැනීමටත් වේ.

ඉන්දියාවේ “Birds Forever Society”නම් සංගමයේ යෝජනාවක් අනුව ක්රියාත්මක වුනු මෙම දිනය ලොව ප්‍රථම වරට සැමරීම  වෙනුවෙන් ඉන්දියාව විසින් 2010දී ගේ කුරුල්ලා පෙන්නුම් කරන මුද්දරරයක් පවා නිකුත් කර තිබේ.

එසේ වුවත් ගේ කුරුල්ලා වඳවීයාමක් මුලින්ම වාර්තා කල ශ්රී  ලංකාව තුල ලෝක ගේ කුරුලු දිනය හෝ ලෝක චටක දිනය කෙරේ තවමත් වැඩි අවධානයක් යොමු වී නැත​.

ශ්රීශ ලංකාවේ නිත්යතවාසී චටකයන් ලෙස සිටින්නේ ගේ කුරුල්ලා පමනකි. කොලඹ පෝට් සිටී තුල ප්‍රජනනය කරමින් බෝවන Eurasian Tree Sparrow පක්ශියාගේ ගහනයක් 2022 වසරේදී සොයාගන්‍නා ලද මුත්,මොවුන් මෙම ප්‍රදේශයට විදේශයක සිට මෑතකදී පැමිනියවුන් විය හැක.මේ හැර නම් පක්ශියා ශ්‍රී ලංකාවෙන් දෙවරක් පමනක් වාර්තා වී තිබේ.මේ නිසා ලෝක ගේ කුරුලු දිනය ලෝක චටක දිනය ලෙස පුලුල් වූවත්,ශ්රීී ලංකාවේ අපට ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්නට වන්නේ ගේ කුරුල්ලා වෙත පමනකි.

ගේ කුරුල්ලා අතීතයේදී මෙරට සිටි සුලභම කුරුල්ලෙකු වූ අතර සෑම නිවසකම පාහේ මොවුන් දකින්නට සිටීම සුලභ දසුනක් විය.එසේ වුවත්,ගේ කුරුල්ලා ක්රපමයන් වඳවී යන බව මවිසින් පසුගිය දශක පහක් කාලයක් පුරාවටම දැකගත් දෙයකි. ගේ කුරුල්ලන් වඳවීයාම මවිසින් මුලින්ම දුටුවේ 1976 වසරේදී එවකට අප පදිංචිව සිටි අම්පාර නිවසේ ගේ කුරුල්ලන් අඩුවී යාම සමගිනි.1980 වන විට ඔවුන් එම නිවසින් මුලුමනින්ම වඳවීගොස් හමාරවී තිබුනි.අප දැනට පදිංචි නිවසේ කිසි විටකත් ගේ කුරුල්ලෙකු වාසය ලකර නොමැත.මවිසින් පුරා දශක හතරක් තිස්සේ කර තිබෙන නිරීක්ශන මගින් ගේ කුරුල්ලන් මෙරට දිස්ත්රික්ක 18 තුල වඳවී යාමට ලක්ව තිබෙන බව අනාවරනය විය.

අතීතයේ පටන් ගේ කුරුල්ලාට මෙරට තුල නීතියෙන් ආරක්ශාවක් ලබාදීමට කටයුතු කර නොතිබුනේ එම පක්ශියාගේ සුලභත්වය නිසාය.එසේ වුවත්,අප විසින් කල කරුනු දැක්වීම් නිසාවෙන් ගේ කුරුල්ලා ආරක්ශිත පක්ශියෙකු ලෙස නම් කිරීමට පරිසර අමාත්යාංශය 2007දී එකඟතාවය පලකල අතර ඒ අනුව වන සත්ව සහ වෘක්ශලතා ආරක්ශක ආඥා පනතේ 2009 අංක 22 දරන සංශෝධනයේදී ගේ කුරුල්ලා  31 වන වගන්තියේ පලමු උප-වගන්තිය යටතේ ඇති අනාරක්ශිත පක්ශීන් ඇතුලත් කර තිබෙන තුන්වන උපඏඒඛනයෙන් ඉවත් කරන ලදී.ඒ අනුව ගේ කුරුල්ලා වර්තමානයේදී ආරක්ශිත පක්ශියෙක් වී සිටින්නෙකි.

ගේ කුරුල්ලන් අම්පාර ප්රදේශයේ නිවෙස් වලින් වඳවීයාම පිටුපස නිවෙස්වලට මැලේරියා මර්ධන රසායනික ද්රව්යයක් ලෙස මැලතියොන් යොදා ගැනීමත් සමඟ සිදුවූ දෙයක් බව එකල මතයක් තිබිනි.එම වකවානුවේදී තෙත් කලාපීය ප්රදේශවල බරවා මර්ධන වැඩ පිලිවෙල යටතේ මැලතියොන් යොදා ගැනිනි.

ගේ කුරුල්ලා ඌව,දකුනු සහ මධ්යම පලාත් වලින් විශාල ලෙස වඳවීයාම මදුරු දඟර ප්රචලිත වූ 1990 දශකය අග භාගයේ සිට සිදු වන්නකි.මේ මදුරු දඟර වල ක්රියාකාරී රසායනිකය වන්නේ කෘතිම පයිරිත්රොයිඩ් සංයෝගයන් වේ.මේවා පක්ශීන්ගේ බිත්තර නිපදවීම කෙරේ අහිතකර බලපෑම් එල්ල කරන බව සොයා ගැනුනේ 1980 දශ්කයේදීය.

මේ වන විට ශ්‍රී ලංකාවේ නගරවල මෙන්ම ග්‍රාමීය ප්‍රදේශ බහුතරයකින් ගේ කුරුල්ලා වඳවීගොස් සහ ඉතා දුලබ තත්වයට පත්වූ පක්ශියෙක් වී හමාරය​.

දවසේ වැඩිම වේලාවක් අප සමඟ ගතකරන මෙන්ම විශේශයෙන්ම නිවෙස් තුල සහ අවට පරිසරයේ සැරිසරන පක්ශියා වන්නේ ගේ කුරුල්ලාය.එබැවින්, ගේ කුරුල්ලා වඳවීම පිටිපස අප නිවෙස් තුල තිබෙන තත්වයන් පිලිඹඳ හෝඩුවාවක් ලබාදී තිබේ.

වෙනත් ලෙසකින් දක්වතොත්,ගේ කුරුල්ලා අප අවට පරිසරයේ වෙනස්කම් පිලිඹඳව අපගේ අවධානය යොමුකරන,අපටත් මුහුනදීමට සිදුව තිබෙන මුත් මෙතෙක් නොදුටු අවදානම් පිලිඹඳවත් දර්ශකයකි.

මේ නිසා ලෝක චටක දිනයේදී ගේ කුරුල්ලාට සිදු වන්නේ කුමක්ද කියා මෙන්ම ගේ කුරුල්ලා රැක ගැනීම වෙනුවෙන් කල යුත්තේ කුමක්ද කියා සිතනවාට අමතරව ගේ කුරුල්ලා අපට දශක ගනනාවක් මුලුල්ලේ පෙන්වා දෙන්නට උත්සාහ කරන පනිවුඩය කෙරේත් විශේශයෙන් අවධානය යොමු කිරීම ගේ කුරුල්ලා වෙනුවෙන් පමනක් නොව අපගේ පැවැත්ම වෙනුවෙනුත් ඉතා වැදගත් වනු ඇත.

✍️ අචාර්ය නීතීඥ ජගත් ගුණවර්ධණ

No comments:

Post a Comment