Monday, December 11, 2017

ලෝක කඳුකර දිනය අදයි (2017-12-11)

ලෝක කඳුකර දිනය අදට යෙදී ඇත. ඒ වෙනුවෙන් විවිධ සැමරුම් වාඩසටහන් ලොව වටා ක්‍රියාත්මක කරනු ලබයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලිකත්වයෙන්  සෑම වසරකම විවිධ තේමාවන් මුල් කර ගනිමින් මෙම සැමරුම් වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි. 

2017 වසරේ  ලෝක කඳකර දින තේමාව වන්නේ "Mountains under Pressure: climate, hunger, migration" යන්නයි එහි සිංහල පරිවර්ථනය "කඳුකරයේ බලපෑම යටතේ දේශගුණය, කුසගින්න, සංක්රමණ" ලෙස වේ.

2014 වසරේ ලිපිය සඳහා පිවිසෙන්න -  http://isiwaraya.blogspot.com/2014/12/11.html

වැඩි දුර තොරතුරු සඳහා ලිවිසෙන්න http://www.un.org/en/events/mountainday/
--------------------------------------------------------------------------------------------------------


2013-12-11 දින දිවයින පුවත්පතේ පළ වූ ලිපිය අවශ්‍ය අයගේ දැන ගැනීම සඳහා පහතින් උපුටා දක්වා ඇත.


රකිමු!  අපි කඳුකරය
හෙටට (11) යෙදෙන ලෝක කඳුකර දිනය නිමිත්තෙනි

ජාත්‍යන්තර කඳුකර දිනය දෙසැම්බර් මස 11 වැනිදාට (හෙටට) යෙදී තිබේ. මෙම දිනය සැමරීමේ අරමුණ ලෝක කඳුකර කලාපය මගින් මිරිදිය සම්පත පෝෂණයට හා ආහාර නිෂ්පාදනයට කඳුකර කලාපයෙන් ඇති දායකත්වය ප්‍රධාන වශයෙන් ඇගයීමට ලක්‌කිරීමය. එසේම ජෛව විවිධත්වය ඇතිකිරීම, කාලගුණ හා දේශගුණ තත්ත්වයන්ට සෘජු දායකත්වයක්‌ සැපයීම ඇතුළු අංශ ගණනාවක්‌ සඳහාම කඳුකර ප්‍රදේශ ඉතා ඉහළ දායකත්වයක්‌ සපයන අතර කඳුකරයන් දක්‌නට නොලැබෙන කලාපයේ රටවල මෙම වැදගත්කම් ඉතා පහළ වට්‌ටමක පවතී.

එහෙයින් කඳුකර දිනයක්‌ ප්‍රකාශයට පත්කර එක්‌සත් ජාතීන්ගේ සංවිධානය මෙදිනදී කඳුකර කලාපයන් රැකගැනීමේ දැවෙන අවශ්‍යතාව ලෝ වැසියාට පෙන්වා දේ. කඳුකර දිනය පිළිබඳව තොරතුරු කියාදෙන ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය කියා සිටින්නේ කඳුකර දිනය කඳුකර පරිසරවල වැදගත්කම කියාදෙන්නට කදිම අවස්‌ථාවක්‌ බවයි. ජීවත්වීම සඳහා අවශ්‍ය මූලික සාධක ලබාදීම ඇගයීමට ලක්‌කිරීම කඳුකර සංවර්ධනය හා සුරැකීම, ලෝක කඳුකර ප්‍රදේශ පිළිබඳ ධනාත්මක වෙනසක්‌ සඳහා බැඳියාවෙන් කටයුතු කිරීමට ලෝක ජනතාව ඒකරාශිකිරීම වැනි වැදගත් මෙහෙයන් මෙම දිනය සැමරීමෙන් උද්ගතවන ප්‍රතිලාභ බවද එම සංවිධානය පෙන්වා දේ.

කඳුකරය යනු මිරිදිය අවපෝෂණය, රඳවා ගැනීම, ගබඩාකිරීම, ක්‍රමවත්ව පහත්බිම්වලට සම්ප්‍රේක්‍ෂණය සිදු කරන සොබා දහමේ විශ්මිත ක්‍රියාකාරිකයාය. එසේම ශාක හා සතුන්ගේ අතිශය විවිධත්වයක්‌ ඇතිකර ජෛව විවිධත්ව පෝෂණය සඳහා වැදගත් මෙහෙවරක්‌ සිදුකරන පරිසර නිකේතනයයි. එතෙකින් නොනැවතී මිනිසුන් දහයෙන් එකක ජනාවාසය වන්නේද කඳුකරයයි. මෙනිසා කඳුකරය සුරක්‌ෂිත කිරීම අනාගත පරපුර වෙනුවෙන් සුරක්‍ෂිත කිරීම වත්මන් මානව වර්ගයාගේ වගකීම බවද එක්‌සත් ජාතීන්ගේ සංවිධානය කියා සිටී.

කඳුකර පරිසර පද්ධතියේ හා මානව වර්ගයාගේ සැබැඳියාව සැලකිල්ලට ගෙන ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය මගින් 2002 වසර ලෝක කඳුකර වර්ෂය ලෙස නම්කරන ලදී. එම වර්ෂය පුරා ලොව කඳුකර කලාප සුරක්‍ෂිත කිරීමේ අගය දැනුම හා දැනුවත් කිරීම සිදුකරන ලද අතර ලෝක කඳුකර වර්ෂය ප්‍රකාශයට පත්කිරීම සඳහා එක්‌සත් ජාතීන්ගේ සංවිධානය තීන්දුවක්‌ ගනු ලැබුවේ 2001 දෙසැම්බර් මාසයේදීය. 2002 වසර අවනසානයත් සමඟ එම වසරේ දෙසැම්බර් මස 11 වැනිදා ලෝක කඳුකර දිනය ප්‍රකාශයට පත්කරන ලදී. මේ අනුව ප්‍රථම ක\qකර දිනය සැමරෙන්නේ 2003 වසරේදීය. එතැන් පටන් මෙම දිනය වාර්ෂිකව සමරනු ලැබේ. මෙවර ජගත් කඳුකර දිනයේ තේමාව Mountain - Key to a Sustanable Future තිරසාර අනාගතයක්‌ සඳහා මාවත කඳුකරය යන්නයි.

ශ්‍රී ලංකාවටද කඳුකර දිනය සැමරීම ඉතා ඉහළින්ම වැදගත් වේ.

ඊට හේතුව ශ්‍රී ලංකාවද කඳුකර කලාපයකින් සමන්විත රටක්‌ වීමයි. අපේ රට ජල සම්පතින්, ආහාර සම්පතින් හා ජෛව විවිධත්වයෙන් පොහොසත් වීමටත්, දේශගුණික වශයෙන් මෙන්ම භූගෝලීය වශයෙන්ද විවිධත්වයක්‌ දැරීමටත් ප්‍රධාන හේතුව රට මධ්‍යයේ පිහිටි කඳුකර කලාපයයි.

ශ්‍රී ලංකාව භූගෝලීය විෂමතාව අනුව වෙරළබඩතැන්න, අඩතැන්න හා මධ්‍යම කඳුකරය වශයෙන් කොටස්‌ තුනකට බෙදෙන අතර ඉන් වඩාත්ම වැදගත් කලාපය ලෙස හැඳින්වෙන්නේ මෙම කඳුකර කලාපයයි. එනම් මධ්‍ය කඳුකර කේන්ද්‍රÊකරමින් අරීයව රට වටෙන් ගංගා හා ඔය 103 ක්‌ මුහුදට ගලායන අතර ඒවා මෙරට පානීය හා කෘෂිකර්මාන්තයේ මුදුන්මල්කඩ බවට පත්වී ඇත. එසේම කඳුකර ජෛවවිවිධත්වය සඳහා මෙම ප්‍රදේශය ඉතා ඉහළ දායකත්වයක්‌ සපයයි.

ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරය කොටස්‌ කිහිපයකට බෙදා දැක්‌වෙන අතර ගල්ඔය කඳු, සබරගමු කඳු, නකල්ස්‌ කඳු වශයෙන්ද නැවත බෙදා දැක්‌වේ. මෙයින් මධ්‍යම කොටසට හග්ගල, හෝර්ටන්තැන්න වැනි අතිශය ජෛවවිවිධත්වයකින් පොහොසත් වනාන්තර කලාප හා මහැවලි, නදියේ ජලපෝෂක කලාපය අයත් වේ.

මධ්‍යම කඳු පන්තියටම ශ්‍රීපාදය ඇතුළු බෑන සමනොළ, ගොන්මොල්ලිය ඇතුළු ඉහළ කඳුවැටි රැසක්‌ අන්තර්ගත වේ. කලු, කැළණි, වලවේ ගංගා ඉන් ආරම්භවේ. ගල්ඔය කඳු පන්තිවලින් මැණික්‌ ගඟ, කුඹුක්‌කන් ඔය, ගල්ඔය, කිරිඳිඔය වැනි ගංගාධාර ඇතිවේ.

එසේම නකල්ස්‌ හෙවත් දුම්බර කඳුකරයද දිවයිනේ වැදගත්ම කඳුකර කලාපයක්‌ වන අතර එහි භූගෝලීය විෂමතාව අනුව වනාන්තර කලාප වැඩි ගණනක්‌ දක්‌නට ලැබේ. ඉතා ඉහළ ජෛව විවිධත්වයක්‌ ඇති මෙහි දුම්බර වනපෙතට ආවේණික ශාක හා සතුන් ද රැසකි. එසේම කලු, හීං, හුළු වශයෙන් ගංගා තුනක්‌ ආරම්භ වන අතර ඒවා සෘජුවම මහවැලි ගඟට එකතුවේ. වළාකුළු වනාන්තරවලින් පොහොසත් මෙම කලාපයේ ඊට ආවේණික ජෛවවිවිධත්වයක්‌ ඇති නමුත් ප්‍රබල ලෙස මානව බලපෑම් එල්ලවන ප්‍රදේශයකි. එබැවින් දුම්බර ඉතා විශේෂ කොට සැලකිය යුතු වනාන්තර කලාපයක්‌ බවට අද පත්ව තිබේ.

එසේම අප රටේ තැන තැන විසිsරුණු හුදකලා සහ ශේෂ කඳු වැව් සියල්ලක්‌ම පාහේ පාරිසරික ඓතිහාසික හා සංස්‌කෘතික වශයෙන් වැදගත් ස්‌ථාන වේ. මේවා පිළිබඳ අධ්‍යයන හා සංරක්‍ෂණය අත්‍යාවශ්‍ය කටයුත්තකි.

ලෝක කඳුකර දිනය සමරන මෙවර, අපගේ කඳුකරයද සුරක්‍ෂිත කිරීම සඳහාත් තිරසාර සංවර්ධන ක්‍රියාදාමයක්‌ යටතේ දියුණු කිරීමටත් වැඩසටහන් සැලසුම් කර ක්‍රියාවට නැගිය යුතුය. එහෙත්, මෙවර පරිසර බලධාරීන් විසින් කඳුකර දිනය සැලකිල්ලෙන් සමරන බවක්‌ පෙනෙන්නට නැත.

දුම්බර මිතුරෝ පරිසර හා සංස්‌කෘතික සංගමය
නිමල් කණහැරආරච්චි - ප්‍රදීප් සමරවික්‍රම
http://www.divaina.com/2013/12/10/news36.html

No comments:

Post a Comment