Wednesday, November 15, 2017

ලොව ජෛව පද්ධතීන් ස්ථිරවම විනාශ වෙමින් පවතින බවට විද්‍යාඥයින් දෙවන වරටත් අනතුරුඅඟවයි

මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ලෝකයේ ජෛව පද්ධතීන් යළි ප්‍රකෘතිමත් කළ නොහැකි ලෙස විනාශ වෙමින් පවතින බවට විද්‍යාඥයින් අනතුරු අඟවයි.


වර්ෂ 1992දී ලොව පුරා විද්‍යාඥයින් 1700ක් එක්වී මෙවැනි අනතුරු ඇඟවීමක් සිදු කර ඇත.


ඒ, ඕසෝන් ස්ථරය විනාශ වීම, වායු සහ ජල දූෂණය, මත්ස්‍ය ගහණය විනාශ වීම සහ වනාන්තර විනාශය මෙන්ම පොසිල ඉන්ධන දහනයෙන් උණුසුම් වීම වැනි කරුණු සම්බන්ධවයි.


ඉන් 25 වසරක් ගතවීමෙන් අනතුරුව ලෝකයේ රටවල් 184ක විද්‍යාඥයින් 15000කගේ සහභාගීත්වයෙන් මිනිස් ප්‍රජාව වෙත දෙවැනි අනතුරු ඇඟවීම ද පසුගියදා සිදුකර ඇත.


එහි සඳහන් කරන පරිදි ප්‍රථම අනතුරු ඇඟවීමේ සිට මේ දක්වා පෘථිවියේ සාමාන්‍ය උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක භාගයකින් ඉහල ගොස් ඇති අතර කාබන්යෝඩක්සයිඩ් මුක්තවීම 62%කින් ඉහළ ගොස් ඇතැයි සඳහන් වේ.


source - http://www.hirunews.lk/sinhala
              http://businessbiodiversity.in/knowledge/what-is-biodiversity

No comments:

Post a Comment