Monday, December 15, 2014

ලෝක කඳුකර දිනය දෙසැම්බර් 11 වැනිදා සැමරිණි

සෑම වසරකම දෙසැම්බර් 11 වැනි දින ලෝක කඳුකර දිනය වශයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 2002 වසරේ සිට  නම් කර ඇත.

ජීවිතයට කඳුකරය කෙතරම් වැදගත් වන්නේදැයි පෙන්වා දීමටත් කඳුකර ප්‍රදේශ ආරක්ෂා කිරීමටත් සංවර්ධනය තුළින් විවිධ ප්‍රතිලාභ අත්පත් කරගැනීමටත් අරමුණු පෙරදැරිව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ලෝක කඳුකර දිනය නම් කරන ලදි.  
ඒ අනුව ලෝක කඳුකර දිනය දෙසැම්බර්  11 වැනිදා වාර්ෂික ව සමරනු ලබයි. පෘථිවියේ පවතින භූගත ජලය හා ගංගාවල ජල උල්පත් සඳහා මනා රැකවරණයක්‌ ලබාදෙමින් මිනිස් ජීවිතයේ පැවැත්ම උදෙසා කඳුකරය මනා පිටුවහලකි.

2014 වසරේ ලෝක කඳුකර දින තේමාව 'කඳුකර වගාව' ('Mountain Farming') යන්නයි. පවුලේ වගාව ප්‍රමුඛ කඳුකරයේ කෘෂිකර්මය පිළිබඳ දැනුවත් කිරීමට මෙවර තේමාව අවස්ථාවක් වන අතර ඒ තුළින් සියවස් ගණනාවකට තිරසාර සංවර්ධනයක් සඳහා යොමු වීමට ලෝක වාසීන්ට හැකියාව ලැබේ.  

ජාත්‍යන්තර කඳුකර දිනය සැමරීම සඳහා‌ ලෝකයේ විවිධ සංවිධාන කඳු මූලික කර ගනිමින් විවිධ වැඩසටහන් ක්‍රියාවට නංවනු ලබයි.

2010 වසරේදී ශී‍්‍ර ලංකාවේ ප‍්‍රථම වරට ලෝක කඳුකර දිනය ප‍්‍රභව සංවිධානය විසින් සමරන ලදී. මෙම සංවිධානය ශ්‍රී ලංකාවේ කඳුකරය සඳහා ම නිර්මාණය වූ සංවිධානයකි. ඔවුන් ලෝක කඳුකර දිනයට සමගාමී ව 2010 වසරේ දී  ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටි මුහුදු මට්ටමේ සිට අඩි 5860ක් උසිකින් යුත් හපුතලේ කන්ද තරණය කරන ලදි. එතැන් සිට නොකඩවා එය සිදු කරනු ලබා ඇති අතර මෙවර ද ප්‍රභව සංවිධානය හා ස්වේච්ඡා කණ්ඩායම් හා එක් ව දෙසැම්බර් 07 වන දින හපුතලේ කන්ද තරණය කර එම කඳු මුදුනේ දී ලෝක කඳුකර දිනය සමරනු ලැබීය.

No comments:

Post a Comment