පරිසර නියමු වැඩසටහන



අපි එහෙම නම් පරිසර නියමු වැඩසටහන කියන්නේ මොන වගේ වැඩසටහනක්ද යන්න පිළිබදව සාකච්ඡා කරමු. මෙම වැඩසටහනෙහි නියැලීම අධයාපනය ලබන දරුවන්ට සේම මේ පිළිබදව දැන සිටීම දරුවන් සිටින සෑම දෙමාපියෙකුටම වැදගත්. මොකද කියනවා නම් සෑද දෙමාපියෙකුගේම ඒකායන පරමාර්ථය තම දරුවා හොදින් උගන්වා හොද මිනිහෙක් කරන එකත් වියතුන් සභා මැද තියන එකත්නේ.

 මධ්‍යම පරිසර අධිකාරියත් අධ්‍යාපන අමාත්‍යාංශයත් ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබන මෙම පරිසර නියමු වැඩසටහනේ ඒකායන පරමාර්ථය වෙන්නේ ලාංකේය දරුවන් වියතුන් සභා මැද තැබීමයි. ඒ අනුව මෙම වැඩසටහනේ ආදර්ශ පාඨය හැදිලා තියෙනවා. 

පරිසර නියමු වැඩසටහන දැනට ක්‍රියාත්මක වෙන්නේ ලංකාවේම විතරයි. ඒ කියන්නේ මෙම වැඩසටහනෙහි ආරම්භය සිදු වෙලා තියෙන්නේ ලංකාවේ. ලෝකයේ කොහේවත් නැහැ. ඒ නිසා මෙම වැඩ සටහන් පිළිබදව සමහරු එතරම් දැනුවත් නොවී තියෙන්න පුළුවන්. මෙය ආරම්ඹ වෙලා තියෙන්නේ 1984 මාළිගාවත්තේ ප්‍රදේශයේ පරිසරනියමුවන් 25 දෙනෙකුගේ නියමු ව්‍යාපෘතියක් විධියට. මේ වන විට ලංකාවේ අතිමහත් පාසල් සංඛ්‍යාවක මෙම වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. පාසල් පරිසර අධ්‍යාපන වැඩසටහන අධියර 02කින් යුක්ත වෙනවා. 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රෙණිය දක්වා ප්‍රාථමික අංශය තුළ පරිසර ළමා සමාජ වැඩසටහනත් 6 ශ්‍රේණියේ සිට ඉහලට පරිසර නියමු වැඩසටහනත් වශයෙනි. 

පරිසර ළමා සමාජ වැඩසටහන තුළදී සිදුවන්නේ දරුවාට පන්ති කාමරය තුළදී සිදුකිරීමට නියමිත පරිසර ක්‍රියාකාරකම් වෙනුවෙන් ඇගයීමක් සිදු කර ඒ සදහා සහතික 3ක් සහ පදක්කමක් ලබා දීම. 

පරිසර නියමු වැඩසටහනේදී පදක්කම් 5ක ක්‍රියාවලියක් තියෙනවා. එම පදක්කම් 5 ඔබට පහතින් දැන ගන්න පුළුවන්. එය පරිසර නියමු හරිත වර්ණ රජත වර්ණ ස්වර්ණ වර්ණ ජනාධිපති වශයෙනි.

ජනාධිපති පදක්කම ලබාගන්නා පරිසර නියමු දරුවෙකුට විශ්ව විද්‍යාල විශේෂ ප්‍රවේශයේදී ලකුණු 04ක් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිරිනමනු ලබනවා. පහළ දාල තියෙන්නේ එම කොමිෂන් සභාවෙන් මධ්‍යම පරිසර අධිකාරිය වෙත එවන ලද ලිපිය.




එසේ නම් පරිසර නියමු වැඩසටහන පිළිබදව මා විසින් සකස් කරන ලද ඉදිරිපත් කිරීම පහතින් බලා ගන්න.
































































3 comments:

  1. බොහොම ස්තුතියි තොරතුරු වලට.6 ශ්‍රේණියේ ඉගෙන ගන්න මගේ දරුවත් පරිසර නියමු වැඩසටහන් වලට යනවා. මේක මොන විදිහේ දෙයක්ද බලන්නයි අන්තර්ජාලය පිරික්සුවේ. මම නිතර බ්ලොග් කියවනවා උනත් මෙම අඩවියට ආවේ අදයි.

    ReplyDelete
  2. බොහෝම ස්තුතියි. ගොඩක් වටින්වා මේ තොරතුරු.

    ReplyDelete
  3. නියමයි THANKS YOU💡

    ReplyDelete