Thursday, July 20, 2017

ලොව ප්‍රථම හරිත පුණ්‍ය භූමිය ලෙස දළදා මාළිගය නම් කරයි.

ලොව ප්‍රථම 'හරිත පුණ්‍ය භූමිය' ලෙස මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගය නම් කිරීම 2017.07.13 දින සිදු කෙරිණි.


ඒ අනුව 2017 ජුලි 14 දින සිට ශ්‍රී දළදා මාළිගය වෙත පොලිතින් සහ ප්ලාස්ටික් රැගෙන ඒම තහනම් බව එහි පාලනාධිකාරිය පවසයි.



දළදා මාළිගය වෙත රැගෙන එන ප්ලාස්ටික් මල් වට්ටි වෙනුවට එම පරිශ්‍රයට ඇතුළු වීමේදී ප්‍රතිචක්‍රීකරණය කළ හැකි මල් වට්ටි ලබා දීමට ද නියමිතය.



පූජා පරිශ්‍රයේ ප්‍රයෝජනය සඳහා දේශීය අමුද්‍රව්‍ය පමණක් යොදා නිෂ්පාදනය කෙරුණු කසල බහාලන යොදා ගැනීමද වැඩසටහනේ එක් විශේෂත්වයකි.

No comments:

Post a Comment