Tuesday, June 17, 2025

ලෝක කිඹුල් දිනය ජුනි 17

ලෝක කිඹුල් දිනය--2025 / World Crocodile Day-2025 



සෑම වසරකම ජුනි ම්ස 17 දින ලෝක කිඹුල් දිනය වශයෙන් නම්කර තිබේ.ලොව පුරා හමුවන කිඹුලන් කෙරෙහි අවධානය කිරීම මුහුන දෙන තර්ජනයන් සහ කිඹුලන්  ආරක්ශාකිරීමේ වැදගත් කම  අවධාරනය කිරීමටත් මෙම දිනය යොදාගනු ලබයි.

ශ්‍රී ලංකාව තුල ලෝක කිඹුල් දිනය නිල වශයෙන් සැමරීමක් නොකෙරේ.මීට හේතුව ලෙස කලකට ඉහතදී ප්‍රකාශ වූ හේතුව වූයේ මෙරට හමුවන්නේ කිඹුල් විශේශ දෙකක් පමනක් නිසා විශේශයෙන් දැක්වීමට තරම් කිඹුල් විවිධත්වයක් මෙරටේ නොමැති බව වේ.නමුත්‍ය්,මෙවන් දිනයක් සැමරීමට එකම හේතුව විය යුත්තේ ඉහල විවිධත්වයක් තිබීම විය නොයුතුය​.

ශ්‍රී ලංකාවේ හමුවන්නේ හැල කිඹුලා / Mugger / Marsh Crocodile (Crocodylus palustris) සහ ගැට කිඹුලා / Estuarine Crocodile / Saltwater Crocodile (Crocodylus porosus)

 යන කිඹුල් විශෙශ දෙක පමනි.

එමෙන්ම​,ඉන්දියාවේ හමුවන්නේ කිඹුල් විශේශ තුනක් පමනකි.මින් දෙදෙනෙකු වන්නේ මෙරට හමුවන විශේශ දෙක වන අතර තෙවැන්නා වන්නේ සිහින් දිගු මුඛයක් සහිත ඝරියල් / Gharial / Gavial  (Gavialis gangeticus) වේ.ශ්‍රී ලංකාව තුල අතීතයේ පටන් අවධානයට ලක් නොවූ ලෝක කිඹුල් දිනය අසල්වැසි ඉන්දියාවේ ඉතා වටිනා ආකරවලින් කලක පටන් සමරනු ලබන්නකි.මේ වසරේදී ඔවුන් වසර 50 පුරා කිඹුල් සංරක්ශනයේ ප්‍රගතිය සහ ඔඩීශා ප්‍රාන්තය විසින් ගන්නා ලද කිඹුල් සංරක්ශන වැඩ පිලිවෙල අවධානයට යොමු කර තිබේ.

ලොව විශාලතම කිඹුලා හමුවුනු බවට වාර්තාවන ඕස්ට්‍රේලියාවේ සිටින්නේත් කිඹුල් විශේශ දෙකකි.මින් එක් අයෙකු වන්නේ ගැට කිඹුලාය​.ලොව හමුවන කිඹුල් විශේශ වලින් විශාලතමයා වන්නේත් ගැට කිඹුලාය​.

එසේ නමුත්,මෙරට නීතිමය ආරක්ශාව දෙස බලන කල කිඹුලන්ට අවශ්‍ය වටිනාකම ලබාදීමට මෙරට නීති පද්ධතිය සමත්ව තිබෙන බව පැහැදිලි වේ.


ශ්‍රී ලංකාව කිඹුලන්ට නීතිමය ආරක්ශාව මුල් වරට ලබාදෙන්නේ වන සත්ව සහ වෘක්ශලතා ආරක්ශක ආඥා පනත යටතේ 1964දීය​.එය අර්ධ වශයෙන් ලැබුනු නීතිමය රැකවරනයක් විය​.කිඹුලන් පූර්න ආරක්ශාවට ලක්වන්නේ 1993 වසරේදීය​.එසේම​,2009 අංක 22 දරන සංශෝධනය අනුව කිඹුලන් විශේශ දෙකම අධි-ආරක්ශිත උරගයන් බවට පත්වී තිබේ.

කිඹුලන්ට නීතිමය ආරක්ශාව ලැබී තිබෙන්නේ  වන සත්ව සහ වෘක්ශලතා ආරක්ශක ආඥා පනතේ 30 වන වගන්තියේ 2වන උප​-වැඅගන්තිය යටතේය​.එම උප​-වගන්තිය යටතේ තිබෙන පනතේ දෙවන උප​ඏඒඛනයේ ඇතුලත් කිරීම මගිනි.

මේ අනුව කිඹුලෙකු:


* මරනයට පත් කිරීම​,


* තුවාල කිරීම හෝ හානි කිරීම​,


* කිඹුලෙකු හෝ සිරුරක් හෝ ශරීර කොටස් තම සන්තකයේ හෝ භාරයේ තබා ගැනීම​,


* විකිනීම හෝ විකිනීම සඳහා ප්‍රදර්ශනය කිරීම​,


* මෙම කිසියම් කාර්‍යයක් සඳහා උපකරනයක්,මෙවලමක් හෝ ද්‍රව්‍යයක් භාවිතා කිරීම​,


*  කිඹුල් බිත්තර​ හෝ කැදලි විනාශ කිරීම හෝ හානිකිරීම​

වරදවල් වේ.


එමෙන්ම​,පනතේ 67ආ වගන්තිය අනුව මෙම සියලු වරදවල් සංඥේය සහ ඇපදිය නොහැකි වරදවල් ලෙස නම්කර තිබේ.

ඉහත ප්‍රතිපාදන අනුව පෙනෙන්නේ ශ්‍රී ලංකාව තුල හමුවන කිඹුල් විශේශ දෙකටම උපරිම නීතිමය ආරක්ශාවක් ලබාදී තිබෙන බවයි.


මීට අමතරව​,වඳවීයන ජීවීන්ගේ අන්තර්ජාතික වෙලඳාම පිලිඹන ප්‍රඥප්තිය (CITES) අනුව මෙම කිඹුල් විශේශ දෙකම එහි පලමු උප ලේඛනයේ (Appendix-i) ඇතුලත් කර තිබේ.එසේ මුත්,ගැට කිඹුලාගේ ඕස්ට්‍රේලියාවේ,පැපුවා-නිව්ගිනි සහ ඉන්දුනීසියානු ගහනයන් පමනක් එහි දෙවන උප ලේඛනයට (Appendix-ii)  එක්කර තිබේ.


පසුගිය කාලයේ සිදුවුනු වෙනස්කම් නිසා ජල මර්ග ඔස්සේ ඉහලට ඇදී එන කිවුල් දිය තත්වය ගැට කිඹුලාට වාසිදායක් වී තිබෙන බවක් පෙනෙන්නේ ඔවුන් වෙනත් ප්‍රදේශවලට ව්‍යාප්තවීම සහ ගහනයේ වැඩිවීම පෙන්නුම් කිරීම තුලිනි​.එසේම පසුගිය කාලයේදී ගැට කිඹුලන් ​තව තවත් ප්‍රදේශ වලට ව්‍යාප්තවීම් පිලිඹඳවත් තොරතුරු ලැබිනි.විශේශයෙන්ම කොලඹ සහ තදාසන්න නගර ආශ්‍රිත​ ප්‍රදේශවල ජල මර්ග වලත් මේ වන විට ගැට කිඹුල් ගහනයන් හමුවේ.රී ලංකාවේ ගැට කිඹුලන් විසින් මිනිසුන්ට පහරදීම් මෙන්ම​ මිනිස් මරනද කලින් කලට වාර්තා වේ.මේ නිසාම පසුගිය කාලයේදී මිනිස්-කිඹුල් ගැටුම යන යෙදුමද 

 භාවිතා වුනු අවස්ථා තිබුනි.


 එසේ නමුත්, ශ්‍රී ලංකාවේ හැල​ කිඹුලන් පිලිඹඳව සලකා බලන කල පෙනී යන්නක් වන්නේ රටේ අභ්‍යන්තර ජල මාර්ගවල සහ ජලාශවල වාසය කරන හැල කිඹුලා ජීවත්වන ස්ථාන ගනනාවක් විනාශ වීම සහ හායනය වීමත්,එවන් සමහර ස්ථානවල හැල කිඹුලන් තව දුරටත් වාර්තා නොවෙන බවත් පෙනී යයි.එනම් මෙරට හැල කිඹුලන් ගේ ව්‍යාප්තිය මෙන්ම ගහනයත් ක්‍රමයෙන් අඩුවීමකට ලක්ව තිබෙන බව වේ.එමෙන්ම​, ලෝක සංරක්ශන සංගමයේ රතුදත්ත ලේඛනයට අනුව හැල කිඹුලා වඳවීයාමේ තර්ජනයට පාත්‍රී සත්වයෙක් (Vulnerable)(VU) ලෙස නම්කර තිබේ.


** මේ නිසා ඉදිරි කාලයේදී ගැට කිඹුලාගේ නව ව්‍යාප්තිය දෙස මෙන්ම හැල කිඹුලාගේ ව්‍යාප්තියේ සහ ගහනයේ අඩුවීම සහ ඊට හේතු සොයාබලා මෙකී ප්‍රවනතාවය නතර කිරීමට පියවර ගැනීම කෙරේත් අවධානය යොමු කිරීම වැදගත් වන ඇත​. 


++ පලමු ඡායාරූපයෙන් ගැට කිඹුලෙකුත්,දෙවන ඡායාරූපයෙන් හැල කිඹුලෙකුත් පෙන්නුම් කෙරේ.ඡායාරූප දෙකම ගන්නා ලද්දේ මවිසිනි.




✍️ ආචාර්ය ජගත් ගුණවර්ධන

Monday, June 16, 2025

 ලෝක මුහුදු කැස්බෑ දිනය​--2025 / World Sea Turtle Day--2025



කැස්බෑ සංරක්ශනය සහ දේශීය මුහුදු තීරයෙන් ඔබ්බේ සිදුවන තර්ජන පාලනය​


මෙවර ලෝක කැස්බෑ දිනය උදාවූයේ සතියක පමන කාලයක් පුර මියගිය කැස්බෑ මලසිරුරු වෙරලට ගසාගෙන ඒම සිදුවන අතරතුරදීය​.අද දිනයේද මේ වන විට එක් කැස්බෑ සිරුරක් ගොඩ ගසා තිබෙන බව දැනගන්නට ලැබිනි.2021 වසරේ ලෝක මුහුදු කැස්බෑ දිනය සමරන ලද්දේ මුහුදු කැස්බෑ මරන විශාල වශයෙන් වාර්තා වෙමින් පැවති අවධියක විය​.මේ වසරේදී මෙතෙක් වාර්තගත කැස්බෑ මරන සංඛ්‍යාව සාපේක්ශව අඩු මුත් එය සතුටු විය හැක්කක් නොවේ.


සෑම වසරකම ජුනි මස 16 දිනය ලෝක මුහුදු කැස්බෑ දිනය වශයෙන් නම්කර තිබේ.මුහුදු කැස්බෑවුන් පිලිඹඳ අවබෝධය වැඩි කිරීමට සහ මුහුදු කැස්බෑවන් සංරක්ශනය කෙරේත් අවධානය යොමු කරලීම මෙම දිනයේ අරමුන වන්නේය​.මෙම දිනය මුල් වරට සැමරීම 2000 වසරේදී සිදුවූ අතර මෙම දිනය නම් කරන​ලද්දේ ඇමරිකා එක්සත් ජනපදයේ ඉබ්බන් බේරාගැනීමේ සංවිධානය American Tortoise Rescue)(ATR) විසින් ගත් ප්‍රයත්නයක ප්‍රතිඵලයක් වශයෙනි.එම සංවිධානය පිහිටුවන ලද්දේ සුසාන් ටෙලෙම් (Susan Tellem) සහ මාශල් තොම්සන් (Marshall Thomson) යන සත්ව සංරක්ශකයන් දෙදෙනාගේ මූලිකත්වයෙනි.මෙවර ලෝක මුහුදු කැස්බෑ දිනයේ තේමාව​ වන්නේ "අපේ සමුද්‍රයේ ආරක්ශකයන් රැකගනිමු (Preserving Our Ocean Guardians) " යන්න වේ.මුහුදු කැස්බෑවන් විසින් සමුද්‍රීය පරිසර පද්ධතීන්වල පැවැත්ම වෙනුවෙන් ඉටු කරන පාරිසරික සේවාවන්  අගය කිරීම සහ ඒ කෙරේ අවධානය ලබාදීමත්  මෙවර අරමුන වේ.

ලොවේ හමුවන මුහුදු කැස්බෑවන් විශේශ හතෙන් පහක්ම ශ්‍රී ලංකාවට තම ප්‍රජනනය සඳහා පැමිනීම ඉතා විශේශ වටිනාකමකින් යුත් කරුනකි.එසේම​, ලොව හමුවන සියලුම මුහුදු කැස්බෑ විශේශ මේවන විට වඳවීමේ තර්ජනයට මුහුන පා සිටින්නන් වීම ගැනද අප විශේශයෙන් සැලකිලිමත් විය යුතුය​.


මුහුදු කැස්බෑවන් සංරක්ශනය වෙනුවෙන් ශ්‍රී ලංකාව විසින් ගෙන තිබෙන ඉතාමත් වැදගත් පියවරක් වන්නේ මේ වන විට මෙරටින් හමුවන මුහුදු කැස්බෑවන් විශේශ පහම​ වන සත්ව හා වෘක්ශලතා ආරක්ශක ආඥා පනතට අනුව අධි-ආරක්ශිත සත්වයන් බවටත් පත් කර තිබීම වේ.

.ඒ අනුව මෙම විශේශ පහම පනතේ 30(2) උප​-වගන්තිය යටතේ තිබෙන දෙවන උප ලේඛනයට ඇතුලත් කර තිබේ.මෙම උප ලේඛනයේ සිටින්නේ අධි ආරක්ශිත තත්වයේ සිටින ක්ශීරපායී සහ උරග විශේශයන් වේ.මේ නිසා මොවුන් මරනයට පත්කිරීම​,තුවාල සිදු කිරීම​,හානි කිරීම​,මොවුන් හෝ කොටස් ලඟ තබා ගැනීම​,සජීවීව හෝ මරන ලද සතුන් හෝ බිත්තර හෝ කොටස් විකිනීම හෝ විකිනීමට ප්‍රදර්ශනය කිරීම සහ මේ ක්‍රියාවන් කිසිවක් සඳහා යම් උපකරන හෝ මෙවලම් හෝ ද්‍රව්‍ය භාවිතය වරදවල් වේ.එසේම පනතේ 67ආ වගන්තිය අනුව මෙම වරදවල් සියල්ල වරන්තුවක් නොමතිව අත් අඩංගුවට ගත හැකි සහ ඇපදිය නොහැකි වරදවල් වේ.මීට අමතරව ලොවේ හමුවන ඉතිරි කැස්බෑ විශේශ දෙකින් එකක හෝ දෙකේම සාමාජිකයෙක් මෙරට මුහුදෙන් හමු වුවහොත්,එම සත්වයන් පවා මෙම පනතේ 30(1) උප වගන්තිය යටතේ නිතැතින්ම ආරක්ශිත සත්වයන් වීමත් සුවිශේශී වන්නකි.

මීට අමතරව මුහුදු කැස්බෑවන් ධීවර සහ ජලජ සම්පත් පනතේ 29 වගන්තිය යටතේ 1996දී සාදන ලද නියෝගයක් මගිනුත් ආරක්ශා කොට තිබේ.


එම 2021 වසරේ මැයි මාසයේදී ශ්‍රී ලංකාවේ මුහුදු තීරයේදී නැව් අනතුරකින් විශාල විශ රසයනික ද්‍රව්‍ය​,ප්ලාස්ටික් කැටිති සහිත අපද්‍රව්‍ය රාශියක් මුහුදට එක්වූ අතර මේ වසරේ ජූනි මස 09 දින ඉන් දියාවට ඔබ්බෙන් මුහුදේදී සිදුවූ නාවුක අනතුරින් රසයනික ද්‍රව්‍ය ඇතුලත් බහාලුම් මිහුදට එක්විය​.2021 වසරේදී මෙන්ම මේ අනතුරින් පසුවද ශ්‍රී ලංකාවේ වෙරලට ප්ලාස්ටික් කැටිති ගොඩ ගසමින් පවතී.මේ වන විට උතුරු,,වයඹ​,බස්නාහිර මෙන්ම දකුනු පලාත්වල වෙරලටත් මෙම ප්ලාස්ටික් කැටිති ගොඩ ගසමින් පවතී.ඉහත නාවුක අනතුරු දෙකේදීම ප්ලාස්ටික් කැටිති අපට පෙනුන සංඝටකය වුවත්,අපට නොපෙනෙන ජලයේ දියවූ විශ රසායනික ද්‍රව්‍යයන් පවා මේ ආකාරයන් මෙවරත් අපේ වෙරල කරා පැමින තිබෙන්නට පුලුවන​.එසේම 2021දී මෙන්ම නාවික අනතුරු සහ කැස්බෑ මරන අතර සහ සඹඳතාවයක් බැලූ බැල්මට පෙනෙන්නකි.

නමුත්,කැස්බෑවුන් වැනි සමුද්‍රීය සතුන් ආරක්ශා කිරීම එක් රටක නීතිමය ක්‍රියාවලියකින් හෝ සංරක්ශන කටයුතු වලින් පමනක් කල නොහැක්කක් බවට මේ වසරේදී නැවතත් අවධාරනය වී තිබේ.

මේ නිසා ශ්‍රී ලංකාව එක්කෝ අසල්වැසි රාජ්‍යයන් සමඟ හෝ නොඑසේ නම් පුලුල්ව ඉන් දියන් සාගර කලාපයේ රටවල් ලෙස හෝ එසේත් නැතිනම් මෙකී ආකාර දෙකින්ම කලාපීය සංරක්ශන එකඟතවයන් කෙරෙහි අවධානය යොමු කල යුතුව තිබේ.මෙය වායු දූශනය​,සමුද්‍ර දූශනය​,සමුද්‍රීය සතුන් ආරක්ශාව වැනි පරිසර තේමේවන් ගනනාවක් ඔස්සේ හෝ එසේ නැතිනම් වායු දූශනය හෝ කැස්බෑ සංරක්ශනය වැනි තනි තනි කරුනු මත පදනම් කරගත් ගිවිසුම් සහ එකඟතා විය හැකි වේ.

කැස්බෑ සංරක්ශනය වඩාත් සාර්ථක සහ අර්ථවත් වන්නේ මෙයාකාරයේ පුලුල් ප්‍රවේශයන් තුලින් බව පෙනී යන්නකි.

 ✍️ ආචාර්ය ජගත් ගුණවර්ධන