Tuesday, May 21, 2024

ලෝක බිඟු දිනය 2024 / World Bee Day--2024

 


මැයි 20 දිනයට ලෝක බිඟු දිනය ලෙස නම් කර ඇත. මෙම දිනය නම් කිරීමේ අරමුණ වන්නේ ලොව පුරා සිටින බිඟුන් පරිසරයට සහ කෘෂිකර්මාන්තයට ලබාදෙන අතිශයින් වටිනා කාර්භාරය සහ මෙහෙවර අගය කිරීම වගේම බිඟුන් මුහුණ  දෙන තර්ජන සහ ඔවුන් ආරක්ශා කිරීමේ අත්‍යාවශ්‍ය අවශ්‍යතාවය පිලිබඳව අවධානය යොමු කිරීමටයි.

ලෝක බිඟු දිනය එක්සත් ජාතීන් ගේ මහා මණ්ඩලය විසින් ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව 2018 මැයි මස 20 දින සිට සෑම වසරකම එය සැමරීම සිදු කරනු ලබයි.




ලෝක බිඟු දිනය මැයි මස 20 දිනට යොදා ගන්නේ 18 වන සියවසේදී ස්ලොවේනියාවේ සිටි ඇන්ටන් ජැන්සා (Anton Jansa) වෙනුවෙනි.චිත්‍ර ශිල්පියෙකු වූ ජැන්සා පවුවේ කර්මාන්තයක් වූ මී මැස්සන් ඇති කිරීම කුඩා කල සිට පුහුනු වූ අයෙකු විය.ඔහු චිර්ත්‍ර ශිල්පයේ නියැලීමට අමතරව වැඩිම කාලයක් ගතකර තිබෙන්නේ මී මැසි පාලනය ජනප්‍රිය කරලීම වෙනුවෙනි.ඔහු විසින් මී මැසි පාලනය පිලිබඳ ජර්මන් බසින් ග්‍රන්ථ දෙකක් පලකර තිබේ.මින් දෙවන ග්‍රන්ථය නිකුත්වී තිබෙන්නේ ඔහුගේ මරනයෙන් දෙවසරකට පසුය.මේ නිසාම ඔහුව එවකට ඕස්ට්‍රියානු අධිරාජ්‍යය යටතේ තිබූ සියලු ප්‍රදේශවල මී මැසි පාලන පුහුනුකරු ලෙස ඕස්ට්‍රියානු රජය විසින් පත්කර තිබේ. ඇන්ටන් ජැන්සා වයස 39දී අභාවප්‍රාප්ත වුවත්,ඔහු විසින්  කල මී මැසි පාලනය එම කලාපය පුරා ජනප්‍රියතාවය ලබාගෙන තිබේ. පලමු ලෝක යුද්ධයෙන් පසු ස්ලොවේනියාව යුගෝස්ලෝවියාව නම් නව රාජ්‍යයක කොටසක් වූ අතර එම රජය විසින් ජැන්සාට උපහාර මුද්දරයක් 1973 වසරේදී නිකුත් කර තිබේ. වර්තමානයේදී නිදහස් රටක් වන ස්ලොවේනියාවද 2018 ප්‍රථම බිඟු දිනය වෙනුවෙන් ඔහුට උපහාර මුද්දරයක් නිකුත් කර තිබේ.


එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙන්නේ ලොවේ වන ශාක වලින් 90%ක් සහ කෘශි භෝග වලින් 35%ක් පරාගනය කරන්නේ බිඟුන් විසින් බවය.එසේ වුවත්,ලොවේ බොහෝ රටවල් බිඟුන් කෙරේ නිසි අවධානය යොමු කර තිබෙන බවක් නොපෙනීම අතිශය ශෝචනීය වන අතරම එම රටවල් අතරට ශ්‍රී ලංකාවත් ඇතුලත් බව කනගාටුවෙන් වුවත් පිලි ගැනීමට සිදු වන්නකි.

ශ්‍රී ලංකාව තුල කුල හතරකට අයත් බිඟු විශේශ 159ක් සිටින අතර මින් විශේශ 22 මෙරටට ආවේනික වේ.නමුත්,මෙරට බිඟුන් හඳුනා ගැනීම පිනිස මාර්ගෝපදේශක ග්‍රන්ථයක් මෙතෙක් ප්‍රකාශයට පත්කර නොමැත.මේ නිසාම මෙරට බිඟුන් සහ ඔවුන් මුහුනදෙන තර්ජන වැනි කරුනු පිලිඹඳ සොයා බැලීමේ ඉඩකඩ ජනතා විද්‍යාඥයන්ටත් අහිමිවී තිබේ.එසේම පසුගිය වකවානු පුරා පරිසර අමාත්‍යාංශයෙන් පිලියෙල කල ජාතික රතු දත්ත ලේඛන වලද බිඟුන් පිලිඹඳව කිසිම විටකදී සමාලෝචනයක් සිදු කෙරී නැත.මේ නිසාම මෙරට හමුවන කිසිඳු බිඟු විශේශයකට මෙතෙක් කිසිම ආකාරයක නීතිමය ආරක්ශාවක් හිමි වී නොමැත.මීටම අදාල තවත් කරුනක් වන්නේ අවම වශයෙන් විනාශකාරී ආකාරයට මී පැනි ලබා ගැනීම වලක්වා ලීමට හෝ කිසින්ඳු ආකාරයකින් නීතිමය ප්‍රතිපාදන නොමැති වීමයි.

ලොව පුරා බිඟුන් වඳ වී යාමට තුඩුදෙන හේතු වන පරිසර විනාශය සහ පරිසර හායනය,විශ රසායනික ද්‍රව්‍ය පරිසරයට වැඩි වැඩියෙන් එකතු වීම,පරිසර දූශනය,ආක්‍රමනික සහ පලිබෝධක සතුන් නිසා වන විනාශය යන සියලුම අහිතකර සාධකයන් ශ්‍රී ලංකාවේ බිඟුන්ටත් බලපාන තර්ජනයන් වේ.

එසේම මෙරට පරාග කාරකයන් ආරක්ශා කිරීම වෙනුවෙන් මීට දශකයකට පෙර එලි දක්වන ලද පරාගකාරකයින් සංරක්ශනය පිලිඹඳ ක්‍රියාකාරී සැලැස්ම පවා මෙතෙක් ක්‍රියාත්මක කර නොමැත.එසේම පරිසර අමාත්‍යාංශයට මෙන්ම කෘශිකර්ම අමාත්‍යාංශයටද එකසේ වැදගත් ලෝක බිඟු දිනයද මෙතෙක් කිසිම අවස්ථාවකදී බිඟුන් පිලිඹඳව අවධානය ලබාදීම පිනිස යොදාගෙන හෝ නොමැත.

මේ නිසා මෙවර ලෝක බිඟු දිනයේදී මෙරට පරිසර පද්ධතීන් පවත්වා ගැනීමට මෙන්ම කෘශිකර්මයටත් බිඟුන් ඉටුකරන අමිල මෙහෙවර සහ ඔවුන්ගෙන් ඉටුවන  අති විශාල පාරිසරික සේවාවන් කෙරේ එක් පසෙකින් අවධානය යොමු කිරීමටත්,අනෙක් පසින් බිඟුන් ආරක්ශා කරලීමට අවශ්‍ය පියවර ගැනීමට බලධාරීන්ට කරුනු දැක්වීමට සහ බලපෑම් සිදු කිරීමටත්,මේ අතර තුරදී බිඟුන් ඇතුලු පරාග කාරකයන්ට වර්තමානයේ තිබෙන තර්ජනයන් සහ ඔවුන් ආරක්ශා කිරීමට කටයුතු කිරීමටත් ඉටා ගත යුතු වේ.


Saturday, May 11, 2024

ලෝක පර්‍යටනික පක්ශී දිනය​ / World Migratory Bird Day --2024

 


සෑම වසරකම මැයි මස දෙවන සෙනසුරාදා දිනය සහ ඔක්තෝම්බර් මස දෙවන සෙනසුරාදා දිනයත් ලෝක පර්‍යටනික පක්ශී දිනය වශයෙන් නම්කර තිබේ.

මේ දින දෙකෙන් මෙරට තුල පර්‍යටනික පක්ශීන් බහුතරයක් රැඳී සිටින කාලයක සමරන්නේ  ඔක්තෝම්බර් මස දිනය වුවත්,මෙම දින දෙකම පක්ශීන් සංරක්ශනය උදෙසා යොදාගත හැකි වේ.

මෙම වසරේ ලෝක පර්‍යටනික පක්ශි දිනයේ තේමාව වන්නේ "කෘමීන් රැකගමු,පර්‍යටනික පක්ශීන් රැකගමු Protect Insects,Protect Birds " යන්නයි.පර්‍යටනික පක්ශී විශේශ රාශියක් කෘමි භක්ශකයන් බැවින් එම පක්ශීන් ගේ පැවැත්ම උදෙසා කෘමීන් පැවතීමේ සහ ඒ නිසා පක්ශීන් වෙනුවෙන් කෘමීන් රැකගැනීමේ අවශ්‍යතාවය ජනතාවට අවධාරනය කිරීම මෙවර ලෝක පර්‍යටනික දිනයේ තේමාව වේ.



වසරක් පාසා ශ්‍රී ලංකාවට පැමිනෙන සංක්‍රමනික පක්ශී විශේශ අතුරින් විශල සංඛ්‍යාවක් කෘමීන් ගොදුරු කර ගන්නන් වේ.මේ අතරට නිල් කුරුමිනි කුරුල්ලා, වැහි ලිහිනියා,ඔලෙයියන්,හැලපෙන් දන්,ඇතැම් කුරුලු ගොයින්,හම්බු කුරුල්ලන් මෙන්ම වේග ලිහිනියන් සහ ඇතැම් මුහුදු ලිහිනින් අයත් වේ.

මෙම පක්ශින් මෙරට තුල ගෙවන කාලය තුල මොවුන් ගේ ආහාර සඳහා භාවිතා කිරීම වෙනුවෙන් හොඳ කෘමි ගහනයක් පැවතිය යුතු වේ.එහෙත් මෙරටේ කරන නිරීක්ශන අනුව තවත් කරුනක් පසක් වේ.



එය වන්නේ පර්‍යටනික පක්ශීන් විසින් කෘමීන් ආහාරයට ගෙන විනාශ කිරීම තුලින් බෝග පලිබෝධකයන් සැලකිය යුතු ප්‍රමානයක් මර්ධනය වන බවයි.

මෙසේ කෘමි පලිබෝධකයන් මර්ධ්ජනය කිරීමේ ලා කුඹුරුවල ඉපනැල්ලේ සිටින පුරුක් පනුවන් වැනි කෘමි පිලවුන් ආහාරයට ගන්නා හැල පෙන් දන්,ඔලෙයියන්,පියාඹන සුහුඹුල් පලිබෝධකයන් ගොදුරු කර ගන්නා කුරුමිනි කුරුල්ලන්,වැහි ලිහිනින් සහ කාගුල් ලිහිනියා වැනි මුහුදු ලිහිනිනුත් අයත් වේ.එමෙන්ම වැල් බෝග සහ පලතුරු ශාක වලට හානි කරන කෘමීන් ගොදුරු කර ගන්නා පර්‍යටනික කොහා විශේශ සහ මාරාවන් අයත් වේ.


මේ අනුව බලන කල අපට මෙවර පර්‍යටනික පක්ශී දිනයේ තේමාව මෙන්ම හානික කෘමීන් මර්ධනය වෙනුවෙන් පර්‍යටනික පක්ශීන් සලසන මෙහෙවරත් ඇගයීමට ලක්කල හැකි වේ.මෙම දෙවන කරුන මීලඟ පර්‍යටනික පක්ශී දිනයේදීද අවධාරනය කල හැකි වන්නකි.

✍️ ආචාර්ය / නීතීඥ ජගත් ගුණවර්ධන (පරිසරවේදී)