Wednesday, September 6, 2023

නිල් අහස සඳහා වූ පිරිසිදු වාතය පිළිබඳ ජාත්‍යන්තර දිනය


නිල් අහස සඳහා වූ පිරිසිදු වාතය පිළිබඳ ජාත්‍ය
න්තර දිනය සැප්තැම්බර් 07 දිනට යෙදෙයි.  (07.09.2022)

මානව සෞඛ්‍යයට සහ එදිනෙදා ජීවිතයට පිරිසිදු වාතයෙහි ඇති වැදගත්කම සැලකිල්ලට ගිනිමින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් 2019 වසරේදී, සැප්තැම්බර් 07 වන දින නිල් අහස සඳහා වූ පිරිසිදු වාතය පිළිබඳ ජාත්‍යන්තර  දිනය ලෙස නම් කර ඇත. මේ සම්බන්ධයෙන් ඒ ඒ වරසරේදී ලෝක ප්‍රජාවගේ විශේෂ  අවධානය යොමු කරවීම සඳහා ඒ ඒ වසරට අදාලව තේමාවක් යටතේ ලොවපුරා සැමරුම් වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි.

ඒ අනුව 2023 සැප්තැම්බර් 07 දිනයේ තේමාව කරගෙන ඇත්තේ "පිරිසිදු වාතය සඳහා එක්වෙමු"  "Together for Clean Air" යන්නයි. එමගින් වායු දූෂණයෙන් මිදීම උදෙසා ශක්තිමත් හවුල්කාරිත්වයක අවශ්‍යතාවය, වගකීම බෙදා ගැනීම සහ ඒ සඳහා වැඩි වශයෙන් ආයෝජනය කිරීමේ අවශ්‍යතාව ඉස්මතු කරනු ලබයි.

පිරිසිදු වාතය සෑම ජීවියකුගේම මූලික අවශ්‍යතාවයකි. ලොව සමස්ථ ජනගහණයෙන් 99%කට වඩා අනාරක්ෂිත වාතය ආශ්වාස කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත්කර ඇත. සෑම වසරකම ලෝකයේ මිලියනන 7කට ආසන්න ප්‍රමාණයක් වායු දූෂණය හේතුවෙන් මිය යන බව අනාවර්ණය වී ඇත. 

වායු දූෂණය දේශිය වශයෙන් මෙන්ම දේශ සීමා ඉක්මවා ද බලපෑම් ඇති කරනු ලබයි. එබැවින් වායුගෝලය රැක ගැනීම මෙන්ම සැමට පිරිසිදු වාතාශුය සහතික කිරීම අප සැමගේ වගකීමයි. 

 මෙහිදී ගෝලීය වශයෙන් මෙන්ම දේශීය වශයෙන් ද හුස්ම ගැනීමට ඇති වාතය පිළිබඳව වරක් දෙවරක් නොව කිහිප වරක් සිතාබැලිය යුතු කාලයක් උදාවෙමින් ඇති බව අවධාරණය කළ යුතුමය..

 මිනිසුන් පමණක් නොව සියලුම ජීවීන් තම පනනළ රැක ගැනීම සඳහා අවශ්‍ය වාතය හුසුම ලෙ‍ෙ ගනු ලබන්නේ එකම වායුගෝලයෙනි. මිනිසාට සාපේක්ෂව අනෙකුත් ජීවින් අතින් වායුගෝගයට සිදුවන බලපෑම නොසැළකිය යුතු තරම්ය.  අප අවට ඇති වායුගෝලය රැකගැනීම අප සියල්ලන්ගේම යහපත පිණිස හේතු වනු ඇත. මෙම වාතලය නොතිබෙන්නට මිහිපිට ජීවයක් නොවනු ඇත.

ශ්‍රී ලංකාවේ වායු දූෂණය පිළිබඳව සලකා බැලීමේදී රථවාහන හරහා සිදුවන ෆොසිල ඉන්ධන දහනය, අපද්‍රව්‍ය පිළිස්සීම, ගෘහස්ථ ඉන්දන දහනය, පෙට්රෝලියම් පිරිපහදු කිරීමේ ක්‍රියාවලිය ආදිය මූලිකත්වය ගන්නා බව සඳහන් වේ. 


පරිසර දූෂක ලෙස වායු සංඝටක ගණනාවක් පිළිබඳව සලකා බලපානු ලබයි.  ඒවායින් විශේෂ අවධානයන් යොමු වන කිහිපයක් පහතින් දක්වා ඇත.
වායු ගොලයේ පදාර්ථමය අංශු (particulate matter), 
ඕසෝන්, 
සල්ෆර් ඩයොක්සයිඩ්, 
නයිට්‍රජන් ඩයොක්සයිඩ්, 
කාබන් මොනොක්සයිඩ්, 
ඊයම්, 
ඇමෝනියා 

මෙම සංරචක වායුගෝලයේ පැවතිය හැකි මට්ටම හෝ පැවතිය හැකි ස්ථරය වෙනස්වීමෙන් වාතය දූෂණයට ලක්වේ. 

එවිට මිනිසාට විවිධ බලපෑම් ඇති කිරීම සිදුවේ. පුධාන වශයෙන් පෙනහළු ආශ්‍රිිතව ඇතිවන අබාධ වන පෙනහළු පිළිකා, ඇදුම, ස්වාසනලිකා ආශ්‍රිත ප්‍රදාහය,  ආදී රෝගාබාධ ඇතිවිය හැකිය. 


ගෘහස්ථ මට්ටමේදී වායු දුෂණය ඇතිවේ. දර භාවිතය නිසා ඇතිවන දුම ප්‍රධාන ලෙසම පෙනහළු ආශ්‍රිත ආබාධ ඇති කරවීමට දායක වී ඇත බව සඳහන් වේ. මෙය හේතු කොටගෙන ගෘහණියන් සහ දරුවන් විවිධ මට්ටමින් මෙම රෝගී තත්ත්වයනට ගොදුරු වීම දක්නට ලැබේ. ලෝක සෞඛ්ය සංවිධානය පෙන්වා දෙන ආකාරයට මෙම තත්ත්වය වලක්වා ගැනීමට ඵලදායී උදුන් භාවිතය මෙන්ම විවිධ සෞඛ්යාරක්ෂිත ඉන්ධන භාවිතය වෙනුවෙන් මාර් ගෝපදේශ ඉදිරිපත් කර ඇත.

ලෝක සෞඛ්ය සංවිධානය පෙන්වා දෙන ආකාරයට ගෘහස්ත වායු දුෂණය හරහා රුධිර ගමනාගමනයේ ගැටළු හරහා සිදුවන හෘද රෝග වලින් 32% ක් ,රුධිර කැටි සිරවීමෙන් ඇතිවන ආඝාත තත්වයන්ගෙන් 23% ක් ද අඩු ශ්වසන අසාදනයන්ගෙන් 21% ක් ද පෙනහළු පිළිකා වලින් 6%ක් ඇතිවේ.

නිල් අහස සඳහා වූ පිරිසිදු වාතය පිළිබඳ ජාත්‍යන්තර දිනයේ නම් කිරීම ඔස්සේ වායු දුෂණය හා එහි අනිසි බලපෑම පිළිබඳව ලෝකවාසීන් දැනුවත් කර, වායු දුෂණය අවම කිරීම කෙරෙහි අවධානය යොමු කරවීම හරහා පිරිසිදු වාතය සියලු ජීවීන්ට හුස්ම  ගැනීමට අවකාශය සැලසීම උදාවේ.


දිලිප්.සේනානායක,
ප්‍රාදේශිය පරිසර නිලධාරි.
2023-09-06

ලිපිය සැකසීම සඳහා තොරතුරු පරිසර අමාත්‍යාංශ ලේකම්ගේ 2023-08-11 දිනැති ලිපියෙන් සහ අන්තර් ජාලය පරිශීලනයෙන් ලබාගන්නා ලදි.


No comments:

Post a Comment