Wednesday, April 22, 2020

ජගත් මිහිතල දිනය අදයි (2020)

  මිහිතල දිනය අප්‍රේල් 22 දිනට යෙදී ඇත1970 අප්‍රේල් මස 22 වැනි දින ආරම්භ වූ මිහිතල දිනයට 2016 වර්ෂයේ දී වසර 46ක්‌ සම්පූර්ණ වේ. 1970 වන විට ඇමෙරිකාවේ පැවැති පාරිසරික විනාශය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම හා වගකිවයුත්තන් ගේ අවධානය යොමු කරවීම අරමුණු කරගනිමින් සංවිධානය කරන ලද සාමකාමී උද්ඝෝෂණ ව්‍යාපාරයක්‌ ලෙස මිහිතල දිනය ආරම්භ විය.
එසේ වූවද ලෝකවාසීන් මිහිකත සුරැකීමට ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්දයෙන් කිසී සේත්ම සෑහීමකට පත්විය නොහැක. සංවර්ධිත රටවත් පරිසරය සුරකින්නට ක්‍රියාමාර්ග ගන්නවා වෙනුවට තම රටේ නිෂ්පාදන ධාරිතාවයන් ඉහල නැංවීමට කටයුතු කරන ලදි. 
ඒ හරහා පරිසරය දැඩි ලෙස දූෂණයට ලක්වන්නට විය. පරිසරය තුළ මිනිසාට පමණක් නොව අනෙකුත් ජීවීන්ටද විසීමට නොහැකි තත්වයටම පත්විය. 

සමස්ථ පරිසරයේ උන්නතිය උදෙසා සොබාදම් මෑනියන් තම අකීකරු දරුවා වන මිනිසාට දූන් දඬුවමක් ලෙස Covid 19 හෙවත් කොරෝනා වෛරසය මේ මොහොතේ හදුනාගත්තාට වරදක් නොමැත.

දසක ගණනකින් හිමාලය පියවි ඇසින් නොදුටු දිල්ලි වැසියෝ අද එය දකිති, ඔක්ෂීජන් මිලට ගන්නට සිදුවූ චීන වැසියෝ ස්වභාවික පරිසරයෙන් එය ලබා ගනිති. අපවිත්‍ර ජලය ගලා ගිය කැළණි නදිය සුපිරිසුදුව ගලා බසිති. අනුන්ගේ කුණු සෙවූ දැවැන්තයෝ තමන් දෙස හැරී ඇත. ඛනිජ තෙල් වලින් පමණක් සෑහීමට පත්වූ ලෝකවාසීහු සොබාදහමේ තවත් දේ පවතින බව අවබෝධ කරගෙන ඇත.

මේ ආකාරයෙන් 2020 මිහිතල දිනය වන විට සමස්ථ මිනිස් ප්‍රජාවගේම අවධානය මිහිකත වෙත යොමුව ඇතැයි කීවාට වරදක් නොමැත....

No comments:

Post a Comment