Thursday, June 15, 2017

ජෛව සුරක්ෂිතතාව පිළිබඳ කාර්ටිජිනා සන්ධානය

ජාන වෙනස් කිරීමට ලක් කරන ලද පැළෑටි හා ජීවීන්ගෙන් පරිසරයට හා මානව සෞඛ්‍යයට ඇති විය හැකි අවදානම අවම කිරීමේ හා මඟ හරවා ගැනීමේ අරමුණින් ජෛව සුරක්ෂිතතාව පිළිබඳ 'කාර්ටිජිනා සන්ධානය' (Cartagena Protocol on Biosafety) ලෝක ප්‍රජාව විසින් පිහිටුවා ගනු ලැබ ඇත.

එය 2000 ජනවාරි මස 29 වන දින සම්මත වූ අතර 2003 සැප්තැම්බර් මස 11 වැනි දින සිට ක්‍රියාත්මක කරන ලදී.

ශ්‍රී ලංකාවද එම සන්ධානයේ පාර්ශ්වකරුවෙක් වේ. ශ්‍රී ලංකාව 2000-05-24 දින අත්සන් තබා ඇති අතර 2004-07-26 දින සිට බලාත්මක කර ඇත.

 ජෛව තාක්ෂණයෙන් මානව සෞඛ්‍ය‍යට හා පරිසරයට ඇතිවිය හැකි අවදානම අවම කරගන්නා අතරම, එමඟින් ශ්‍රී ලංකාවට ලබාගත හැකි උපරිම ප්‍රතිලාභ අත් කරගැනීම අරමුණු කරගනිමින් 'ජාතික ජෛව සුරක්ෂිතතා කාර්යරාමුව' (National Biosafety Framework) ක්‍රියාත්මක කිරීමේ ව්‍යාපෘතියක්, ගෝලීය පාරිසරික පහසුකම (Global Environmental Facility - GEF) විසින් ලබා දීමට එකඟ වී ඇති ඇමරිකානු ඩොලර් මිලියන 2.36ක මූල්‍ය ප්‍රදානය උපයෝගි කරගනිමින් 2017-2020 කාල සීමාව තුළ ක්‍රියාත්මක කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් 2017-02-28 දින අනුමත කරන ඇත. (https://sinhala.news.lk/cabinet-decusions/item/21936-2017-02-28)

වැඩි විස්තර සඳහා - https://bch.cbd.int/protocol/background/

No comments:

Post a Comment