Monday, October 6, 2014

ලෝක ජනාවාස දිනය( ඔක්තෝබර් මස ප්‍රථම සඳුදින ලෝක ජනාවාස දිනය)

ලෝක ජනාවාස දිනය; පාරිසරික වශයේන් සුවිශේෂී වූ දින අතරින් තවත් වැදගත් දිනයකි. ජනාවාසකරණය පරිසරයට ඉමහත් බලපෑම් එල්ල කරනු ලබයි. එයි බලපෑම් හේතුවෙන් ස්වභාවික පරිසරය උඩු යටිකුරු කරයි.

ලෝක ජනාවාස  දිනය ආරම්භ කිරිමට මුලිකත්වය ගෙන කටයුතු කරනු ලැබුවේ එක්සත් ජාතින්ගේ සංවිධානය මානව ජනාවාස කමිටුව නොහොත් හැබිටාට් ආයතනයයි.හැබිටාට් සංවිධානයේ අරමුණ ලෙස සාමාජික රටවල ආර්ථික සංවර්ධන, සාමාජයීය,සංස්කෘතික වටිනාකම ආරක්ෂා කර ගැනිම සහ ලෝක සාමය ආරක්ෂා කරගැනිම ද පෙන්වා දී තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස කොමිසම (හැබිටාඩ්) සංවිධානය විසින් ප්‍රකාශයට පක්තර ඇති පරිදි සෑම වසරකම ඔක්තෝම්බර් මස ප්‍රථම සඳු දින ලෝක ජනාවාස දිනය ලෙස වෙන් කර ඇත. ඒ අනුව 1986 වර්ෂයේ සිට ලෝක ජනාවාස දිනය සැමරීම සිදුකරයි. 1986 ඔක්තෝම්බර් මස 03 වන දිනට යෙදුනු ප්‍රථම සඳු දින, "වාසස්ථාන මගේ අයිතියයි" යන තේමාව කර ගනිමින් ලෝක ජනාවාස දිනය ප්‍රථම වරට සමරනු ලැබුවේ මෙක්සිකොවේදීය. වර්ථමානය වන විට  එක්සත් ජාතීන්ගේ  ජනාවාස සමුළුවෙහි ලෝකයේ රටවල් 150 කට අධික සංඛ්‍යාවක් සාමාජිකත්වය ලබා ගෙන සිටි.

1986 වසරේ පැවති එක්සත් ජාතීන්ගේ  ජනාවාස සමුළුවේදී ලෝක ජනාවාස දිනය පිළිබඳ යෝජනා වි ඇතත් ලෝක ජනාවාස දිනය මෙරට තුල ආරම්භ වනුයේ 1981 වසරේ සිටය.

වසර 28ක් පුරා අඛණ්ඩව ලෝකයේ විවිධ රටවල විවිධ කාලීන තේමාවන් ඔස්සේ ක්‍රියාත්මක වූ ලෝක ජනවාස දිනයේ මෙවර තේමාව  “ Voices From Slums ”යන්නයි. ‘‘නාගරික  පැල්පත් හා මුඩුක්කු ආශ්‍රිතව ජීවත්වන නගරයට හිමිකම් කියන බහුතර ජනතාව වෙනුවෙන් හඬක්” යන්න මින් අදහස් කෙරේ. 

1986 වසරේ පැවති එක්සත් ජාතීන්ගේ  ජනාවාස සමුළුවේදී ලෝක ජනාවාස දිනය පිළිබඳ යෝජනා වි ඇතත් ලෝක ජනාවාස දිනය මෙරට තුල ආරම්භ වනුයේ 1981 වසරේ සිටය.
 
මෙම තේමාව විමල් වීරවංශ අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි, දේශීය නිවාස හා ජනාවාස වැඩසටහනට ගැළපෙන අයුරින් “ ජනාවාස හඬක් – ජනසෙවණින් හෙටක් ” යනුවෙන් ප්‍රතිනිර්මාණය කරගෙන තිබේ.
ඒ අනුව මෙවර ලෝක ජනාවාස දිනය ඔක්තෝම්බර් 06 වෙනිදා  “ 2014 – ලෝක ජනාවාස දින ජාතික සමුළුව ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ආරාධනයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පෙ.ව. 9.00 ට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිත බවට තොරතුරු වාර්තා වී තිබුණි.

එසේම අද දින ලෝක ජනාවාස දින ජාතික සමුළුවේ ප්‍රධාන අංගය වන්නේ ශ්‍රී ලාංකික නිවාස සංවර්ධන ක්‍රියාවලියේ දීර්ඝකාලීන අවශ්‍යතාවයක් ලෙසින් පැවති ජාතික නිවාස ප්‍රතිපත්තිය අතිගරු ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීමත් මෙවර ජනාවාස දිනය නිමිත්තෙන් ක්‍රියාත්මක වූ විවිධ සංවර්ධන කාර්යන් හා එහි අනාගත ක්‍රියාපිළිවෙත පෙන්නුම් කෙරෙන ජනාවාස දින කොළඹ ප්‍රකාශනය එළිදැක්වීම ද, ජනාවාස දින සමරු කලාපය ප්‍රකාශයට පත්කිරීම ද මෙහිදී සිදුකිරීමට නියමිත බව සදහන් විය.

"නාගරීකරණය ලොව සංවර්ධිත හා සංවර්ධනය වන රටවල ආර්ථික හා සමාජයීය ගැටළු වඩාත් සංකීර්ණ කිරීමට හේතු වි ඇති බවත් ලොව බොහෝ රටවලට නාගරීකරණය අත්‍යවශ්‍යයෙන්ම විසදුම් සෙවිය යුතු ගැටළුවක් බවට පත්ව ඇති" බවත් ජනාධිපතිවරයා එම අත්සවයේදී පෙන්වා දෙයි. 

ලෝකය අප සමගය . එහි වෙසෙන සෑම මානවයෙක්ම එකිනෙකාගේ මිතුරන්ය . එබැවින් අප එකිනෙකා මුහුණ දෙන උපද්‍රවයකදී ඊට විසදුම් සොයා ගත යුත්තේ අප අපමය . අප සැවොම එක්ව මෙ සදහා පෙළ ගැසෙමු. 

පසුගිය වසර කිහිපයේ ජනාවාස දින තේමාවන්

2008 - සහජීවන නගර
2009 - අපගේ නගරයේ අනාගතය සැලසුම් කරමු

2010 - සියලු දෙනාට ලස්සන නගරයක්

2011 - නගර හා කාලගුණික විපර්යාස යන්නයි

2012 -  ජනාවාස අලුත් වෙයි – අවස්ථා ගොඩනැගෙයි ( Changing Cities – Building Opportunities)

2013 -වෙනස් වන නාගරිකයේ පහසු ගමන්  මඟ  (Urban Mobility )

No comments:

Post a Comment